16.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සංගම යුගයෙදී සේවය කිරීමෙන්, ප්‍රශංසා ලැබීමට සුදුස්සන් විය යුතුයි. එවිට ඔබ අනාගතයෙදී, වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ පිදුම් ලබන්නට සුදුසු අය බවට පත් වෙයි.

ප්‍රශ්නය:
ඔබට පරම පියාගේ හදවතට ඇතළු විය හැකි වන්නේ, කුමන රෝගය මුලිනුපුටා දැමීමෙන්ද?

පිළිතුර:
1. ශාරීරික අවධානයේ රෝගය. මෙම ශරීර අවධානය නිසා සියලුම පාපයන් විශාල වශයෙන් ඔබව අසහනයට පත් කර තිබේ. මෙම ශාරීරික අවධානය අවසන් වන විට පමණයි, ඔබට පරම පියාගේ හදවතට ඇතුළු විය හැකි වන්නේ. 2. හදවතට ඇතුළු වීම සඳහා, ඔබගේ බුද්ධිය අසීමිත කර, ඥානය නම් කොතෙහි අසුන් ගන්න. තමන්ව ආධ්‍යාත්මික සේවයේ නියලවන්න. ඥානය පවසනවාත් සමඟම, ඉතා හොඳින් පරම පියාව සිහිපත් කරන්න.

ගීතය:
අවදිවන්න! මනාලියනි, අවදිවන්න! ඔබගේ සතුටෙහි දින අත ලඟයි.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ට ගීතය ඇසුණා. ආධ්‍යාත්මික පියා මෙය පැවසුවේ මෙම සාමාන්‍ය මහළු සිරුරෙහි මුඛය තුළින්ය. පරම පියා පවසන්නේ මෙම මහළු සිරුරට, මෙම පැරණි රාජධානියට මා පැමිණීය යුතුව තිබුණා. මෙය දැන් රාවනගේ රාජධානියයි. මෙම සිරුර අයත් වන්නේ වෙනත් කෙනෙකුටයි, මන්ද මා එය තුළට ඇතුළු වන විටත් එය තුළ වෙනත් ජීවාත්මයක් සිටියා. මා ආගන්තුක සිරුරකට ඇතුළු වන්නෙමි. මට මගේම සිරුරක් තිබුණේ නම්, එයටම වෙන්වූ නමක් තිබෙයි. මගේ නම කිසිමදාක වෙනස් වන්නේ නැත. ඔබ මට තවමත් අමතන්නේ ශිව බාබා කියාය. ඔය දරුවන්ට දිනපතාම මෙම ගීත ඇසෙනවා. නව යුගය එනම්, නව ලෝකය, ස්වර්ණමය යුගය පැමිණීමට තිබේ. අවදිවන්නට කියා කියන්නේ කාටද? ජීවාත්මයන්ට, මන්ද ජීවාත්ම සම්පූර්ණ අන්ධකාරයේ නිදමින් සිටින නිසා. ඔවුන් කිසිම දෙයක් නොදනී ඔවුන් පරම පියාවවත් නොදනී. පරම පියා දැන් ඔබව අවදි කිරීමට පැමිණ සිටියි. ඔබ දැන් අසීමිත පියාව හඳුනනවා. ඔබට නව යුගයෙදී ඔහුගෙන් අසීමිත සතුට ලැබෙන්නට තිබෙනවා. ස්වර්ණමය යුගයට, නව යුගය යැයි කියයි කලි යුගයට පැරණි යුගය යැයි කියයි. ශාස්තෘවරුන් සහ පණ්ඩිතයන් කිසිම දෙයක් නොදනී. නව යුගය, පැරණි වන්නේ කෙසේද කියා ඔබ ඔවුන්ගෙන් කෙනෙකුගෙන් විමසුවහොත්, ඔවුන්ගෙන් එකදු අයෙකුටවත් එය කීමට නොහැකි වෙයි. ඔවුන් පවසන්නේ එය වසර සිය දහස් ගණනක කාරණාවක් බවය. ඔබ නව යුගයෙන් පැරණි ලොවට පැමිණියේ කෙසේද, එනම් දිව්‍යලෝකයේ වැසියන්ගෙන් අපායේ වැසියන් බවට පත් වූයේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. මනුෂ්‍යයින් කිසිම දෙයක් නොදනී. ඔවුන් වන්දනා කරන අයගේ චරිත කතාවත් ඔවුන් නොදනී. ඔවුන් ජගදම්බාව වන්දනා කරන නමුත් අම්බා යනු කවරෙක්ද කියා ඔවුන් නොදනී. ඇත්ත වශයෙන්ම මව්වරුන්ට අම්බා කියා කියන නමුත් එය වන්දනා කරන අයට පමණක් විය යුතුයි. ඇත්තේ, ශිව බාබාගේ එක් අමිශ්‍ර සිහිවටනයක් පමණයි. තවද, සිටින්නේ එක් අම්බා කෙනෙක්ද පමණයි. කෙසේවෙතත්, ජගදම්බා යනු කවරෙක්ද කියා ඔවුන් නොදනී. මෙම කෙනා ජගදම්බා (ලෝක මාතාව) වන අතර, ලෝක අධිරාජිනිය, ලක‍්ෂ්මිය. ලෝක මාතාව කවුරුන්ද, ලෝක අධිරාජිනිය කවරෙක්ද කියා ඔබ දන්නවා. වෙනත් කිසිම කෙනෙකුට මෙම දේවල් වැටහෙන්නේ නැත. ලක‍්ෂ්මිට දේවතාවක් යැයි කියන අතර, ජගදම්බාට බ්‍රහ්මණයෙක් යැයි කියයි. බ්‍රහ්මණයින් සිටින්නේ සංගම යුගයේ පමණයි. කිසිම කෙනෙක් මෙම සංගම යුගය ගැන දන්නේ නැත. අළුත්, වඩාත්ම ශ්‍රේෂ්ඨ ලෝකය, නිර්මාණය වන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙනි. ඔබට එහිදී (ස්වර්ණමය යුගයේ) වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින්ව දැක ගැනීමට හැකි වෙයි. මෙකල, ඔය බ්‍රහ්මණයින් ප්‍රශංසා ලැබීමට සුදුසුයි. ඔබ දැන් සේවය කරන්නන් වන අතර, ඉන්පසුව පිදුම් ලබන්නට සුදුස්සන් බවට පත් වෙයි. බ්‍රහ්මාව, අත් බොහොමයක් සහිතව පෙන්වා තිබේ. එසේ නම් අම්බාව එසේ නොපෙන්වන්නේ ඇයි? සෑම කෙනෙක්ම ඇගේ දරුවෙක්ද වෙයි. ප්‍රජාපිතාද, මව සහ පියාද වෙයි. දරුවන්ට ප්‍රජාපිතා යැයි නොකියයි. ස්වර්ණමය යුගයෙදී, ලක‍්ෂ්මි සහ නාරායන්ට, ලෝක මාතාව සහ ලෝක පිතා යැයි කිසිම විටෙක නොකියයි. ප්‍රජාපිතා යන නාමය සුප්‍රසිද්ධයි. ලෝකයේ මව සහ පියා එක් අයෙක් පමණයි. අන් සියල්ලම ඔහුගේ දරුවන්ය. ඔබ අජ්මිර්හි ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දේවාලයට ගිය විට, ඔහුව බාබා ලෙස හැඳින්විය හැක, මන්ද ඔහු, ප්‍රජාවගේ පියා බැවින්. භෞතික පියවරු දරුවන් නිර්මාණය කරති. එබැවින් ඔවුන් මිනිසුන්ගේ සීමිත පියවරුන්ය. මෙම කෙනා අසීමිතයි. සියලුම ජීවාත්මයන්ගේ අසීමිත පියා, ශිව බාබාය. ඔය දරුවන් මෙම වෙනස ගැන ලිවිය යුතුයි. ජගදම්බා සහ සරස්වතී එක්කෙනෙක් වන නමුත් බොහෝ නම් දී තිබේ - දුර්ගා, කාලී ආදිය. ඔය සෑම කෙනෙක්ම අම්බා සහ බාබාගේ දරුවන්ය. නිර්මාණය මෙයයි. සරස්වතී, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දියණිය වන අතර, ඇයට අම්බා කියාද කියයි. ඉතිරි සියලු දෙනා, පුතනුවන් සහ දියණියන් වන අතර, ඔවුන් සියල්ලම දරුකමට හදාගෙන ඇත. එසේ නැත්නම් මෙතරම් දරුවන් සිටින්නේ කෙසේද? ඔවුන් සියලු දෙනාම මුවින්-උපන් නිර්මාණයයි. භාර්යාවක්, මුවින් නිර්මාණය වන බැවින්, සැමියා, නිර්මාණකරුවෙක් වෙයි. ඔහු පවසන්නේ මෙම කෙනා මගේය මා ඇය සමඟ දරුවන් නිර්මාණය කර ඇත. මේ සියල්ලම හදාගැනීම්ය. මෙය මුවෙන් සිදුවන ආධ්‍යාත්මික නිර්මාණයකි. ජීවාත්ම කොහොමත් සිටිනවා ඔවුන්ව දරුකමට හදාගන්නේ නැත. පරම පියා පවසන්නේ ඔය ජීවාත්ම, සෑම කල්හිම මගේ දරුවන්ය. මා පැමිණ, ඔය දරුවන්ව, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන් දරුකමට හදාගන්නවා. ඔහු ජීවාත්මයන්ව දරුකමට හදාගන්නේ නැත. ඔහු දරුකමට හදාගන්නේ පුත්‍රයින්ව සහ දියණියන්වයි. මේවා වටහා ගත යුතු ඉතාමත්ම සියුම් කරුණුයි. මෙම දේවල් වටහාගැනීමෙන්, ඔබ ලක‍්ෂ්මි සහ නාරායන් බවට පත්වනවා. ඔවුන් එය බවට පත්වන්නේ කෙසේද කියා අපට විස්තර කළ හැක. ඔවුන් ලෝකයේ පාලකයන් වීමට, සිදුකළ ක්‍රියාවන් මොනවාද? ඔබට ප්‍රදර්ශන වලදී විමසිය හැක ඔවුන්ගේ දෙව්ලොව රාජධානිය ඔවුන් හිමි කරගත්තේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔබගෙන් සෑම කෙනෙකුටම නිවැරදිව විස්තර කිරීමට නොහැක. දිව්‍යමය ගුණදම් තිබෙන සහ ආධ්‍යාත්මික සේවයේ නිරතව සිටින අයට විස්තර කළ හැක. අන් සියලුම අය, මායාගේ රෝගයේ සිරගත වී සිටියි. බොහෝ විවිධ මාදිලියේ රෝග තිබේ. ශරීර අවධානයේ රෝගයද තිබේ. ඔබව රෝගී කරවන්නේ පාපයන්ය. පරම පියා පවසන්නේ මා ඔබව පිවිතුරු දේවතාවන් බවට පත් කරවනවා. ඔබ එක්තරා වකවානුවකදී, සියලුම ගුණධර්ම වලින් පිරී, සම්පූර්ණයෙන්ම පිවිතුරුව සිටියා. ඔබ දැන් සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී තිබේ. මෙය පවසන්නේ, අසීමිත පියාය. මෙය අපහාසාත්මක කාරණාවක් නොවෙයි, විස්තර කිරීමක් පමණයි. අසීමිත පියා, භාරතයේ ජනතාවට පවසන්නේ මා මෙහි, භාරතයට පැමිණෙන්නෙමි. භාරතයේ වර්ණනාව, අසීමිතයි. ඔහු මෙහි පැමිණ, අපාය, දෙව්ලොව බවට පරිවර්ථනය කර, අන් සියල්ලන්ටම සාමය පිරිණමයි. එබැවින් එවැනි පියෙකුගේ වර්ණනාවද අනන්තය එයට කෙලවරක් නැත. කිසිම කෙනෙක් ජගදම්බාව හෝ ඇගේ වර්ණනාව නොදනී. ඔබට ජගදම්බාගේ චරිත කතාව සහ ලක‍්ෂ්මිගේ චරිත කතාව අතර වෙනස පෙන්විය හැක. ජගදම්බා, ලක‍්ෂ්මි වෙයි. ඉන්පසුව උපත් 84 ක් ගැනීමෙන් පසුව, ලක‍්ෂ්මි, එම ජගදම්බාම වෙයි. ඔබ විවිධ වර්ගවල පිංතූර තබා ගත යුතුයි. ඔවුන් ලක‍්ෂ්මිව පෙන්වන්නේ පුන්කලසක් අතැතිවයි, නමුත් ලක‍්ෂ්මි, සංගම යුගයේ සිටින්නේ කෙසේද? ඇය සිටින්නේ ස්වර්ණමය යුගයේ පමණයි. පරම පියා මේ සෑම දෙයක්ම විස්තර කර දෙයි. පිංතූර නිර්මාණය කිරීමට පත් කර ඇති අයත්, ඥානයේ මහා සයුර කැලතිය යුතුයි. එවිට විස්තර කිරීමට පහසු වෙයි. ඔබට ඉතා පුළුල්, අසීමිත බුද්ධියක් ඇති විට පමණයි, පරම පියාගේ හදවත තුළට ඇතුළු විය හැකි වන්නේ. ඔබ ඉතා හොඳින් පරම පියාව සිහි කර, ඥානයේ කොත මත අසුන් ගත් විට, ඔබට පරම පියාගේ හදවත තුළට ඇතුළු විය හැකි වෙයි. හොඳින් ඥානය පැවසිය හැකි අයට, පරම පියාගේ හදවතට ඇතුළු විය හැක, කියා දෙයක් නැහැ නැත. පරම පියා පවසන්නේ ඔබ දරන උත්සාහයට අනුව, ඔබ ශාරීරික අවධානය අත්හල විට, ඔබට අවසානයේදී අංක පිළිවෙලට පරම පියාගේ හදවතේ අසුන් ගැනීමට හැකි වෙයි. බ්‍රහම් තත්ත්වය පිළිබඳ දැනුම තිබෙන අය, එය තුළට මුසු වීමට බොහෝ උත්සාහ දරන නමුත්, ඒ අන්දමින් කිසි කෙනෙකුට එයට මුසු විය නොහැකි බව, පරම පියා විස්තර කර ඇත. ඔවුන් උත්සාහ දරා, උසස් තත්ත්වයක් ලබයි. ඔවුන් කෙතරම් මහා ආත්මයන් බවට පත් වන්නේද යත්, ඔවුන්ගේ බර, ප්ලැටිනම් සමඟ කිරා බලයි. කොහොමනමුත්, ඔවුන් බ්‍රහම් තත්ත්වයට මුසු වීමට උත්සාහයක් දරන බැවින්, ඔවුන්ගේ උත්සාහයන්ගේ ඵලය ලබා ගනී. කෙසේවෙතත්, ඔවුන්ට මුක්තිය හෝ ජීවන-මුක්තිය ලබා ගැනීමට බැරිය. මෙම පැරණි ලෝකය අවසන් වීමට ඉතාමත්ම ආසන්න බව ඔය දරුවන් දන්නවා. ඒ සියලුම බෝම්බ නිපදවා තිබෙන්නේ නිකම්ම ගබඩා කර තැබීමට නොවෙයි. පැරණි ලෝකයේ විනාශයට එම බෝම්බ උපයෝගී කරගන්නා බව ඔබ දන්නවා. විවිධ වර්ග වල බෝම්බ තිබේ. පරම පියා දැන් ඔබට ඥානය සහ යෝගාව උගන්වන අතර, ඔබ ඉන්පසුව ද්විත්ව කිරුළු පලන්, රජකුමරුන් සහ කුමරියන්, දේවතාවන් වෙයි. වඩාත් උසස් වන්නේ කුමන තත්ත්වයද? බ්‍රහ්මණ මුදුන් මල්කඩ තිබෙන්නේ ඉහළින්. උසස්ම වන්නේ මුදුන් මල් කඩයි. ඔය දරුවන්ව අපවිත්‍ර බවින් පිවිතුරු කිරීමට, පරම පියා දැන් පැමිණ සිටියි. ඔබත් පාරිශුද්ධකරුවන් වන බව, ඔබ සෑම කෙනෙක්වම පිවිතුරු කර, ඔවුන්ව රජකුමර කුමරියන් බවට පත් කරවන බවට, කුල්මත්භාවයක් ඔබට තිබේද? ඔබට මෙම කුල්මත්භාවය තිබේ නම්, ඔබට බොහෝ සතුට තිබෙනු ඇත. ඔබ කීදෙනෙක්ව ඔබට සමාන කරවන්නේද කියා, ඔබගේ හදවතින් විමසන්න. ප්‍රජාපිතා බ්‍රහ්මා සහ ජගදම්බා සමානයි. ඔවුන් බ්‍රහමනයන්ගේ නිර්මාණය, නිමවනවා. ශුද්‍රයින්ගෙන් බ්‍රහමනයන් බවට පරිවර්ථනය වන මාර්ගය ඔබට පෙන්වන්නේ පරම පියා පමණයි. මෙය කිසිදු පත පොතක සඳහන් කර නැත. මෙය ගීතාවේ යුගයයි. මහා භාරත යුද්ධය, සැබවින්ම ඇති විය. එක්කෙනෙකුට පමණක් රාජයෝගාව උගන්වයිද? මේ නිසයි මිනිසුන්ගේ බුද්ධියේ අර්ජුන සහ ක්‍රිෂ්ණා පමණක් සිටින්නේ. ඔබ බොහෝ දෙනෙක් මෙහි ඉගෙනගනිමින් සිටිනවා. බලන්න, ඔබ කෙතරම් සාමාන්‍ය ලෙසින් මෙතැන අසුන් ගෙන සිටිනවාද කියා. කුඩා දරුවන් ඇල්ෆා සහ බීටා ඉගෙන ගනී. ඔබ මෙතැන අසුන් ගෙන සිටින අතර, ඔබටත් ඇල්ෆා සහ බීටා උගන්වනු ලබනවා. බාබා, ඇල්ෆා වන අතර, ඔබගේ උරුමය, බීටාය. පරම පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. කිසිම රකුසු ක්‍රියාවක් සිදු නොකරන්න. දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න. ඔබ තුළ කිසියම් දුර්වලතාවයක් තිබේද කියා පරීක‍්ෂා කර බලන්න. මට ගුණධර්ම නොමැත, මා ගුණදම් රහිතයි. නිර්ගුණ ආශ්‍රමය කියා, ආශ්‍රමයක් තිබේ, නමුත් ඔවුන් එහි අරුත නොදනී. නිර්ගුණ යනු, මට ගුණධර්ම නැත. ඔබව ගුණදම් ඇති අය බවට පත් කරවීම, පරම පියාගේ කාර්යයයි. ඔවුන් පරම පියාගේ පදවි නාමයේ හිස්වැසුම, ඔවුන්ට ගෙන තිබේ. පරම පියා බොහෝ දේ විස්තර කර, ඔබට උපදෙස්ද ලබා දෙයි. ජගදම්බා සහ ලක‍්ෂ්මි අතර වෙනස පෙන්වන්න. බ්‍රහ්මා සහ සරස්වතී, සංගම යුගයට අයත් වන අතර, ලක‍්ෂ්මි සහ නාරායන් අයත් වන්නේ ස්වර්ණමය යුගයටයි. මෙම පිංතූර තිබෙන්නේ, විස්තර කිරීම සඳහා උපයෝගී කිරීමටයි. සරස්වතී යනු බ්‍රහ්මාගේ දියණියයි. ඔබ ඉගෙනගන්නේ, සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමටයි. ඔබ දැන් බ්‍රහමනයන්ය. ස්වර්ණමය යුගයේ දේවතාවන්ද මනුෂ්‍යයින් වන නමුත් ඔවුන්ට දේවතාවන් කියයි. ඔවුන්ට මනුෂ්‍යයින් කියා කීම අපහාසයක් මෙනි, මේ නිසයි ඔවුන්ට දේවතාවන් හෝ දෙවඟනන් සහ දෙවිවරුන් කියා කියන්නේ. රජවරුන් සහ රැජිනියන්ට, දෙවි දේවතාවන් කියා කියන්නේ නම්, එවිට ඔවුන්ගේ පුරවැසියන්ටද එයම කිව යුතු වෙයි. මේ නිසයි ඔවුන්ට දේවතාවන් යැයි කියන්නේ. ත්‍රිමූර්තියේ පිංතූරයද තිබේ. ස්වර්ණමය යුගයේ මනුෂ්‍යයින් ඉතාම ටික දෙනෙක් සිටින අතර කලි යුගයේ මනුෂ්‍යයින් බොහෝමයක් සිටියි. මෙය විස්තර කළ හැක්කේ කෙසේද? මේ සඳහා, චක්‍රයේ පිංතූරය අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඔබ ප්‍රදර්ශන වලට පැමිණෙන්නට කියා බොහෝ දෙනෙකුට ආරාධනා කරයි. තවමත් රේගු නිලධාරීයාට කිසි කෙනෙක් ආරාධනා කර නැත. ඔබ මේ අන්දමින් ආවර්ජනය කළ යුතුයි. මේ සඳහා අසීමිත බුද්ධියක් අවශ්‍යයි. ඔබට පරම පියා කෙරෙහි ගෞරවයක් තිබිය යුතුයි. ඔවුන් හුසේන්ගේ අශ්වයාව බොහෝ සෙයින් සරසයි. අශ්වයාගේ හිසේ ඇති පටිය ඉතා කුඩා වන නමුත් අශ්වයා ඉතා විශාලයි. ජීවාත්මයක්, ඉතාමත්ම කුඩා තිතක් පමණක් වන නමුත් ඔහුගේ සැරසිල්ල ඉතා විශාලයි. මෙය අමරණීය ස්වරූපයේ සිහසුනයි. ඔවුන් සර්ව ව්‍යාප්ත බවේ කරුණ ගෙන තිබෙන්නේ, ගීතාවෙනි. පරම පියා පවසන්නේ මා ඔය ජීවාත්මයන්ට රාජයෝගාව උගන්වනවා. එබැවින් මා සර්ව ව්‍යාප්ත වන්නේ කෙසේද? පියා, ගුරුවරයා සහ ගුරූ, සර්ව ව්‍යාප්ත වන්නේ කෙසේද? පරම පියා පවසන්නේ මා ඔබගේ පරම පියා වන අතර, ඥානයේ මහා සාගරයද වෙමි. ඔබ මෙම අසීමිත ඉතිහාසය සහ භූගෝලය තේරුම් ගන්නා විට, ඔබට අසීමිත රාජධානිය ලැබෙනවා. ඒ සමඟම ඔබ දිව්‍යමය ගුණධර්මද ධාරණය කර ගත යුතුයි. මායා ඔබව නාසයෙන් හසු කරගන්නවා. කෙනෙකුගේ ක්‍රියාකාරකම් කිලිටි වන විට, ඔහු එවන් වරදක් සිදු කර ඇති බව, පියාට ලිපියක් එවයි. ඔහු පවසන්නේ මා මාගේ මුහුණේ දැලි ගාගෙන තිබේ. මෙහිදී ඔබට පාරිශුද්ධතාවය උගන්වනු ලබනවා. එබැවින් යමෙක් ඇද වැටෙන්නේ නම්, පරම පියා ඒ ගැන කුමක් කරන්නද? නිවසේදී, දරුවෙක් අපිරිසිදු ක්‍රියා සිදුකර, ඔහුගේ මුහුණේ දැලි ගාගන්නේ නම්, ඔහුගේ පියා මෙසේ කියනු ඇත, ඔබ මැරුණා නම් මීට වඩා හොඳයි! මෙය නාටකයේ තිබෙන බව, අසීමිත පියා දන්නා නමුත්, ඔහුද එසේම කියනු ඇති නේද? මෙම ඉගැන්වීම් වෙන අයට ලබා දීමෙන් පසුව, ඔබ වැටෙන්නේ නම්, ඔබ දහස් ගුණයක දඬුවම් එක්රැස් කරගන්නේය. සමහරු පවසන්නේ මායා මට කම්මුල් පහරක් ගැසුවා. මායා ඔබට කෙසේ පහර දෙන්නේද යත්, ඔබගේ නුවණ සම්පූර්ණයෙන්ම නැතී වී යයි. පරම පියා දිගටම විස්තර කරන්නේ එම දෑස් ඔබව බොහෝ සේ මුලා කරයි. කිසිම පාපකාරී ක්‍රියාවක් සිදුකරන්න එපා. ඔබ සටන් භූමියක සිටින බැවින්, බොහෝ කුණාටු පැමිණෙයි. කුමක් සිදු විය හැකිද කියා ඔබ නොදනී. මායා විගසින් ඔබට කම්මුල් පහරක් ගසයි. ඔබ දැන් බොහෝ සෙයින් නුවණැත්තන් බවට පත් වනවා. නුවණ ඇති අය බවට පත්වන්නේ ජීවාත්මයි නුවණ නොමැතිව සිටියේ ජීවාත්මයි. පරම පියා දැන් අපව, නුවණ ඇති අය බවට පත් කරවනවා. බොහෝ දෙනෙක් තවමත් සිටින්නේ ශරීර අවධානයෙනි. ඔවුන් ජීවාත්ම බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ජීවාත්ම වන අපටයි පරම පියා උගන්වන්නේ. ජීවාත්මය වන මා, මෙම දෙසවන් වලින් අසනවා. පරම පියා පවසන්නේ දූෂිත කිසි දේකට සවන් දීමට, ඔබගේ දෙසවනට ඉඩ නොදෙන්න. පරම පියා ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. මෙය ඉතාමත්ම ඉහළ අරමුණකි. මරණය ලංවත්ම ඔබට බිය ඇති වෙයි. කෙනෙක් මිය යාමට ආසන්න වූ විට, ඔහුගේ නෑදෑ මිතුරන් ඔහුට පවසන්නේ දෙවියන්ව සිහිකරන්න! එසේ නැත්නම් ඔබගේ ගුරූව සිහි කරන්න! ඔවුන් ශාරීරික ජීවීන්ව සිහි කරන්න ඔබට කියා දෙයි. පරම පියා පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න. ඔය දරුවන්ගේ බුද්ධිය තුළ මෙය තිබේ. නිරන්තරයෙන් ඔහුව පමණක් සිහිපත් කරන්නට කියා, පරම පියා ඔබට නියෝග කරයි. ශාරීරික ජීවයන්ව සිහි නොකරන්න. මව සහ පියා ද ශාරීරික ජීවයන් නොවේද? මා සම්පූර්ණයෙන්ම රූපයක් නොමැත්තෙක්මි. මා අශාරීරිකයි. මා මෙම කෙනා තුළ අසුන් ගෙන ඔබට ඥානය ලබා දෙන්නෙමි. ඔබ දැන් ඥානය සහ යෝගාව ඉගෙන ගන්නවා. ඔබ පවසන්නේ, ඔබ මෙම ඥානය, පරම පියා වන ඥාන සාගරයෙන් ඉගෙනගන්නේ, රජකුමර කුමරියන් වීම සඳහා කියාය. ඥානයේ මහා සයුර, ඔබට ඥානය උගන්වන අතර රාජයෝගාව ද උගන්වයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නුවණ ඇති අය වී, මායාගේ කුණාටු වලින් කිසිම විටෙක පරාජයට පත් නොවන්න. දෑස් ඔබව මුලා කරන බැවින් ඔබ තමන්ව ප්‍රවේසම් කර ගත යුතුයි. කිසිම දූෂිත දේකට සවන් දීමට, ඔබගේ දෙසවනට ඉඩ නොදෙන්න.

2. තම හදවතින් විමසන්න මා කී දෙනෙක්ව මා හට සමාන කර තිබේද? මා අධිපති පාරිශුද්ධකරුවෙක් වී තිබේද, එමෙන්ම අන් අයව පිවිතුරු කිරීමේ (ඔවුන්ව රජකුමර කුමරියන් බවට පත් කිරීමට) සේවය කරන්නේද?, මා තුළ කිසියම් දුර්වලතා තිබේද? මා කෙතරම් ප්‍රමාණයකට දිව්‍යමය ගුණධර්ම ධාරණය කර තිබේද?

වරදානය:
ඔබ දයාවෙන් පිරි පියාගේ දයාවන්ත දරුවන් වී, සියලු දෙනාටම ඔවුන්ගේ ගමනාන්තය පෙන්වන්න.

දයාවෙන් පිරි පියාගේ දයාවෙන් පිරි දරුවන්, යාචකයෙක් මෙන් හැසිරෙන කෙනෙකු දුටු විට, ඔහුට යහපතක් සිදුවිය යුතු බවත්, ඔහු තම ගමනාන්තය සොයාගත යුතු බවට දයාව ඇති වෙයි. එවන් ජීවාත්ම සමඟ සම්බන්ධ වන ඔබගෙන් කවුරු වුවත්, අනිවාර්යෙන් පරම පියාගේ හැඳින්වීම ඔවුන්ට ලබා දෙයි. කෙනෙක් ඔබගේ නිවසට පැමිණි විට, ඔබ ප්‍රථමයෙන් ඔවුන්ට බීමට ජලය පිළිගන්වන අතර එම පුද්ගලයා කිසිවක් පිළිනොගෙන පිටත් වන්නේ නම්, එය හොඳ නැති බව සැලකෙයි. ඒ ආකාරයෙන්ම ඔබ සමඟ සම්බන්ධ වන කවරෙකුට වුවත් ඔබ අනිවාර්යෙන් පරම පියාගේ හැඳින්වීමේ ජලය පිදිය යුතුයි, එනම්, දානපතිගේ දරුවන් ලෙසින් දානපතියන් වී, ඔවුන්ට ගමනාන්තයට ලඟා විමට අනිවාර්යෙන් යමක් ලබා දෙන්න.

පාඨය:
නිරාශාවේ නිවැරදි ආකල්පයක් හි පහසු අරුත වන්නේ, ඔබ නොබැඳී සිටින තරමටම සෙනෙහසින් යුතුව සිටීමයි.