16.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුමේ දෙපාර්තමේන්තුව හා යෝගාවේ දෙපාර්තමේන්තුව එකිනෙකට වෙනස්ය. යෝගාවේ ඉඳීමෙන් ජීවාත්ම වන ඔබලා සතෝප්‍රධාන් වේ.

ප්‍රශ්නය:
ඔබගේ ස්මරණය ස්ථාවර වන්නේ කුමන පදනමක් මතද?

පිළිතුර:
තමා සතු සියල්ල අමතක කර දැමීම මත. ඔබගේ ශරීරයවත් ඔබ සිහි නොකළ යුතුයි. තමා සතු සියල්ල බාබාගේ සේවය වෙනුවෙන් යොදවන්න. මෙයට උත්සාහයක් අවශ්‍ය වේ. සියල්ල කැප කිරීමෙන් ඔබගේ ස්මරණය ස්ථාවර වේ. දරුවන් වන ඔබලා සෙනෙහසින් පියාව සිහි කරනවා නම්, ඔබගේ සිහි කිරීම ඔහුගේ සිහි කිරීම ඇද ගනී. ජීවාත්ම වන ඔබලා සදා නිරෝගී අය බවට පත් කරවන හා ඔබගේ ආයු කාලය වැඩි කරවන තරමේ සකාෂ් බලයකුත් බාබා ඔබට දේවි.

ඕම් ශාන්ති.
මෙහි අංග දෙකක් තිබේ. දැනුම හා යෝගා. පියා ළඟ විශාල ධනස්කන්ධයක් ඇත. ඔහු එය ඔබට දෙනවා. වැඩියෙන්ම පියාව සිහිපත් කරනා අයට ලොකුම සකාෂ් බලය ලැබෙනවා. ඒ ඔබගේ සිහිපත් කිරීම තුළින් ඔහුගේ සිහිපත් කිරීමත් සිදු වන බැවිනි. න්‍යාය මෙයයි. ප්‍රධානම දෙය ස්මරණයයි. කෙනෙක් තුළ හොඳ දැනුමක් තිබුණු පළියට ඉහළ ස්මරණයකුත් තිබෙනවා කියා සිතන්න බැහැ. දැනුම නම් වූ දෙපාර්තමේන්තුව වෙනමම තිබෙන එකක් වන අතර යෝගා විෂය ඉතාමත් ඉහළ එකකි. දැනුම යෝගාවට වඩා අඩු දෙයකි. ජීව යෝගාව මඟින් හොඳ ස්මරණයක් තබා ගනිමින් සතෝප්‍රධාන් වෙනවා. ස්මරණය තිබෙනතාක් කල් සතෝප්‍රධාන් වීම සිදු විය නොහැකියි. දරුවන් වන ඔබලා මුළු දවස පුරාම පියාව සිහිපත් කළේ නැති නම් පියාත් ඔබව සිහිපත් කරන්නේ නැහැ. දරුවනි, ඔබලා බාබාව හොඳින් සිහිපත් කරනා විට, ඒ සිහිපත් කිරීම බාබාගේ සිහිපත් කිරීමත් ඇද ගන්නවා. ඔබ බාබාව ඇද ගන්නවා. මෙයත් නාටකයේ තීරණය වී ඇති දෙයක් වන අතර ඉතාමත් හොඳින් අවබෝධ කර ගත යුතුයි. ස්මරණය සඳහා ඉතාමත් හොඳ හුදෙකලා බවක් අවශය්‍යයි. පසු වී පැමිණෙන අයට හොඳ තත්ත්වයක් දිනා ගැනීමට පදනම් වන්නේ ස්මරණයයි. ඔවුන් ඉතාමත් හොඳින් ඒ ස්මරණයේ යෙදී සිටිනවා. ඔවුන්ගේ සිහිපත් කිරීම පියාගේ සිහිපත් කිරීමත් ඇද ගන්නවා. දරුවන් වන ඔබලා ඉතාමත් හොඳින් බාබාව සිහිපත් කරනා විට බාබාත් ඔබව ඉතාමත් හොඳින් සිහිපත් කරනවා. ඔබව ඔහුට ආකර්ෂණය වෙනවා. බාබා මට අනුකම්පා කරන්න. මට මෛත්‍රී කරන්න, කියා කියනා විට ඒකටත් බාබාව සිහිපත් කළ යුතුයි. ඔබගේ ස්මරණය හරියටම හරි නම්, අනිවාර්යයෙන්ම ඒ ආකර්ශනය ඇති වී ඔබට සකාෂ් බලයක් ලැබේවි. තමන් බාබාව සිහිපත් කරනා විට ඒ සිහිපත් කිරීම තමන්ව සම්පූර්ණයෙන්ම පුරවන බව ජීව වන ඔබලා අභ්‍යන්තරයෙන් දන්නවා. දැනුම ඔබගේ ධනයයි. ඔබගේ ස්මරණය බාබාගේ ස්මරණය ඇද ගැනීමට සමත් වෙනවා. මෙමඟින් ඔබ නිරෝගී හා පාරිශුද්ධ අයෙක් බවට පත් වෙනවා. මුළු ලෝකයම පාරිශුද්ධ කළ හැකි තරමේ විශාල බලයක් ඔහුට තිබෙනවා. මෙන්න මේ නිසා තමයි මිනිස්සු අනේ බාබා පැමිණ අපිරිසිඳු අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න කියා කන්නලව් කරන්නේ. මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් ඔහේ නිකම් කන්නලව් කර කර මුදල් නාස්ති කරනවා. ඔවුන් පියා ගැන දන්නේවත් නැහැ. ඉතාමත් තද භක්තියක් කරමින් කාෂි වල ශිව දේවාල වලට තමන්ව බිලි දුන්නත් ඔවුන්ට ඉන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නැවතත් පව් කරන්න පටන් ගන්නවා. මායා ඉක්මණින්ම ඔවුන්ව පටලවා ගන්නවා. ඔවුන් කිසිම දෙයක් ලබන්නේ නැහැ. පියා පාරිශුද්ධකරුයි කියා දැන් ඔබලා දන්නා නිසා ඔබ දැන් තමන්ව ඔහු වෙනුවෙන් කැප කරවිය යුතුයි. ශිව හා ශංකර් එක් අයෙක් කියලයි මිනිස්සු හිතන්නේ. ඒකත් අවිද්‍යාවම පමණයි. මෙහිදී බාබා නැවත නැවතත් කියන්නේ මන්මනභාව්. මා සිහිපත් කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. ඔබට මරණයෙන් ජය ගත හැකි වේවි. මේ සඳහා ඔබ කෙතරම් දුරක උත්සාහයක් දැරුවා වුවත්, ඒ තරමට මායා ඔබගේ මාර්ගයට බාධක දමාවි. මන්ද බාබාව සිහිපත් කරමින් ඉඳිනා ඔබ තමාව අතහැර යනවා කියා ඇය දන්නවා. මේ ඔබ මගේ වී සිටිනා නිසායි. ඔබ සියල්ල අත්හල යුතුයි. ඔබගේ ඥාති හිතමිතුරන් හා ධනය තව දුරටත් සිහි නොකළ යුතුයි. තමාගේ හැරමිටිය පවා අමතක කළ යුතුයි කියා කතාවකුත් තිබෙනවා. අනිත් අය ඔබට සියල්ල අත්හරින්න කියා කිව්වා වුණත්, කිසිම කෙනෙක් තම ශරීරය සිහි කරන්න එපා කියා ඔබට කියන්නේ නැහැ. පියා කියනවා ඒ ශරීරය පැරණියි. ඒකත් අමතක කර දැමිය යුතුයි. භක්ති මාර්ගයේ සියල්ල ඔබ අමතක කළ යුතුයි. ඇත්තෙන්ම සියල්ලම අමතක කර දැමිය යුතුයි. තමා සතු සියල්ල සේවය සඳහා යෙදවූ විට පමණයි ඔබගේ ස්මරණය ස්ථාවරව තිබෙන්නේ. උසස් තත්ත්වයක් දිනා ගැනීමට නම්, ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. ඔබගේ ශරීරයවත් සිහි නොකළ යුතුයි. ඔබ අශාරීරිකව පැමිණි අතර ආපසු යන්නේත් අශාරීරිකවයි. පියා දරුවන් වන ඔබට උගන්වනවා. ඔහුට කිසිම ආශාවක් නැහැ. ඔහු කරන්නේ සේවය කිරීම පමණයි. මෙම දැනුම තිබෙන්නේ පියා ළඟ පමණයි. මෙය පියාගේත් දරුවන්ගේත් නාටකයයි. දරුවන් වන ඔබලා පියාව සිහි කරනා අතර එවිට පියා ඔබට ආලෝකයක් ලබා දෙනවා. දරුවන් වැඩි වැඩියෙන් පියාව අදිනා විට පියාත් පැමිණ ඔවුන්ට ආලෝකය දෙනවා. ඇති වෙන්න බාබාව ඇද ගන්න දරුවන්ට බැරි නම්, මේ බාබා පියාව සිහිපත් කරන්න පටන් ගන්නවා. ඕනෑම වෙලාවක කවුරු හෝ කෙනෙකුට සකාෂ් බලයක් අවශ්‍ය නම් බාබාගේ නින්ද ඉන් කැඩෙනවා. ඒ පුද්ගලයාට එම සකාෂ් බලය ලැබිය යුතුයි කියා ඔහු සැලකිලිමත් වී බලනවා. දැනුම හැදෑරීමෙන් ඔබගේ කාලය වැඩි වෙන්නේ නැහැ. ආයු කාලය වැඩි වෙමින් ඔබ සදා නිරෝගී කෙනෙක් වන්නේ සකාෂ් බලය ලැබීමෙනි. අවුරුදු 125ක් 150ක් දක්වා ජීවත් වන අයත් ලෝකයේ සිටිනවා. ඔවුන් අනිවාර්යයෙන්ම නිරෝගී අය විය යුතුයි. ඔවුන් දැඩි භක්තියකුත් කර ඇති අය විය යුතුයි. භක්තියේ යහපතක් තිබෙනවා කිසිම හානියක් නැහැ. කිසිම භක්තියක් නොකරන අයගේ හැසිරීම හොඳ නැහැ. භක්තියේදී දෙවියන් ගැන ශ්‍රද්ධාවක් තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරික කටයුතු වල දී පවා බොරු කීම, පව් කිරීම හෝ කේන්ති ගැනීම වගේ දේවල් ඔවුන් කරන්නේ නැහැ. භක්තිවන්තයිනුත් ප්‍රශංසාවට ලක් වෙනවා. භක්ති මාර්ගය ආරම්භ වුණේ කවදාද කියා මිනිස්සු දන්නේ නැහැ. භක්ති මාර්ගයත් බලවත් වේගෙන ආවා වුණත් මෙම දැනුමේ බලපෑම වැඩි වන විට භක්තිය සම්පූර්ණයෙන්ම අතහැරී යාවි. මෙම නාටකය සතුට හා දුක ගැනයි. භක්තිය හා ඥානය ගැනයි. දෙවියන් සතුටත් දුකත් දෙකම දෙනවා කියලත් ඔහු සර්ව ව්‍යාප්තියි කියලත් මිනිස්සු කියනවා. සතුට හා දුක එකිනෙකට වෙනස් දෙකක්. නාටකය ගැන දන්නේ නැති නිසා, ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒ ජීව සෑම කෙනෙක්ම තම ශරීර අතහැර ගොස් වෙනත් එකක් ගන්නවා. මේ ගැන දන්නේ ඔබ පමණයි. සත් යුගයේ දී ඔබ ජීව අවධානයෙන් සිටියා කියා කියලා නැහැ. ජීව අවධානයට පත් වීම ගැන පියා ඔබට උගන්වන්නේ දැනුයි. ඔහු කියනවා තමා ජීවයක් බව සලකා පියාව සිහිපත් කරන්න. ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. එය සතුටේ පාරිශුද්ධ දේශයයි. සතුටින් සිටිනා කාලයේ දී කිසිම කෙනෙක් ඔහුව සිහිපත් කරන්නේ නැහැ. දුකක් විඳින්න සිදු වන විට පමණයි ඔවුන් දේවියන්ව සිහිපත් කරන්නේ. නාටකය කෙතරම් පුදුමාකාර ද කියා බලන්න. ඔබට පමණයි එය වැටහෙන්නේ. දේශනයක් දීමට අවශ්‍ය වූ විටෙක යෙදීම සඳහා ඔබ කරුණු හොඳින් ලියා ගන්නවා. වෛද්‍යවරුන් හා නීතීඥයන් පවා කරුණු ලියා ගන්නවා. ඔබට දැන් පියාගේ උපදෙස් ලැබෙනවා. දේශනයක් දීමට පෙරත් ඔබ මේවා අළුත් කර ගත යුතුයි. බාබා මොහුට ඇතුළු වෙලා. පියා ඔබට පැහැදිලි කර කියා දෙන විට මොහුත් අහගෙන ඉන්නවා. ඔහු ඔබට කරුණු කිව්වේ නැති නම් ඔබට පැහැදිලි කර කියා දෙන්න මම ඒවා දැන ගන්නේ කෙසේද? පියා කියනවා මෙය ඔබගේ උපත් ගණනාවක අවසාන උපතයි. බ්‍රහ්මා හා විෂ්ණු පින්තූරයකුත් තිබෙනවා. ඔබ ඔබගේ අධිරාජ්‍යය වෙත යන්නේ පිළිවෙලකටයි. ඔබ තත්ත්වයක් දිනා ගන්නේ කොපමණ දුරක ස්මරණයක් හා කොපමණ තරමකට දැනුම උකහා ගත්තා ද කියන එක මතයි. පිය කියනවා මම ඉතාමත් සියුම් හා ගැඹුරු කරුණු පැහැදිලි කර දෙනවා. ඒ අළුත් කරුණු ඔබ සටහන් කර ගත යුතුයි. පැරණි කරුණු එතරම් ප්‍රයෝජනවත් වෙන එකක් නැහැ. දේශනයක් දීමෙන් අනතුරුව, ඇතැම් කරුණු පැහැදිලි කර කියා දුන්නා නම් ඒක හොඳින් ඔවුන්ගේ බුද්ධියේ ධාරණය වේවි කියා ඔබට මතක් වෙනවා. ඔබලා දැනුම කතා කරන්නන්. නමුත් අංක පිළිවෙලට. හොඳම අය මහාරාතීන්ලායි. බාබා වෙනස්. බාප් දාදා සිටින්නේ එකටමයි. හොඳම පැහැදිලි කිරීමක් කළේ මමායි. දරුවන්ට පරිපූර්ණ මමාගේ දර්ශන ලැබුණා. අවශ්‍ය වෙලාවක බාබත් පැමිණ තමාගේ කාර්යය ඉටු කර ගන්නවා. මේ සෑම දෙයක්ම හොඳින් තේරුම් ගත යුතුයි. ඔබ කාලය ඇති විටෙක පාඩම් කරනවා. දවස පුරා ව්‍යාපාරික කටයුතු ආදියත් ඔබ කළ යුතුයි. දැනුමේ සාගරය කැළඹිමටත් ඔබට වෙලාව අවශ්‍යයි. නිහඬතාවය අවශ්‍යයි. හොඳ සේවයක් කරනා කෙනෙකුට සකාෂ් බලයක් දෙන්න අවශ්‍ය නම්, ඒ උදව්ව ලබා දීම සඳහා ඒ ජීවය සිහිපත් කළ යුතුයි. පළමුව මුහුණ මතක් කර ඊළඟට ජිවය සිහිපත් කළ හැකියි. එවන් ක්‍රම විධි සොයා ගත යුතුයි. සේවාකාරක දරුවන් යම් යම් අපහසුතාවන් විඳිනවා නම් ඔවුන්ට උදව් කළ යුතුයි. තමා ජීවයක් වශයෙන් සලකා බාබාව සිහි කර පසුව ඒ ජීවයත් ටිකක් සිහි කරන්න. මෙය ඔවුන්ට ආලෝකයක් දීම වගෙයි. එක් විශේෂ තැනක අසුන් ගෙනම මේ සිහි කිරීම කරන්න ඕනේ කියා නැහැ. ඇවිදින කරන ගමනුත් කෑම කන ගමනුත් බාබාව සිහිකරන්න. අනිත් අයට සකාෂ් බලයක් දෙන්න අවශ්‍ය නම්, ඔබ මුළු රාත්‍රිය පුරාම අවදි වී සිටිය යුතුයි. දරුවනි, ඔබ පියාව සිහිපත් කළ තරමට දැඩි තල්ලුවක් ඇති වී බාබා ඔබට ආලෝකයක් දෙන බව කියා දී තිබෙනවා. බාබාගේ රාජකාරිය දරුවන්ට ආලෝකය ලබා දීමයි. දැඩි ආලෝකයක් දිය යුතු සෑම අවස්ථාවකදීම මේ බාබා ඉතාමත් ඉහළින් පියාව සිහිපත් කරනවා. එවිට පියාත් ඒ ආලෝකය ලබා දෙනවා. ජීවයක් සිහිපත් කර ආලෝකය ලබා දිය යුතුයි. මේ බාබාත් ආලෝකය ලබා දෙනවා. කරුණාව කියා හෝ ආශිර්වාද කියා හෝ ඕනෑම දෙයක් ලෙස එය හැඳින්විය හැකියි. සේවාකාරක දරුවෙක් අසනීප වුණොත් ඒ ජීවයට ශක්තිය අවශ්‍ය නිසා, බාබාට අනුකම්පා සිතී මුළු රෑම අවදිව සිට ඒ ජීවය සිහිපත් කරනවා. ජීව බාබාව සිහිකරනවා නම් බාබාත් ඒ ජීවයන්ව සිහි කරනවා. පියා දරුවන්ට හරිම ආදරෙයි. ඒ නිසා ඔහුගේ සිහි කිරීම ඒ අදාළ ජීවය වෙත යනවා. කොහොම නමුත්, දැනුම පහසු දෙයක් නිසා මායාගේ බාධක එයට එල්ල වන්නේ නැහැ. ප්‍රධානම දේ ස්මරණයයි. නමුත් බාධක එල්ල වන්නේ එයටමයි. ස්මරණයෙන් දැනුම හොඳින් උකහා ගත හැකි ආකාරයට ඔබගේ බුද්ධිය රන් බඳුනක් බවට පත් වෙනවා. සිංහ ධේනුවකගේ කිරි දැමිය හැක්කේ රන් බඳුනක පමණක් බව කියැවෙනවා. පියා විසින් දුන් මේ දැනුමේ ධනය බහා ලීමට ඔබට රන් බඳුනක් අවශ්‍ය වෙනවා. මෙය සිදු වන්නේ ඔබ ස්මරණ වන්දනාවේ නිරත වුණු විට පමණයි. බාබාව සිහි කළේ නැති නම් දැනුම උකහා ගත නොහැකියි. පියා ඇතුළත රහස් දන්නා කෙනෙක් කියා සිතන්න එපා. අනාගතයේ සිදු වීමට යන දේ කලින් කීම වැනි දේවල් භක්ති මාර්ගයේ දී සිදු වන දේවල්ය. දරුවෙක් ලැබුණොත් ඒ ගුරුගේ ආශිර්වාද නිසා කියා කියනවා. ඒක ඒ ආකාරයෙන් සිදු වුණේ නැතිනම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. දිවා රෑ වෙනසක් තිබෙනවා. පියා ඉතාමත් පැහැදිලිව නාටකයේ රහස් දරුවන්ට පැහැදිලි කර කියා දී තිබෙනවා. මේ දේවල් ඔබ මීට පෙර දැනගෙන සිටියේ නැහැ. මෙය ඔබගේ ජීව මරණය වන අතර පුනරුත්පත්තිය වෙනවා. තමන් දැන් දේවතාවරුන් බවට පත් වන බව ඔබලා දන්නවා. ලක්ෂ්මි හා නාරායන් තම තත්ත්වයන් ලබා ගත්තේ කෙසේද නැවතත් ඒවා අහිමි කර ගත්තේ කෙසේද යන තේමාව යටතේ ඔබට කතා කළ හැකියි. එහි සම්පූර්ණ ඉතිහාසය හා භූ ගෝලය අපිට විස්තර කර කියා දිය හැකියි කියා ඔවුන්ට කියන්න. මේ බ්‍රහ්මාත් කියනවා මම ලක්ෂ්මි හා නාරායන්ව වන්දනා කළා ගීතාවත් හැදෑරුවා. බාබා මගේ ශරීරයට ඇතුළු වුණු විට මම සියල්ල අත්හැරියා. මා සිහිපත් කරන්න එවිට සියලු පාප දුරු වී යයි කියා බාබා කියූ දර්ශනයක් මට ලැබුණා. ගීතාව හැදෑරීමට මෙය ගැටළුවක් වුණේ නැහැ. පියා මොහු තුළට ඇවිත් සියල්ල ඔහුගෙන් අත්හැරෙව්වා. දේවාලයකට ගිහින් ශිවාගේ දර්ශන ලැබුවේ නැහැ. භක්ති මාර්ගයේ දේවල් නිකම්ම නැති වී ගියා. නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුමින් බුද්ධිය පිරී තිබුණා. පියා ගැන දැන ගැනීමෙන් ඔබ සියලු දේ දැන ගන්නවා. මෙවන් වූ පුදුමාකාර තේමාවන් ගැන ඔබ ලිපි ලිවිය යුතුයි, එවිට සෑම කෙනෙක්ම ඔබට ඇහුම් කන් දීමට දුවගෙන ඒවි. ඕනෑම දේවාලයකට ගිහින් අහන්න ලක්ෂ්මි හා නාරායන් ලෝක පාලකයින් වශයෙන් සිටි කල වෙනත් කිසිම ධර්මයක් තිබුණාද? ඒ කාලයේ එකම එක භාරතයක් පමණි. ඉතින් ස්වර්ණමය යුගය වසර සිය දහස් ගණනක් තිබුණා කියා ඔබ කියන්නේ කෙසේද? ක්‍රිස්තුන් වහන්සේට වසර 3000කට පෙර පාරාදීසයක් තිබුණා කියා කියනා එකේ, වසර සිය දහසක් ගැන කිව හැක්කේ කෙසේද? වසර සිය දහසකට පසු එහි ජනගහනය මදුරු රැලක් සේ අසංඛ්‍ය ගණනාවක් වේවි. ඔවුන්ට මේ විදියට ටිකක් කියා දෙන්න, ඔවුනුත් පුදුමයට පත් වේවි. කොහොම නමුත්, මෙම දැනුම රඳා පවතින්නේ මෙම වංශයට අයිති අයගේ බුද්ධිය තුළ පමණි. නැතිනම්, බ්‍රහ්ම කුමාරීන්ගේ දැනුම හරිම හොඳයි කියා කියාවි. තේරුම් ගැනීම සඳහා ඔබට බුද්ධියක් අවශ්‍යයි. ප්‍රධානම දේ ස්මරණයයි. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් එකිනෙකාව මතක් කර ගන්නවා. ජීව උත්තරීතර ජීවයව සිහිපත් කරනවා. මේ කාලයේදී, සෑම කෙනෙක්ම රෝගී වී සිටිනා අතර ඔවුන්ව එම රෝගයෙන් නිදහස් කර ගත යුතුයි. මේ තේමාව ගන්න. ඔවුන්ට කියන්න ඔබ නිතර නිතර අසනීප වෙන්න පටන් ගත්තොත්, ආයි කවදාවත් අසනීප නොවන ආකාරයේ ජීවිත දානය දෙන බෙහෙතක් ඔබට දෙන්න අපිට පුළුවන් කියා කියන්න. කොහොම නමුත්, එය ඒ ආකාරයෙන් සිදු වන්නේ අපි ඔබට දෙන බෙහෙත හරියට ගත්තොත් පමණයි. මෙම බෙහෙත ඉතාමත් මිල අධිකයි. සත් යුගය හා රිදී යුගයේ පටන් පරම්පරා 21කටම එය ඔබව රෝගී වීමෙන් වලක්වනු ඇත. ඒ දිව්‍ය ලෝකයයි. මේ කරුණු සටහන් කරගෙන ඒ ගැන ලිපි ලියන්න. සියලුම ශල්‍ය වෛද්‍යවරුන්ගෙත් වෛද්‍යවරුන් වන්නේ ඔබලායි. සියලුම ශල්‍ය වෛද්‍යවරුන්ගේත් වෛද්‍යවරයා වන මෙම ශ්‍රේෂ්ඨ අවිනාශී වෛද්‍යවරයා දෙන බෙහෙත ඔබව අනාගත උපත් 21කටම ලෙඩ රෝග වලින් නිදහස් කරවනු ඇත. දැන් මේ ඇත්තේ සංගම යුගයයි. එවන් දේ වලට ඇහුම් කන් දීමෙන් මිනිස්සු සතුටට පත් වේවි. දෙවියන් කියනවා අවිනාශී ශල්‍ය වෛද්‍යවරයා මමයි. මිනිස්සු තවමත් ඔහුව සිහිපත් කරනවා අහෝ පාරිශුද්ධකරුවාණනි, අවිනාශී ශල්‍යවෛද්‍යවරයාණනි, පැමිණෙන්න. දැන් මා පැමිණ සිටිනවා. මේ දේවල් කෙනෙක්ටම පැහැදිලි කර කියා දෙන්න. අවසානය වන විට සෑම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මෙය තේරුම් ගනීවි. බාබා දිගටම ඔබට ඥානවන්ත ක්‍රම විධි පෙන්වා දෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන් පිරික්සුම් ආලෝකයක් ලබා ගැනීමට නම් උදේ පාන්දරින් අවදි වී පියාව සිහි කරන්න. මුළු රැය පුරාම අවදිව සිට සෑම කෙනෙක්ටම සකාෂ් බලය ලබා දෙමින් ඔහුගේ උදව්කරුවෙක් බවට පත් වෙන්න.

2. තමා සතු සෑම දෙයක්ම බාබාගේ සේවය සඳහා යොදවමින් යහපත් ලෙස ප්‍රයෝජනයට ගන්න. ඔබගේ පැරණි ශරීරය අමතක කර දමා පියාව සිහිපත් කරන්න. තමාව සම්පූර්ණයෙන්ම කැප කරවා ජීවාත්ම අවධානයට පත් වීමට උත්සාහ දරන්න.

වරදානය:
ඔබ ස්වයං අවබෝධ චක්‍රය (ස්වදර්ශනචක්‍රධාරී) තුළින් මායාගේ සියලු භ්‍රමණයන් නිමා කොට මායා ජයගත්තෙක් බවට පත් වේවා.

තමාව දැන ගැනීම යනු තමා පිළිබඳ දර්ශනයක් ඇති කර ගැනීම වන අතර චක්‍රය පිළිබඳ දැනුම දැන ගැනීම යනු ස්වදර්ශනචක්‍රධාරී වීමයි. ඔබ ස්වදර්ශනචක්‍රධාරී වූ විට, මායා භ්‍රමණය ඉබේම අවසන් වනු ඇත. ශරීර අවධානයේ භ්‍රමණය, සබඳතාවන්ගේ භ්‍රමණය, ගැටළු වල භ්‍රමණය යනු මායා ගේ නොයෙක් භ්‍රමණයන්ය. උපත් 63ක් පුරාවටම ඔබ එම භ්‍රමණයන්ගේ උගුලට හසු වී ඇත. දැන්, ස්වදර්ශනචක්‍රධාරී වීමෙන්, ඔබට මායා ජයගත්තෙකු විය හැකිය. ස්වදර්ශනචක්‍රධාරී වීම යනු දැනුමේ සහ යෝගාවේ පියාපත් සමඟ පියාසර කිරීමේ අවධියට යාමයි.

පාඨය:
අශාරීරික අවධියේ රැඳී සිටීමෙන් ඔබට ඕනෑම අහිතකර තත්ත්වයන් පහසුවෙන් ජය ගත හැකිය.