16.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ කිසිම මනුෂ්‍යයෙකුගේ නමට හෝ ස්වරූපයට ගොදුරු නොවිය යුතුයි. අශාරීරිකත්වයට පත්ව පියා සිහිපත් කරන්න. එවිට ඔබගේ ආයු කාලය දීර්ඝ වන අතර ඔබ නොකඩවාම සියලු රෝගාබාධයන්ගෙන් මිදී සිටිනු ඇත.

ප්‍රශ්නය:
සිහි බුද්ධියෙන් යුතු දරුවන්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවාද?

පිළිතුර:
1. සිහි බුද්ධියෙන් යුතු වූ දරුවන් පළමුවෙන්ම ඥානය ධාරණය කරගන්නා අතර පසුව අන් අයවත් එසේ ධාරණය කර ගැනීමට පොළඹවනු ඇත. වළාකුළු පළමුවෙන්ම තමා තුළ පුරවාගෙන පසුව අන් අය මත වස්සවනු ඇත. ඉගෙන ගන්නා අතර ඔවුන් ඈණුම් අරින්නේ නැහැ. ගුරුවරුන්ට මෙහිදී තිබෙන වගකීම වන්නේ තමා නැවුම් බවට පත් වී එය අන් අය මතත් වස්සවන අය පමණක් මෙහි ගෙන ඒමයි. 2. ඉතා හොඳින් යෝගාහී යෙදෙමින් බලවත් වාතාවරණයක් ඇතිකරලීමෙහි සහාය වන අයට පමණයි මෙහි පැමිණිය හැක්කේ. ඔවුන් බාධා ඇති නොකළ යුතුයි. මේ වටාම සම්පූර්ණ සාමයෙන් පිරි වාතාවරණයක් ඇතිවිය යුතුයි. මෙහි කිසිම බාධාකාරී ශබ්දයක් ඇති නොවිය යුතුයි.

ගීතය:
ශිවාට ආචාර...

ඕම් ශාන්ති.
ඕම් ශාන්ති යන්නෙහි අර්ථය ඔබට විස්තර කර දී තිබෙනවා. පියා කියනවා ජීවය හා උත්තරීතර ජීවය සාමයේ ප්‍රතිමූර්තීන්. පියා වගේම තමයි, දරුවනුත්. එමනිසා, පියා දරුවන් වන ඔබට විස්තර කරනවා කොහොමනමුත්, ඔබ සාමයේ ප්‍රතිමූර්තීන්. පිටස්තර කිසිම ස්ථානයකින් ඔබට සාමය ලබාගත නොහැකියි. මෙය රාවණ්ගේ රාජ්‍යයයි. මේ කාලයේ ඔබගේ පියා පමණක්ම සිහිපත් කරන්න. මේ කාලයේ මා මොහු තුළ වාසය කරනවා. මා ඔබට දෙන උපදෙස් අනුගමනය කරන්න. බාබා ඔබව කිසිම කෙනෙකුගේ නමට හෝ ස්වරූපයකට ගොදුරු කරන්නේ නැහැ. නම හා ස්වරූපය යනු පිටස්තර වූවකි. ඒවාට ගොදුරු වන්න එපා. මුළු ලෝකයම ඔබව නමට හා ස්වරූපයට ගොදුරු කර ගන්නවා. බාබා කියනවා අනෙක් අයගේ නම් හෝ ස්වරූප සිහි කරන්න එපා. ඔබගේ පියා සිහිපත් කරන්න. ස්මරණය මඟින් ඔබගේ ආයු කාලය දීර්ඝ වන අතර ඔබ සියලු රෝගාබාධ වලින් ද නිදහස් වනු ඇත. ලක්ෂ්මි හා නාරායන සිටියේත් ඔබ වගේමයි. ඔවුන්ව ඉතා ලස්සනට සරසා තිබෙන එක තමයි වෙනස. ඔවුන් සිවිලිම තෙක් උසයි කියා දෙයක් නැහැ. මනුෂ්‍යයින් යනු මනුෂ්‍යයින්ය. පියා කියනවා කිසිම මනුෂ්‍ය ශරීරයක් සිහි කරන්න එපා. ශරීරය අමතක කර දමන්න. තමා ජීවයක් ලෙස සළකන්න. ඔබ එම ශරීර ඉවත්කර දැමිය යුතුයි. අනෙක තමයි නොසැළකිලිමත් වන්න එපා! ඔබගේ හිස මත විශාල පාප බරක් තිබෙනවා. එය ඉතාමත් බර කරදරයක්. පියාගේ ස්මරණයෙන් තොරව එම බර අඩු කළ නොහැකියි. පාරිශුද්ධත්වයේ හිණිපෙත්තටම යන අය වැඩිපුරම අපිරිසිඳුභාවයට පත්වන්නන් බවත් බාබා විස්තර කර දී තිබෙනවා. මේ ගැන ඔබ පුදුම විය නොයුතුයි. ඔබ දෙසම බලන්න. බොහෝසෙයින් පියා සිහිපත් කරන්න. හැකි උපරිම අයුරින් පියා සිහිපත් කරන්න. එය ඉතාමත් පහසුයි! ඉඳගෙන සිටිනා විටත් හිටගෙන සිටිනා විටත් (සෑම විටම), එවන් වූ ආදරණීය පියාව සිහිපත් කරන්න. අහෝ පාරිශුද්ධකරුවාණෙනි එන්න! කියා ඔබ කතා කළ ඒකායන කෙනා ඔහුයි. කොහොමනමුත්, කා ළඟවත් ඔහු වෙනුවෙන් එම සත්‍ය, ගැඹුරු සෙනෙහස නැත. ඔවුන්ගේ සෙනෙහස යන්නේ තම ස්වාමිපුරුෂයන් හා දරුවන් ආදීන් වෙතටයි. ඔවුන් නිකම්ම එම ගීතය ගායනා කරනවා අහෝ පාරිශුද්ධකරුවාණෙනි, එන්න! පියා කියනවා දරුවනි, මා සෑම චක්‍රයකදීම සංගම් යුගයේදී එනවා. රුද්‍රාගේ ඥාන යාගය මෙහිදී සිහිපත් වනවා. ක්‍රිෂ්ණා ස්වර්ණමය යුගයේ කුමරෙකි. එම නමින්, එම ස්වරූපයෙන්, එම භූමිය හා කාලයේදී හැරෙන්නට ඔහුට නැවතත් මෙහි පැමිණිය නොහැකියි. කල්පයකින් පසු නේරු නැවතත් එම ස්වරූපයෙන්ම හා එම තත්ත්වයෙන්ම පැමිණෙන්නා සේම, ශ්‍රී ක්‍රිෂ්ණාත් සත් යුගයේදී නැවතත් පැමිණෙනවා. ඔහුගේ ලක්ෂණ කිසිවක් වෙනස්විය නොහැකියි. මෙම යාගයෙහි නම වන්නේ රුද්‍රාගේ ඥාන යාගය යන්නයි. එය ස්ව අධිකාරීත්වය ලබා ගැනීම සඳහා කෙරෙන අශ්ව මේද යාගයයි. රාජ්‍යයක් වෙනුවෙන් තමාව බිලි දීම යනු ඔහුට අයිති වීමයි. ඔබ දැන් අයිති පියාටයි. එමනිසා, ඒ ඒකායන තැනැත්තා පමණක් සිහිපත් කරන්න. සීමිතත්ත්වයෙන් බිඳී අසීමිතත්ත්වය සමග සම්බන්ධ වන්න. පරම පියා ඉතා ශ්‍රේෂ්ඨයි. පියා පැමිණි කල ඔහු ඔබට දෙන්නේ මොනවාද යන්න ගැන ඔබ දන්නවා. ඒ අසීමිත පියා ඔබට, වෙන කිසිම කෙනෙක්ට ඔබට දිය නොහැකි වූ අසීමිත වූ උරුමය ලබා දෙනවා. සෑම මනුෂ්‍යයෙක්ම නොකඩවාම එකිනෙකා මරා දමනවා, එකිනෙකා සපා කනවා. මුලදී මෙවැනි දේ සිදුවූයේ නැහැ. බාබා නැවතත් පැමිණ සිටිනා බව ඔබ දන්නවා. ඔහු කියනවා සෑම චක්‍රයකදීම අවසානයේදී, නව ලෝකය ස්ථාපනය වීමට තිබෙනා කල, එනම් සංගම යුගයේදී, මා මෙහි එනවා. මිනිස්සු නව ලෝකයක්, රාමාගේ නව රාජ්‍යයක් ඉල්ලා සිටිනවා. එහි තිබෙන්නේ සතුට හා සෞභාග්‍යයයි එහි සෑම දේම තිබෙනවා. එහි එකනෙකා අතර දබර කර ගන්නා කිසිම කෙනෙක් නැහැ. ආගමික ග්‍රන්ථවල ඔවුන් සත්යුග හා රිදී යුග පවා අපාය බවට පත්කර තිබෙනවා. එය වැරැද්දකි. ඒ මිනිස්සු ඔබට බොරු කියනා නමුත්, පියා ඔබට පවසන්නේ සත්‍යයයි. පියා කියනවා ඔබ මා හඳුන්වන්නේ සත්‍යය ලෙසයි. මා පැමිණ ඔබට සත්‍ය වූ කතන්දරය කියා දෙනවා. මීට අවුරුදු 5000කට පෙර තිබුණේ කාගේ රාජ්‍යයද? අවුරුදු 5000කට පෙර තිබුණේ ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය බව දරුවන් නිවැරදිවම දන්නවා. ක්‍රිස්තුන් වහන්සේ පැමිණීමට අවුරුදු 3000කට ප්‍රථම භාරතය පාරාදීසයක් වූ බව ඔවුන් කියනවා. එය නිවැරදි සංගණනයක්. චක්‍රයේ කාල පරිච්ඡේදය මෙතරම් දීර්ඝ ඇයි කියා ඔවුන් අහනවා. ඕහ්! නමුත්, එය ගණනය කර බලන්න! ක්‍රිස්තුන් වහන්සේ පැමිණ අවුරුදු මෙතරම් ප්‍රමාණයක් වනවා. මෙහිදි, යුග හතරක් පමණයි තිබෙන්නේ. කල්ප බාගයක් පුරා දහවල වන අතර, කල්ප බාගයක් පුරා තිබෙන්නේ රාත්‍රියයි. හොඳින් විස්තර කළ හැකි අය මෙහිදී අවශ්‍ය වනවා. පියා විස්තර කරනවා දරුවනි, රාගය ඔබගේ ලොකුම සතුරායි. භාරතයේ මිනිස්සු දේවතාවන්ගේ ප්‍රශංසනීයත්වය ගැන ගායනා කරනවා ඔබ සියලු ගුණාංගයන්ගෙන් සපිරි, කලා 16න්ම පිරිපුණ් අයයි. ඔවුන් මෙම ප්‍රශංසනීයත්වය ගැන ගායනා කරනවා. එසේනම්, 16,108ක් වූ රැජිණියන් පැමිණෙන්නේ කොහි සිටද? එහි වෙන කිසිම ආගමික ග්‍රන්ථයක් ඇත්තේ නැහැ. ආගමික ග්‍රන්ථයක් යනු ආගමික නායකයෙක් විසින් කියැවුණකි. කොහොමනමුත්, ආගමික ග්‍රන්ථ නිර්මාණය වී තිබෙන්නේ ආගමික නායකයින්ගේ නමිනි. දරුවන් දැන් නව ලෝකය වෙත යනවා. මෙහි තිබෙනා සෑම දෙයක්ම පරණයි, තමෝප්‍රධාන්. මේ නිසා තමයි පියා කියන්නේ පරණ දේවල් වලින් ඔබගේ බුද්ධිය ඉවත් කර, නිරන්තරයෙන්ම මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප සියල්ල නැති වී යනු ඇත. ඔබ වැරදි කරනා විට, බාබා විස්තර කරනවා එය ඔබගේ වාසනාවයි. එය ඉතාමත් පහසු දෙයක්. ඔබට මෙය තේරුම් ගන්න බැරිද? අනෙක් සෑම තැනකින්ම ඔබගේ බැඳීම් නම් වූ රැහැන් ඉවත් කර ඒ එකම එක පියා පමණක් සිහිපත් කරන්න. ඔබ උපත් 21ක් යනතුරු කිසිම දුකක් අත්දකින්නේ නැහැ. ඔබගේ කොන්ද වකුටු වන්නේත් නැහැ. එහිදී ඔබ, තම ආයු කාලය දැන් අවසන් වන බව දැනගන්නා අතර ඔබ තම ශරීරය අත්හැර දමා තවත් ශරීරයක් ලබාගනු ඇත. සර්පයාගේ උදාහරණය මෙන් සතුන්ගේ උදාහරණ බොහොමයක් මීට තිබෙනවා. ස්ථිර ලෙසම ඔවුනුත් මෙය දන්නවා විය යුතුයි. අද නම් මිනිසුන්ට වඩා සතුන්ට ඥානය තිබෙනවා. මී මැස්සාගේ උදාහරණය තිබෙන්නේත් මේ කාලයට අදාලවයි. උන් කුහුඹුවන් එළියට ගන්නා අයුරු බලන්න. දැන් ඔබගේ සතුටින් පිරි දවස් ඒමට ආසන්නයි. තමා පාරිශුද්ධත්වය රකිනා නිසා තමාට බැට කෑමට සිදුවන බව දූවරුන් කියනවා. ඔව්, දරුවනි, ඔබ යමක් ඉවසා සිටිය යුතු වනවා. අහිංසකයින් බැට කනවා යන කියමන මෙහිදි සිහිපත් වනවා. හිංසා කිරීමට තැත් කිරීමේදී පමණයි පාප කලය පිරී යන්නේ. රුද්‍රාගේ ඥාන යාගයට නොයෙකුත් ආකාරයේ බාධක පැමිණෙනවා. අහිංසකයින් මෙලෙස පහර කනවා. ආගමික ග්‍රන්ථවලත් මෙය සිහිපත් කර තිබෙනවා. මේ කිසිම උදාහරණයක් බොරු නොවේ. දූවරුන් කියනවා බාබා, මීට අවුරුදු 5000කට ප්‍රථමත් අප ඔබව මුණ ගැසුණා. අප අපගේ දිව්‍ය ලෝකයේ උරුමය ලැබගෙන අධිරාජිණියන් බවට පත්වූවා. බාබා කියනවා ඔව් දරුවනි, ඔබ එවන් වූ උත්සාහයක් දැරිය යුතුයි. ඔබ සිහිපත් කළ යුත්තේ මොහු නොව, ශිව බාබායි. මොහු ගුරු කෙනෙක් නොවේ. මොහුගේ දෙකන් ද ඔහුට (බාබාට) සවන් දෙනවා. ඔහු ඔබගේ පියා, ගුරුවරයා හා සත්ගුරූයි. ඔබ මොහු මාර්ගයෙන් ඉගෙන, පසුව අන් අයට උගන්වනවා. සැමගේම පියා ඔහුයි. අපට උගන්වන්නා වන්නේ ඔහුයි. මේ නිසා තමයි ඔබ ඒ අසීමිත වූ පියා සිහිපත් කළ යුත්තේ. බ්‍රහ්මාවත්, විශ්ණුවත් කිසිම කෙනෙක් සියලු සැමියන්ගේ සැමියා ලෙස හැඳින්විය නොහැකියි. ශිව බාබා පමණයි සියලු සැමියන්ගේ සැමියා ලෙස හැඳින්විය හැක්කේ. ඉතින් ඇයි ඔබ ඔහුගේ එල්ලෙන්නේ නැත්තේ? පළමුවෙන්ම ඔබ සියලුම දෙනා ඒ අශාරීරික ලෝකයේ ඔබගේ දෙමාපියන්ගේ ගෙදර යන අතර, පසුව තම නැන්දම්මාගේ නිවසට යනවා. පළමුවෙන්ම ඔබ ශිව බාබාට ආචාර දැක්විය යුතු අතර පසුව ස්වර්ණමය යුගයට යනවා. එය සතයක්වත් නොවටිනා වූ ඉතා පහසු වැඩක්. බාබා සෑම තැනකම සිටිනා දරුවන් දෙස බලමින් ඔවුන් නිදි කිරනවාද කියා බලනවා. ඔබ කිරුවහොත්, ඈණුම් ඇරියහොත් හෝ ඔබගේ බුද්ධියේ සම්බන්ධය වෙනත් තැනකට යොමු වුවහොත්, එසේ සම්බන්ධය වෙනස්වීම හේතුවෙන් ඔබ සම්පූර්ණ වාතාවරණයම නරක් කරනවා. මේ නිසා තමයි බාබා සෑම විටම කියන්නේ පළමුවෙන්ම තමාව නැවුම් බවට පත් කරගෙන පසුව අන් අය මතත් එය වස්සවනා ආකාරයේ වළාකුළු මෙහි ගෙන එන්න. ඔවුන් ඇවිත් වෙන මොනවා කරන්නද? අනෙක් අයව මෙහි ගෙන එන අය මත තමයි මේ වගකීම තිබෙන්නේ. පළමුවෙන් තමාව පුරවාගෙන පසුව අන් අය මතත් එය වස්සවනා බ්‍රහමිණ් ගුරුවරුන් කවුද? එවැනි අය පමණක් මෙහි ගෙන එන්න. අනෙක් අයව මෙහි ගෙන ඒමෙහි ප්‍රයෝජනය කුමක්ද? ඔබ බාබාට සවන් දිය යුතුයි. ඔහු කියනා දෙය ධාරණය කරගෙන පසුව අන් අයවත් එය ධාරණය කර ගැනීමට පොළඹවන්න. ඔබ උත්සාහ දැරිය යුතු වනවා. ඔබ මෙම භණ්ඩාරී එකෙන් ආහාර ගන්නා අතර, ඔබගේ සියලු දුක් පහවී යනවා ඇත. ඉතා හොඳින් යෝගා කරන අය පමණයි මෙහි පැමිණිය යුත්තේ. එසේ නැතිනම්, ඔවුන් වාතාවරණයත් නරක් කරනවා. දැන් මේ කාලයේ ඔබ මීටත් වඩා සැළකිලිමත් විය යුතුයි. මෙහි පින්තූර ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. හැකි උපරිම අයුරින් පියාගේ ස්මරණයෙහි යෙදී යෝගා දානයෙහි යෙදෙන්න. සෑම තැනකම දැඩි සාමයක් පැතිරිය යුතුයි. ආරෝග්‍ය ශාලාවක් සෑම විටම පිහිටුවන්නේ ශබ්ද අඩු ස්ථානයක හුදෙකලාවයි. මන්ද, රෝගීන්ට එම නිහඬතාවය අවශ්‍ය නිසයි. ඔබට එම නිහඬතාවයේ යෙදීමට උපදෙස් දෙනවා. පියා සිහිපත් කිරීම නියම සාමයයි. අනෙක් සියල්ලක්ම කෘත්‍රිමයි. ඔවුන් කියනවා මිනිත්තු දෙකක් ගැඹුරු නිහඬත්වයක් පවත්වන්න. නමුත් ඒ මිනිත්තු දෙකේදී ඔවුන්ගේ බුද්ධිය කොහේ යනවාද කියා ඔබ දන්නේ නැහැ. එකම කෙනෙක්වත් නියම සාමයේ නැහැ. ඔබ නොබැඳි අය බවට පත්වනවා. මම ජීවයක්මි මෙය ඔබගේ මුල්ම ස්වභාවයෙහි ස්ථාවර වීමයි. කොහොමනමුත්, නිහඬත්වයේ යෙදීමට ඔබගේ බෙල්ල සිරකර ගැනීම නියම සාමය නොවේ. අශරීරික වෙමින් විනාඩි තුනක නිශ්ශබ්දතාවක් පවත්වන්න! වෙන කිසිම කෙනෙක්ට මෙසේ කීමෙහි බලයක් නැහැ. මේ තමයි පියාගේ උසස් වූ කියමන් ආදරණීය දරුවනි, මා සිහිපත් කරන්න. එවිට ඔබගේ උපත් ගණනාවක පාප බිඳී යනු ඇත. එසේ නැතිනම් ඔබගේ තත්ත්වය විනාශ වී යන අතර ඔබට දඬුවම් ලැබීමටත් සිදුවනවා. ශිව බාබාගේ උපදෙස් පිළිපැදීමෙන් පමණයි ඔබට ප්‍රයෝජනයක් ලද හැක්කේ. නිරන්තරයෙන් පියා සිහිපත් කරන්න. හැකි උපරිම අයුරින් ඒ සුමිහිරි වූ පියා සිහිපත් කරන්න. ශිෂ්‍යයින් තම ගුරුවරයාගේ ගෞරවය රැකීමට බොහෝ සැළකිලිමත් විය යුතුයි. සැළකිය හැකි ප්‍රමාණයක් අසමත් වුවහොත්, ගුරුවරයාට තිළිණයක් ලැබෙන්නේ නැහැ. මෙහි අනුකම්පාව හෝ ආශීර්වාද කියා දෙයක් නැහැ. ඔබ සෑම කෙනෙක්ම තමාටම ආශීර්වාද කරගත යුතු අතර තමා කෙරෙහි අනුකම්පා කළ යුතුයි. ශිෂ්‍යයින් උත්සාහ දරා තමා කෙරෙහි අනුකම්පාව ඇතිකර ගන්නවා. මෙයද අධ්‍යාපනයකි. ඔබ කෙතරම් දුරට යෝගා කරනවාද, ඒ තරමට ඔබ පාප ක්‍රියා පරාජය කළ අයෙක් බවට පත්වන අතර ඒ තරමටම ඔබගේ තත්ත්වය උසස් වනු ඇත. ස්මරණයෙහි යෙදීමෙන් ඔබ සදා සියලු රෝග වලින් මිදෙනු ඇත. මන්මනාභව්! ක්‍රිෂ්ණාට මෙසේ පැවසිය නොහැකියි. අශාරීරික වූ පියා කියනවා අශාරීරිකත්වයට පත්වන්න! මෙය දෙවියන්ගේ අසීමිත වූ පවුලයි. මෙහි ඉන්නේ පියා, මව හා සහෝදර සහෝදරියන් පමණයි! වෙන කිසිම සබඳතාවක් මෙහි නැහැ! අනෙක් සබඳතාවන්හී මාමලා, බාප්පලා ඉන්නවා. මෙහි තිබෙන්නේ සහෝදර සහෝදරියන් යන සබඳතාවය පමණයි. මෙය, අප අපගේ මව හා පියාගෙන් උරුමය ලබාගන්නා වූ සංගම් යුගයේදී හැරෙන්නට වෙන කිසිම අවස්ථාවකදී සිදු නොවේ. ඔබ සෑහෙන සතුටක් ලබනවා. රාවණ්ගේ රාජ්‍යයේ දැඩි ලෙස තිබෙන්නේ දුකයි. රාමාගේ රාජ්‍යයේ සෑහෙන සතුටක් තිබෙනවා. මේ සඳහා තමයි ඔබ දැන් උත්සාහ දරන්නේ. ඔබ දැන් දරණා ඕනෑම උත්සාහයක් සෑම චක්‍රයකදීම එලෙසින්ම පටිගත වනවා. ඔබ ලබනා ලැබීම ඉතාමත් උසස් වූවකි. ලක්ෂපතියන් හා දසලක්ෂපතියන් සෑම කෙනෙකුගේම මුදල් දුහුවිල්ලක් බවට පත්වීමටයි තිබෙන්නේ. පුංචි යුද්ධයක් පටන් ගත් විට, බලන්න සිදුවන්නේ කුමක්ද කියා! එය දරුවන් වන ඔබගේ කතන්දරයයි. දරුවන් වන ඔබ නියම කතන්දරයට සවන් දී සත්‍ය දේශයේ පාලකයින් බවට පත්වනවා. ඔබ තුළ මේ ස්ථිර විශ්වාසය තිබෙනවා. විශ්වාසයෙන් තොරව කිසිම කෙනෙක්ට මෙහි පැමිණිය නොහැකියි. දරුවන් නොසැළකිලිමත් විය නොයුතුයි. මමා හා බාබා ලබන්නා සේ ඔබත් ඔබගේ සම්පූර්ණ උරුමය හිමිකර ගන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශරීරයෙන් වෙන්වීම හා ඔබගේ මුල්ම ස්වභාවය මත ස්ථාවර වීම පුහුණු කරන්න. හැකි උපරිම අයුරින් ඔබගේ වඩාත්ම ආදරණීය වූ පියා සිහිපත් කරන්න. සෑම තැනකින්ම ඔබගේ බැඳීමෙහි රැහැන් සියල්ල ඉවත් කර දමන්න.

2. මෙම අධ්‍යාපනය කෙරෙහි සම්පූර්ණ අවධානය යොමුකොට තමා කෙරෙහි අනුකම්පා කරමින් තමාට ආශීර්වාද කරගන්න. සීමිතත්ත්වයෙන් ඔබගේ බුද්ධිය ඉවතට ගෙන අසීමිතත්ත්වය හා සම්බන්ධ වන්න. පියාට අයිති වී සම්පූර්ණයෙන්ම තමාව ඔහු වෙත කැප කරන්න.

වරදානය:
සදා සත්‍යයේ ඇසුරෙහි හිඳිමින් ඔබේ සියලු දුර්වලතා අවසන් කිරීම මඟින් ඔබ පහසු යෝගීවරයෙකු සහ ග්‍යානී ජීවාත්මයක් බවට පත්වේවා.

ඕනෑම දුර්වතාවයක් ඇති වන්නේ ඔබ සත්‍යයෙන් අයින් වී වෙනත් ඇසුරෙහි නියැලුණු විටය. මේ නිසායි ඔවුන් භක්තියේ කියා ඇත්තේ: සදා සත්‍යයේ ඇසුරෙහි සිටින්න. සත්‍යයේ ඇසුර යනු සදා සත්‍ය පරම පියාගේ ඇසුරෙහි සිටීමය. සත්‍ය පරම පියාගේ ඇසුර ලැබීම ඔය දරුවන්ට පහසු වන්නේ ඔහු සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්නා නිසාවෙනි. එමනිසා, සත්‍යයේ ඇසුරේ හිඳිමින් සිය දුර්වලතා අවසන් කරනා පහසු යෝගී සහ ග්‍යානී ජීවාත්මයක් වන්න.

පාඨය:
නිරන්තරයෙන් සතුටින් සිටීම සඳහා ඕනෑම ප්‍රශංසාවක් අසන්නට තිබෙන ආශාව අහරින්න.

මාතේෂ්වරීජීගේ අමිල වූ උසස් වදන්

මුක්ති අවධිය සහ ජීවන්මුක්ති අවධිය.

මුක්ති සහ ජීවන්මුක්ති යන ස්ථිතීන් ඔවුනොවුන්ට ආවේනික වේ. "මුක්ති" යන වචනය යොදන අවස්ථාවේ දී, එහි අරුත, දේහය තුළ චරිතයක් රඟපෑමෙන් නිදහස් වීම වේ. එනම්, ජීවාත්මය මෙලොවේ දේහයක් තුළ රඟපාන චරිත කොටස තව දුරටත් නොමැත යන්නයි එනම්, එම ජීවාත්මය අශාරීරික ලෝකයෙහි සිටියි. දුක සහ සතුට අභිබැවූ ලොවෙහි සිටියි. මුක්ති තත්ත්වය කියන්නේ මෙයටයි, ජීවන මුක්ති තත්ත්වය එය නොවේ. ජීවාත්මයක් ඕනෑම කර්ම බන්ධනයෙන් නිදහස් වී සිටීම යනු ශරීරයක් තුළ නළුවෙක් වී හිඳින අතරේ කර්ම බන්ධන වලින් නොබැඳිව සිටීමය. එය ජීවන් මුක්ති තත්ත්වයයි. එයයි ඉහළම තත්ත්වය. එය අපගේ දේවතා ප්‍රතිලාභයයි. මේ උපතේ දී උත්සාහ කිරීම මඟින් අප ස්වර්ණම යුගී දේවතා ප්‍රතිලාභය ලබනවා. එය අපගේ උසස් තත්ත්වය වේ. එහෙත් අප විසින් ජීවාත්ම තනතුර ලබන කොටසක් රඟපාන්නේ නැතැයි කියා කිව හැක්කේ කෙසේ ද? ජීවාත්මයකට වේදිකාව මත චරිත කොටසක් රඟපෑමට නොතිබෙන විට, එහිදී තිබෙන්නේ මුක්ති තත්ත්වය නොවෙයි. සියලු මනුෂ්‍යයන් ස්වර්ණම යුගයට යන්නේ නැත. මන්ද, මනුෂ්‍ය සමූහය එහි දී ඉතා කුඩා වේ. දෙවියන් සමඟ යෝගා කර කර්මාතීත් වන අය ස්වර්ණම යුගී දේවතා ජීවන් මුක්ති තත්ත්වය ලබති. ඉතිරි අය ධර්මරාජ් ගෙන් දණ්ඩනය අත්විඳීමෙන් අනතුරුව කර්ම බන්ධනයෙන් නිදහස ලබාවි. ඔවුන්ට ගැලවීම ලැබී පිවිතුරු වීමෙන් අනතුරුව ඔවුන් මුක්ති දනව්වට යනවා ඇත: ඔවුන් මුක්තිය ලබන මුත් මුක්ති දේශයේ ඔවුන්ට තනතුරක් නොතිබේ. තනතුරක් ලබන්නේ කාලයට අනුකූලව ඉබේමය. ඒ සඳහා උත්සාහයක් කිරීමෙන් තොරවය. තඹ යුගයේ පටන් යකඩ යුගය දක්වා මිනිසුන්ට උපත විපත චක්‍රය තුළට නොඑන්නට තිබෙන ආශාව දැන් ඉෂ්ඨ වේ. එහි අරුත සියලු ජීවාත්මයන් අනිවාර්යෙන්ම මුක්ති දනව්ව හරහා ගමන් කරති. අච්චා.