17.03.24    Avyakt Bapdada      Sinhala Murli     12.12.98    Om Shanti    Madhuban


"මගේ මගේ" කියන අහංකාරය අත්හැර බ්‍රහ්ම පියා තැබූ පියවර තුළ ඔබේ පාද තබන්න.


අද බාප්දාදා සෑම තැනම සිටිනා තම උසස් බ්‍රාහ්මණ ජීව සත්තාවන් දෙසයි බලමින් සිටින්නේ. බ්‍රාහ්මණයකු වනවා කියන්නේ බ්‍රහ්මාගේ මුඛයෙන් උපත ලද කෙනෙකුටයි. සෑම බ්‍රාහ්මණ දරුවකුගේ ම වාසනාව දැක බාප්දාදා ඉතාමත් සතුටු වෙනවා. සෑම බ්‍රාහ්මණ දරුවකුම ඉපදුනු වහා බ්‍රහ්ම පියා එම දරුවාගේ නළලෙහි අවධානය නම් වූ තිලකයක් තබයි. පරමාත්ම දෙවියන් ඔහු විසින්මයි ඔබව තිලකයක් සහිත කෙනෙක් කරවන්නේ. ඒ වාගේම, ඔහු සෑම බ්‍රාහ්මණ ඒ ජීවාත්මයකටම ආලෝක කිරුළක් පාරිශුද්ධිය නම් වූ මහා මන්ත්‍රය තුළින් ලැබෙන්න සලස්වනවා. ඊට අමතරව, ඔහු සෑම බ්‍රාහ්මණ ජීවාත්මයක්ම ලෝක පරිත්‍යාගශීලීන් කර වගකීමේ කිරුළත් ලැබෙන්න සලස්වනවා. පරමාත්ම දෙවියන් ඔබව ඔහුගේ හද සිහසුණේ ඉන්දවා ඔබට ද්විත්ව කිරුළු පළන්දවයි. ඔබ ඔ ඉපදුනු වහාම තිලකය. කිරුළ සහ සිංහාසනය සහිත කෙනෙක් වීය. සමස්ත චක්‍රයේ අත් කිසි ජීවාත්මයන් හට එවන් වාසනාවක් නොලැබෙයි. එසේනම්, තම උසස් වාසනාවේ අවබෝධයෙන් ඔබ සෑම බ්‍රාහ්මණ ජීවාත්මයක්ම කල් ගෙවතවා ද? උපත ලත් වහා මෙම වාසනාව ලැබුණු බව ඔබ දන්නේ ද? බ්‍රාහ්මණයන් වූ වූ ඔබලාවයි ලොවේ මිනිසුන් ක්‍රිෂ්ණාගේ රූපයෙන් සංකේතවත් කර තිබෙන්නේ. කෙසේවෙතත්, ඔහු ලොවේ රජකුමරෙකි. එමනිසා, තිලකය, කිරුළ සහ සිංහාසනය යන රාජධානියේ ලක්‍ෂණ ඔහුට දීමෙන් එය පෙන්වා ඇත. කෙසේවෙතත් ඔහුගේ ළමා වියේදී ඒ කිසිවක් ඔහුට නොලැබෙයි. එහෙත් මේ තුනම ලැබෙන්නේ ඔබ බ්‍රාහ්මණයන්ට පමණයි. එනම් තිලකය, කිරුළ සහ සිංහාසනය යන තුනම ලැබෙයි. පරම පියාගෙන් මෙම ලැබීම් ලබනා වාසනාව ඇත්තේ ඔබ බ්‍රාහ්මණයන්ට පමණයි. ඉතින්, සෑම දරුවකුගේම නළලේ ඇති වාසනා තරුව කෙතරම් මාහැඟි දැයි බාප්දාදා බලමින් සිටියා. ඔබටත් පෙනෙනවාද ඔබේ නළලෙහි බැබළෙන තාරකාව? එය සැමවිටම බැබළෙනවා දැකිය හැකිද නැත්නම්, ඇතැම් විට ලස්සනට බැබළෙනවාත් ඇතැම්විට මඳ බැබළීමක් තිබෙනවාද? මෙම වාසනාවේ තරුව සුවිශේෂයි. එමනිසා, බාප්දාදා ඔබව දකින. හමුවන ඕනෑම අවස්ථාවක දී ඔබේ නළලේ දීප්තිමත්ව බැබළෙන තරුව දැක සතුටු වෙනවා. දී බැබළෙන තරුවේ දීප්තිය මඳ වන්නේ ඇයි? මීට හේතුව ඔබ සැවොම හොඳාකාරව දනී?

දරුවන්ගේ වාර්ථා (චාර්ට්ස්) දුටුවාම බාප්දාදාට සිනා යනවා. ඔබ ඕනෑම කෙනෙකුගෙන් ඔබ කවුරු වෙන්න කැමතිද හෝ ඔබේ අරමුණ කුමක්ද කියා ඇසුවොත් වැඩි දෙනෙක්ම කියන්නේ, "මම පළවෙනියා වෙන්න ඕන. මම සූර්ය වංශයේ අංගයක් වෙන්න ඕන" කියායි. රාම රජු හෝ සීතාගේ චන්ද්‍ර වංශයට අයත් කෙනෙක් වෙන්න ඕන කියා කිසිවකුත් කියන්නේ නැහැ. කෙසේ හෝ ඔබට සූර්ය වංශයේ ප්‍රථම ගණයේ අංගයක් වීම ඔබේ අරමුණ වේ. එනම්, ඔබ සදාකල් විජයග්‍රාහියකු වීමයි ඔබේ අරමුණ වන්නේ. සදාකල් විජයග්‍රාහියෙක් වීම යනු සූර්ය වාංශික ජීවාත්මයක් වීමේ සලකුණ ය. චන්ද්‍රව වංශයට අයත් වූවන්ට කියන්නේ සටන්කාමීන් (ක්‍ෂත්‍රීයන්)ය. සටන්කාමියකුගේ ජීවිතයෙහි සමහර විට ජයත්, සමහර විට පරාජයත් ඇතිවේ. සමහර විට ඔවුන් ජයග්‍රහණයේ ප්‍රතිමූර්තීන් ද තවත් විටෙක වෙහෙස වීමේ ප්‍රතිමූර්තීන් ද වෙති. සටන් කරනවා යනු වෙහෙස වීමයි. චන්ද්‍ර වාංශිකයන්ගේ කලාව නිරන්තර නොවේ. එබැවින් ඔබේ සුදුසුකම් ඔබේ අරමුණට සමාන කරගන්න. ඔබ පියාට සමාන වෙනවා යැයි අරමුණක් තබා ඇත. සෑම දරුවෙක්ම සැමවිටම කියන්නේ "මම පියාට සමාන වෙන්න ඕන" කියලයි. ඉතින්, නිරන්තරයෙන් පහසු ජයග්‍රහණයේ ප්‍රතිමූර්තියයි. ඔබට නිරන්තර සහ ස්ථාවර ස්ථිතියක් නොමැති නම්, ඔබ ප්‍රථම අංකයට එන්නේ කෙසේ ද? නැතිනම් ඔබ අනුක්‍රමික වූවන් අතරට එන්නේ ද? එකක් ප්‍රථම අංකය ගැනීම, අනෙක, අනුක්‍රමික අය සමඟ සිටීම. එබැවින් ඔබෙන්ම විමසන්න: මම අංක එක ද නැත්නම් ද අනුක්‍රමික වූවන්ගේ ලැයිස්තුවේ ද? ප්‍රථම අංකය වීම යනු බ්‍රහ්ම පියා අනුගමනය කිරීම වේ.

බාප්දාදා ඔබට පහසු ක්‍රමයක් පෙන්වා දෙයි: පියා අනුගමනය කිරිම මගින් අඩු උත්සාහයක් ගැනේ. පා සටහන්, එනම්, බ්‍රහ්මාගේ පියවර, සෑම කාර්යයකදීම ගන්නා පියවර වලට සංඥා දෙයි. එමනිසා, ඔහුගේ පියවර මත ඔබගේ පා තැබීම පහසු වේ. නව මගක් සෙවීමට ඔබට උවමනා නොවේ. සරළව ඔහුගේ අඩිපාරේ ගමන් කරන්න. මොනයම් කාර්යයක් කරද්දීත්, මනසේ. සිතිවිලි නිර්මාණය කරනවා වේවා. යම් දෙයක් කතා කරනවා හෝ අන් අය හා ආශ්‍රය කරනවා වේවා. හෝ හා එම කාර්යය කරන්නට කලින් ඔබ කරන්න යන එම ක්‍රියාව බ්‍රහ්ම පියාගේ ක්‍රියාවට සමාන ද කියා සලකා බැලිය යුතුයි. බ්‍රහ්ම පියාගේ සිතිවිලි කෙසේ වේද? ඔහුගේ සිතිවිලි හා මගේ සිතිවිලි එක පෙළේ තිබේද? මගේ සෑම වචනක්ම ඔහු පවසන ලද වචන වලට සමාන ද? එසේ නොවේ නම්, මම ඒ දේ නොකර සිටිය යුතුයි. එසේ නොවූ කල මම ඒ ආකාරයෙන් කිසිවක් සිතීම හෝ කිරීම නොකළ යුතුයි. ඔබේ පියවර සහ බ්‍රහ්ම බාබාගේ පියවර අතර වෙනසක් නොවේවා. නැතිනම්, ඔබේ අරමුණ ඉටුකිරීම සහ පරම පියා හා සම වීමේ ගමනාන්තයට ඔබ ළඟා වන්නේ කෙසේ ද? ඔබ නිරන්තරව සෑම පියවරේම බ්‍රහ්ම පියා අනුගමනය හා කරද්දී. ඔබ මුලින්ම, පහසු උත්සාහ දරන්නෙකු සේ අත්විඳීවි. දෙවනුව පරිසමාප්ත බවේ ගමනාන්තයට සමීප වීම අත්විඳීවි.

බ්‍රහ්ම පියා හා සමාන වෙනවා යනු ඔබේ පරිසමාප්ත බවේ අරමුණට ළඟා වීමයි. එසේනම්, බ්‍රහ්ම බාබා සූක්‍ෂම දේශයේ සිට ඔබ සියලු දෙනාටම පරිසමාප්ත සූක්‍ෂම දේවතාවන් (ඒන්ජල්ස්) වීමට කතා කරනවා. එම කැඳවීමේ ගීතය. බ්‍රහ්ම පියා ගයන ගීතයේ මධුර හඬ ඔබට ඇසෙන්නේ නැද්ද? "එනු දරුවනි, සුමිහිරි දරුවනී. විගස එනු" යනුවෙන් ගායනයේ මිහිරියාව සහ එම වචන ඔබට ඇසෙන්නේ නැද්ද? බ්‍රහ්ම බාබාගේ හඬට සවන්දෙන්න. එය ග්‍රහණය කරගත්හ. බ්‍රහ්ම බාබා කියනවා: ඔබ දරුවන් බෙහෙවින් සිතන්නේ 1999 වසර ගැනයි. කුමක් සිද්ධ වෙයිද යනුවෙන් පුදුමයෙන්: මේ දේ සිද්ධ වෙයිද, අර දේ සිද්ධ වෙයිද; එක්කො: ඔ එය සිද්ධ වෙයිද නොවෙයිද යනුවෙන් මේ ගැන විශාල වශයෙන් සමහරවිට එසේ සිදු නොවනු ඇතැයි කියාත් ඔබ සිතනවා. සමහර විට සිද්ධ වෙයිදෝ කියාත් ද මේ සමහර විට සිද්ධ වෙන එකක් නැහැ කියාත් සිතනවා. ඔබ නිරන්තරව ගයයි "සිද්ධ වෙයිද හෝ නොවෙයිද" යන ගීතය. කෙසේවෙතත්, ඉදිරයට වේගයෙන් ගොස් ඔබේ සූක්‍ෂම දේවතා ස්වරූපයට ළඟා වීමේ උසස් සිතිවිල්ල තබා ඇත්තේ ඔබෙන් බොහෝම ටික දෙනෙක්ය. "එය සිදුවේවිද නොවේවිද? " සහ "කුමක් සිදුවේවිද? " යන්න බොහෝ සේ ඔබ ගයනවා. පරම පියා කියයි: මොන දෙයක් සිදුවුණත්, ඔබේ අරමුණ ඒවා සවන් දීම සහ බැලීම ද නැත්නම්, බ්‍රහ්ම පියා මෙන් සූක්‍ෂම දේවතාවක් බවට පත්වීම ද? මේ සඳහා වූ සුදානම් කටයුතු ඔබ කළාද? මහාභූත පවා එහි පාට සහ ස්වරූපය පෙන්වුවොතින් පියාට සමාන සූක්‍ෂම දේවතා මේ වූ ද? ස්වරූපය සහ අව්‍යක්ත ස්වරූපය ඇතිකර ගෙන මහාභූතයන්ගේ සියලු දර්ශන නැරඹීම සඳහා ඔබට සූදානම් වී සිටීමට හැකි ද? මහාභූතයන්ගේ ප්‍රචණ්ඩතා වලින් කලබල නොවන සූක්‍ෂම දේවතාවන් බවට ඔබ පත්වුණේ ද? ඔබේ ස්ථිතිය සූදානම් කිරීමෙහි ඔබ කාර්ය බහුල වී සිටිනවාද නැත්තම්, කුමක් සිදුවෙන්න යනවාද යැයි සිතීමෙහි නියැළී සිටිනවාද? ඔබ ඉදිරියේ මොනධක සහිත අවස්ථාවක් ඇතිවූවත් මහාභූතයන්ගේ ස්වාමීන් වශයෙන් ඔබේ ආධිපත්‍ය ආසනයේ අසුන් ගෙන සිටින්නේ ද? නැත්නම්, ව්‍යාකූල වී මොනවද සිදුවුණේ? යැයි අසයි ද? මේ දේ සිදුවුණා. අර දේ සිදුවුණා යන දසුන් වල ප්‍රවෘතියෙහි ඔබ නියැලී සිටීවි ද? නැත්නම්, ඔබේ පරිසමාප්ත ස්ථිතියෙහි ස්ථාවරව සිටීවි ද එසේම ඕනෑමධක අවස්ථාවක් පසුවී යන වලාකුළක් සේ අත්දකී විද? එසේනම්, බ්‍රහ්ම පියා ඔබෙත් අසනවා: ඔබ මා මෙන් හැම වේලාවෙම සූක්‍ෂම දේවතාවක් බවට පත්වුණේ ද? ඔබ දරුවන් සියලු දෙනාම ඔබේ භෞතික ස්වරූපයේ ජීවත් වෙමින්ම අව්‍යක්ත විය යුතුයි. ඔබ පියා අව්‍යක්ත වුණා ඒ නිසා ඔහු අපවත් ඔහු මෙන් පත් කළ යුතුයි කියා කියනවා ඇති. බ්‍රහ්ම පියා කියයි: මුලින්ම ඔබෙන්ම විමසන්න පියා ඔබේ හිසමත තැබූ ඔටුන්නේ වගකීම ඔබ විසින් ඉටු කළාද, එනම්, ලෝක යහපතේ වගකීම ඉටු කළා ද? ඔබ ලෝක පරිත්‍යාගශීලීන් ඔබේ ලෝක යහපතේ කටයුත්ත සම්පුර්ණ කළේ ද? බ්‍රහ්ම පියා අව්‍යක්ත වුණේ ඔබට ලෝක යහපත කටයුත්ත දීමට තිබූ නිසයි. ඔහුට සියලු බන්ධන වලින් නිදහස් වී සේවයේ වේගය අධික කිරීමට උපකරණයක් වීමට සිදුවුණා. මෙහි ක්‍රියාත්මක ප්‍රතිඵලය ඔබට සෑම තැන්වලම දැකගත හැකියි. දෙස් විදෙස් වල සේවයේ වේගය අව්‍යක්ත බ්‍රහ්මා මගින් සිදුවුණා. එසේම එය දිගටම ඉහළ වේගයෙන් සිදුවේවි. බ්‍රහ්ම පියාට සේවයේ වේගය අධික කිරීම සඳහා උපකරණයක් වීමට සිදුවුණා.ඒ කෙසේවෙතත්, අධිරාජ්‍යයේ උරුමය අත්කරගන්නේ බ්‍රහ්ම පියා තනිවම නොවෙයි. ඔබ දරුවන් සියලු දෙනාටත් ඔහු සමඟ අධිරාජ්‍ය උරුමය ලබා ගැනීමේ අයිතිය ඇත.මේ නිසයි. භෞතික ලොවේ. භෞතික ස්වරූපයෙන් ඔබ දරුවන්ව උපකරණයන් බවට පත්කර තිබෙන්නේ. කෙසේවෙතත් අවසානයේ දී. භෞතික ස්වරූපයේ සිටින සියලුම දරුවන් අව්‍යක්ත සුර දූතයන් (ඒන්ජල්ස්) විය යුතුයි. එබැවින් තමා පරිසමාප්ත වීමටත් එයින් පරිපුර්ණත්වය උදා කිරීමටත් ලෝක යහපත සඳහා වන සේවයේ වේගය අධික කිරීම අත්‍යාවශ්‍ය වේ.

බ්‍රහ්ම පියා ඔබෙන් අසයි: අපට පරිපූර්ණත්වය 1999 තුළ වෙන්න ඕන ද? අපගෙත් අත් පොළසන් සංඥාව ලැබෙන තුරු සියලු මහාභූත සූදානමින් බලා සිටියි. ඔබ ද්විත්ව ආලෝක සූක්‍ෂම දේවතාවන් වූයේ ද? අවම වශයෙන් ඔබ සදා විජයග්‍රාහීන් වන 108 දෙනා වූයේ ද? ඔබ, සෑම කෙනෙක් සමගම සිතිවිලි. වචන, ක්‍රියා, නෑ සබඳතා හා සබැඳියාවන් තුළ කෙබඳු නිෂ්ඵල හෝ නිශේධනීයතාවයක් නොමැතිව සමර්ථ වූයේ ද? ඕනෑම නිෂ්ඵල හෝ නිශේධනීය දෙයක බර සදාකලටම ඔබව ඩබල් ලයිට් සූක්‍ෂම දේවතාවන් වීමෙන් වළක්වයි. ඉතින්, බ්‍රහ්ම බාබා ඔබෙන් අසන්නේ ඔබ මෙම බරෙන් නිදහස් වූ සූක්‍ෂම දේවතාවන් වුණේද කියායි. ඔ "නිරන්තරයෙන්" යන වචනය යටින් ඉරක් ගසන්න. අඩු තරමින් ජීවාත්ම 108ක් හෝ සුරදූත ජීවිතයක් නිරන්තරව අත්විඳින විට, ඔවුන් බ්‍රහ්ම පියාට සමාන වූවා කියා කිව හැකියි. ඉතින් පියා ඔබෙන් අසන්නේ: මම අත්පුඩියක් දැන් ගසන්න ද නැත්නම් මම අත්පුඩිය 2000 දී හෝ 2001 දී ගසන්න ද? කවදාද මම අත්පුඩි දී ගසන්න ඕන. ඔබ කුමක් ගැනද සිතන්නේ? අත්පුඩියක් ගැසුවාට පසු ඔබ එසේ වෙනවා ද? ඒක එහෙම ද? කුමක් ගැනද සිතන්නේ? අත්පුඩියක් ගැසුවාට පසු ඔබ මෙසේ වෙනවා ද? කුමක් සිදුවේවි ද? අත්පුඩි ගැසිය යුතුද? කතා කරන්න! ඔබ ලැහැස්තිද? ඔබට ප්‍රශ්න පත්‍රයක් දිය යුතුද? හැමදේම නිකම්ම භාරගන්නේ නැහැ. පරික්‍ෂා කළ යුතු ද? ගුරුවරු කතා කරන්න! ඔබට විභාගයක් දිය යුතුද? ඔබට සියල්ල අත්හරින්න වේවි. ඔ මධුභන් වල සිටින අය මධුභන් අත්හරින්න වේවි.ග්‍යාන් සරෝවර් වල සිටින අයට ග්‍යාන් සරෝවර් අත්හරින්න වේවි. මධ්‍යස්ථාන වල සිටිනා අයට එම මධ්‍යස්ථාන අත්හරින්න වේවි. එවිට විදෙස් ගත වී සිටින්නත් එම රටවල් අත්හරින්න වේවි. ඔබට සියල්ල අත්හරින්ත වේවි. එහෙනම් ඔබ සූදානමින් සිටිනවා ද? එහෙනම් වී අත්පුඩි ගසන්න! ඔබ සැමවිටම සූදානමින් ද? පරීක්‍ෂා කළ යුතු ද? මෙය හෙට දින නිවේදනය කරන්න ද? ඔබ සියල්ල අත්හරින්නේ නිවසට ආවායින් පසුව නොවෙයි. නේද? ඔබ පිළිවෙලින් සෑම දේම කරනවා යැයි කිව යුතු නැහැ. ඔබ සිටින්නේ කොතැනද ඒ ඒ තැන් වලම සිටින්න ඕන්න. ඔබ සූදානම්ව සිටිනවා ද? නේද? ඔබේ රැකියා ස්ථාන, ඔබේ ඇඳ, ඔබේ කාමරය හෝ ඔබේ කබඩ් එකවත් නොතිබෙයි. පොඩි වැඩක් තිබෙනවා එය කර දින දෙකකින් එන්නම් කියන්න එපා.අණක් හෝ යනු අණකි. සූදානම් ද? කතා කරන්න! "ඔව්" කියන්න කලින් ප්‍රවේශමෙන් සිතන්න. එසේ නැතිනම්,හෙට දින අණ කරාවි ඔබ කොතැන යා යුතුද හෝ නොයා යුතුද කියා. අණ කරන්න ද? ඔබ සූදානම් ද? ඔබ ඒ තරම් එඩිතරව ඔව් කියන්නේ නැහැ. ඔබ තවමත් සිතනවා තවත් දිනක් දුන්නොත් හොඳයි නේද කියා. "සමහර විට මා නොමැතිව මෙය සිදුවේවි" "මා නොමැතිව මෙය සිදු නොවේවා" මෙසේ නිෂ්ඵල සිතිවිලි පවා ඇති නොවේවා. බ්‍රහ්ම බාබා තැන් මාරු වෙද්දී ඔහු නැතිව කුමක් වනු ඇත් ද කියා ඔහු සිතුවේ ද? හැම දේම හරියට කරගෙන යයිද නැද්ද කියා ඔහු සිතුවේද? ඔහුට එක් මගපෙන්වීමක්දිය යුතුයි යැයි සිතුවේද? ඔහුට යම් මගපෙන්වීමක් දුන්නේ ද? ඔහු මගපෙන්වීම දුන්නේ ඔහුගේ පරිසමාප්ත ස්ථිතියෙනී. වචන තුළින් නොවෙයි. මේ ප්‍රමාණයට ඔබ සූදානම් වී ද? ඔබට අණ ලැබුණු විගස අත්හරින්නට හැකි විය යුතුයි. මෙම ප්‍රචණ්ඩතාවය දැන් නිර්මාණය කළ යුතුද? ඔබ කරන්න ඕන දේකියමින් සිටින්නේ. ඔබෙන් කිසිවක් අසන්නේ නැහැ. නමුත් ඔබට අණ දෙනු ලැබෙයි. දිනය නියමිත වී නැත. හදිසියේම, ඔබට එන්නට අණ ලැබේවි. මෙයටයි ද්විත්ව ආලෝක සූක්‍ෂම දේවතාව (ඩබල් ලයිට් ඒන්ජල්) කියන්නේ. අණ ලැබුණු වහාම ඔබ පියාසර කරයි. මරණය වෙතින් ඔබට අණ ලැබෙතොත් ඔබ මොන දෙයක් ගැනවත් සිතනවා ද? ඔබේ මධ්‍යස්ථාන ගැන ඔබේ කබඩ් එක. ඔබේ ශිෂ්‍යයන් හෝ ඔබේ පෙදෙස ගැන සිතයිද? මේ කාලේ "මගේ පෙදෙස" ගැන උද්ඝෝෂණ බොහෝ සේ ඇත. ඒ සියල්ල අත්හැරිය යුතුයි. ඒවා ද ශරීරයේ අහංකාරය වෙයි. ඉතා සූක්‍ෂම වූ ශරීරයේ අහංකාරය තරමට ශරීර අවධානය බරපතල නැත. "මගේ" යන විඥානය ඔබට තිබෙන විට, අහංකාරය අනිවාර්යෙන්ම එහි ඇත. එය ඔබේ විශේෂත්වය විය හැකියි. "මගේ විශේෂතා" "මෙය මගේ ගුණධර්ම" "මගේ සේවය". මතක තබාගන්න ඔබට මගේ යන විඥානය ඇති වු විට ඒ සියල්ලම ප්‍රභූ ප්‍රසාද් (දෙවියන්ට පූජා කර දුන් දෙයක්) වේ. එය ඔබේ නොවෙයි. ප්‍රසාද් තමන්ගේ යැයි සැලකීම ශරීර ඒ අවධානය වේ. මෙම අහංකාරය අත්හැරීම යනු පරිපූර්ණත්වයට පත්වීමයි. මේ නිසයි. සුරංගනාවක් ශරීර අහංකාරයෙන් තොර. ශරීර අවධානයෙනුත්, එසේම වෙනස් වර්ගයේ "මගේ" යන විඥානයෙන් ද තොර වූවන් යැයි කියා තිබෙනනේ. සුරංගනාවක් වනවා කියන්නේ සියලු සීමිත සම්බන්ධතා අවසන් කළ අය වීමයි. එසේනම්, මොන සූදානමක් ද දැන් ඔබ කරන්න යන්නේ? බ්‍රහ්ම පියාගේ හඬට සාවදානයෙන් සවන් දෙන්න; ඔහු ඔබව කැඳවමින් සිටිනවා. පියා කියයි: පරිපුර්ණ? බවේ බෙරය වාදනය කිරීම පහසුයි. ඔහුට එය ඕනෑම විටෙක කළ හැකියි. නමුත් අවම වශයෙන් ස්වර්ණම යුගයේ ආරම්භය සඳහා ලක්‍ෂ නවයක ජනතාව ඔවුන් අනුක්‍රමිකව සිටියා වූවත් සූදානම් විය යුතුයි. කොහොමවුණත්, පළමු අංකය විය හැක්කේ ඉතාමත් ටික දෙනෙකුටයි. පළමු අංකයේ අය 108ක් අවම වශයෙන් සිටිය යුතුයි: දෙවෙනි අංකයේ අය 16,000 ක් සහ තෙවෙනි අංකයේ අය 900,000කි. අවම වශයෙන් මෙපමණක් සූදානම් විය යුතුයි. රාජධානිය සූදානම් කළ යුතුය.

බාප්දාදා ප්‍රතිඵලයෙහි දුටුවේ, වර්තමානයේ ඔබෙන් බහුතරය තුළම නිශේධනීය හෝ නිෂ්ඵල චින්තන ස්වරූපයෙන් මායා සිටින බවයි. ලෝක පරිත්‍යාගශීලී ඔබේ තත්ත්වය තිබිය යුත්තේ නිරන්තරව අසීමිත ආකල්පය. අසීමිත දෘෂ්ටිය සහ අසීමිත ස්ථිතියක් ඇතිවය. ඕනෑම ජීවාත්මයක් කෙරෙහි ඔබේ ආකල්පය යාන්තමින් හෝ නිශේධනීය හෝ නිෂ්ඵල හැඟීම් සහිතව නොතිබේවා. නිශේධනීය යමක් පරිවර්ථනය කිරීම වෙනස් වූ දෙයකි. කෙසේවෙතත්, තමන් තුළම නිශේධනීය ආකල්පය ඇත්තන් හට අන් අයගේ නිශේධනීයත්වය සාධනීයත්වයට පරිවර්ථනය කිරීමට උදව් කළ නොහැකි ය. මේ නිසයි. ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ මේ ඔ ද්‍රිෂ්ඨිය සහ ආකල්පය අන් අය කෙරෙහි අසීමිත අන්දමින් සැමවිටම පරිත්‍යාගශීලීව ඇත්දැයි සියුම් ලෙස පරීක්‍ෂාකර බැලිය යුත්තේ. පරිත්‍යාගශීලී හැඟීම් පමණක් තබාගන්න. සීමිත හැඟීම්, සීමිත සිතිවිලි හෝ වචන සූක්‍ෂම වශයෙන් වත් ඔබ තුළ නොතිබේවා. ඔබේ ඇතුළත යම් දෙයක් සූක්‍ෂම වශයෙන් ගිලී ඇතොත් එය යම් විටෙක කරදර ඇතිවෙයිද එවිට භෞතිකව ඒ විසින්ම උත්පාදනය වී මතුවී එනවා ඇත. දැනට සැමවිටම ඔබ OK වී සිටිය හැකියි. නමුත් එය වී ඕන කරන අවස්ථාවේ මතුවී එයි. එවිට ඔබ සිතාවී: "මෙයා කොහොමත් එහෙම මයි. මේ අවස්ථාව මේ වාගේමයි, මේ පුද්ගලයා මේ වාගේය." එම පුද්ගලයා න ඔ මේ මේ මේ එලෙස හොඳින් සිටීවි. නමුත් ස්ථිතිය පාරිශුද්ධ සහ අසීමිත හැඟීම් වලින් පිරී තිබෙයිද? ඔබේම වැරැදි පරීක්‍ෂා කරන්න. ඔබට තේරුණා ද?

අවස්ථා ගැන නොබලන්න. ඔබ දෙස බලන්න. එපමණයි. 1999 වසරෙහි ඔබ විසින් නිරන්තරව සලකා බලන්න ඕන ඔබේ පියවර බ්‍රහ්ම පියාගේ පියවරට සමානව තිබෙනවා ද කියා. ඔබ සැවොම බ්‍රහ්ම පියාට ආදරෙයි. එහෙම නේද? ඉතින් ඔබ ආදරේ කරන කෙනාව සැමවිටම අනුගමනය කරන්න. ඔබ පියාට සමාන විය යුතුයි. ඒක හරි. එහෙම නේද? 1999 හි ඔබ සියල්ලන්ම සූදානමින් සිටිනවා ද? ඔබට තවත් වසරක් තිබෙනවා. "මේක සිද්ධවෙයි" හෝ "ඒක සිද්ධවෙයි" කියා නොසිතන්න. ඒ සියල්ලක්ම සිද්ධ වේවි. ඒවා සිද්ධ වෙන බව ඔබට කලින්ම කියා තිබෙනවා. එහෙත් ඔබත් අනිවාර්යෙන්ම පියා මෙන්ම සූක්‍ෂම දේවතාවක් වෙන්න ඕන. ඔබට තේරුණාද? ඔබ මෙසේ විය යුතුයි. එහෙම නේද? ඔබට මෙය කළ හැකි ද? වසරක් තුළ සූදානම් වෙනවා ද නැත්නම් වසරගයකින් සූදානම් වෙනවා ද? බ්‍රහ්ම පියාත් ඔබ පරිසමාප්ත වීම සඳහා ඔබව කැඳවයි. ස්වභාව ධර්මයත් ඔබ වෙනුවෙන් බලා හිඳියි. හය මාසයක් තුළ හොඳටම සූදානම් වෙන්න. මාස හයක් නොහැකි නම් වසරක්ම ඔබට තිබෙනවා. ව්‍යාකූල නොවෙන්න. නොසැලී සිටින්න. කෙසේවෙතත්, ඔබේ අරමුණ දැකීම ලිහිල් කරන්න එපා. කුමක් සිදුවුණත් කමක් නැහැ ඔබ පියාට සමාන විය යුතුයි. ඔබව සොලවන්න ඇතැම් බ්‍රාහ්මණයන් උත්සාහ කළත්, ඔබේ මාර්ගයටධක වුණත්. ඔබ පියාට සමාන වෙන්නම ඕන. මෙම අවවාදයට ඔබ කැමැති ද? (බාප්දාදා කණ්ඩායමේ සිටි සෑම කෙනෙකුගේම අත් ඔසවා තබවමින් ඔවුන්ගේ පින්තූරු ගත්තා) මේ ඡායාරූප සැමටමයවනවා. මෙහි මෙම චිත්‍රපටියේ යම් කෙනෙක් මග හැරෙන්න ඇති. නමුත් සූක්‍ෂම දේශයේ චිත්‍රපටියෙන් කිසිවකු මඟහැරෙන්නේ නැහැ. අච්චා.

පරම පියා අසයි: ඔබ සෑම කෙනාටම තත්පරයක් තුළ අශාරීරික වෙන්න පුළුවන්ද? දැන් තත්පරයක් අශාරීරික තත්ත්වයෙහි ස්ථිර වෙන්න. (බාබා ව්‍යායාමයක් කළා) අච්චා. දැන් ඔබ ශරීර තුළට ආපසු ආ හැකිය. දැන්, නැවතත් අශාරීරික වන්න. දවස මුළුල්ලේම, තත්පරයක් පමණවත් මෙය යළි යළි පුහුණු වෙන්න. අච්චා.

ඔබ අති උසස් බ්‍රාහ්මණ ජීවාත්මයන්, බ්‍රහ්ම පියාගේ පියවර මත නිරන්තරව පියවර තබන්නන්, පියා අනුගමනය කරන කීකරු දරුවන්, බ්‍රහ්ම පියා මෙන්ම සූක්‍ෂම ස්ථිතියෙහි නිරන්තරව සමීප වීත් ස්ථාවර වීත් සිටින්නන්, මහාභූතයන්ගේ ස්වාමීන් වී ස්වභාව ධර්මයේ සෑම දර්ශනයක්ම නොබැඳි නිරීක්‍ෂක සේ නරඹන්නන්, නොසෙල්විය හැකි අචල වූ ජීවාත්මයන්, ආකල්පය සහ දෘෂ්ටිය නිරන්තරව අසීමිත වූවන්, වාසනාවන්ත දරුවන්, බාප්දාදාගේ ස්නේහ ස්මරණය සහ නමස්සේ පිළිගන්න. මේ දේශයේත් විදේශයේත් සිටින සියලු දෙනාත්, පිටත සිට මෙය සවන් දෙමින් සිටිනා සියලු දෙනාත් විශේෂ ස්නේහ ස්මෘතිය පිළිගන්න.

වරදානය:
ඔබ ආශාවන් පිළිබඳ කිසිඳු ඥානයකින් තොරව ඔබේ අවිනාශී ලැබීම් සාක්ෂාත් කර ගැනීම ගැන අවබෝධයෙන් සිටීමෙන් උසස් භාග්‍යයේ සතුටෙහි රැඳී සිටින්න.

වාසනාව පිරිණමන්නාම තම පියා වන කෙනෙකුගේ වාසනාව කෙබඳු වේවිද කියා නිකමට සිතා බලන්න! වාසනාව ඔබේ ජන්ම උරුමයයි යන සතුට නිරතුරුවම තබා ගන්න. "වාහ් මගේ මේ ගීතය දිගටම ගායනා කරමින් සතුටින් පියාඹන්න. උපත් ගණනාවකට නොනැසී පවතින නිධානයක් ඔබට ලැබී ඇත; කිසිවෙකුට එය ඔබෙන් උදුරා ගැනීමට හෝ කොල්ලකෑමට නොහැක. ඔබට ආශාවන් නොමැති වීම එතරම්ම මහා භාග්‍යයකි. ඔබ සියලු ලැබීම් ලද විට සිතේ සතුට ඔබ ලද්දේය. කිසිවකින් අඩුවක් නොමැත, ඉතින් ඔබ ආශාව පිළිබඳ කිසිඳු දැනුමක් නොදත්තෙකු බවට පත්ව සිටී.

පාඨය:
පාප ක්‍රියා සිදුකරන කාලය ගෙවී ගොස් ඇති නමුත් අපත සිතිවිලි සහ වචන තවමත් ඔබව බොහෝ සේ රවටාලයි.

දැන්වීම: අද 3 වන ඉරු දින, ජාත්‍යන්තර යෝගා දිනයයි, එබැවින් සියලුම බ්‍රහ්මින් දරුවන් ප:ව 6.30 සිට 7.30 දක්වා භාවනාවේ යෙදී සිටියි. ඔබගේ අශාරීරික ස්ථිතියේ ස්ථාරව වී, අසීමිත ශාන්තිය, සෙනෙහස සහ පාරිශුද්ධත්වය අත්විදින්න. ඔබගේ මනස සහ බුද්ධිය ඒකාග්‍රතාවයට පත් කර බීජ ස්ථිතියේ තමන්ව ස්ථාවර කරගන්න.