15.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සියලු දෙනාටම ආශිර්වාද කරන, ආනන්දයෙන් පිරි ඒකායන කෙනා, පියා පමණයි. දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා ලෙස හැඳින්වෙන්නේ පියා පමණයි. ඔහු හැර, වෙනත් කිසිවෙකුට ඔබගේ දුක නැති කළ නොහැක.

ප්‍රශ්නය:
භක්ති මාර්ගයේ මෙන්ම දැනුම මාවතේ ද, දරුකමට හදා ගැනීමේ ක්‍රමවේදය තිබෙන නමුත් ඒ දෙකෙහි වෙනස කුමක්ද?

පිළිතුර:
භක්ති මාර්ගයේ, කෙනෙක් හදාගත් විට, ගුරු සහ අනුගාමිකයා යන සම්බන්ධකම තිබේ. සන්යාසි කෙනෙක්ව හදාගත් විට, ඔහු තමන්ව අනුගාමිකයෙක් ලෙස හඳුන්වන නමුත් දැනුම මාවතේ, ඔබ අනුගාමිකයන් හෝ ශ්‍රාවකයින් නොවෙයි. ඔබ පියාගේ දරුවන් බවට පත්ව ඇත. දරුවෙක් වීම යනු, උරුමයට අයිතියක් තිබීමයි.

ගීතය:
ශිවාට නමස්කාර වේවා.

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුනා. මෙම වර්ණනාව, පරම පියා, පරමාත්ම ජීවය, ශිවාගේය. ඔවුන් පවසන්නේ ශිවාට නමස්කාර වේවා. ඔවුන් මෙසේ නොකියයි රුද්‍රාට හෝ සෝම්නාත්ට නමස්කාර වේවා. ඔවුන් පවසන්නේ ශිවාට නමස්කාර වේවා. එමෙන්ම බොහෝ වර්ණනා කෙරෙන ඒකායන කෙනා ඔහුයි. ’ශිවාට නමස්කාර වේවා‘ යනු, පියාටය. දෙවියන් වන පියාණන්ගේ නම, ශිවාය. ඔහු අශාරීරිකයි. ’අහෝ දෙවි පියාණෙනි‘ යැයි පැවසුවේ කවුද? එසේ කීවේ ජීවාත්මයයි. ජීවාත්මයක් මෙසේ පමණක් කියන විට, ’අහෝ පියාණෙනි!‘ එසේ කියන්නේ භෞතික පියෙකුටයි. ’අහෝ දෙවි පියාණෙනි‘ යන ව්‍යවහාරයෙන් හැඳින්වෙන්නේ ආධ්‍යාත්මික පියාවයි. මෙම කාරණය වටහා ගත යුතුයි. දේවතාවන් හැඳින්වෙන්නේ දිව්‍යමය බුද්ධි ඇති අය ලෙසයි. දේවතාවන් ලෝකයේ පාලකයන් විය. දැන් කිසිවෙක් පාලකයෙක් නොවෙයි. කිසිම කෙනෙක් භාරතයේ ස්වාමී හෝ අධිපති නොවෙයි. රජ කෙනෙක් හැඳින්වෙන්නේ, පියා හෝ ආහාර සපයන්නා ලෙසයි. දැන් රජවරුන් නොමැත. එසේ නම් මෙසේ පැවසුවේ කවුද ශිවාට නමස්කාර වේවා? එම ඒකායන කෙනා පියා බව ඔබට පැවසිය හැක්කේ කෙසේද? බොහෝ බ්‍රහ්ම කුමර කුමරියන් සිටිනවා. ඔවුන් ශිව බාබාගේ මුනුපුරන් බවට පත්වනවා. ඔහු, ඔවුන්ව බ්‍රහ්මාගේ මාර්ගයෙන් දරුකමට හදාගන්නවා. ඔවුන් සියලු දෙනාම පවසන්නේ අපි බ්‍රහ්ම කුමර කුමරියන්. අච්චා, බ්‍රහ්මා කාගේ දරුවාද? ශිවාගේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් තිදෙනාම, ශිවාගේ දරුවන්ය. ශිව බාබා, දෙවියන්ය, උසස්ම උසස් කෙනා, අශාරීරික ලෝකයේ වාසය කරන කෙනාය. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්, සූක්ෂම කලාපයේ වාසය කරන අයයි. හොඳයි, එසේ නම් මනුෂ්‍ය ලෝකය නිර්මාණය වුනේ කෙසේද? ඔහු පවසන්නේ නාටකයට අනුව, මා බ්‍රහ්මාගේ සාමාන්‍ය සිරුර තුළට ඇතුළු වී, ඔහුව ප්‍රජාවගේ පියා (ප්‍රජාපිතා) බවට පත්කරනවා. මා ඇතුළු විය යුත්තේ, බ්‍රහ්ම යන නම ලබා දෙන කෙනා තුළටයි. ඔහුව හදාගත් පසුව, ඔහුගේ නම වෙනස් වෙයි. සන්යාසීන්ද ඔවුන්ගේ නම් වෙනස් කර ගනී. ඔවුන් පළමුව ගෘහවාසීන්ට උපදින අතර, ඉන්පසුව ඔවුන්ගේ සංස්කාර වලට අනුව, ළමා වියේදි ඔවුන් ග්‍රන්ථ ශාස්ත්‍ර ආදිය කියවා, ඉන්පසුව නිරාශාව ඇති වෙයි. ඉන්පසුව ඔවුන් සන්යාසී කෙනෙක් වෙතට යන අතර, එහිදි ඔවුන්ව හදා ගනී. ඔවුන් මෙසේ කියනු ඇත මේ කෙනා මගේ ගුරූය. ඔවුන් ඔහුව පියා ලෙස අමතන්නේ නැත. ඔවුන් ගුරූගේ අනුගාමිකයන් හෝ ශ්‍රාවකයන් වෙයි. ගුරූ, අනුගාමිකයාව හදාගෙන මෙසේ කියයි ඔබ මගේ ශ්‍රාවකයා හෝ අනුගාමිකයාය. මෙම පියා පවසන්නේ ඔබ මගේ දරුවන්ය. මෙහි බොහෝ දුක ඇති නිසා, ඔය ජීවාත්ම, භක්ති මාර්ගයේදී පියාට කන්නලව් කරමින් සිට ඇත බොහෝ අසරණ බවින් හඬා වැටීම තිබේ. පාරිශුද්ධකරු පියා වූ කලී, ඒකායන කෙනා පමණයි. ජීවාත්ම, අශාරීරික ශිවාට නමස්කාර කරයි. පියා සෑම කලටම සිටියි. ඔවුන් මෙසේ ගායනා කරන්නේ දෙවි පියාණන්ටයි මවත් ඔබයි, පියාත් ඔබයි. පියා සිටින බැවින්, මවද අනිවාර්යෙන් අවශ්‍යයි. මව සහ පියා නොමැතිව, නිර්මාණයක් තිබිය නොහැක. පියා අනිවාර්යෙන් දරුවන් වෙතට පැමිණිය යුතුයි. ලෝක චක්‍රය භ්‍රමණය වන ආකාරය සහ එහි මුල, මැද සහ අවසානය ගැන දැනුවත් වීම, ත්‍රිකාලදර්ශී වීමය. නළුවන් මිලියන සංඛ්‍යාවක් සිටින අතර, ඒ සෑම කෙනෙකුගේම චරිත කොටස, ඔහුටම ආවේනිකයි. මෙම නාටකය අසීමිතයි. පියා පවසන්නේ නිර්මාණකරු, අධ්‍යක්ෂක සහ ප්‍රධාන නළුවා මමයි. මා රඟපානවා, නොවේද? මගේ ජීවාත්මය, උත්තරීතර බව හැඳින්වෙයි. ජීවාත්මයක ස්වරූපය සහ පරමාත්ම ජීවයේ ස්වරූපය එක හා සමානයි. ඇත්ත වශයෙන්ම ජීවාත්මයක්, තිතක් පමණයි. ජීවාත්මය, තරුව, වාසය කරන්නේ නළල මධ්‍යයේ. එය අතිශයින් සියුම්ය එය ඇසට නොපෙනෙයි. ජීවාත්මයක්, සූක්ෂම වන අතර ජීවාත්මයන්ගේ පියා ද සූක්ෂමයි. පියා පහදා දෙන්නේ ජීවාත්ම වන ඔබ, තිත් වැනිය. ශිවා වන මා ද, තිතක් වැනිය. කෙසේවෙතත් මා, උත්තරීතර නිර්මාණකරු සහ අධ්‍යක්ෂකයි. දැනුමේ සාගරය මමයි. ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම මට තිබේ. මා දැනුමින් සපිරි වන අතර ආනන්දයෙන් පිරිපුන්ය. මා සෑම කෙනෙකුටම ආශිර්වාද ලබා දෙනවා. මා සියලු දෙනාව විමුක්තියට ගෙන යනවා. දුක නැති කරන්නේ සහ සතුට ලබා දෙන්නේ, වෙනත් කිසිවෙකු නොව ඒකායන පියා පමණයි. ස්වර්ණමය යුගයේ කිසිවෙකුට දුකක් නැත. එය ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය පමණයි. පියා විස්තර කරන්නේ මා මනුෂ්‍ය ලෝක වෘක්ෂයේ බීජයයි. නිදසුනක් ලෙස, අඹ ගසකට අජීවි බීජයක් ඇති බැවින් එය කතා නොකරයි. එය සජීවි නම් එය මෙසේ කියනු ඇති අතු, රිකිලි, පත්‍ර ආදිය මතු වන්නේ, බීජය වන මගෙනි. මෙම ඒකායන කෙනා සජීවි වන අතර, මෙය කල්ප වෘක්ෂය ලෙස හැඳින්වෙයි. පරම පියා, පරමාත්ම ජීවය, මනුෂ්‍ය ලෝක වෘක්ෂයේ බීජයයි. පියා පවසන්නේ මාම පැමිණ, එය පිළිබඳ දැනුම, සියලු දෙනාට විස්තර කර දෙනවා. මා ඔය දරුවන්ව නිරන්තර සතුටට පත් කරනවා. ඔබව දුකට පත් කරන්නේ මායාය. භක්ති මාර්ගය අවසන් විය යුතුයි. නාටකය, නියත වශයෙන්ම භ්‍රමණය විය යුතුයි. මෙය අසීමිත ලෝකයේ ඉතිහාසය සහ භූගෝලයයි. චක්‍රය නොකඩවා භ්‍රමණය වෙමින් පවති. කලි යුගය, සත් යුගය බවට පරිවර්ථනය විය යුතුයි. තිබෙන්නේ එක් ලෝකය පමණයි. දෙවි පියාණන්, එක්කෙනෙකි. ඔහුට පියෙක් නැත. ඔහු ගුරුවරයාද වන අතර ඔහු ඔබට උගන්වනවා. දෙවියන් පවසයි මා ඔබට රාජයෝගාව උගන්වනවා. මිනිසුන්, මව සහ පියා නොහඳුනයි. ඔබ අශාරීරික ශිව බාබාගේ අශාරීරික දරුවන් බව, ඔය දරුවන් දන්නවා. ඒ සමඟම ඔබ ශාරීරික බ්‍රහ්මාගේද දරුවන්ය. සියලුම අශාරීරික දරුවන් සහෝදරයන් වන අතර බ්‍රහ්මාගේ සියලුම දරුවන්, සහෝදර සහෝදරියන්ය. පිවිතුරුව රැඳී සිටීමේ ක්‍රමවේදය මෙයයි. සහෝදර සහෝදරියන් පාපයේ ගැලෙන්නේ කෙසේද? ගින්නක් ආරම්භ කරන්නේ පාපය නොවේද? මෙවන් කියමනක් තිබේ රාග ගින්න. පියා ඔබට ඉන් ආරක්ෂිතව සිටීමේ මාර්ගය පෙන්වයි. ප්‍රථමයෙන්ම, මෙහි ලැබීම් ඉතාමත්ම ඉහළයි. අපි පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්නේ නම්, අපට අසීමිත පියාගෙන් උරුමය හිමිවෙයි. අපි සදා නිරෝගි වන්නේ, සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි. පෞරාණික භාරතයේ යෝගාව ඉතා සුපතලයි. පියා පවසන්නේ නොකඩවා මා සිහි කිරීමෙන්, ඔබ පිවිතුරු වී, ඔබගේ පාපයන් අහෝසි වෙයි. ඔබ පියාගේ සිහිපත් කිරීමේ හිඳිමින් ඔබගේ සිරුර හැර යන්නේ නම්, ඔබ මා වෙතට පැමිණෙයි. මෙම පැරණි ලෝකය අවසන් වීමට තිබේ. මෙය, එම මහාභාරත යුද්ධයමයි. පියාට අයත්ව සිටින අයට ජයග්‍රහණය හිමිවෙයි. රාජධානියක් ස්ථාපිත කෙරෙනවා. ඔබට දිව්‍ය ලෝකයේ අධිපතියන් වීමට, දෙවියන් රාජයෝගාව උගන්වනවා. පසුව, මායා, රාවන, ඔබව අපායේ අධිපතියන් කරවයි. ඔබට එම සාපය හිමිවනවා වැනිය. පියා පවසන්නේ ආදරණීය දරුවනේ, ඔබ මගේ උපදෙස් පිලිපැදීමෙන් දිව්‍ය ලෝකයේ නිවැසියන් බවට පත්වේවා! පසුව, රාවනගේ රාජධානිය ආරම්භ වූ විට, රාවන පවසන්නේ අහෝ දෙවියන්ගේ දරුවනේ, ඔබ අපායේ වැසියන් වේවා! අපායට පසුව නියත වශයෙන්ම දෙව්ලොව පැමිණිය යුතුයි. මෙය අපායයි, එහෙම නේද? සෑම තැනකම බොහෝ හිංසන සිදුවෙයි. සත් යුගයේ රණ්ඩු දබර නොමැත. භාරතයම දෙව්ලොව විය වෙනත් රාජධානි නොතිබිණි. දැන් භාරතය අපාය බැවින්, අනේක ආගම් තිබේ. බොහෝ ආගම් විනාශ කර, එක් ධර්මය ස්ථාපිත කිරීමට මා පැමිණිය යුතු බව, සිහි කර තිබේ. මා අවතරණය වන්නේ එක් වරක් පමණයි. පියා, අපවිත්‍ර ලෝකය තුළට පැමිණිය යුතුයි. ඔහු පැමිණෙන්නේ පැරණි ලෝකය අවසන් වීමට තිබෙන විටයි. ඒ සඳහා යුද්ධය ද අවශ්‍යයි. පියා පවසන්නේ ඔබ අශාරීරිකව පැමිණි අතර ඔබ දැන් ඔබගේ උපත් 84හි චරිත කොටස් අවසන් කර ඇත. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. මා ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කර, ඔබව ආපසු නිවහනට ගෙන යනවා. වසර 5000කදි, දේවතාවන් උපත් 84ක් ගනී. ගිණුමක් තිබේ. සෑම කෙනෙක්ම උපත් 84ක් නොගනී. පියා පවසන්නේ මා සිහි කර, ඔබගේ උරුමය හිමි කරගන්න. ලෝක චක්‍රය, ඔබගේ බුද්ධිය තුළ භ්‍රමණය විය යුතුයි. අපි නළුවන්ය. ඔබ නළුවෙක්ව සිට, නාටකයේ නිර්මාණකරු, අධ්‍යක්ෂක හෝ ප්‍රධාන නළුවාව නොදන්නේ නම්, ඔබ අනුවණයි. මේ මඟින් භාරතය බොහෝ දුගී-දුප්පත් වී ඇත. පියා පැමිණ, එය ධනවත් කරවයි. පියා පහදා දෙන්නේ භාරතයේ ඔය ජනතාව, දිව්‍ය ලෝකයේ සිටි අතර, ඔබ අනිවාර්යෙන් උපත් 84ක් ගත යුතුව තිබුණා. ඔබගේ උපත් 84 දැන් අවසන් වී ඇත. දැන් ඉතිරිව තිබෙන්නේ මෙම අවසන් උපත පමණයි. දෙවියන් පවසයි සියලු දෙනාගේම දෙවියන්, එක්කෙනෙකි. වෙනත් සියලුම ආගම්වල කිසිම කෙනෙක්, ක්‍රිෂ්ණාව, දෙවියන්, ලෙස පිලිනොගනි. ඔවුන් පිළිගන්නේ අශාරීරික කෙනාව පමණයි. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියාය. ඔහු පවසන්නේ මා මෙම කෙනාගේ බොහෝ උපත් වල අවසානයේ පැමිණ, ඔහු තුළට ඇතුළු වනවා. රාජධානිය ස්ථාපිත වූ පසු, විනාශය ඇරඹෙන අතර මා ආපසු නිවසට යනවා. මෙය ඉතා විශාල යාග ගින්නකි. මෙය තුළට අනෙක් සියලුම යාගහෝම බිලි වීමට තිබේ. මුළු ලෝකයේම කුණු කසල මෙය තුළට වැටෙන අතර, ඉන්පසුව වෙනත් යාග හෝම නිර්මාණය වන්නේ නැත. භක්ති මාර්ගය අවසානයකට පැමිණෙයි. ස්වර්ණමය සහ රිදී යුග වලට පසුව, භක්තිය ඇරඹෙයි. භක්තිය දැන් අවසානයකට පැමිණෙනවා. එබැවින් මේ සියල්ල, ශිව බාබාගේ ප්‍රශංසාවයි. ඔවුන් ඔහුට බොහෝ නම් ලබා දී ඇති නමුත් ඔවුන් කිසිම දෙයක් නොදනී. මෙම කෙනා ශිවා වන අතර ඔහු රුද්‍රා, සෝම්නාත් සහ බබුල්නාත් (කටු, මල් බවට පරිවර්ථනය කරන කෙනා) ලෙසද හැඳින්වෙයි. ඔවුන් ඒකායන කෙනාට බොහෝ නම් දී තිබේ. ඔහු සිදුකළ සේවයට අනුව ඔහුට නමක් දී ඇත. ඔහු ඔබට පානය කිරීමට අමෘතය දෙයි. ඔය මව්වරුන්, දිව්‍ය ලෝකයේ දොරටු විවෘත කිරීමට උපකරණ වී ඇත. ප්‍රශංසාවට ලක් වන්නේ පිවිතුරු අයයි. අපවිත්‍ර අය, පිවිතුරු අයව ප්‍රශංසා කරයි. සෑම කෙනෙක්ම කුමාරීන්ට තම හිස නමයි. ඔය බ්‍රහ්මකුමර කුමරියන්, භාරතය ඉහළ නංවනවා. ඔබ පිවිතුරු වී, පිවිතුරු ලෝකයේ උරුමය, පියාගෙන් හිමි කර ගත යුතුයි. ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර ඔබ පිවිතුරුව සිටිය යුතුයි. මෙයට උත්සාහයක් අවශ්‍යයි. විශාලතම සතුරා, කාමයයි. ඔවුන්ට පාපය නොමැතිව සිටිය නොහැකි වන විට ඔවුන්, ඔවුන්හට පහර දෙයි. රුද්‍රාගේ යාග ගින්නේ, අහිංසක අය පහර කෑමට ලක් වෙයි. අහිංසක අයට පහර දෙන අයගේ පාපයේ කලස පිරෙන විට, විනාශය සිදුවෙයි. බාබාව කිසිදා නොදැක ඇති බොහෝ දියණියන් සිටින අතර ඔවුන් මෙසේ ලිපි එවයි බාබා, මා ඔබව හඳුනනවා. ඔබගෙන් උරුමය හිමි කරගැනීමට මා අනිවාර්යෙන් පිවිතුරු වෙනවා. පියා විස්තර කරන්නේ ඔබ ග්‍රන්ථ ශාස්ත්‍ර හදාරමින් භක්ති මාර්ගයේ භෞතික වන්දනා ගමන්වල යමින් සිටියා. ඔබ දැන් පෙරළා නිවසට යා යුතුයි. එබැවින් මා සමඟ යෝගාවේ ඉන්න. සියලු දෙනාගෙන්ම ඉවත් වී, තමන්ව මාහට පමණක් සම්බන්ධ කරගන්න, එවිට මා ඔබව මාත් සමඟ රැගෙන ගොස් ඉන්පසුව දිව්‍ය ලෝකයට යවන්නම්. එය, සාමයේ දේශයයි. එහිදි ජීවාත්ම කතා කරන්නේ නැත. ස්වර්ණමය යුගය, සතුටු දේශය වන අතර මෙය දුක් දේශයයි. දැන්, මෙම දුක් දේශයේ වාසය කරන අතර, ඔබ සාම දේශය සහ සතුටු දේශය සිහි කළ යුතු අතර එවිට ඔබ දිව්‍ය ලෝකයට යයි. ඔබ උපත් 84ක් ගෙන ඇත. වංශවල චක්‍රය නොකඩවා භ්‍රමණය වෙමින් පවතිනවා. ප්‍රථමයෙන්, මුදුන් ගැටය වන බ්‍රාහ්මණයන්ද, ඉන්පසුව දේවතා වංශයද පසුව ක්ෂත්‍රීය වංශයද වෙයි. ඔබ කරණම් ගැසීමේ ක්‍රීඩාවේ යෙදෙයි. අප දැන් බ්‍රාහ්මණයන්ගෙන් දේවතාවන් බවට පත්වෙයි. මෙම චක්‍රය නොකඩවා භ්‍රමණය වෙයි. එය ගැන දැනුවත් වීමෙන් ඔබ ලෝක පාලකයන් බවට පත්වෙයි. අසීමිත පියාගෙන් ඔබට අසීමිත උරුමය අවශ්‍යයි. එබැවින් ඔබ අනිවාර්යෙන් පියාගේ උපදෙස් පිලිපැදිය යුතුයි. අශාරීරික පරම පියා පැමිණ, මෙම භෞතික ශරීරයට ඇතුළු වී ඇති බව, ඔබ විස්තර කරයි. ජීවාත්ම වන අප අශාරීරිකව සිටින විට, අප එහි වාසය කරයි. මෙම ඉර සහ හඳ, ආලෝකයයි. මෙය අසීමිත දහවල සහ රාත්‍රිය ලෙස හැඳින්වෙයි. ස්වර්ණමය සහ රිදී යුග, දහවල වන අතර තඹ සහ කලි යුග, රාත්‍රියයි. පියා පැමිණ ඔබට විමුක්තියට මාර්ගය පෙන්වයි. ඔබට ඉතා හොඳ විස්තර කිරීමක් කෙරෙයි. ස්වර්ණමය යුගයේ සතුට තිබෙන අතර ඉන්පසුව එය ටිකෙන් ටික අඩුවෙයි. ස්වර්ණමය යුගයේ දිව්‍යමය කලා 16ක් තිබෙන අතර පසුව රිදී යුගයේ 14කි. මේ සියලුම කරුණු වටහාගත යුතුයි. එහි කිසිදා අකල් මරණ සිදුවන්නේ නැත. එහි අඬන්නට හෝ රණ්ඩු කිරීමට කිසිවක් නැත. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඉගෙනුම මතයි. ඔබට මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය විය හැක්කේ මෙම ඉගෙනුම තුළින් පමණයි. අපව දෙවිවරු සහ දෙවඟනන් කිරීමට, දෙවියන් අපට උගන්වනවා. අර ඉගෙනුම වටින්නේ පැංස කිහිපයක් පමණයි. මෙම ඉගෙනුම දියමන්ති මෙන් වටියි. එය, මෙම අවසන් උපතේ පිවිතුරු වීම පිළිබඳ කාරණාවක් පමණයි. වඩාත්ම පහසු වන්නේ, මෙම රාජයෝගාවයි. නීතිඥයෙක් ආදිය වීමට ඉගෙනගැනීම එතරම් පහසු නැත. මෙහිදි පියා සහ චක්‍රය සිහි කිරීමෙන්, ඔබ ලෝක පාලකයන් වනවා. ඔබ පියාව නොහඳුනන්නේ නම්, ඔබ කිසිවක් නොදනි. පියා ලෝකයේ පාලකයා වන්නේ නැත. ඔහු ඔය දරුවන්ව එය බවට පත් කරයි. ශිව බාබා පවසන්නේ මෙම බ්‍රහ්මා, අධිරාජවරයා වෙයි. මා එය වන්නේ නැත. මා නිර්වාණ දේශයේ අසුන්ගෙන සිටිනවා. මා ඔය දරුවන්ව ලෝකයේ අධිපතියන් කරවනවා. සැබෑ පරහිතකාරමී සේවය කළ හැක්කේ, අශාරීරික පරම පියා, පරමාත්ම ජීවයට පමණයි මනුෂ්‍යයන්ට එය කළ නොහැක. දෙවියන් හමු වීමෙන් ඔබ මුළු ලෝකයේම පාලකයන් බවට පත් වෙයි. ඔබ මහ පොළව සහ අහස ආදියේ අධිපතියන් වෙයි. දේවතාවන් ලෝකයේ පාලකයන් විය, එහෙම නේද? දැන් බොහෝ බෙදීම් තිබේ. පියා දැන් පවසන්නේ මා ඔබව ලෝක පාලකයන් බවට පත් කරනවා. දිව්‍ය ලෝකයේ වාසය කළේ ඔබ පමණයි. ලෝකයේ අධිපති වූයේ භාරතයයි. එය දැන් දුගී දුප්පත් වී ඇත. ඔය මව්වරුන් මාර්ගයෙන් භාරතය, නැවත වරක් ලෝකයේ අධිපති වෙයි. වැඩියෙන් සිටින්නේ මව්වරුන්ය, මෙසේ පැවසෙන්නේ ඒ නිසයි මව්වරුන්ට නමස්කාර වේවා. ඉතිරිව තිබෙන කාලය කෙටි වන අතර සිරුරට සහතිකයක් නැත සියලු දෙනාම මිය යා යුතුයි. එය දැන් සියලු දෙනාගේම විශ්‍රාමික අවදියයි. සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. දෙවියන් අපට මෙය උගන්වනවා. ඔහු දැනුමින් පිරිපුන්, සාමයෙන් පිරිපුන් සහ ආනන්දයෙන් පිරිපුන් ලෙස හැඳින්වෙයි. අපව සියලු ගුණදම් වලින් සපිරි, දිව්‍යමය කලා 16කින් පූර්ණ පිවිතුරු බවට පත් කරන ඒකායන කෙනා ඔහුයි. අච්චා.

සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට, මව, පියා බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාරය.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම ඉගෙනුම ඔබව දියමන්තියක් මෙන් කරවයි. එබැවින් හොඳින් ඉගෙනගෙන, සියලු දෙනාගෙන් තමන්ව ඉවත් කරගෙන, ඒකායන පියාට පමණක් තමන්ව සම්බන්ධ කරගන්න.

2. ශ්‍රීමත් අනුගමනය කර, දිව්‍යලෝකයේ ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කරගන්න. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන ගමන්, ස්ව-දර්ශන චක්‍රය නොකඩවා භ්‍රමණය කරන්න.

වරදානය:
ඔබ ‘මගේ’ යන සෑම අවධානයක්ම අත්හැර, භාරකරුවෙක් ලෙසින් සේවය සිදුකර, නිරන්තරයෙන් තෘප්තිමත් ජීවාත්මයක් වේවා.

ඔබගේ පවුලේ අය සමග ජීවත් වෙමින් සේවය සිදු කරන අතර සෑම විටම මෙය මතකයේ තබා ගන්න: ‘මා භාරකරුවෙක්, සේවාධාරියෙක්.’ සේවය කරන අතර ඔබට ‘මගේ’ යන කිසිදු අවධානයක් නොමැති විට, ඔබ තෘප්තිමත් වෙයි. ‘මගේ’ යන කිසියම් අවධානයක් තිබෙන විට ඔබ කලබල වී මෙසේ සිතයි: ‘මගේ දරුවා මෙය කරනවා’. ‘මගේ’ යන අවධානය ඇති විට, ඔබ කලබලයට පත් වන අතර ‘ඔබගේ’ යන අවධානය ඇති විට, (තේරා - ඔබගේ) ඔබට එතෙරට පිහිනීමට (තේර්නා - පිහිනීම) හැකි වෙයි. ‘ඔබගේ, ඔබගේ’ කීම, යනු ඔබගේ ස්ව-අභිමානයේ රැඳී සිටීම වන අතර ‘මගේ, මගේ’ යනු, අහංකාරකම තිබීමයි.

පාඨය:
සෑම මොහොතකදීම ඔබගේ බුද්ධිය තුළ පරම පියා සහ ඔහුගේ ශ්‍රීමත් අවධානයේ තබා ගන්න, එවිට ඔබ තම හදවතින් කැප වූ ජීවාත්මයක් ලෙස හැඳින්වෙයි.