17.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියාගේ ගෙල වටා මාලය බවට පත් වීමට නම්, දැනුම සහ යෝගාවේ තරඟයේ දිව යන්න.
ඔබගේ වගකීම වන්නේ, මුළු ලොවටම පියාගේ හැඳින්වීම ලබා දීමයි.
ප්‍රශ්නය:
ඔබගේ රෝග සුව
වීම සඳහා ඔබ නිරතුරුවම පවත්වාගත යුත්තේ කුමන කුල්මත්භාවයද?
පිළිතුර:
දැනුම සහ යෝගාවේ කුල්මත් බව පවත්වා ගන්න. එම පරණ ශරීර ගැන තැවෙන්නට එපා. ඔබගේ
සිරුරු වෙතට ඔබගේ බුද්ධිය වැඩියෙන් ඇදී යන තරමට, ඔබට වැඩියෙන් තන්හාව ඇතිවෙයි,
වැඩියෙන් රෝග හටගනී. ඔබගේ සිරුර සැරසීම, පියරු සහ ක්‍රීම් ආදිය ආලේප කිරීම යන
සියල්ල නිෂ්ඵලයි. ඔබ තමන්ව සරසාගත යුත්තේ දැනුම සහ යෝගාවෙනි. ඔබගේ සැබෑ සැරසිල්ල
මෙයයි.
ගීතය:
දැනුමේ වර්ෂාව
වසින්නේ ආදරවන්තයා සමඟ සිටින අයටයි.
ඕම් ශාන්ති.
පියා සමඟ සිටින අය... ලොවෙහි බොහෝ පියවරු සිටින නමුත්, පියාණන්, ඔවුන් සියලු
දෙනාගේම නිර්මාණකරු, එක්කෙනෙකි. දැනුමේ මහා සයුර ඔහු පමණයි. පරම පියා, පරමාත්ම
ජීවය, දැනුමේ සාගරය බව, ඔබ අනිවාර්යෙන් වටහාගත යුතුයි. විමුක්තිය ලැබෙන්නේ දැනුම
තුළින් පමණයි. මනුෂ්‍යයන්ට විමුක්තිය ලබාගත හැක්කේ ස්වර්ණමය යුගය ස්ථාපිත කළ විට
පමණයි. විමුක්තිය පිරිනමන්නා ලෙස හැඳින්වෙන්නේ පියා පමණයි. දැනුමේ මහා සාගරය පැමිණ,
ඔබව පහත් බවින් විමුක්තිය වෙතට ගෙන යන්නේ, එය සංගම යුගය වන විට පමණයි. පැරණිම වන්නේ
භාරතයයි. උපත් 84ක් සිහි කර තිබෙන්නේ භාරතයේ ජනතාව වෙනුවෙන් පමණයි. ප්‍රථමයෙන්
පැමිණි මනුෂ්‍යයන් නිසැකවම උපත් 84ක් ගනු ඇත. ඔබ දේවතාවන්ගේ උපත් 84ක් ගැන පවසයි,
එබැවින් බ්‍රාහ්මණයන්ට ද උපත් 84ක් තිබේ. සඳහන් වන්නේ ප්‍රධාන අය ගැනයි. මෙම දේවල්
ගැන කිසිවෙකු නොදනී. ඔහු ලෝකය නිර්මාණය කරන්නේ නියත වශයෙන්ම බ්‍රහ්මාගේ මාර්ගයෙනි.
පළමුව ඔහු සූක්ෂම දේශය නිර්මාණය කළ යුතු අතර ඉන්පසුව මෙම භෞතික ලෝකය නිර්මාණය කරයි.
සූක්ෂම කලාපය තිබෙන්නේ කොහිද සහ අශාරීරික ලෝකය තිබෙන්නේ කොහිද කියා ඔය දරුවන්
දන්නවා. අශාරීරික ලෝකය, සූක්ෂම කලාපය සහ භෞතික ලෝකය ත්‍රිලෝකය ලෙස හැඳින්වෙයි. ඔබ
ත්‍රිලෝකනාථ (තුන් ලොවට අධිපති) ගැන කියන බැවින්, මෙයට අරුතක් තිබිය යුතුයි. ලෝක
තුන තිබිය යුතුයි, එහෙම නේද? ඇත්ත වශයෙන්ම ත්‍රිලෝකනාථ ලෙස හැඳින්විය හැක්කේ, පියා
සහ ඔහුගේ දරුවන් පමණයි. මෙහි සමහර මිනිසුන් ත්‍රිලෝකනාථ ලෙස හඳුන්වයි, ශිවා,
බ්‍රහ්ම, විෂ්ණු, ශංකර් ආදීන්. භාරතයේ ජනතාව තමන්ට මෙම නම් දී තිබේ. ඔවුන්ට නම්
දෙකක් පවා තිබේ - රාධේ-ක්‍රිෂ්ණා, ලක්ෂ්මි-නාරායන්. රාධේ සහ ක්‍රිෂ්ණා වෙනස්
රාජධානි වලින් බව කිසිවෙකු නොදනී. ඔහු එක් රාජධානියක රාජ කුමාරයෙක් වූ අතර, ඇය
වෙනත් රාජධානියක රාජ කුමාරිකාවක් විය. ඔබ මෙකල මෙය දන්නවා. හොඳ දරුවන්ගේ බුද්ධියෙන්
මෙම කරුණු ඉතා හොඳින් ධාරණය කරගන්නවා. නිදසුනක් ලෙස දක්ෂ වෛද්‍යවරයෙක්, බොහෝ විවිධ
ඖෂධ වල නම් දැන සිටියි. මෙහිදීද, බොහෝ අළුත් කරුණු නොකඩවා මතුවනවා. දිනෙන් දින නව
නිපැයුම් ඇති වෙයි. හොඳින් පුහුණු වන අය අළුත් කරුණු ධාරණය කරගනී. ඔබ ධාරණය කර
නොගන්නේ නම්, ඔබව මහාරතීන්ගේ පෙළට ගෙන ආ නොහැක. සෑම දෙයක්ම බුද්ධිය මත රඳා පවතින
අතර එය භාග්‍යය පිළිබඳව ද කාරණයකි. මෙයත් නාටකයේ තිබෙනවා නේද? කිසිවෙක් නාටකය
නොදනී. ඔබ කර්ම ක්ෂේත්‍රය මත, ඔබගේ චරිත කොටස රඟපාන බව ඔබට වැටහෙනවා. කෙසේවෙතත් ඔබ
නාටකයේ මුල, මැද සහ අවසානය ගැන නොදන්නේ නම්, ඔබ කිසිවක් නොදනී. ඔබ සියලු දේ දැනගත
යුතුයි. පියා පැමිණ ඇති අතර ඔබගේ වගකීම වන්නේ අන් අයට ඔහුගේ හැඳින්වීම ලබා දීම බව
ඔය දරුවන් දන්නවා. ඔවුන් මේ ගැන දැන නොසිටිය බව, ඔවුන්ට කීමට නොහැකි වන පරිදි, ඔබගේ
වගකීම වන්නේ, මුළු ලොවටම මේ ගැන පැවසීමයි. බොහෝ දෙනෙක් ඔබ වෙතට පැමිණෙයි. බොහෝ
දෙනෙක් පත්‍රිකා ද ගනීවි. ආරම්භයේදී දරුවන්ට බොහෝ දර්ශන ලැබුණි. ක්‍රිස්තුතුමා සහ
ඒබ්‍රහම් භාරතයට පැමිණියා. සැබැවින්ම භාරතය සියලු දෙනාව කොකඩවා ආකර්ෂණය කරයි. සත්‍ය
වශයෙන්ම භාරතය අසීමිත පියාගේ උපන් ස්ථානයයි. කෙසේවෙතත් මෙම භාරතය, දෙවියන්ගේ උපන්
ස්ථානය බව, ඒ මිනිසුන් නොදනී. ඔවුන් පරමාත්ම ජීවය ශිවා ගැන කතා කරන නමුත්, සෑම
කෙනෙක්ම පරමාත්ම ජීවය බව කීමෙන්, ඔවුන්ට අසීමිත පියාගේ වැදගත්කම නැති වී තිබේ. ඔය
දරුවන් දැන් පහදා දෙන්නේ භාරත දේශය ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානයයි. පැමිණෙන සියලුම
පණිවුඩකරුවන් පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම් ස්ථාපිත කිරීමට පමණයි. වෙනත් ආගම්වල සියලුම
අය දිගටම ඔවුන් පසුපස පහළට පැමිණෙයි. එය දැන් අවසානයයි. මිනිසුන් ආපසු යාමට තැත්
කරයි, නමුත් ඔබව මෙහි පහළට ගෙන ආවේ කවුරුන්ද? ක්‍රිස්තු පැමිණ, ක්‍රිස්තියානි ආගම
ස්ථාපිත කළා ඔහු ඔවුන්ව මෙහි පහළට ඇද ගත්තා. දැන් සියලු දෙනාටම එපා වී ආපසු නිවසට
යාමට අවශ්‍ය වී තිබේ. ඔබ මෙය විස්තර කළ යුතුයි. සෑම කෙනෙක්ම පැමිණෙන්නේ ඔහුගේ හෝ
ඇගේ චරිත කොටස රඟපෑමටයි. ඔබගේ චරිත කොටස් රඟපාන අතර ඔබට දුක ළඟා වෙයි. එවිට පියාගේ
වගකීම වන්නේ, ඔබව දුකින් මුදවා, සතුට වෙතට ගෙන යාමයි. භාරතය, පියාගේ උපන් ස්ථානයයි.
ඔය දරුවන් අතරින් ද සෑම කෙනෙක්ම මෙහි වැදගත්කම නොදනී. මෙය වටහාගත් ටික දෙනෙක් සිටින
අතර, ඔවුන්ගේ කුල්මත් බව ඉහළ නැඟී තිබේ. පියා සෑම කල්පයකම පැමිණෙන්නේ භාරතයේ පමණයි.
ඔබ මෙය සියලු දෙනාටම පැවසිය යුතුයි. ඔබ ඔවුන්ට ආරාධනා කළ යුතුයි. ප්‍රථමයෙන්ම ඔබ
මෙම සේවාව කළ යුතුයි. ඔබ පත්‍රිකා පිලියෙල කළ යුතුයි. ඔබ සෑම කෙනෙකුටම ආරාධනාවක්
ලබා දිය යුතුයි. කිසිවෙකුට නිර්මාණකරු හෝ නිර්මාණය පිළිබඳ දැනුම නොමැත. ඔබ සේවය කරන
අය වී, ඔබගේ නාමය කීර්තිමත් කළ යුතුයි. ඔවුන්ගේ බුද්ධිය තුළ බොහෝ කරුණු තිබෙන, දක්ෂ
දරුවන්ගේ උපකාරය, සියලු දෙනාම ඉල්ලා සිටියි. ඔවුන් මෙම දරුවන්ගේ නම් නොකඩවා මතුරයි.
ප්‍රථමයෙන් ඔවුන් ශිව බාබාගේ නම ද, ඉන්පසුව බ්‍රහ්ම බාබාගේ ද, පසුව අංක පිලිවෙලට
දරුවන්ගේ නම් ද මතුරයි. භක්ති මාර්ගයේ ඔවුන් භෞතිකව මාලාවක පබුළු කරකවයි. දැන් ඔබගේ
දෙතොලින් ඔබ නම් මතුරයි අහවලා බොහෝ සේවය කළ හැකි කෙනෙක්. ඔහු නිරහංකාරයි, ඉතා
මිහිරි මෙන්ම කිසිදු ශාරීරික අවධානයක් ඔහුට නැත. මෙවන් කියමනකි මිහිරි වන්න, එවිට
සියලු දෙනාම ඔබ සමඟ බොහෝ මිහිරි වෙයි. පියා පවසන්නේ ඔය දරුවන් බොහෝ දුකට පත්ව සිටින
අතර ඔබ මා සිහි කළොත් මා ඔබට උපකාර කරන්නම්. ඔබ තුළ නොකමැත්තක් තිබෙයි නම්, මා
කුමක් කරන්නද? මෙය තමාට අකමැති වනවා මෙනි. එසේ නම් ඔබට තත්ත්වයක් හිමි නොවෙයි. ඔබට
බොහෝ ධනය ලැබෙයි. කෙනෙකුට ලොතරැයියක් ඇදුනු විට ඔහු බොහෝ සතුටු වෙයි. එහි බොහෝ තෑගි
තිබේ. ප්‍රථම තෑග්ග, දෙවන තෑග්ග, තුන්වන තෑග්ග. ඒ ආකාරයෙන්ම මෙය ආධ්‍යාත්මික
තරඟයයි. මෙය දැනුමේ තරඟය සහ යෝගාවේ බලයයි. මෙහි වේගයෙන් යන අය, පියාගේ ගෙල වටා මාලය
වන අතර ඔවුන් සිහසුනට සමීපව අසුන් ගනීවි. මේ සියලු දේ ඔබට ඉතා පහසුවෙන් පහදා දෙයි.
ඒ අතරම ඔබගේ නිවෙස්ද බලාගන්න, මන්ද ඔබ කර්ම යෝගීන්ය. පංතියේ ඔබ පැයක් ඉගෙනගෙන
ඉන්පසුව නිවසට ගොස් මෙම දේවල් ගැන සිතා බැලිය යුතුයි. පාසැලේ ද ඔවුන් කරන්නේ මෙයයි.
ඔවුන් ඉගෙනගෙන ඉන්පසුව නිවසට ගොස් තම ගෙදර වැඩ කරයි. පියා පවසන්නේ පැයක්, පැය
භාගයක් ඉගෙනගන්න. දිනකට පැය 8ක් තිබේ. එයින් ද පියා පවසන්නේ පැයක් ඉගෙනගන්න, එසේ
නොහැකි නම්, පැය භාගයක්. විනාඩි 15ක් හෝ 20ක් වුවත් පංතියට යන්න, එය ධාරණය කරගෙන
ඉන්පසුව ඔබගේ ව්‍යාපාර ආදියේ නියැලෙන්න. මුල් දිනවල, බාබා ඔබව සිහිපත් කිරීමේ අසුන්
ගන්වා, ඔබට ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කිරීමට පවසයි. සිහිපත් කිරීම ගැන සඳහනක් කරයි.
පියාව සහ උරුමය සිහිකර, ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කරන්න, ඉන්පසුව ඔබට නිදිමත දැනෙන
විට, නින්දට යන්න. එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබව ගමනාන්තයට රැගෙන යන අතර ඔබ උදෑසන
අවදි වන විට, ඔබට එම කරුණු සිහිපත් වෙයි. මෙම පුහුණුව තිබීමෙන් ඔබ නින්ද ජයගන්නා අය
බවට පත් වෙයි. යමක් කරන අයට එහි ප්‍රතිලාභය හිමිවෙයි. ඔබ යමක් කරන විට එය පෙනෙයි.
එය ඔබගේ හැසිරීමෙන් හෙළිදරව් වෙයි. කිසිවක් නොකරන අයගේ හැසිරීම සම්පූර්ණයෙන්
වෙනස්ය. මෙම දරුවා දැනුමේ සාගරය කලතා, දැනුම ධාරණය කරගෙන, කිසිදු තන්හාවක් ආදිය
නැති බව පෙනෙයි. ඒවා පරණ සිරුරුය. ඔබ දැනුම සහ යෝගාව ධාරණය කරන විට, එම සිරුරු
හොඳින් තිබෙයි. ඔබ මෙය ධාරණය නොකරන්නේ නම්, සිරුර නොකඩවා තවත් වැඩියෙන් දිරාපත්
වෙයි. අනාගතයේදි ඔබට අළුත් සිරුරු ලැබෙන්නට තිබේ. ඔය ජීවාත්ම, ඔබගේ ජීවාත්ම
පිවිතුරු කළ යුතුයි. ඕවා පරණ සිරුරුය. ඔබ කෙතරම් පියරු සහ තොල් ආලේපන ආදිය
තැවරුවත්, ඔබ කෙතරම් එය සැරසුවත්, ඒවා සතයක් තරම්වත් නොවටියි. ඒ සියලු සැරසිලි
නිෂ්ඵලයි. ඔබ සියලු දෙනාම ශිව බාබා සමඟ විවාහ ගිවිසගෙන සිටියි. විවාහයක් සිදුවන
විට, මනාලිය එම දවසේ මුලින් පරණ ඇඳුම් අඳියි. ඔබ දැන් ඔබගේ සිරුර සැරසිය යුතු නැත.
ඔබ දැනුමින් සහ යෝගාවෙන් තමන්ව සරසා ගන්නේ නම්, ඔබ අනාගතයේදි රජකුමරුන් සහ රාජ
කුමාරිකාවන් වෙයි. මෙය දැනුමේ විලයි (මන්සරෝවර්). අඛන්ඩව දැනුමෙහි ගිලෙන්න, එවිට ඔබ
දෙව්ලොව සුරංගනාවක් වෙයි. පුරවැසියන්, සුරංගනාවන් ලෙස හැඳින්වෙන්නේ නැත. ඔවුන්
පවසන්නේ ක්‍රිෂ්ණා, ස්ත්‍රීන් පැහැරගෙන, ඔවුන්ව අධිරාජිනියන් බවට පත් කළා. ඔහු
ඔවුන්ව පැහැරගෙන ඉන්පසුව ඔවුන්ව පුරවැසියන්ගේ සොහොන්පල්ලන් බවට පත් කළ බව නොකියයි.
ඔහු ඔවුන්ව පැහැර ගත්තේ ඔවුන්ව අධිරාජවරු සහ අධිරාජිනියන් කිරීමටයි. ඔබත් මෙම
උත්සාහය දැරිය යුතුයි. ඔබට ලැබෙන ඕනෑම තත්ත්වයකින් සතුටට පත් නොවන්න. මෙහි ප්‍රධාන
දෙය වන්නේ ඉගෙනුමයි. මෙය පාසැලක්. බොහෝ මිනිසුන් ගීතා පාඨශාලා විවෘත කරයි. ඒ
මිනිසුන් කරන්නේ නිකම්ම අසුන්ගෙන ගීතාව කියාදී ඔබ ලවා එය කට පාඩම් කරවීමයි. සමහර
මිනිසුන් පදයක් තෝරාගෙන, පැය භාගයක් හෝ පැය තුන් කාලක් ඒ ගැන කතා කරයි. එහි කිසිදු
ප්‍රයෝජනයක් නැත. පියා මෙහි අසුන් ගෙන ඔබට උගන්වයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය
පැහැදිලිය. වේද සහ ශාස්ත්‍ර කියවීමේ, ජප කිරීමේ හෝ තපස් රැකීමේ කිසිම අරමුණක් හෝ
ඉලක්කයක් නැත. නොකඩවා උත්සාහ දරන්න, එපමණයි! කෙසේවෙතත් ඔබට කුමක් ලැබෙයිද? මිනිසුන්
බොහෝ භක්තියේ යෙදෙන විට, ඔවුන්ට දෙවියන් හමුවන බව කියයි රාත්‍රියට පසුව දහවල
අනිවාර්යෙන් පැමිණිය යුතුයි. සියල්ල නිවැරදි වෙලාවට සිදුවෙයි. සමහරු, චක්‍රයේ කාල
වකවානුව එක දෙයක් බව කියන අතර තවත් සමහරු තව දෙයක් කියයි. ඔබ ඔවුන්ට පහදා දෙන විට
ඔවුන් මෙසේ කියනු ඇත ග්‍රන්ථ ශාස්ත්‍ර වැරදි වන්නේ කෙසේද? දෙවියන් බොරු නොකියයි.
විස්තර කිරීමට ඔබට බලය තිබිය යුතුයි. එබැවින් ඔය දරුවන්ට යෝගා බලය තිබිය යුතුයි.
යෝගා බලයෙන් සෑම දෙයක්ම පහසු වෙයි. ඔබට සමහර දේ කිරීමට නොහැකි නම්, ඉන් කියැවෙන්නේ
ඔබට බලය නොමැති බවයි, ඔබට යෝගාව නොමැති බවයි. සමහර අවස්ථා වල බාබා ද උපකාර කරයි.
නාටකයේ නියම වී ඇති කුමක් වුවත් නොකඩවා නැවත නැවතත් සිදුවෙයි. අපට මෙය වැටහෙනවා.
වෙනත් කිසිම කෙනෙකුට නාටකය වැටහෙන්නේ නැත. තත්පරෙන් තත්පරයට, ගතවී යන සෑම
තත්පරයක්ම, දිගටම ගෙවී යයි. අප ක්‍රියා කරන්නේ ශ්‍රීමත් අනුවයි. ඔබ ශ්‍රීමත්
අනුගමනය නොකරන්නේ නම්, ඔබ උසස් වන්නේ කෙසේද? සෑම කෙනෙකුටම එක හා සමාන විය නොහැක. ඒ
මිනසුන් සිතන්නේ ඔවුන් සියලු දෙනාම එකක් වෙයි කියා. එකක් වීමේ අරුත ඔවුන්ට
නොවැටහෙයි. ඔවුන් එකක් වන්නේ කුමකින්ද? ඔවුන් සියලු දෙනාම එක් පියා විය යුතුද,
නැත්නම් ඔවුන් සියලු දෙනාම එක් සහෝදරයෙක් විය යුතුද? ඔවුන් සහෝදරයන් වන බව කියන්නේ
නම්, එය යසයි. ශ්‍රීමත් පිලිපැදීමෙන් අපට සැබවින්ම එකක් විය හැක. ඔබ සියලු දෙනාම
අනුගමනය කරන්නේ එක් උපදෙසයි. ඔබගේ පියා, ගුරුවරයා සහ ගුරූ එක්කෙනෙකි. සම්පූර්ණයෙන්
ශ්‍රීමත් අනුගමනය නොකරන අයට උසස් වීමට නොහැකි වෙයි. ඔබ කොහෙත්ම ශ්‍රීමත් අනුගමනය
නොකරන්නේ නම්, ඔබ මුළුමනින්ම අවසන් වෙයි. තරඟයකට ඔවුන් ඇතුලත් කරන්නේ සුදුසු අයව
පමණයි. එය විශාල තරඟයක් වන විට, ඔවුන්ට ඉතා හොඳ, අංක එකේ අශ්වයින් සිටියි, මන්ද,
ඔවුන් විශාල ලොතරැයියක් පරදුවට තබා ඇත. මෙයත් අශ්ව තරඟයකි. ඔවුන් හුසේන්ගේ අශ්වයා
ගැන කියයි. ඔවුන් සටනක, හුසේන්ව අශ්වයෙක් මත පෙන්වා තිබේ. ඔය දරුවන් දෙගුණයක්
අවිහිංසාවාදීය. අංක එක වන්නේ කාමයේ හිංසනයයි. මෙම හිංසන වර්ගය ගැන කිසිවෙකු නොදනී.
සන්යාසීන් පවා එය ඒ ලෙසින් නොසලකයි. ඔවුන් එය දුර්ගුණයක් බව පමණක් කියයි. පියා
පවසන්නේ විශාලතම සතුරා, කාමයයි. එහි ආරම්භයේ සිට මැද හරහා අවසානය දක්වාම ඔබට දුක
ඇති කරන්නේ මෙයයි. මෙය, ඔබගේ පවුල් මාවතේ රාජයෝගාව බවත්, ඔවුන්ගේ එය හතයෝගාව බවත්
ඔබ ඔවුන්ට ඔප්පු කළ යුතුයි. ඔවුන් ශංකරාචාර්යගෙන් හත යෝගාව ඉගෙන ගන්නා අතර අප,
ආචාර්ය වන ශිවාගෙන් රාජයෝගාව ඉගෙන ගනී. ඔබ ඔවුන්ට මෙම දේවල් නිසි වෙලාවට කිව
යුතුයි. කෙනෙක් ඔබගෙන් මෙසේ විමසන්නේ නම්, ’දේවතාවන් උපත් 84ක් ගන්නේ නම්
ක්‍රිස්තියානුවන් උපත් කීයක් ගන්නේද?‘ ඔවුන්ට කියන්න ඔබටම මෙය ගණනය කළ හැක. වසර
5000කදී 84ක් තිබේ. ක්‍රිස්තු පැමිණ දැනට වසර 2000කි. දැන් සාමාන්‍ය වශයෙන් ඔවුන්
උපත් කීයක් ගන්නේද කියා ගණනය කරන්න. ඔවුන් සමහර විට උපත් 30ක් හෝ 32ක් ගනු ඇත. මෙය
පැහැදිලියි. බොහෝ සතුට දකින අය, බොහෝ දුකද දකියි. ඒ මිනිසුන් සතුට අඩුවෙන් දකින අතර
එබැවින් ඔවුන්ට දුකද අඩුවෙන් ලැබෙයි. ඔබ සාමාන්‍යය ගණනය කළ යුතුයි. පසුව පැමිණෙන අය
අඩු උපත් සංඛ්‍යාවක් ගනී. බුදුන් සහ ඒබ්‍රහම් ද උපත් කීයක් ගන්නේද කියා ඔබට ගණනය කළ
හැක. සමහර විට උපත් එකක හෝ දෙකක වෙනසක් තිබෙයි. එබැවින් ඔබ මේ සියලු දේවල් ගැන
දැනුමේ සාගරය කැලතිය යුතුයි. අපගෙන් කෙනෙක් විමසන්නේ නම්, අප විස්තර කළ යුත්තේ
කුමක්ද? ඔබ ඔවුන්ට පැවසිය යුතුයි ප්‍රථමයෙන්ම ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කර ගත
යුතුයි. අඩු තරමින් පියා සිහිපත් කරන්න! ඔබට ගැනීමට ඇති උපත් සංඛ්‍යාව ඔබ ගනීවි.
අඩු තරමින් පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්න. ඔබ මෙය ඉතා හොඳින් විස්තර කළ යුතුයි.
මෙය, උත්සාහය අවශ්‍ය වන දෙයකි. ඔබ උත්සාහ දැරීමෙන් සාර්ථක වෙයි. ඉතා පුළුල් සහ
අසීමිත බුද්ධියක් අවශ්‍යයි. බාබා සහ බාබාගේ ධනය කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි.
සමහරු මෙම ධනය කොහෙත්ම නොගනී. අහෝ! අඩු තරමින් දැනුමේ මිණිමුතු ධාරණය කරගන්න! ඔවුන්
පවසන්නේ මා කුමක් කරන්නද? මට එය නොවැටහෙයි. ඔබට වැටහෙන්නේ නැත්නම් එය ඔබගේ ඉරණමයි.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා
සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසිවෙකුට
අකමැති නොවන්න. සියලු දෙනා සමඟම බොහෝ මිහිරි වන්න. දැනුම සහ යෝගාවේ තරඟ වැදී,
පියාගේ ගෙල වටා මාලය බවට පත්වන්න.
2. නින්ද ජයගත්තෙක්
වන්න. හිමිදිරි උදයෙන් අවදි වී පියාව සිහි කරන්න. ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කරන්න.
ඔබට ඇසෙන දැනුම, මතගෑමේ පුරුද්ද ඇති කරගන්න.
වරදානය:
ඔබ උපදෙස් වලට
අනුව, ඔබගේ බුද්ධිය උසස් මනෝ ස්ථිතියක ස්ථාවර කරගෙන මාස්ටර් සර්ව බලධාරියෙක් වේවා.
සමහර දරුවන් යෝගාවේ
අසුන් ගන්න විට, ජීව අවධානයට පත්වනවා වෙනුවට ඔවුන් සේවය ගැන සිතයි. කෙසේවෙතත්, එය
එසේ නොවිය යුතුයි, මන්ද, අවසන් මොහොතේ අශාරීරික වනවා වෙනුවට ඔබට සේවයේ සිතිවිලි ඇති
වන්නේ නම්, ඔබ තත්පරයක ප්‍රශ්න පත්‍රයෙන් අසමත් වෙයි. ඒ වෙලාවේ ඔබ පියාව සහ
අශාරීරික, පාපයෙන් තොර සහ නිරහංකාර වීම හැර වෙනත් කිසිවක් සිහි නොකළ යුතුයි. සේවය
ගැන සිතීමේදි ඔබ භෞතික අවධානයකට පැමිණෙයි. එබැවින් ඔබට යම් නිශ්චිත ස්ථිතියක ස්ථාවර
වීමට තිබෙන විට, එම ස්ථිතියේ පමණක් ස්ථාවර වීම පුහුණු වන්න, මන්ද, පාලන බලය සහ
හසුරුවා ගැනීමේ බල ඇති මාස්ටර් සර්ව බලධාරියෙක් ලෙස ඔබ හැඳින්වෙන්නේ එවිට පමණයි.
පාඨය:
ඕනෑම
සිදුවීමක් අභිබවා යාමට ඇති පහසු ක්‍රමය වන්නේ එක් ශක්තියක් සහ එක් ආධාරකයක්
තිබීමයි.