15.11.20    Avyakt Bapdada      Sinhala Murli     18.01.87    Om Shanti    Madhuban


කර්මතීට් ස්ථීතියේ ලක‍්ෂණ.


අද දින, බාප්දාදා පැමිණ සිටින්නේ, ඔබට අව්‍යක්ත ස්ථීතිය තිබේවා යන ආශිර්වාදය ලත්, අව්‍යක්ත සුරඟනන් වන ඔහුගේ දරුවන්ව මුණ ගැසීමටයි. මෙම අව්‍යක්ත මුණගැසීම සිදුවන්නේ මුළු කල්පයටම එක වරක්, මෙම සංගම යුගයෙදි පමණයි. ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ මුණගැසීම් තිබෙයි, නමුත් සුරඟනන්ගේ අව්‍යක්ත මුණගැසීම් සිදුවන්නේ මේ කාලයේ පමණයි. අශාරීරික පියාණන්, අව්‍යක්ත බ්‍රහ්ම පියාගේ මාර්ගයෙන් හමුවක් සමරයි. අශාරීරික ඒකායන කෙනා තුළ, මෙම සුරඟනන්ගේ සමූහය කෙරෙහි ගැඹුරු සෙනෙහසක් තිබේ. මේ නිසයි ඔහුගේ දේශය අතහැර, ඔබත් සමඟ හමුවක් සැමරීමට ඔහු සූක‍්ෂම ලෝකයට සහ භෞතික ලෝකයට පැමිණෙන්නේ. සුරඟන දරුවන්ගේ සෙනෙහසේ ආකර්ෂණය නිසා, පරම පියාටත් ඔහුගේ ස්වරූපය සහ ඇඳුම වෙනස් කර දරුවන්ගේ ලෝකයට පැමිණීමට සිදුවෙයි. මෙම සංගම යුගය, පරම පියාණන් සහ දරුවන්ගේ ඉතා අසහාය සහ ආදරණීය ලෝකයකි. ආකර්ෂණය කරන විශාලතම බලය වන්නේ සෙනෙහසයි එය, බන්දන වලින් සහ ශරීරයකින් නිදහස් පරමාත්ම ජීවයව, සෙනෙහස් බන්දනයෙන් බැඳගනී. එය අශාරීරික ඒකායන කෙනාව, ණයට ගත් සිරුරකින්, ශාරීරික ජීවයක් බවට පත් කරවයි. දරුවන්ගේ සෙනෙහසේ ප්‍රායෝගික සාක‍්ෂිය මෙයයි.

සෑම තැනකම සිටින බොහෝ දරුවන්ගේ සෙනෙහස් ගංඟාවන්, සෙනෙහස් සාගරය සමඟ මුසුවන දිනය මෙයයි. දරුවන් පවසන්නේ අප බාප්දාදා මුණගැසීමට ආවා. දරුවන් ආවේ පියාව මුණගැසීමටද? එසේ නැත්නම් පරම පියාණන්, ඔය දරුවන්ව මුණ ගැසීමට පැමිණියාද? එසේත් නැත්නම් දෙපිරිසම එකිනෙකාව මුණගැසීමට මධුබාන් වලට ආවාද? දරුවන් පැමිණ ඇත්තේ සෙනෙහස් සාගරයේ ස්නානය කිරීමටයි, නමුත් පරම පියා පැමිණෙන්නේ ගංඟා දහස් ගණනක ස්නානය කිරීමටයි. මේ නිසයි සාගරය සහ ගංඟා අතර මේලාව (මුණගැසීම) අසහාය එකක් වන්නේ. ඔබ සෙනෙහස් සාගරය සමඟ මුසු වී සාගරය වගේ වෙයි. මෙම දිනය, පරම පියාට සමාන වීමේ දිනය ලෙස හැඳින්වෙයි සිහි කිරීමේ දිනය, එනම්, ශක්තියේ දිනය. ඇයි? මෙම දිනය බ්‍රහ්ම පියා, පරිසමාප්ත, අංග සම්පූර්ණ සහ පරම පියාට සමාන වීමේ සිහිවටනයයි, දරුවෙක් සහ බ්‍රහ්ම පියා, මන්ද, බ්‍රහ්මා, දරුවෙක් මෙන්ම පියෙක්ද වෙයි.

මෙම දිනයේ,

* සෙනෙහස් ස්වරූපය තුළින්, බ්‍රහ්මා වටිනා දරුවෙක් වීම ඔප්පු කළා.

* ඔහු සමාන වීම ඔප්පු කර පෙන්නුවා.

* උපරිම ලෙස ආදරණීය වීම සහ සම්පූර්ණයෙන් නොබැඳී සිටීම ඔහු ඔප්පු කර පෙන්නුවා.

* ඔහු පියාට සමානව, කර්මතීට් වීම ඔප්පු කළා, එනම්, ඔහු පරම පියා සේම, සියලුම කර්ම බන්දන වලින් නිදහස්ව සිටීම ඔප්පු කර පෙන්වුවා.

* ඔහු මුළු කල්පය පුරාම සිදුකළ ක්‍රියාවන්හි සියලුම කර්ම ගිණුම් වලින් නිදහස් වූ බව ඔප්පු කර පෙන්වීය.

සේවය කිරීමට ඇති කැමැත්තේ බන්දනය හැර, වෙනත් බන්දන නැත. සේවය සිදු කිරීමේදීද, ඔහු කිසිම සේවයක බන්දනයෙන් බැඳී සිටින ජීවාත්මයක් නොවෙයි, මන්ද ඇතැමුන් බන්දන වලින් නිදහස්ව සිටින අතර, තවත් අය සේවය කරන අතර, සේවයේ බන්දනයෙන් බැඳී සිටිමින් සේවය කරයි. බ්‍රහ්ම පියාද සේවාධාරියෙක් විය. කෙසේවෙතත්, සේවයේදි, ආශාවන්ගේ රාජකීය ස්වරූපයන්ද සමහරුන්ව සේවයේ කර්ම ගිණුම් වල බැඳගන්නා නමුත් සත්‍ය සේවාධාරීන් එම කර්ම ගිණුම් වලින් නිදහස්ය. මෙය කර්මතීට් ස්ථීතිය ලෙස හැඳින්වෙයි. සිරුරේ බන්දන සහ සිරුරේ නෑදෑයින්ගේ බන්දන තිබෙන ආකාරයෙන්ම, සේවය කිරීමේදි ආත්මාර්ථකාමී චේතනාද බන්දනයක් වන අතර ඒවා ඔබට කර්මතීට් වීමට බාධාවක් වෙයි. කර්මතීට් වීම යනු, එම රාජකීය කර්ම ගිණුමෙන් නිදහස ලැබීමයි.

පැමිණ ඇති වැඩි දෙනෙක් සේවාධාරීන් සහ ගීතා පාඨශාලා සඳහා උපකරණයි. එබැවින්, සේවය යනු, අන් අයවත් නිදහස් කිරීමයි. අන් අයව නිදහස් කරන අතර ඔබ තමන්ව කිසිදු බන්දනයක බැඳගන්නේ නැහැ නේද? ඔබගේ භෞතික දරුවන් ආදීන් කෙරෙහි තිබුණු සියලු බැඳීම් අත්හැරීමෙන් පසුව බැඳීම් ජයගත්තෙක් වීම වෙනුවට, ඔබගේ ශිෂ්‍යයන් කෙරෙහි ඔබට බැඳීමක් නැහැ නේද? මේ කෙනා හරි හොඳයි ඔහු ඉතා හොඳයි යැයි පවසමින් යමෙක් ඒ ආකාරයට හොඳ බව සලකා, ඒ කෙනා ඔබට අයත් වීමේ ආශාවේ බන්දනයක ඔබ තමන්ව බැඳ ගන්නේ නැහැ නේද? ඔබ රන් දම්වැල් වලට කැමති නැහැ නේද? එබැවින් අද දවස, සියලුම මගේ යන සීමිත අවධානයන්ගෙන් නිදහස් වීමේ දිනය ලෙස සමරන්න, එනම්, කර්මතීට් වීමට ඇති අව්‍යක්ත දිනය ලෙසින්. මෙය සෙනෙහස ඔප්පු කර පෙන්වීම ලෙස හැඳින්වෙයි. කර්මතීට් වීමට සියලු දෙනා තුළම ඇති අරමුණ හොඳයි. දැන් ඔබ සියලුම කර්මයේ බන්දන වලින් කෙතරම් දුරට නිදහස් වී තිබේද කියා පරීක‍්ෂා කර බලන්න. ප්‍රථමයෙන්, ඔබ ලෞකික සහ අලෞකික යන දෙකේදීම, ක්‍රියා සහ සබැඳියාවන්හි ආත්මාර්ථකාමී චේතනාවන්ගේ හැඟීම් වලින් නිදහස ලබා තිබේද කියා පරීක‍්ෂා කර බලන්න. දෙවනුව, ඔබගේ අතීත උපත්වල ක්‍රියාවන්ගේ කර්ම ගිණුම් වලින් නිදහස් වී තිබේද සහ වර්තමාන කාලයේ උත්සාහයන්වල දුර්වලතා නිසා, නිෂ්ඵල ගති ස්වභාවයන් සහ සංස්කාර වල බලපෑමෙන් ඔබ නිදහස ලබා තිබේද? කිසියම් දුර්වල ගති ස්වභාවයක් හෝ සංස්කාර හෝ අතීත ස්වභාවයක් හෝ සංස්කාරයක් ඔබ මත ඕනෑම විටෙක බලපෑමක් ඇති කරයි නම්, එවිට ඔබ බන්දන වලින් නිදහස් වී නැති අතර ඔබ බන්දන වල බැඳී සිටියි. මෙසේ නොසිතන්න මෙය සිදුවනවාට මා අකමැති, නමුත් මගේ ස්වභාවය සහ සංස්කාර මා ලවා එය කරවනවා. මෙයත් බන්දන වලින් නිදහස ලැබූ කෙනෙකුගේ ලක‍්ෂණයක් නොවෙයි, නමුත් බන්දන වල බැඳී සිටීමක්. තවත් දෙයක් ඔබගේ ආදිතම මනෝ ස්ථීතිය, ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ථීතිය, ඕනෑම සේවා අවස්ථාවක්, සමූහයක් හෝ පදාර්ථ නිසා චංචල වන්නේ නම්, එයත් බන්දන වලින් නිදහස්ව සිටීමේ ස්ථීතිය නොවෙයි. එම බන්දනයෙන්ද නිදහස් වන්න. තුන්වනුව, පැරණි ලෝකයේ ඔබගේ අවසන් පැරණි සිරුරේ ඇති ඕනෑම අන්දමක රෝගයක් තුළින් පැමිණිය හැකි, ඔබගේ ශ්‍රේෂ්ඨ මනෝ ස්ථීතියේ කැලඹිලි වලින්ද නිදහස් වන්න. රෝගය පැමිණීම එක දෙයක් වන අතර එම රෝගය ඔබව චංචල කිරීම තවත් දෙයක්. එය පැමිණීම දෛවෝපගත දෙයක් වන නමුත් ඔබගේ ස්ථීතිය චංචල වීම, බන්දන වල බැඳී සිටීමේ සලකුණකි. සිරුරේ ඇති කිසියම් රෝග පිළිබඳ සිතිවිලි ඇති කිරීමෙන් නිදහස් වන්න. ඒ වෙනුවට ආදිතම තමා පිළිබඳ සිතිවිලි, ඥාන මිණි මුතු පිළිබඳ සිතිවිලි සහ අන් අය වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කෙනෙක් වන්න, මන්ද පදාර්ථ පිළිබඳව වැඩිපුර සිතීමෙන් එය කණස්සල්ලේ ස්වරූපයක් බවට හැරෙයි. එබැවින් එයින් නිදහස් වීම, කර්මතීට් ස්ථීතිය ලෙස හැඳින්වෙයි. ඒ සියලු බන්දන අත්හැරීම, කර්මතීට් ස්ථීතියේ සලකුණකි. බ්‍රහ්ම පියා මේ සියලු ආකාරයේ බන්දන වලින් නිදහස් වී කර්මතීට් ස්ථීතිය අත්කරගත්තා. එබැවින් අද, බ්‍රහ්ම පියා මෙන් කර්මතීට් වීමේ දිනයයි. මේ දවසේ වැදගත්කම ඔබට වැටහුණාද? අච්චා.

අද සමූහය විශේෂයෙන්ම විශේෂ සේවාධාරීන් වන අයගේ සමූහයකි, එනම්, පිවිතුරු සහ පුණ්‍යාත්ම බවට පත් වන අයගේ. ගීතා පාඨශාලාවක් විවෘත කිරීම යනු, පිවිතුරු සහ පුණ්‍යවන්ත ජීවාත්මයක් වීමය. සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම පුණ්‍යකර්මය වන්නේ සියලුම ජීවාත්ම සදාකාලයට ඔවුන්ගේ බොහෝ උපත් වල පාපයන් ගෙන් නිදහස් කිරීමයි. නාමය ඉතා හොඳයි ගීතා පාඨශාලා. එබැවින් ගීතා පාඨශාලාවක අය යනු, ගීතාවේ පාඩම් ඉගෙනගෙන අන් අයටත් උගන්වන අයයි. ගීතාවේ ඇති ඥානයේ පළමුවන පාඩම වන්නේ, අශාරීරික ජීවාත්මයක් වීමයි, එමෙන්ම අවසන් පාඩම වන්නේ, බැඳීම් ජයගත්තෙක් සහ ස්මරණයේ ප්‍රතිමූර්තියක් වීමයි. එබැවින්, ප්‍රථම පාඩම, භාවිත කළ යුතු ක්‍රමවේදය වන අතර අවසන් පාඩම වන්නේ එම පාඩම ඉගෙනගැනීමෙන් ලබාගන්නා ප්‍රතිඵලයයි. එබැවින්, ගීතා පාඨශාලා වලින් පැමිණි ඔබලා, මෙම පාඩම සෑම මොහොතකදීම ඉගෙන ගන්නවාද, නැත්නම් ඔබ මුරලිය කියවනවා පමණක්ද? මන්ද, සැබෑ ගීතා පාඨශාලාවක් පවත්වාගෙන යන මාර්ගය වන්නේ පළමුව ඔබම ඉගෙනගැනීමයි, එනම්, එය බවට පත් වීමයි, ඉන්පසුව උපකරණයක් වී අන් අයට ඉගැන්වීමයි. එසේ නම් ගීතා පාඨශාලාවල සිටින ඔබ සියලු දෙනා, මේ ආකාරයෙන් සේවය කරනවාද? මන්ද ඔබ සියලු දෙනාම ලෝකය ඉදිරියේ මෙම දේවමය ඉගෙනුමේ සාම්පලයි. සාම්පලයක් තිබීම වැදගත්ය. සාම්පලයක් තව බොහෝ ජීවාත්මයන්ට ඒ ආකාරයට පත් වීමට දිරිගන්වයි. එබැවින් ගීතා පාඨශාලාවල සිටින අයට විශාල වගකීමක් තිබේ. සාම්පල වීමේදි ඔබ සුළුවෙන්වත් දුර්වලතා පෙන්වන්නේ නම්, එවිට, බොහෝ ජීවාත්මයන්ගේ භාග්‍යය නිර්මාණය කරනවා වෙනුවට, බොහෝ ජීවාත්මයන්ට ඔවුන්ගේ භාග්‍යය නිර්මාණය කරගැනීම අහිමි කිරීමට ඔබ උපකරණ වෙයි, මන්ද ඔය උපකරණ ජීවාත්ම දකින සහ අසන අය, එසේ කරන්නේ ශාරීරික ස්වරූපයෙන්ය. පරම පියා අදෘෂ්‍යමානයි, එහෙම නේද? එබැවින් බොහෝ ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදුකර මෙය ප්‍රායෝගිකව පෙන්වන්න, එවිට ඔවුන් ඔබගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා දැක, බොහෝ ජීව ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදුකරන අතර ඔවුන්ගේ භාග්‍යයේ රේඛාව ශ්‍රේෂ්ඨ කරගැනීමට ඔවුන්ට හැකි වෙයි. එබැවින් ප්‍රථමයෙන් සෑම විටම ඔබ සාම්පල බව සලකන්න. දෙවනුව සෑම විටම ඔබගේ සංකේතය සිහි කරන්න. ගීතා පාඨශාලාවක අයගේ සංකේතය කුමක්ද කියා ඔබ දන්නවාද? නෙළුම් මලක්. ඔබට නෙළුම් මලක් වී, මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙස බාප්දාදා කියා තිබේ. නෙළුම් මලක් වන අන්දම වන්නේ, එය ක්‍රියාත්මක කිරීමයි. ඔබ එය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔබට නෙළුම් මලක් විය නොහැක. එබැවින් සෑම විටම ඔබගේ බුද්ධියේ මෙය තබා ගන්න, මා සාම්පලයකි. තවද නෙළුම් මලේ සංකේතය ද ඔබගේ බුද්ධියේ තබාගන්න. සේවය කෙතරම් වැඩි වුණත්, සේවය කරන අතර නොබැඳී, සෙනෙහසින් යුතුව සිටින්න. සෙනෙහසින් යුතුව පමණක් නොසිටින්න, නමුත් නොබැඳී, සෙනෙහසින් යුතු වන්න. මෙයට හේතුව වන්නේ, සේවය කිරීමට ප්‍රිය කිරීම හොඳ දෙයක් වන නමුත් එම ප්‍රියතාවය, බැඳීමකට පරිවර්ථනය නොවීමට ඔබ වග බලා ගත යුතුයි. මෙය, නොබැඳී සිටිමින් සෙනෙහසින් යුතුව සිටීම ලෙස හැඳින්වෙයි. ඔබ සේවය වෙනුවෙන් උපකරණ වූ අතර එය ඉතා හොඳයි. අඩු තරමින් පිවිතුරු සහ පුණ්‍යාත්ම වීමේ නම්බු නාමය ඔබට ලැබුණි. එබැවින් ඔබ පුණ්‍යකර්මයක් සිදුකළ නිසා ඔබට විශේෂ ආරාධනාවක් ලැබුණා. බාබා ඔබට පාඩමක් ඉගැන්වූ, එම සාර්ථකත්වයේ ස්ථීතියෙන් දැන් නොකඩවා අනාගතයේ ප්‍රගතියක් ලබන්න. ඔබ අනාගතයේ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? අච්චා.

අද, ඔබ සියලු දෙනාම විශේෂයෙන් එක දෙයක් වෙනුවෙන් බලා සිටිනවා, එය කුමක්ද? (බාබා අපට ප්‍රතිඵලය කියන තුරු). ඔබ ප්‍රතිඵල ලබා දෙනවාද, පරම පියා ප්‍රතිඵල ලබා දෙනවාද? බාප්දාදා පැවසුවේ කුමක්ද? ඔහු ප්‍රතිඵල ලබා ගන්නවාද, නැත්නම් ඔහු ප්‍රතිඵල ලබා දෙනවාද? නාටක සැලසුමට අනුව, කුමක් සිදු වුණත්, එමෙන්ම එය කෙසේ සිදු වුණත්, එය යහපත් බව කියයි. ඔබ සියලු දෙනාම හොඳ අරමුණක් තබාගත් අතර තම තමන්ගේ හැකියාවට අනුව ඔබගේ ක්‍රියා තුළින් ඔබ සුදුසුකම් පෙන්නුවා. ඔබ අංක පිළිවෙලට, දීර්ඝ කාලයක් පුරා යන ආශිර්වාදය ලබා ගත් අතර, ඔබ ලබාගත් ආශිර්වාද, දැන් පවා ඔබව ආශිර්වාද පිරිනමන ප්‍රතිමූර්ති බවට පත් කරවන අතර ඔබ පරම පියා හා සමානව, නොකඩවා ආශිර්වාද දානපතියන් වෙයි. බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද? ඔබට ආශිර්වාද ලැබී ඇති අතර දැන් මෙම වසරේ, විශේෂයෙන් දීර්ඝ කාලයක් පුරා බන්දන වලින් නිදහස්ව සිටීම පුහුණු වන අතර, එනම්, පියාගේ වැනි කර්මතීට් අවස්ථාවක් තිබෙන අතර නොබැඳී සහ සෙනෙහසින් යුතුව සිටීමේ අත්දැකීමක් ලෝකයට ලබා දෙන්න. දැන් ඇතැම් විට පමණක් මෙය අත්දකින ක්‍රමවේදය වෙනස් කර, දීර්ඝ කාලයක් පුරා අත්දැකීම හෙළිදරව් කරන්න -අචල, නොසැලෙන සහ බාධක වලින්, බන්දන වලින්, පාපකාරී සිතිවිලි සහ ක්‍රියා වලින් නිදහස්ව සිටීම, එනම්, අශාරීරික, පාපයෙන් තොර සහ නිරහංකාරී වීම. මෙම ස්ථීතිය ලෝකයා ඉදිරියේ ප්‍රායෝගිකව ගෙන එන්න. මෙය පියාට සමාන වීම ලෙස හැඳින්වෙයි. ඔබට වැටහෙනවාද?

ප්‍රතිඵල වලින් ඔබ කී දෙනෙක් තමන් සමඟ තෘප්තිමත් වුණාද? පළමුව, තමන් සමඟ තෘප්තිය තිබේ, දෙවනුව, බ්‍රහ්මණ පවුල සමඟ තෘප්තිමත් වීම සහ තුන්වනුව, පරම පියා සමඟ තෘප්තිමත් වීම තිබේ. ප්‍රතිඵල තුනෙන්ම ඔබ දැන් වැඩිපුර ලකුණු ලබා ගත යුතුයි. එබැවින් තෘප්තිමත් වී අන් අයව තෘප්තිමත් කරවන්න. පරම පියාගේ තෘප්තිමත් මැණික් වී සෑම විටම නොකඩවා දිදුලන්න. බාප්දාදා තුළ ඔය දරුවන් කෙරෙහි ගෞරවයක් තිබේ, ඔහු ඔබට අදෘෂ්‍යමාන වාර්ථා පෙන්වන්නේ ඒ නිසයි. අනාගතයේදි මෙය බවට පත් වීමට යන්නේ ඔබයි, මේ නිසයි පරම පියා ඔබගේ අංග සම්පූර්ණ ස්ථීතිය නිරන්තරයෙන් දකින්නේ. අච්චා.

ඔබ සියලු දෙනාම තෘප්තියේ මැණික් නේද? ව්‍යාප්තිය දැක, සතුටු වන්න! ඔබ සියලු දෙනාම බලා සිටින්නේ අබූ පාරේ සිට ඉහළට පෝලිම් තිබෙන තුරුය. දැන් ශාලාව පමණක් පිරී තිබේ, නමුත් ඔබ එවිට කරන්නේ කුමක්ද? එවිට ඔබ නිදා ගනීද, එසේත් නැත්නම් මුළු රාත්‍රිය පුරාම නිරතුරු යෝගාවේ සිටියිද? මෙයත් සිදුවෙයි. එබැවින් ටිකකින් සතුටු වන්න. අඩි තුනක භූමියක් වෙනුවට ඔබට එක අඩියක භූමියක් ලැබුණත් එයින් සතුටු වන්න. මෙසේ නොසිතන්න ඉස්සර එය තිබුණේ මෙහෙමයි. පවුල වර්ධනය වීමේ සතුට සමරන්න. අහසේ සහ පොළවේ ඉඩ කිසිදා අවසන් නොවෙයි. බොහෝ කඳු තිබේ. ඔබ මෙසේ සිතන විට, මෙය තිබිය යුතුයි, මට මෙය ලැබිය යුතුයි... එවිට ඔබ එය ලොකු දෙයක් බවට පත් කරගනී. එවිට කරන්නේ කුමක්ද සහ එය කරන්නේ කෙසේද කියා, දාදීන්ටද සිතන්නට සිදුවෙයි. ඔබ දිවාකල හිරුඑළියේ නින්දට ගොස් රාත්‍රියේ අවදිව සිටින දිනයක්ද පැමිණෙයි. ඒ මිනිසුන් ගින්නක් අවුලා එය වටේට උණුසුම ලබමින් ඉඳගෙන සිටින අතර ඔබ සියලු දෙනා යෝගා ගිනි දල්වා එහි අසුන්ගෙන සිටියි. ඔබ මෙයට කැමතිද? එසේ නැත්නම් ඔබට ඇඳන් අවශ්‍යද? ඔබට අසුන්ගැනීමට පුටු අවශ්‍යද? කන්දේ ආධාරය, ඔබගේ පුටුව කරගන්න. ඔබට පහසුකම් තිබෙන විට ඒවාගෙන් සැප ලබාගන්න, එසේම ඔබට ඒවා නොමැති නම්, කන්ද ඔබගේ පුටුව කරගන්න. ඔබට අවශ්‍ය, ඔබගේ පිටකොන්දට ආධාරයක් පමණයි, වෙනත් කිසිවක් නොවේ. මිනිසුන් 5000 ක් පැමිණෙන්නේ නම්, එවිට ඔව්, සැබැවින්ම පුටු ඉවත් කිරීමට සිදුවෙයි. පසුව පෝලිමක් තිබෙන විට, ඔබට ඔබගේ ඇඳන්ද අත්හැරීමට සිදුවෙයි. නිති සූදානමින් ඉන්න. ඔබට ඇඳක් ලබා දෙන්නේ නම්, හා ජී, එමෙන්ම ඔබට බිම නිදා ගැනීමට කියන්නේ නම්, එවිටද, හා ජී. ආරම්භයේදී ඔබට මෙය බොහෝ සෙයින් පුහුණු කරවීය. සති දෙකක් ඩිස්පැන්සරිය වසා තිබුණා. ඇදුම රෝගීන්ට පවා දුන්නේ, මිලට් චපාති සහ ලස්සී (යෝගට් සහ වතුර මිශ්‍රණයක්). කෙසේවෙතත්, ඔවුන් රෝගී වුණේ නැත සියලු දෙනාම නිරෝගී විය. ඉතිං, ආරම්භයේදි ඔවුන් ක්‍රියාවෙන් මෙය පෙන්වූ අතර අවසානයේද මෙය සිදුවෙයි. නැත්නම් මේ ගැන ටිකක් සිතන්න ඔබ ඇදුම රෝගියෙකුට ලස්සි පානය කිරීමට කියන්නේ නම්, ඔහු එය පානය කිරීමට බිය වෙයි. කෙසේවෙතත්, ආශිර්වාද වල ඖෂධ එය සමඟ මිශ්‍ර කළ විට, එය විනෝදජනක සිදුවීමක් වෙයි. එය ප්‍රශ්න පත්‍රයක් ලෙස දැනෙන්නේ නැත එය අපහසු බව නොදැනෙයි. එකල, එය අත්හැරීමක් බව නොදැනුනු අතර එය දැනුනේ විනෝද චාරිකාවක් ලෙසයි. ඉතිං, ඔබ සියලු දෙනාම සූදානම්ද? නැත්නම් සියලුම පහසුකම් සැපයීමට යන අයට ගුරුවරුන් ලැයිස්තුවක් දෙනවාද? මේ නිසයි වැඩි දෙනෙකුට මෙහි පැමිණීමට අඬ ගසන්නේ නැත්තේ. කාලය පැමිණෙන විට, මේ සියලුම පහසුකම් ඉක්මවා, ඔබගේ ආධ්‍යාත්මික උත්සාහයන්ගේ සාර්ථකත්වයේ ස්වරූපය බවට පත්වීම ඔබ අත්දකියි. තවද ඔබ ආධ්‍යාත්මික හමුදාවයි, එහෙම නේද? ඔබ එම හමුදාවේ කොටසද රඟපෑ යුතුයි. මෙය දැන් ආදරණීය පවුලකි එය නිවහනක්. ඔබ මෙය අත්විඳිනවා නේද? කෙසේවෙතත්, කාලය පැමිණි විට, ඔබට එම සෙනෙහසින් යුතු ආධ්‍යාත්මික හමුදාව බවට පත් වී, පැමිණෙන සෑම සිදුවීමක්ම අභිබවා යාමට සිදුවෙයි. මෙයත් මිලිටේරියේ විශේෂත්වයක්. අච්චා.

නිති සූදානමින් සිටීමේ විශේෂ ආශිර්වාදය ගුජරාත් වලට තිබේ. ඔබ නිදහසට කාරණා දෙන්නේ නැත අප කුමක් කරන්නද? අප මෙය කරන්නේ කෙසේද? ඔවුන්ට වෙන්කල ආසන නොතිබුණි, ඔවුන් නිකම්ම මෙහි පැමිණියා. සමීපව සිටීමේ යහපතක් තිබේ. සේවය කිරීමට ඔබ හා ජී කියන නිසා ගුජරාත් වලට කීකරු වීමේ විශේෂ ආශිර්වාදයත් තිබේ. වෙහෙස වී කිරීමට ඇති සියලුම සේවාවන් ලබා දෙන්නේ ගුජරාත් වලටයි. චපාති සෑදීමේ සේවය කරන්නේ කවුරුන්ද? ඉඳුම් හිටුම් ලබා දීමේ සහ එහෙ මෙහෙ දිව යාමේ සේවය කරන්නේ කවුද? ඒ ගුජරාත්ය. බාප්දාදා සෑම දෙයක් දෙසම බලා සිටිනවා. සෑම දෙයක් ගැනම බාප්දාදා නොදන්නවා නොවෙයි. උත්සාහ දරණ අයට ආදරවන්තයාගෙන් විශේෂයෙන් සෙනෙහස ලැබෙයි. සමීපව සිටීමේ භාග්‍යය ඔබට තිබෙන අතර ඔබගේ භාග්‍යය වැඩි කර ගැනීමේ හොඳ ක්‍රමවේදයක් ඔබ පවත්වාගෙන තිබෙනවා. තම භාග්‍යය වැඩි කරගන්නේ කෙසේද කියා සෑම කෙනෙක්ම නොදනී. ඇතැමුන්ට භාග්‍යය ලැබෙන නමුත් ඔවුන් ඒ ප්‍රමාණය පමණක් තබා ගනී, එය වැඩි කරගන්නා අන්දම ඔවුන් නොදනී. කෙසේවෙතත්, ගුජරාත් වල අයට භාග්‍යය තිබෙන අතර එය වැඩි කරගන්නේ කෙසේද කියාත් ඔවුන් දන්නවා. ඔබගේ භාග්‍යය ඔබ වැඩි කරගන්නේ මෙලෙසයි. මෙය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. පරම පියාගෙන් විශේෂ ආශිර්වාද හිමි කරගැනීමත් භාග්‍යයේ සලකුණකි. ඔබට වැටහෙනවාද?

සෑම තැනකින්ම මෙහි පැමිණ ඇති සියලුම ආදරණීය දරුවන්ට, බාප්දාදා මේ දේශයේ සහ විදෙස් වල සෑම තැනකම සිටින සියලුම ආදරණීය දරුවන්ට ඔබගේ සෙනෙහසට ප්‍රතිඋපකාරයක් ලෙස, ඔබ සදාකාලිකව ආදරණීයව රැඳී සිටිත්වා යන ආශිර්වාදය ලබා දෙනවා. සෙනෙහස නිසා ඔබ බොහෝ දුර සිට මෙහි දිව ආ සේම, ඔබ භෞතිකව දිවගෙන විත් සමීපයට සහ බාබා ඉදිරියට පෞද්ගලිකවම පැමිණි ආකාරයෙන්ම ඔබගේ උත්සාහයන් වලදීත් ඔබගේ පියාසර ස්ථීතියෙන් පරම පියාට සමාන වන්න, එනම්, සෑම විටම පරම පියාට සමීපව සිටින්න. ඔබ පියා ඉදිරියට පෞද්ගලිකවම පැමිණි ආකාරයෙන්ම, සෑම විටම ඔබගේ පියාසර ස්ථීතියෙන් පියාට සමීපව රැඳී සිටින්න. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? ඔබ මෙහි පැමිණීමටත් පෙර, ඔබගේ හදවත් වල මෙම සෙනෙහස, හදවතට සැනසුම ගෙන දෙන පරම පියා වෙත ලඟා වෙනවා. මේ දිනයේ බාබා ඉදිරියේ පෞද්ගලිකව සිටියත් ශාරීරිකව දුරස්ථව සිටියත්, මේ දේශයේ හෝ විදේශයක සිටියත්, දුර සිටින අතරම සියලුම දරුවන් සිටින්නේ වඩාත්ම ලඟින් සහ හදවත් සිහසුනේ අසුන්ගෙනයි. එබැවින් සමීපම ස්ථානය හදවතයි. එබැවින් ඔබ විදෙස් රටක හෝ මේ දේශයේ වෙනත් තැනක අසුන්ගෙන සිටිනවා නොවෙයි, ඔබ අසුන් ගෙන සිටින්නේ හදවත් සිහසුනේය. එබැවින් ඔබ සමීපයි නේද? සියලුම දරුවන්ගේ සෙනෙහස, සිහි කිරීම සහ පැමිණිලි මෙන්ම ඔවුන්ගේ මිහිරි හදවතට සමීප කතාබස් සහ තිළිණ, පියා වෙතට ලඟා වී ඇත. බාප්දාදා සියලුම ආදරණීය දරුවන්ට මෙම විශේෂ ආශිර්වාදය ලබා දෙනවා සෙනෙහසේ ගැලී සිටීමෙන් ඔබ සෑම විටම වෙහෙස වීමෙන් නිදහස් වේවා. ඉතිං ඔබ සියලු දෙනාටම ප්‍රතිලාභය ලැබුණා නේද?

සියලුම ආදරණීය දරුවන්ට, සෑම විටම සමීපව සිටින සියලුම ජීවාත්මයන්ට, කර්ම බන්දන වලින් නිදහස්ව සිටින සහ දීර්ඝ කාලයක් පුරා කර්මතීට් ස්ථීතිය අත්විඳින, සියලුම විශේෂ ජීවාත්මයන්ට, හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින සියලුම තෘප්තිමත් මැණික් වලට අව්‍යක්ත ස්ථීතියේ ආශිර්වාදය සමඟින්, සෙනෙහස, සිහි කිරීම, ශුභ රාත්‍රියක් සහ සුබ උදෑසනක් බාප්දාදාගෙන්.

වරදානය:
පැරණි ගිණුම් අවසන් කිරීමෙන් සහ නව සංස්කාර යන අළුත් ඇඳුම් පැළඳ ගැනීමෙන්, ඔබ පරිසමාප්ත සහ අංග සම්පූර්ණ මෙන්ම පියාට සමාන වේවා.

දීපාවලි දිනයේ මිනිසුන් අළුත් ඇඳුම් ඇඳගනී. ඒ ආකාරයෙන්ම මෙම ජීවමානව මියැදෙන නව උපතේ නව සංස්කාර යන ඇඳුම් ඇඳ නව වසර සමරන්න. තවමත් ඉතිරිව ඇති ඔබගේ දුර්වලතා, පළුදු, බෙලහීනතා සහ සංවේදීතා සියල්ලම අවසන් කර සැබෑ දීපාවලි සමරන්න. මෙම නව උපතේ, නව සංස්කාර ධාරණය කරගන්න, එවිට ඔබ පියාට සමාන වෙයි.

පාඨය:
පිවිතුරු සිතිවිලි යන සම්පත රැස් කරගන්න, එවිට ඔබගේ කාලය නිෂ්ඵල සිතිවිලි වෙනුවෙන් අපතේ නොයයි.


දැන්වීමයි: අද, මාසයේ තෙවන ඉරු දිනය වන අතර සියලුම රාජ යෝගී තපස්වී සහෝදර සහෝදරියන් පව 6.30 සිට පව 7.30 දක්වා භාවනාවේ යෙදි සිටියි. පිවිතුරු සිතිවිලි වල ශ්‍රේෂ්ඨ හැඟීම් වලින් ඔබගේ මනසින් මහා දානපතියෙක් වී, නිර්භීත වීමේ ආශිර්වාදය සියලු දෙනාටම ලබා දෙන්න.