16.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සෑම කෙනෙක්ම ඔබගේ ජීවිත නූල, ඒකායන පියාට බැඳ තිබේ. ඔබගේ සම්බන්ධය තිබෙන්නේ ඒකායන කෙනා සමගයි. එක් අයට ඔබගේ වගකීම ඉටු කරන්න.

ප්‍රශ්නය:
ඔය සෑම ජීවාත්මයක්ම ඔබගේ ජීවිත නූල, සංගම යුගයෙදී, උත්තරීතර ජීවාත්මයට බැන්දේය. අවිද්‍යා මාවතේදී, මෙය චාරිත්‍රයක් විලසින් පැවත එන්නේ කෙසේද?

පිළිතුර:
මනමාලියකගේ සාරි පොට, මනමාලයාගේ සාළුවට, ඔවුන්ගේ විවාහයේදී බඳියි. එවිට ඇය, ජීවිත කාලයටම ඔහුගේ සහකරු විය යුතු බව, බිරිඳට වැටහෙයි. ඔබ දැන් ඔබගේ සාරි පොට, පියාට බැඳ තිබේ. චක්‍රයෙන් භාගයක්ම, ඔබ පියාගෙන් පෝෂණය වන බව, ඔබට වැටහෙයි.

ගීතය:
මාගේ ජීවිත නූල, මා ඔබට බැන්දෙමි.

ඕම් ශාන්ති.
බලන්න, ගීතයේ කියන්නේ මගේ ජීවිත නූල, මා ඔබට බැන්දෙමි. ගැහැණු දරුවෙක්, ඇගේ ජීවිත නූල, ඇගේ සැමියාට බඳින අතර, ඔහුගේ සහකරුවා වශයෙන් ඇගේ ජීවිතය, ඔහු සමග ගත කළ යුතු බවත් ඔහු ඇයව රැක බලා ගත යුතු බවත්, ඇයට වැටහෙයි. බිරිඳ, ඔහුව රැක බලා ගත යුතු නැත නැහැ, ඔහු, ඇයව දිවි ඇති තෙක් රැකගත යුතුයි. ඔය දරුවන්ද ඔබගේ ජීවිත නූල් බැඳ තිබේ. ඔබ ඔහුව, අසිමීත පියා, ගුරුවරයා හෝ ගුරු යැයි හැඳින්වුවද, ජීවාත්මයන්ගේ ජීවිත නූල්, උත්තරීතර ජීවාත්මයට බැඳ තැබිය යුතුයි. ඔවුන්ගේ එය, සීමිත, භෞතික කරුණක් වන අතර, මෙය සියුම් කරුණකි. මනමාලියක්, ඇගේ ජීවිත නූල ඇගේ සැමියාට බැඳ, පසුව ඔහුගේ නිවසට යයි. සෑම දෙයක්ම වටහා ගැනීමට ඔබට බුද්ධියක් තිබිය යුතුයි. කලි යුගයේ ඇති සියලූම දේවල් රකුසු උපදෙස්ය. ඒකායන කෙනාට, ඔබගේ ජීවිත නූල බැඳ ඇති බව, ඔබ දන්නවා. ඔබගේ සම්බන්ධතාවය තිබෙන්නේ එක් අය සමගයි. ඔබට ඔහුගෙන් බොහෝ සතුට ලැබෙන නිසා, ඔබගේ වගකීම ඔබ ඒකායන කෙනාට ඉටු කළ යුතුයි. ඔහු අපව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. එබැවින් ඔබ එවන් පියෙකුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. මෙය ආධ්‍යාත්මික නූලකි. ශ්‍රීමත් ලබාගන්නේ ජීවාත්මයි. රකුසු උපදෙස් ගැනීමෙන් ඔබ බිමට ඇද වැටී ඇත. ඔබ දැන් ආධ්‍යාත්මික පියාගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබගේ ජීවිත නූල්, ඔබ පරමාත්ම පියාට බැඳ ගන්නා බව, ඔය ජීවාත්මයන්ට වැටහෙයි. උපත් 21කට නිරන්තර සතුටේ උරුමය, අපි ඔහුගෙන් ලබා ගනී. එම තාවකාලික ජීවිත නූල බැඳීමෙන්, ඔබ දිගින් දිගටම පහළට පැමිණ ඇති අතර, මෙය උපත් 21කට සහතිකයකි. ඔබගේ ආදායම ඉතා ශ්‍රේෂ්ඨයි! ඔබ මේ ගැන නොසැලකිලිමත් නොවිය යුතුයි. මායා, ඔබව බොහෝ නොසැලකිලිමත් කරවයි. අනිවාර්යෙන්ම ලක‍්ෂ්මි සහ නාරායන, ඔවුන්ගේ ජීවිත නූල්, එක් අයට බැඳීමෙන්, උපත් 21කට ඔවුන්ගේ උරුමය හිමි කරගන්නට ඇති. සෑම චක්‍රයකම - අසංඛේය වාර ගණනාවක්, ඔබ සෑම කෙනෙකුගේම මෙම ජීවිත නූල, උත්තරීතර ජීවාත්මයට ඔබ බැඳ ගනී. ඔබ දැන් ශිව බාබාට අයත් වන බව සහ ඔබගේ ජීවිත නූල ඔහුට බැඳ ඇති බව, ඔබගේ බුද්ධියේ ඇත. පියා මෙතැන අසුන්ගෙන ඔබට සෑම දෙයක්ම විස්තර කරයි. ඔබ පෙර චක්‍රයේදීද එය ඔහුට බැඳගත් බව, ඔබට වැටහෙයි. මිනිසුන්, ශිව ජයන්තිය සමරන නමුත්, ඔවුන් සමරන්නේ කාගේ උපන් දිනයද කියා ඔවුන් නොදනී. පාරිශුද්ධකරු වන ශිව බාබා, අනිවාර්යෙන්ම සංගම යුගයෙදි පැමිණෙයි. මෙය වටහාගන්නේ ඔබ පමණයි ලෝකයාට මෙය නොවැටහෙයි. කෝටි ගණනාවකින් අතලොස්සක් පමණක් සිටින බව, සිහි කරන්නේ මේ නිසාය. ආදි සනාතන දෙවි දේවතා ධර්මය අතුරුදහන් වී ඇති අතර, සියලූම ශාස්ත්‍ර සහ කතාපුවත් ඉතිරිව තිබේ. මෙම ධර්මය නොපවතින බැවින්, ඔවුන් එය පිළිබඳව දැන ගන්නේ කෙසේද? ඔබ දැන් ඔබගේ ජීවිත නූල බැඳගන්නවා. ජීවාත්මයන්ගේ නූල, උත්තරීතර ජීවාත්මයට බැඳ ගනී. එය ශරීරය හා සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙයි. ඔබ නිවසේ වාසය කළාට කම් නැත, නමුත් ඔබගේ බුද්ධියෙන් ඔහු පමණක් සිහිපත් කරන්න. ඔය ජීවාත්මයන්ගේ නූල් ඔහුට බැඳ තිබේ. ඔවුන් මනමාලියකගේ සාරි පොට බඳීයි. එය භෞතිකයි. මෙහි, ඔය ජීවාත්ම, උත්තරීතර ජීවාත්මය සමග යෝගාවේ සිටියි. මිනිසුන්, භාරතයේ ශිවාගේ උපන් දිනය සමරන නමුත්, ඔහු පැමිණියේ කවදාද කියා කිසිවෙක් නොදනී. ක්‍රිෂ්ණාගේ උපන් දිනය හෝ රාමාගේ උපන් දිනය වන්නේ කවදාද කියා ඔවුන් නොදනී. ඔය දරුවන්, ත්‍රිමූර්ති ශිව ජයන්ති යන වචන ලියයි. කෙසේවෙතත් මෙකල, ත්‍රිමූර්තිය නොපවති. ශිව බාබා, බ්‍රහ්මා මාර්ගයෙන් ලෝකය නිර්මාණය කරන බව, ඔබ පවසයි. එබැවින්, බ්‍රහ්මා, අනිවාර්යෙන්ම ශාරීරික ස්වරූපයෙන් සිටිය යුතුයි. ඔබ ත්‍රිමූර්තිය ගැන කතා කරන නමුත්, මෙකල, විෂ්ණු සහ ශංකර් කොහිද? මෙම කාරණා ඉතා පැහැදිලිව වටහාගත යුතුයි. ත්‍රිමූර්තිය යනු, බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර්ය. බ්‍රහ්මා මගින් ස්ථාපනය, මෙකල සිදුවනවා. ස්වර්ණමය යුගයේ විෂ්ණු මගින්, පවත්වා ගැනීම සිදු වෙයි. විනාශයේ කාර්යය, අවසානයේදී සිදු වෙයි. භාරතයේ එක් ධර්මය පමණක් තිබේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය. අන් සෑම කෙනෙක්ම පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම් ස්ථාපිත කිරීමටයි. එම ආගම් ස්ථාපිත වූයේ කෙදිනද සහ එම ආගම් වල කාල වකවානු ගැන සියලු දෙනාම දනී. අහවල් ආගම, අහවල් කාලයේදී ස්ථාපිත විය. භාරතය පිළිබඳව, කිසි කෙනෙකුට කිසි දෙයක් නොවැටහෙයි. ගීතාවේ උපන් දිනය හෝ ශිවාගේ උපන් දිනය සිදු වූයේ කෙදිනකද කියා, කිසිවෙකු නොදනී. ක්‍රිෂ්ණා සහ රාධේගේ වයස් පරතරය වසර දෙකක් හෝ තුනක් විය. ක්‍රිෂ්ණා, ස්වර්ණමය යුගයේදී පළමුව උපදින්නට ඇති අතර රාධේ පසුව පැමිණෙයි. කෙසේවෙතත්, ස්වර්ණමය යුගය පැවතුණේ කවදාද කියා, කිසිවෙකුට වැටහෙන්නේ නැත. ඔබටද මෙය වටහාගැනීමට බොහෝ වසර ගණනාවක් ගත වී තිබේ. දින දෙක තුනකදී පමණක් කෙනෙක් කෙතරම් වටහා ගනීද? පරමාත්ම පියා ඔබට සෑම දෙයක්ම ඉතා පහසුවෙන් විස්තර කර දෙයි. අසීමිත පියා, ඔහුයි. සෑම කෙනෙකුටම ඔහුගෙන් අනිවාර්යෙන්ම උරුමයක් හිමිවිය යුතුයි. මිනිසුන් අහෝ දෙවි පියාණෙනි! කියමින් ඔහු සිහි කරයි. ලක‍්ෂ්මි සහ නාරායනට දේවාලයක් තිබේ. ඔවුන් ස්වර්ණමය යුගයේ පාලනය කළ නමුත්, ඔවුන්ට එම උරුමය ලබා දුන්නේ කවුද? ඔවුන්ට එය ලබා දුන්නේ, නිසැකයෙන්ම දිව්‍ය ලෝකයේ නිර්මාණකරු විය යුතු නමුත්, ඔහු එය ලබා දුන්නේ, කෙදිනකද හෝ කෙසේද කියා කිසිවෙකුට නොවැටහෙයි. එය ස්වර්ණමය යුගය වූ කල්හි, වෙනත් ආගම් නොතිබුණු බව, ඔබට වැටහෙයි. අපි ස්වර්ණමය යුගයේ සිටින විට, අපි පාරිශුද්ධයි. කලි යුගයේ අපි අපවිත්‍රයි. එබැවින් ඔහු අපට ඥානය ලබා දෙන්නට ඇත්තේ, ස්වර්ණමය යුගයේ නොව, සංගම යුගයෙදීය. එහි තිබෙන්නේ ප්‍රතිලාභය පමණයි. එබැවින් ඔවුන්ගේ පෙර භවයෙදී ඔහු ඔවුන්ට ඥානය ලබා දෙන්නට ඇති. ඔබටද දැන් එය ලැබෙනවා. ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරන්නේ පරම පියා පමණක් බව, ඔබට දැන් වැටහෙයි. ක්‍රිෂ්ණා සිටියේ ස්වර්ණමය යුගයේය. ඔහුගේ ප්‍රතිලාභය ඔහුට ලැබෙුණේ කොහේදිද? ලක‍්ෂ්මි සහ නාරායන, රාධේ සහ ක්‍රිෂ්ණාව සිටි බව, කිසිවෙක් නොදනී. පරම පියා පවසන්නේ මෙය පෙර චක්‍රයේදී වටහා ගත් අය, එය දැන් වටහා ගනී. අංකුරය පැළ කෙරෙනවා. අපි වඩාත්ම මිහිරි වෘක‍්ෂයේ අංකුරය පැළ කරමින් සිටිනවා. පරමාත්ම පියා, වසර 5000 කට පෙර පැමිණ, මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පත් කළ බව ඔබ දන්නවා. ඔබව දැන් මාරු කර හැරෙනවා. ඔබ පළමුව බ්‍රහ්මණයින් විය යුතුයි. ඔවුන් කරනමක් ගසන විට, මුදුන් ගැටය, නිසැකයෙන්ම නැවත මතු වෙයි. අපි දැන් බ්‍රහ්මණයන් වී ඇත. යාගහෝමයකට අනිවාර්යෙන්ම බ්‍රහ්මණයන් අවශ්‍යයි. මෙය ශිවා හෝ රුද්‍රාගේ යාග හෝම ගින්නයි. මෙසේ කියයි රුද්‍රාගේ ඥානයේ යාග ගින්න. රුද්‍රාගේ ඥානයේ මෙම යාග ගින්නෙන් විනාශයේ ගිණි දැල් මතු වෙයි. ශිව බාබාගේ මෙම යාගහෝමය තිබෙන්නේ අපවිත්‍ර අය පිවිතුරු කිරීමටයි. රුද්‍රා ශිව බාබා, අශාරීරිකයි. එබැවින් ඔහු මනුෂ්‍ය ශරීරයකට ඇතුළු නොවී, යාගහෝමයක් නිර්මාණය කරන්නේ කෙසේද? යාගහෝම නිර්මාණය කරන්නේ, මනුෂ්‍යයන් පමණයි. මෙම දේවල් සූක‍්ෂම කලාපයේ හෝ අශාරීරික ලෝකයේ නොපවති. පරම පියා විස්තර කරන්නේ මෙය සංගම යුගයයි. ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය තිබුණු කල්හි, එය ස්වර්ණමය යුගය විය. ඔබ දැන් නැවතත් එය බවට පත්වනවා. ඔය සෑම ජීවාත්මයන්ගේ ජීවිත නූල, උත්තරීතර ජීවාත්මයට බැඳ තිබේ. නූල බැඳ තිබෙන්නේ ඇයි? නිරන්තර සතුටේ උරුමය හිමි කරගැනීමට. අසීමිත පියා විසින් ඔබව ලක‍්ෂ්මි සහ නාරායන බවට පත් කරවන බව ඔබට වැටහෙයි. ඔබ අයත් වූයේ දේවතා ධර්මයට බව, පරම පියා විස්තර කර ඇත. ඔබගේ රාජධානිය වූයේ එයයි. ඉන්පසුව ඔබ පුනර්භව ගෙන, ක‍්ෂත්‍රීය ආගමට පැමිණුනා. සූර්ය රජ පෙළපත අතුරුදහන් වී, චන්ද්‍ර රජ පෙළපත පැමිණුනා. ඔබ මෙම චක්‍රය වටා ගිය අන්දම සහ ඔබ උපත් කීයක් ගෙන තිබේද කියා ඔබට වැටහෙයි. පරමාත්ම දෙවියන් පවසයි අහෝ දරුවනි, ඔබගේම උපත් ගැන ඔබ නොදනී. මා ඒවා ගැන දන්නවා. දැන්, මෙකල, මෙම සිරුරේ තිබෙන්නේ පිළිරූ දෙකක් පමණයි. බ්‍රහ්ම ජීවය සහ උත්තරීතර ජීවය, ශිව්. මෙම පිළිරූ දෙක ඒකාබද්ධයි, බ්‍රහ්මා සහ ශිව. ශංකර් කිසිම විටෙක චරිත කොටසක් රඟපාන්නට නොපැමිණෙන අතර විෂ්ණු පැවතියේ ස්වර්ණමය යුගයේය. ඔබ දැන් බ්‍රහ්මණයින් වන අතර ඉන්පසුව ඔබ දේවතාවන් වෙයි. ඇත්ත වශයෙන්ම හම් සෝ, සෝ හම්හි අරුත මෙයයි. ඔවුන් කියා තිබෙන්නේ, ජීවයක් උත්තරීතර ජීවය බවත්, උත්තරීතර ජීවය, ජීවයක් බවත්ය. මෙහි විශාල වෙනසක් තිබේ! රාවණ පැමිණි විගසින්ම ඔහුගේ උපදෙස් තිබෙයි. එය ස්වර්ණමය යුගය වන විට, මෙම ඥානය අතුරුදහන් වී තිබෙයි. මේ සෑම දෙයක්ම නාටකයේ සිදුවීමට, කල් තබා නියම වී ඇත. පරම පියාට පැමිණ, ස්ථාපනය සිදු කළ හැක්කේ එවිටයි. එය දැන් සංගම යුගයයි. පියා පවසන්නේ මා සෑම චක්‍රයකම සංගම යුගයේ පැමිණෙන්නේ, ඔබව මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කිරීමටයි. මම ඥානයේ යාගහෝමය නිර්මාණය කරමි. මෙම යාග හෝමයට සෑම දෙයක්ම බිලි වීමටයි යන්නේ. විනාශයේ ගිණි දැල් මතු වන්නේ මෙම යාග ගින්නෙනි. අපවිත්‍ර ලෝකය, විනාශ විය යුතුයි. එසේ නැත්නම් පිවිතුරු ලෝකය, නිර්මාණය වන්නේ වෙන කෙසේද? ඔබ මෙසේද කියයි අහෝ පාරිශුද්ධකරුවාණෙනි, එන්න! එබැවින්, අපවිත්‍ර ලෝකය සහ පිවිතුරු ලෝකය, එකම කාලයකදී පවතිද? අපවිත්‍ර ලෝකය විනාශ වෙයි. ඔබ මේ ගැන සතුටු විය යුතුයි. දිව්‍ය ලෝකයේ දොරටු විවර වූයේ, මහා භාරත යුද්ධය තුළිනි. මෙය, එම මහා භාරත යුද්ධයම බව කියැවෙයි. මෙය හොඳයි, මන්ද එවිට අපවිත්‍ර ලෝකය විනාශ වෙයි. සාමය වෙනුවෙන් ඔවුන්ගේ ඔළුව ගසා ගැනීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඔබ සෑම කෙනෙකුටම ලැබී තිබෙන තෙවැනි ඇස, වෙනත් කිසිවෙකුට නැත. ඔබ නැවත වරක් අසීමිත පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගැනීම ගැන ඔය දරුවන් සතුටු විය යුතුයි. බාබා, මා බොහෝ වාර ගණනාවක් ඔබගෙන් මගේ උරුමය හිමි කරගෙන තිබේ. ඉන්පසුව රාවණ ඔබට සාප කළා. මෙම දේවල් මතක් කරගැනීම පහසුය. ඉතිරි සියල්ල ගොතන ලද කතාය. ඔබව බොහෝ ධනවත් බවට පත් කරවනු ලැබුවා. එසේ නම්, ඔබ දුගී වූයේ කෙසේද? මේ සියල්ල, නාටකයේ කල්තබා නියම වී තිබේ. මෙසේ කියයි ඥානය, භක්තිය සහ නිරාශාව. භක්තිය පිළිබඳ නිරාශාවක් ඇති විය හැක්කේ ඔබට ඥානය තිබෙන විට පමණයි. ඔබට ඥානය ලැබී තිබේ, භක්තිය පිළිබඳ ඔබට නිරාශාවක් තිබෙන්නේ මේ නිසාය. ඔබට මුළු පැරණි ලෝකය පිළිබඳවම නිරාශාවක් තිබේ. මෙය සොහොන් බිමකි. ඔබ උපත් 84 හි චක්‍රය වටා ගොස් තිබෙන අතර දැන් ආපසු නිවහනට යා යුතුයි. මා සිහි කරන්න, එවිට ඔබ මා වෙතට පැමිණ, ඔබගේ පාපයන් දුරු වෙයි වෙනත් මාර්ගයක් නැත. පාපයන් පිළිස්සී යන්නේ, යෝගා ගින්නේය, ගංගා නදියේ නෑමෙන් නොව. පරමාත්ම පියා පවසන්නේ මායා ඔබව මෝඩයින් බවට පත් කරවා තිබේ. ඔවුන් අප්‍රේල් මෝඩයා ගැන කියයි. මා දැන් ඔබව ලක‍්ෂ්මි සහ නාරායන මෙන් කරවීමට පැමිණ සිටියි. අප අද සිටින ආකාරය සහ හෙට වන්නේ කවුරුන්ද කියා, පෙන්වන පිංතූරය ඉතා හොඳයි. මායාද අඩු නැහැ! මායා ඔබට ඔබගේ නූල බඳින්නට ඉඩ නොදෙයි, එබැවින් කඹ ඇදිල්ලක් ඇති වෙයි. අපි බාබාව සිහි කිරීමට උත්සාහ දරණ නමුත් කුමක් සිදුවනවාද කියා අපි නොදනී අපට අමතක වෙයි. මේ සඳහා උත්සාහයක් අවශ්‍යයි. මේ නිසයි භාරතයේ පෞරාණික යෝගාව සුප්‍රසිද්ධ වී තිබෙන්නේ. ඔවුන්ගේ උරුමය ඔවුන්ට ලබා දුන්නේ කවුද? කිසි කෙනෙකුට මෙය වැටහෙන්නේ නැත. මෙය, පරම පියාගේ කාර්යයයි. මෙකල සියල්ලන්ම අපායේ වැසියන්ය. ඔබ සතුටට පත්වනවා. කෙනෙක් මෙහි පැමිණ, මෙය වටහාගත් විට, ඔහු සතුටු වෙයි මෙය නිවැරදි බව ඔහුට දැනෙයි. උපත් 84 හි ගිණුම ඇත. ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කර ගත යුතුයි. චක්‍රයෙන් භාගයක් භක්තියේ යෙදී සිට ඔබ වෙහෙසට පත්වී ඇති බව, පියාට වැටහෙයි. සුමිහිරි දරුවනි, පියා ඔබගේ සියලු වෙහෙස ඉවත් කර දමයි. භක්තිය, අන්ධකාර මාවත, දැන් අවසන් වනවා. මෙම දුක් දේශය සහ සතුටු දේශය අතර විශාල වෙනසක් තිබේ! මා චක්‍රයේ සංගමයේ පැමිණෙන්නේ, දුක් දේශය, සතුටු දේශය බවට පරිවර්ථනය කිරීමටයි. ඔබ පරම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. පියා ඔබට ඔබගේ අසීමිත උරුමය ලබා දෙයි. ප්‍රශංසාව අයත් වන්නේ එක්කෙනකුට පමණයි. ශිව බාබා නොසිටින්නට, ඔබව පිවිතුරු කරන්නේ කවුද? මේ සියල්ල, නාටකයේ නියම වී තිබේ. ඔබ සෑම චක්‍රයකදීම මට අඬ ගසයි. අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැනවි! මිනිසුන් ශිව ජයන්තිය සමරයි. බ්‍රහ්මා, දිව්‍ය ලෝකය ස්ථාපිත කළ බව, ඔවුන් කියයි. එසේ නම් මිනිසුන් ඔහුගේ උපන් දිනය සමරන්නේ, ශිවා කුමක් කළ නිසාද? ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. මෙම ඥානය, ඔබගේ බුද්ධිය තුළ ස්ථීරව සනිටුහන් විය යුතුයි. ඔබගේ නූල් ඔබ ඒකායන කෙනාට බැඳ තිබේ. එබැවින් ඒවා වෙනත් කිසිවෙකුට නොබඳින්න එසේ නැත්නම් ඔබ ඇද වැටෙයි. එපිටින් පැමිණි පියා බොහෝ චාම්ය ඔහුට කිසි බාහිර ශෝබනයක් නැත. වෙනත් පියවරුන්, මෝටර් රථ සහ අහස් යානා වලින් අවට සංචාරය කරයි. එම අසීමිත පියා පවසන්නේ මා අපවිත්‍ර ලෝකයකට සහ අපවිත්‍ර සිරුරක් තුළට පැමිණ ඇත්තේ ඔය දරුවන්ට සේවය කිරීමටයි. ඔබ කන්නලව් කළේ අහෝ, සදාතනික ශල්‍ය වෛද්‍යවරයාණෙනි, පැමිණෙන්න! පැමිණ අපට එන්නතක් ලබා දෙන්න! ඔබට දැන් එන්නතක් දෙනු ලබනවා. පරමාත්ම පියා පවසන්නේ යෝගාවේ සිටින්න, එවිට ඔබගේ පාපයන් පිළිස්සි යයි. පරම පියා, උපත් 63 ක දුක ඉවත් කරන්නා මෙන්ම උපත් 21 කට සතුට පිරිනමන්නාය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධියේ ආධ්‍යාත්මික නූල, ඒකායන පියාට බැඳ තබන්න. එක් අයගේ ශ්‍රීමත් පිළිපදින්න.

2. අප බොහෝ මිහිරි ගසේ, අංකුරය පැළ කරමින් සිටිනවා. එබැවින් අපි අපව බොහෝ මිහිරි කළ යුතු වනවා. ස්මරණ වන්දනා ගමනේ නියැලී, ඔබගේ පාපයන් දුරු කරගන්න.

වරදානය:
ඔබ ඔබගේ සියලු සම්පත් ලෝක යහපත වෙනුවෙන් භාවිත කර, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ඔබ වැඩි කාලයක් ඔබගේ සීමිත ගෘහය සහ ඔබගේ සීමිත ස්වභාවය සහ සංස්කාර වෙනුවෙන් වැය කරයි. කෙසේවෙතත්, ඔබ තමන්ගේම ගෘහය ඉක්මවා සිට, ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සබඳතා අතර සමබරතාවයක් තබා ගත යුතුයි, එවිට මේ සියලු සම්පත් වල අරපිරිමැස්ම තුළින් අඩු වියදමකින් ඔබට වැඩි ශෝභාවක් තිබෙයි. දැන්, ඔබගේ කාලයේ සම්පත, ඔබගේ ශක්තියේ සම්පත සහ ඔබගේ භෞතික සම්පත් භාවිත කිරීමේදි අඩු වියදමකින් වැඩි ශෝභාවක් ඇති අයෙක් වන්න. ඒවා තමන් වෙනුවෙන් භාවිත කරනවා වෙනුවට, ඒවා ලෝක යහපත වෙනුවෙන් භාවිත කරන්න, එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වෙයි.

පාඨය:
ඒකායන කෙනාගේ සෙනෙහසේ නිරන්තරයෙන් ගිලී සිටින්න, එවිට ඔබ බාධක වලින් නිදහස් වෙයි.