17.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා ඔබට අසීමිතය ගැන පුවත් ලබා දෙයි. ඔබ දැන් ස්ව-දර්ශන චක්‍රධාරීන් වී ඇත. ඔබගේ උපත් 84 ගැන අවධානයෙන් සිට, අන් සියලු දෙනාටත් මේවා ගැන අවධානයෙන් සිටීමට මග පාදන්න.

ප්‍රශ්නය:
ශිව බාබාගේ ප්‍රථම දරුවා විෂ්ණු නොව, බ්‍රහ්මා බව කියන්නේ ඇයි?

පිළිතුර:
ශිව බාබා, බ්‍රහ්මාගේ මාර්ගයෙන් බ්‍රහ්මන සමාජය නිර්මාණය කරන බැවිනි. විෂ්ණු, ඔහුගේ දරුවෙක් බව කියන්නේ නම්, එවිට ඔහුගේ මාර්ගයෙන් නිර්මාණය වූ සමාජයක් සිටිය යුතුයි. කෙසේවෙතත්, විෂ්ණුගේ මාර්ගයෙන් සමාජයක් නිර්මාණය වන්නේවත්, ඔහුට කිසිවෙකු මව සහ පියා කියා අමතන්නේවත් නැත. ඔහු නාරායනගේ ස්වරූපයෙන්, ලක්‍ෂ්මි අධිරාජිණිය සමගින්, අධිරාජයා වන විට, ඔවුන්ට මව සහ පියා කියා අමතන්නේ, ඔවුන්ගේ දරුවන් පමණයි. බ්‍රහ්මන සමාජය නිර්මාණය වන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි.

ගීතය:
මවත් ඔබයි පියාත් ඔබයි.

ඕම් ශාන්ති.
පරම පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කරයි. කිසිම ගුරු කෙනෙක් හෝ මාර්ගෝපදේශකයෙකුට, පියා අසුන්ගෙන දරුවන්ට විස්තර කරන බව, පැවසිය නොහැක. පරම පියා දරුවන්ට විස්තර කරදෙන්නේ මොනවාද? පරම පියා කවුරුන්ද කියා, ඔහු විස්තර කරයි. මෙය දන්නේ ඔබ පමණයි. වෙනත් කිසිම සත්සංගමයකදී මෙසේ පැවසිය නොහැක. ඔවුන්ට ‛සායි බාබා හෝ ‛මේහර් බාබා (ගුරූන්ගේ නම්) කියා අමතන නමුත්, ඔවුන්ට කිසි දෙයක් නොවැටහෙයි: ඔවුන්ට මෙසේ කිව නොහැක. එම කෙනා අසීමිත පියා බවත් ඔහු ඔබට අසීමිතය ගැන පුවත් ලබා දෙන බවත් ඔබ දන්නවා. එකක් අසීමිතය ගැන පුවත් වන අතර අනෙක සීමිත පුවත්ය. මේ ලෝකයේ වෙනත් කිසිවෙකු මෙය නොදනී. පරම පියා පවසන්නේ: මා ඔබට අසීමිතය ගැන පුවත් ලබා දෙන අතර එබැවින් ඔබගේ බුද්ධිය තුළ ලෝකයේ මුල, මැද සහ අවසානය ගැන දැනුම තිබේ. පරම පියා සැබවින්ම ඔහුගේ හැඳින්වීම ලබා දී, ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය නිවැරදිව විස්තර කර දී ඇති බව ඔබ දන්නවා. අප මෙය වටහාගෙන වෙනත් අයට විස්තර කර දෙනවා. බීජයට, පරම පියා, පරමාත්ම ජීවය සහ පියා යැයි කියයි. පරම පියා, පරමාත්ම ජීවය, උත්තරීතර දනව්වේ නිවැසියාය. ඔහු අශාරීරික ලෝකය සහ මුළු මාලාවම නිර්මාණය වන්නේ කෙසේද යන පුවත ලබා දෙයි. ඔහු පහදා දෙන ප්‍රථම දේ වන්නේ: මා ඔබගේ පියා වන අතර මා වාසය කරන්නේ උත්තරීතර දනව්වේය. මට ඥානයෙන් සපිරි කෙනා සහ ආනන්දයෙන් සපිරි කෙනා කියා අමතයි. මා පැමිණ, ඔය ජීවාත්මයන්ට පාරිශුද්ධත්වය, සාමය සහ සතුට යන ඔබගේ උරුමය ලබා දෙනවා. මෙය ඔය දරුවන්ගේ බුද්ධිය තුළ දිගින් දිගටම බ්‍රමණය වනවා. අප මුලින්ම වාසය කරන්නේ කොහිද? අප සියලුම ජීවාත්ම, අපගේ චරිත කොටස් රඟපෑ යුතුයි. චරිත කොටස් ගැන රහස කිසිවෙකුට වටහාගත නොහැක. ඔවුන් දිගින් දිගටම නිකමට පවසන්නේ, ඔවුන් නැවත උපත් ගන්නා බවත්, ජීවාත්මයක් මෙපමණ උපත් සංඛ්‍යාවක් ගන්නා බවත්ය. ඇතැමුන් උපත් මිලියන 8.4ක් බව පවසයි. ඔබ සමහර මිනිසුන්ට විස්තර කරන විට, උපත් 84 නිවැරදි බව ඔවුන්ට වැටහෙයි. ඔබ උපත් 84 ගන්නේ කෙසේද කියා ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. අප නිසැකයෙන්ම සතෝප්‍රධාන්ව සිටි අතර ඉන්පසුව සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා ගියා. දැන් සංගම යුගයෙදී අප නැවත වරක් සතෝප්‍රධාන් වනවා. මෙය නිසැකයෙන්ම ඔය දරුවන්ගේ බුද්ධිය තුළ ඇති. ඔබට ස්ව-දර්ශන චක්‍රධාරීන් කියා අමතන්නේ මේ නිසාය. මෙම කරුණු කෙතරම් සරළද කිවතොත්, උපත් 84ක් ගන්නේ වෙනත් ආගම්වල මිනිසුන් නොව, අප බව, මහළු මව්වරුන්ට පවා විස්තර කළ හැක. අප දැන් බ්‍රහ්මනයන් බවත් ඉන්පසුව අප දේවතාවන්, ක්‍ෂත්‍රියයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් වන බවත් විස්තර කළ යුතුයි. උසස්ම-උසස් වන්නේ ශිව බාබාය. ඔබ පුනරුත්පත්ති ගන්නා බව, දැන් ඔබගේ බුද්ධිය තුළ තිබේ. ඔබ අනිවාර්යෙන්ම පුනරුත්පත්ති ගැනීම ගැන විශ්වාස කළ යුතුයි. ඔබට දැන් ඔබගේ උපත් 84හි චරිත කොටස් ගැන අවධානය ලැබී තිබේ. මෙම විස්තරය, මහළු මව්වරුන්ට ඉතා පහසුයි. ඔබට පොත් පත් ආදිය කියවීමට අවශ්‍ය නැත. ඔබ උපත් 84ක් ගන්නා ආකාරය ගැන පරම පියා විස්තර කර ඇත. ඔබ දේවතාවන්ව සිටි අතර ඔබ ස්වර්ණමය යුගයේ උපත් 8ක් ද, රිදී යුගයේ උපත් 12ක්ද, තඹ සහ කලි යුගවල උපත් 63ක්ද ගත්තා. එමෙන්ම සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ මෙම එක් උපතයි. ඔබට පහසුවෙන්ම මෙය වැටහෙනවා නේද? කුරුක්‍ෂේත්‍රයේ (මහා භාරත යුද්ධය සිදු වූ බව කියැවෙන කුඩා නගරය) ඔය මහළු මව්රුන්ට මෙය වැටහෙනවා නේද? කුරුක්‍ෂෙත්‍ර යන නම ඉතා ප්‍රසිද්ධයි. ඇත්ත වශයෙන්ම මෙය (මුළු ලෝකයම) කර්ම ක්‍ෂේත්‍රයයි (ක්‍රියා සිදුකරන ක්‍ෂේත්‍රය). එම කුරුක්‍ෂෙත්‍රය කුඩා නගරයකි. මෙම ලෝකය, සියලුම ක්‍රියා සිදුකරන ක්‍ෂේත්‍රයයි. යුද්ධය තවමත් මෙහි ආරම්භ වී නැත. ඔබ මේ මුළු කුරුක්‍ෂෙත්‍රයම (සටන් භූමිය) ගැන දන්නවා. ඔබට තිබෙන්නේ එක් ස්ථානයක අසුන්ගෙන සිටීම පමණයි. බාබා ඔබට පවසා ඇත්තේ: එය දැන් මුළු කර්ම ක්‍ෂේත්‍රයේම (ක්‍රියා සිදු කරන භූමිය) රාවනගේ රාජධානියයි. ඔවුන් රාවන පුළුස්සන්නේ මෙහිදීය. රාවනගේ උපත මෙහි සිදුවන අතර ශිව බාබාගේ උපත සිදුවන්නේද මෙහිදීය. දේවතාවන් සිටියේ මෙහි වන අතර, එමෙන්ම ඔවුන් පාපයේ මාර්ගය අනුගමනය කළේද මෙහිදීය. බාබාද පැමිණෙන්නේ මෙහි භාරතයේය. භාරතය පිළිබඳ විශාල වර්ණනාවක් තිබේ. පරම පියා භාරතයේ අසුන්ගෙන විස්තර කරයි: දරුවනි, වසර 5000කට පෙර ඔබ අයත් වූයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි: ඔබ පාලනය කළා. ඔබ අතරින් ලෝකයේ අංක එකේ පාලකයන් වූයේ, ලක්‍ෂ්මි සහ නාරායනය. ඒ වසර 5000කට පෙරාතුවයි. ඔවුන්ට ලෝක අධිරාජයා සහ අධිරාජිණිය යැයි කීහ. එහි වෙනත් ආගමක් නැත. එහි සියලුම රජවරුන්ට ලෝක අධිරාජවරුන් යැයි කියයි. පසුව කියන්නේ: මෙම කෙනා අහවල් නගරයේ අධිරාජයා වන අතර අහවලා අර නගරයේ අධිරාජයාය (මහාරාජා). ඔබ ලෝක අධිරාජ්‍යය හිමි කරගන්නා බව ඔබ දන්නවා. ඔබ යමුනා නදිය අසබඩ පාලනය කරන බව පියා විස්තර කර තිබෙනවා. එබැවින් යුග සතරක් සහ වංශ සතරක් තිබෙන බව, ඔබගේ බුද්ධියේ තබාගන්න. පස්වැන්න කිසිවෙකු නොදන්නා, අධික යුගයයි. ප්‍රධාන ආගම, බ්‍රහ්මන ආගමයි. බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය සිහි කර ඇත. බ්‍රහ්මා පැමිණියේ කවදාද? පරම පියා ලෝකය නිර්මාණය කරන විට, ප්‍රථමයෙන්ම නිසැකවම බ්‍රහ්මනයින් අවශ්‍ය වෙයි. ඔවුන් බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් ඍජු පරපුරයි. ශිව බාබාගේ පළමු දරුවා, බ්‍රහ්මායි. ඔබ විෂ්ණුට ඔහුගේ දරුවෙක් යැයි කියයිද? නැහැ, මන්ද, ඔබ ඔහු, ශිව බාබාගේ දරුවෙක් බව පවසන්නේ නම්, ඔහුගේ මාර්ගයෙන් නිර්මාණය වූ සමාජයක් තිබිය යුතුයි. කෙසේවෙතත්, ඔහුගේ මාර්ගයෙන් සමාජයක් නිර්මාණය නොවන අතර ඔහුට ‛මව සහ පියා කියා ඇමතිය නොහැක. අධිරාජයා සහ අධිරාජිණියට ඔවුන්ගේම එක පුතෙක් පමණක් සිටියි. මෙය, ක්‍රියා සිදුකරන භූමියයි. පරම පියා, පරමාත්ම ජීවය පවා පැමිණ, ක්‍රියා සිදුකළ යුතුයි. එසේ නැත්නම් ඔහුට එතරම් ප්‍රශංසා තිබීමට ඔහු සිදු කරන්නේ මොනවාද? ඔවුන් ශිවාගේ උපතද සිහි කරන බව ඔබට පෙනෙයි. ඔවුන් ශිව පුරාණය (ශාස්ත්‍රයක්) ලියා ඇති නමුත් ඉන් කිසි දෙයක් වටහාගත නොහැක. ප්‍රධාන ග්‍රන්ථය, ගීතාවයි. ශිව බාබා පැමිණෙන්නේ කෙසේද කියා ඔබට ඉතා පැහැදිලිව වැටහි තිබේ. බ්‍රහ්මා අනිවාර්යෙන් අවශ්‍ය වන නමුත් ඔහු පැමිණෙන්නේ කොහේ සිටද? සූක්‍ෂම දේශයේ බ්‍රහ්මාගේ පරිසමාප්ත ස්වරූපය තිබේ. මිනිසුන් මෙම කාරණාවේ සිරවෙයි. බ්‍රහ්මාගේ කාර්යය කුමක්ද? ඔහු සූක්‍ෂම දේශයේ කරන්නේ කුමක්ද? පරම පියා විස්තර කරන්නේ: ඔහු ඔහුගේ ශාරීරික ස්වරූපයේ සිටින විට, මා ඔහුගේ මාර්ගයෙන් ඥානය ලබා දෙනවා. මෙම ඥානය ධාරණය කරගැනීමෙන් ඔහු සුරදූතයෙක් වන අතර එය ඔහුගේ පරිසමාප්ත ස්වරූපයයි. මම්මාටද එය එසේමයි. ඔබගේ පරිසමාප්ත ස්වරූපයද සකස් වන්නේ, ඒ ආකාරයෙන්මය. ඔබ උපත් 84ක් ගන්නේ කෙසේද යන කරුණ ඔය මහළු මව්වරුන් සරළව ධාරණය කරගත යුතුයි. ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා බාබා ඔබව කර්ම ක්‍ෂේත්‍රයට එවන බවත් විස්තර කර දී තිබේ. ඔහුගේ මුඛයෙන් ඔහු කිසිවක් නොකියයි. මෙය නිර්මාණය කර ඇති නාටකයයි. නාටකයට අනුව සෑම කෙනෙක්ම ඔවුන්ගේම වෙලාවේදී පැමිණිය යුතුයි. ලෝකයේ ආරම්භයේ සිටින්නේ කවුරුන්ද අවසානයේ සිටින්නේ කවුරුන්ද කියා, පරම පියා මෙහි අසුන්ගෙන විස්තර කර දෙයි. අවසානයේදී මුළු වංශයම සම්පූර්ණ පරිහාණී තත්ත්වයට පත්වෙයි. කෙසේවෙතත්, සියල්ලන්ම මුළුමනින්ම නැතිව ගොස්, ඉන්පසුව ක්‍රිෂ්ණා ඔහුගේ මහපටැඟිල්ල උරමින් පැමිණෙනවා නොවෙයි. පරම පියා, බ්‍රහ්මාගේ මාර්ගයෙන් නව සමාජය ස්ථාපනය කරයි. පරම පියා, පරමාත්ම ජීවය, දිව්‍යමය ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද කියා ඔබ දන්නවා. ඔවුන් සිතන්නේ එය නිර්මාණය කරන්නේ ක්‍රිෂ්ණා කියා. පාරිශුද්ධකරු වන්නේ පරම පියා පමණක් බව ඔබ දන්නවා. ඔහු ඔබව පිවිතුරු කිරීමට පැමිණෙන්නේ අවසානයේ පමණයි. චක්‍රයකට පෙර, පිවිතුරු වූ අය පමණක් මෙහි පැමිණෙයි. ඔවුන් බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වී, ශිව බාබාගෙන් ඔවුන්ගේ උරුමය හිමි කරගැනීමට උත්සාහ දරයි. ඔහු නිර්මාණකරුයි, දැනුමින් සපිරි ඒකායන කෙනායි. උරුමය ලැබෙන්නේ පරම පියාගෙන් පමණයි: දාදාට ද (බ්‍රහ්ම බාබා) එය ලැබෙන්නේ ඔහුගෙනි. ගායනා කරන්නේ, ඔහුගේ ප්‍රශංසාව පමණයි: මවත් ඔබයි පියාත් ඔබයි. සත්‍ය සතුට ලබා දෙන ඒකායන කෙනා සැබවින්ම ඔහුයි. මෙය දන්නේ ඔබ පමණයි: ලෝකය මෙය නොදනී. දුක ඇරඹෙන්නේ රාවනගේ රාජධානිය ආරම්භ වන විටයි. රාවන ඔබව නුවණ නැති අය කරවයි. දරුවෙක් පාපයන්ගෙන් නිදහස්ව සිටින තාක්, ඔහු මහාත්මයෙක් (ශ්‍රේෂ්ඨ ජීවයක්) ලෙස සලකයි. ඔහු යෞවනයෙක් වන විට, ඔහුගේ ලෞකික නෑදෑයින් ඔහුට දුකට මාර්ගය පෙන්වයි. ඔහුට පෙන්වා දෙන ප්‍රථම මාර්ගය වන්නේ: ඔබ විවාහ විය යුතුයි: ලක්‍ෂ්මි සහ නාරායන මෙන්ම රාමා සහ සීතා විවාහ නොවුණේද? කෙසේවෙතත්, ඔවුන්ගේ මාවත පිවිතුරු ගෘහ ජීවිතයක් වූ අතර මෙය අපවිත්‍ර ගෘහ ජීවිතයක් බව ඔවුන්ට නොවැටහෙයි. ඔවුන් පිවිතුරු දිව්‍යලෝකයේ අධිපතියන් වූ අතර අප අපවිත්‍ර අපායේ අධිපතියන්ය. කෙසේවෙතත්, මෙම සිතිවිලි ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ඔබ භාරතයේ වර්ණනාව ගැන පවසයි. භාරතය, දිව්‍යලෝකය වූ බව ඔබට අමතක වුනාද? ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබුණු අතර ඔවුන් පිවිතුරු විය. අපවිත්‍ර අය ගොස් දේවතාවන්ගේ ප්‍රතිමා ඉදිරියේ තම හිස නමන්නේ මේ නිසාය. පිවිතුරු ලෝකය ස්ථාපිත කරන්නේ පාරිශුද්ධකරු පරම පියා පමණයි. වර්තමානයේ ඔවුන් පවසන්නේ: අප අපවිත්‍රයි. යුද්ධයක් ආදිය ඇතිවන විට, ඔවුන් සාමය ගෙන ඒම සඳහා යාගහෝම පවත්වා මන්ත්‍ර ද ජප කරයි. කෙසේවෙතත්, ඔවුන් සාමයේ අරුත නොදනී. ඔවුන් ‛දෙවි පියාණෙනි කියා කන්නලව් කරන්නේ නම්, ඔවුන් ඔහුගේ දරුවන් විය යුතුයි. ඔහු අපගේ පරම පියාය, එබැවින් අප සියලු දෙනා සහෝදරයන්ය. ඔබ බ්‍රහ්මාගේ සැබෑ මුඛයෙන් උපන් නිර්මාණය බැවින් ඔබට සහෝදර සහෝදරියන් යැයි කියයි. ස්වර්ණමය යුගයේ මුඛයෙන් උපන් නිර්මාණයක් නැත. ඔබට සහෝදරයන් සහ සහෝදරියන් යැයි අමතන්නේ සංගම යුගයේ මුඛයෙන් උපන් නිර්මාණය, ඇති නිසා පමණයි. පරම පියා පවසන්නේ: මම සෑම චක්‍රයකම සංගම යුගයේදි සාමාන්‍ය මහළු ශරීරයකට ඇතුළු වී, ඔහුට බ්‍රහ්මා යන නම ලබා දෙනවා. ඉන්පසුව ඔහු එම ඥානය ධාරණය කර, අව්‍යක්ත, පරිසමාප්ත බ්‍රහ්මා බවට පත්වනවා. ඔහු එම කෙනාමයි: ඔහු වෙනත් කෙනෙක් නොව. බ්‍රහ්මනයෙක් දේවතාවක් වී ඉන්පසුව චක්‍රය වටා යාමෙන් පසුව, අවසානයේදී ශුද්‍රයෙක් වෙයි. පසුව බ්‍රහ්මාගේ මාර්ගයෙන් නැවතත් බ්‍රහ්මනයන් නිර්මාණය වෙයි. ඔය ගුරුවරුන් මහළු මව්වරුන් වෙනුවෙන් උත්සාහ දරා ඔවුන්ට විස්තර කළ යුතුයි: අප දැන් අපගේ උපත් 84 අවසන් කර ඇත. ඔවුන්ට අඩු තරමේ මෙය වටහා ගැනීමට හැක. බාබා පවසන්නේ: මා සිහි කරන්න. මෙම යෝගා ගින්න තුළින් පමණයි, පාපයන් දුරු වන්නේ. ඔහු සියලුම ජීවාත්මයන්ට පවසන්නේ: නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ශිව බාබා පවසන්නේ: ඔය භාග්‍යවන්ත තාරකාවෙනි, අහෝ සැලිග්‍රමයනි, මා මෙම ඥානය දෙන්නේ ඔය ජීවාත්මයන්ගේ බුද්ධියටයි. පරම පියා, පරමාත්ම ජීවය කතා කරන්නේ, බ්‍රහ්මාගේ මුඛයෙන් වන අතර, සවන් දෙන්නේ ඔය ජීවාත්මයි. මෙවැනි කියමනකි: ස්ථාපනය සිදුවන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි. එබැවින් ඔහු නිසැකවම මනුෂ්‍යයෙක් වන අතර ඔහු මහළු ද වෙයි. ඔවුන්ද බ්‍රහ්මාව මහළු ලෙස පෙන්වන අතර ක්‍රිෂ්ණා තරුණ බව විශ්වාස කරයි. බ්‍රහ්මා, කුඩා දරුවෙක් කියා ඔවුන් කිසි විටෙක නොකියයි: ඔහුගේ තරුණ ස්වරූපයක් ඔවුන් නොපෙන්වයි. ඔවුන් ලක්‍ෂ්මි සහ නාරායනගේ කුඩා අවදියක් නොපෙන්වන අයුරින්ම ඔවුන් බ්‍රහ්මාගේද කුඩා අවදියක් නොපෙන්වයි. පියාම පවසන්නේ: මා ඇතුළු වන්නේ මහළු ශරීරයකටයි. ඔය දරුවන් මෙම මහා මන්ත්‍රය දිගටම අන් අයට පැවසිය යුතුයි: ශිව බාබා පවසන්නේ: නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. අප ශිවා සහ බ්‍රහ්මාට ‛බාබා කියා අමතන නමුත් ශංකර්ට අප කිසිදා ‛බාබා කියා අමතන්නේ නැත. ඔවුන් කර ඇත්තේ ශිවා සහ ශංකර් එකට පටලවා ගැනීම පමණයි. තවද සියලුම ජීවාත්මයන්ගේ පියා, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, දැන් පැමිණ ඇති බවත්, ඔවුන්ගේ බුද්ධියේ සනිටුහන් කරවන්න. මෙම සියලුම පහසු කරුණු, මහළු මව්වරුන්ට විස්තර කළ යුතුයි. බාබා ඔබගෙන් මෙම ප්‍රශ්නය අසයි: පෙර, මා ඔබව කවුරුන් බවටද පත් කළේ? අඩු තරමින් ඔවුන්ට මෙසේ පිළිතුරු දීමට හැකි විය යුතුයි: අපි ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කරන අය විය. පියා සහ චක්‍රය සිහි කිරීමෙන් ඔබ ආධ්‍යාත්මික, විදේශයට යයි. විදේශය, දුර ඈත දේශය නොවේද? ජීවාත්ම වන අප වාසය කරන්නේ, දුර ඈත දේශය වන ස්ථානයේය. අපගේ නිවහන ඇත්තේ කොහෙද කියා බලන්න: දුක නොමැති, ඉරට සහ සඳට එපිටින්. ජීවාත්ම වන අපට, දැන් අපගේ නිවස සිහි වෙයි. අප එහිදි අශාරීරිකව සිටියා: අපට සිරුරු නොතිබුණි. ඔබගේ නිවහනට ඔබ දැන් ආපසු යෑමේ සතුට ඔබට තිබිය යුතුයි. පියාගේ නිවහන ඔබගේ ද නිවහනයි. බාබා මෙසේ පවසා තිබේ: මා සිහි කරන්න, එමෙන්ම විමුක්ති දේශය වන ඔබගේ නිවසත් සිහි කරන්න. විද්‍යාවේ අහංකාරකම ඇති අය කොහෙත්ම පරම පියාව හඳුනන්නේ නැත. පියාට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් දැනෙයි: ඔවුන්ට ශිව බාබා සිහි කිරීමට හැකි වන පරිදි සහ ඔවුන්ගේ ශරීර අවධානය බිඳ දැමීමට හැකි වන සේ, ඔවුන්ගේ දෙසවනට දැනුම ටිකක් ඇතුළු විය යුතුයි. මෙය මනුෂ්‍යයෙකුගෙන් නාරායන වීමේ සැබෑ කතාපුවතයි. සත්‍ය පියා සිහි කරන්න, එවිට ඔබ සත්‍ය දේශයේ අධිපතියන් වෙයි. දිව්‍යලෝකය ස්ථාපිත කරන්නේ සත්‍ය පියා පමණයි. ඔහු පවසන්නේ: අන් සෑම කෙනෙක් වෙතින් ඔබගේ බුද්ධිය ඉවත් කරන්න. ඔබ කරන පැය අටේ රජයේ රැකියාවන්ට වඩා, මෙම ආදායම වැඩියෙන් ශ්‍රේෂ්ඨයි. ඔබ කොහේ ගියත් මෙය ඔබගේ බුද්ධියේ නොකඩවා තබාගන්න. ඔබ කර්ම යෝගීන්ය. සෑම දෙයක්ම ඔබට ඉතා පැහැදිලිව විස්තර කර දෙනු ලබනවා. මහළු මව්වරුන් දැකීමට මා බොහෝ සතුටු වනවා, මන්ද, ඔවුන් මට සමාන අයයි. මා අධිපති වී, මගේ සමකාලීනයන් එසේ නොවන්නේ නම්, එය එතරම් හොඳ නැත. පරම පියා, අවිනාශී ඥානයේ ශල්‍යවෛද්‍යවරයාය. සත්ගුරු, ඥානයේ එන්නත ලබා දෙන විට, ඔබගේ අවිද්‍යාවේ අන්ධකාරය නැති වී යයි. ඔබගේ අවිද්‍යාව දැන් ඉවත් කරනු ලබනවා. ඔබගේ බුද්ධිය තුළ දැන් ඥානය තිබේ. ඔබ දැන් සෑම දෙයක්ම දන්නවා! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උසස්ම ආදායම උපයාගැනීම සඳහා, අන් සෑම කෙනෙකුගෙන්ම ඔබගේ බුද්ධිය ඉවත් කර, ඒකායන පියාට එය සම්බන්ධ කරන්න. සත්‍ය පියා සිහිකර, සත්‍ය දේශයේ අධිපතියන් වන්න.

2. බ්‍රහ්ම පියා, ඥානය ධාරණය කරගෙන, පරිසමාප්තියට පත් වන ආකාරයෙන්ම, ඔබත් ඔහු මෙන් පරිසමාප්ත විය යුතුයි.

වරදානය:
ඔබ නොබිඳෙන විශ්වාසයේ පදනම මත නිරන්තරයෙන් ප්‍රීතිමත්ව, සැහැල්ලුවෙන් ඉඳිමින් ජයග්‍රහණ අත්විඳිත්වා.

සෑම අවස්ථාවේම ඔබේ සිතිවිලි, වචන, ක්‍රියා, නෑ සබඳතා හා සබැඳියාවන් සමඟ පහසුවෙන් ජයග්‍රාහි විම විශ්වාසයේ සලකුණ වේ. නොබිඳෙන විශ්වාසය ඇති තැන ජයග්‍රහණයේ ඉරණම වැළැක්විය නොහැක. එවන් විශ්වාසය සහිත බුද්ධි ඇත්තන්ට පමණක් නිරන්තරයෙන් ප්‍රීතිමත්ව සහ සැහැල්ලුවෙන් සිටිය හැක. ඕනෑම අවස්ථාවකදී ඇයි? මොනවද? සහ කොහොමද? කියා ප්‍රශ්න කිරීම දුකේ සලකුණ වේ. බුද්ධියේ විශ්වාසය ඇති ජීවාත්මයකගේ පාඨය නම්, කුමක් වුවත් සිදු වූ දෙය හොඳයි. සිදුවන දෙය හොඳයි. එසේම සිද්ධ වීමට යන දෙයත් හොඳම වේවි. ඔවුන් අයහපත් දෙයක් තුළ පවා යහපත අත්විඳීවි. ඔවුන් කණස්සල්ල යන වචනය නොදත් අය වේවි.

පාඨය:
ඔබේ හදවත සදා සතුටින් තිබීම සඳහා, ඔබේ බුද්ධියේ පරිගණකයෙහි නැවතීමේ තිතක් තබන්න.