17.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ස්මරණයෙහි යෙදී ඔබ කළ පාප ගැන පසු තැවෙන්න. එවිට ඔබ පාප ක්‍රියා පරාජය කළ අයෙක් බවට පත්වන අතර ඔබගේ සියලුම කර්ම ගෙවී යනු ඇත.

ප්‍රශ්නය:
සියලු දේ පහසුවෙන් අත්හැර දැමිය හැකි දරුවන් කවුද?

පිළිතුර:
තම ඇතුලාන්තයෙහි නිරාශාව ඇති දරුවන්ට පහසුවෙන් සියල්ල අතහැර දැමිය හැක. අහවල් අහවල් දේ කෑමට හෝ ඇඳිමට දරුවන් තුළ ආශා හටගත නොයුතුයි. ඔබ තම ශරිරයද ඇතුළුව මුළු ලෝකයම අමතක කර දැමිය යුතු වනවා. පියා දිව්‍ය ලෝකය ඔබට අල්ල මතට ගෙන ඒමට පැමිණ සිටිනා අතර, එමනිසා, ඔබගේ බුද්ධියෙහි සම්බන්ධය මේ පැරණි ලෝකයෙන් ඉවත් කළ යුතු වෙනවා.

ගීතය:
මව්නි, අහෝ මව්නි, ලොවෙහි වාසනාව ඔබය!

ඕම් ශාන්ති.
දරුවන්ට තම මව ගැන ප්‍රශංසනීයත්වය ඇසුනා. දරුවන් බොහෝමයක් ඉන්නවා. පියා සිටිනා අතර අනිවාර්යෙන්ම මව ද සිටිනා බව ඔබට වටහා ගත හැකියි. භාරත මාතාව ගැන බොහෝ ප්‍රශංසා කෙරෙනවා. ජගත් මාතාව වෙනුවෙන් විශාල උත්සව පැවැත්වෙනවා. ඔවුන් නොයෙකුත් ආකාර වලින් අම්මාට වන්දනා කරනවා. පියා එලෙසින්ම ප්‍රශංසාවට ලක් වෙනවා. ඇය ජගත් මාතාව වන අතර, ඔහු ජගත් පිතායි. ජගත් මාතාව භෞතික ස්වරූපයකින් සිටිනා අතර, එමනිසා, ජගත් පිතාද භෞතික ස්වරූපයකින් ඉන්නවා. ඒ දෙදෙනාම හඳුන්වන්නේ නිර්මාණකරුවන් ලෙසයි. මව හා පියා ගැන වූ රහස ඔබට විස්තර කර දී තිබෙනවා. කණිෂ්ඨ මාතාව ද ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාතාව ද ඉන්නවා. ඇය දරුවෙක් ලෙස ලබා ගත්තා වුවත් කණිෂ්ඨ මව ගැන ප්‍රශංසනීයත්වයක් තිබෙනවා. මේ මාතාවත් එසේ දරුවෙක් ලෙස ලබාගත් කෙනෙක් නිසා ඇය ජ්‍යෙෂ්ඨ මාතාව වනවා. කොහොමනමුත්, සියලු ප්‍රශංසනීයත්වය තිබෙන්නේ කණිෂ්ඨ මාතාව පිළිබඳවයි. දරුවන් වන ඔබත් තමා විසින් කළ පාප සියල්ලම තමා විසින් ගෙවිය යුතු බව දන්නවා. ඔබ පාප ක්‍රියා පරාජය කළ අය ලෙස සිටියා වුවත් පසුව රාවණ් ඔබව පාපකාරී තත්ත්වයට පත්කළා. පාප ක්‍රියා කරනා යුගයක් තිබෙනා අතර පාප ක්‍රියා පරාජය කරනා යුගයක් ද තිබෙනවා. කල්පයේ පළමු භාගයේදී ඔබ පාපකාරි ක්‍රියා පරාජය කළ අය ලෙස හැඳින්වෙන අතර අනෙක් භාගයේදී පාප ක්‍රියා ඇරඹෙන යුගය පැමිණෙනවා. දරුවන් දැන් තමා කළ සියලුම පාප ක්‍රියා පරාජය කර ජයග්‍රහණය කරනා අතර පාප ක්‍රියා ජයගත්තන් බවට පත්වනවා. ඔබ යෝගා බලයෙන් ඔබ කළ පාප වෙනුවෙන් පසුතැවිලි වෙනවා. පසුතැවිලි වීම සිදු වන්නේ ස්මරණය මාර්ගයෙනි. පියා විස්තර කරනවා දරුවනි, ස්මරණයෙහි යෙදෙන්න. එවිට, ඔබ තම පාප වෙනුවෙන් පසුතැවිලි වනු ඇත. එනම්, මලකඩ ඉවත්ව යනු ඇත. ඔබගේ හිස මත විශාල පාප බරක් තිබෙනවා. පළමුවන නොම්බරයේ පුණ්‍ය ජීවාත්මය පළමුවන නොම්බරයේ පාපකාරි ජීවාත්මය බවට පත්වෙන බව කියැවෙනවා. එම ජීවාත්මය සෑහෙන උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඔහු ගුරුවරයෙක් බවට පත්වී ඔබට උගන්වනවා. ඉතින් ඔහු අනිවාර්යෙන්ම සෑහෙන උත්සාහයක් දැරිය යුතු වෙනවා. කෙනෙක් අසනීප වූ කල, ඒ ඔහුගේ හෝ ඇයගේ කර්ම නිසා සිදු වූයේ යැයි කියැවෙනවා. උපත් ගණනාවක පාප නිසා ඒවා විඳවිය යුතු වෙනවා. මේ නිසා තමයි ඔබ ඒ ගැන කිසිම ලෙසෙකින් බිය නොවිය යුත්තේ. සතුටින් ඒවා ගෙවා දමන්න. මන්ද, ඔබ කර තිබෙන ක්‍රියාවන් හී කර්ම ගෙවීම වන්නේ එයයි. ඒ එකම එක පියාගේ ස්මරණයෙන් පමණයි පසුතැවිලි වීම සිදුවන්නේ. දරුවන් ජීවත්ව සිටිනා අතර මේ ඥානය නම් වූ අමෘතය පානය කළ යුතුයි. තවමත් පාප ඉතිරි වී තිබෙන නිසා තමයි ඔබ කැස්සෙන් පවා වද විඳින්නේ. ඔබ තුළ, මා මගේ සියලු කර්ම මෙහිදී ගෙවා දමනවා යන සතුට තිබෙනවා. මන්ද, ඒවා තවත් ඉතිරිව තිබුණහොත්, ඔබට ගෞරවයෙන් සමත්විය නොහැකියි. දඬුවම් ලැබීමෙන් පසුව තිළිණය ලැබීමට සිදුවුවහොත්, එය අගෞරවයකි. නොයෙකුත් ආකාරයේ දුකින් පිරි විඳවීම් තිබෙනවා. මෙහිදී, ඒ නොයෙකුත් ආකාරයෙන් එන දුකෙහි සීමාවක් නැහැ. එහිදී, තිබෙනා සතුටට සීමාවක් නැහැ. එහි මුල්ම නම වන්නේ දිව්‍ය ලෝකය යන්නයි. ක්‍රිස්තියානුවන් දිව්‍ය ලෝකය ගැන කතා කරනවා. ඔවුන් දිව්‍ය ලෝකයේ දෙවියන්, පියා ගැන කතා කරනවා. ඔබ මේවා ගැන දන්නවා. සියලු දේ අත්හැර ගිය මාර්ගයේ සිටිනා සන්යාසීන් කියනවා. මේ සියලු සතුට හරියට කපුටෙකුගේ පැහැරීම් වැනියි කියා. මේ ලෝකයේ නම් ඇත්තෙන්ම එය එසේමයි. කෙනෙක් කෙතරම් සතුටෙන් සිටියත්, එය තාවකාලික සතුටක් පමණයි. කිසිම කෙනෙක් තුළ ස්ථාවර සතුටක් නැහැ. කොතැනක හෝ ඉඳගෙන සිටිනා විට, හදිස්සියේ වියසනයක් ඇතිවී මිනිසුන් හෘදයාබාධ වලින් මිය යනවා. ජීවාත්මය එක් ශරීරයක් අත්හැර දමා තවත් ශරීරයක් ලබා ගන්නවා. ඉතින් පරණ ශරීරය නිරායාසයෙන්ම දුහුවිල්ලක් බවට පත්වනවා. සතුන්ගේ මළ සිරුරුවලින් කුමන හෝ ප්‍රයෝජනයක් ගන්නවා. නමුත් මනුෂ්‍යයින්ගේ සිරුරුවලින් නම් කිසිම ප්‍රයෝජනයක් නැහැ. තමෝප්‍රධාන්, අපිරිසිඳු වූ ශරිරයකින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. එය බෙලි කටුවක් තරම්වත් වටින්නේ නැහැ. දේවතාවන්ගේ ශරීරය හරියට දියමන්ති වැනියි. එමනිසා, ඔවුන් කෙතරම් වන්දනාවට පාත්‍ර වනවාද බලන්න. දරුවන් දැන් මෙය වටහාගෙන තිබෙනවා. මොහු තමයි දැඩි ලෙසම සෙනෙහසට පාත්‍ර වූ අසීමිත වූ පියා වන්නේ. කල්ප භාගයක් තිස්සේ ඔබ ඔහුව සිහිකරමින් සිටියා. බ්‍රහමිණ්වරුන් බවට පත්වෙන අයට පියාගෙන් උරුමයක් ලැබ ගැනීමට හැකියි. බ්‍රහමිණ්වරුන් බොහෝ පාරිශුද්ධත්වයට පත්වීම අවශ්‍යයි. ගීතාව හදාරණ අය පාරිශුද්ධත්වයෙන් යුක්ත විය යුතුයි. වැරදි ගීතාව හදාරණ මිනිස්සු පාරිශුද්ධත්වය රකින්නේ නැහැ. රාගය ලොකුම සතුරා බව ගීතාවේ ලියා තිබෙනවා. ගීතාව කියවන අයවත් පාරිශුද්ධත්වය රකින්නේ නැහැ. ගීතාව වූ කලී පියා ඔබට බෙලි කටුවක් වැනි නොවටිනා තත්ත්වයෙන් වටිනා දියමන්ති බවට පත්කරවන්නා වූ, සියලු ආගමික ග්‍රන්ථයන්හී මාණික්‍යයයි. මෙය වටහාගන්නේ ඔබ පමණයි. ගීතාව හදාරණ අයට මෙය වැටහෙන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම ගිරවුන් මෙන් කටපාඩම් කිරීම පමණයි කරන්නේ. සියලු ප්‍රශංසාව යන්නේ ඒ ඒකායන තැනැත්තා වෙතටයි. වෙන කිසිම කෙනෙක් ගැන ප්‍රශංසාව ඇත්තේ නැහැ. බ්‍රහ්මා, විෂ්ණු හෝ ශංකර් ගැනවත් ප්‍රශංසාවක් ඇත්තේ නැහැ. ඔබ ඔවුන් ඉදිරියේ කෙතරම් වැඳ වැටුණත්, ඔවුන්ට කෙතරම් කැප වුවත් ඔබට උරුමයක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු තමාව බිලි දීමට කාසීවලට යනවා. ආණ්ඩුව විසින් දැන් එය නවතා දමා තිබෙනවා. නැතිනම් මිනිස්සු බොහොමයක් එහි බිලි දෙමින් සිටියා. ඔවුන් එහි ගොස් ළිඳකට පනිනවා. සමහරු දේවතාවියකට බිලි දෙන අතර, තවත් සමහරු ශිවාට තමාව බිලි දෙනවා. තමාව දේවතාවන්ට බිලි දීමෙහි කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔවුන් කාලීටත් තමාව බිලි දෙනවා. ඔවුන් කාලීගේ ප්‍රතිමාව බොහොම අවලස්සන ලෙස පෙන්නුම් කරනවා. මුලදී සත් යුගී වූ සියලු දෙනා දැන් කලි යුගී බවට පත්ව සිටිනවා. අම්බා (මව) ලෙස හඳුන්වන්නේ එකම එක තැනැත්තායි. පියා කිසි විටෙක අම්බා ලෙස හැඳින්විය නොහැකියි. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ජගත් මාතාව සරස්වතී, බ්‍රහ්මාගේ දියණියයි. බ්‍රහ්මා අනිවාර්යෙන්ම ජනයාගේ පියායි. ඔහු සූක්ෂම ලෝකයේ නැහැ. සරස්වතී බ්‍රහ්මාගේ දියණිය බව ඔබට වැටහෙනවා. ඔවුන් බ්‍රහ්මාගේ භාර්යාවක් පෙන්වන්නේ නැහැ. පියා විස්තර කරනවා මා මෙම බ්‍රහ්මා මාර්ගයෙන් සරස්වතී දියණිය දරුවෙක් ලෙස ලබාගෙන තිබෙනවා. ඒ දියණියත්, පියා විසින් තමාව දරුවෙක් ලෙස ලබාගෙන තිබෙන බව දන්නවා. බ්‍රහ්මාත් එසේ දරුවෙක් ලෙස ලබාගත් කෙනෙක්. මේවා වෙන අන් කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළ නොමැති වූ ඉතා ගැඹුරු වූ කරුණුයි. පියා මෙහි අසුන්ගෙන මෙහි ගැඹුරුභාවය ඔබට කියනා අතර එමනිසා, ඔහු අනිවාර්යෙන්ම පෞද්ගලිකවම ඔබට එය පවසනවා. පෙලඹවීම් වලින් ඔහු එය දෙන්නේ නැහැ. පරමාත්ම දෙවියන් කතාකරයි අහෝ දරුවනි, ඔහුට මෙය පැවසිය හැක්කේ භෞතික ස්වරූපයකට පැමිණෙන විට පමණයි. අශාරීරික වූ පියා මෙහි අසුන්ගෙන මොහු මාර්ගයෙන් අපට උගන්වනවා. බ්‍රහ්මා අපට උගන්වන්නේ නැහැ. බ්‍රහ්මා ඥානයේ සාගරය ලෙස හඳුන්වන්න බැහැ. පරම පියා පමණයි මෙසේ හැඳින්විය හැක්කේ. තමාට උගන්වන්නේ භෞතික පියෙක් නොවන බවත්, මේ උගන්වන්නේ ලොවින් ඔබ්බෙහි වූ පියා බවත් ජීවාත්මය වටහා ගන්නවා. ඔබ තම උරුමය ලබා ගන්නේ ඔහුගෙනි. දිව්‍ය ලෝකය මෙලොවින් ඔබ්බෙහි තිබෙන ලෝකයක් ලෙස හැඳින්විය නොහැකියි. එය අමරණීයත්වයේ දේශය වන අතර, මෙය ජීවාත්ම වන අප වාසය කරන්නා වූ මරණයේ දේශයයි. මෙය එලොවක් නොවේ. ජීවාත්ම වන අප මෙම ලෝකයට එනවා. එලොව වන්නේ ජීවාත්ම වන අපගේ ලෝකයයි. ඔබ පාලනය කළේ මේ භාරතයේයි, එලොව නොවෙයි. ඔබ එලොව රජවරුන් ලෙස හැඳින්විය නොහැකියි. කතාවක් තියෙනවා මනුෂ්‍ය ලෝකයත් එලොවත් ඉතා ආකර්ෂණීය බව. මෙය භෞතික ලෝකය වන නිසා එලොව තිබෙනා ලෝකය ආකර්ෂණීය වෙනවා. භාරතය පාරාදීසයක් වූ අතර නැවතත් එය එසේ වෙනවා. මෙය මරණයේ දේශයයි. මනුෂ්‍යයන් වාසය කරන්නේ ලොවකයි. ඔවුන් කියනවා තමාට දිව්‍ය ලෝකයට හෝ එලොව යාමට ඕනෑයි කියා. දිල්වාලා දෙවොලෙහි, ඔබ තපස්යා කරමින් පහළ අසුන්ගෙන සිටිනවා. මුදුනේ (සිවිලිමෙහි) ඔවුන් දිව්‍ය ලෝකයේ පින්තූර පෙන්නුම් කර තිබෙනවා. අහවල් අහවල් කෙනා දිව්‍ය ලෝකයට ගියා යැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් දිව්‍ය ලෝකය තිබෙන්නේ මෙහි මුදුනේ නොවෙයි. අද මෙය අපිරිසිඳු ලෝකයක්. පසුව එය පිරිසිඳු ලොවක් බවට පත්වනවා. පිරිසිඳු ලෝකය තිබුණා, දැන් එය අතීතයට ගොස් තිබෙනවා. මේ නිසා තමයි ඔවුන් එලොව ගැන කතා කරන්නේ. ඔවුන් එයින් ඔබ්බට ගොස් තිබෙනවා. භාරතය දිව්‍ය ලෝකයක් වූ අතර දැන් එය අපායක් බවට පත්ව තිබෙනවා. ඉතින් දැන් දිව්‍ය ලෝකය තිබෙන්නේ එලොවයි. පසුව නාටකයට අනුව ඔවුන් පාප මාර්ගයට ගිය පසු දිව්‍ය ලෝකය එපිටට යනවා. මේ නිසා තමයි ඔවුන් එලොව ගැන කතා කරන්නේ. ඔබ දැන් කියනවා, තමා දැන් මෙහි පැමිණ නැවතත් ඒ නව ලොව රාජ්‍යය පාලනය කරනා බව. ඔබ සෑම කෙනෙක්ම තමා වෙනුවෙන්ම උත්සාහයේ යෙදෙනවා. යමක් කරනා අයට එහි ඵලය ලැබෙනවා. සෑම කෙනෙක්ම මෙය කරන්නේ නැහැ. හොඳින් ඉගෙනගන්නා අය උගතුන්, පාරාදීසයේ පාලකයින් බවට පත්වෙනවා. ඔබ මෙම ලෝකය ස්වර්ණමය ලොවක් බවට වෙනස් කරනවා. රනින් නිමවන ලද ස්වර්ණමය නගරය, ද්වාරකාව ගැනත්, එය පසුව සාගරයේ ගිලී යාමත් ගැන මිනිස්සු කියනවා. කාටවත් නැවත එය උඩට ගෙන ඒමට එය පතුළේ නවතින්නේ නැහැ. භාරතය දිව්‍ය ලෝකය වූ කල එය පාලනය කළේ දේවතාවන්. දැන් එහි කිසිවක් නැහැ. පසුව නැවතත් සියලු දේ රනින්ම කළ යුතු වෙනවා. එතැනින් රන් මාළිගා මතුවෙනවා කියා දෙයක් ඇත්තේ නැහැ. සෑම දෙයක්ම නැවත නිර්මාණය විය යුතු වෙනවා. තමා කුමර කුමරියන් බවට පත්වෙනවා යන කුල්මත්භාවය ඔබ තුළ තිබිය යුතුයි. මෙය කුමර කුමරියන් බවට පත්වීම සඳහා වූ පාසලකි. ඒවා කුමර කුමරියන් ඉගෙන ගන්නා වූ පාසල්ය. ඔබ ඉගෙන ගන්නේ රාජ්‍යය හිමිකර ගැනීමටයි. තම ඉහත උපතේදී දන් දීමෙන් හා රජෙකුට දාව ඉපදීමෙන් කුමරුන් බවට පත්ව සිටිනවා. ඒ පාසැල් ඉතාමත් හොඳයි. එහි ඉතාමත් ලස්සන කවිච්චි තියෙනවා. ස්වර්ණම හා රිදී යුගවල කුමර කුමරියන් ඉතාමත් ලස්සනයි. ඔවුන් පාසල් යනවා. ඔවුන් භාෂාවත් ඉගෙන ගන්නවා. සත් යුගයේ කුමර කුමරියන්ගේ පාසල් හා තඹ යුගයේ පාපකාරි කුමර කුමරියන්ගේ පාසල් දෙස බලන්න. ඒ වගේම කුමර කුමරියන් බවට පත් වෙමින් සිටිනා ඔබගේ සාමාන්‍ය පාසල දෙස බලන්න. ඔබට අඩි තුනක භූමි කොටසක්වත් ලබා ගත නොහැකියි. එහිදී කුමරුන් පාසල් යන ආකාරය ඔබ දන්නවා. එහිදී ඔබ ඇවිදින්න අවශ්‍ය නැහැ. ඔබ මාළිගාවෙන් එළියට පැමිණ ගුවන් යානයකින් පියාසර කරනවා. එහි තිබෙන පාසල් ඉතාමත් ලස්සනයි. එහි ඉතාමත් ලස්සන මල්වතු හා මාළිගා තිබෙනවා. එහි තිබෙනා සියලු දේ අලුත්. උසස් හා පළමු පන්තියේ ඒවායි. මහාභූත පහ පවා සතෝප්‍රධාන්. ඔබට සේවය කරන්නේ කවුද? මෙම මහාභූත පහ ඔබට සියල්ලෙහිම හොඳම ඵලය ලබා දෙනවා. කෙනෙක් හොඳ ලස්සන පළතුරක් වැවූ විට ඔහු එය රජ හා රැජිණියට තෑග්ගක් ලෙස තිළිණ කරනවා. මෙහි ශිව බාබා තමයි ඔබගේ උසස්ම පියා. ඔබ ඔහුට කන්න දෙන්නේ මොනවාද? ඔහුට කිසිම දෙයක් ගැන ආශාවක් නැහැ මට මේ ආහාරය ඕනෑ, මේ ඇඳුම ඕනෑ, මෙය කරන්න ඕනෑ ආදී කිසිවක් ඔහු තුළ නැහැ. එමනිසා, දරුවන් වන ඔබ තුළත් එම ආශාවන් නොතිබිය යුතුයි. මෙහිදී ඔබ තුළ ඒවා තිබුණහොත්, එහිදී ඒ සියල්ල ඔබට අඩු වෙනවා. ඔබ දැන් මේ මුළු ලෝකයම අතහැර දැමිය යුතුයි. ඔබගේ ශරිරයද ඇතුලුව සියලු දේ අත්හැර දමන්න. ඔබ තුළ නිරාශාව තිබෙනා කල, නිරායාසයෙන්ම ඔබ සියලු දේ අත්හැර දමනවා. බාබා කියනවා මා පැමිණ සිටින්නේ දරුවන් වන ඔබට ඔබගේ අල්ල මතටම දිව්‍ය ලෝකය ගෙන ඒම සඳහායි. ඔහු ඔබේ බාබා වන බවත්, අනිවාර්යෙන්ම තමා ඔහුව සිහිපත් කළ යුතු බවත් ඔබ දන්නවා. උදාහරණයක් ලෙස, කුමාරි කෙනෙක් විවාහ වන විට, ඇය කිසි විටෙක තමාට තම සැමියා සිහිකරන්න බැහැයි කියා කියන්නේ නැහැ. මන්ද, එම සබඳතාවය ඇගේ ජීවිතයට කාවද්දා තිබෙනා නිසයි. ඒ අයුරින්ම මෙය, පියා හා දරුවා අතර තිබෙනා සබඳතාවයයි. කොහොමනමුත්, මායා ඔබට මෙය අමතක කරවනවා. පියා කියනවා මා සිහපත් කරන්න. ඔබගේ උරුමය සිහිපත් කරන්න. මෙහි මුක්තිය හා ජීවන මුක්තිය යන දෙකම අඩංගු වී තිබෙනවා. ඉතින් ඇයි ඔබ මේක අමතක කරන්නේ? මේ සඳහා ඔබගේ බුද්ධිය අවශ්‍ය වනවා. ඔබ කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. නමුත් විශ්වාසය තබා ගන්න. තමා දැන් පාරිශුද්ධත්වය රැක, තම උරුමය වූ ඒ පාරිශුද්ධත්වයේ ලෝකය හිමිකර ගන්නා බව ඔබ දන්නවා. මෙහිදී ඔබ සෑම දෙයක්ම තේරුම් ගත යුතුයි. නමුත් ඔබ කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. අප දැන් අයිති බාබාටයි. අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත්කරවන්නා ශිව බාබායි. ඔහු කියනවා නිරන්තරයෙන්ම මා සිහිපත් කරන්න. මින් අදහස් වන්නේ මන්මනාභව් යන්නයි. නමුත් පසුව ඔවුන් මෙසේද ලියා තිබෙනවා ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි. පාරිශුද්ධකරුවා වන්නේ ඒ ඒකායන තැනැත්තායි. සැමට විමුක්තිය දානය කරන්නා ඔහුයි. ඔබ සිහිකළ යුත්තේ ඒ ඒකායන තැනැත්තා පමණයි. ඔහු කියනවා මා අමතක කිරීම නිසා, ඔබගේ එකම පියා අමතක කිරීම නිසා ඔබ දිගින් දිගටම නොයෙකුත් අය සිහිකරමින් ඉන්නවා. දැන් මා සිහිපත් කරන්න. එවිට ඔබ පාප පරාජය කරන ලද රජවරුන් බවට පත්වනු ඇත. පාප පරාජය කළ රජවරුන් අතරත්, පාප ක්‍රියා කරනා රජවරුන් අතරත් ඇති වෙනස පෙන්වා දී තිබෙනවා. වන්දනීයත්වයට සුදුසුව සිට ඔවුන් වන්දනාකරුවන් බවට පත්වනවා. ඔවුන් ක්ෂත්‍රිය වංශයට පැමිණ පසුව ශුද්‍ර වංශයට පැමිණිය යුතුමයි. ක්ෂත්‍රිය වංශයේ කොටස්කරුවෙක් බවට පත්වෙනවා යනු පාප මාර්ගයට යාමයි. ඔබ බුද්ධිය තුළ සම්පූර්ණ ඉතිහාසය හා භූගෝලය අන්තර්ගත වෙනවා. මේ ගැන බොහෝ කතන්දර තිබෙනවා. එහිදී, බැඳීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දරුවන් ඉතා විනෝදයෙන් ඉන්නවා. ඔවුන්ව නිරායාසයෙන්ම ඉතා හොඳින් පෝෂණය වෙනවා. ඔවුන් ඉදිරියේ සෑම විටෙකම සේවක සේවිකාවන් ඉන්නවා. එමනිසා, ඔබගේ වාසනාව දෙස බලන්න ඔබ ඉන්නේ සෑම කෙනෙක්ම කුමර කුමරියන් බවට පත්වන්නා වූ පාසලකයි. ඔබ මෙහි වෙනස දන්නවා. මේ, කලි යුගී කුමර කුමරියන් වන අතර ඒ ස්වර්ණම යුගයේ කුමර කුමරියන්ය. ඒ අධිරාජ්‍යයන් හා අධිරාජිණියන් වන අතර, මේ රජවරුන් හා රැජිණියන්ය. බොහෝ මිනිසුන්ට ලක්ෂ්මි නාරායන හා රාධේ ක්‍රිෂ්ණා යන නම් තබා තිබෙනවා. ඉතින් ඔවුන් ඔවුන් ඒ ලක්ෂ්මි නාරායනටත්, ඒ රාධේ ක්‍රිෂ්ණාටත් වන්දනා කරන්නේ කුමකටද? නම එකමයි. ඔව්, ඔවුන් ලෝක පාලකයින් වූවා. මෙම ඥානය වෙන කිසිම ආගමික ග්‍රන්ථයක නොමැති බව ඔබ දැන් දන්නවා. භක්තියෙහි යෙදීමෙහි, යාගහෝම කිරීමෙහි, තපස්යා කිරීමෙහි හා දානමානාදිය දීමෙහි කිසිම අර්ථයක් නොමැති බව ඔබ දැන් වටහාගෙන තිබෙනවා. නාටකයට අනුව ලෝකය දැන් පැරණි විය යුතුමයි. සෑම මනුෂ්‍යයෙක්ම තමෝප්‍රධාන් තත්ත්වයට පත්විය යුතුමයි. ඔවුන් සෑම දෙයකින්ම තමෝප්‍රධාන්. කෝපය හා තන්හාව අතින් පවා ඔවුන් අන්ත තමෝප්‍රධාන් තත්ත්වයට පත්ව සිටිනවා. මොහු ඇයි අපේ භූමියට කරදර කරන්න එන්නේ, ඔහුට වෙඩි තියන්න. ඔවුන් බොහෝ සැහැසි වන අතර එකිනෙකා අතර බොහෝසෙයින් සටන් ඇති කර ගන්නවා. එකිනෙකා මරා ගැනීමට පවා ඔවුන් පසුබට වන්නේ නැහැ. දරුවන් තමාට උරුමය හිමිකර ගත හැකි නිසා තම පියා මියයන තුරු පවා බලා සිටිනවා. එවන් වූ තමෝප්‍රධාන් ලොවක් දැන් විනාශ වීමටයි තිබෙන්නේ. පසුව සතෝප්‍රධාන් ලෝකය පැමිණෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පුණ්‍යවත් ජීවාත්මයක් බවට පත්වීම උදෙසා ස්මරණයෙහි යෙදීමට උත්සාහ දරන්න. සියලු කර්ම ගෙවා දමන්න. ගෞරවයෙන් සමත් වී ගෞරවයෙන් යුතුව නිවස වෙත යන්න. එමනිසා, කර්ම ගෙවීම පිළිබඳ බියවන්න එපා. සතුටින් යුතුව සෑම දෙයක්ම ගෙවා දමන්න.

2. තමා අනාගත කුමර කුමරියන් බවට පත්වෙනවාය යන සතුට සෑම විටම පවත්වා ගන්න. මෙය කුමර කුමරියන් බවට පත්වීම උදෙසා වූ පාසලකි.

වරදානය:
ඔබ ලෝක පරිත්‍යාගශීලියෙකු වී ඔබේ අචල තත්ත්වයෙන් මාස්ටර් පිරිනමන්නෙකු වේවා.

අචල තත්ත්වයක් ඇත්තන් තුළ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ද තිබේ. එබැවින්, ඔබ සෑම කෙනෙක්ම අචල (නොසෙල්විය හැකි) අය බවට පත්විය යුතුයි. අචල තත්ත්වය ඇත්තන්ගේ විශේෂ ගුණාංගය නම් කරුණාබරිතව සිටීමය. පිරිනමන්නෙකුගේ හැඟීම් ඔවුන්ට සෑම විටම සෑම ජීවාත්මයක් උදෙසාම තිබේවි. ලෝක පරිත්‍යාගශීලියා යනු ඔවුන්ගේ විශේෂ පදවින්ට කිසිම ජීවාත්මයක් කෙරෙහි අමනාපයේ, විරෝධයේ, ඊර්ෂ්‍යවේ හෝ විවේච්චනය කිරීමේ හැඟීම් කිසිසේත් නොතිබේ. ඔවුන්ට හිතකාමිත්වයේ හැඟීම් තිබේ.

පාඨය:
අන්‍යයන් තුළ කෝපයේ ගින්න නිවීමට තිබෙන එකම ක්‍රමවේදය වන්නේ නිශ්ශබ්දතාවයේ බලය යෙදීමය.