15.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ක්‍රියාවන් කරත්දී, ඔබ ආදරවන්තයෙක් ලෙස සලකමින් මහා ආදරවන්තයා වන මාව සිහි කරන්න. ස්මෘතිය තබා ගැනීමෙන් පමණයි ඔබ පිරිසිඳු බවට පත් වී පිරිසිඳු ලෝකයට අයිති වන්නේ.

ප්‍රශ්නය:
මේ මහා භාරත යුද්ධය කාලයේ දී ඔබ දරුවන්ට කියා දෙන අණ කුමක්ද?

පිළිතුර:
දරුවනි, පියාගේ අණ මෙසේය ජීවාත්ම සත්තා විඥාණයෙන් යුක්ත වන්න. හැම කෙනෙකුටම මේ පණිවුඩය දෙන්න පියා සහ රජ දහන සිහිකරමින් ඔබේ හැසිරීම අලුත් කර ගන්න. බොහොම මිහිරි බවට පත්වන්න. කිසිවෙකුට දුක නොදෙන්න. ස්මෘතියේ සිටින සිරිත ඇති කරගෙන ස්වදර්ශන චක්‍රය කරකවන්න. ඉදිරියටම යන උත්සාහය දරන්න.

ඕම් ශාන්ති.
දරුවන් පියාගේ ස්මරණයෙන් සිටී. හැම කෙනෙක්ම එසේ පියාගේ ස්මරණයෙන් සිටින බව ප්‍රකාශ කරන වෙනත් ආධ්‍යාත්මික හමුවක් නැත. මෙම ස්ථානය පමණි. ඔබ දරුවන් දන්නවා බාබා මෙම උපදෙස දී ඇති බව ඔබේ දිවි ඇති තාක් දිගටම පියා සිහිකරන්න. පාරලෞකික පියා පමණි මෙසේ කියන්නේ දරුවනි, පියාගේ ස්මරණයේ සිට බොහෝ උපත් වල දී එකතු වූ මළකඩ, ඉවත් කළ විට ඔබ ජීවාත්ම සත්තාවන් සතෝප්‍රධාන් බවට පත් වේ. ඔබ මුලින්ම සතෝප්‍රධාන් ව සිටි අතර ඉන්පසු ඔබේ චරිත කොටස් රඟපාත්දී ඔබේ චරිත කොටස් තමෝප්‍රධාන් බවට පත් විය. මෙම උසස් වැකි කිව හැක්කේ පියාට මිස වෙන කිසිවෙකුට නොවේ. භෞතික පියෙකුට ළමුන් දෙන්නෙක් හෝ හතර දෙනෙක් සිටිය හැක. ඔවුන්ට රාමාගේ නම හෝ සීතාට අයිති පිරිසිඳු කරන රාමාගේ නම හෝ ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම සිහිකර ගයන්නට කිව හැකියි. ඔහු මෙසේ නොකියයි ඔබේ තාත්තා වන මා සිහිකරන්න. ඔහු ගෙදරම සිටිනා නිසා සිහිකිරීමේ ප්‍රශ්නයක් පැන නොනගී. අසීමිත පරම පියා මෙය කියන්නේ ජීවත්වන අයටයි. පරම පියා ඉදිරියේ සිටින්නේ ජීවාත්ම සත්තාවන්ය. ජීවාත්ම සත්තාවන්ගේ පියා අවුරුදු 5000කට වරක් පැමිණෙනුයේ ඔබ ජීවාත්ම සත්තාවන් හා පරමාත්මයේ හමුවීමේ දීය. පරම පියා මෙසේ කියයි මා පැමිණ මේ පාඩම සෑම චක්‍රයේ දීම උගන්වයි. ඔබ දරුවන් මාව මෙසේ සිහිකරයි. පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! මම නියතයෙන් ම පැමිණෙමි. නොඑසේ වූ විට, ඔබ කොපමණ කාලයක් දිගටම මාව සිහිකරන්නද? එහි නියතයෙන්ම සීමාවක් තිබේ. මිනිසුන් කළියුගයේ සීමාව නොදනී. එනම් එය අවසාන වන්නේ කවදාදැයි නොදනී. පරම පියා මෙය ඔබට කියා දිය යුතුයි. පරම පියා මිස වෙන කිසිවෙකුට මෙසේ කිව නොහැකියි. ඕ දරුවනි, මාව සිහිකරන්න. ප්‍රධානම දේ ස්මෘතියයි. නිර්මාණ චක්‍රය සිහිකිරීම ලොකු දෙයක් නොවේ. පරම පියා සිහි කිරීමටයි උත්සාහ කළ යුත්තේ. පරම පියා මෙසේ කියයි කල්ප භාගයක් භක්ති මාර්ගය වන අතර අනෙක් භාගය ඥාන මාර්ගයයි. ඥාන මාර්ගයේ ඵලය කල්ප භාගයක් වන අතර භක්ති මාර්ගයේ ඵලය ද චක්‍රයෙන් භාගයකි. මෙය සතුටු ත්‍යාගය වන අතර අනෙක දුක ලැබීමයි. සතුට හා දුක චක්‍රයක් තුළ නිර්මාණය වී ඇත. නව ලෝකයේ සතුට ඇති අතර වියපත් ලෝකයේ දුක තිබේ. මිනිසුන් මේවා කිසිවක් දන්නේ නැත. ඔවුන් මෙසේ කියයි අපේ දුක් දුරු කර සතුට ලබා දෙන්න! රාවණ් රාජ්‍යය චක්‍ර භාගයක් ඇත. පරම පියාට මිස වෙන කිසිවෙකුට දුක ඉවත් කළ නොහැකි බව කිසිවෙක් නොදනී. දොස්තරවරු ශරීරයේ අසනීප සුව කළත් එය තාවකාලිකයි. මෙය කල්ප භාගයකට ස්ථීරයි. නව ලෝකය දෙව්ලොවයි. ඇත්තෙන්ම හැම කෙනෙක්ම එහි සිටින්නේ සතුටිනි. අන් ජීවාත්ම සත්තාවන් සියලු දෙනා සිටින්නේ කොහිද? කිසිවෙකුට මේවා ගැන සිතිය නොහැක. ඔබ දන්නවා මෙම අධ්‍යයනය අලුත් දෙයක් බවත් උගන්නන්නාද අලුත් බවත්. පරමාත්ම දෙවියන් කතා කරයි මා ඔබ රජුන්ගෙත් රජ බවට පත් කරවයි. සත් යුගයේ එකම ආගමක් තිබෙන බව සත්‍ය අතර අන් සියලු ආගම් නියතයෙන්ම විනාශ වේ. ඔබ දැන් දන්නවා නව ලෝකය ගැනත් වියපත් ලෝකය ගැනත් සත් යුගයේ නිවැසියන් ගැනත්. සත් යුගයේ ආදී සනාතන දේවි දේවතා රජ දහන ඇත. එය ඊයේ අද මෙනි. මෙය අවුරුදු 5000ක කතාන්තරයකි. පරම පියා ඔබට කියනවා, අවුරුදු 5000කට ප්‍රථම දෙවි දේවතා රජ දහන තිබුණු බව. උපත් 84ක ඇවෑමෙන් ඔවුන් අපිරිසිඳු බවට පත් වී ඇත. එම නිසයි ඔවුන් මෙසේ කෑගසන්නේ පැමිණ අපව පිරිසිඳු කරන්න. සියලුම පිරිසිඳු අය සිටින්නේ අශරීරික ලෝකයේය. ඉන්පසු ඔවුන් පහළට විත් ඔවුන්ගේ චරිත කොටස් රඟපාන අතර සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන් පසු කරයි. සතෝප්‍රධාන් අය පාපයෙන් තොරය. තමෝප්‍රධාන් අය පව් කාරයන් යැයි ඔවුන්ම කියති. ඔවුන් දන්නවා දෙවි දේවතාවන් පාපයෙන් තොර බවත් ඔවුන් පාපකාරී බවත්. පරම පියා මෙසේ කියන්නේ ඒ නිසයි මෙම ඥානය දෙවි දේවතාවුන් වන්දනා කරන්නන්ගේ බුද්ධියෙහි රැඳෙන්නේ ඔවුන් දෙව් දේවතා ආගමට අයත් නිසාය. ඔබ දැන් දන්නවා ඔබ වන්දනීය ව සිටි බවත් ඉන්පසු වන්දනාකරුවන් වූ බවත්. ක්‍රිස්තියානින් ක්‍රිස්තු වන්දනා කරන්නේ ඔවුන් එම ආගමට අයත් නිසයි. ඔබද දේවි දේවතාවන් වන්දනා කරන්නවුන් වන අතර එහි අර්ථය ඔබ එම ආගමට අයිති බවයි. දෙවි දේවතාවුන් පාපයෙන් තොර ව සිටි අතර දැන් පාපකාරී වී ඇත. පාපය නිසා බොහෝ අපරාධ සිදුවේ. පරම පියා මෙසේ කියයි මා සිහිකිරීම මඟින් ඔබේ පව් දුරු වන අතර නිරන්තර සතුටට පත් වේ. දැන් මෙහි ඇත්තේ නිරන්තර දුක සහ තාවකාලික සතුටයි. එහි දී තත්ත්වයේ වෙනස්කම් තිබුණත් සැම කෙනෙක්ම සිටින්නේ සතුටිනි. සතුටේ රජ දහනක් මෙන්ම දුකේ රජ දහනක් ද ඇත. පරම පියා ආ කල පාපකාරී රජුන්ගේ රජ දහන අවසාන වන්නේ මෙකළ ඵලය අවසන් වන නිසයි. ඔබ දරුවන් දැන් දන්නවා ඔබ පරම පියාගේ උපදෙස් පිළිපැදිය යුතු බව. පරම පියා මෙසේ කියයි: මා සාමයේ සාගරය සහ සෙනෙහසේ සාගරය වන අතර ඔබද එසේ ම බවට පත් කරවමි. මේ පැසසුම හිමි වන්නේ එකම පරම පියාටය. වෙන කිසිම මනුෂ්‍යයෙකුට නොවේ. ඔබ දරුවන් දන්නවා පරම පියා පාරිශුද්ධියේ දරුවන් බව. අප උත්තරීතර පරම දනව්වේ සිටින විට පිරිසිඳු විය. මෙම දිව්‍යමය ඥානය ඇත්තේ ඔබ දරුවන්ට පමණි. වෙන කිසිවෙක්ට තිබිය නොහැක. පරමාත්ම දෙවියන් ඥාන සාගරය හා දෙව්ලොව උරුමය ඔබට දෙන්නා වනවා සේම ඔහුගේ දරුවන්ද ඔහුටම සමාන බවට පත් කළ යුතුයි. පෙරදී ඔබට පියා ගැන හැඳින්වීම නොතිබුණි. ඔබ දැන් දන්නවා එතරම් උසස් පැසසුමක් හිමි පරමාත්ම දෙවියන් ඔබ උසස් බවට පත් කරවන අතර, ඔබ ද ඔබ විසින්ම උසස් විය යුතුයි. සමහරු මෙසේ කියයි මොහුට හොඳ දිව්‍යමය ගුණ තිබේ. දෙවි දේවතාවෙක් මෙනි. සාම ස්වභාවයෙන් යුතු කිසි විටෙක අන් අය අපහසුතාවයට පත් නොකරන අයෙක් හොඳ කෙනෙක් ලෙස සැලකේ. කොහොමනමුත්, ඔහු පරම පියා හා ලෝක චක්‍රය නොදනී. පරම පියා දැන් පැමිණ ඔබව අමරණීය දේශයේ හිමිකරුවන් බවට පත් කරවයි. පරම පියාටම මිස වෙක කිසිවෙකුට ඔබ වන ලොව හිමිකරුවන් කළ නොහැක. මෙය වියපත් ලෝකය වන අතර එය නව ලෝකයයි. එහි ඇත්තේ දෙවි දේවතාවන්ගේ රජ දහනයි. එම රජ දහන කළියුගයේ නොතිබෙන අතර අන් සියලු රජ දහන ඇත. දැන්, සියලු නොගිණිය හැකි රජ දහන් විනාශ වන අතර එකම රජ දහනක් ස්ථාපනය වේ. එය තවදුරටත් නැති කලයි පරම පියා පැමිණ ස්ථාපනය කරන්නේ. පරම පියාට මිස වෙන කිසිවෙකුට මෙය කළ නොහැකියි. ඔබ දරුවන් පරම පියාට එතරම්ම සෙනෙහෙවන්ත විය යුතුයි. ඔහු කියන දේ ද කිව යුතුයි. පළමු වෙන්ම පරම පියා මෙසේ කියයි මාව සිහිකරමින් සේවය කර අන් අයටද මෙම මාර්ගය පෙන්වන්න. දෙවි දේවතා ආගමට අයත් වන අය නියතයෙන්ම මෙය තේරුම් ගනී. අප පසසන්නේ පරම පියා පමණයි. පරම පියාට සියලු ගුණාංග ඇති අතර ඔහු පැමිණ අපවද ගුණවත් කරවයි. පරම පියා මෙසේ කියයි දරුවනි, ඉතා මිහිරි වන්න! වාඩි වී අන් අයට ආදරයෙන් කියා දෙන්න. පරමාත්ම දෙවියන් කතා කරයි මා පමණක්ම නිරතුරුව සිහිකළ විට මා ඔබව දෙව්ලොව හිමිකරුවන් කරවන්නෙමි. ඔබ දැන් ආපසු ගෙදර යා යුතුයි. වියපත් ලෝකයේ මහ විනාශය අත ලඟයි. කලින් ද, පරමාත්ම දෙවියන් විසින් රාජයෝගා ඉගැන්වූ කළ මහාභාරත යුද්ධය ඇති විය. දැන් නොගිණිය හැකි තරම් ආගම් තිබේ. සත් යුගයේ දී ඇත්තේ එකම ආගමක් වන අතර දැන් එය අතුරුදන් වී ඇත. දැන් පරම පියා පැමිණ එකම ආගම ස්ථාපනය කර අන් සියලු ආගම් විනාශ කරයි. පරම පියා මෙසේ විස්තර කරයි මා මෙම යාග ගින්න නිර්මාණය කරන්නේ, අමරණීය දේශයට ඔබ රැගෙන යාම සඳහාය. මා ඔබට අමරණීයත්වයේ කතාන්තරය කියා දෙමි. ඔබ අමරණීය දේශයට යාමට නම්, මෙම දේශය නියතයෙන්ම විනාශ විය යුතුයි. පරම පියා නව ලෝකයේ නිර්මාණ කරුය. ඉතින් ඔහු නියතයෙන්ම මෙහි ආ යුතුයි. විනාශයේ ගිණි දැල් අත ළඟයි. එවිට මිනිසුන් තේරුම් ගනීවි ඔබ කියන්නේ සත්‍යය බවත් මේ එම මහා භාරත යුද්ධයම බවත්. එය ඉතා ප්‍රසිද්ධ අතර මෙකලට පරමාත්ම දෙවියන් නියතයෙන්ම ආ යුතුයි. පරමාත්ම දෙවියන් එන ආකාර ඔබට කියා දිය හැකියි. දෙවියන් ඔබට ඍජුවම කතා කරන බව හැම කෙනෙකුටම කියන්න. ඔහු මෙසේ කියයි මාව සිහි කරන්න! සත් යුගයේ දී සියලු දෙනා සතෝප්‍රධාන් වන අතර දැන් ඔවුන් තමෝප්‍රධාන්ය. දැන් ඔබ නැවතත් සතෝප්‍රධාන් බවට පත් වී මුක්තිය හා ජීවන්මුක්තිය ලබන්න. පරම පියා මෙසේ කියයි මා පමණක්ම සිහිකිරීමෙන් පමණයි ඔබ සතෝප්‍රධාන් වී සතෝප්‍රධාන් ලෝකයේ හිමිකරුවන් බවට පත් වන්නේ. අප වූ කලී මන්මනභාව් වන්දනා ගමනේ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන් වෙමු. පරම පියා පැමිණ බ්‍රහ්මිණ්, සූර්ය හා චන්ද්‍ර වංශික ආගම් ස්ථාපනය කරයි. පරම පියා මෙසේ කියයි ඔබ මාව සිහි නොකළොත්, බොහෝ උපත් වල පව් නොසිඳෙනු ඇත. මෙය ඔබ විශාලම ලෙස සැලකිය යුතු කරුණකි. ඕ මගේ ආදරවන්තයිනි, ඔබ විවිධ ක්‍රියා කරමින් ඔබේ වැඩ කරනා ගමන්ම ඔබේ ආදරවන්තයා වන මා සිහිකරන්න! ඔබ හැම කෙනෙක්ම ඔබ ගැන සම්පූර්ණයෙන් ම වගබලා ගන්නවා. පරම පියා සිහිකරන්න! කිසිඳු පාප ක්‍රියාවක් නොකරන්න. හැම ගෙදරකටම පරම පියාගේ පණිවුඩය දෙමින් භාරතය දෙව්ලොව ලෙස තිබෙන බවත් එය ලක‍්ෂ්මි නාරායනගේ රජ දහන වූ බවත් කියා දෙන්න. දැන් එය අපායයි. මේ එම මහාභාරත යුද්ධයම අපායේ විනාශය සඳහාය. දැන් ජීවාත්ම සත්තා විඥානය පත්වන්න! පරම පියාගේ අණ මෙයයි ඔබ පිළිගත්තත් නැතත් ඔබට පණිවුඩයක් දීමට මම පැමිණ සිටිමි. අණ මෙයයි හැම කෙනෙකුටම පරම පියාගේ මෙම පණිවුඩය දෙන්න. සමහර දරුවන් පරම පියාගෙන් අහනවා කුමන සේවය ද කරන්න ඕන කියා. බාබා මෙසේ කියයි දිගටම පණිවුඩය දෙන්න. පරම පියා සහ රජ දහන සිහිකරන අතර ඔබේ අවසන් සිතිවිලි ඔබව ගමනාන්තය කරා යොමු කරයි. සිද්ධස්ථාන සහ ගීතා පාඨශාලා වෙත යන්න. ඔබ ඉදිරියට යන විට බොහෝ මිනිසුන් මුණ ගැසේ. දෙවි දේවතා ආගමට අයත් අය ඔබ විසින් ඔසවා තැබිය යුතුයි. පරම පියා මෙසේ විස්තර කරයි බොහෝ මිහිරි වන්න! ඔබේ හැසිරීම නරක් වුවොත් ඔබේ තත්ත්වය වෙනස් වේ. කිසිවෙකුට දුක නොදෙන්න. ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි. අපට දෙව්ලොව රජ දහන ලබා දෙන මහා ආදරණීය දෙවි පියා සිහිකරන්න. ඔබ කාට හරි ඥානය දිය නොහැකි නම්, ඉණිමගේ පිංතූරය ඉදිරියේ සිට මෙසේ සිතන්න අප උපත් ලබන්නේ මෙසේ වන අතර චක්‍රය දිගටම මෙසේ කරකැවේ. එවිට ඔබට ස්වභාවික ලෙස කතා කළ හැකි වේ. ඔබ ඇතුළතින් සිතනා දෙය අනුව නියතයෙන්ම එය පිටතට ගලා එයි. පරම පියා සිහිකර පිරිසිඳු වන අප නව ලෝකයට පැමිණ එය පාලනය කරමු. දැන් අපේ ආරෝහණ තත්ත්වයයි. මෙම ඇතුළත සතුට ඔබට තිබිය යුතුයි. අප විමුක්ති දේශයට ගොස් ඉන්පසු ජීවන් මුක්ති දේශයට ද යමු. ආදායම ඉතා ඉහළය. ඔබ ඔබේ ව්‍යාපාරය කරන ගමන්ම බුද්ධියෙන් පරම පියාව සිහි කරන්න. එම ස්මෘති සිරිත තමා තුළ කාවද්දා ගන්න. ස්වදර්ශන චක්‍රධාරීන් වන්න. ඔබේ හැසිරීම නරක නම්, මේවා උකහා ගත නොහැකි වන අතර කිසිවෙකුට ඥානය විස්තර කර දිය ද නොහැකිය. උත්සාහයෙන් ඉදිරියටම යන්න. පසු නොබසින්න. ප්‍රදර්ශන වල සේවය කිරීමෙන් ඔබට ඉතා විශාල සතුටක් ලැබේ. පරම පියා මෙසේ කියන බව ඔවුන්ට කියන්න මාව සිහිකරන්න. ශාරීරික අය සිහිකිරීමෙන්, ඔබ පව් රැස් කරයි. ඔබට උරුමය ලබා දෙන්නා මමයි. මා හැම කෙනෙකුගේම පරමාත්ම පියාය. මා ඔබව මුක්තිය හා ජීවන මුක්තිය කරා ගෙන යයි. ඔබ ප්‍රදර්ශන හා මේලාවන් හි සේවය කිරීමට උත්සුක වන්න. සේවයට පූර්ණ අවධානය යොමු කරන්න. ඔබ දරුවන් ඔබමම මේවා ගැන සිතා බලන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එකම පරම පියාට පූර්ණ ස්නේහය ඇති කර ගන්න. හැම කෙනෙකුටම සත්‍ය මඟ පෙන්වන්න. වැඩ කරන ගමන් ඔබ ගැනත් සම්පූර්ණයෙන් බලාගන්න. එකම කෙනාගේ ස්මෘතියෙහි සිටින්න.

2. සේවය කිරීම පිළිබඳ මහා රුචියක් ඇති කර ගන්න. ඔබේ හැසිරීම නවතාවයට පත් කරගෙන ස්වදර්ශන චක්‍රධාරී වන්න.

වරදානය:
ඔබට කරන්කරවන්හාර්ගේ (දිරි ගන්වන මෙන්ම කරන කෙනා) අවධානය තිබී පහසු යෝගාව අත්විඳ, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ඕනෑම කාර්යයක් සිදුකරන විට, කොඳු නාරටිය, එනම්, ඔබව උපකරණයක් බවට පත් කළ කෙනාගේ අවධානයේ සිටින්න. කොඳුනාරටියක් නොමැතිව, ඔබට කිසිම කාර්යයකින් සාර්ථකත්වය ලබාගත නොහැක. එබැවින් ඕනෑම කාර්යයක් සිදු කරන විට, තමා උපකරණයක් බවත් සෑම දෙයක්ම සිදු කරන්නේ සර්ව බලධාරියාම බවත් සිතන්න. මෙම අවධානයෙන් ක්‍රියා සිදු කරන්න, එවිට යෝගාව පහසු බව ඔබ නොකඩවා අත්දකියි. මෙම පහසු යෝගාව ඉන්පසුව ඔබට රාජධානිය පහසුවෙන් පාලනය කිරීමට මඟපාදයි. ඔබගේ මෙහි සංස්කාර ඔබව එහි ගෙන යයි.

පාඨය:
ආශාවන් සෙවණැලි මෙන් වන අතර ඔබ ඒවාට පිටුපාන විට ඒවා ඔබ පසුපස පැමිණෙයි.