16.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දියමන්තියක් ලෙසින් තිබුණු භාරතය අපිරිසිඳු වීම නිසා, දුප්පත් බවට පත් වී
ඇත. ඔබ එය නැවතත් දියමන්තියක් සේ පාරිශුද්ධියට පත් කළ යුතුය. ඔබට ඇත්තේ මිහිරි
දේවතා වෘක්ෂයේ පැළෑටිය සිටුවන්නටයි.
ප්‍රශ්නය:
දරුවන්
උදව්කරුවන් බවට පත් වීමට ඇති පියාගේ කාර්යයන් මොනවාද?
පිළිතුර:
පියාගේ කාර්යයන් වන්නේ මුළු ලොව පුරාම දේවතා රාජ්‍යය ස්ථාපනය කිරීම, බොහෝ වූ ආගම්
නැති කර එකම සත්‍ය ආගම දහම ස්ථාපනය කිරීම යන ඒවාය. මේ කාර්යයන්හි ඔබ දරුවන්
උදව්කරුවන් විය යුතුව ඇත. ඉහළ තත්ත්වයක් ලැබීමට ඔබ උත්සාහ කළ යුතුව ඇත. කොහොමත් ඔබ
දෙව්ලොව යනවානේ කියා නොසිතන්න.
ගීතය:
මවත් ඔබයි මට
පියත් ඔබයි...
ඕම් ශාන්ති.
ලෝකයේ මිනිසුන් මෙසේ ගයයි ‘මවත් ඔබයි මට පියත් ඔබයි‘, නමුත් මේ කියන්නේ කවුරු ගැන
දැයි ඔවුන් නොදනී. මෙය විශ්මිත කරුණකි. ඔවුන් එය කියන්නන්වාලේ කියයි. මේ මව හා පියා
කවුදැයි සත්‍යයෙන්ම ඔබේ බුද්ධිය තුළ ඇත. ඔහු වූ කළී උත්තරීතර දනව්වේ වාසය කරන්නාය.
උත්තරීතර දනව්ව ලෙස ඇත්තේ එකකි. ස්වර්ණමය යුගය උත්තරීතර දනව්ව යැයි කිව නොහැක.
ස්වර්ණමය යුගය ඇත්තේ මෙහි වන අතර, අප වූ කළී උත්තරීතර දනව්වේ වාසය කරන අයයි. ඔබ
ජීවාත්ම සත්තාවන් දන්නවා උත්තරීතර දනව්ව වන නිර්වාණයේ සිට මෙම ශාරීරික ලෝකයට ආ බව.
දෙව්ලොව ඇත්තේ ඉහළක නොවේ. ඔබ එන්නේ උත්තරීතර දනව්වේ සිටයි. ඔබ දරුවන් දන්නවා, ඔබ
ජීවාත්ම සත්තාවන් ශරීර තුළින් ඔබේ කොටස් රඟපාන බව. ඔබ දැන් දන්නවා ඔබ කොපමණ උපත්
ගන්නවාද සහ ඔබ කෙසේ ඔබේ කොටස් රඟපානවාද කියා. ඔහු ඈත දනව්වේ වැසියා වන අතර, මෙම පිට
දේශයට පැමිණ ඇත. ඇයි එයට පිට දේශය කියන්නේ? ඔබ එන්නේ භාරතයට නේද? කොහොමනමුත්, ඔබ
මුලින් පියා විසින් ස්ථාපනය කළ දෙව්ලොවට ගොස් එය අපාය වූ කළ එය රාවණ්ගේ රාජ්‍යය වන
අපාය බවට පත් වෙයි. එහි බොහෝ ආගම් සහ බොහෝ ආණ්ඩු තිබේ. එවිට පියා පැමිණ එකම
රාජධානියක් නිර්මාණය කරයි. දැන් බොහෝ ආණ්ඩු ඇත. ඔවුන් දිගටම කියන්නේ සියලු දෙනා
එකතු වී එකක් විය යුතු බවයි. එසේ වන්නේ කෙසේද? අවුරුදු 5000කට පෙර භාරතයේ එකම
ආණ්ඩුවක් තිබුණි. ලක්ෂ්මි නාරායන් ලෝක සර්ව බලධාරීන් විය. ලෝකය පාලනය කළ හැකි වෙනත්
අධිකාරියක් නැත. සියලුම ආගම් එක ආගමක් විය නොහැකිය. දෙව් ලොව තිබුණේ එකම ආණ්ඩුවක්
නිසා සියල්ල එකක් විය යුතු බව ඔවුන් කියයි. පියා මෙසේ කියයි මා බොහෝ ආණ්ඩු විනාශ
කිරීමට දැන් කටයුතු කරන අතර, එකම ආදී සනාතන දිව්‍ය ආණ්ඩුව ස්ථාපනය කරයි. ඔබත් මෙසේ
කියයි සියලු බල තියෙන කෙනා වන ලෝක සර්ව බලධාරියාගේ ශ්‍රීමත් අනූව භාරතයේ එක දිව්‍ය
රාජ්‍යයක් අපි ස්ථාපනය කරමු. දිව්‍ය රජය හැරුණු විට එකම රජයක් කොහෙවත් තිබිය
නොහැකිය. අවුරුදු 5000කට පෙර මුළු ලෝකයටම තිබුණේ, භාරතයේ වූ එකම දිව්‍ය රාජ්‍යයයි.
පියා දැන් පැමිණ නැවතත් දිව්‍ය රාජ්‍යය ස්ථාපනය කරයි. අපි ඔහුගේ උදව් කරන්නෝ වෙමු.
මෙම රහස ගීතාවේ සඳහන්ය. මෙය රුද්‍රා ග්‍යාන් යාගය වේ. අශරීරික රුද්‍රා යනු අශරීරික
කෙනාය. ඔබ කොහොමත් දෙව්ලොවට යනවා යැයි සිතමින් සතුටට පත් නොවන්න. බලන්න, අපාය තුළ
තත්ත්වයක් ලැබීමට මිනිසුන් කොපමණ වලි කනවාද කියා! පළමුව ඔවුන් තත්ත්වයක් ලබාගෙන,
දෙවනුව බොහෝ මුදල් උපයයි. භක්තිවන්තයින්ට එකම දෙවියන් අවශ්‍යය. නැතිනම් ඔවුන් අතරමං
වේ. මෙහිදී සියලු දෙනා දෙවියන් යැයි ඔවුන් කියයි. ඔවුන් සළකන්නේ බොහෝ අවතාර ඇති
බවයි. පියා මෙසේ කියයි මා පැමිණෙන්නේ එක්වරකි. ඔවුන් මෙසේ ගයයි පාරිශුද්ධකරුවාණනි,
එන්න. මුළු ලොවම අපිරිසිඳු අතර, භාරතය වඩාත් අපිරිසිඳුය. භාරතය දුප්පත් නමුත්, එය
ඉස්සර දියමන්තියක් ලෙස තිබුණි. ඔබට නව ලෝකයේ රාජ්‍යයක් ලැබේ. ක්‍රිෂ්ණා දෙවියන්
නොවේ යැයි පියා විස්තර කරයි. උපතත් මරණයත් අභිබවා ඇති අශරීරික පරම පියා, පරමාත්මය
දෙවියන් යැයි හැඳින්වේ. මිනිසුන් මෙසේ කියයි ඔහුත් දෙවියන්ය. මාත් දෙවියන්ය. අප
මෙහි පැමිණියේ විනෝද වීමටය. ඔවුන් බොහෝ කුල්මත් වී සිටී. ‘මා බැලු බැලු තැන
පෙනෙන්නේ ඔබයි‘ මේ විශ්මයයි. මා ඔබ වන අතර ඔබ මාය. ඔවුන් දිගටම නටත්දී අනුගාමිකයින්
දහස් ගණනක් ඇත. පියා මෙසේ කියයි භක්තිවන්තයින් දෙවියන්ට දිගටම යාඥා කරයි. භක්ති
මාර්ගයේ දී ඔවුන් බොහෝ ශ්‍රද්ධාවෙන් දෙවියන් වඳියි. බාබා මෙසේ කියයි මම ඔවුන්ට
දර්ශන දෙමි. නමුත් ඔවුන්ට මාව මුණගැසෙන්නේ නැත. මා දෙව්ලොව නිර්මාණකයාය. මා ඔවුන්ට
දෙව්ලොව උරුමය දෙන්නේ නැත. ඇත්තේ එකම දෙවියන්ය. පියා මෙසේ කියයි නැවත නැවත ඉපදීමෙන්
සැම කෙනෙක්ම දුබල බවට පත් වී ඇත. මම දැන් උත්තරීතර දනව්වෙන් පැමිණ සිටිමි. මා, මා
ස්ථාපනය කරන දෙව්ලොවට ඇතුළු නොවෙමි. බොහෝ මිනිසුන් පරාර්ථකාමී සේවයක් කරන නමුත්,
ඔවුන්ට අවශ්‍ය වුවත් නැතත්, ඔවුන් කරන දෙයෙහි ඵලය ඔවුන්ට ලැබේ. ඔවුන් දන් දෙන අතර
ඔවුන්ට එහි ඵලය නියතයෙන් ම ලැබේ. ඔබ ධනවත් වන්නේ ඔබ අතීතයේ දී දන් දී පින් කර ඇති
නිසාය. ඔබ දැන් උත්සාහ කරමින් සිටී. ඔබ උත්සාහ කරන තරමට අනාගතයේ දී ඔබට ඉහළ තත්ත්වය
ලැබේ. ඔබට දැන් ඔබේ අනාගත උපත් වෙනුවෙන් කුසළ ක්‍රියා කිරීමට ඉගැන්වේ. මිනිසුන් එය
කරන්නේ ඊළඟ උපත සඳහාය. ඔවුන් ද එය අතීත ක්‍රියා වල ඵලය යැයි කියයි. මේවා රන් හා
රිදී යුගයේ ඇතැයි ඔබ නොකියයි. දැන් උපත් 21 කට ඵල ලබන ක්‍රියා සූදානම් වේ. සංගම
යුගයේ කළ උත්සාහයේ ඵලය පරම්පරා 21 ක් තුළ දිවෙයි. ඔබට උපත් 21 කට සතුටු වීමට හැකි
දෙයක් ඔවුන් කළේ යැයි සන්‍යාසීන් නොකියයි. හොඳ ඵලත් නරක ඵලත් දීමට දෙවියන් සිටී.
ඔවුන් චක්‍රයේ කාල සීමාව දික් කිරීමෙන් එකම වරදක් කර ඇත. චක්‍රය අවුරුදු 5000ක්
යැයි බොහෝ අය කියයි. මුස්ලිම් කෙනෙක් ඔබ වෙත පැමිණ චක්‍රයේ කාලය ඇත්තටම 5000ක් යැයි
කීවේය. ඔහුට අප මෙහි කියන දේ ඇසී ඇත. පිංතූර හැම තැනටම ගෙන ගියත් සෑම කෙනෙක් ම මෙය
විශ්වාස නොකරයි. ඔබ මෙය විනාශයේ ගිණි දැල් ඇවිලෙන රුද්‍රාගේ ග්‍යාන් යාගය බව දනී.
මෙහි ඉගැන්වෙන්නේ පහසු රාජයෝගාවයි. ක්‍රිෂ්ණා දැන් ඔහුගේ අවසාන උපතේ සිටින අතර ඔහු
ශිවා (රුද්‍රා) ගෙන් ඔහුගේ උරුමය ලබා ගනී. ඔහු මෙහි සිටී. පියා මොහුගෙන් වෙනස්ය.
බ්‍රාහ්මණ පූජකයෙකුට කෑම දී ජීවාත්ම සත්තාවකට ආරාධනය කළ විට එය බ්‍රාහ්මණයාගේ
ශරීරයට ඇතුළු වී කතාකරයි. මිනිසුන් වන්දනා ගමන් ගොස් ජීවාත්ම සත්තාවන්ට අඬගසයි. එය
ගොස් බොහෝ කල්ය, එසේනම් ඔහු පැමිණෙන්නේ කෙසේද? ජීවාත්ම සත්තාව මෙසේ කියයි මම
සතුටින් සිටිමි. මම අහවල් ගෙදර උපත ලබා සිටිමි. එහිදී සිදුවන්නේ කුමක්ද? ජීවාත්ම
සත්තාව එහි සිට මෙහි ආවාද? පියා මෙසේ විස්තර කරයි මා ඔවුන්ට ඔවුන්ගේ භක්තියේ ඵලය
දෙන විට ඔවුන් සතුටු වේ. මෙයද නාටකයේ රහසකි. ඔවුන් කතා කරන අතර ඒ කොටස දිගටම යයි.
කෙනෙක් කතා නොකරනවා නම්, ඒ එය නියමිතව නැති නිසයි. පියාගේ ස්මෘතියෙන් සිටින විට
ඔබගේ පව් විනාශ වේ. වෙනත් ක්‍රමයක් නැත. සෑම කෙනෙක් ම සතෝ, රජෝ, තමෝ යන
තත්ත්වයන්ගෙන් යා යුතුය. පියා මෙසේ කියයි මම ඔබ නව ලෝකයේ හිමිකරුවන් කරවමි. මම
නැවතත් උත්තරීතර දනව්වෙන් මෙම වියපත් ලෝකයට පැමිණ, වියපත් සිරුරකට ඇතුළු වීමි. මොහු
වන්දනාවට සුදුසු වී සිටියා. ඔහු වන්දනාකරුවෙක් වී සිට දැන් නැවතත් වන්දනාවට සුදුසු
වෙමින් සිටී. එයම ඔබටත් අදාලයි. මම ඔබවත් එසේම කරවමි. මොහු අංක එකේ උත්සාහකරුවාය. ඒ
නිසයි ඔබ කියන්නේ, ‘මාතේශ්වරී, පිතාශ්‍රී‘ කියා. පියා මෙසේ කියයි සිහසුනේ වාඩිවීමට
උත්සාහ කරන්න. මේ ජගදම්මා සියලු දෙනාගේ අභිලාශයන් ඉටු කරයි. මවක් සිටින්නා සේ,
පියාද, දරුවන්ද සිටී. ඔබ සැමට මාර්ගය කියයි. ඔබේ සියලු අභිලාශයන් සත් යුගයේ දී
සපිරේ. බාබා මෙසේ කියයි මෙහි ජීවත් වන අයට වඩා හොඳ තත්ත්වයක්, ඔබ ගෙදර සිටිමින්
පූර්ණ යෝගා ඇති විට ඔබට ලැබේ. බැඳීම් ඇති බොහෝ අය ඇත. ඊයේ රෑ බාබා ස්වදේශ ඇමති
තුමාට විස්තර කරමින් සිටියා. දුබල අයට පහර දීම නවතාලීමට විසඳුමක් සෙවිය යුතු බව.
කොහොමනමුත්, ඔවුන් මේ ගැන සිතන්නේ තුන් හතර පාරක් කියූ විටය. ඔවුන්ට වාසනාව තිබේ
නම් මෙය පිළිගනී. මේ ඥානය ඉතා ලිස්සා යන සුළුය. සික් ආගමේ අය මෙය දැන ගත් විට ඔවුන්
මෙම කියමන තේරුම් ගනීවි ‘මනුෂ්‍යයින්ගෙන් දෙවියන් සෑදීමට දිගු කලක් ගත නොවේ.‘ එය
කළේ කවුද? ඔවුන් ඔහුගේ වර්ණනාව මෙසේ කරයි අමරණීය ප්‍රතිබිම්භය වන සත්‍යය නම් වූ
තැනැත්තා එකම අශරීරික කෙනාය. ඔහුගේ සිහසුන බ්‍රහ්ම ධාතුවයි. ඔබේ සිහසුන අතැර මෙහි
එන්න! පියා මෙහි සිට ඔබට මෙසේ විස්තර කරයි. ඔහු මුළු ලොව ආරම්භය, මධ්‍යය හා අවසානය
දනී. ඒ ඔහු හෑම කෙනාගේම හදවතේ ඇති දේ දන්නවායැයි කීම නොවේ. ඔවුන් දෙවියන්
සිහිකරන්නේ ඔවුන්ගේ ගැලවුම්කරුවා වශයෙනි. පියා මෙසේ පවසයි මා ලෝක සර්ව බලධාරී
දිව්‍ය ආණ්ඩුව ස්ථාපනය කරයි. සිදු වී ඇති, බෙදා වෙන් කිරීම් සියල්ල අහෝසි වේ. අපේ
දේවි දේවතා ආගමට අයත් අයගේ පැළෑටිය සිටු වේ. වෘක්ෂය ඉතා විශාලය. එහි මිහිරිතමයෝ
දේවි දේවතාවෝ වෙති. එම පැළය සිටුවා ඇත. අනිත් බොහෝ ආගම් රැගෙන එන අය. එසේ පැළ
නොසිටුවයි. අච්චා.
අද සත්ගුරු දිනයයි.
පියා මෙසේ කියයි දරුවනි, ශ්‍රීමත් අනුගමනය කරමින් පිරිසිඳු වන්න. මම ඔබව ආපසු
ගෙනයමි. එවිට ඔබ වෙල්වට් රැජිණක් වන්නේද, සිල්ක් රැජිණක් වන්නේද යන්න මගේ ශ්‍රීමත්
පිළිපැදීම මත සිදු වේ. ඔබ අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වන්නේ ස්මෘතිය තුළිනි.
අච්චා. බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වූ දරුවන්ට මිහිරි මමා ගෙන් සහ බාප්දාදා ගෙන්
සෙනෙහස, ස්මෘතිය සහ නමස්කාරය.
ධාරණය සඳහා සාරාංශය:
1. සංගම යුගයේ
උත්සාහයේ ඵලය උපත් 21 ක් පවතී. මෙය සිහියේ තබාගෙන ඔබේ උසස් ක්‍රියා වල යෙදෙන්න.
ඥානය දානය කරමින්, ඔබේ තිළිණය නිමවා ගන්න.
2. මිහිරි දේවතා
වෘක්ෂයේ පැළය සිටුවා තිබේ. ඒ නිසා අත්‍යන්තයෙන්ම මිහිරි වන්න.
වරදානය:
ඔබගේ බ්‍රහ්මණ
උපතේ විශේෂත්වය සහ අසහාය බව ඔබගේ අවධානයේ තබාගෙන නොබැඳි නිරීක්ෂකයෙක් ලෙසින් සේවය
කරත්වා.
මෙම බ්‍රහ්මින් උපත
දිව්‍යමය උපතකි. සාමාන්‍ය මිනිසුන් ඔවුන්ගේ උපන්දින, මංගල දින, මිතුරු දින, වෙන්
වෙන්ව සමරන නමුත් ඔබගේ උපන් දිනය, මංගල දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය සහ
විවාහ ගිවිස ගැනීමේ දිනය යන සියල්ලම එකයි, මන්ද, ඔබ සියලු දෙනාම එක් පියාට හැර
වෙනත් කිසිවෙකුට අයත් නොවීමට පොරොන්දු වී ඇති නිසා. එබැවින් මෙම උපතේ විශේෂත්වය සහ
අසහාය බව ඔබගේ අවධානයේ තබා ගෙන සේවය කිරීමේ ඔබගේ චරිත කොටස රඟපාන්න. සේවය කිරීමේදි
අන් අයගේ සහකරුවන් වන්න, නමුත් නොබැඳි නරඹන්නෙක්ව රැඳී සිටිමින් සහකරුවෙක් වන්න.
කිසිම කෙනෙකුට සුළුවෙන් හෝ යටහත් බවක් නොතිබිය යුතුයි.
පාඨය:
සැහැල්ලු
අධිරාජවරයෙක් යනු, ඔහුගේ ජීවිතයේ නිරහංකාරකම සහ අධිකාරිත්වය ඇති කෙනෙකි.
මාතේෂ්වරියගේ උසස්
වැකි
පරමාත්මය සහ ජිවාත්මය
අතර ඇති වෙනස.
ජීවාත්ම සත්තාවත්
පරමාත්මයත් දිගු කාලයක් වෙන් ව සිටි අතර සත්ගුරු ඒජන්තයෙකුගේ ස්වරූපයෙන් හමු වීමෙන්
හමුවීම සුන්දර හමුවක් විය. මෙසේ කියන විට එහි නිවැරදිම තේරුම නම් ජීවාත්ම සත්තාවන්
පරමාත්මයෙන් බොහෝ කාලයක් වෙන්ව සිටි බවයි. ‘දිගු කාලයක්‘ යනු බොහෝ කාලයක් වෙන්ව
සිටි බව සේම ඉන් ඔප්පු වන්නේ ජීවාත්ම සත්තාවන් සහ පරමාත්ම යන්න පැහැදිලි දෙකක්
යන්නයි. මූලික වෙනස්කමක් මේ දෙක අතර තිබෙන නමුත් මිනිසුන් ඔහුව හරිහැටි හඳුනා
නොගැනීම නිසා එහි තේරුම ‘මා වන ජීවාත්ම සත්තාව පරමාත්මය ද වෙයි‘ යනුවෙන් වරදවා
ගැනීමයි. මායා ගේ බලපෑම නිසා, ඔවුන්ගේ මුල් ස්වරූපය අමතක වී ඇත. මායාගේ බලපෑමෙන්
මිදුණු විට බාප්සමාන් වෙයි. එමනිසා, ඒ අනුව ජීවාත්ම සත්තාවන් වෙනස් ලෙස සැලකෙයි.
ඉනික්බිතිව ‘මා යන ජීවාත්ම සත්තාව දෙවියන් වේ‘ යන්න කියන අයද සිටින නමුත් ජීවාත්ම
සත්තාවන්ට ඔවුන්ම අමතක වී ඇති නිසා ඔවුන් සිටින්නේ අසතුටින්ය. මේවා හරියට හඳුනාගෙන
පාරිශුද්ධියට පත් වූ විට ජීවාත්ම සත්තාවන් පරමාත්මය හා එක් වෙයි. ඔවුන් ජීවාත්ම
සත්තාවන් වෙනස් ලෙස දකින නමුත්, අප දන්නවා ජීවාත්ම සත්තාව හා පරමාත්මය වෙනස් දෙකක්
බව. ජීවාත්ම සත්තාවකට දෙවියන් විය නොහැකි වන අතර පරමාත්මය තුළට ගිලී යාමද සිදු
නොවේ. පරමාත්මය කිසි ලෙසකින් බලපෑමකට හෝ ආවරණයකින් වැසී නොයයි.