18.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සතුට ලබා දෙන එකම පියාව සිහි කරන්න. මේ කෙටි කාලය සීමාව තුළ දී යෝගා බලය රැස්කරගත යුත්තේ අවසානයේ දී එය ඉතා ප්‍රයෝජනවත් වන නිසාය.

ප්‍රශ්නය:
අසීමිත අරුචියක් ඇති ඔබ දරුවන්ට නිරන්තරයෙන් තිබිය යුතු සිහිය කුමක්ද?

පිළිතුර:
ඔබට නිරන්තරයෙන් මෙන්න මේ සිහිය තිබිය යුතුයි මාගේ මේ ශරීරය කිලිටි ඇඳුමක් වන අතර එය හලා දමා නැවත මා ගෙදර යා යුතුය. වෙන කිසිවක් නොව පරමාත්ම පියාත් උරුමයත් සිහි කරන්න. අසීමිත අරුචිය යනු මෙයයි. කර්ම කරන විටදී, ඔබේ හිස මත ඇති පාප බර ඉවත් කර ගැනීම සඳහා ස්මෘතිය තුළම සිටීමට ම උත්සාහ කරන්න. එවිට ජීවාත්ම සත්තාව තමෝප්‍රධාන් බවේ සිට සතෝප්‍රධාන් බවට පත් වේ.

ඕම් ශාන්ති.
බාබා ඔබ දරුවන්ට දිනපතා ඉතා පහසු දේ විස්තර කර දෙයි. මේ වූ කලී දේව පියාගේ විශ්ව විද්‍යාලයයි. මෙය සත්තකින්ම ගීතාවේ කියැවේ දෙවියන් කතා කරයි. සියලු දෙනාගේ පියා වන දේව පියා එකම එක්කෙනෙකි. වෙන කිසිවෙකුට එසේ විය නොහැකියි. ඔව්, දරුවන් සියලු දෙනාටම එකම පියාගේ දරුවන් විය හැකියි. ඔබේ බුද්ධියට ඇතුළු විය යුතුයි පරමාත්ම පියා නියතයෙන්ම දෙව්ලොව නම් වූ නව ලෝකය සාදන බව. අප එය නියතයෙන්ම පියාගෙන් ලබා ගෙන ද ඇත. ශිව ජයන්තිය සැමරෙන්නේ භාරතයේ පමණි. කොහොමනමුත්, ශිව ජයන්තිය කෙරෙන්නේ කෙසේ දැයි පියා පමණි පැමිණ විස්තර කරන්නේ. ළමුන් අපිරිසිඳු කමින් පිරිසිඳු බවට පත් කිරීම සඳහා එනම්, ඔවුන්ගේ උරුමය ලබා දීම සඳහා පරම පියා පැමිණෙන්නේ, සංගම් යුගයේ දීය. මේ කාලයේ දී සියලු දෙනා රාවණ්ගේ සාපයට හසුවීම නිසා අසතුටින් හා දුකින් පිරී ඇත. දැන් මෙය වූ කලී ජරාජීර්ණ වූ කලි යුගයයි. සැම විටම ඔබ බ්‍රහ්මාගේ මුවින් උපන් බ්‍රාහ්මණවරුන් බව සිහි කරන්න. බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් යැයි සළකන අය තේරුම් ගත යුතුයි, සෑම චක්‍රයකදීම ඔවුන්ට සීයාගේ උරුමය ලැබෙන බව. කිසිවෙකුට මේ තරම් දරුවන් ප්‍රමාණයක් සිටිය නොහැකියි. ඔහු හැම කෙනෙකුගේම පියාය. බ්‍රහ්මාද දරුවෙකි. සියලු දරුවන් උරුමය ලබන්නේ සීයාගෙනි. ඔහුගේ උරුමය නම්, සත්යුග රජ දහනයි. එම අසීමිත පියා, දෙව්ලොව නිර්මාණකරු හෙයින් අප නියතයෙන්ම දිව්‍ය අධිරාජ්‍යය ලැබිය යුතුයි. කොහොමනමුත්, එසේ ලැබී තිබුණු බව අපට අමතක වී ඇත. අසීමිත පියා එය අපට ලබා දෙන්නේ කෙසේද? නියතයෙන්ම බ්‍රහ්මා තුළින්ය. භාරතය වන්නේ ඔහුගේ රාජධානියය. දැන් එය චක්‍රයේ සංගම් යුගයයි. බ්‍රහ්මා සිටින්නේ මෙකල වූ සංගම් යුගයේ නිසා අපට බ්‍රහ්ම කුමාර සහ කුමාරියන් ලෙස හැඳින්වේ. අන්ධ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තිබිය නොහැකියි. මෙය වූ කලී හදාවඩා ගැනීමකි. ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන්ය. බ්‍රහ්මා ශිව බාබාගේ දරුවා වන අතර, අප නැවතත් දෙව්ලොව රජ දහන ශිව බාබාගෙන් ලබා ගනිමින් සිටිමු. අපට එය අවුරුදු 5000කට පෙරද ලැබී තිබුණි. අප අයත් වූයේ දේවි දේවතා ධර්මයටය. අවසානය දක්වාම දිගටම පවුල ප්‍රසාරණය වේ. ක්‍රිස්තූන් පැමිණි දා සිටම ක්‍රිස්තියානි ආගම තවමත් පවතිමින් වර්ධනය වනවා සේය. ඔවුන් සිතන්නේ ඔවුන් ක්‍රිස්තියානි වූයේ ක්‍රිස්තූන් තුළින් බවයි. ක්‍රිස්තු ආවේ අවුරුදු 2000කට පෙරයි. එය දැන් වර්ධනය වෙමින් තිබේ. හැම එකක්ම මුලින් සතෝප්‍රධාන් ව තිබී පසුව සතෝ, රජෝ හරහා ඊළඟට තමෝ හෙවත් අපිරිසිඳු බවට පත්වේ. සත් යුගයේ දී ඔබ නියතයෙන්ම තමෝප්‍රධාන් වූ අතර ඊට පසු සතෝ, රජෝ හා තමෝ තත්ත්වයන් බවට පත් වේ. තමෝප්‍රධාන් ලෝකය නියතයෙන්ම නැවත සතෝප්‍රධාන් බවට පත් වේ. නව ලොව තිබුණේ ආදී සනාතන දේවි දේවතා ධර්මයයි. ප්‍රධාන ආගම් හතරක් ඇත. ඔබේ ආගම එක දිගට කල්ප භාගයක්ම පවතී. මෙහිදී වුවද ඔබ අයිති වන්නේ එයට නමුත්, පාපකාරී වීම නිසා ඔබට තව දුරටත් දෙවි දේවතාවුන් යැයි කිව නොහැකියි. ඔබ ආදී සනාතන දේවි දේවතා ධර්මයට අයත් ව සිට පාපකාරී වී අපිරිසිඳු බවට පත් වීම නිසා හින්දු යැයි නම් විය. දැන් ඔබ බ්‍රාහ්මණ වී ඇත. ශිව බාබා ඉහළම ඉහළ කෙනාය. ඊළඟට ඔබ බ්‍රාහ්මණයින් ඇත. ඔබේ බ්‍රාහ්මණ කුළය ඉහළම ඉහළ එකයි. ඔබ බ්‍රහ්මාගේ දරුවන් බවට පත් වන නමුත්, බ්‍රහ්මාගෙන් උරුමයක් නොලබයි. ශිව බාබා බ්‍රහ්මා තුළින් දෙව්ලොව තනයි. ඔබ දැන් පරම පියාව දනී. පියා මෙසේ කියයි ඔබ මා වෙතින්ම මා ගැන දැනගෙන ලෝක චක්‍රයේ මුල, මැද, අග සියලු ඥානය තේරුම් ගනී. මට එම දැනුම ඇත. මා ඥාන සාගරයත් ප්‍රමෝදයේ සාගරයත් පාරිශුද්ධියේ සාගරයත් වෙයි. ඔබ උපත් 21 කට පිරිසිඳු වූ අතර ඉන්පසු විස සයුරට වැටේ. දැන් ඥාන සාගරයේ පියා ඔබ අපිරිසිඳු බවේ සිට පිරිසිඳු බවට පත් කරවයි. ගංගා නම් ගඟේ ජලයට ඔබව පිරිසිඳු කළ නොහැකියි. ඔවුන් එහි නෑවත් පිරිසිඳු බවට පත් විය නොහැක. මෙම ගංඟාවන් සත් යුගයේ දීද තිබී අද දක්වා කලි යුගයේ ද ඇත. ජලයේ ද කිසිඳු වෙනසක් නැත. ඔවුන් ද මෙසේ කියයි එකම රාමා සියලු දෙනාගේ ගැලවීම ලබා දෙන්නාය. ඥාන සාගරය වන්නේ ද පාරිශුද්ධකරුවා වන්නේ ද ඔහුම පමණි. බාබා පැමිණ ඔබට දෙන ඥානයෙන් ඔබ දෙව්ලොව හිමිකරුවන් බවට පත් වේ. සත් යුගයේත් ත්‍රේත යුගයේත් භක්තිය හෝ ආගමික ලේඛණ හෝ නැත. ඔබ පියාගෙන් නිරන්තර සතුට නම් වූ උරුමය ලබයි. කිසිම මනුෂ්‍යයෙකුට ඉගැන්විය නොහැකි ඔබේ ආධ්‍යාත්මික වන්දනා ගමන මෙයයි. පරමාත්ම පියා වූ කලී සියලු ජීවාත්ම සත්තාවන්ගේ පියාය. නොගැණිය හැකි තරම් භෞතික පියවරුන් සිටින අතර ආධ්‍යාත්මික පියා එකම එක්කෙනෙක් පමණි. මෙය ඉතා ස්ථීරව සහ තදින් සිහිකරන්න. බාබා, ඔබට පියවරුන් කී දෙනෙක් සිටිනවාදැයි අසන විට බාබා අසන්නේ මොනවාදැයි ඔබ පටලැවිලි සහිත වෙයි. හැම කෙනෙකුටම ඇත්තේ එක පියෙක් පමණි. පියවරුන් දෙන්නෙක් තුන්දෙනෙක් සිටිය හැක්කේ කෙසේද? පියා මෙසේ විස්තර කරයි ඔබ අසතුටින් සිටින විට පරම පියා වන එම පියා සිහි කරයි. දුකින් සිටින විට ඔවුන් මෙසේ කියයි පරම පියාණනි, පරමාත්මාණනි, අපව දුකින් නිදහස් කර ගන්න! ඒ අනූව පියවරුන් දෙදෙනෙකි. භෞතික පියා සහ ඔවුන් පසසන ආධ්‍යාත්මික පියා. ඔහු මගේ මවත් පියාත් වන අතර අප ඔහුගේ දරුවෝ යනුවෙන් ගයයි. ඔබේ අනුකම්පාව නිසා අපට බොහෝ සතුටුය. භෞතික දෙමාපියන්ගෙන් අපට එතරම් සතුටක් ලැබිය නොහැකියි. මිනිසුන් දුකෙන් සිටින විට ඔවුන් එම පරම පියා සිහිකරයි. එවැනි ප්‍රශ්නයක් ඇසිය හැක්කේ එම පියාට පමණි. භක්ති මාර්ගයේ ඔබ මෙසේ ගැයුවා ඔබ ආ විට අපි ඔබට පමණක් සවන් දෙමු. අන් සියලු දෙනා අපට දුක දුන්නා පමණි. ඔබ පමණි අපට සතුට ලබා දුන්නේ. එමනිසා, පියා පැමිණ ඔබ කී දේ මතක් කර දෙයි. ඔබ දන්නවා බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් යැයි හඳුන්වන්නේ ඔබට පමණි. බ්‍රහ්ම කුමාරීන් කවුදැයි සහ මමා, බාබා කවුදැයි ගල් බුද්ධියක් ඇති අය දන්නේ නැත. ඔවුන් මුණිවරුන් හෝ ශුද්ධවන්තයින් නොවේ. මුණිවරුන්ට සහ ශුද්ධවන්තයින්ට ගුරු යැයි කියන අතර මව පියා යැයි නොකියයි. එම පරම පියා පැමිණ දෙවි දේවතා ධර්මයේ රජ දහන වන ලක‍ෂ්මි නාරායන රජත් රැජිණත් වන රාජ්‍යය සාදයි. මුලින් ඔවුන් පිරිසිඳු වුවද පසුව ඔවුන් අපිරිසිඳු බවට පත් විය. වන්දනාවට සුදුසු අය පසුව උපත් 84 ක් ගනී. පළමුව, ඔබ පියාගෙන් උපත් 21 කට සතුටේ උරුමය ලබයි. කුමාරියක් යනු වංශ පරම්පරා 21 ක් ඉහළ නංවන කෙනෙකි. මේ ඔබ ගැන සිහි කරන ආකාරයයි. ඔබ කුමාරීන් මිස ගෘහස්ථයින් නොවේ. ඔබ වැඩි වර්ධනය වුවත් සියලු දෙන ජීව මරණයට පත් වී දැන් පරම පියාගේ දරුවන් බවට පත් වී ඇත. ඉන්පසු ඔවුන් සැම දෙවි දේවතාවරුන් බවට පත් වේ. මෙය වූ කලී ශිව බාබාගේ යාග ගින්නයි. මෙය හැඳින්වෙන්නේ ස්වාධිපත්‍යය සඳහා වූ යාගයක් ලෙසින්, ස්වාධිපත්‍ය ලබා ගැනීම සඳහාය. ජීවාත්ම සත්තාවන් ඔවුන්ගේ දෙව්ලොව රජ දහන ලබන්නේ පරම පියාගෙනි. ස්වාධිපත්‍ය ලබා ගැනීම සඳහා වූ මෙම යාගයේ දී අශ්ව මේද යාගය යනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ ඔබේ ශරීරය ඇතුළු හැම දෙයක්ම කැප කළ යුතුයි. මේ යාගයෙන් ඔබට රජදහනක් ලැබේ. ඔබ භක්ති මාර්ගයේ දී ගායනා කළ දේ පරම පියා මෙසේ සිහිගන්වයි. බාබා, ඔබ පැමිණි විට මම ඔබට කැපවෙමි! මම ඔබට භාර වෙමි! දැන් ඔබ සැවොම බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් සේ සලකයි. ඔබ ගෙදර පවුල තුළම විසුවත් නෙළුම් මලක් සේ පිරිසිඳුව සිටිය යුතුය. ඔබ ජීවාත්ම සත්තාවන් බවම සලකන්න! අපි බාබාගේ දරුවෝ වම්හ. ඔබ ජීවාත්ම සත්තාවන් ආදරවන්තයින්ය. පරම පියා මෙසේ කියයි මා එකම ආදරවන්තයාය. ඔබ මට අඬගැසුවේ මගේ ආදරවන්තයා කියාය. ඔබ චක්‍ර භාගයකම ආදරවන්තයින්ය. පරම පියා පරමාත්මා ලෙසින් හඳුන්වන අය අශරීරිකය. මේ ශරීරය තුළින් චරිත කොටසක් රඟපාන මෙම ජීවාත්ම සත්තාවද අශරීරිකයි. ඔබට භක්ති මාර්ගයේ දීද කළ යුතු කොටසක් ඇත. භක්තිය වූ කලී රාත්‍රියයි. මිනිසුන් අඳුරේ අතපතගායි. ඔබ ද්වෝපූර් යුගයේ සිටම අතපතගාමින් සිටියා. මේ කාලයේ දී ඔබ විශාල දුකක් අත්වින්ඳා. දැන් කලි යුගයේ අවසානයයි. ඔවුන්ගේ සියලු මිළ මුදල් අළු දූවිලි බවට පත් වේ. දරුවෙක් ඉන්නා කෝටිපතියෙක් හෝ රජෙක් හිතුවත් ඔහුගේ ධනය දරුවන්ට සහ මුණුබුරන්ට දීම සඳහා කියා, පියා මෙසේ කියයි ඔවුන් කිසිවෙක් එයින් අනුභව නොකරයි! මේ ලෝකය විනාශ වෙයි. ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි. බොහෝ බාධක ඇති වෙයි. මිනිසුන් මිනිසුන් ඇණකොටා ගනී. අවසානයේ දී ලේ ගංගාවන් ඇති වන සේ ඔවුන් සටන්වදී. ඔබ කිසිවෙක් හා සටන් කරන්නේ නැත. ඔබ ඔබේ යෝග බලය තබා ගනී. ඔබ ස්මෘතියෙන් සිටියොත් ඔබ ඉදිරියේ සිටින අය ඔබට අහිතකර සිතිවිලි ඇත්නම්, ඔහු බිය වන විදියේ දැක්මක් ඔබ වෙතින් පෙනී ඔහු සැනෙකින් ඉවතට දිව යයි. ඔබ ශිව බාබා සිහි කරන අතරතුරේ ඔහු දිවයයි. බොහෝ ශක්තිමත් දරුවන් ශිව බාබාටම අයිති වන අතර වෙන කිසිවෙකුට අයිති නොවේ. පරමාත්ම පියා මෙසේ විස්තර කරයි ඔබේ අතින් වැඩකටයුතු කරත්දී හදවතින් පියාව සිහි කරන්න. ඔබ ඔබේ ගෙදරද බලාගත යුතුයි. කොහොමනමුත්, ඔබ පරම පියා සිහිකළ විට ඔබේ පව් බර ඉවත් වී යයි. මා සිහිකළ පමණින්, ඔබ තමෝප්‍රධාන් බවේ සිට සතෝප්‍රධාන් බවට පත් වන නමුත් එය සිදු වන්නේ ඔබේ උත්සාහයේ අනුපිළිවෙළටයි. ඉන්පසු, ඔබ සියලු දෙනා ශරීර අත්හල විට බාබා ඔබ ජීවාත්ම සත්තාවන් සැවොම මදුරු රෑනක් සේ ආපසු ගෙනයයි. ලෝකයේ ඉතිරි වන අයට දඬුවම් ලැබෙනු ඇත. ඉතා සුළු දෙනෙක් භාරතයේ ඉතිරි වෙයි. මේ මහා භාරත යුද්ධය ඒ වෙනුවෙනි. මෙහි යග්‍යාව බොහෝ සෙයින් පැතිරෙයි. බොහෝ අය මේවා ප්‍රදර්ශන සහ ප්‍රෙක‍ෂ්පණ තුළින් දකියි. එවැනි අය යටත් වැසියන් සේ දිගටම නිර්මාණය වෙයි. රජ විය හැක්කේ එක්කෙනෙකුට පමණක් වන අතර අන් සියලු දෙන වැසියන්ය. උපදේශකයින්ද වැසියන් ගණයටම වැටේ. බොහෝ වැසියන් සිටී. එක රජෙකුට දළ වශයෙන් ලක‍ෂයක්වත් වැසියන් සිටී. ඒ නිසා, රජ රැජිණ වන අය බොහෝ උත්සාහ දැරිය යුතු වේ. පරම පියා මෙසේ කියයි සෑම දෙයක් ම කරන විට නිරතුරුවම මා පමණක් ම සිහි කරන්න. ආදරවන්තයින් අතර ඇත්තේ භෞතික ආදරයයි. ඔබ දරුවන් මෙකල ආදරවන්තයින්ය. ඔබේ ආදරවන්තයා දැන් පැමිණ උගන්වමින් සිටී. එය දැන් කෙරේ. ඔබ ඉගෙනගත් විට දෙවි දේවතාවන් බවට පත් වේ. ස්මෘතිය මඟින් ඔබේ පාප දැවී යන අතර ඔබ ලෙඩ රෝග වලින් සදාකාලික නිදහස් බව ලබයි. ඔබ උපත් 84 ක චක්‍රයද සිහි කළ යුතුයි. සත් යුගයෙ දී මෙපමණ උපත් ලැබුවා, ත්‍රේත යුගයේ දී මෙපමණ උපත් ගණනක් ලැබුවා ආදී වශයෙන්. දෙවි දේවතා ධර්මයට අයත් අප උපත් 84 ක මුළු චක්‍රය පුරාම ගොස් ඇත. ඉදිරියේ දී ඔබලාගේ ගණන බොහෝ වන අතර දහස් ගණන් මධ්‍යස්ථාන ඇති වේ. ඔබ සෑම වීථියකම මෙසේ විස්තර කරයි ඔබේ පියා සහ උරුමය සිහිකරන්න! ඔබ දැන් ආපසු ගෙදර යා යුතුය. මේ කිලිටි වූ ඇඳුමකි. අසීමිත අරුචිය යනු එයයි. සන්‍යාසීන් අත්හරින්නේ ඔවුන්ගේ සීමිත ගෙවල් සහ පවුල්ය. ඔවුන් හථා යෝගීන්ය. ඔවුන්ට රාජයෝගා ඉගැන්විය නොහැකිය. ඔවුන් කියන්නේ භක්තිය සදාතනිකයි කියාය. පරම පියා මෙසේ කියයි භක්තිය ආරම්භ වන්නේ ද්වෝපුර් යුගයේ දීය. ඔබ පඩි 84 ක් බැස තමෝප්‍රධාන් බවට පත් වී ඇත. ඔබ දේවි දේවතාවුන් ව සිටියා. ක්‍රිස්තියානීන් කියන්නේ ඔවුන් ක්‍රිස්තියානීන් කියාය. ඔබ දන්නවා ඔබ සත් යුගයේ සිටි බව. පියා දේවි දේවතා දහම ස්ථාපනය කරයි. ලක‍ෂ්මි නාරායන් ව සිටි අය දැන් බ්‍රහ්මිණ් වී ඇත. සත් යුගයේ දී සිටියේ එක රජෙක් හා රැජිණක් වන අතර තිබුණේ එක භාෂාවකි. දරුවන්ට මේ ගැන දර්ශන ද ලැබී ඇත. ඔබ සැවොම ආදී සනාතන දේවි දේවතා දහමට අයත්ය. උපත් 84 ක් ගන්නේ ඔබ පමණි. මිනිසුන්, කර්මයේ ඵලය ජීව සත්තාවන්ට බල නොපාන බව හා දෙවියන් සර්ව ව්‍යාපී බව කියුවත් එය සාවද්‍යයි. හෑම මනුෂ්‍යයෙක් තුළම ජිවාත්ම සත්තාවක් තිබෙන අතර පරමාත්ම දෙවියන් හැම කෙනෙකු තුළම සිටින්නේ කෙසේද? එසේ වුවොත්, හැම කෙනෙකුම පියා වෙයි! ඔවුන් එතරම්ම තමෝප්‍රධාන් බවට පත් වී ඇත. කලින් ඔබ, ඇසූ හැම දේම විශ්වාස කළා. දැන් පියා පැමිණ ඔබට සත්‍යය කියා දෙයි. ඔහු ලෝකයේ මුල, මැද, අග තේරුම්ගත හැකි ඥානය නම් වූ තෙවැනි ඇස ඔබට ලබා දෙයි. මෙයට අමරණීයත්වයේ කතාන්තරය යැයි ද කියැවේ. කොහොමනමුත්, සූක‍ෂම කලාපය ආදියේ කතාන්තර ආදිය නැත. ඒ සියල්ල භක්ති මාර්ගයේ අංකුරය. ඔබ අමරණීයත්වයේ කතාන්තරය අසන්නේ අමරණියත්වයට පත්වීම සඳහාය. එහිදී ඔබ එක සිරුරක් අතහැර තව එකක් ගන්නේ ඉතා සතුටිනි. මෙහි කෙනෙක් මැරෙන විට ඔවුන් අඬයි, වැලපෙයි. එහි ලෙඩ රෝග ආදියද නැත. එහිදී, ඔවුන් නිරතුරුවම සදා සුවෙන් මෙන්ම දිගු ආයු කාලයෙන්ද යුක්තය. එහි අපිරිසිඳුතාවයක් නොමැත. දැන් ඉතා ස්ථීරව සහ තදින් තේරුම් ගන්න, ඔබ උපත් 84 ක චක්‍රය සම්පූර්ණ කර ඇති බවත් බාබා ඔබව නැවත කැඳවා ගෙන යාමට පැමිණ සිටින බවත්. ඔහු පාරිශුද්ධියට පත් වීමේ මඟද ඔබට කියා දෙයි. ඔහු මෙසේ කියයි ඔබ පියා වන මා සිහි කර ඔබේ උරුමය ද සිහිකරන්න. සත් යුගයේ දී, ඔබ දිව්‍ය කලා 16 කින් සම්පූර්ණ වන අතර ඉන්පසු කලා බැස යයි. දැන්, ඔබ තුළ කිසිඳු කලාවක් නැත. පපරමාත්ම පියා පමණක් ඔබව දුකින් නිදහස් කරගෙන සතුට වෙත ගෙනයයි. මේ නිසයි ඔහුට කියන්නේ, විමුක්ති දායකයා කියා. ඔහු හැම කෙනෙක්ම නැවත ඔහු හා ගෙදර රැගෙන යයි. ඔබේ ගුරුන් ඔවුන් සමඟ ඔබව ආපසු ගෙන නොයයි. ගුරු කෙනෙක් මළ විට, ඔහුගේ ගෝලයෙක් අසුනේ වාඩි වෙයි. එවිට බොහෝ රණ්ඩු සරුවල් ද ඇති වේ. ඔවුන් අසුනට සටන් කරයි. පරම පියා මෙසේ කියයි මා ඔබ ජීවාත්ම සත්තාවන් මා සමඟම නැවත ගෙන යයි. ඔබ පරිපූර්ණත්වයට පත් නොවුණොත් දඬුවමට ලක් වී ඔබේ තත්ත්වය නැති වී යයි. රජදහන ස්ථාපනය වන්නේ මෙහිදීමය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ ඉදිරියට නරක සිතිවිලි වලින් එන ඕනෑම කෙනෙක් පරිවර්තනය කළ හැකි ස්මෘතියක් පුරුදු පුහුණු කරන්න. එකම ශිව බාබාට හැර වෙන කිසිවෙකුට අයත් නොවන උත්සාහය පවත්වාගන්න.

2. ස්වාධිපත්‍යයට පත් වීම සඳහා, ඔබට ඇති සියලු දේ ශරීරයත් ඇතුළුව කැප කරන්න. ශරීරයත් ඇතුළුව සියල්ල මෙම යාග ගින්නට කැප කළ විට, ඔබට රාජකීය තත්ත්වය ලැබේ.

වරදානය:
ඔබ සියලු ලැබීම්වල ප්‍රතිරූපයක් වී, දැනුමැති ජීවාත්මයක් ලෙසින්, ඥාන සාගරයේ සහ ඥාන මිණි මුතුවල තමන්ව මුසු කරගන්න.

දැනුමැති ජීවාත්ම, සෑම විටම ඥාන සාගරයේ සහ ඥාන මිණි මුතු තුළ ගිලී සිටියි. සියලු ලැබීම්වල ප්‍රතිමූර්ති වීම නිසා, ඔබට ඉබේටම ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් වීමේ ස්ථීතිය තිබෙයි. සුළු වශයෙන් හෝ තම ස්වභාවය සහ සංස්කාර මත යැපී සිටින්නන්, නම, ගෞරවය සහ ගරු බුහුමන් ඉල්ලා සිටියි. කුමක්ද? සහ ඇයි? යන ප්‍රශ්න අසන අය, තවද අයදිමින් සිටින අය, ඇතුලතින් එක ස්වරූපයකුත් පිටතින් වෙනත් එකක්ද තිබෙන අය, දැනුමැති ජීවාත්ම ලෙස හැඳින්විය නොහැක.

පාඨය:
පහසු යෝගීවරු වන්නේ, තම ජීවිතයේ අතීන්ද්‍රීය ප්‍රීතිය සහ ආනන්දය අත්විඳින අය පමණයි.