16.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඒ අසීමිත වූ පියා අසරණ වූ දරුවන් වන ඔබව ඔහුගේ ඇකයට ගැනීම උදෙසා මේ අසීමිත වූ සමූහය වෙත පැමිණ සිටී. ඔහුට දේවතාවන්ගේ සමූහය වෙත පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ.

ප්‍රශ්නය:
දරුවන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සැමරිය යුතු දිනය කුමක්ද?

පිළිතුර:
ඔබ ජීව මරණයක් අත්දැක පියා ගැන විශ්වාසය ඇතිකරගත් දිනයයි. එම දිනය ඔබ විශාල සතුටකින් සැමරිය යුතුයි. එම දිනය දරුවන් සඳහා වූ ජනමස්තමි (උපන් දිනය) දිනයයි. ඔබ ජීව මරණයක් අත්දැකීමේ ඔබගේ උපන් දිනය සැමරුවහොත්, තමා මේ පැරණි ලෝකයෙන් ඉවත්ව සිටින බවත්, තමා දැන් පියාටම පමණක් අයිති වන බවත්, එනම්, උරුමය ලබා ගැනීම සඳහා උරුමක්කාරයෙක් බවට පත් වී ඇති බවත් ඔබ බුද්ධියෙහි පතිත වෙයි.

ගීතය:
පළඟැටි සමූහය මැද ආලෝකය දැල්වී ඇත.

ඕම් ශාන්ති.
භාරතයේ දරුවන් වන ඔබ බොහෝ ගීත, පද්‍ය රචනා, වේදාවන්, ආගමික ග්‍රන්ථ, උපනිෂද් හා දේවතාවන්ගේ කීර්තිය ගැන ආදී බොහෝ දේවලට සවන් දී තිබෙනවා. මෙම ලෝක චක්‍රය දිගින් දිගටම කැරකෙන්නේ කෙසේද යන්න ගැන වූ වැටහීම දැන් ඔබට ලැබී තිබෙනවා. දරුවන් අතීතය ගැන දන්නවා. අද ලෝකය පත්වී ඇති තත්ත්වය කුමක්ද කියාත් දන්නවා. ප්‍රායෝගික ලෙසමත් ඔබ මෙය අත්දැක තිබෙනවා. කොහොමනමුත්, ඉදිරියට සිදුවීමට තිබෙන දේ ගැන තවමත් ඔබ ප්‍රායෝගික ලෙසම අත්දැක නැහැ. අතීතයේ සිදු වූ සෑම දෙයක්ම ඔබ අත්දැක තිබෙනවා. පියා ඔබට මෙය විස්තර කර තිබෙනවා. පියා හැර වෙන කිසිම කෙනෙකුට මෙය විස්තර කරන්නත් බැහැ. මිනිස්සු බොහොමයක් ඉන්නවා. නමුත් ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් නිර්මාණකරු ගැන හෝ ඔහුගේ නිර්මාණයෙහි මුල, මැද හෝ අග ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මිනිස්සු මේ කලි යුගයේ අවසානය කියාවත් දන්නේ නැහැ. ඔව්, ඔබ මෙසේ දියුණුවෙන් දියුණුවට පත්වන විට අවසානය කුමක්ද යන්න ඔවුන්ට වැටහේවි. ඔවුන් සාරාංශය දැන ගනීවි. නමුත් සම්පූර්ණ ඥානය ලබන්නේ නැහැ. මෙය ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට පමණයි එය දැන ගැනීමට හැකි වන්නේ. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් රජවරුන්ගෙත් රජවරුන් බවට පත්වීමේ අධ්‍යාපනය මෙයයි. එයද, අපිරිසිඳු රජවරුන් නොව අපිරිසිඳු රජවරුන්ගෙන් වැදුම් ලබන්නා වූ දිව්‍යමය රජවරුන්ය. මේ සෑම දෙයක්ම දන්නේ දරුවන් පමණයි. මහාචාර්යවරුන් ආදිය මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් ආලෝකය ලෙස හඳුන්වන ඒ දෙවියන් ගැන ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඒවා ගායනා කරන අය පවා ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් නිකම්ම එම කීර්තිය ගැන ගායනා කරනවා. පරමාත්ම දෙවියන් (සත්‍යය) අනිවාර්යෙන්ම මෙම ලෝකයා නම් සමූහයා වෙත පැමිණිය යුතුයි. සමූහයක් යනු බොහෝ මිනිසුන් එක්රොක් වන ස්ථානයක්. සතුටින් පිරි සමූහයක් (පාටියක්) යනු කා බී විනෝද වන ස්ථානයක්. මේ සමූහයෙහිදි ඔබ දැන් ඥාන මිණි මුතු නම් වූ ධනය ලබනවා. එනම්, තමා පියාගෙන් ඒ පාරාදීසය නම් වූ අධිකාරීත්වය ලබනවා කියාත් ඔබට කිව හැකියි. මේ සම්පූර්ණ සමූහයෙහි, පියා පැමිණ සිටින බවත්, ඔහු පැමිණ සිටින්නේ ඔබට ත්‍යාගයක් දීමට බවත් දන්නේ දරුවන්ම පමණයි. පාටියකදී තාත්තා දෙන්නේ මොනවාද? පාටිවලදී මිනිස්සු එකිනෙකාට දෙන්නේ මොනවාද? මෙම කරුණ ගැන බැලීමේදී මෙහිනම් දිවා රෑ මෙන් වූ වෙනසක් තිබෙනවා. පියා ඔබට කෑමට හල්වා දෙන අතර, ඒ මිනිස්සු දෙන්නේ වියදම් අඩුම වූ කුමන හෝ පුංචි දෙයක් (මෑ ඇට) පමණයි. හල්වා සහ මෑ ඇට අතර විශාල වෙනසක් තිබෙනවා. ඔවුන් නොකඩවා එකිනෙකාට මෑ ඇට කන්න දෙනවා. කෙනෙක් කිසිම දෙයක් උපයන්නේ නැති විට කියනවා ඔහු නිකම්ම මෑ ඇට කකා ඉන්නවා කියා. දරුවන් දැන් දන්නවා, ඒ අසීමිත වූ පියා දිව්‍ය ලෝකය නම් වූ අධිකාරීත්වයේ ආශීර්වාදය ඔබට දෙන බව. ශිව බාබා මෙම සමූහය වෙත එනවා, එහෙම නේද? ඔහු ශිවාගේ උපන් දිනයත් සමරණවා. කොහොමනමුත්, ඔහු පැමිණ කරන්නේ මොනවාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහු පියා වන අතර, අනිවාර්යෙන්ම ඔබට ආහාර ලබා දී යම් දෙයක් දෙනවා. ජීවිතයේ ඔබව රැකබලා ගන්නේ අම්මා හා තාත්තායි. ඔබ දන්නවා එම මව හා පියා පැමිණ ඔබගේ ජීවිතය රැකබලා ගන්නවා. එනම්, ඔබව ඔවුන්ට අයිති කර ගන්නවා. දරුවන්ම මෙසේ කියනවා බාබා, මම ඔබගේ දවස් දහයක් වයසැති දරුවෙක්. එනම්, මම දවස් දහයක් ඔබට අයිති වී සිටියා. එමනිසා, තමා ඒ දිව්‍ය ලෝකයේ අධිකාරීත්වයට උරුමය ලබා ඇති බව ඔබ තේරුම් ගත යුතුයි. ඔබ ඔහුගේ ඇකයට පැමිණ සිටින බව තේරුම් ගත යුතුයි. කෙනෙක්ව අයිති කරගන්නේ ජීවත්ව සිටිනා විට මිස අන්ධ විශ්වාසයකින් යුතුව නොවේ. අම්මලා තාත්තලා තම දරුවන්ව හදාගන්න වෙන කාට හෝ බාර දෙනවා. තමාට වඩා හොඳින් ඔවුන් තම දරුවාව හොඳින් බලා ගනියි යන විශ්වාසය නිසා දරුවා තමාට වඩා ඔවුන් සමඟ සිටීමට සතුටු වෙයි කියා ඔවුන් සිතනවා. භෞතික පියාගේ දරුවන් සේ සිටි ඔබ මෙහි පැමිණ මෙම අසීමිත පියාට අයිති වෙනවා. ඒ අසීමිත පියා ඉතාමත් ආසාවෙන් තමයි ඔබව භාර ගන්නේ. දරුවන් මෙසේත් ලියනවා බාබා, මා දැන් අයිති ඔබටයි. ඔබ දුරින් සිට නිකම්ම මෙසේ කියන්නේ නැහැ. දරුවෙක් ප්‍රායෝගික ලෙසම මෙහි භාරගන්නා නිසා එහි සැමරුමක් ද තිබෙනවා. උපන් දිනයක් සැමරෙන්නා සේ ඔබත් ඔහුගේ දරුවන් බවට පත්වෙනවා. ඔබ කියනවා බාබා, මා දැන් අයිති ඔබටයි. දින හය, හතකින් පසුව නම් තැබීමේ උත්සවයක් තැබිය යුතුයි. නමුත් කිසිවෙක් මෙය එසේ සමරන්නේ නැහැ. ඔබ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ඔබගේ ජනමස්තමිය (උපන් දිනය) සැමරිය යුතුයි. නමුත් ඔබ කිසිම කෙනෙක් එය එසේ සමරන්නේ නැහැ. ඔබ උපන් දිනයත් සැමරිය යුතුයි යන දැනුමවත් ඔබ තුළ නැහැ. මාස 12කින් පසු තමයි ඔබ එය සමරන්නේ. කොහොමනමුත්, මුලදීම ඔබ එය සමරන්නේ නැතිනම්, අවුරුදු 12කින් පසු සමරන්නේ ඇයි ? සමහර විට දැනුම හා විශ්වාසය නොමැතිකම නිසා විය හැකියි. ඔබ ඔබගේ උපන් දිනය සමරා විශ්වාසය මත ස්ථාවර වී පසුව, උපන් දිනය සැමරීමෙනුත් අනතුරුව මෙය හැර දමා ගියහොත් ඉන් අදහස් වන්නේ ඔබ මිය ගියා යන්නයි. සමහර මිනිස්සු ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් තම උපන් දිනය සමරණවා. දිළිඳු අය වැඩි දෙයක් දීම අවශ්‍ය නැහැ. විළඳ හා මී පැණි වැනි දෙයක් දානය කළොත් ඇති. දරුවන් මෙය සම්පූර්ණයෙන්ම තේරුම් නොගන්නා නිසා මෙම සතුට ඇති වන්නේ නැහැ. ඔබ ඔබගේ උපන් දිනය සමරන විට මෙය ස්ථීර ලෙසම සිහිකර ගත හැකිවෙයි. නමුත් ඔබට එම බුද්ධිය නැහැ. අද පියා අළුත් දරුවන්ට නැවතත් විස්තර කරනවා ඔබට විශ්වාසය තිබෙනවානම් උපන් දිනය සමරන්න. මා තුළ විශ්වාසය ඇති වූයේ මෙන්න මේ දිනයේදීයි. එමනිසා, මගේ ජනමස්තමිය (උපන් දිනය) මෙදිනයි. එමනිසා, දරුවන් ඉතාමත් හොඳින් පියාවත්, තමන්ගේ උරුමයත් සිහිපත් කළ යුතුයි. දරුවන් කිසිම විටෙක තමා මේ මේ ආකාරයේ දෙමව්පියන්ගේයි යන්න ගැන අමතක කරන්නේ නැහැ. මෙහිදී සමහර දරුවන් කියනවා බාබා, මට ඔබව සිහපත් කරන්න බැහැ. අවිද්‍යා මාර්ගයේදී ඔබ මෙසේ කියන්නේ නැහැ. ස්මරණය නොකිරීම ගැන වූ ප්‍රශ්නයක් එහදී මතුවන්නේ නැහැ. ඔබ පියාව සිහිකරන අතර ඔහු සෑම කෙනෙක්වම සිහි කරනවා. මගේ සියලුම දරුවන් රාගය නම් වූ ගින්නෙහි සම්පූර්ණයෙන්ම පිළිස්සී මියැදී ගොස් තිබෙනවා. කිසිම ගුරු කෙනෙක් හෝ මහාත්මා කෙනෙක් මෙසේ කියන්නේ නැහැ. පරමාත්ම දෙවියන් (සත්‍යය) කතා කරයි ඔබ සෑම කෙනෙක්ම මගේ දරුවන්. සෑම කෙනෙක්ම පරමාත්ම දෙවියන්ගේ දරුවන්. සෑම ජීවයක්ම දෙවියන්ගේ, පරම පියාගේ දරුවන්. පියා ශරීරයක් තුළට ඇතුළු වූ කල ඔහු කියනවා මේ සෑම ජීවයක්ම මගේ දරුවන්. ඔවුන් රාග ගින්නෙහි බඩගාමින් සිට සම්පූර්ණයෙන්ම දැවී ගොස් මියැදී තමෝප්‍රධාන් තත්ත්වයට පත්වී තිබෙනවා. භාරතයේ මිනිස්සු බොහෝ කලි යුගී තත්ත්වයට පත් වී තිබෙනවා. රාග ගින්නෙහි අසුන් ගැනීම හේතුවෙන් ඔවුන් සියලුම දෙනා කැතවී තිබෙනවා. පළවෙනි නොම්මරයේ වන්දනීයත්වයට සුදුසු වූ ලස්සනම ජීවය දැන් වන්දනා කරන සහ අවලස්සන බවට පත්වී තිබෙනවා. ලස්සනම කෙනා අවලස්සනම කෙනා බවට පත්වනවා. රාග ගින්නෙහි අසුන් ගන්නවා යනු නයෙක් මත අසුන් ගැනීමයි. දිව්‍ය ලෝකයේ නම් කිසිම කෙනෙක්ට දෂ්ට කිරීමට එකම නයෙක්වත් නැහැ. එවැනි දේ මෙහිදී බලාපොරොත්තු විය නොහැකියි. පියා කියනවා පාපයන් පහ ඔබ තුළට ඇතුළු වූවායින් පසු, ඔබ කැළෑවේ ඇති කටු වැනි තත්ත්වයට පත්වෙනවා. ඔබ කියනවා බාබා, මෙය කටු වලින් පිරි කැළයක් බව අප පිළිගන්නවා. ඔවුන් දිගින් දිගටම එකිනෙකා හා ඇනකොටා ගනිමින් ගින්නෙහි පිළිස්සී යනවා. පරමාත්ම දෙවියන් කතා කරයි මීට ඉහත චක්‍රයේදී ඥාන සාගරය වූ මා විසින් පිරිසිඳු කර පාරිශුද්ධත්වයට පත් කළ අය දැන් අපිරිසිඳු වී කැත වි තිබෙනවා. තමා ලස්සනට සිට පසුව අවලස්සන වූයේ කෙසේද යන්න ගැන දරුවන් දන්නවා. මේ සම්පූර්ණ උපත් 84හි ඉතිහාසය හා භූගෝලය බෙලි කටුවක ආකාරයෙන් මෙන් සාරාංශගතව ඔබ බුද්ධිය තුළ තිබෙනවා. ඔබ ඒ ගැන මේ කාලයේදී දැන ගන්නවා. සමහරු තමන්ගේ බුද්ධිය අනුව තම ජීවිත කතාව ගැන අවුරුදු පහේ හයේ සිටම දන්නවා. සෑම කෙනෙක්ම තම අතීත ජීවිත කතාවත්, තමන් කර ඇති වැරදි ගැනත් දන්නවා. සාමාන්‍යයෙන් ඔවුන් තමා කර ඇති ලොකු ලොකු දේ ගැන කතා කරනවා. මීට ඉහත චක්‍රයේදී තමන් කළේ මොනවාද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. කිසිම කෙනෙකුට උපතක් උපතක් පාසා තම ජීවිත කතාව පැවසිය නොහැකියි. කොහොමනමුත්, ඔවුන් උපත් 84ක් ගෙන තිබෙන්නේ කෙසේද යන්න පියා විස්තර කරනවා. සම්පූර්ණ උපත් 84ම ගෙන තිබෙන අයට නම් එය සිහිපත් කළ හැකි වේවි. මා ඔබට නැවතත් ගෙදර යෑම සඳහා උපදෙස් දෙනවා. මේ නිසා තමයි පියා කියන්නේ මේ ඥානය තිබෙන්නේ සෑම ආගමිකයෙක්ම සඳහායි. විමුක්ති දේශය වෙත ඔබට යාමට අවශ්‍ය නම්, ගෙදර යාමට අවශ්‍ය නම් පියාට පමණයි ඔබව එහි ගෙන යා හැකි වන්නේ. පියා නැතිව කිසිම කෙනෙක්ට ගෙදර යා නොහැකියි. කිසිම කෙනෙක් මේ පියාව සිහිකිරීමේ ආකාරය හෝ එහි ළඟාවන ආකාරය දන්නේ නැහැ. සෑම කෙනෙක්ම නැවත නැවතත් උපත් ලබාගත යුතුයි. පියා හැර වෙන කිසිම කෙනෙකුට ඔබව එහි ගෙන යා නොහැකියි. සදාකාලික විමුක්තියක් ගැන ඔබ සිතන්නවත් අවශ්‍ය නැහැ. එය විය නොහැකි දෙයක්. මෙම නාටකය සදාකිලිකවම කැරකෙන අතර කිසිම කෙනෙක්ට එයින් ඉවත්ව යා නොහැකියි. සෑම කෙනෙකුගේම විමුක්තිදායකයා හා මාරගෝපදේශකයා වන්නේ ඒ එකම එක පියායි. මාව සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් නැති කර දැමිය හැකියි කියා මෙහි පැමිණ පවසන්නේ ඔහු පමණයි. නැතිනම් ඔබට දඬුවම් විඳීමට සිදුවනවා. ඔබ උත්සාහ දැරුවේ නැතහොත්, ඉන් අදහස් වන්නේ ඔබ මෙතැනට අයිති නොවන බවයි. දරුවන් තමා දරණ උත්සාහය අනුව මුක්තිය හා ජීවන මුක්ති මාර්ගය වටහා ගන්නවා. සෑම කෙනෙක්ම විස්තර කරන්නේ තමන්ගේ වේගය අනුවයි. ඔබටත් මෙසේ කියන්න පුළුවන්: මේ කාලයේදී ලෝකය අපිරිසිඳුයි. මෙහි බොහෝ සෙයින් පාපකාරී දේ සිදුවනවා. ස්වර්ණම යුගයේදී එවැනි දේ නැහැ. දැන් තිබෙන්නේ කලි යුගයයි. සෑම මනුෂ්‍යයෙක්ම මීට එකඟ වෙනවා. ස්වර්ණම යුගය, රිදී යුගය, තඹ යුගය හා කලි යුගය තිබෙනවා. මේ සඳහා අනෙක් භාෂා වලිනුත් නම් තිබෙනවා විය යුතුයි. සෑම කෙනෙක්ම ඉංග්‍රීසි භාෂාව දන්නා අතර හින්දි ඉංග්‍රීසි ශබ්දකෝෂ ද තිබෙනවා. බ්‍රිතාන්‍යයන් බොහෝ කාලයක් මෙහි පාලනය කළ නිසා ඉංග්‍රීසි භාෂාව යොදා ගැනෙනවා. මේ කාලයේ මිනිස්සු විශ්වාස කරනවා, තමා තුළ කිසිම ගුණාංගයක් නැති බව. බාබා, පැමිණ අපට අනුකම්පා කරන්න! අප දැන් අපිරිසිඳු වී සිටින නිසා නැවතත් අපව පිරිසිඳු කරන්න! එකදු ජීවයකට හෝ ගෙදර යා නොහැකි බව දරුවන් තේරුම් ගන්නවා. සෑම කෙනෙක්ම සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසුකර යා යුතුයි. පියා එන්නේ මෙම අපිරිසිඳු සමූහය තුළටයි. එය ඉතාමත් විශාල සමූහයක්. මා කිසිම විටෙක දේවතාවන්ගේ සමූහය වෙත යන්නේ නැහැ. ඔබ ඒ පෝෂ්‍යදායී වූ වර්ග 36ක ආහාර ගන්නා ස්ථානයට මම යන්නේ නැහැ. මා යන්නේ කෑමට චපාතිවත් නැති දරුවන් ළඟටයි. මා ඔවුන්ව භාරගෙන ඔවුන්ගේ උරුමය ඔවුන්ට ලබා දෙනවා. මම ධනවත් දරුවන්ව භාර ගන්නේ නැහැ. ඔවුන් තම තමන්ගේ කුල්මත්භාවයන් තුළ ගැලී ඉන්නවා. ඔවුන්ම කියනවා, තමන්ට මෙය ස්වර්ගයක් වැනියි කියලා. කෙනෙක් මිය ගිය විට ඔවුන් කියනවා ඔහු ස්වර්ගයට ගියායි කියලා. එමනිසා, අනිවාර්යෙන්ම මෙය අපායක්. ඔබ විස්තර කරන්නේ නැත්තේ ඇයි? කිසිම කෙනෙක් උපක්‍රමශීලී ලෙස පත්තරවලට ලියා නැහැ. නාටකය ඔබට උත්සාහ කරවීමට සලස්වන බව දරුවන් දන්නවා. අප කරන ඕනෑම උත්සාහයක් නාටකයේ ඒ ආකාරයෙන්ම තීරණය වී තිබෙන දෙයක්. උත්සාහ දැරීම අවශ්‍යයි. ඔබ නාටකයටම ඉඩ දී නොසිටිය යුතුයි. සෑම දෙයක් සඳහාම උත්සාහය අවශ්‍යයි. ඔබ කර්ම යෝගීන් හා රාජ යෝගීන් වනවා. ඒ මිනිස්සු කර්ම අත්හළ හතා යෝගීන්. ඔබ සෑම දෙයක්ම කරන්නේ ගෙදර ඉන්නා ගමන්ම ළමයින්වත් රැකබලා ගනිමින්මයි. ඒ මිනිස්සු සියල්ල අත්හැර යන්නේ, ගෙදර එසේ සිටීමට නොකැමැති නිසයි. කොහොමනමුත්, භාරතයට ඔවුන්ගේ පාරිශුද්ධත්වය අවශ්‍යයි. එය හොඳයි. අද කාලයේ නම් ඔවුන් පාරිශුද්ධත්වයවත් රකින්නේ නැහැ. සෑම කෙනෙක්ටම ඒ පිරිසිඳු ලෝකයට යාමට හැකියි කියා දෙයක් නැහැ. පියා හැර වෙන කිසිම කෙනෙකුට ඔබව එහි ගෙන යා නොහැකියි. සාම දේශය ඔබගේ නිවහන බව දැන් ඔබ දන්නවා. කොහොමනමුත්, ඔබ එහි යන්නේ කෙසේද? බොහෝ පාපයන් ඔබ අතින් සිදු වී තිබෙනවා. මිනිස්සු කියනවා, දෙවියන් සෑම තැනකම සිටිනවාය කියා. මෙසේ කීමෙන් ඔබ නැති කරන්නේ කාගේ ගෞරවයද? ශිව බාබාගේ යි! සෑම දෙයකමත්, බල්ලන්, බළලුන් තුළත් දෙවියන් ඉන්නවා කියා ඔවුන් කියනවා! දැන්, මා මෙය වාර්තා කළ යුත්තේ කාටද? පියා කියනවා බලවත් කෙනා මමයි. මා සමඟ ධර්මරාජ් ද ඉන්නවා. සෑම කෙනෙකුගේම කර්ම ගෙවා දැමීමේ කාලය මෙයයි. සෑම කෙනෙක්ම දඬුවම් ලබා නිවස බලා යනවා. නාටකය නිර්මාණය වී ඇත්තේ මේ ආකාරයටයි. අනිවාර්යෙන්ම දඬුවම් අත්දැකිය යුතුයි. දර්ශන තිබෙනවා. දර්ශන ලබන්නේ මව් කුස නම් වූ සිර කුටිය තුළදීයි ඔබ නොයෙකුත් දේවල් කළා, ඉතින් ඔබ ඒ කළ දේට, දඬුවම මෙයයි. මේ නිසා තමයි ඔබ අඬන්නේ මාව මේ සිර කුටියෙන් එළියට ගන්න! මා නැවතත් එවැනි ක්‍රියා කරන්නේ නැහැ. පියා පෞද්ගලිකවම ඔබ ඉදිරියට පැමිණ මේ සෑම දෙයක්ම විස්තර කර දෙනවා. මව් කුස තුළදීත් ඔබ දඬුවම් ලබනවා. එයද සිර කුටියක් වන අතර ඔබ දුක අත්විඳිනවා. සවර්ණම යුගයේදී දඬුවම් ලබනවා තබා සිරකුටියක් හෝ දැකගනු නොහැකියි. පියා දැන් විස්තර කරනවා දරුවනි, මා සිහිපත් කරන්න, එවිට ඔබ තුළ බැඳී ඇති මළකඩ සියල්ල ඉවත්වී යයි. බොහෝ දෙනා ඔබගේ වචන භාර ගනීවි. දෙවියන්ගේ නම සඳහන්ව තිබෙනවා. නමුත් ඔවුන් ක්‍රිෂ්ණාගේ නම යෙදීමෙන් වරදක් කර තිබෙනවා. දරුවන්ට විස්තර කරන්නේ පියා පමණයි. ඔබට ඇසෙන ඕනෑම දෙයක් පත්තරවල පල කරන්න. මේ කාලයේදී ශිව බාබා සෑම කෙනෙක්ටම කියනවා උපත් 84ක් ගන්නා අතර ඔබ තමෝප්‍රධාන් තත්ත්වයට පත්වී තිබෙනවා. මා දැන් නැවතත් ඔබට උපදෙස් දෙනවා මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාප ඉවත්ව යනු ඇත. පසුව ඔබ මුක්තිය හා ජීවන මුක්ති දේශයන් වෙත යනවා. මෙය පියාගේ අවවාදයයි මා සිහිපත් කරන්න, එවිට සියලු මළකඩ ඉවත්ව යයි. අච්චා, දරුවනි, මා බොහෝ දේ විස්තර කර කියා දී තිබෙනවා! තවත් මට මොනවද විස්තර කරන්න පුළුවන්. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම දෙයක් සඳහාම අනිවාර්යෙන්ම උත්සාහ දරන්න. එය නාටකයේ තිබෙනවා කියා සිතාගෙන නිකම්ම ඉඳගෙන ඉන්න එපා! කර්ම (ක්‍රියා) අත්හළ හතයෝගී කෙනෙක් නොව, කර්මයෝගී කෙනෙක්, රාජයෝගී කෙනෙක් බවට පත්වන්න.

2. දඬුවම් වලින් තොරව පියා සමඟ නැවත ගෙදර යාම සඳහා, ඔහු සිහිකිරීමෙන් ඔබව, ජීවය සතෝප්‍රධාන් බවට පත් කරවන්න. අවලස්සන බවින් ලස්සන වන්න.

වරදානය:
ඔබ බලයේ ප්‍රතිමූර්තියක් වී, ඔබගේ ශ්‍රේෂ්ඨත්වයෙන්, නවතාවයේ ධජය ඔසවන්න.

දැන්, කාලයට අනුව සහ එහි සමීපත්වයට අනුව, ඔබගේ බලයේ ස්වරූපයෙන් ඔබ අන් අය මත බලපෑමක් ඇති කළ විට, ඔබට අවසන් හෙළිදරව්ව සමීපයට ගෙන ආ හැක. ඔබ සෙනෙහස සහ සහයෝගය හෙළිදරව් කර ඇති සේම, සේවා කැඩපතේ ඔබගේ ශක්ති ස්වරූපයේ අත්දැකීම ලබා දෙන්න. ඔබගේ ශ්‍රේෂ්ඨත්වය තුළින්, ඔබගේ ශක්ති ස්වරූපයේ නවතාවයේ ධජය ඔබ ඔසවන විට, හෙළිදරව්ව සිදුවෙයි. ඔබගේ ශක්ති ස්වරූපයෙන් සර්ව බලධාරී පියාගේ දර්ශනයක් ලබා දෙන්න.

පාඨය:
ඔබගේ මනසින් බලයත්, ඔබගේ ක්‍රියා තුළින් ගුණධර්මත් දන් දීම, මහා දානයකි.