16.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා පවිත්‍රත්ත්වයේ සිටීම සඳහා පොරොන්දුවක් තැබිය යුතුයි. බඩගින්නේ සිටීම හෝ වතුර නොබී සිටීම අනවශ්‍යයි. පවිත්‍රත්ත්වයේ සිටීමෙන් ඔබලා ලොව අධිපතීන් බවට පත් වේ.

ප්‍රශ්නය:
මෙකල ලොව සියල්ලන්ගෙන්ම ඉතා හොඳ කවුද? ඒ කෙසේද?

පිළිතුර:
මෙකල ලොව සියල්ලන්ගෙන්ම ඉතාම හොඳ අය දුප්පත් අය වන්නේ පරම පියා පැමිණ ඔවුන්ව හමුවන නිසාය. ධනය තිබෙන අය මේ දැනුමට සවන් නොදේ. දුප්පත් අයගේ ස්වාමියා පරම පියායි. ඔහු දුප්පත් අයව ධනවත් කරවයි.

ගීතය:
මනුෂ්‍යයාට අද සිදුව ඇත්තේ කුමක්ද?

ඕම් ශාන්ති.
දරුවනි, ඔබලාට ගීතය ඇසුනා. එය දිව්‍ය ආදරයයි, එනම්, පරමාත්ම දෙවියන්ගෙන් ලැබෙන ආදරයයි. පරමාත්ම දෙවියන් දැන් ආදරය උගන්වමින් සිටී. එකිනෙකාට ආදරය කරන අයුරු ඔහු උගන්වයි. භාරතය සත්‍යයෙන් පිරි දේශය වූ කල එය ආදරයෙන් පිරි ලෝකය විය. සත්‍ය දේශය නිර්මාණය කළේ කවුද? සත්ගුරු, සත්‍ය පියා සහ සත්‍ය ගුරුවරයාය. දැන් ඔබලා වාඩි වී සිටින්නේ කා ඉදිරියේ ද? සත්‍ය සතුට ලබා දෙන ඒකායනය, සත්‍ය ආදරය සහ සත්‍ය දැනුම උගන්වන ඒකායනය ඉදිරියේ ඔබලා වාඩි වී සිටියි. මුසාවන් සහිත ලෝකයේ සෑම දෙයක්ම මුසාවන්ය. මෙසේත් කියා ඇත: සත්‍යය ඇසුරු කරන්න. ඇත්තේ එකම එක සත්‍යයයි. නමුත් ගණන් කළ නොහැකි තරම් බොරු ඇත. භාරතය දෙව්ලොවක් බවට පත් කරවන අසීමිත උරුමයක් ලබා දෙන පරම පියා ඉදිරියේ ඔබලා පුද්ගලිකවම ඉඳගෙන සිටියි. ඔබලාට නැවතත් අසීමිත රාජධානිය ලබා දීම සඳහා ඔහු පැමිණ ඇත. එහි ඇත්තේ එකම එක සත්‍ය පියාය. ඔහුගේ ඇසුර තබා ගැනීමෙන් ඔබලා ලොව අධිපතීන් බවට පත් වේ. සත්‍ය, කලවම් නොවුනා වූ ශිව බාබාට සත්‍ය ලෙස වැඳීම භක්ති මාර්ගයේ ආරම්භයේදී තිබුණි. දරුවනි, නුඹලාට මුළු චක්‍රයම පිළිබඳ ඥානය බාබා මෙහි වාඩි වී පැහැදිලි කර දෙයි. ආරම්භයේ දී ශිව බාබා කෙරෙහි පිරිසිඳු භක්තියක් තිබුණු අතර දැන් ඔහු ඔබලාට සත්‍ය ඥානය ගැන කතා කරයි. ඔහු ඔබලාව බොරු (අන්ධ) භක්තියෙන් නිදහස් කරයි. ඔබලා සත්‍ය පියාගේ ඥානයට සවන් දෙමින් සිටිති. සත්‍ය සමඟ ඇසුරින් ඔබලාව දෙව්ලොවට ගෙන යන බව ඔබලාට අවබෝධ වනු ඇත. ඔබගේ බෝට්ටුව එගොඩ වන්නේ සත්‍ය ඥානයෙන් පමණි. අනිත් අය කියනු ලබන බොරු දැනුමෙන් ඔබලාගේ බෝට්ටුව ගිලෙනු ඇත. එය අණුවනකම යනුවෙන් හඳුන්වනු ලැබේ. සත්‍ය ඥානය ලබා දෙන්නේ පරම පියා පමණි. දරුවනි, ඔබලා මුලු චක්‍රයේම ඉතිහාසය සහ භූගෝලය අවබෝධ කර ගෙන ඇත. එමනිසා, මේ සත්‍ය බාබා සත්‍ය ගුරුවරයා ද වේ. රන් යුගයේත් ඔබලාට සත්‍ය පියවරුන් ඇත්තේ එහි බොරු කියා කිසිවක් නොමැති නිසාය. එහි දෙවියන් සැම තැන නැති බව කියනු ලැබේ. සෑම දෙයක්ම බොරු බවට පත් කරවන වරදවල් පහ විද්‍යාමාන වන විට බොරුව පටන් ගනී. ඔබලා පුද්ගලිකව වාඩි වී සිටින්නේ අසීමිත අශරීරික පියා ඉදිරියේ බව ඔබලාගේ බුද්ධිය තුළ ඇත. මේ බාබාත් මෙසේ කියයි: මම පුද්ගලිකව එම ශිව බාබා ඉදිරියේ වාඩි වී සිටිමි. මම ඔහුව සිහිපත් කරමි, මම නැවත නැවතත් ඔහුව සිහිපත් කරමි. මම බාබාගේ දරුවාය, එහෙම නේද? ඔබ මේ ශාරීරික පියාව අමතක කොට අර තැනැත්තාව සිහිපත් කළ යුතුය. මට ඇත්තේ එකම එක බාබා පමණයි. ඔබට බාධා ස්වල්පයක් තිබිය හැක. නමුත් බාධක එන්නේ ඇයි? ඔබගේ දර්ශනය මේ තැනැත්තාට ඇඳී ඇත. මගේ දර්ශනය ආකර්ශණය විය යුත්තේ කා හටද? මට බාබා හා කෙලින් සබඳතාවක් තිබේ. ඔබ ශිව බාබා සිහිපත් කිරීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ මේ ශාරීරික තැනැත්තාව පසුකරමින් ගිය විට ඔබට ඔහුව සිහිවන්නේ නැත. කෙසේවෙතත්, මට ඉන්නේ එකම එක ශිව බාබා පමණයි. ඔබ ඉදිරියේ දෙදෙනෙක් වාඩි වී සිටියත් මා ඉදිරියේ සිටින්නේ ඒකායන කෙනාය. මම ඔහුගේ දරුවායි. එහෙත් මා හට ස්ථිර ස්මරණයේ සිටිය නොහැක. මක් නිසාදයත්, බාබා පවසයි: ඔබ කර්මයෝගී කෙනෙකි. මුළු චක්‍රයම ඔබගේ බුද්ධිය තුළ භ්‍රමණය වේ. ජීවාත්මයට රන් සහ රිදී යුගවල බොහෝ උපත් ඇත. මේ උපත් ගනිමින් උපත් 84 චක්‍රය සම්පූර්ණ කර ඇත. එහි උපත් 84හි ගිණුමක් ඇත. යකඩ යුගයේ අවසානය සිදුවන විට අලුත් චක්‍රය ඇරඹේ. ඉතිහාසය සහ භූගෝලය නැවත සිදුවේ. රන් යුගයේ ජීවත් වුණේ කවුද? ඔවුන් පාලනය කළේ කොහිද? දේවතාවන් මුලු ලොවම පාලනය කළ බව ඔබලාට අවබෝධ වේ. දැන් මිනිස්සු කියති: අපේ දේශ සීමාව හරහා නොයනු! අපේ ජලය නොබොනු! අසීමිත ගුරුවරයා බාබාය. බාබා කියයි: මාව සිහිපත් කරන්න. මෙය කියමින් සිටින්නේ මේ බාබා නොවේ. ජීවාත්මයන් වන ඔබලාට අශරීරික බාබා මේ තැනැත්තා තුළින් පවසයි. මාව ස්මරණය කරන්න. එවිට ඔබලා එහිදී අසනීප වීම හෝ මරණයට පත් වීම කවදාවත් සිදුවන්නේ නැත. මෙහිදී සමහර පියවරුන් දරුවන්ට උපත් ලබා දෙයි. ඊළඟට ඔවුන් මරණයට පත් වෙයි. එමනිසා, දරුවන් බොහෝ කණගාටුදායක අත්දැකීම් ලබන අතර ඊළඟට ඔවුන්ගේ ජීවත් වීම සඳහා වැඩ කිරීමට සිදු වේ. මෙය දුක් දේශයයි. පරම පියා කිසිම අපහසුතාවයක් ඔබලාට නොදෙයි. ඔහු සරළව කියයි: මාව ස්මරණය කරන්න, ඔබ පවින් නිදහස් වේවි. පියාව සහ උරුමය ස්මරණය කරන්න. දරුවෙක්ට ඔහුගේ පියාගෙන් උරුමයක් ලැබෙන බව අවබෝධ වුණත්, උරුමය ගැන බලා නොසිට තවමත් ඉගෙන ගන්නේ ඔහුගේම ව්‍යාපාරය පවත්වා ගෙන යාම ගැනය, ඔහු උරුමය ලැබෙන තෙක් වාඩි වී බලා සිටින්නේ නැත. කෙසේවෙතත්, රාජකීය පවුලක ඉපදෙන අය ඔවුන්ගේ උරුමය ලැබෙන තෙක් බලා සිටිති. බොහෝ පරිත්‍යාග දීමෙන් සහ බොහෝ පුණ්‍ය ක්‍රියාවන් කිරීමෙන් කෙනෙක් රාජකීය පවුලක උපත ලබයි. ඊළඟට රාජධානිය බලා ගනී. මේ රජවරුන් අපවිත්‍රය. ඔබලා ගොස් ලක්‍ෂ්මි සහ නාරායනගේ නිවසේ හෝ සූර්ය රාජවංශයේ කොතැනක හෝ උපදී. එහි දුකක සළකුණක්වත් නැත. ඔබලා සියලු දුක්වලින් නිදහස් වේවි. බාබා පැමිණ ඉවසීම ලබා දේ. මේ ඔබගේ අවසාන උපතයි. මෙය උපතකින් පසු උපතකට පත් වන අවස්ථාවයි. දරුවන් වැටෙමින් දුක් දේශයට ළඟාවී ඇත. සතුටු දේශය පැමිණෙන්නේ කෙසේද? මෙහි බොහෝ දුක ඇති අතර ඕනෑම සතුටක් තාවකාලිකය. වැදගත් මිනිසුන්ට වුවත් දුක මිසක කිසිදෙයක් නැත. මේ මොහොතේදී සියල්ලන්ගෙන්ම ඉතාම හොඳ දුප්පත් අයයි. බාබා පැමිණ ඇත්තේ දුප්පත් අය ධනවත් කරවීම සඳහාය. පරිත්‍යාග දෙනු ලබන්නේ දුප්පත් අයට පමණි. මෙහි සෑම කෙනෙක්ම සාමාන්‍යයි. කෙසේවෙතත්, ලක්‍ෂපතියන්ට, රුපියල් ලක්‍ෂ වලින් තිබෙන අයට කොපමණ පැහැදිලි කළත් ඔවුන්ගේ ධනය ගැන අහංකාරය ඔවුන්ට ඇත. බාබා පවසයි: මෙවැනි මිනිසුන්ට දිය හැක්කේ කුමන ධනයද? මම දුප්පතුන්ගේ ස්වාමියාය. දුප්පත් කුමාරින් සහ මව්වරු මේ දැනුම ගනිති. කුමාරියකට කොපමණ ගරුත්වයක් ඇත්ද කියතොත් සෑම කෙනෙක්ම ඇයට වඳිති. ඊළඟට ඇය විවාහ වන විට ඈ වැඳුම් කරුවෙකු බවට පත් වේ. මේ උපතේදීම කුමාරියක් වඳින්නෙකු බවට පත් වේ. කුමාරියක් පවිත්‍රය, නමුත් විවාහයෙන් පසු අපවිත්‍ර වැඳුම් කරුවෙකු බවට පත් වේ. ඈ ඇගේ ස්වාමිපුරුෂයා ඇගේ දෙවියා බවට සළකා ඔහුට හිස නමා වහලියක් සේ ජීවත් වේ. එමනිසා, බාබා පැමිණ ඔබව වහල් භාවයෙන් නිදහස් කරයි. දරුවන් බොහෝ සංඛ්‍යාවක් වැඩිවීම නොකඩවා සිදු වේ. ඔබට පැහැදිලි කළ හැක. දරුවන් වන අපි ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ය. ශිව බාබාගේ මුණුබුරන්ය. ඔහුගේ දේපළට අපිට අයිතියක් ඇත. ඔහුගේ දේපළ අසීමිතය. ඔහු අපව ලොව අධිපතීන් බවට පත් කරවයි. ඔහුගේ අණ මෙසේය: දරුවනි, මා පමණක් සිහිකරන්න. මම ඔබට සත්‍යය පවසමි. එනම්,ඔබ සාමාන්‍ය ගැහැණියකගෙන් ලක්‍ෂ්මි බවටත්, සාමාන්‍ය පුරුෂයෙක්ගෙන් නාරායන බවටත් පත් වීමයි. උපවාසයේ සිටීමේ ක්‍රමයක් අවශ්‍ය නැත. මීට ඉහත දී ඔබලා තමාටම දඬුවම් කර ගැනිමට පුරුදුව සිටියා. සමහරු දින හතකට ආහාර අනුභව නොකර සිටියා. එවැනි උපවාස වල යෙදීමෙන් ක්‍රිෂ්ණා දේශයට යා හැකි බව මිනිස්සු සිතති. ඇත්තෙන්ම සත්‍ය උපවාසය නම් පිරිසිඳුභාවයේ සිටීමයි. ඔවුහු ඔවුන්ටම බලපෑම් කරගනිමින් හාමතේ සිටිති. දරුවනි, ඔබලා නොකා නොබී වර්ජන යනාදියේ යාම අවශ්‍ය නැත. ඔව්, ඔබලා ගොස් පවිත්‍ර වීම සඳහා වර්ජනයෙහි යෙදෙන්න. අපි සෑම කෙනෙක්ම පවිත්‍ර කරවන්නෙමු. එය අපේ ව්‍යාපාරයයි. එහෙත් ජලය සහ ආහාර නොගෙන සිටීමෙන් කිසිවක් සිදු වන්නේ නැත. පවිත්‍ර වීම සඳහා සුළුවෙන් පොරොන්දු වෙන්න. ගැහැණු ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් මරණයට පත් වූ විට විශාල දුකක් අත්දකිති. සියලු ස්වාමිපුරුෂයන්ගේම ස්වාමිපුරුෂයා දැන් පැමිණ ඇති බව ඔවුන්ට පැහැදිලි කළ හැක. ඔහු සරළව පවසයි: මා පමණක්ම සිහිකරන්න. ඔබලා දෙව්ලොව අධිපතීන් බවට පැමිණෙනු ඇත. මේ, සියලු ස්වාමිපුරුෂයන්ගේ ස්වාමිපුරුෂයා සහ සියලුම පියවරුන්ගේ පියාය. කාගේ හෝ ස්වාමිපුරුෂයෙක් මළහොත් ඇයට ඥානය පැහැදිලි කර දී ශිව බාබා සමඟ පොරොන්දුවකට බඳවා ගන්න. ඔබ අඬන්නේ ඇයි? ඇයගෙන් අසන්න: රන් යුගයේ කිසිවෙක් අඬන්නේ නැති බව ඇයට පැහැදිලි කරන්න. මෙහි සෑම කෙනෙක්ම නොකඩවා හඬති. භාරතයේ දේවතාවරුන්ගේ සත්‍ය රාජධානිය තිබුණේය. මේ දිනවල මිනිස්සු එකිනෙකාට පහරදීම සහ මැරීම කරති. මෙය යක්‍ෂ රාජධානියයි. ලක්‍ෂ්මිගේ සහ නාරායනගේ පින්තූරය ඉතා හොඳයි. ත්‍රිමූර්ති, ලක්‍ෂ්මි නාරායන, රාධේ ක්‍රිෂ්ණා යනුවෙන් පින්තූර කට්ටලයක් ඇත. ඔබලා දිනපතා මේ පින්තූරය දෙස බැලුවොත් බ්‍රහ්මා තුළින් ශිව බාබා ඔබව නිර්මාණය කරමින් සිටින බව ඔබට සිහිපත් වේවි. කුඩා ලෑල්ලක මෙය ලියා ඔබගේ ගෙදර පිටත එල්ලන්න: අසීමිත පියා ගැන දැන ගැනීමෙන් උපත් 21ක් සඳහා ස්වාධිපත්‍යයට ඔබලාට අයිතිවාසිකම් කිව හැක. ක්‍රම ක්‍රමයෙන් බොහෝ මිනිස්සු මෙය කියවා ඔබ ළඟට එනු ඇත. ඔබලා අවිනාශී, ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරුන්ය. ඔබලා ආධ්‍යාත්මික ශල්‍යකර්මය නැමති පාඨමාලාව සමත් වෙමින් සිටියි. ඔබට දැන්වීම් පුවරුවක් එල්ලිය හැක. ඔවුන්ට කියන්න: පරම පියා සිහිකිරීමෙන් ඔබලාට අසීමිත රාජධානිය ලැබෙනවා ඇත. බාබා හොඳ ප්‍රශ්න බොහොමයක් ලියා ඇත. බාබාට ආධ්‍යාත්මික දරුවන් කොපමණ ඇත්ද? බොහෝ දරුවන් ඇති ඒකායන තැනැත්තා ඔහුය. මෙයට සහෝදරයන් සහ සහෝදරියන් යන දෙකම ඇතුළත්ය. ඔබලා බාබා ළඟට පැමිණෙන විට කොපමණ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් ඇතිද කියා මම පැහැදිලි කරමි. මට දරුවන් බොහෝ ගණනක් ඇති අතර දරුවන්ගේ ගණන වැඩි වෙමින් පවතී. අප සහෝදරයන් සහ සහෝදරියන් බව ඔබට පැහැදිලි කළ හැක. අප අතර පාපී දැක්මක් නොතිබිය යුතුය. පරම පියා පවසයි: ශරීරයත් ශරීරය සමඟ ඇති වැරදි සම්බන්ධතාවයත් අමතක කර මාව සිහිපත් කිරීමෙන් ඔබලා පිරිසිඳු බවට පත් වේ. ශිව බාබාට හැර වෙන කිසිම කෙනෙකුට ඔබලා අයිති නැති බවට පොරොන්දු වන්න. මහළු මව්වරුන්ට මේ වචන සිහිපත් කළහොත් ඔවුන්ට විශාල සෙතක් සිදු වනු ඇත. අප උපත් 84ක් ගෙන ඇත. අප දැන් බ්‍රාහ්මණයින්, ඊළඟට දේවතාවන්, රණශූරයන්, වෙළඳුන් සහ ශුද්‍රයින් බවට පත්වනු ඇත. ඔබලා නිශ්චිතවම බ්‍රාහ්මණයින් බවට පත් විය යුතුයි. චක්‍රයකට ඉහතදී ලෙස ඔබලා එසේ කරනු ඇත. ගණන් කළ නොහැකි තරම් සංඛ්‍යාවක් ජීවාත්මයන් බ්‍රාහ්මණයින් බවට පත්වනු ඇත. විදේශයෙහි සිටින අයත් මතුවනු ඇත. ඔවුහු බාබා සිහිපත් කරමින් සිටිති. බාබා පවසයි, ඔබගේ පවුල සමඟ සිටින විටදීම තමා ජීවාත්මයක් ලෙස සලකන්න. ඔබ ශිව බාබාගේ මුණුපුරෙක් හෝ මිණිබිරියක් ලෙස සලකන්න. බ්‍රාහ්මණයින් වන අප දේවතාවන් බවට පත් වේ. යකඩ යුගයේ මනුෂ්‍යයන් සිටින අතර, රන් යුගයේදී දේවතාවන් සිටිනු ඇත. යකඩ යුගයේ සිටින මනුෂ්‍යයින් නපුරුය. දේව සමාජයේ සභාවකට අයත් වන අය බවට ඔබලා පත් වෙමින් සිටියි. මේවා පවසන්නේ පරම පියා පමණි. මෙයින් කිසිවක් ගැන කිසිම කෙනෙකුට කිව නොහැක. මේ වංශ ගැන කිසිම කෙනෙක් නොදනී. මේ ඥානය පැහැදිලි කළ හැක්කේ බ්‍රාහ්මණයන් වන ඔබලාට පමණි. අනිත් අය බ්‍රහ්ම කුමාර හෝ කුමාරියකගෙන් ඥානය ගන්නා තුරු ඔවුන්ට ඥානය අවබෝධ නොවේ. මේ ඥානය දිය හැක්කේ ඔබලාට පමණි. මෙයට පිරිසිඳු සහ ත්‍යාගශීලී හදවතක් අවශ්‍යය. හදවත පිරිසිඳු නම් සියලු ආශාවන් සම්පූර්ණ වේ. සමහරුන්ට පිරිසිඳු හදවතක් නැත. ඔබ සත්‍ය පියා සමඟ සේවයේ දී පිරිසිඳු හදවතක් ඇතිව කඩිසර අය විය යුතුයි. ඔබට මේ විනෝදාංශය තිබිය යුතුයි. අපේ රැකියාව පැහැදිලි කිරීමයි. ඔබගේ හිස ජීවාත්මයන් 108ක් මත ගැසුවත් බුද්ධියේ රැඳෙන්නේ ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ පමණක් බව ඔබට අවබෝධ වනු ඇත. එක්කෙනෙකු හෝ දෙන්නෙකු මතුවනු ඇත. එනම්, චක්‍රයකට ඉහත දී මතු වූ අයයි. දැන් පැමිණෙන්නේ බ්‍රහ්ම කුමාරයින් සහ කුමරියන් වුණු අයයි. ඔබ වෙහෙසට පත් නොවිය යුතුයි. නොකඩවා උත්සාහ දරන්න. කවුරුන් හෝ මතුවනු ඇත. ඔබ ඔබගේ නෑදෑයෙකු ළඟට, යහළුවෙකු ළඟට හෝ මංගල්‍යය අවස්ථාවකට ගිය විට පැහැදිලි කර දෙන්න. ඔබගේ කර්ම වලට අනුව සෑම කෙනෙකුටම උපදෙස් දී ඇත. ප්‍රධානම දෙය පවිත්‍රභාවයේ රැඳී සිටීමයි. සමහර විට ඔබලාට පිටින් කෑමට සිදු වනු ඇත. අච්චා. දරුවනි, ඔබලා ශිව බාබාගේ ස්මරණයේ රැඳී සිටියහොත් මායා ඔබට බලපෑම් නොකරනු ඇත. නමුත්,බාබා හැම කෙනෙකුටම මෙම අවසරය දෙන්නේ නැත. එය බලාපොරොත්තු රහිත හෝ බලාපොරොත්තු සුන් වුණු අවස්ථාවක හෝ ඔවුන්ගේ රැකියාව අනුමාණ තත්ත්වයෙන් සිටින විට විය හැක. සෑම කෙනෙක්ටම වෙනස් උපදෙස් දී ඇත. ලෝකය ඉතා නරකයි, ඔබට බොහෝ දෙනෙක් සමඟ ජීවත් වීමට සිදුව ඇත. තම අනුගාමිකයාව පරීක්‍ෂා කිරීමට අණ දී තිබූ ගුරුවරයෙක් ගැන කතාවක් ඇත. ඔහු ඔහුගේ අනුගාමිකයාට සිංහ ලෙනකට ගොස් ජීවත් වීමටත්, වෛශ්‍යා ස්ත්‍රියක් ළඟට යාමටත් කීවේය. ඇත්තටම එය පරීක්‍ෂණයක් නොවීය. දරුවනි, මෙය අදාල වන්නේ ඔබලාටය. ඔබලා සිංහයන් ළඟට යවන්නේ නැහැ. පරම පියා පැහැදිලි කරයි: පැමිණෙන ඕනෑම කෙනෙකුට පරම පියා ගැන හැඳින්වීම ලබා දෙන්න. දිනෙන් දින සෑම කෙනෙකුගේම බුද්ධියේ තිබෙන අගුල විවෘත වනු ඇත. ගස වර්ධනය විය යුතුය. ඊළඟට විනාශය පටන් ගනී. ඊට පෙර විනාශය සිදුවිය නොහැක. රාජධානියක් මෙහි ස්ථාපනය වනු ලැබේ. සරළව මා සිහිපත් කරන්න කියා පරම පියා පවසයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥානය උරාගැනීම සඳහා හදවත ඉතා පිරිසිඳුව තබා ගන්න. සත්‍ය හදවතකින් ඔබ පියාගේ සේවයෙහි යෙදෙන්න. කවදාවත් සේවයෙහි යෙදීමෙන් විඩාවට පත් වන්න එපා.

2. මේ පොරොන්දුව තබා ගන්න. මට ඇත්තේ වෙන කිසිවෙකු නොව ශිව බාබා පමණි. ශරීරය සහ වැරදි ශාරීරික සබඳතාවන් අත්හැර ඒකායන පියා සමඟ සියලු සබඳතාවන් පවත්වා ගන්න. ඥානය නැමැති ධනය දුප්පත් අයට පරිත්‍යාග කරන්න.

වරදානය:
ඔබේ භාග්‍යයේ සහ භාග්‍යය පිරිණමන්නාගේ අවධානය සමඟ සහයෝගශීලී වන්න. එයින් ඔබ නිරන්තරව සතුටින් ඉඳිමින් සතුට බෙදාහරිත්වා.

සංගම යුගය වූ කලී සතුටේ යුගයකි. එය ප්‍රීතියේ යුගයකි. එබැවින්, නිරන්තරයෙන් සතුටින් ඉඳිමින් අඛණ්ඩව මෙම සතුට බෙදාහරින්න. සෑම විටම ඔබේ වාසනාවත් වාසනාව පිරිණමන්නාවත් සිහිපත් කරන්න. පියා සොයාගැනීමෙන්, ඔබ සියල්ල සොයාගත්තා. මෙම අවධානය ඔබව පහසු යෝගීවරයෙක් කරනවා ඇත. ලොවේ මිනිස්සු කියන්නේ: දැඩි ප්‍රයත්නයක් නොදරා ඔබට දෙවියන් සොයාගත නොහැකි බවයි. එවිට ඔබ කියයි ඔබ නිවසේ සිටින අතරේ පියා සොයාගත්තා කියා. ඔබ නොසිතු දේ පවා ඔබ සොයාගත්තා. ඔබට සතුටේ සාගරය හමුවුණා: මෙම සතුටෙහි ඉඳින්න: පහසු යෝගාව මෙය වේ.

පාඨය:
සෑම කාර්යයක්ම පිරිසිදුකමෙන් සහ නිසි අයුරින් කරන්නන් සත්‍ය බ්‍රහමිණ්වරුන් වේ.