16.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම සංගම් යුගය ඔබගේ පාපයන් දුරු කිරීමට ඇති යුගයයි. මෙම යුගයේදී ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ වී කිසිම පාපයක් සිදු නොකළ යුතුයි.

ප්‍රශ්නය:
අතීන්ද්‍රීය සුඛ අත්විඳිය හැක්කේ කුමන දරුවන්ටද?

පිළිතුර:
අවිනාශි දැනුමේ මිණිමුතු වලින් පිරී සිටින දරුවන්ට අතීන්ද්‍රීය සුඛ අත්විඳිය හැක. ඔබගේ ජීවිතයට ඥානය වැඩියෙන් ධාරණය කරන තරමට, ඔබ වඩාත් පොහොසත් වෙයි. ඔබ ඥාන මිණිමුතු කිසිවක් ධාරණය කර නොගන්නේ නම් ඔබ දුප්පත්ව හිඳී. පියා ඔබට අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ ඥානය දී ඔබව ත්‍රිකාලදර්ශි කරවයි.

ගීතය:
ශිවාට නමස්කාර වේවා.

ඕම් ශාන්ති.
අතීතය දැන් වර්තමානය වී ඇති අතර ඉන්පසු මෙම වර්තමානය අතීතය වෙයි. මිනිසුන්ට අතීතය මතකය. ඔබ දැන් වඩාත් ශුභ සංගම් යුගයේ සිටියි. ශුභ (පුරුෂෝත්තම) යන වචනය අනිවාර්යෙන්ම භාවිත කළ යුතුයි. ඔබට වර්තමානය පෙනෙයි. අතීතයේ සිහිවටන දැන් ප්‍රායෝගිකවම සිදුවෙමින් පවති. මේ පිළිබඳව කිසිම සැකයක් මතු නොවිය යුතුයි. මෙය දැන් සංගම් යුගය මෙන්ම කලියුගයේ අවසානය බවත් ඔය දරුවන් දනී. වසර 5000 කට පෙර සංගම් යුගය අනිවාර්යෙන්ම අතීතය වූ අතර දැන් එය වර්තමානය වී ඇත. පියා දැන් පැමිණ ඇත. එබැවින් අතීතය, අනාගතය වෙයි. ඔබට ස්වර්ණමය යුගයේදි ඔබගේ රාජධානිය හිමි කර ගැනීම සඳහා පියා දැන් ඔබට රාජයෝගා උගන්වයි. එය දැන් සංගම් යුගයයි. ඔය දරුවන් හැරුණු කොට වෙන කිසිවෙකු මෙම දේවල් නොදනී. ඔබ ප්‍රායෝගිකවම රාජයෝගා ඉගෙනගනී. එය ඉතාමත් පහසුයි. තරුණ සහ මහළු, ඔය සෑම දරුවෙක්ම එක් ප්‍රධාන දෙයක් විස්තර කළ යුතුයි පියා සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් දුරු වේවි. මෙය පාපයන් දුරු කිරීමේ කාලය බැවින් තව දුරටත් කවුරු පාපයන් සිදු කරයිද? කෙසේවෙතත්, මායා ඔබ ලවා පාපී ක්‍රියාවන් සිදු කරවයි. එවිට ඔබට කම්මුල් පහරක් වැදුනු බවත්, ඔබ ලවා විශාල වරදක් සිදු කර වූ බවත් ඔබට වැටහෙයි. අහෝ පාරිශුද්ධත්වයට පමුණුවන්නා පැමිණෙන්න! කියා ඔබ පියාට අඬ ගසමින් සිටියේය. දැන් ඔබව පාරිශුද්ධත්වයට පත් කිරීම සඳහා පියා පැමිණ ඇත. ඔබ පාරිශුද්ධ විය යුතුයි, එසේ නොවේද? පියාට හිමි වීමෙන් පසු ඔබ අපවිත්‍ර නොවිය යුතුයි. ස්වර්ණමය යුගයේදී සෑම කෙනෙක්ම පාරිශුද්ධ විය. භාරතයම පාරිශුද්ධ විය. දුෂ්ඨ ලෝකය, සහ දුර්ගුණ වලින් තොර වූ ලෝකය, සිහිපත් කොට ඇත. ඔවුන් සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොර වන අතර, අපි දුර්ගුණ සිදුකරන බැවින් දුෂ්ඨය. දුර්ගුණ යන වචනයේ තේරුම දුෂ්ඨ යන්නයි. පැමිණ ඔවුන්ව පිවිතුරු කරන්න යැයි ඔහුට අඬගසන්නේ අපවිත්‍ර මිනිසුන්ය. කෝප වූ මිනිසුන් ඔහුට අඬගසන්නේ නැත. පියා පැමිණෙන්නේද නාටකයේ සැලසුමට අනුවයි. මෙය සුළුවෙන් හෝ වෙනස් කළ නොහැක. අතීතයේ සිදු වූ සෑම දෙයක්ම වර්තමානයේ සිදුවෙමින් පවති. අතීතය, වර්තමානය සහ අනාගතය ගැන දැනගැනීම ත්‍රිකාලදර්ශි වීම යැයි කියයි. මෙය සිහිපත් කළ යුතුයි. මෙම කරුණු ඔබ බොහෝ සෙයින් උත්සාහ ගැනීම අවශ්‍ය කරවයි. ඔබ නැවත නැවතත් අමතක කරයි. එසේ නොවූයේ නම් ඔය දරුවන් බොහෝ සෙයින් අතීන්ද්‍රීය සුඛ අත්විඳී! අවිනාශී ඥාන මාණික්‍යයන් තුළින් ඔබ ඉතාමත් පොහොසත් වෙමින් සිටියි. ඔබ වැඩියෙන් ධාරණය කරන තරමට වැඩියෙන් ධනවත් වෙයි. කෙසේවෙතත්, එය නව ලොවටයි. ඔබ කරන සෑම දෙයක්ම අනාගත නව ලොවට බව ඔබ දන්නවා. පැරණි ලොව විනාශ කිරීමටත්, නව ලොව ස්ථාපනය කිරීමටත් පියා පැමිණ ඇත. මෙය චක්‍රයකට පෙර සිදු වූ ආකාරයටම සිදුවෙයි. ඔය දරුවන් මෙය දකී. ස්වභාවික ව්‍යසනද සිදුවෙයි. භූමිකම්පාවක් ඇති වී සියලූම දේ විනාශ වෙයි. භාරතයේ බොහෝ භූමිකම්පා සිදුවෙයි. මේ සෑම දෙයක්ම අනිවාර්යෙන්ම සිදුවන බව අප කියයි. එය පෙර චක්‍රයේදීද සිදුවිය. මේ නිසයි ද්වාරකා නම් රත්රං නගරය මුහුදට යට වුණු බව කියැවෙන්නේ. මෙම ඥානය වසර 5000 කට පෙරද ඔය දරුවන් ගත් බව ඔබගේ බුද්ධියෙහි ඉතා පැහැදිලිව සටහන් කර ගත යුතුයි. මෙහි සුළු හෝ වෙනසක් නොමැත. බාබා අපි වසර 5000 කට පෙර ඔබගෙන් අපගේ උරුමය හිමි කරගත්තෙමු. අපි අනන්ත වාරයක් ඔබගෙන් අපගේ උරුමය හිමිකරගෙන ඇත්තෙමු එය ගණන් කළ නොහැක. ඔබ බොහෝ වාර ගණනක් ලොවෙහි අධිපතියන් වන්නේය, ඉන්පසු ඔබ සිඟන්නන්ද වන්නේය. මෙකළ මුළු භාරතයම සිඟන්නෝය. ඔබ නාටකයේ සැලසුමට අනුව යැයි ලියයි. එම මිනිසුන් නාටකය යන වචනය භාවිත නොකරයි. ඔවුන්ට ඔවුන්ගේම සැලසුම් ඇත. ඔබ කියන්නේ, නාටකයේ සැලසුමට අනුව අපි වසර 5000 කට පෙර කළ අයුරින්ම නැවත වරක් ස්ථාපනය සිදුකරන බවයි. අපි දැන් ශ්‍රීමත් අනුගමනය කරමින් පෙර චක්‍රයේ කළ දෙවල ඒ අයුරින්ම කරන්නෙමු. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් අපට ශක්තිය ලැබෙයි. ශිව් ශක්තීන් යන නාමය ඇත. දේවාලවල වන්දනාමානයට පාත්‍ර වන දේවතාවරුන්, ශිව් ශක්තීන් වන ඔබලාය. ලොවෙහි රාජධානිය හිමි කරගන්නා දේවතාවන් ඔබලාය. බලන්න ජගදම්බා කෙතරම් වන්දනාමානයට පාත්‍ර වනවාද කියා! ඇයට බොහෝ නම් ලබා දී ඇත. කෙසේවෙතත්, පියා එක් ශිවා පමණක් වන සේම, ඇයද එක් කෙනෙකි. ඔබ ලොව, දෙව්ලොව බවට පත් කිරීමට උදව් කරන බැවින් ඔබද වන්දනාමානයට පාත්‍ර වෙයි. දේවතාවියන් බොහෝ දෙනෙකු ඇත! ලක‍්ෂ්මීව බොහෝ සේ වන්දනා කරයි. දීප්මාලා දිනයේදී (දීවාලි, ආලෝක උත්සවයේ) ඔවුන් මහා ලක‍්ෂ්මිව (අත් සතරක් ඇති ලක‍්ෂ්මි) වන්දනා කරයි. ඇය ප්‍රධානියාය. අධිරාජයා සහ අධිරාජිනිය දෙදෙනා එකතුව මහාලක‍්ෂ්මි වෙයි. මෙහි දෙදෙනාම ඇතුලත්ය. අපද මහා ලක‍්ෂ්මි වන්දනා කළෝය. අපගේ ධනය වැඩි වූයේ නම් අප විශ්වාස කළේ මහා ලක‍්ෂ්මීගේ ආශිර්වාදය නිසා එය සිදුවූවා කියාය. ඔවුන් නිකම්ම සෑම වසරකදීම ඇයව වන්දනා කරයි. අච්චා, මිනිසුන් ඇයගෙන් ධනය ඉල්ලයි. දේවතාවියන්ගෙන් ඔවුන් ඉල්ලන්නේ කුමක්ද? සංගම් යුගයේ දේවතාවියන් වන ඔබ, දෙව්ලොවට ආශිර්වාදය ලබා දෙයි. දෙව්ලොව සඳහා ඔවුන්ගේ සෑම ආශාවක්ම දේවතාවියන් මඟින් ඉෂ්ඨ කර ගත හැකි බව මිනිසුන් නොදනී. ඔබ දේවතාවියන්, නොවේද? ඔබ මනුෂ්‍යයින්ට දැනුම ප්‍රදානය කරයි, ඒ තුළින් ඔවුන්ගේ සෑම ආශාවක්ම ඉෂ්ඨ වෙයි. ඔවුන්ට අසනීපයක් වැළඳුන විටදී දේවතාවියන්ට ඔවුන්ව සුව කොට ආරක‍්ෂාව ලබා දෙන මෙන් ඉල්ලයි. නොයෙක් වර්ගයේ දේවතාවියන් සිටිති. ඔබ සංගම් යුගයේ ශිව්ශක්ති දේවතාවියන්ය. ඔබ ඔවුන්ට දෙව්ලොව සඳහා ආශිර්වාදය ලබා දෙති. පියා මෙය දෙන අතර ඔය දරුවන්ද මෙය ලබා දෙති. ඔවුන් මහා ලක‍්ෂ්මිව පෙනෙන්නට තබන අතර නාරායන්ව අදෘශ්‍යමාන කරයි. පියා ඔය දරුවන්ගේ බලපෑම වැඩි කරයි. උපත් 21 කට සතුට සඳහා සෑම ආශාවක්ම දේවතාවියන් ඉෂ්ඨ කර දෙයි. මිනිසුන් මහා ලක‍්ෂ්මිගෙන් ධනය ඉල්ලති. ඔවුන් ධනය සඳහා හොඳ ව්‍යාපාර ආදිය කරති. පියා පැමිණ ඔබව මුළු ලොවට අධිපතියන් බවට පත් කරවා ඔබට බොහෝ සේ ධනය ලබා දෙයි. ශ්‍රී ලක‍්ෂ්මි සහ නාරායන් ලොවෙහි අධිපතියන් වූහ. දැන් ඔවුන් දුප්පත්ය. ඔවුන් රාජධානිය පාලනය කළ අයුරුත් ඉන්පසු ක්‍රම-ක්‍රමයෙන් ඔවුන්ගේ තත්ත්වය පහතට වැටුණු අයුරුත් ඔය දරුවන් දනී. පුනරුත්පත්ති ගැනීමෙන් ඔබගේ තත්ත්වයට දැන් කුමක් සිදු වී ඇත්ද කියාත්, ඔබගේ අංශක අඩු වී ඇති අන්දමත් බලන්න! මෙය අලුත් දෙයක් නම් නොවෙයි. සෑම වසර 5000 කට වරක්ම චක්‍රය දිගටම බ්‍රමණය වෙයි. භාරතය දැන් බොහෝ සේ දුප්පත්ය! එය රාවණගේ රාජධානියයි. භාරතය බොහෝ ශ්‍රේෂ්ඨව තිබුණේය, එය අංක එකට තිබුණි. දැන් එය අවසාන අංකයයි. එය අවසන් අංකයට පත් නොවූයේ නම් එය කෙසේද අංක එක වන්නේ? හරියාකාර ගිණුමක් තිබිය යුතුයි. ඔබ ඉවසීමෙන් ඥාන සාගරය කැළඹූ විට, සෑම දෙයක්ම ඉබේටම ඔබගේ බුද්ධියට ඇතුල් වෙයි. මේවා ඉතාමත් මිහිරි දේවල්ය! ඔබ දැන් මුළු ලෝක චක්‍රයම දනී. අධ්‍යාපනය පාසැලේදී පමණක් නොවේ. ගුරුවරයෙක් ඔබට ගෙදරදී හැදැරීමටත් පාඩම් දෙයි. එයට ගෙදර වැඩ යැයි කියයි. පියාද ඔබට ගෙදර වැඩ දෙයි. ඔබගේ ශරීරයට ජීවිකාවක් උපයා ගත යුතු නිසා, දවස පුරාම ඔබගේ ව්‍යාපාර ආදියෙහි ඔබට නියැලිය හැක. සෑම කෙනෙකුටම අම්රිත් වේලාවෙහි කාලය ඇත. උදේ දෙක හෝ තුන හොඳ වේලාවකි. එම වෙලාවෙහි පිබිද, බොහෝ සෙනෙහසින් යුතුව පියා සිහිපත් කරන්න. ඒවා ආරම්භ වූ කාලයේ සිට, මැදදීත්, එහි අවසානය දක්වාම ඔබට දුක ගෙන දුන්නේ දුර්ගුණයන්ය. මිනිසුන් රාවණගේ පඹයෙකු පිළිස්සුවත්, ඔවුන් එහි තේරුම නොදනී. ඔවුන් පවසන්නේ රාවණගේ පඹයෙකු පිළිස්සීමේ චාරිත්‍රය, කාලයේ ආරම්භයේ සිටම පැවතුණු බවයි. එයද නාටකයට අනුව නියම වී ඇත. ඔවුන් නොකඩවාම රාවණව මරා දමන මුත් රාවණ මැරෙන්නේ නැත! රාවණගේ පඹයා පිළිස්සීම අවසන් වන්නේ කෙදිනද කියා ඔය දරුවන්ට වැටහෙයි. ඔබ දැන් සත්‍ය නාරායන් ගේ කතාවට සවන් දෙමින් සිටියි. ඔබ දැන් පියා ගෙන් ඔබගේ උරුමය ලබාගන්නා බව ඔබ දන්නවා. කිසිවෙකු පියාව නොදන්නා බැවින් සෑම කෙනෙක්ම අනාතයෙකි. භාරතය දෙව්ලොව බවට පත් කරවන පියාව ඔවුන් දන්නේ නැත. මෙයද නාටකයේ නියම වී ඇත. ඔවුන් ඉනිමග දිගේ පහළට පැමිණ තමෝප්‍රධාන් වූ විට පමණයි පියා පැමිණෙන්නේ. කෙසේවෙතත් ඔවුන්, තමන් තමෝප්‍රධාන් යැයි සළකන්නේ නැත. පියා පවසන්නේ මුළු ගසම දැන් සම්පූර්ණ දිරාපත්වුණු තත්ත්වයකට පත්ව තිබේ! එකඳු ජීවයක් හෝ සතෝප්‍රධාන් නැත. සතෝප්‍රධාන් ජීවයන් සිටින්නේ සාම දේශයේ සහ සතුටු දේශයන්හිය. ඔවුන් දැන් තමෝප්‍රධාන්ය. පැමිණ, මෝහයේ නිද්‍රාවෙන් ඔබව අවදි කළ හැක්කේ පියාට පමණයි. ඔබ තමන්ව දිගින් දිගටම අවදි කරවාගන්නා අතරම ඉන්පසු අන් අයවත් අවදි කරවයි. කෙනෙක් මැරුණු විට, එම ජීවයට ආලෝකය ලබා දීමට මිනිසුන් පහනක් දල්වයි. දැන් සෑම තැනකම සම්පූර්ණ අන්ධකාරය පවතී. එබැවින් ජීවයන්ට ආපසු නිවහනට යා නොහැක. තමන් විඳින දුකෙන් විමුක්තිය ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුවත්, එකදු ජීවයකට හෝ විමුක්තිය ලබා ගත නොහැක. මෙය දැන් වඩාත්ම ශුභ සංගම් යුගය බව තමන්ගේ අවධානයේ තබා ගන්නා දරුවන්හට ඥාන මිණිමුතු ප්‍රදානය කිරීම නැවැත්විය නොහැක. මිනිසුන් ශුභ වූ පුණ්‍ය මාසයේ දී, දන් දී මහා පුණ්‍යකර්ම සිදු කරන අයුරින්ම, ඔබද මෙම බොහෝ සෙයින් ශුභ වූ සංගම් යුගයේදි, ඥාන මිණිමුතු දන් දිය යුතුයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවයම ඔබට උගන්වන බවද ඔබට වැටහෙයි. ක්‍රිෂ්ණා මෙය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ක්‍රිෂ්ණා ස්වර්ණමය යුගයේ පළමුවන කුමරුය. ඉන්පසු ඔහු දිගින් දිගටම පුනරුත්පත්ති ගනී. බාබා ඔබට අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ රහස් විස්තර කර දී ඇත. ඔබ ත්‍රිකාලදර්ශි වෙමින් සිටියි. පියා හැරුණු කොට අන් කිසිවෙකුටත් ඔබව ත්‍රිකාලදර්ශී කළ නොහැක. ලොවෙහි මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය ඇත්තේ පියාට පමණයි. ඥාන සාගරය ලෙස හැඳින්වෙන්නේ ඔහු පමණයි. උසස්ම, උසස් ලෙස සිහිපත් කෙරෙන්නේ දෙවියන් පමණයි. ඔහු නිර්මාණකරුය. දිව්‍යමය දෙවි පියාණන් යන වදන් ඉතා පැහැදිලිය. දිව්‍ය ලෝකය ස්ථාපනය කරන කෙනා ඔහුයි. ශිවාගේ උපන් දිනය සැමරුවත්, ඔහු පැමිණියේ කවදාද කියාවත්, පැමිණ කළේ කුමක්ද කියාවත් කිසිවෙකු නොදනී. ඔහුගේ උපන් දිනයේ අරුතවත් ඔවුන්ට වැටහෙන්නේ නැත. එබැවින් ඔවුන් කුමක් සමරන්නද? ඒ සෑම දෙයක්ම නාටකයේ නියම වී ඇත. වෙනින් කිසිම කලකදී නොව, මෙම කාලයේදී පමණයි ඔය දරුවන් නාටකයේ මුල, මැද සහ අවසානය දන්නේ. පියා නැවත පැමිණි විට, ඔබට එය නැවතත් දැන ගැනීමට ලැබෙයි. ජන්ම 84 චක්‍රය බ්‍රමණය වන ආකාරය ඔබගේ අවධානයේ දැන් ඇත. භක්ති මාර්ගයේ ඇත්තේ කුමක්ද? එය අනුගමනය කිරිමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නැත. බොහෝ භක්තිකයන් ජනගහණය අධික ස්ථාන වලට ගොස් එහෙ මෙහෙ තල්ලු වෙති. බාබා ඔබව එයින් මුදවාගෙන ඇත. ඔබ ශ්‍රීමත් අනුගමනය කොට භාරතය නැවත වතාවක් ශ්‍රේෂ්ඨ කරන බව ඔබට වැටහේ. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පමණයි ඔබට ශ්‍රේෂ්ඨ විය හැක්කේ. ශ්‍රීමත් ලැබෙන්නේ සංගම් යුගයෙදී පමණයි. ඔබ කවුරුන් වී සිටියේද කියාත්, නැවත වරක් එය බවට පත්වන බවත් ඔබ නිවැරදිව දනී. ඔබ දැන් නැවත වරක් එය ලබා ගැනීම සඳහා උත්සාහ දරමින් සිටියි. දරුවනි, උත්සාහ දරන අතර, ඔබ අසමත් වූවොත් ඔබ එම පුවත් පියාට දැන්විය යුතුයි, මන්ද එවිට ඔහු ඔබට අවවාද දී ඔබව නැවත වරක් අවධානයෙන් තැබිය හැක. නිකම් ඉඳගෙන තමන් අසමතෙක් යැයි සළකන්න එපා. නැවත වතාවක් නැගිටින්න. ඖෂධ ටිකක් ගන්න! ශල්‍යවෛද්‍යවරයා මෙතැන අසුන් ගෙන සිටියි. පස්වන මහලෙන් වැටෙන, සහ දෙවන මහලෙන් වැටෙන එක අතර කොතරම් වෙනසක් ඇතිද කියා බාබා විස්තර කර දෙයි. රාගයේ දූර්ගුණය පස්වන මහලයි. මේ නිසයි බාබා කියන්නේ විශාලතම සතුරා රාගය කියා. එය ඔබව අපවිත්‍ර කර ඇත. දැන් පාරිශුද්ධ වන්න! පාරිශුද්ධත්වයට පත්කරන පියා ඔබව පාරිශුද්ධ කිරීමට පැමිණ ඇත. ඔහු සංගම් යුගයෙදී ඔබව අනිවාර්යෙන්ම පිවිතුරු කරයි. මෙය කලි යුගයේ අවසානයේ සහ ස්වර්ණමය යුගයේ ආරම්භය අතර ඇති සංගමයයි. පියා දැන් අංකුරය පැළ කරන බව ඔය දරුවන් දනී. එවිට මුළු ගසම මෙහි වැඩෙයි. ඔය බ්‍රහ්මිණ් වරුන්ගේ ගස වැඩෙයි. ඉන්පසු ඔබ සූර්ය සහ චන්ද්‍ර වංශික පෙළපත් වල සතුට භුක්ති විඳීයි. ඔබට එය ඉතා පහසුවෙන් විස්තර කර දෙයි! අච්චා, ඔබට මුරලියක් ලැබෙන්නේ නැති නම්, එවිට පියා සිහිපත් කරන්න ! ශිව් බාබා, බ්‍රහ්මාගේ ශරීරය තුළින් ඔබට මෙය පවසන බව තමන්ට ස්ථීර කර ගන්න මා සිහිපත් කරන්න එවිට ඔබ විෂ්ණු පරපුර තුළට යයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ උත්සාහයන් මතයි. සෑම චක්‍රයකදීම ඔබ කුමන උත්සාහයක් දරා ඇත්ද, එම උත්සාහය ඒ අයුරින්ම ඔබ දැන් දරයි. චක්‍රයෙන් භාගයක්ම ඔබ ශරීර අවධානයෙන් සිටියේය. දැන් ජීව අවධානයට පත්වීම සඳහා සම්පූර්ණ උත්සාහ දරන්න. මෙයට උත්සාහය අවශ්‍යයි. ඉගෙනුම පහසුයි ප්‍රධානතම දේ පාරිශුද්ධ වීමයි. පියා අමතක කිරීම විශාල අතපසුවීමකි. ශරීර අවධානයට පත්වීමෙනුයි ඔබට ඔහුව අමතක වන්නේ. තම ශරීරයේ ජීවිකාව රැකගැනීම සඳහා ව්‍යාපාරික කටයුතු ආදියෙහි පැය අටක් යෙදෙන්න, නමුත් ඉතිරි පැය අටේ, ස්මරණයේ සිටීමට උත්සාහ දරන්න. එම තත්ත්වය ඉතා ඉක්මනින් ඇති වන්නේ නැත. අවසානයේදී, ඔබ මෙම තත්ත්වයට පැමිණුනු විට විනාශය සිදුවේවි. ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ විට ඔබගේ ශරීරය ඉතිරි වන්නේ නැත. ඔබ එය හැර යයි, මන්ද ඒ වන විට ජීවය පාරිශුද්ධ වී තිබෙයි. ඔබගේ අංකානුකූල කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ විට යුද්ධය ආරම්භ වෙයි. එතෙක් පෙර දැකුම් දිගටම සිදුවෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම වඩාත්ම ශුභ වූ පුණ්‍යවන්ත මාසයේදී අවිනාශී ඥාන මිණිමුතු ප්‍රදානය කරන්න. අම්රිත් වේලාවේදී පිබිද ඥාන සාගරය කළඹන්න. ශ්‍රීමත් වලට අනුව ඔබගේ ශරීරය සඳහා ජීවිකාවක් උපයා ගන්නා අතරම, පියා ඔබට දෙන ගෙදර වැඩද ඔබ අනිවාර්යයන්ම කළ යුතුයි.

2. ඔබගේ උත්සාහයන් වල බාධක ඇතිවන ඕනෑම විටෙක, එම පුවත පියාට කියා ඔහුගෙන් ශ්‍රීමත් ලබාගන්න. ශල්‍යවෛද්‍යවරයාට සෑම දෙයක්ම කියන්න. මෙය ඔබගේ පාපයන් දුරු කරගැනීමේ කාලයයි. එබැවින් තවත් පාපයන් සිදු කර නොගන්න.

වරදානය:
ඔබ බ්‍රහ්ම පියා මෙන් කර්මතීත් බවට පත් වී, ඔබේ ශරීරය, නෑ සම්බන්ධතා සහ ද්‍රව්‍යමය සුව පහසුකම් වලින් නිදහස් වේවා.

තම ජීව අවධාන ස්වරූපය පවත්වා ගත්තන්, උපදෙස් අනූව සහ ඇල්මෙන් තොරව, උපකරණයක් සේ තම ගෘහස්තය රැකබලා ගනී නම්, ඔවුන්ට මේ දැන් වෙන් වී යාමට අණක් ලැබුණත් ඔවුන් එසේ කරනු ඇත. හොරණෑව පිඹින විට, සිතීමෙහි ඔබේ කාලය නොයෙදේ. ඔබව හඳුන්වන්නේ ඇල්ම ජය ගත් කෙනෙක් කියායි. එබැවින්, ඔබේ ශරීරය, නෑ සබඳකම්, ද්‍රව්‍යමය පහසුකම් වලට බැඳීමක් තිබෙනවාද, ඒ වෙතට ඔබව අදිනවා ද කියා තමන්ව සෝදිසි කරන්න. බන්ධනයක් තිබෙන තැන ආකර්ශනයක් තිබේවි. නමුත්, නිදහස් වූවන් පියා මෙන් කර්මතීත් තත්ත්වයට සමීප වේවි.

පාඨය:
සෙනෙහස, සහයෝගය සමඟ බලයේ ස්වරූපයක් බවට පත් වූ කල ඔබ රාජධානියේ ඉහළ අංකයක් ලබනවා ඇත.