17.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම උත්තම වූ සංගම යුගයේ දී ඔබලා අති උත්තම මානව ජීවයන් බවට පත් විය යුතුයි. අති උතුම්ම වූ මිනිසුන් වන්නේ ලක්ෂ්මි හා නාරායනුයි.

ප්‍රශ්නය:
පරමාත්ම පියාත් සමඟ ඔය දරුවන් කරගෙන යන අදෘශ්‍යමාන කාර්යභාරය කුමක්ද?

පිළිතුර:
ආදි සනාතන දේවි දේවතා ධර්මයේ හා දේවතා රාජ්‍යයේ ස්ථාපනය, ඔබලා පරමාත්ම පියා සමඟ මෙම කාර්ය කාටවත් නොපෙනී කරගෙන යනවා. කටු කැළය මල් වත්තක් බවට බත් කරවනා ගෙවතු හිමියා පරමාත්ම පියායි. ඒ මල් වත්තේ දුක් දනවන බිය ගෙන දෙන දේවල් කිසිවක්ම සිදු වන්නේ නැහැ.

ගීතය:
අප මෙතෙක් කල් මඟ බලාගෙන සිටි දිනය ඇති යන්තම් උදා වෙලා...

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි සිට ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා කියා දෙනවා. ඔහුට අනිවාර්යෙන්ම පැහැදිලි කිරිමට සිදු වන්නේ ශරීරයක් හරහායි. ශරීරයකින් තොරව ජීවයකට කිසිම ක්‍රියාවක් කරන්න බැහැ. ආධ්‍යාත්මික පියා ශරීරයක් ගන්නේ එකම එක වතාවයි. මෙම සංගම යුගයේදී පමණයි. මෙම සංගම් යුගය අති උතුම් යුගයක් කියාත් හඳුන්වනවා. මන්ද මෙම සංගම් යුගයට පසුව ස්වර්ණමය යුගය උදා වෙනවා : ස්වර්ණමය යුගයත් අති උතුම් යුගයක් ලෙස හඳුන්වනවා. පරමාත්ම පියා පැමිණ ඉතාමත් උතුම්ම වූ යුගය ස්ථාපනය කරනවා. ඔහු පැමිණෙන්නේ සංගම් යුගයේදි යි. එමනිසා මෙම යුගය අති උතුම් යුගය ලෙසින් හඳුන්වනවා. ඔහු ඔය දරුවන්ව ඉතාමත් උතුම් උත්තමයින් බවට පත් කරවන්නේ මෙහිදියි. පසුව ඔබ ඒ උතුම් නව ලෝකයට ගිහින් වාසය කරනවා. අති උත්තම යන්නෙන් අදහස් වන්නේ ඉහළම ඉහළ මිනිස් ප්‍රජාවක් එනම් රාධේ හා ක්‍රිෂ්ණා හෝ ලක්ෂ්මි හා නාරායනුයි. මෙම දැනුම ඇත්තේ ඔබට පමණයි. ඔවුන් දෙව්ලොව පාලකවරුන් යන්න අන් ආගමිකයින් පවා අනිවාර්යෙන්ම පිළිගනීවි. භාරතය මහා ඉහළින් වර්ණනා වී තිබෙනවා. කෙසේ වෙතත්, භාරතවාසීන් මේ ගැන දන්නේ නැහැ. අහවල් අහවල් කෙනා දෙව්ලොව වැසියෙක් වුණා කියා ඔවුන් කිව්වත් දෙව්ලොව යනු කුමක්දැයි කියා ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒ ඒ අය ස්වර්ගස්ථ වුණා කියා ඔවුන් ඔප්පු කර පෙන්වීමට උත්සාහ කරනවා. ඉන් අදහස් වන්නේ එසේ නම් මීට පෙර ඉඳ තිබෙන්නේ අපායේ බවයි. දෙව්ලොව පැමිණෙන්නේ පරමාත්ම පියා එය ස්ථාපනය කළ පසුවයි. මෙම නමින් හැඳින්වෙන්නේ නව ලෝකය පමණයි. දෙව්ලොව හා අපාය කියා දෙකක් තිබෙනවා. දෙව්ලොව වසර සිය දහස් ගණනක් පුරාවට තිබුණා කියා මිනිස්සු කියනවා. ඊයේ දෙව්ලොව තිබුණ බවත් එය ලක්ෂ්මි නාරායන් රාජ්‍යය බවත්, තමන් දැන් නැවතත් වතාවක් පරමාත්ම පියාගෙන් උරුමය දිනා ගන්නා බවත් ඔය දරුවන්ට තේරෙනවා. පරමාත්ම පියා කියනවා : සුමිහිරි ආදරණීය දරුවනි, ඔය ජීවාත්මයන් අපිරිසිඳු නිසා තමයි ඔබලා අපායේ සිටින්නේ. කලි යුගයට තවත් වසර 40,000 ක් ඇති බව කියනවා. එම නිසා, ඒ කාලයත් අනිවාර්යෙන්ම හඳුන්වන්නේ කලි යුගය වශයෙනුයි. මෙම ලෝකය පැරණියි. මිනිසුන් සිටින්නේ ඝන අන්ධකාරයේයි. අවසානයේදී ගින්නක් ඇති වුණු විට මේ සියල්ල අවසන් වී යාවි. ඔබලා තම තමන් දරණා උත්සාහයේ තරමට සෙනෙහසින් යුත් හදවත් ඇතිව සිටිනවා. ඔබගේ බුද්ධිය කෙතරම් දුරට සෙනෙහසින් තිබෙනවාද, ඒ තරමට ඔබ උසස් තත්ත්වයක් දිනා ගනීවි. උදේ පාන්දරින් අවදි වී දැඩි සෙනෙහසකින් පරමාත්ම පියාව සිහි කරන්න. සෙනෙහසේ කඳුළු පවා සැලේවි. පරමාත්ම පියා පැමිණ ඔබව මුණ ගැසෙන්නේ සෑහෙන කාලයකට පසුවයි. බාබා ඔබ පැමිණ අපව දුකින් මුදවා ගන්න. අපි වස සයුරේ එරෙමින් දිගටම සිටියේ අසතුටිනුයි. දැන් මෙය අපායේ ගැඹුරු අගාධයයි. බාබා දැන් ඔබට මුළු කල්පයේම රහස් කියා දී තිබෙනවා. ජීවාත්ම ලෝකය කුමක්දැයි කියාත් ඔහු ඔබට කියා දී තිබෙනවා. මීට පෙර ඔබ මේ ගැන දැනගෙන සිටියේ නැහැ. මෙම ලෝකය හැඳින්වෙන්නේ කටු කැලයක් කියලයි. දෙව්ලොව අල්ලාගේ මල් වත්ත ලෙස හඳුන්වනවා. පරමාත්ම පියාව හඳුන්වන්නේත් ගෙවතු හිමියා ලෙසිනුයි. ඔය මල් කටු කරවන්නේ කවුද? රාවණ භාරතය මල් වත්තක්ව තිබුණු බව ඔය දරුවන් දන්නවා : දැන් එය කැළයක් වෙලා. කැළයක තිරිසන් සතුන්, ගෝනුස්සන් වාසය කරනවා. ස්වර්ණමය යුගයේදී කිසිම භයංකර සතෙක් ඇත්තේ නැහැ. ග්‍රන්ථ වල එක් එක් දේ සඳහන් වී තිබෙනවා. ක්‍රිෂ්ණාට නයෙක් දෂ්ඨ කළා. අරහෙම වුණා මෙහෙම වුණා කියා එක එක කතාන්දර තිබෙනවා. ඔවුන් ක්‍රිෂ්ණාව පෙන්වා ඇත්තේ තඹ යුගයේදියි. භක්තිය ඥානයට වඩා මුළුමනින්ම වෙනස් බව පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. ඥාන සාගරය වන්නේ එකම එක පියා පමණයි. බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර් ඥාන සාගර වන්නේ නැහැ. එකම එක ඥාන සාගරය පමණයි පාරිශුද්ධකරු කියා කිව හැක්කේ. මිනිසුන් විමුක්තිය ලබන්නේ දැනුමින් පමණයි. විමුක්තිය සඳහා තැන් දෙකක් තිබෙනවා: මුක්ති දේශය හා ජීවන මුක්ති දේශය. දැන් අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතින බව ඔය දරුවන් දන්නවා. කෙසේ වෙතත් මෙය කාටවත් පෙනෙන්නේ නැහැ. පරමාත්ම පියාම පැමිණ ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කරනවා. අන් සෑම කෙනෙක්ම පැමිණෙන්නේ තම තමන්ගේ මිනිස් ඇඳුම් ඇඳගෙනයි. පරමාත්ම පියාට තමන්ගේම කියා ඇඳුමක් නැහැ. අශාරීරික පරමාත්ම දෙවි පියාණන් කියා කියන්නේ මෙන්න මේ නිසායි. අන් සෑම කෙනෙක්ම භෞතිකයි. ඔහුව හඳුන්වන්නේ අශාරීරික ජීවාත්මයන්ගේ අශාරීරික පරමාත්ම දෙවි පියාණන් කියලයි. ඔය ජීවයනුත් පරමාත්ම පියාත් එහි වාසය කරනවා. කෙසේ වෙතත් ඔහු අදෘශ්‍යමානයි. පරමාත්ම පියාම පැමිණ ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කරනවා. ජීවාත්ම ලෝකයේ කිසිම දුකක් නැහැ. පරමාත්ම පියා කියනවා: ඔබගේ යහපත රඳවන්නේ එකම එක කරුණක් මතයි: පරමාත්ම පියා සිහි කිරීම, මන්මනාභව, එච්චරයි. කෙනෙක් පියෙකුගේ දරුවෙක් වුණු පසු ඒ දරුවා අනිවාර්යෙන්ම පිය උරුමයට හිමිකම් කියනවා යන්න කාටත් තේරෙන දෙයක්. අල්ෆා සිහි කරනවා යනු ස්වර්ණමය යුග නව ලෝක උරුමය හිමි කර ගැනීමයි. මෙම අපිරිසිඳු ලෝකය අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. අපි අනිවාර්යෙන්ම අමරණීය දේශයට යා යුතුයි. අමරණානාථ දෙවියන් අමරණීයත්වයේ කතාන්දරය ඔය පාර්වතීන්ට කියා දෙනවා. බොහෝ අය වන්දනා ගමන් යනවා. බොහෝ අය අමරනාථයටත් යනවා. එහි ඇති දෙයක් නැහැ. ඒ සියල්ල රැවටීමයි: එක් හාල් ඇටයක තරම්වත් ඇත්තක් ඒවායේ නැහැ. ශරීරය මිථ්‍යාවකි. මායා මිථ්‍යාවකි. මුළු ලෝකයම මිථ්‍යාවකි කියා කියනවා. එයට අරුතක් තිබිය යුතුයි. මෙහි ඇත්තේ මිථ්‍යාවම පමණයි. මෙයත් ඥානය හා සම්බන්ධ කරුණකි. වීදුරුවකට වීදුරුවක් කියා කීම බොරුවක් නොවෙයි. භක්ති මාර්ගයේදි මිනිස්සු පරමාත්ම පියා ගැන බොරු කියනවා. ඇත්ත කතා කරන්නේ එකම එක පරමාත්ම පියාම පමණි. බාබා දැන් පැමිණ ඔබට සත්‍ය නාරායන් වීමේ සත්‍ය කතාව කියා දෙනවා කියා දැන් ඔබ දන්නවා. කෘතිම දියමන්ති හා පබළුත් තිබෙනවා. මේ දින වල කෘත්‍රිම දේ වල මහා ආටෝපයක් තිබෙනවා. සැබෑම ඒවාටත් වඩා වැඩි දිස්නයක් ඒවායේ තිබෙනවා. මෙම කෘත්‍රිම ගල් මීට පෙර මෙහි තිබුණේ නැහැ. පිට රටවලින් ඒවා මෙහි ගෙන ආවේ මෑතකදියි. කෘත්‍රිම දේත් සැබෑ දේත් එක ළඟ තැබුවහොත් වෙන් කර හඳුනා ගන්නත් බැහැ. ඒවා හඳුනා ගැනීමට වෙනම උපකරණ නිර්මාණය වී තිබෙනවා. වෙනස හඳුනා ගත නොහැකි කෘත්‍රිම මුතු පබළුත් සොයා ගෙන තිබෙනවා. ඔය දරුවන්ට තවත් සැක නැහැ. සැක ඇති අය නැවතත් පැමිණෙන්නේ නැහැ. ප්‍රදර්ශන වලට බොහෝ අය පැමිණෙනවා. පරමාත්ම පියා කියනවා: දැන් ලොකු සාප්පු විවෘත කරන්න. ඔබගේ සාප්පුව තමයි එකම එක ඇත්ත සාප්පුව. ඔබ සත්‍ය වෙළඳසැලක් විවෘත කරනවා. ලොකු ලොකු පූජකවරුන්ට ලොකු ලොකු සාප්පු තිබෙනවා. ලොකු ලොකු අය ඒවාට යනවා. ඔබටත් පුළුවනි ලොකු මධ්‍යස්ථාන විවෘත කරන්න. භක්තියේ ව්‍යාප්තිය ඥානයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ආරම්භ කාලයේ පටන් භක්තිය පැවතුනා කියා කියන්නේ නැහැ: නැහැ. දැනුමින් මුක්තිය හෝ ආලෝකය ලැබෙනවා. එහිදී ඔබලා මුළුමනින්ම පාපයෙන් තොරයි. ලෝක පාලකවරුන්. මේ ලක්ෂ්මි හා නාරායන් ලෝක පාලකවරුන්ව සිටියා කියා මිනිස්සු දන්නේත් නැහැ. තිබුණේ සූර්ය වංශය හා චන්ද්‍ර වංශ්‍ය පමණයි: වෙනත් කිසිම ධර්මයක් නැහැ. ඔය දරුවන් ගිතයට සවන් දුන්නා. අපි අපේ අසීමිත පියා මුණ ගැසෙනා සංගම් යුගයේ ඒ දිනය දැන් පැමිණ තිබෙන බව ඔබලාට තේරෙනවාද? අපි උත්සාහ දරන්නේ අපගේ අසීමිත උරුමය දිනා ගැනීමටයි. ස්වර්ණමය යුගයේදී ඔබ: ඇති යන්තම් මේ දිනය උදා වුණා කියා කියන්නේ නැහැ. මෙහි මිනිස්සු ධාන්‍ය අස්වැන්න වැඩි කර ගැනීමට මහත් වෙහෙසක් දරනවා. දෙව්ලොව ස්ථාපනය කරන්නේ ඔවුනුයි කියා ඔවුන් සිතනවා. නව රුධිරයෙන් පිරි තරුණ කොටස විශාල ලෙස මෙයට දායක වෙයි කියා ඔවුන් විශ්වාස කරනවා. මෙන්න මේ නිසා තමයි රජයක් වුවත් වැඩියෙන් ඔවුන් කෙරෙහි වෙහෙසෙන්නේ. කෙසේ වෙතත්, පස්සේ ගල් ගහන්නෙත් ඒ තරුණ පිරිසමයි. කලබල ඇති කරවීමට නායකත්වය ගන්නේ ඒ තරුණ සිසුනුයි. ඔවුන් ඉතාමත් දක්ෂයි: අලුත් ලෙයින් පිරි අය කියා කියනවා. අලුත් ලේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහි ඇත්තේ රුධිර සම්බන්ධතාවයක් වන අතර ඔබගේ මෙය ආධ්‍යාත්මික සබැදියාවකි. බාබා, මම ඔබගේ දෙමස් දරුවෙක්මි. ඇතැම් දරුවන් තම ආධ්‍යාත්මික උපන් දිනය සමරනවා. එසේ සැමරිය යුත්තේ එම දේව උපතයි. ඔබගේ භෞතික උපන් දින අවලංගු කර දැමිය යුතුයි. අපි පෝෂණය කරන්නේ බ්‍රහමිණ්වරුන්ව පමණයි. සැමරිය යුත්තේ මෙයයි. අනිත් උපත අපිරිසිඳු උපතක්. නමුත් මෙය දේවමය උපතකි: දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. කෙසේ වෙතත්, මෙය සිදු වන්නේ ශ්‍රද්ධාව ඇති විටයි. දේවමය උපත සමරා නැවතත් ගිහින් අපිරිසිඳු උපත හා එකතු වෙනවා වැනි දෙයක් සිදු නොවිය යුතුයි. එවන් දේත් සිදු වෙනවා. දිගටම තම දේව උපත සමරමින් සිටි ඔවුන් දැන් අතුරුදහන් වෙලා. මේ දිනවල මිනිස්සු තම විවාහ සංවත්සරත් සමරනවා. විවාහ මංගල්‍යයක් යනු සුබ මංගල කටයුත්තක් කියා තමයි ඔවුන් සිතාගෙන ඉන්නේ. තමන්ව පරිහාණියට ඇද දමනා දිනයත් ඔවුන් සමරනවා. හරි පුදුමයි නේද? පරමාත්ම පියා මෙහි සිට මේ සියල්ල ඔබට පහදා දෙනවා. ඔබ සැමරිය යුත්තේ බ්‍රහමිණ්වරුන් සමඟ ඔබගේ ආධ්‍යාත්මික උපන් දිනය පමණයි. අපි ශිව් බාබාගේ දරුවෝ වෙමු. උපන් දිනයක් සමරනා විට අප සිහි කරන්නේ ශිව බාබාව පමණයි. බුද්ධියේ විශ්වාසය ඇති දරුවන් තම උපන් දිනය සැමරිය යුතුයි: එවිට ඔවුන්ට තම අපිරිසිඳු උපත අමතක කර දැමිය හැකියි. බාබා මෙම අවවාදයත් දෙනවා. ඒ ඔබගේ සිහියේ තද විශ්වාසයක් ඇතිනම් පමණයි. අපි අයිති බාබාටයි. වෙන කිසිම කෙනෙකුට නොවෙයි. පසුව අවසානයේදී අපි අපේ ගමනාන්තයට යාවි. පියාව සිහි කරමින් ඔබ මිය ගියහොත් ඔබ ලබනා ඊළඟ උපත ඒ හා සම්බන්ධ වේවි. නැතිනම් අවසන් මොහොතේදී තම තමන්ගේ බිරින්දෑවරුන් සිහි කරනා අයට... මේකත් එක් ග්‍රන්ථයක සඳහන්ව තිබෙනවා. අවසන් මොහොතේදී ගංඟා නදියෙන් ගත් පැන් ටිකක් දෙතොලේ තබා ගන්න කියා කියනවා. ඒ සෑම දෙයක්ම අයිති භක්ති මාර්ගයටයි. පරමාත්ම පියා ඔබට කියන්නේ: ඔබගේ ශරීරය අතහැර දමා යන මොහොතේදීත් ස්වදර්ශන චක්‍රය කරකවන්න කියලයි. පරමාත්ම පියාවත් චක්‍රයත් ඔබගේ සිහියේ තබා ගන්න. නිරතුරුවම දැන් උත්සාහ දැරුවහොත් තමයි අනිවාර්යෙන්ම ඔබට අවසන් මොහොතේදී ඒ ස්මරණය රඳවා ගත හැකි වන්නේ. තමන් ජීව බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. මන්ද ඔය දරුවන් දැන් අශාරීරිකව නිවහන බලා යා යුතුයි. තම තමන්ගේ චරිත කොටස් රඟපාමින් යන අතර ඔබලා සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වෙලා. ඔබ දැන් නැවතත් වතාවක් සතෝප්‍රධාන් විය යුතුයි. මේ කාලයේදී ඔබලා අපිරිසිඳුයි. ඉතින් ඔබ කොහොමද පිරිසිඳු ශරීර ලබන්නේ. බාබා ඔබලාට උදාහරණ රැසක් දී තිබෙනවා: කොහොමත් ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්. ඒ ආභරණ අපිරිසිඳුතාවයත් සමඟ මුසු වන්නේ නැහැ. ඒවා මිශ්‍ර කරන්නේ රත්‍රං සමඟයි. කැරට් 24 රත්තරන් කැරට් 22 කිරීමට උවමනා නම් එයට රිදී එකතු කරනවා. දැන් රත්තරන් කියා දෙයක් නැහැ. එක් එක් අයගෙන් ගැනීමක් තමයි කරන්නේ. මේ දිනවල සාදනා බැංකු නෝට්ටු දෙස මදක් බලන්න. හරිහැටි කඩදාසිවත් නැහැ. කල්පයක් කල්පයක් පාසා මෙය සිදු වෙමින් පැමිණි බව ඔය දරුවන්ට තේරුම් ගිහින් තිබෙනවා. සෑම කෙනෙක්වම පූර්ණ පරීක්ෂාවට ලක් වෙලා. මිනිසුන්ගේ මුදල් සේප්පු ආදිය බලෙන් ඇරවලා. ඇතැම් අයගේ ධනය පොළොවට පස් වන අතර අනිත් අයගේ ධනය රජය විසින් සූරා ගනීවි කියා කියනවා. භයංකර ගිනි ජාලා මතු වේවි. ඒ සියල්ල සිදු වීමට නියමිත බව ඔය දරුවන් දන්නවා. මෙන්න මේ නිසා තමයි ඔබලා අනාගතය සඳහා ගමන්මලු සූදානම් කර ගන්නේ. අනිත් අය මෙය දන්නේ නැහැ. උපත් 21 කට උරුමයක් දිනා ගන්නේ ඔබ පමණයි. භාරතය දෙව්ලොවක් බවට පත් කරවන්නේ ඔබගේ මුදලිනුයි. එහි වාසය කිරීමට යන්නේත් ඔබමයි. ඔබගේම උත්සාහයෙන් ඔබ තම ස්වාධිපත්‍යයේ තිලකය දිනා ගන්නවා. දුප්පතුන්ගේ ස්වාමියා වන බාබා දැන් පැමිණ සිටින්නේ ඔබලාව දෙව්ලොව පාලකවරුන් කරවීමටයි. කෙසේ වෙතත්, ඔබ ඒ තත්ත්වයට පත් වන්නේ ඔබගේ ඉගෙනීමේ තරමටයි. කරුණාවෙන් හෝ ආශිර්වාදයෙන් එය සිදු වන්නේ නැහැ. ගුරුවරයෙකුගේ රාජකාරිය ඉගැන්වීමයි. එය දරුණාවන්ත වීමේ දෙයක් නොවෙයි. ගුරුවරුන්ට ආණ්ඩුවෙන් වේතනයක් ලැබෙනවා. එමනිසා ඔවුන් අනිවාර්යෙන්ම උගන්වාවි. ඔබට මෙතරම්ම ලාභයක් හිමි වෙනවා: ඔබ කෝටි ප්‍රකෝටි වාරයක් වාසනාවන්ත වෙනවා. ක්‍රිෂ්ණාගේ පා පතුලේ නෙළුම් මලක් පෙන්වා තිබෙනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ අනාගත කෝටිපතිවරුන් වීමටයි. ඔබ සතුටින්, ධනයෙන් පිරී අමරණීය වෙනවා. ඔබ මරණය ජය ගන්නවා. මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. ඔබගේ ආයුෂ කාලය පිරුණු විට ඔබ අමරණීය වෙනවා. ඉතාමත් විශාල උසින් වැඩි පාන්ඩවයින්ගේ පිළිම සාදා තිබෙනවා. පාන්ඩවයින් උසින් වැඩියි කියා ඔවුන් සිතුවා. ඒ පාන්ඩවයින් ඔබලාම තමයි දිවා රෑ මෙන් වෙනසක්. මිනිස්සු ඒ තරම්ම උස නැහැ. අඩි හයක් පමණයි. භක්ති මාර්ගයේදී මුලින්ම තිබුණේ ශිව බාබා වන්දනයයි. ඔහුගේ ලොකු ප්‍රතිමාවක් හදන්න ඔවුන්ට බැහැ. පුළුවන්ද? පළමුවෙන්ම ශිව බාබා වෙනුවෙන් ඉතාමත් පිරිසිඳු අමිශ්‍ර භක්ති වන්දනාවක් තිබුණා. පසුව දේවතාවරුන්ගේ පිළිම තනා ඒවා ඉතාමත් විශාල ප්‍රතිමා බවට පත් කෙරෙව්වා. පාන්දවයින්ටත් ලොකු පිළිම සාදනවා. ඔවුන් ඒ පිළිම තනන්නේ ඔවුන්ටම වන්දනා කිරිමටයි. ලක්ෂ්මි වන්දනාව සෑම දොළොස් මසකට වරක්ම සිදු වෙනවා. ජගදම්බා වන්දනාව සෑම දිනකම සිදු වෙනවා. බාබාත් කියා තිබෙනවා: ඔබව දෙයාකාරයකින් වන්දනාවට ලක් වෙනවා. මාව වන්දනා කෙරෙන්නේ ජීවාත්මය. ඕවලාකාර රූපයෙනුයි. ඔබලාව සාලිග්‍රාමයින් වශයෙනුත් දේවතාවරුන් වශයෙනුත් වන්දනා වෙනවා. රුද්‍ර යාගයක් පවත්වනා විට නොයෙකුත් වර්ගයේ සාලිග්‍රාම සාදනවා. ඉතින් කවුද ශ්‍රේෂ්ඨ? මෙන්න මේ නිසා තමයි බාබා ඔය දරුවන්ට නමස්කාර (නමස්තේ) කරන්නේ. ඔහු ඔබලාට එතරම් උතුම් තත්ත්වයක් දිනා ගැනීමට සලස්වනවා. බාබා එතරම් ගැඹුරු කරුණු කියනවා. එම නිසා, ඔය දරුවන් තුළ විශාල සතුටක් තිබිය යුතුයි. දේවි දේවතාවරුන් බවට අපව පත් කරවීමට දෙවියන් අපට උගන්වනවා. අපි ඔහුට එතරම්ම කෘතඥපූර්වක විය යුතුයි. පරමාත්ම පියා සිහියේ සිටීමෙන් ඔබ හොඳ සිහින දකීවි. ඒ වගේම දර්ශනත් ලැබේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ දේව ආධ්‍යාත්මික උපන් දිනය සමරා ආධ්‍යාත්මික සබඳතාවයක් පවත්වා ගන්න. ලේ සබඳතාවයන් නොවෙයි. භෞතික අපිරිසිඳු උපන් දිනය අවලංගු කර දමන්න. එය සිහි කළ යුත්තේවත් නැහැ.

2. අනාගතය සඳහා ඔබගේ ගමන්මලු සූදානම් කර ගන්න. භාරතයට සේවය කර එය දෙව්ලොවක් බවට පත් කරවීමට ඔබගේ ධනය යොදවන්න. ඔබගේම උත්සාහයෙන් ඔබටම ඔබගේ ස්වාධිපත්‍ය තිලකය පළන්දවා ගන්න.

වරදානය:
තත්ත්පරයක් තුළ ඔබේ සෙනෙහෙවත් බුද්ධියෙන් අවබෝධයේ ස්විචය දමා අශාරීරික අවදිය අත්විඳින්න.

පරමාත්ම දෙවියන් උදෙසා සෙනෙහස ඇත්තේ කොතැන ද තත්ත්පරයක ක්‍රීඩාවක් සේ එහිදී අශාරීරික අවදියට පත් වීම සිදු වේ. ඔබ ස්වීචයක් දැමූ එසැණම අඳුර පහ වී යෑම සිදු වන්නා සේ. එලෙසම, ඔබ සෙනෙහෙවත් බුද්ධියෙන් අවබෝධයේ ස්විචය දැමූ විට ශරීර අවධානයේ ස්විචය සහ භෞතික ලොවේ ස්විචය නිවී යයි. මෙයයි තත්ත්පරයේ ක්‍රීඩාව. ඔබේ මුවින් බාබා, බාබා කියන්නත් වේලාවක් ගනී. එහෙත් ඔබේ අවධානය තුළට බාබාව ගෙන ඒමට කොහෙත්ම කාලයක් නොගනී. බාබා නම් වූ වචනය මුළු ලොවම අමතක කිරීමට තරම් ජීව අවධාන බෝම්බයකි.

පාඨය:
ශරීර අවධානයේ මඩින් ඉක්මවා සිටි කළ ඔබ ද්විත්ව ආලෝකයෙන් යුත් සුර දේවතාවක් (angel) බවට පත් වේවි.