17.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සියලුම දෙනාව සුරඟනාවන්ගේ දේශයේ වැසියන් බවට පත් කරවිය යුතුයි. ඔබ, සියල්ලන්ටම සෙත සලසන අයයි. දුප්පතුන් ධනවත් කරවීම ඔබගේ යුතුකමයි.

ප්‍රශ්නය:
තම නම් වලින් ඔහු සිදු කරන කාර්යය ඉතාමත් ශ්‍රේෂ්ඨ වුවත් පරම පියාගේ කුමන නාමයන්ද සාමාන්‍ය වන්නේ ?

පිළිතුර:
බාබාට උද්‍යානයේ අධිපති සහ තොටියා යැයි කියයි. මෙම නම් ඉතාමත්ම සාමාන්‍යයි, එහෙත් ගිලෙන අය එගොඩ කරවීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි. පිහිණුම්කරුවෙක් එගොඩවීම සඳහා කෙනෙකුගේ අත අල්ලා ගන්නා සේම, පරම පියාගේ අත අල්ලා ගැනීමෙන් ඔබ දිව්‍යලෝකයේ වැසියන් බවට පත් වේ. ඔබත් මාස්ටර් තොටියන්ය ඔබ සියල්ලන්ටම ඔවුන්ගේ ඔරු එගොඩ කරවනා මාර්ගය පෙන්වයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් සිහිපත් කරමින් අසුන්ගෙන සිටිනවා ඇති. ඔබට ශරීර තිබුණත්, තමන් ජීවාත්ම බව සැලකිය යුතුයි. ඔබ මෙතැන ශරීරයක් නොමැතිව අසුන්ගෙන සිටිනවා නොවේ. පරම පියා පවසන්නේ ශරීර අවධානය අත්හැර දමා ජීවාත්ම අවධාන තත්ත්වයේ මෙතැන අසුන් ගන්න. ජීවාත්ම අවධානය පාරිශුද්ධයි, එහෙත් ශරීර අවධානය අපවිත්‍රයි. ඔබ දන්නවා ජීවාත්ම අවධානයෙන් සිටීමෙන්, අපි පාරිශුද්ධ සහ පිරිසිදු වන බව. ශරීර අවධානයට පත් වීමෙන් අපි අපවිත්‍ර සහ අපිරිසිඳු වෙයි. අහෝ පාරිශුද්ධත්වයට පමුණුවන්නාණනි, පැමිණෙන්න ! යැයි මිනිසුන් අඬගසති. පාරිශුද්ධ ලොව තිබුණු නමුත් එය දැන් අපවිත්‍රයි. එබැවින් අනිවාර්යෙන්ම නැවත වරක් පාරිශුද්ධ ලොව ඇති වෙයි. ලෝක චක්‍රය නොකඩවා බ්‍රමණය වෙයි. මෙම ලෝක චක්‍රය දන්නා අයට ස්වදර්ශනචක්‍රධාරි යැයි කියයි. ඔබ සෑම කෙනෙක්ම ස්වදර්ශනචක්‍රධාරියෙක්ය. ජීවාත්මයක් වන මට, ලෝක චක්‍රය පිළිබඳ ඥානය ලැබී ඇත. ඥානය ලබා දුන්නේ කවුරුන්ද? ඔහුද සැබවින්ම ස්වදර්ශනචක්‍රධාරි විය යුතුයි. පරම පියාට පමණයි ඔබට ඉගැන්විය හැක්කේ කිසිම මනුෂ්‍යයෙකුට ඔබට ඉගැන්විය නොහැක. පරම පියා, පරමාත්ම ජීවය, ඔය දරුවන්ට උගන්වයි. ඔහු පවසන්නේ දරුවනේ, ජීවාත්ම අවධානයට පත්වන්න. මෙම ඥානය හෝ මෙම ඉගැන්වීම ස්වර්ණමය යුගයේ දී දීමට අවශ්‍යතාවයක් නොමැති අතර, එහි දී භක්තිය ද නොමැත. ඔබට ඔබගේ උරුමය ලැබෙන්නේ මෙම ඥානය තුළින්ය. පරම පියා ඔබට ශ්‍රීමත් ලබා දෙයි. ඔබ උසස් වන්නේ මේ මඟිනි. ඔබ සොහොනක සිටි බවත් පරම පියා ඔබව සුරඟනන්ගේ දේශයේ උසස් වැසියන් බවට පත් කරවන බවත් ඔබ දන්නවා. මෙම පැරණි ලොව සොහොනක් බවට පරිවර්ථනය වීමට යයි. මරණයේ දේශයට සොහොන්යාය (කබිරිස්ථාන්) යැයි කියයි. නව ලෝකයට සුරඟනන්ගේ දේශය (පරිස්ථාන්) යැයි කියයි. පරම පියා නාටකයේ රහස් විස්තර කර දෙයි. මෙම මුළු ලොවට පිදුරු ගොඩක් යැයි කියයි. රාවණ්ගේ රාජධානිය දැන් මුළු ලොව පුරාම පැතිරී ඇති බව බාබා විස්තර කර ඇත. මිනිසුන් දශේරා සමරා (රාවණ්ගේ පඹයෙකු පිළිස්සීම) බොහෝ සතුටු වෙයි. පරම පියා පවසන්නේ ඔය සෑම දරුවෙක්ම දුකින් මුදවා ගැනීමට, මමද රාවණ්ගේ පැරණි ලොවට පැමිණිය යුතුයි. මේ ගැන කතාපුවතක් තිබේ. කෙනෙකුගෙන්, ඔහුට පළමුව අවශ්‍ය කුමක්ද කියා අසන ලදි සතුටද, දුකද. ඔහු පිළිතුරු දුන්නේ පළමුව සතුට අවශ්‍ය බවයි, මන්ද, සතුට ඇති ස්ථානයට කිසිම මරණයේ රාක‍්ෂකයෙකුට යා නොහැකි නිසා. එයද නිකම් කතන්දරයකි. පරම පියා ඔබට පවසන්නේ, මරණය කිසිම විටෙක සතුටෙහි දේශයට ඇතුළු නොවන බවයි. එය අමරණීය දේශයයි. ඔබ මරණය ජයගනී. ඔබ එතරම් සර්ව ශක්තී අධිපතියන් වෙයි. එහි ඔබ කිසි විටෙක අසවල් කෙනා මැරුණු බව නොකියයි. එහි මරණයේ සඳහනක්වත් නොමැත. ඔවුන් නිකම්ම තම තමන්ගේ ඇඳුම් මාරු කර වෙනත් ඇඳුමක් පැළඳගනී. සර්පයෙක් හැව අරින්නාක් මෙන්, ඔබද ඔබගේ පැරණි සම හළයි, එනම් ඔබ අළුත් ශරීරයකට ඇතුළු වෙයි. එහි පංච මහා භූතයන්ද සතෝප්‍රධාන්ය. සෑම දෙයක්ම සතෝප්‍රධාන් වෙයි. පලතුරු ආදීය, ඇතුළු සෑම දෙයක්ම ඉස්තරම්ම ඒවායි. ස්වර්ණමය යුගයට දිව්‍යලෝකය යැයි කියයි. එහි ඔවුන් ඉතාමත් ධනවත්ය. ඔවුන් තරම් සතුටින් වෙසෙන ලොවට අධිපතියන් සිටිය නොහැක. ඔබ දැන් එම අයම බව ඔබ දන්නවා. එබැවින් ඔබ බොහෝ සෙයින් සතුටු විය යුතුයි. ඔබ, සෑම කෙනෙක්ම සුරඟනාවන්ගේ දේශයේ වැසියෙක් බවට පත් කරවිය යුතුයි. ඔබ බොහෝ දෙනෙකුට සෙත සැලසිය යුතුයි. ඔබ බොහෝ ධනවත් වෙයි. අන් සෑම කෙනෙක්ම දුප්පත්ය. ඔබගේ අත ඔහුගේ අතේ තබන තුරු ඔබට දෙව්ලොව වැසියෙක් විය නොහැක. සෑම කෙනෙක්ම පරම පියාගේ අත ගන්නේ නැත. පරම පියාගේ අත ගන්නේ ඔබ පමණයි. අන් අය ඉන්පසු ඔබගේ අත් ගනී. පිහිණුම්කරුවන් අන් අය එකිනෙකා එගොඩ කරවන ලෙසින්, තවත් අය ඉන්පසු ඔවුන් ගේ අත් ගනී. ඔබද මාස්ටර් තොටියන්ය. ඔබගේ මාර්ගයෙන් බොහෝ දෙනෙක් තොටියන් වෙමින් සිටියි. මෙය ඔබගේ ව්‍යාපාරයයි. අප, සෑම කෙනෙකුටම තම ඔරුව එගොඩ කරන අන්දම පෙන්වා දෙන්නෙමු. තොටියන්ගේ දරුවන්ද තොටියන් වන්නේය. තොටියා සහ උද්‍යානයට අධිපති යන, පරමාත්ම දෙවියන්ගේ නම් ඉතාමත්ම සාමාන්‍යයි. ඔබට දැන් මෙය ප්‍රායෝගිකවම දැක ගත හැක. ඔබ දැන් සුරඟනාවන්ගේ දේශය ස්ථාපනය කරමින් සිටියි. ඔබගේ සිහිවටන ඔබ ඉදිරියේ ඇත. ඔබ පහළ රාජයෝගා තපස්යාවේ යෙදී සිටින අන්දම සහ ඔබට ඉහළින් ඔබගේ රාජධානිය පෙන්වා තිබේ. දිල්වාලා යන නම ඉතා හොඳයි. පරම පියා සෑම කෙනෙකුගේම හදවත දිනා ගනී. ඔහු සැමටම විමුක්තිය ලබා දෙයි. ඔබගේ හදවත් දිනාගන්නේ කවුරුන්ද? කිසිවෙක් මෙය නොදනී. ශිව් බාබා බ්‍රහ්මාගේද පියායි. සැමගේම හදවත් දිනාගන්නේ අසීමිත පියායි. ඔහු පංච මහා භූතයන් ආදියට පවා යහපත ගෙන දෙයි. මෙයද ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. අන් සෑම ආගම් යනාදියේ ග්‍රන්ථ සදාකාලිකව තිබේ. ඔබට මෙම ඥානය ලැබෙන්නේ සංගම් යුගයේදීය. ඉන්පසු විනාශය සිදු වී කිසිම ග්‍රන්ථයක් ඉතිරි වන්නේ නැත. ග්‍රන්ථ සියල්ලම භක්ති මාර්ගයේ සළකුණුය. මෙය ඥානයයි. ඔබට වෙනස හඳුනාගත හැක, එසේ නොවේද? භක්තිය බොහෝ තිබේ. ඔවුන් දේවතාවන් ආදීන්ට වන්දනා කරන විට බොහෝ වියදම් කරයි. පරම පියා පවසන්නේ එසේ කිරීමෙන් තාවකාලික සතුටක් ඔවුන්ට ලැබෙයි. ඔවුන්ට ඇති කුමන හෝ භක්ති හැඟීම් ඉටු වෙයි. දෙවි දේවතාවන් සරසන විට සහ වන්දනා කරන විට ඔවුන්ට දර්ශන ඇති වී, එයින් පමණක්ම ඔවුන් බොහෝ සතුටු වෙයි. කෙසේවෙතත්, එයින් කිසි සෙතක් අත් වන්නේ නැත. මීරා ගේ නම ද සිහිකර ඇත. භක්තිකයින්ගේ මාලාවක්ද තිබේ. ස්ත්‍රීන් අතරින් මීරා ද, පිරිමින් අතරින් නාරද් ද, වඩාත්ම ශ්‍රේෂ්ඨ භක්තිකයන් වශයෙන් සිහිපත් කෙරේ. ඔය දරුවන්ට ද එය අංකානුසාරයි. මාලාවේ පබළු බොහෝ ඇත. මුදුනින්ම ඇත්තේ බාබා, මල (නූලින් සැදූ ගැටය)ද, ඉන්පසු ද්විත්ව-පබුළු ද තිබේ. සියල්ලන්ම මලට නමස්කාර කරයි. සියලු දෙනාම සෑම පබළුවකටම නමස්කාර කරයි. ඔවුන් රුද්‍රාට යාගහෝමයක් සාදන විට, වැඩියෙන්ම නමස්කාර කරන්නේ ශිවාටයි. ඔවුන් කුඩා ලිංගමයන් (සැලිග්‍රම්) වලට එතරම් නමස්කාර කරන්නේ නැත. ඔවුන්ගේ මුලු අවධානයම ඇත්තේ ශිවාටයි, මන්ද, ඔබ දැන් පාරිශුද්ධ වන අන්දමටම, සැලිග්‍රමයන් එතරම් දක‍්ෂ වූයේ ශිව් බාබා තුළින් නිසා. පාරිශුද්ධකරු පරම පියාගේ ඔය දරුවන්, මාස්ටර් පාරිශුද්ධකරුවන්ය. ඔබ අන් අයට මාර්ගය නොපෙන්වන්නේ නම්, ඔබ පැන්ස කිහිපයක් පමණක් වටිනා තත්ත්වයක් ලබයි. කෙසේවෙතත්, අඩුම තරමින් ඔබට පරම පියා මුණ ගැසී ඇත. එය කුඩා දෙයක් නොවෙයි. සෑම දෙනාගේම පියා එම ඒකායන කෙනායි. ක්‍රිෂ්ණා ගැන ඔබ මෙය කියන්නේ නැත. ක්‍රිෂ්ණා, කාගේ පියාද වන්නේ? ක්‍රිෂ්ණාට පියෙක් යැයි නොකියයි. දරුවෙකුට, පියෙක් යැයි කිව නොහැක. ඔහු යුගලයක කොටසක් වී, දරුවන් නිර්මාණය කළ විට පමණයි ඔහුට පියෙක් යැයි කිව හැකි වන්නේ. ඔවුන් එවිට ඔහුට පියා යැයි අමතයි. වෙන කිසි කෙනෙකුට ඔහුට පියා යැයි ඇමතිය නොහැක. කෙසේවෙතත්, මහළු කෙනෙකුටද පියා යැයි ඇමතිය හැක. මෙම කෙනා සියල්ලන්ගේම පරම පියාය. ඔවුන් සහෝදරත්වය ගැන ගායනා කරයි. පියා සර්ව ව්‍යාප්තියි යැයි කීමෙන් එය පීතෘත්වයක් වන්නේය. ඔය දරුවන්ට ඉතා විශාල පිරිස් හමුවීම් වලදි විස්තර කිරීමට සිදුවෙයි. ඔබ ගොස් දේශනයක් දීමට පෙර, ඔබ පළමුව එම මාතෘකාව පිළිබඳව කළඹා, ඒ ගැන ලිවිය යුතුයි. පරම පියාට ඥාන සාගරය කැළඹීමට අවශ්‍ය වන්නේ නැත. ඔහු ඔබට කියන්නේ චක්‍රයකට පෙර කී දේ පමණක් වන අතර, ඉන්පසු ආපසු යයි. ඔබ මාතෘකා විස්තර කළ යුතුයි. පළමුව එය ලියා ගෙන, ඉන්පසු නැවතත් කියවා බලන්න. ඔබ දේශනය කිරීමෙන් පසුව, ඔබ නොකියපු විශේෂිත කාරණාවන් ඔබට මතක් වෙයි මම මෙය විස්තර කළා නම් වඩාත් හොඳයි. එය සිදුවන්නේ එසේය. ඔබට එක් කාරණාවක් හෝ තවෙකක් අමතක වෙයි. පළමුවෙන්ම ඔවුන්ට කියන්න සහෝදර සහෝදරියනි, ජීවාත්ම අවධානයෙන් අසුන් ගන්න. කිසි විටෙක මෙය අමතක නොකරන්න. කිසි කෙනෙක් එවන් පුවත් නොලියයි. පළමුවෙන්ම සැමටම කියන්න ජීවාත්ම අවධානයෙන් අසුන් ගන්න. ඔය ජීවාත්මයන් අවිනාශීයි. පරම පියා දැන් පැමිණ ඔබට ඥානය ලබා දෙයි. පරම පියා පවසන්නේ මා සිහිපත් කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වෙයි. ශාරීරික ජීවීන් සිහිපත් නොකරන්න. තමන් ජීවාත්මයක් යැයි සළකන්න. අපි එම ස්ථානයේ වැසියන්ය. අපගේ බාබා ශිවා, සෙත සළසන්නාය, ජීවාත්මයන් වන අපි ඔහුගේ දරුවන්ය. පරම පියා පවසන්නේ ජීවාත්ම අවධානයට පත් වන්න. මම ජීවාත්මයක්මි. පරම පියා සිහිපත් කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වෙයි. ගංඟා නදියේ නෑමෙන් ඒවා දුරු නොවෙයි. පරම පියාගේ උපදේශය වන්නේ මා සිහිපත් කරන්න. අර මිනිසුන් ගීතාව පාඩම් කර, එය උපුටා දක්වයි. ඕනෑම විටෙක පූර්ණ අධර්මය පවතින විට මම එන්නෙමි. ඔවුන් මෙය කියන මුත් එහි අරුත නොවැටහෙයි. පරම පියා සේවය සඳහා ඔබට අවවාද දෙයි. ශිව් බාබා පවසන්නේ තමන් ජීවාත්මයක් යැයි සළකා ශිව් බාබා සිහිපත් කරන්න. ඔවුන් විශ්වාස කරන්නේ එය ක්‍රිෂ්ණා කියූ බවය. ඔබ පවසන්නේ ශිව් බාබා, දරුවන් වන අපට කියන්නේ මා සිහිපත් කරන්න කියා. මා වැඩියෙන් සිහිපත් කරන තරමට ඔබ වැඩියෙන් සතෝප්‍රධාන් වී වඩා උසස් තත්ත්වයකට උරුමකම් ලබයි. ඔබගේ අරමුණ සහ ඉලක්කයද ඔබ ඉදිරියේ ඇත. ඔබ උත්සාහ දැරීමෙන් උසස් තත්ත්වයකට හිමිකම් ලබා ගත යුතුයි. වෙන තැන්වල අය, තමන්ගේ ආගම් වල උසස් තත්ත්වයක් ලබයි. අපි අන් අයගේ ආගම් වලට යන්නේ නැත. ඔවුන් එන්නේ පසුවයි. ඔවුන්ට පෙර පාරාදීසය පැවතුණු බව ඔවුන් දනී. වඩාත්ම පැරණි දේශය භාරතයයි. එහෙත් එය පැවතුනේ කවදාද කියා කිසිවෙකු නොදනී. ඔවුන් ඒ අයට දෙවිවරුන් යැයි අමතයි, එහෙත් පරම පියා පවසන්නේ ඔවුන්ට දෙවිවරුන් යැයි නොකිව යුතුයි. දෙවියන් වන්නේ මා පමණයි. ඔබලා බ්‍රහමින්වරුන්ය. පරම පියාට බ්‍රහමිණ් යැයි නොකියයි. ඔහු පරමාත්ම දෙවියන්, උසස්ම උසස් කෙනායි. ඔහුට ශාරීරික නමක් නැත. ඔබ සෑම කෙනෙකුගේම ශරීරයට නමක් තිබේ. ජීවාත්මයක් නිකම්ම ජීවාත්මයකි. ඔහු උත්තරීතර පරමාත්ම ජීවයයි. එම ජීවයේ නම ශිවාය. ඔහු අශාරීරිකයි. ඔහුට සූක්‍ෂම ශරීරයක් හෝ භෞතික ශරීරයක් නොමැත. මෙයින් අදහස් වන්නේ ඔහුට ස්වරූපයක් නොමැති බව නොවේ. නමක් ඇති ඕනෑම දේකට අනිවාර්යෙන්ම ස්වරූපයක් තිබේ. නමක් හෝ ස්වරූපයක් නොමැති කිසිවක් නොපවතී. පරමාත්ම දෙවියන් වන පරම පියා, නමක් සහ ස්වරූපයකට ඔබ්බෙන් සිටිතැයි කීම මහත් වූ අවිද්‍යාවක්. පරම පියා නමකට සහ ස්වරූපයකට ඔබ්බෙන් සිටී නම්, දරුවන්ද නමකට සහ ස්වරූපයකට ඔබ්බෙන් සිටී නම්, එවිට ලෝකයක් නොතිබෙයි. ඔබට දැන් ඉතා හොඳින් විස්තර කළ හැක. අවසානයේදී ගුරු ලාට වැටහෙයි. එය දැන් ඔවුන්ගේ රාජ්‍යයයි. ඔබ දැන් දෙගුණයක් අවිහිංසාවාදීන් බවට පත් වෙමින් සිටියි. දේවතාවන්ගේ අවිහිංසාවාදයේ උත්තරීතර ධර්මය, දෙගුණයක් අවිහිංසාවාදි ධර්මය වශයෙන් සිහිපත් කර ඇත. කෙනෙකුට ශාරීරිකව ගැසීම හෝ දුක්දීම ද හිංසාවක ස්වරූපයක්ය. දිනපතාම පරම පියා විස්තර කරන්නේ කිසිම විටෙක ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා තුළින් දුකක් නොදෙන්න. කිසියම් දෙයක් අනිවාර්යෙන්ම ඔබගේ සිතිවිලි වලට ඇතුළු වෙයි. ස්වර්ණමය යුගයෙදී එවන් කිසි දෙයක් ඔබගේ සිතිවිලි වලට ඇතුළු නොවෙයි. මෙහි දී එය ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන් තුළට ඇතුළු වෙයි. මෙම වචන ඔබට එහි ඇසීමට නොලැබෙන අතර, සත්‍යයේ හමුවීම් (සත්සං) ද එහි නොමැත. එකම සත්‍ය හමුවීම, සත්‍ය වීම සඳහා සත්‍යයත් සමඟ ඇතිවන හමුවයි. ඒකායන පරම පියා පමණයි සත්‍යය වන්නේ. පරම පියා මෙතැන අසුන්ගෙන සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් සත්‍ය නාරායන් බවට පත්වීමේ කතා පුවත ඔබට කියයි. මෙයට සවන් දීමෙන් ඔබ නාරායන් බවට පත්වෙයි. ඉන්පසු භක්ති මාර්ගයේදී ඔබ බොහෝ සෙනෙහසින් යුතුව සත්‍ය නාරායන් බවට පත්වීමේ කතා පුවතට සවන් දෙයි. බලන්න ඔබගේ සිහිවටනය, දිල්වාලා දේවාලය කෙතරම් හොඳද කියා. පරම පියා අනිවාර්යෙන්ම සංගම් යුගයේදී සෑම දෙනාගේම හදවත දිනා ගන්නට ඇති. මෙහි ආදි දේව්, දේවී සහ දරුවන් අසුන්ගෙන සිටියි. මෙය සැබෑ සිහිවටනයයි. ඔබ හැරුණු විට වෙන කිසිවෙක් එහි ඉතිහාසය සහ භූගෝලය නොදනී. එය ඔබගේ සිහිවටනයයි. මෙයද ආශ්චර්යයකි. ඔබ ලක‍්ෂ්මි සහ නාරායන්ගේ දේවාලයට ගිය විට, ඔබ එය බවට පත් වන බව ඔවුන්ට කියන්න. ක්‍රිස්තුස් වහන්සේද මෙහි සිටියි. ක්‍රිස්තුස් වහන්සේ දැන් කොහේ හෝ ඔහුගේ යාචක ස්වරූපයෙන් සිටින බව බොහෝ දෙනෙක් කියති. තමෝප්‍රධාන් යනු ඔහු යාචකයෙක්ය, එසේ නොවේද? ඔහු අනිවාර්යෙන්ම පුනරුත්පත්ති ගනී. ශ්‍රී ක්‍රිෂ්ණා කුමරුවන් ද දැන් යාචකයෙකි අවලස්සන සහ ලස්සන කෙනා. භාරතය තිබුණු අන්දමත්, දැන් එය පත් වී ඇති තත්ත්වයත් ඔබ දනී. පරම පියා දුප්පතුන්ගේ ස්වාමියායි. මිනිසුන් දුප්පතුන්ට දන් දී දෙවියන් ගේ නාමයෙන් පුණ්‍ය ක්‍රියා සිදු කරයි. බොහෝ දෙනෙකුට ඇති තරම් ධාන්‍යවත් නැත. ඔබ දියුණු වත්ම, ධනවතුන්ට පවා ඇති තරම් ධාන්‍ය නොලැබෙන අයුරු ඔබට පෙනෙයි. සෑම නගරයකම මැරවරයන් විසින් මංකොල්ල කන ධනවතුන් සිටියි. තත්ත්වයේ වෙනසක් තිබේ, නොවේද? පරම පියා පවසන්නේ ඔබ අංක එක හිමි කරගන්නා තරමේ, උත්සාහයන් දරන්න. ඔබට අනතුරු ඇඟවීම ගුරුවරයාගේ වගකීමයි. ඔබ සම්මාන සහිතව සමත් විය යුතුයි. මෙය අසීමිත පාඨශාලාවකි. මෙම රාජයෝගාව රාජධානිය ස්ථාපිත කිරීම සඳහයි. පැරණි ලොවෙහි විනාශය නැවතත් සිදු වීමට ඇත. නැතිනම් ඔබ පාලනය කරන්නේ කොහේද? මෙම භූමිය අපවිත්‍රයි. පවිත්‍ර කරවන්නා, ගංඟා නදිය බව මිනිසුන් කියති. පරම පියා පවසන්නේ මෙම කාලයේදී සියලුම පංච මහා භූතයන් අපවිත්‍රයි. සියලුම කුණු සහ අපද්‍රව්‍ය යන්නේ සාගරයටයි. මත්ස්‍යයින් එහි තවමත් ජීවත් වෙයි. එය ජලජ ලෝකයක් වැනියි. ජලයෙහි බොහෝ සත්ව වර්ග ජීවත් වෙති. විශාල සාගර වලින් මිනිසුන්ට බොහෝ ආහාර ලැබෙයි. ඉතිං එයත් නගරයක් වැනි නොවේද? නගරයකට පවිත්‍රකරවන්නා යැයි කියන්නේ කෙසේද? පරම පියා විස්තර කර දෙන්නේ සුමිහිරි දරුවනේ, ඒකායන පරම පියා පමණයි පවිත්‍රකරවන්නා වන්නේ. ඔය ජීවාත්මයන් සහ ඔබගේ ශරීර අපවිත්‍ර වී ඇත. දැන් මා සිහිපත් කරන්න එවිට ඔබ පාරිශුද්ධ වෙයි. ඔබලා ලස්සන, ලොවට අධිපතියන් වෙමින් සිටියි. එහි වෙන රටවල් නොමැත. මුළු-වටයෙම කොටසක් ඇත්තේ භාරතයටයි. ඔබ සියලු දෙනාම මුළු-වටයේ යන අයයි. නාට්‍යයක සෑම නළුවෙක්ම ඇතුළු වන්නේ අංකානුසාරයටයි. මෙහිදී ද එය එසේමයි. බාබා පවසන්නේ පරමාත්ම දෙවියන් ඔබට උගන්වන බව පමණක් වටහා ගන්න. අපි පාරිශුද්ධකරු, පරමාත්ම දෙවියන්, පරම පියා ගේ ශිෂ්‍යයින්ය. සෑම දෙයක්ම මෙහි ඇතුලත් වී ඇත. පාරිශුද්ධකරු මෙහි ඇතුලත් වී ඇත, තවද ඔහු ගුරු සහ ගුරුවරයාද වෙයි. ඔහු පියාද වෙයි. අශාරීරික කෙනා වන්නේ ද ඔහුයි. මෙය අශාරීරික දෙවි-පියාණන්ගේ ලෝක විශ්ව විද්‍යාලයයි. එය ඉතා හොඳ නමකි. මිනිසුන් දෙවියන්ට බොහෝ සේ ප්‍රශංසා කරයි. ඔවුන් තිතක් ගැන අසන විට පුදුමයට පත් වෙයි. ඔවුන් එතරම් පරමාත්ම දෙවියන්ට ප්‍රශංසා කළත් ඔහු කුමක්ද? තිතක් පමණයි. ඔහු තුළ බොහෝ ශ්‍රේෂ්ඨ කොටසක් පටි ගත වී තිබේ. පරම පියා දැන් පවසන්නේ ශරීරයක් තුළ හිඳිමින්, තම පවුලත් සමඟ නිවසෙහි වාසය කරන අතරතුර, නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. භක්ති මාර්ගයේ අතිශය භක්තියේ යෙදෙන අයට සතෝප්‍රධාන්, දැඩි භක්තිකයන් යැයි කියයි. ඔවුන්ගේ භක්තිය ඒ තරම් දැඩියි. ඔබට දැන් සිහිපත් කිරීමේ අතිශය වේගයක් අවශ්‍යයි. අතිශය සිහිපත් කිරීම ඇති අයගේ නම් පමණයි කීර්තිමත් වන්නේ. ඔවුන් විජයග්‍රාහී මාලාවේ පබුළු වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සාමාන්‍ය මිනිසෙකුගෙන් සත්‍ය නාරායන් බවට පත් වීමට, දිනපතාම සත්‍ය පියාට සවන් දෙන්න. සත්‍යය ආශ්‍රය කරන්න. තම සිතිවිලි, වචන හෝ ක්‍රියාවන් තුළින් කිසිවෙකුට දුක් නොදෙන්න.

2. විජයග්‍රාහී මාලාවේ පබුළුවක් වී, සම්මාන සහිතව සමත් වීමට, ඔබගේ සිහිපත් කිරීමේ වේගය වැඩි කරන්න. මාස්ටර් පාරිශුද්ධකරුවකු වී, සෑම කෙනෙක්වම පවිත්‍ර කරවීමට සේවය කරන්න.

වරදානය:
ඔබ කර්ම යෝගියෙක් වී, ඔබගේ ජීවමානව මියැදුනු උපතේ අවධානයෙන් සියලු කර්ම බන්දන අවසන් කරත්වා.

ජීවමානව මියැදුනු මෙම දිව්‍යමය උපත, කර්ම බන්දනයේ ජීවිතයක් නොවෙයි එය කර්ම යෝගී ජීවිතයක්. මෙම අලෞකික දිව්‍යමය ජීවිතයේදී බ්‍රහ්මණ ජීවාත්ම ස්වාධීනයි, ඔවුන් දීන නොවෙයි. එම සිරුරු ණයට ගන්නා අතර පරම පියා සියලුම පැරණි සිරුරු බලයෙන් පුරවා, මුළු ලොවටම සේවය කිරීම සඳහා ඒවා ක්‍රියා කරවනවා. එය ඔබගේ නොව, පරම පියාගේ වගකීමයි. ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද ගැන පරම පියා ඔබට උපදෙස් ලබා දී තිබේ. ඔබ නිදහස් වන අතර සියලු දෙනාව ක්‍රියා කරවන ඒකායන කෙනා එය සිදු කරනවා. මෙම විශේෂ ධාරණාවෙන්, සියලු කර්ම බන්දන අවසන් කර, කර්ම යෝගියෙක් වන්න.

පාඨය:
අසීමිත නිරාශාවේ ආකල්පයේ පදනම වන්නේ, කාලයේ සමීප බවයි.