17.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔය බ්‍රහ්මණයන්, දේවතාවන් වෙයි. ඔබ භාරතය දිව්‍ය ලෝකකය බවට පත් කරවයි. එබැවින් බ්‍රහ්මණ වංශයට අයත් වීමේ කුල්මත්භාවය ඔබට තිබිය යුතුයි.

ප්‍රශ්නය:
සැබෑ බ්‍රහ්මණයන්ගේ සලකුණු මොනවාද?

පිළිතුර:
1) සැබෑ බ්‍රහ්මණයින්ගේ නැංගුරම මෙම පැරණි ලෝකයෙන් ඔසවා ඇත. ඔවුන් මෙම පැරණි ලෝකයේ වෙරළ, දමා ගොස් ඇති සේය. 2) ඔවුන්ගේ දෑතින් සෑම දෙයක්ම කරන අතර, සැබෑ බ්‍රහ්මණයින් ඔවුන්ගේ බුද්ධිය, පරම පියාගේ සිහිකිරීමේ තබා ගනී, එනම් ඔවුන් කර්ම යෝගීන්ය. 3) බ්‍රහ්මණයෙක් යනු නෙළුම් මලක් වන් කෙනෙකි. 4) බ්‍රහ්මණයෙක් යනු ජීවාත්ම අවධානයෙන් සිටීමට නිරන්තරයෙන් උත්සාහ දරන කෙනෙකි. 5) බ්‍රහ්මණයෙක් යනු රාගය යන මහා සතුරා ජය ගන්නා කෙනෙකි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. කුමන දරුවන්ටද? ඔය බ්‍රහ්මණයින්ට. ඔබ දේවතාවන් වීමට යන බ්‍රහ්මණයින් බව කිසි විටෙක අමතක නොකරන්න. තවද ඔබ විවිධ වංශද සිහියේ තබා ගත යුතුයි. මෙහි සිටින්නේ ඔය බ්‍රහ්මණයින් පමණයි. අසීමිත පියා ඔය බ්‍රහ්මණයින්ට උගන්වයි. මෙම බ්‍රහ්ම ඔබට උගන්වන්නේ නැත. ශිව බාබා ඔබට බ්‍රහ්මගේ මාර්ගයෙන් උගන්වයි. ඔහු උගන්වන්නේ ඔය බ්‍රහ්මණයින්ට පමණයි. කෙනෙකුට, පළමුව, බ්‍රහ්මණයෙක් නොවී, ශුද්‍රයෙක්ගෙන් දේවතාවක් විය නොහැක. ඔබට ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි වෙයි. එම ශිව බාබා සියල්ලන්ගේම පියාය. මෙම බ්‍රහ්මට මීමුත්තා යැයි කියයි. සෑම කෙනෙකුටම ලෞකික පියෙක් සිටියි. භක්ති මාර්ගයේ සෑම කෙනෙක්ම, මෙම ලෝකයට එපිටින් සිටින පියාව සිහි කරයි. මෙම කෙනා කිසි කෙනෙක් නොදන්නා, සූක‍්ෂම පියා බව ඔය දරුවන්ට දැන් වැටහෙයි. බ්‍රහ්මට දේවාලයක් තිබෙන නමුත්, ඇතැම් මිනිසුන් මහාවීර් හෝ දිල්වාලා ලෙස හඳුන්වන, ප්‍රජාපිතා ආදි දේව්ටද මෙහි දේවාලයක් තිබේ. ඇත්ත වශයෙන්ම සත්‍ය දිල්වාලා (හදවත් ජය ගන්නා) වන්නේ ප්‍රජාපිතා බ්‍රහ්ම, ආදි දේව් නොව, එය ශිව බාබාය. සියලු ජීවාත්ම නිරන්තරයෙන් සතුටට පත් කර, ඔවුන්ට ප්‍රීතිය ගෙන එන්නේ ඒකායන පියා පමණයි. මෙය දන්නේ ඔබ පමණයි. ලෝකයා කිසි දෙයක් නොදනී ඔවුන්ට තිබෙන්නේ පහත් බුද්ධිය. බ්‍රහ්මණයින් වන අපට ශිව බාබාගෙන් අපගේ උරුමය ලැබෙනවා. ඔබට පවා මෙය නැවත නැවතත් අමතක වෙයි. සිහිපත් කිරීම ඉතා පහසුයි. සන්යාසීන් යෝගා යන වචනය භාවිත කරයි. ඔබ නිකම්ම පියාව සිහි කරයි. යෝගා යන වචනය සුලභය. මෙම ස්ථානයට යෝගා ආශ්‍රමයක් කියා කිව නොහැක, මන්ද මෙහි අසුන්ගෙන සිටින්නේ පියා සහ දරුවන්ය. ඔවුන්ගේ අසීමිත පියාව සිහිපත් කිරීම, දරුවන්ගේ වගකීමයි. අප බ්‍රහ්මණයන් වන අතර, බ්‍රහ්මගේ මාර්ගයෙන් අපගේ සීයාගේ උරුමය අපට ලැබෙනවා. මේ නිසයි ශිව බාබා පවසන්නේ හැකි තාක් පමණින් සිහිපත් කිරීමේ සිටින්න. ඔබට සිහිපත් කිරීමට උදව් කිරීමට, පිංතූරයක් වුවද තබා ගත හැක. අපි බ්‍රහ්මණයින් වන අතර, අපි අපගේ පියාගෙන් උරුමය හිමි කරගන්නවා. බ්‍රහ්මණයින්ට කෙදිනකවත් ඔවුන්ගේ වංශය අමතක වෙනවාද? ඔබ ශුද්‍රයින්ගේ සමාගමට ගිය විට, ඔබ බ්‍රහ්මණයෙක් බව ඔබට අමතක වෙයි. බ්‍රහ්මණයන්, දේවතාවන්ටත් වඩා ඉහළයි, මන්ද ඔය බ්‍රහ්මණයන් දැනුමින් පිරිපුන් බැවින්. දෙවියන්ට ජනීජනන්හාර් යැයි කියයි. ඔවුන් එහි අරුත නොදනී. ඔහු අසුන් ගෙන සෑම කෙනෙකුගේම හදවත තුළ ඇති දේ බලන්නේ නැත නැහැ. ඔහුට ලෝකයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ දැනුම ඇත. ඔහු බීජයයි. ඔහු වෘක‍්ෂයේ මුල, මැද සහ අවසානය ගැන දන්නවා. එබැවින් ඔබ එවන් පියෙක්ව බොහෝ සේ සිහි කළ යුතුයි. මෙම කෙනාගේ ජීවාත්මයද එම පියාව සිහි කරයි. එම පියා පවසන්නේ මේ බ්‍රහ්ම පවා මාව සිහි කරයි, මන්ද එවිට පමණයි ඔහුට තත්ත්වයක් හිමි වන්නේ. ඔබද මා සිහි කළ විට පමණයි, ඔබ තත්ත්වයක් හිමි කරගන්නේ. ඔබ මුලදී මෙහි අශාරීරිකව පැමිණි අතර ඔබ දැන් නැවතත් අශාරීරික වී ආපසු නිවසට යා යුතුයි. අන් සෑම කෙනෙක්ම ඔබට දුක් දෙයි. එබැවින් ඔබට මා හමු වී ඇති බැවින්, සහ මා ඔබව නව ලෝකයට රැගෙන යන බැවින්, ඔබ ඔවුන්ව සිහි කරන්නේ ඇයි? එහි දුකක් නැත. ඔවුන්ට එහි දිව්‍යමය සම්බන්ධතා තිබේ. මෙහි ප්‍රධානතම දුක තිබෙන්නේ සැමියා සහ බිරිඳ යන සම්බන්ධකමේය, මන්ද ඔවුන් දූෂිත වන බැවින්. දූෂණය පිළිබඳ සඳහනක් වත් නොමැති එම ලෝකයට යාමට මා දැන් ඔබව සුදුසු කරවනවා. රාගය නමැති විශාලතම සතුරා සිහි කර ඇත්තේ, එහි ආරම්භයේ සිට මැද හරහා අවසානය තෙක්ම දුක ඇති කරන්නේ මෙය බැවින්ය. ඔබ කෝපය ගැන, එහි මුල සිට මැද හරහා අවසානය තෙක් දුක ඇති කරන බව නොකියයි නැහැ. රාගය පරාජය කළ යුතුයි. එහි මුල සිට මැද හරහා අවසානය තෙක් දුක් ගෙන දෙන්නේ මෙයයි එය ඔබව අපවිත්‍ර කරවයි. අපවිත්‍ර යන වචනයෙන් කියැවෙන්නේ රාගය නමැති පාපය ගැනයි. මෙම සතුරා ජය ගත යුතුයි. ඔබ දිව්‍ය ලෝකකයේ දේවතාවන් වන බව ඔබ දන්නවා. ඔබට මෙම විශ්වාසය ඇති වන තුරු ඔබට කිසි දෙයක් ලබා ගැනීමට නොහැකි වෙයි. පරමාත්ම පියා විස්තර කරයි ඔය දරුවන් ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන්හි නිවැරදි විය යුතුයි. මෙයට උත්සාහය අවශ්‍යයි. ඔබ, භාරතය දිව්‍ය ලෝකකයක් බවට පත් කරවන බව, කිසිවෙක් නොදනී. ඔබ තව දියුණුවත්ම ඔවුන්ට මෙය වැටහෙයි. ඔවුන්ට එක ලෝකයක්, එක් රාජධානියක්, එක් ආගමක් සහ එක් භාෂාවක් අවශ්‍යයි. අදට වසර 5000 කට පෙර, ස්වර්ණමය යුගය තිබුණු බව සහ එහි එක් රාජධානියක් සහ එක් ධර්මයක් තිබුණු බවත් එයට දිව්‍ය ලෝකකය යැයි කියූ බවත් ඔබට විස්තර කළ හැක. රාම රාජ්‍යය සහ රාවන රාජ්‍යය ගැන කිසිවෙකු නොදනී. ඔබ 100% පහත් බුද්ධි තිබුණු අයගෙන්, පිවිතුරු සහ පිරිසිදු බුද්ධි ඇති අය බවට, ඔබ දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට, පරිවර්ථනය වෙයි. පියා මෙතැන අසුන් ගෙන ඔබට උගන්වයි. පියාගේ උපදෙස් පිළිපදින්න, එපමණයි. පරමාත්ම පියා පවසන්නේ මෙම පැරණි ලෝකයේ ජීවත් වන අතර, නෙළුම් මලක් සේ පිවිතුරුව රැඳී සිටින්න. අඛණ්ඩව මා සිහි කරන්න! පියා පහදා දෙන්නේ ජීවාත්මයන්ටයි. මා මෙම ඉන්ද්‍රියන් තුළින් ඔය ජීවාත්මයන්ට උගන්වන්නට පැමිණ සිටියි. ඔය ජීව, සවන් දෙන්නේ ඔබගේ ඉන්ද්‍රියන් තුළිනි. ඔය දරුවන් ජීව අවධානයට පත් විය යුතුයි. මෙය අපිරිසිදු, පරණ සිරුරකි. ඔය බ්‍රහ්මණයන් වැඳුම් ලබන්නට සුදුසු නැත. ඔබ ප්‍රශංසාවට සුදුසු වන අතර දේවතාවන් වැඳුම් ලබන්නට සුදුසුයි. ඔබ ශ්‍රිමත් අනුගමනය කිරීමෙන් ලෝකය පාරිශුද්ධ දිව්‍ය ලෝකකය බවට පත් කරවයි, ඔබ ප්‍රශංසාවට ලක් වන්නේ මේ නිසාය. ඔබට වැඳුම් ලබා ගන්නට නොහැක. දේවතාවන් නොව, ප්‍රශංසා කෙරෙන්නේ ඔය බ්‍රහ්මණයන්ව පමණයි. පරම පියා ඔබව ශුද්‍රයන්ගෙන් බ්‍රහ්මණයන් බවට පරිවර්ථනය කරයි. ඔවුන් ජගදම්බා සහ බ්‍රහ්මා වෙනුවෙන් දේවාල තනා ඇති නමුත්, ඔවුන් කවුරුන්ද කියා නොදනී. බ්‍රහ්ම, ලෝක පියාය. ඔහුට දේවතාවක් කියා ඔබ නොකියයි. දේවතාවන්ගේ ජීවය සහ සිරුර යන දෙකම පාරිශුද්ධයි. ඔය ජීවාත්ම දැන් පිවිතුරු වෙමින් සිටියි. ඔබගේ සිරුරු පිවිතුරු නැත. ඔබ දැන් දෙවියන්ගේ උපදෙස් පිළිපැදීමෙන්, භාරතය දිව්‍ය ලෝකකය බවට පත් කරවයි. ඔබද දිව්‍ය ලෝකකයට සුදුස්සන් බවට පත්වෙයි. ඔබ අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් විය යුතුයි. පියා උගන්වන්නේ ඔය බ්‍රහ්මණයින්ට පමණයි. බ්‍රහ්මණ වෘක‍්ෂය දිගින් දිගටම වර්ධනය වෙයි. ස්ථීර බ්‍රහ්මණයන් වන අය, ඉන්පසුව දේවතාවන් වෙයි. එය නව වෘක‍්ෂයයි. මෙහි මායාගේ කුණාටුද තිබේ. ස්වර්ණමය යුගයේ කිසිම කුණාටුවක් තිබෙන්නේ නැත. මෙහිදී ඔබට අවශ්‍ය වුවත්, බාබාගේ සිහිපත් කිරීමේ සිට, තමෝ බවින් සතෝප්‍රධාන් වීමට, මායා ඔබට ඉඩ නොදෙයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ සිහිපත් කිරීම මතයි. භාරතයේ පෞරාණික යෝගාව ඉතා සුප්‍රසිද්ධයි. කෙනෙක් ගොස් ඔවුන්ට පෞරාණික යෝගාව උගන්වනවාට විදේශික ජනතාවද, මහත් කැමැත්තකින් සිටියි. යෝගා දෙයාකාරයකි. හත යෝගීන් මෙන්ම රාජ යෝගීන්ද සිටියි. ඔබ රාජ යෝගීන්ය. මෙය පියා පමණක් උගන්වන, භාරතයේ පෞරාණික රාජ යෝගාවයි. සිදුවී ඇත්තේ, ඔවුන් මගේ නම වෙනුවට ක්‍රිෂ්ණාගේ නම, ගීතාවේ ඇතුලත් කර තිබීමයි. එය විශාල වෙනසක් ඇති කර තිබේ! ශිවාගේ උපන් දිනයට පසුව, එවිට, ශ්‍රී කිෂ්ණාගේ රාජධානිය තිබෙන, ඔබගේ දිව්‍ය ලෝකකයේ උපන් දිනය තිබේ. ශිව බාබාගේ උපන් දිනය තිබෙන විට ගීතාවේද උපන් දිනය ඇති බව, ඔබට වැටහෙයි. ඉන්පසුව ඔබ සියලු දෙනාම පිවිතුරු වන, දිව්‍ය ලෝකකයේ උපන් දිනයද තිබේ. එය පෙර චක්‍රයේ සිදු වූ ආකාරයෙන්ම එහි ස්ථාපනය සිදු වෙමින් පවතිනවා. පියා පවසන්නේ දැන් මා පමණක් සිහි කරන්න! ඔබ ඔහු සිහි නොකරන විට, මායා ඔබ ලවා එක් හෝ තව පාපකාරී ක්‍රියාවක් සිදු කරවයි. ඔබට සිහිපත් කිරීම නොතිබෙන විට, ඔබට පහර වැදෙයි. ඔබ සිහි කිරීමේ සිටින විට, ඔබට පහර කන්නට සිදු නොවෙයි. මල්ලව පොරබැදීම සිදුවෙයි. ඔබගේ සතුරා වන්නේ මනුෂ්‍යයෙක් නොවන බව ඔබ දන්නවා. ඔබගේ සතුරා වන්නේ රාවනයි. පරම පියා පවසන්නේ මෙකල විවාහ වීම යනු, තමන්ව විනාශ කරගැනීමයි. මෙහි, ඔවුන් දිගින් දිගටම එකිනෙකාව විනාශ කරගනී (එකිනෙකාව අපවිත්‍ර කරයි). එපිටින් පැමිණි පියා, දැන් අණක් නිකුත් කර තිබේ දරුවනි, විශාලතම සතුරා වන්නේ රාගයයි! එය පරාජය කර, පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් වන්න! කිසි කෙනෙක් අපවිත්‍ර නොවිය යුතුයි. ඔබ උපතින් උපතට අපවිත්‍ර වූයේ මෙම පාපය නිසාය. රාගය විශාලතම සතුරා බව පැවසෙන්නේ මේ නිසාය. සියලුම තාපසයින් සහ පූජකයන් කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි වඩිනු මැනවි! ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් අපවිත්‍ර නැත. පරම පියා පැමිණ, ඥානය තුළින් සියලු දෙනාට විමුක්තිය පිරිනමයි. වර්තමානයේ සෑම කෙනෙක්ම පහත්ය. ඥානය දිය හැකි වෙනත් කිසිවෙකු නැත. ඥානයේ මහා සාගරය පමණයි ඥානය දෙන්නේ. ඥානය තුළින් දහවල ඇතිවෙයි. දිවාකල රාමාගේ වන අතර රාත්‍රීය රාවනගේය. මෙම වදන් වල නිවැරදි අරුත වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. සිදුවන්නේ, ඔබගේ උත්සාහයන් වලදී ඔබ දුර්වල වීම පමණයි. පියා ඔබට ඉතා හොඳින් පහදා දෙයි. ඔබ සම්පූර්ණ උපත් 84 ගෙන ඇති අතර ඔබ දැන් පිවිතුරු වී ආපසු නිවසට යා යුතුයි. පියාගේ උපදෙස් පිළිපැදීමෙන්, ජීවාත්ම වන අප, භාරතය දිව්‍ය ලෝකකය බවට පත් කර ඉන්පසුව එහි පාලනය කරනවාය, යන පිවිතුරු අහංකාරකම ඔබට තිබිය යුතුයි. ඔබ රජවරුන්, රැජිණියන්, හෝ පුරවැසියන් වන්නේද, එනම් ඔබ ලබන තත්ත්වය, ඔබ දැන් දරන උත්සාහයට අනුකූල වෙයි. රජවරුන්, රැජිනියන් නිර්මාණය වන්නේ කෙසේද කියා ඔබට දැක ගත හැක. මෙසේ කියයි පියාව අනුගමනය කරන්න! ඉන් හැඳින්වෙන්නේ මේ කාලය පිළිබඳවයි. එය ලෞකික නෑකමක් ගැන නොවෙයි. පියා මෙම උපදේශය ලබා දෙයි නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වි යයි. ඔබ දැන් ශ්‍රීමත් පිළිපදින බව ඔබට වැටහෙයි. ඔබ බොහෝ ජනයාට සේවය කරයි. ඔබ පියා වෙතට පැමිණි විට, ශිව බාබා ඔබව දැනුමින් විනෝදමත් කරයි. මෙම කෙනාද ඉගෙනගනිමින් සිටිනවා. ශිව බාබා පවසන්නේ මා පැමිණෙන්නේ උදෑසනයි. අච්චා, එවිට බාබාව මුණ ගැසෙන්න කෙනෙක් පැමිණි විට, මෙම කෙනාට ඔහුට විස්තර කළ නොහැකිද? මෙම කෙනා මෙසේ කියයිද? බාබා, ඔබ ඇවිත් විස්තර කරන්න, මන්ද මට විස්තර කළ නොහැක. මේවා ඉතාමත් ගැඹුරු සහ අදෂ්‍යමාන කරුණුය. හොඳින්ම විස්තර කරන්නේ මමයි. විස්තර කරන්නේ ශිව බාබා පමණක් කියා ඔබ සිතන්නේ ඇයි? මෙම කෙනාට විස්තර කළ නොහැකිද? මෙම කෙනා පෙර චක්‍රයේදී විස්තර කරන්නට ඇති බව ඔබට වැටහෙයි, මේ නිසයි ඔහුට එම තත්ත්වය හිමි වන්නට ඇත්තේ. මම්මාද විස්තර කළා. ඇයත් උසස් තත්ත්වයක් හිමි කරගත්තා. මම්මා සහ බාබාව සූක‍්ෂම දේශයේ පෙන්වයි. ඔය දරුවන් පියාව අනුගමනය කළ යුතුයි. කැප වන්නේ දුප්පත් අයයි ධනවත් අයට එසේ කළ නොහැක. මෙසේ කියන්නේ දුප්පත් අයයි බාබා, මේ සෑම දෙයක්ම අයත් වන්නේ ඔබටයි! ශිව බාබා පිරිනමන්නාය. ඔහු කිසි දෙයක් නොගනී. ඔහු දරුවන්ට පවසන්නේ මේ සෑම දෙයක්ම ඔබගේය. මා වෙනුවෙන් මම මෙහි හෝ එහි, මාලිගාවක් තනන්නේ නැත. මම ඔබව දිව්‍ය ලෝකකයේ අධිපතියන් බවට පත් කරවමි. ඔබ දැන් ඔබගේ ඒප්‍රන, ඥානයේ මිණි මුතු වලින් පුරවා ගත යුතුයි. මිනිසුන් දේවාලයකට ගොස් මෙසේ කියයි මගේ ඒප්‍රනය පුරවන්න! කෙසේවෙතත්, කුමන ඒප්‍රනයද? එමෙන්ම පුරවන්නේ කුමකින්ද? ඔබට ධනය දීමෙන් ඔබගේ ඒප්‍රන පුරවන්නේ ලක‍්ෂ්මිය. ඔවුන් ශිවා වෙතට කොහෙත්ම යන්නේ නැත. ඔවුන් ශංකර් වෙතට ගොස් මෙසේ කියයි. ශිවා සහ ශංකර් එක්කෙනෙක් බව ඔවුන් විශ්වාස කරන නමුත් එය එසේ නොවෙයි. පියා පැමිණ ඔබට සත්‍ය දේ පවසයි. පියා දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නාය. ඔය දරුවන් ඔබගේ නිවෙස් වල පවුලේ අය සමඟ වාසය කළ යුතුයි. ඔබගේ ව්‍යාපාරික කටයුතුද ඔබ දිගටම කරගෙන යා යුතුයි. ඔබ එක් එක් කෙනා තමන් වෙනුවෙන් අවවාද ඉල්ලයි බාබා මා මෙම කරුණ ගැන බොරු කිව යුතුයි. පියාට වැටහෙන බැවින් ඔහු සෑම කෙනෙකුගේම නාඩි හැඳින, ඒ අනුව අවවාද දෙයි. ඔහුට හැඟෙන්නේ දරුවන්ට පිළිපැදීමට නොහැකි අවවාද මා දෙන්නේ කුමකටද? ඔහු නාඩි බලා ඔවුන්ට පිළිපැදිය හැකි අවවාද දෙයි. ඔවුන්ට කළ නොහැකි දෙයක් කිරීමට කියා පැවසුවහොත් ඔවුන් අකීකරු ජීවයන්ගේ ගණයට වැටෙයි. සෑම ජීවයකටම ඔහුගේම කර්ම ගිණුම් තිබේ. සිටින්නේ එක් ශල්‍ය වෛද්‍යවරයෙක් වන අතර, ඔබ ඔහු වෙතට යා යුතුයි. ඔහු ඔබට සම්පූර්ණ අවවාද දෙයි. ඔබ සෑම කෙනෙක්ම බාබාගෙන් විමසිය යුතුයි. බාබා, මා මෙම අවස්ථාවේදී අන් අය සමඟ සම්බන්ධතා පැවැත්විය යුත්තේ කෙසේද? මා දැන් කළ යුත්තේ කුමක්ද? පියා ඔබව දිව්‍ය ලෝකකයට යවයි. ඔබ දිව්‍ය ලෝකකයේ වැසියන් වීමට යන බව ඔබ දන්නවා. අප දැන් සංගම යුගයේ වැසියන්ය. ඔබ දැන් අපායේ නැති අතර දිව්‍ය ලෝකකයේද නැත. බ්‍රහ්මණයන් වී ඇති අයගේ නැංගුරම, මෙම කිලිටි ලෝකයෙන් ඉහළට එසවී ඇත. ඔබ කලි යුග ලෝකයේ වෙරළ තීරය දමා ගොස් ඇත. ඇතැම් බ්‍රහ්මණයන් සිහිපත් කිරීමේ වන්දනා ගමනේ වේගයෙන් යන අතර ඇතමුන් සෙමින් යයි. ඇතමුන් බාබාගේ අත අතහැර යයි, එනම්, ඔවුන් කලි යුගයට ආපසු යයි. තොටියා දැන් ඔබව ගෙන යන බව ඔබ දන්නවා. විවිධ වන්දනා ගමන් බොහොමයක් තිබේ. ඔබගේ වන්දනා ගමන එකක් පමණයි. මෙම වන්දනා ගමන මුළුමනින්ම අසහායයි. කුණාටු පැමිණෙන විට, ඒවා ඔබගේ සිහිපත් කිරීම බිඳ දමයි. මෙම සිහිපත් කිරීමේ වන්දනා ගමන බොහෝ ස්ථීර කරගන්න! උත්සාහ දරන්න! ඔබ කර්ම යෝගීන්ය. හැකි තාක් පමණින් ඔබගේ දෑතින් ක්‍රියා සිදු කරන අතර ඔබගේ හදවතේ සිහිපත් කිරීම තබාගන්න. චක්‍රයෙන් භාගයක්ම ඔය ආදරවන්තයින් ආදරවන්තයාව සිහි කරමින් මෙසේ කියමින් සිටියා බාබා, මෙහි බොහෝ දුක තිබේ! දැන් අපව සතටු දේශයේ අධිපතියන් කරවන්න. ඔබ සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටින විට, ඔබගේ පාපයන් අවසන් වෙයි. ඔබ දිව්‍ය ලෝකකයේ රාජධානිය හිමි කරගත් නමුත් ඉන්පසුව ඔබ එය නැති කරගත්තා. භාරතය, දිව්‍ය ලෝකකයව තිබුණා ඔවුන් පෞරාණික භාරතය ගැන පවසන්නේ මේ නිසාය. ඔවුන් භාරතයට බොහෝ ගෞරව කරයි. එය ශ්‍රේෂ්ටතම මෙන්ම පැරණිම දේශයයි. භාරතය දැන් බොහෝ සේ දුප්පත් වන අතර සෑම කෙනෙක්ම එයට ආධාර දෙන්නේ මේ නිසාය. ඔවුන්ට විදේශයන්හි සිට කිසිවක් ආනයනය කිරීමට සිදු නොවන බවත්, ඔවුන්ට බොහෝ ධාන්‍ය තිබීමට යන බවත් ඒ මිනිසුන් විශ්වාස කරන නමුත්, විනාශය අත ලඟ බව ඔබට වැටහෙයි. මෙය වටහා ගන්නා අයට අභ්‍යන්තරයේ බොහෝ සතුට තිබෙයි. බොහෝ දෙනෙක් ප්‍රදර්ශන වලට පැමිණෙයි. ඔවුන් පවසන්නේ ඔබ කියන්නේ ඇත්ත. කෙසේවෙතත්, පියාගෙන් ඔවුන් උරුමය හිමි කරගත යුතු බව, ඔවුන්ගේ බුද්ධිය තුළ සටහන් වන්නේ නැත. ඔවුන් ඉන් පිටතට ගිය සැනෙකින්, ඔවුන්ට සෑම දෙයක්ම අවසන් වෙයි. බාබා ඔබව දිව්‍ය ලෝකකයට යවන බව ඔබ දන්නවා. එහි මව් කුසක සිර මැදිරිය හෝ වෙනත් සිර මැදිරියක්වත් නැත. සිරමැදිරියට යන වන්දනා ගමන දැන් බොහෝ පහසු වී ඇත! ඉන්පසුව ස්වර්ණමය යුගයෙදී ඔබට සිරමැදිරියක මුහුණ දකින්නට සිදුවන්නේ නැත දෙයාකාරයේම සිරමැදිරි එහි නොපවතී. මෙහි ඇති සෑම දෙයක්ම මායාගේ පම්පෝරියයි. ඒවා වැදගත් මිනිසුන්ව අවසන් කර දමයි. අද ඔවුන් කෙනෙකුට බොහෝ ගෞරව දක්වන අතර හෙට එම ගෞරවය අවසන් වෙයි. මෙකල සිදුවන සෑම දෙයක්ම සිදුවන්නේ ඉතා වේගයෙනි. මරණයද වේගවත් වෙයි. ස්වර්ණමය යුගයේ එවන් කැලඹීම් නැත. ඔබ තව තව දියුණුවත්ම සිදුවන්නේ කුමක්ද කියා බලන්න. ජවනිකා බොහෝ භයංකාර වෙයි. ඔය දරුවන්ට ඒවායේ දර්ශන ලැබී ඇත. ඔය දරුවන්ට ඇති ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමනයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ සිතිවිලි, වචන සහ කියාවලදී, ඉතාමත්ම නිවැරදි වන්න. බ්‍රහ්මණයෙක් වීමෙන් පසු, ශුද්‍ර ක්‍රියාවන් කිසිවක් සිදු නොකරන්න.

2. කීකරු වී, බාබාගෙන් ඔබට ලැබෙන අවවාද, මුළුමනින්ම පිළිපදින්න. සෑම ක්‍රියාවක්ම කර්ම යෝගීවරයෙක් සේ සිදු කරන්න. ඥානයේ මිණි මුතු වලින්, සෑම කෙනෙකුගේම ඒප්‍රන පුරවන්න.

වරදානය:
අම්රිත් වේලාවේ වැදගත්කම වටහාගෙන, එය නිවැරදිව භාවිත කිරීමෙන්, ඔබ නිරන්තරයෙන් බලයෙන් පිරි සිටිත්වා.

තමන්ව බලයෙන් පිරිපුන් කරගැනීම සඳහා, දිනපතා අම්රිත් වේලාවේ, ඔබගේ සිරුරින් නොව මනසින් සංචාරය කරන්න. අම්රිත් වේලාවේ, ඔබට උදෑසන කාලයේ උපකාරය තිබෙන අතර සතෝප්‍රධාන් අවදියේ ඇති බුද්ධියක උපකාරය තිබේ. එබැවින් ආශිර්වාද ලත් වෙලාවක, මනසද බලවත් ස්ථීතියක තිබිය යුතුයි. බලවත් ස්ථීතියක් යනු, පරම පියාගේ මෙන් බීජ ස්ථීතියක්. සාමාන්‍ය ස්ථීතියක, ඔබට නොකඩවා ක්‍රියා සිදුකළ හැක, නමුත් ආශිර්වාද ලත් වෙලාව, නිවැරදි අන්දමින් භාවිත කරන්න, එවිට සියලු දුර්වලතා අවසන් වෙයි.

පාඨය:
ඔබගේ බලයන්ගේ නිධානයෙන්, බාහිර බලපෑමක් යටතේ සිටින බෙලහීන ජීවාත්මයන්ව බලවත් කරන්න.