17.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබගේ චරිතය අලුත් කරවා ලෝකය පාපයෙන් තොර ලොවක් බවට පත් කරවාලීමටයි. ඔබලා සහෝදරයින් වන නිසා ඔබ එකිනෙකා වෙත ඇති බැල්ම ඉතාමත්ම පිරිසිඳු විය යුතුයි.

ප්‍රශ්නය:
ඔය දරුවන් අධිරාජ්‍යවරුන් වුවත් එක් කරුණක් සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ කුමක් ගැනද?

පිළිතුර:
ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කරුණ නම් අපිරිසිඳුතාවයෙන් පාරිශුද්ධත්වයට පත් වීමයි. පරමාත්ම පියාට අයිති වෙලත් ඔහු ඉදිරියේම දඬුවම් විඳීමට සිදු වන තත්ත්වයක් උද්ගත නොවිය යුතුයි. දඬුවම් වලින් නිදහස් වීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. නැතිනම් ඔබට විශාල ලැජ්ජාවකට පත් වීමට සිදු වේවි. ඔබලා සැහැල්ලු අධිරාජ්‍යවරුන් වන අතර සෑම කෙනෙකුටම ඔබ පියාගේ හැඳින්වීම දිය යුතුයි. මෙය තේරුම් ගන්නා අය අසීමිතත්වයේ පාලකවරුන් වේ. යමෙකුට මෙය තේරෙන්නේ නැතිනම් එය ඔවුන්ගේ වාසනාවේ ඇත්තකි. ඒ ගැන ඔබ කරදර විය යුත්තේ නැත.

ඕම් ශාන්ති.
ශිවා යන නම ඇති ආධ්‍යාත්මික පියා මෙහි සිට තම දරුවන්ට කරුණු පහදා දෙනවා. සෑම දෙනාගේම ආධයාත්මික පියා එකම එක කෙනායි. පළමුවෙන්ම මෙම කරුණු හොඳින් පැහැදිලි කර කියා දිය යුතුයි. එවිට අනිකුත් කරුණු සියල්ලමත් ඉතාමත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි වෙනවා. පරමාත්ම පියාගේ හැඳින්වීම හරිහැටි නොලැබුණු විට ඔවුන් දිගින් දිගටම ප්‍රශ්න අස අසා සිටිනවා. පළමුවෙන්ම මෙම විශ්වාසය ඔවුන් තුළ හොඳින් තහවුරු විය යුතුයි. ගීතාවේ දෙවියන් කවුදැයි යන්න මුලු ලෝකයම දන්නේ නැහැ. ක්‍රිෂ්ණායි කියා ඔවුන් කියනවා. නමුත් අපි කියන්නේ ගීතාවේ දෙවියන් වන්නේ පරමාත්ම ජීවය වන පරමාත්ම පියා ශිවා කියායි. ඥාන සාගරය වන්නේ ඔහු පමණයි. ප්‍රධානම ග්‍රන්ථය ගීතාවයි. සියලුම ග්‍රන්ථයන්ගේ මැණිකයි. ඕ ප්‍රභූ, ඔබගේ ක්‍රම හා විධි අසහායයි කියා කියනා විට ඔවුන් එසේ කියන්නේ දෙවියන් ගැනයි. ක්‍රිෂ්ණාට එසේ කියන්නේ නැහැ. සත්‍යය වන පරමාත්ම පියා අනිවාර්යෙන්ම ඔබට කියන්නේ සත්‍යයි. ලෝකය මුලදී අලුත්වට තිබුණු අතර එය සතෝප්‍රධාන්ව තිබුණා. දැන් එය පැරණි තමෝප්‍රධාන් ලෝකයක් වෙලා. ලෝකය වෙනස් කළ හැක්කේ එකම එක පියාට පමණයි. පරමාත්ම පියා එය වෙනස් කරන්නේ කෙසේදැයි කියා ඔබටත් පැහැදිලි කර කියා දිය හැකියි. ජීවාත්මයන් සතෝප්‍රධාන් වුණු විට පමණයි සතෝප්‍රධාන් ලෝකයක් ස්ථාපනය වන්නේ. පළමුවෙන්ම, ඔය දරුවන් අභ්‍යන්තරගතව සිටිය යුතුයි. වැඩිපුර කතා කිරීමට අවශ්‍ය නැහැ. පින්තූර ගණනාවක් දකිනා විට මිනිසුන් දිගින් දිගටම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. පළමුවෙන්ම ඔබ එක් දෙයක් පැහැදිලි කළ යුතුයි. ඕනෑවට වඩා ප්‍රශ්න ඇසීමට ඔබ ඉඩ නොදිය යුතුයි. පළමුවෙන්ම එක් දෙයක් සම්බන්ධයෙන් විශ්වාසය තබා ගන්න. පසුව අප ඔබට තවත් දේවල් පැහැදිලි කර කියා දෙන්නම් කියා ඔවුන්ට කියන්න. පසුව උපත් 84 පින්තූරය වෙතට ඔවුන්ව ගෙන යන්න. පරමාත්ම පියා කියනවා: මොහුගේ උපත් ගණනාවක අවසන් උපතේ දී මම ඔහුට ඇතුලු වෙනවා. පියා මොහුට කියන්නේ: ඔබ ඔබගේම උපත් ගැනවත් දැනගෙන සිටියේ නැහැ. පරමාත්ම පියා ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා පැහැදිලි කර කියා දෙනවා. පළමුවෙන්ම ඔහු ඇල්ෆාව ගැන කියා දෙනවා. ඇල්ෆා තේරුම් ගත් පසු මිනිසුන්ට තවත් ගැටළු ඇති වන්නේ නැහැ. ඔවුන්ට කියන්න: පරමාත්ම පියා තමයි සත්‍යය: ඔහු කිසිම බොරුවක් කියන්නේ නැහැ. අසීමිත පියා පමණයි අපට රාජයෝගාව උගන්වන්නේ. ශිව රාත්‍රිය කියා කියනා නිසා කවදා හෝ දවසක ශිවා අනිවාර්යෙන්ම පැමිණ ඇති. ඒ ලෙසින්ම මිනිස්සු ක්‍රිෂ්ණ ජයන්තියත් මෙහි සමරණවා. ඔහු කියනවා: මම බ්‍රහ්මා හරහා ස්ථාපන කාර්යය කරනවා. සෑම කෙනෙක්ම ඒ එකම එක පියාගේ දරුවනුයි. ඔබත් ඔහුගේ දරුවනුයි. ඒ වගේම ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා ස්ථාපනය සිදු වන නිසා බ්‍රහමිණ්වරුනුත් අනිවාර්යෙන්ම සිටිය යුතුයි. එම නිසා ඔබලා සහෝදර සහෝදරියන්ය. එහි පාරිශුද්ධත්වය ඇත. එම පවුලේ අයත් සමඟ නිවසේ වාසය කරනා ගමන් පාරිශුද්ධව සිටීමට මෙයත් හොඳ ක්‍රමවේදයක් වෙනවා. සහෝදර සහෝදරියන් කිසිම විටෙක තමන් එකිනෙකා දෙස දූෂිත බැල්මකින් නොබැලිය යුතුයි. ඔබගේ බැල්ම උපත් 21 කටම අලුත් වෙනවා. පරමාත්ම පියා ඔය දරුවන්ට උගන්වනවා. ඔහු ඔබගේ චරිතය හරි ගස්සනවා. මුලු ලෝකයේම චරිතය නිවැරදි කළ යුතුව තිබෙනවා. මෙම පැරණි අපිරිසිඳු ලෝකයේ ඇති චරිතයක් නැහැ. සෑම කෙනෙක් ළඟම ඇත්තේ දුර්ගුණයි. මෙය අපිරිසිඳු පාපකාරි ලෝකයයි. පාපයෙන් තොර ලෝකය නිර්මාණය වන්නේ කෙසේද? පරමාත්ම පියාට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට එය කළ නොහැකියි. පරමාත්ම පියා දැන් ඔබව පාරිශුද්ධ කරවනවා. මේ සියලු කරුණු දෘශ්‍යමානයි. මම ජීවාත්ම සත්තාවක්මි. ජීවාත්ම සත්තාවක් වන මම පරමාත්ම පියාව මුණ ගැසිය යුතුයි.  දෙවියන්ව මුණ ගැසීමට සෑම කෙනෙක්ම උත්සාහ දරනවා. දෙවියන් අශාරීරික කෙනායි. මුක්තිදායකයා හා මඟ පෙන්වන්නා වන්නේ පරමාත්ම ජීවය පමණයි. අනිකුත් ආගම් වල අය කිසිම කෙනෙකුට මුක්තිදායකයා හෝ මඟ පෙන්වන්නා කියා කියන්නේ නැහැ. පරමාත්ම පියා වන පරමාත්ම ජීවය පමණයි මෙහි පැමිණ සෑම කෙනෙකුවම මුක්තියට ගෙන යන්නේ. එනම් ඔහු සියලු තමෝප්‍රධාන් අයව සතෝප්‍රධාන් කරවනවා: ඔහු සෑම කෙනෙකුටම මඟ පෙන්වනවා. එමනිසා, පළමුවෙන්ම මෙම එක් කරුණ තම සිහියේ හොඳින් රඳවා ගන්න. ඔවුන් මෙය අවබෝධ කර ගන්නේ නැතිනම් ඔවුන්ව අතහැර දමන්න. ඇල්ෆාව තේරුම් ගන්නේ නැතිනම් බීටාවෙන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද? ඒ වෙනුවට ඒ අයට යන්න අරින්න. ඔබ පටලැවිල්ලට පත් වන්න එපා: ඔබලා සැහැල්ලු රජවරුන් ය. යක්ෂයින්ගෙන් බාධක පැමිණේවි. මෙය රුද්‍රාගේ ඥාන යාගයයි. එමනිසා, පළමුවෙන්ම සැම කෙනෙකුටම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පරමාත්ම පියා කියනවා: මන්මනාභව, ඔබ දරනා උත්සාහයේ තරමට ඔබ තත්ත්වයක් දිනා ගනීවි. ආදි සනාතන දේවි දේවතා ධර්මයේ රාජ්‍යය ස්ථාපනය වෙමින් පවතිනවා. එය ලක්ෂ්මී නාරායන්ගේ වංශයයි. අනිකුත් ආගම් වල අය වංශයක් ස්ථාපනය කරන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණ සෑම කෙනෙක්වම නිදහස් කරවනවා. පසුව සෑම ආගමකම නායකවරුන් තම තමන්ගේ කාලයේ දී පැමිණ තම තමන්ගේ ආගම් ස්ථාපනය කළ යුතුයි. ජනගහනය වර්ධනය විය යුතුයි. සෑම කෙනෙක්ම අපිරිසිඳු විය යුතුයි. අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවීමේ කාර්යය පැවරී ඇත්තේ පරමාත්ම පියාටම පමණයි. ඒ අය පැමිණෙන්නේ ආගමක් ස්ථාපනය කිරිමට පමණයි. එහි ඇති එතරම් වැදගත්කමක් නැහැ. වර්ණනා කෙරෙන්නේ ඒකායනය පමණයි. ඒ මිනිසුන් ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් කියා නොයෙකුත් දේ කරනවා. මුක්තිදායකයා හා මඟ පෙන්වන්නා වන්නේ පරමාත්ම දෙවි පියාණන්ම පමණක් බව ඔබ ඔවුන්ටත් පැහැදිලි කර කියා දිය යුතුයි. ක්‍රිස්තියානි ධර්මයේ ජීවයන් ඔහු පසුපස පැමිණෙනවා. ඔබව දුකින් ගලවා ගන්නේ එකම එක පරමාත්ම පියාම පමණයි. ඔබගේ බුද්ධිය මේ කරුණු සියල්ල ඉතාමත් හොඳින් ධාරණය කර ගත යුතුයි. කරුණාවන්ත කෙනා වන්නේ එකම එක පරමාත්මය පමණයි. එකම එක මිනිසෙකුටවත් තවත් කෙනෙක් වෙනුවෙන් කරුණාවන්ත විය නොහැකියි. ඔහුගේ කරුණාව අසීමිතයි. සෑම කෙනෙක් කෙරෙහිම කරුණාව දක්වන්නේ එකම එක පියා පමණයි. ස්වර්ණමය යුගයේ සිටි සෑම කෙනෙක්ම සතුටින් සාමයෙන් සිටියා: දුකක් කියා දෙයක් ගැන සඳහනක්වත් තිබුණේ නැහැ. ඇල්ෆාව ගැන කාට හෝ පැහැදිලි කරනා විට, ඒ කෙනා ගැන එම විශ්වාසය තහවුරු කළ නොහැකි නම් තවදුරටත් ඉදිරියට යනවා වෙනුවට දැන් තමන්ගේ කට රිදෙනවායි කියා කියන්න. පළමුවෙන්ම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. අනිකුත් කරුණු වලට යන්න එපා. ඔවුන්ට කියන්න: පරමාත්ම පියා කියන්නේ සත්‍යයම පමණයි. අප බීකේවරුන්ට මේවා කියා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. ඔහු තමයි මේ සියලුම පින්තූර සාදා තිබෙන්නේ. මේ ගැන කිසිම සැකයක් ඇති කර ගත යුත්තේ නැහැ. සැක සහිත බුද්ධියක් ඇද වැටෙන්නේ විනාශයටයි. පළමුවෙන්ම, තමන් ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යාවි. වෙන මඟක් නැහැ. පාරිශුද්ධකරු වන්නේ එකම එක පියා පමණයි. එහෙම නේද? පරමාත්ම පියා කියනවා: සියලුම ශාරීරික ඥාතීන් අතහැර දමා නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. පරමාත්ම දෙවියන් ඇතුලු වන්නේ කාගේ ශරීරයට ද ඒ කෙනාත් සතෝප්‍රධාන් වීම සඳහා උත්සාහයක් දැරිය යුතුයි. උත්සාහ දැරීමෙන් පමණයි ඔහු ඒ තත්ත්වයට පත් වන්නේ. ඒ වගේම ඔහු බ්‍රහ්ම හා විෂ්ණු අතර ඇති සම්බන්ධතාවයත් අපට පෙන්වා දෙනවා. පරමාත්ම පියා ඔය බ්‍රහමිණ්වරුන්ට රාජයෝගාව උගන්වනවා. එයින් ඔබලා විෂ්ණු දේශයේ පාලකවරුන් බවට පත් වෙනවා. උපත් 84 ක් ගෙන පසුව අවසානයේදී ශුද්‍රයින් බවට පත් වන්නේ ඔබලායි. පසුව පරමාත්ම පියා පැමිණ ඔබලාව ශුද්‍ර තත්ත්වයෙන් බ්‍රාහ්මණ තත්ත්වයට පත් කරවනවා. වෙන කිසිම කෙනෙකුට මෙය පැහැදිලි කර දිය නොහැකියි. පළමුවනම කාරණය පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දීමයි. පරමාත්ම පියා කියනවා: අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවීම සඳහා මා පැමිණිය යුතුයි. මම ඉහළ සිට දිරි ගැන්වීම් කරනවායි කියා කියන්න බැහැ. මොහුගේ නම භාග්‍ය රථයයි. ඉතින් ඔහු අනිවාර්යෙන්ම මොහුට ඇතුලු වෙනවා. මෙය ඔහුගේ උපත් ගණනාවක අවසානයයි. පසුව ඔහු සතෝප්‍රධාන් වෙනවා. මේ සඳහා පියා ඔබට මඟ පෙන්වා දෙනවා: තමන් ජිව සත්තාවක් බව සලකා නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. සියලු බල ඇත්තා වන්නේ මා පමණයි. මා සිහි කිරීමෙන් ඔබට බලය ලැබෙනවා:ඔබලා ලෝක පාලකවරුන් වේවි. ලක්ෂ්මී හා නාරායන් වීමේ උරුමය ඔවුන් පියාගෙන් හිමි කර ගන්නවා. ඔවුන් එය ලැබුවේ කෙසේදැයි කියා ඔහු පහදා කියා දෙනවා. බලාගාර හා ප්‍රදර්ශන වලදී ඔවුන්ට මෙසේ කියන්න: පළමුවෙන් එක් කරුණක් අවබෝධ කර ගන්න. පසුව අනිකුත් කරුණු වලට යන්න. මෙය අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. නැතිනම් ඔබට දුකින් මිදිය හැකි වන්නේ නැහැ. මෙම විශ්වාසය හොඳින් තහවුරු වන තෙක් ඔබට කිසිම දෙයක් තේරුම් ගත හැකි වන්නේ නැහැ. මේ කාලයේ දී ලෝකය දූෂිත වෙලා. දේවතා ලෝකය උසස්ව පැවති ලෝකයක්. මේ ආකාරයෙන් ඔබ සියල්ල පැහැදිලි කර කියා දිය යුතුයි. යමෙකුට යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා ද නැතිනම් නිකම් පිස්සෙක් සේ ඔහු එතැන අසුන් ගෙන සිටිනවාදැයි කියා ඔබ ඔවුන්ගේ නාඩි අල්ලා අවබෝධ කර ගත යුතුයි. පිස්සුවෙන් සිටිනවා නම් අතහැර දමන්න. ඔබගේ කාලය අපතේ හරින්න එපා. මෙම දැනුම ගැනීමේ පිපාසාවෙන් සිටිනා එයට සුදුසු අයව සොයා ගැනීමේ බුද්ධියක් ඔබ සතුව තිබිය යුතුයි. මෙය අවබෝධ කර ගන්නා අයගේ මුහුණු වෙනස් වෙනවා. පළමුවෙන්ම, ඔවුන්ට යම් හොඳ දෙයක් ගැන කියන්න: අසීමිත පියාගෙන් ඔබට අසීමිත උරුමයක් හිමි වෙනවා. ඇතැම් දරුවන් ස්මරණ වන්දනාවෙන් දුර්වල බව බාබා දන්නවා. පරමාත්ම පියාව සිහි කරමින් සිටීමට උත්සාහයක් අවශ්‍යයි. මායා බාධක ගෙන එන්නේ මෙහිදියි. මෙය නාටකයේ කල් තබාම තීරණය වූවකි. පරමාත්ම පියා මෙහි සිට මෙම නාටකය කල් තබාම තිරණය වූවක් වන්නේ කෙසේදැයි කියා කරුණු පැහැදිලි කර කියා දෙනවා. ලෝකයේ සිටිනා මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පරමාත්ම පියාව සිහි කරමින් සිටිනා විට ඔබට අන් අයට පැහැදිලි කර කියා දෙන විටත් ස්ථාවරව සිටිය හැකි වේවි. නැතිනම් ඔවුන් දිගින් දිගටම ඔබගේ වැරදීම පෙන්න පෙන්නා සිටීවි. බාබා කියනවා: ඔබලා එතරම් කරදර විඳින්න ඕන නැහැ. ස්ථාපනය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. කිසිම කෙනෙකුට දෛවය නතර කරන්න බැහැ. ඔබ උද්යෝගිමත්ව සිටිය යුතුයි. අපි අපේ අසීමිත උරුමය පියාගෙන් දිනා ගන්නවා. පරමාත්ම පියා කියනවා: නිරන්තරයෙන්ම මා පමණක් සිහි කරන්න. වාඩි වී ලොකු සෙනෙහසකින් කතා කරන්න. පරමාත්ම පියාව සිහි කරනා විට සෙනෙහසේ කඳුළු උතුරා ගැලිය යුතුයි. අන් සෑම සබැඳියාවක්ම කලි යුගයේ සබඳතායි. මෙම සම්බන්ධතාවය ආධ්‍යාත්මික පියා සමඟයි. ඔබගේ මෙම කඳුළු ජයග්‍රාහී මාලාවේ පබළු වේවි. එතරම්ම වූ සෙනෙහසකින් පියාව සිහි කරන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. ඔබගේ අනාගත උසස් කර ගැනීමට හැකි තරම් කාලය සොයා ගන්න. ප්‍රදර්ශන ශාලා වල ඕනෑවට වඩා කුඩා දරුවන්ට සිටිය යුත්තේත් නැහැ ඕනෑවට වඩා පින්තූර තිබිය යුත්තේත් නැහැ. අංක එකේ පින්තූරය නම්: ගීතාවේ දෙවියන් කවුද යන්නයි. ඒ පින්තූරය ළඟින් ලක්ෂ්මී නාරායන්ගේ පින්තූරය තබන්න. ඒ ළඟින් ඉණිමඟ පෙන්වන්න. එපමණයි. වැඩිපුර පින්තූර අවශ්‍ය නැහැ. හැකි උපරිමයෙන් ඔය දරුවන් තම ස්මරණ වන්දනාව වැඩි දියුණු කර ගත යුතුයි. ඔබ තුළ තිබිය යුතු ප්‍රධානම සැලකිල්ල නම් අපිරිසිඳු බවින් පාරිශුදධත්වයට පත් වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. බාබාට ඔබ අයිති වීමෙන් පසුවත් ඔහු ඉදිරියේ දඬුවම් විඳීමට ඔබට සිදු වුවහොත් එය මහත් පරිහාණිකාරි තත්ත්වයක් වෙනවා. ඔබ දැන් ස්මරණ වන්දනාවේ නොසිටියහොත් දඬුවම් විඳින මොහොතේදී ඔබට පියා ඉදිරිපිට මහත් ලැජ්ජාවට පත් වීමට සිදු වේවි. ඔබ වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ එලෙස දඬුවම් අත් නොවිඳීමටයි. ඔබලා රුප් හා බසාන්ටිය. බාබා කියනවා:මමත් රුප් හා බසාන්ටි වෙමි. එනම් කුඩාම කුඩා තිතක් ඒ වගේම මහා ඥාන සාගරයයි. ඔහු ඔය ජීවාත්මයන්ව ඥානයෙන් පුරවාලනවා. උපත් 84 ම රහස් ඔබගේ සිහියේ දැන් තිබෙනවා. ඔබ ඥානයේ ප්‍රතිමූර්තීන් වී අන් අය මත ඥානයේ වැසි වස්සවනවා. සෑම ඥාන මැණිකක්ම ඉතාමත් අගනා මැණිකකි. ඒවාට මිලක්වත් නියම කළ නොහැකියි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: ඔබලා මිලියන ගණනින් වාසනාවන්ත අයයි. ඔබගේ දෙපා ළඟ නෙළුම් මලක් සංකේතවත් කර පෙන්වනවා. කිසිම කෙනෙකුට මෙය තේරුම් ගත නොහැකියි. පදම්පති යන නම මිනිසුන්ට යොදා තිබෙනවා. මේ නම ඇති අයට හොඳින් ධනය තිබෙනවායි කියා මිනිස්සු සිතනවා. පදම්පති කියන වාසගම ඇති අයත් සිටිනවා. පරමාත්ම පියා සෑම දෙයක්ම පහදා දෙනවා. ඔහු එවිට කියනවා: ප්‍රධානම දෙය වන්නේ පරමාත්ම පියාවත් උපත් 84 චක්‍රයත් සිහි කිරීමයි. මෙම දැනුම භාරත ජනයාටයි. උපත් 84 ක් ගන්නේ ඔබලායි. මෙයත් අවබෝධ කර ගත යුතු කරුණකි. සන්යාසිවරුන් කිසිම කෙනෙකුට ස්වදර්ශනචක්‍රධාරීන් කියා කියන්නේ නැහැ. දේවතාවරුන්ටවත් එසේ කියන්න බැහැ. දේවතාවරුන්ට කිසිම ඥානයක් නැහැ. ඔවුන්ට කියන්න: සම්පූර්ණ දැනුම ඇත්තේ අප ළඟයි. ලක්ෂ්මී හා නාරායන්ටවත් මෙම දැනුම නැහැ. පරමාත්ම පියා විසින් පැහැදිලි කරනා සෑම දෙයක්ම නිවැරදියි. මෙම ඥානය ඉතාමත් අපූරුයි. ඔබලා ඉතාමත් අදෘශ්‍යමාන ශිෂ්‍යයනුයි. තමන් විශ්ව විද්‍යාලයකට යන බවත් පරමාත්ම දෙවියන්ම තමන්ට උගන්වන බවත් ඔබලා කියනවා. ඔබගේ අරමුණ හා ඉලක්කය කුමනක්ද? අපි මේ තැනට යාමටයි සිටින්නේ (ලක්ෂ්මි හා නාරායන්) මිනිසුන්ට මෙය ඇසුණු විට ඔවුන් පුදුමයට පත් වෙනවා. ඔබ, අපි අපේ ප්‍රධාන මධ්‍යස්ථානයට යනවායි කියා කියනවා. ඔබලා ඉගෙන ගන්නේ මොනවා ද? අපි සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් වීමට ඉගෙන ගන්නවා. යාචකයින්ගෙන් රාජ කුමාරවරුන්. ඔබගේ පින්තූර ඉහළම ගණයේ පින්තූරයි. ධනයක් දානය කළ යුත්තේ සෑම විටම එයට සුදුසු අයටයි. සුදුසු අය සොයා ගන්නේ කොහෙන් ද? ශිව දේවාල, ලක්ෂ්මී නාරායන දේවාල හා රාමා සීතා දේවාල වලින්. ඒවාට ගිහින් ඔවුන්ට සේවය කරන්න. ඔබගේ කාලය අපතේ හරින්න එපා. ගංඟා නදියට ගොස් එහි සිටිනා අයගෙන් අහන්න: ගංඟා නදිය පාරිශුද්ධකරු වෙනවාද නැතිනම් පරමාත්ම ජීවය, පරමාත්ම පියා පාරිශුද්ධකරු වෙනවා ද? මේ වතුර සෑම කෙනෙකුටම මුක්තිය දානය කරයිද නැතිනම් අසීමිත පියා එය කරයි ද? ඔබට මෙය ඉතාමත් හොඳින් විස්තර කර කියා දිය හැකියි. ලෝක පාලකවරුන් බවට පත් වීමේ මඟ මිනිසුන්ට පෙන්වා දෙන්න. මිනිසුන්ට මේවා දානය කර සිප්පි කටු වන් අයව දියමන්ති බවටත් ලෝක පාලකවරුන් බවටත් පත් කරවන්න. භාරතය ලෝක පාලකව සිටියා. ඔබගේ බ්‍රාහ්මණ වංශය දේවතා වංශයට වඩා ඉහළයි. පරමාත්ම පියාගේ එකම එක සදාදරණීය පුත්‍ර රත්නය වන්නේ තමන් පමණක්ම බව මේ බාබා තේරුම් ගෙන සිටිනවා. බාබා මගේ ශරීරය ණයට ගෙනයි තිබෙන්නේ. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙය තේරුම් ගත නොහැකියි. බාබා මගේ රථය පදවනවා. එනම් බාබාව මගේ උරහිසේ වාඩි කරවා ගත්තා. සේවය කිරිමට මම බාබාට මේ ශරීරය දුන්නා. ඒ වෙනුවට ඔහු මට හොඳින්ම සලකනවා. ඔහු මාව ඉහළම ඉහළ කෙනා බවට පත් කරවා මාව ඔහුගේ උරහිසේ අසුන් ගන්නා ගන්නවා. ඔහු මාව අංක එකේ කෙනා බවට පත් කරවනවා. පියෙක් තම දරුවන්ට ඉහළින්ම ආදරය පෙන්නනා විට ඔවුන්ම තම කර මත තබා ගන්නවා. මවක් දරුවෙක්ම ගන්නේ ඇකයට පමණයි. පාසලකට කවදාවත් හිතළුවක් කියා කියන්නේ නැහැ. පාසලකදී ඉතිහාසය හා භූගෝලය ඉගෙන ගන්නවා. එය හිතළුවක් ද? මෙයත් ලෝකයේ ඉතිහාසය හා භූගෝලයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තැනක අසුන් ගෙන ඔබගේ ආධ්‍යාත්මික පියාව ලොකු සෙනෙහසකින් සිහිපත් කරන්න. එසේ සිහිපත් කරනා විට ගලනා සෙනෙහසේ කඳුළු බිඳු ජයග්‍රාහී මාලාවේ පබළු වේවි. ඔබගේ අනාගත යහපත නිර්මාණය කර ගැනීම සඳහා කාලය නිසි ලෙස ප්‍රයෝජනයට ගන්න.

2. වැඩිපුර කතා නොකර අභ්‍යන්තරගත වී සෑම කෙනෙකුටම ඇල්ෆා පණිවිඩය දෙන්න. දඬුවම් විඳීමට සිදු නොවන ආකාරයේ ක්‍රියා කිරීමට පමණක් සෑම විටම සැලකිලිමත් වන්න.

වරදානය:
ඔබගේ සුබ පැතුම් වලින්, ඔබට අපහාස කරන අයව ඉහළ නංවා, පියා සිදු කරන ආකාරයෙන්ම ඔවුන්ට සේවය කරත්වා.

පරම පියා, ඔහුට අපහාස කරන අයව ඉහළ නංවන සේම, ඔබ ඉදිරියේ කුමනාකාරයක ජීවාත්මයක් සිටියත් ඔබගේ දයාවේ හැඟීම් සහ සුබ පැතුම් සමගින්, එම ජීවය පරිවර්ථනය කරන්න. සැබෑ සේවය මෙයයි. විද්‍යාඥයින්ට වැලි වල පැළ රෝපණය කිරීමට හැකි සේම, දයාවන්ත වී, ඔබට අපහාස කරන අයව ඉහළ නැංවීමට නිහැඬියාවේ බලය භාවිත කර ඒ අනුව භූමිය පරිවර්ථනය කරන්න. ඔබගේ ස්ව-පරිවර්ථනයෙන් සහ සුබ පැතුම් වලින් ඕනෑම ආකාරයක ජීවාත්මයක් පරිවර්ථනය වෙයි, මන්ද, සුබ පැතුම් නියත වශයෙන්ම සාර්ථකත්වය ගෙන දෙයි.

පාඨය:
නිරතුරුව ප්‍රබෝදමත්ව සිටීමේ පදනම වන්නේ ඥාන මිණි මුතු මතගෑමයි.