18.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඥාන සාගරය හොඳින් කලතා දේශන දිය හැකි මාතෘකා සොයා ගන්න. දේශන වල මාතෘකා සෑම තැනකටම එකම විය යුතුයි. මෙය ඔබ එකිනෙකා අතර එකමුතුව වර්ධනය කර ගැනීම සඳහා පදනම වනු ඇත.

ප්‍රශ්නය:
ගෞරවයෙන් සමත් වීම සඳහා ඔය දරුවන් විසින් යෙදිය යුතු උත්සාහය කුමක් ද ?

පිළිතුර:
සියලුම කර්ම බන්ධන වලින් ඉවත්ව යාමේ උත්සාහය ඔබ විසින් දැරිය යුතුයි. කෙනෙක්ට කතා කරනා විටත් ඒ පුද්ගලයා ඔබගේ සහෝදර ජීවයක් කියා සලකන්න: සහෝදරයා දෙස බලන්න. පරම පියාට ඇහුම් කන් දෙන විට නළල මධ්‍යයේ සිටිනා පරම පියා දෙස බලන්න. සෑම කෙනෙක් කෙරෙහිම මෙම සහෝදරාත්මක බැල්ම පවත්වා ගැනීම තුළිත් සහෝදරත්වයේ සෙනෙහස හා සම්බන්ධතාවය ප්‍රබල වනු ඇත. මෙයට උත්සාහයක් අවශ්‍යයි. නමුත් ගෞරවයෙන් සමත් වීම සඳහා ඔබව මෙහෙය වන්නේ මෙම උත්සාහයයි. උසස් තත්ත්වයක් දිනා ගැනීමට සිටිනා දරුවන් අනිවාර්යෙන්ම මෙම උත්සාහය දරාවි.

ඕම් ශාන්ති.
ආදරණීයම දරුවනි. මෙය මරණීය ලෝකය බවත් මෙයට ප්‍රතිවිරුද්ධව අමරණීය දේශය ඇති බවත් ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. භක්ති මාර්ගයේ දී ශංකර් පාර්වතීට අමරණීයත්වයේ කතාව කියූ බව සඳහන් වී තිබෙනවා. ඔබ දැන් එම අමරණීය දේශයට යමින් සිටිනවා. මෙම කතාව කියන්නේ ශංකර් නොවෙයි. ඥාන සාගරය වන පරමාත්ම පියා තමයි එම කතාව ඔබට කියන්නේ. ඔබට මෙවන් කතාන්දර කියා දීමට ශංකර් ඥාන සාගරය වන්නේ නැහැ. මාරයා දමනය කළ හැක්කේ කෙසේද කියා ඔය දරුවන් දැන් පැහැදිලි කර කියා දිය යුතුයි. ඔබව අමරණීය හා සදාතනික කරවා ඔබගේ ආයු කාලයත් දීර්ඝ කරවන්නේ මෙම ඥානයයි. එහි මරණයක් නැහැ. මෙහිදී පාප පහම දමනය කිරීමෙන් රාවන් දමනය කිරීමෙන් තමයි ඔබලාට රාමාගේ රාජ්‍යයේ අමරණීය දේශයේ පාලකවරුන් බවට පත් විය හැක්කේ. රාවන්ගේ රාජ්‍යය මරණීය දේශය වන අතර රාමාගේ රාජ්‍යය අමරණීය දේශය වෙනවා. දේවතාවරුන් ලඟට කවදාවත් මාරයාට ආ නොහැකියි. එහි මාර යක්ෂයින් නැහැ. මිනිසුන්ට මාරයා දමනය කළ හැක්කේ කෙසේද යන මාතෘකාව ඉතාමත් හොඳයි. මේ සියළුම කරුණු ඥානයයි. භාරතය මිනිසුන් දීර්ඝ ආයු කාලයක් වැළදු අමරණීය දේශයයි. හැව අරිනා සර්පයා අදාල වන්නේ ස්වර්ණමය යුගයටයි; තම හම අතහැර එම සතා ස්වභාවිකවම තවත් එකක් ගන්නවා. අසීමිත නිරාශාව යනු මෙයයි. මුළු ලෝකයම විනාශ වීමට යන බව ඔබ දන්නවා. ඔබට ඔබගේ පැරණී ශරීර අතහැර දමා යාමට සිදු වනබව ඔබලා දන්නවා. ඔබගේ වත්මත් පැරණි හම තමයි උපත් 84ම අවසාන එක. අමරණීය දේශයේ දී මෙවන් දෙයක් සිදු වන්නේ නැහැ. එහිදී. තම මහළු ශරීර අඩපන වී ගෙන යන විට තමන් දැන් මෙය අත්හැර අළුත් එකක් ගත යුතු බව ඔවුන්ගේ සිහියේ තිබෙනවා. ඔබට දර්ශනයකුත් ලැබෙනවා. අවබෝධයත් ප්‍රඥාව වෙනවා. ඔබගේ අළුත් සම දැන් සූදානම්. දැන් ඔබ පැරණි ඒවා අතහැර දමා යා යුතුයි. එහිදී එය සිදු වන්නේ එසේයි. එය මරණයක් නොමැති අමරණීය දේශය කියා හඳුන්වනවා. නිවැරදිම මොහොතේ දී ඔබ තම ශරීර අතහැර යාවි. ඉබ්බාගේ කතාවත් අදාල මෙහාටයි; තම කාර්යයන් කර ගෙන එම සතා ඇතුලතට රිංඟා යනවා. භක්ති මාර්ගයේ අය එම ආදර්ශය ගෙන තිබුණත් ඒ නාමිකව පමණයි : ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. රක්ෂාබන්ධන්, දපේරා හා හෝලි වැනි භක්ති මාර්ගයේ සමරනා සෑම උත්සවයක්මත් මෙම කාලයට අදාල ඒවා බව ඔබලාට තේරෙනවා. මේ දේවල් ස්වර්ණමය යුගයේ නැහැ. මිනිසුන්ට මාරයා දමනය කළ හැක්කේ කෙසේද, මරණීය දේශය අතහැර අමරණීය දේශයට යන්නේ කෙසේද වැනි කරුණු පිළිබඳ දේශන මාතෘකා සූදානම් කරගන්න. පැහැ‍දිලි කිරීමට පෙර මේ සියල්ල ලියා සටහන් කර ගත යුතුයි: නාටකයක කතාන්දරය ලියා ගෙන : අද මෙන්න මේ කතාව දිග හැරෙනවා කියා කියනවාක් සේ ඒ සියල්ල ලියා සටහන් කර ගත යුතුයි. කරුණු ලැයිස්තුවක් ඔබ ලඟ තිබිය යුතුයි: අද අපි මෙම මාතෘකාව යටතේ ඔබට කරුණු පහදා දෙන්නම්: රාවන්ගේ රාජ්‍යය අතහැර දමා දේවතා රාජ්‍යයට ඔබට යා ගත හැක්කේ කෙසේද ? පැහැදිලි කිරීම එකමයි. නමුත් විවිධ තේමා වලට ඇහුම් කන් දෙන විට අසීමිත පියාගෙන් අසීමිත උරුමයක් දිනාගෙන මහා විශාල සතුටක් අත් විඳිය හැක්කේ කෙසේද කියා ඔවුනට තේරුම් යාවි. සන්යාසීවරුන් 125 වන යාගය සමරණා බව පුවත් පත් වල සඳහන් වී තිබුණා. එතැනින්ම පහළින් සාකච්ජා කිරීමට කරුණුත් ලැයිස්තුගත කර තිබුණා. මෙහි පරම පියා කියනවා : මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම දවා හළු කර දමනා මෙම යාගය මා නිර්මාණය කරන්නේ එකම එක වතාවයි. යාග හෝම ගණනාවක් හා පෙරහැරවල් ගණනාවක් තිබෙනවා. රුද්‍ර ශිව බාබා මෙම එකම එක යාගය නිර්මාණය කර මුළු ලෝකයම එයට බිල්ලට දීමට සිටිනා බව ඔබලාට වැටහෙනවා. නව ලෝකය ස්ථාපනය වන අතර ඔබලා දේවතාවරුන් වෙනවා. පරම පියා මේ සියල්ල ඔබට පහදා දෙනවා. නිර්මාණකරු වන පරම පියා මෙහි පැමිණ තමා පිළිබඳ ඥානයත් නිර්මාණයේ මුල. මැද හා අග පිළිබඳ වූ ඥානයත් ලබා දෙනවා. ඔහු ඔබට රාජයෝගාවත් උගන්වනවා. ස්වර්ණමය යුගයේ පාරිශුද්ධ දේවතාවරුන් සිටිනවා. ඔවුනුත් රාජ්‍යය පාලනය කරනවා. එය හඳුන්වන්නේ ආදි සතාතන දේවි දේවතා ධර්මය කියලයි. මෙම මාතෘකාවත් තබා ගත හැකියි : ස්වර්ණමය යුගයේ ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය වන්නේ කෙසේද, මුළු ලෝකය පුරාම සාමය නිර්මාණය වන්නේ කෙසේද. පැමිණ මේවා තේරුම් ගන්න. පරමාත්ම ජීවය, පරම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ලෝකය පුරා සාමය ස්ථාපනය කළ හැක්කේ කෙසේද කියා ඔබට කියා දෙන්න බැහැ. ත්‍යාග දෙන්නේ අදහස් දෙන අයට සාමය ස්ථාපන කරවීමේ ත්‍යාගය දිය හැක්කේ කාටද එය කළ හැක්කේ කෙසේද කියන මාතෘකාවත් හොඳයි. ඥාන සාගරය කලතා විවිධ මාතෘකා නිර්මාණය කර ගන්න. සෑම තැනකම එකම මාතෘකාව ගත හැකි ආකාරයට සියල්ල සැලසුම් කර ගන්න. පසුව ඔබ එකිනෙකා අතර හුවමාරුකම් ඇති කර ගත හැකියි. ලැයිස්තුවක් සාදා ඒ ගැන සෑම කෙනෙකුටම කල් තබාම දැනුම් දෙන්න. එම තොරතුරු පසුව දිල්ලියට යැවිය යුතුයි. එවිට සෑම තැනකම එකම දේශනය දීමට නියමිතව ඇති බව සෑම කෙනෙක්ම දැන ගනීවි. එකමුතුව කියන්නේ මෙයයි. මුළු ලෝකය පුරාම ඇත්තේ අසමඟියයි. නමුත් රාම රාජ්‍යය ගැන කියනා විට කියන්නේ සිංහයාත් එළදෙනත් එකම පොකුණකින් එකටම වතුර බොනවා කියායි. රිදී යුගයට එවන් කතාන්දරයක්ද තිබෙනවා නම්, ස්වර්ණමය යුගය කොයි වගේ විය හැකි ද ? ග්‍රන්ථ වල විවිධාකාර වූ කතාන්දර රැසක් ලියා තිබෙනවා. ඔබ දැන් ඇහුම් කන් දෙන්නේ පරම පියා විසින් ඔබට කියා දෙන එකම එක කතාන්දරයටයි. ඔවුන් ලෝකයේ නානාප්‍රකාර කතාන්දර රැසක්ම නිර්මාණය කරනවා. තඹ යුගයේ ආරම්භයේ පටන් කලි යුගයේ අවසානය දක්වාම නිර්මාණය වන කිසිම ග්‍රන්ථයක් එහිදී බිහි වන්නේ නැහැ. භක්ති මාර්ගයේ සියල්ලම අවසන්ව යනවා. මෙහිදී ඔබ දකිනා සෑම දෙයක්ම නරක දේයි. එමනිසා දැක්කත් බලන්න එපා. ඇහුණත් අහන්න එපා. පරම පියා විසින් ඔබට උගන්වන දේ පමණක් තම සිහියේ තබා ගෙන සිටින්න. සංගම යුගයේ අප බ්‍රහ්මින්වරුන් ඉතාමත් උසස් අයයි. අප දේවතාවරුන්ටත් වඩා උසස් අයයි. මේ කාලයේ දී අප පරමාත්මයේ දරුවන්වී සිටින්නෙමු. අපගේ ගණන ටිකෙන් ටික වර්ධනය වෙමින් යනවා. එවන් සහජ කරුණක්වත් කිසිම කෙනෙකුගේ සිහියට ඇතුළු වන්නේ නැහැ. ඔබලා පරමාත්මයේ දරුවනුයි. එමනිසා ඔබලා අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකයේ පාලකවරුන් විය යුතුයි. මන්ද එම දිව්‍ය ලෝකය නිර්මාණය කරන්නේ පරම පියායි. කල්පයේ කාල පරාසය අවුරුදු සිය දහස් ගණනක් කියා සඳහන්ව ඇති නිසා ඔවුන්ට කිසිම දෙයක් මතක තබා ගත නොහැකි වෙලා. පරම පියා පැමිණ ඔබට මේවා සිහිපත් කර දෙනවා. මෙය වසර 5000ක කතාවක්. ඔබලා සිටියේ දේවතාවරුන් ලෙසයි. ඔහු දැන් නැවතත් වතාවක් ඔබව ඒ තත්ත්වයට පත් කරවනවා. තමන්ම පැමිණ ඇහූම් කන් දීමෙන් ඔබ විශාල සතුටක් ලබා නැවුම් වෙනවා. පරම පියාගෙන් උරුමය දිනා ගත යුතුයි යන්න සිහියේ තබා ගෙන සිටින්නේ ප්‍රඥාවන්ත බුද්ධිමත් දරුවන් පමණයි. පරම පියා අනිවාර්යෙන්ම නව ලෝකය නිර්මාණය කරනවා අපි අනිවාර්යෙන්ම එම නව ලෝකයේ සිටිය යුතුයි. සෑම කෙනෙක්ම එකම එක පියාගේ දරුවනුයි. සෑම කෙනෙකුගේම ආගම එකිනෙකට වෙනස් වෙනවා සේම සෑම කෙනෙකුගේම වාසස්ථානයත් එකිනෙකට වෙනස් වෙනවා. සෑම කෙනෙක්ම පැමිණ වෙනස්ම විදියකට යන්න යනවා. සෑම කෙනෙක්ම පරමදාමයට ගොස් සිටින්නේ කෙසේද යන්නත් සිහියේ තිබෙනවා. පරම දාමයේ පරම්පරා ගස තිබෙනවා. ඒ පරම්පරා ගස සූක්ෂම ලෝකයේ දී දැක ගන්න බැහැ. සූක්ෂම කලාපයේ දී දැකිය හැකි දේවල් දර්ශන පමණයි. ඒ සියල්ල නාටකයේ තීරණය වී ඇති දේවල්ය. සූක්ෂම කලාපයට ගිය විට ඔබ ඒ සියල්ල දකින්නේ නිහඬ ජවනිකා ලෙසිනුයි. මුල් කාලයේ දී නිර්මාණය කළ චිත්‍රපට නිහඬ චිත්‍රපටයි. පසුව හඬ කවන්න පටන් ගත්තා. නිහඬ නාටකයක් හදන්න බැහැ. නිහඬතාවයේ තමත් සිටියේ කෙසේද කියා ඔය දරුවන්ට තේරෙනවා. එහි ජීවයන්ගේ පරම්පරා ගසක් තිබෙන්නාක් සේ මෙහිත් මානව ජීවයන්ගේ ගසක් තිබෙනවා. මේ සියල්ල ඔබගේ සිහියේ තබා ගෙන ඒවා ගැන දේශන දෙන්න. මේ සියල්ල ඉගෙන ගැනීමට කාලයක් ගත වෙනවා. සියල්ලම තේරුම් ගන්නත්, සියල්ල හොඳින් ධාරණය කරගෙන සතුටින් ඉඳීමට අවශ්‍ය කරනා සිහි කිරීමේ වන්දනාව කෝ ? හරිම යෝගාවක සිටිය හැක්කේ කෙසේද කියා ඔබ දැන් ඉගෙන ගන්නවා. සෑම කෙනෙකුටම තම සහෝදරයෙකුට සේ ගරු කළ යුතු බව ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. නළල් තලය ජීවයේ සිහසුනයි. භාග්‍ය රථය ගැන කියන්නේ මේ නිසායි. මේ දේවල් අන් අයට පැහැදිලි කළ විට තමන් පැහැදිලි කරන්නේ තම සහෝදරයාට බව සිහියේ තබා ගන්න. මෙම දැක්ම ඇති කර ගැනීමට සෑහෙන වෙහෙසක් දැරිය යුතුයි. ඉහළ තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ මෙම උත්සාහය දැරිමෙනුයි. පරම පියාත් ඔබව මේ ආකාරයෙන් දකිනවා. පරම පියාගේ බැල්මත් යොමු වී ඇත්තේ නළල මධ්‍යයටයි. ජීවයක් ඉතාමත් කුඩා තිතකි. ඇහුම් කන් දෙන්නේ ජීවයයි. ඔබ පරම පියා දෙස බලන්නේත් නළල මධ්‍යයෙනුයි. බාබා මෙතන සිටිනවා. සහෝදරයා (බ්‍රහ්මාගේ ජීවය)ත් මෙතන සිටිනවා. එවන් කරුණු තම සිහියේ තබා ගෙන සිටීමෙන් ඥාන සාගරයේ දරුවන් වන ඔය දරුවනුත් ඥාන සාගර වෙනවා. ඔබලාට මෙය ඉතාමත් පහසුයි. තම පවුලේ අයත් සමඟ නිවෙස් වල වෙසෙනා අයට මෙවන් තත්ත්වයක් පවත්වා ගෙන සිටීම මදක් අපහසුයි. ඇහුම් කන් දී ඔවුන් ආපසු නිවෙස් බලා යනවා. ඒ නිවෙස් වල වාතාවරණය එකිනෙකට වෙනස්. මෙහිදී මෙය ඉතාමත් පහසුයි. බාබා ඔබට ඉතාමත් පහසු ක්‍රමයක් පෙන්වා දෙනවා: තමා ජීවයක් බව සලකා පරම පියාව සිහි කරන්න. අන් අයත් තම සහෝදරයින් ලෙස සලකන්න. මෙම සහෝදරාත්මක බැල්මෙන් තමයි ඔබට කර්ම බන්ධන සියල්ල ගෙවා අවසන් කර දැමිය හැකි වන්නේ ශරීරය අමතක කර ඔබට පරම පියාවම පමණක් සිහි කළ හැකි වේවි. නොනවත්වාම මෙම උත්සාහය දැරුවහොත් ඔබට ගෞරවයෙන් සමත් විය හැකි වේ. කෙසේවෙතත්. මෙම තත්ත්වය පවත්වාගෙන සිටිය හැක්කේ ඉතාමත් සුළු පිරිසකටයි. ලෝක පාලකවරුන් බවට පත් වන්නේත් ඔවුන් පමණයි. අෂ්ඨ මාලාවක් තිබෙනවා. ඔබ උත්සාහ දැරිය යුතුයි. උසස් තත්ත්වයක් දිනා ගැනීමට සිටිනා අය කුමනාකාරයේ දෙයක් සිදු වුවත් අනිවාර්යෙන්ම මෙම උත්සාහය දරාවි. වෙනත් දේ වලට යාමට අවශ්‍ය නැහැ. සහෝදරාත්ම බැල්මෙන් සෙනෙහස හා සම්බන්ධතාවය ගොඩනැඟෙනා අතර එම සහෝදරාත්මක බැල්ම පසුව ස්ථාවර වේවි. එමනිසා, පරම පියා කියනවා : මම ඔබට ගැඹුරු කරුණු රාශියක් පහදා දෙනවා. ඒ සියල්ල ක්‍රියාවට නැංවීමට උත්සාහයක් දැරිය යුතු වෙනවා. මෙහි සිටිනා අතර තමත් ජීව බව සලකන්න. ඇහුම් කත් දෙන්නේ ජීවයයි. ඔබ බලන්නේ ඇහුම් කන් දෙන ජීවයක් දෙසයි. ජීව තමන් විසින් කරනා ක්‍රියා වල ඵලය ලබන්නේ නැහැයි කියා මිනිසුන් මීට පෙර කිය කියා සිටියා. ශරීරය ඇහුම් කන් දෙනවා ද ? එය වැරදියි. පරම පියා ඔබට එවන් ගැඹුරු කරුණු කියා දෙනවා. උත්සාහ දැරිය යුත්තේ ඔය දරුවනුයි. මීට පෙර කල්පයේ කුමන හෝ තත්ත්වයකට පත් වුණු අය නැවතත් උත්සාහ දරාවි. ඔවුන් තම අත්දැකීමුත් ප්‍රකාශ කරාවි : මම මේ ආකාරයෙන් කතා බහ කර. මෙම පුරුද්ද ඇති කර ගත්තා. මන්මනාභව් කියා කිව්වේ ජීවයන්ටයි. ඔබ සෑම කෙනෙක්ටම මන්මනාභව ගැන. පරම පියාව සිහි කරන්න කියා තිබෙනවා. මෙම උත්සාහය අදෘශ්‍යමානයි. ශිෂ්‍යයින් ගසක් යටට කිරීමට වාඩි වෙනවා. නමුත් එය භෞතික දෙයක්. මේ සියල්ල ඔබ විසින් දැන් පුහුණු කිරීමෙන් දවසින් දවස ඒ පුරුද්ද වර්ධනය වේවි. ඔබ අළුත් දේ වලට ඇහුම් කන් දෙනවා. ඔබ දැන් අහනා දෙය අළුත් අයත් පැමිණ ඇහුම්කන් දේවි. ඔබ ප්‍රමාද වෙලා පැමිණීලා කියා ඇතැම් අය කියනවා. කොහොම නමුත්, පළමු ගණයේ ගැඹුරුම. සියුම් දේට ඔබ ඇහුම් කන් දෙනවා. ඒක හොඳයි. අවසානය දක්වාම මායා ඔබව අතහරින්නේ නැහැ. ජය ලබනා තෙක්ම ඔබගේ සටන මායාත් සමඟ නොනවත්වාම පවතීවි. පසුව ඔබ එක පාරටම වෙන් වේවි. කොයි තරම් දුරක සිහි කිරීමක් තමන්ට තිබෙනවා ද ඒ තරමට තමත් පරම පියා ලඟට යමින් සිටිනා බවත් ශරීරය අතහැර දමා යන බවත් ඔබට තේරුම් ගත හැකි වේවි. බ්‍රහ්ම ලෝකයට යන අය ශරීරය අතහැරිය විට මුළු වාතාවරණය පුරාම මහා නිහැඩියාකමක් පැතිරෙන බව බාබා දැක තිබෙනවා. ඒ වුණත් කිසිම කෙනෙකුට සදාතනික මෝක්ෂයක් ලබා ගැනීමට බැහැ. දැන්ම කිසිම කෙනෙකුට නිවස බලා යන්නත් බැහැ. මෙම නාටකයට සියළුම නළුවන් අවශ්‍යයි. ඒ සෑම කෙනෙක්ම අවසානයේදී පහළට පැමිණිය යුතුයි. එකම එක ජීවයක්වත් ඉහළ නොමැති විටෙක සෑම කෙනෙක්ම ආපසු නිවහන බලා යා යුතුයි. මිනිසුන් කෙතරම් සිටිනවා ද ඒ සියළු දෙනාටම නිවහන බලා යාමට සිදු වේවි: මෙහි සිටින්නේ ඉතාමත් ටික දෙනයි. අපි සෑම කෙනෙක්වම මුණ ගැසෙමු කියා කියනවා. මේ කාලයේ දී ස්වර්ණමය යුගය ස්ථාපනය වෙමින් පවතිනවා. බිලියන ගණනින් මිනිසුන් විශාල පිරිසක් සිටිනවා. ඒ සියළු දෙනා බැහැදැක ගිහින් අපි අපේ රාජ්‍යයට යමු. අනිත් අය ජීව 40ක් 50ක් දැක බලා ගනීවි. නමුත් ඔබ කී දෙනෙක්ව දැක ගත්ත ද ? සියළුම ජීව මදුරු රෑනක් සේ සාම දේශයට පියාඹා යයි. මා පැමිණ සිටින්නේ ඔබවත් අන් අයවත් නිවහන බලා ගෙන යාමටයි. පසුව මා ඔබව රාජ්‍යය වෙතට යවන්නම්. මේවා අරුම පුදුම කරුණුයි. බිලියන ගණන් ජීව සන්තාවන් නිවස බලා යාවි. ඔබ ඒ සියල්ල බැහැදකීවි. සෑම කෙනෙක්ම පරමදාම නිවහන වෙතට ආපසු යාවි. ඔබගේ සිහිය මේ කරුණු සියල්ල කෙරෙහි ක්‍රියාත්මක විය යුතුයි. ගස නැවතත් වතාවක් හිමින් සැරේ වැඩෙන්න පටන් ගනීවි. රුන්ඩ මාලාව රාද්‍ර මාලාව වේවි. රුද්‍ර (ශිව්) මාලාව රුන්ඩ (විශ්ණු) මාලාව වන්නේ කෙසේදැයි කියා ඔබගේ සිහියේ තිබෙනවා. ඔබ අතරිනුත් මෙවන් ගැඹුරු හා සියුම් කරුණු අවබෝධ කර ගත හැක්කේ පුළුල් හා සියුම් බුද්ධියක් ඇති අයට පමණයි. පරම පියා විවිධ ක්‍රම වලින් ඔබට උගන්වනා නිසා ඔබලාට ඒවා මතක තබා ගත හැකියි. රුද්‍ර මාලාවෙන් ඔබ රුන්ඩ මාලාවට යනවා; පසුව ක්‍රම ක්‍රමයෙන් පහළ බසීවි. රුද්‍ර මාලාව ඉතාමත් විශාලයි. වෙන කිසිම කෙනෙක් මෙම දැනුම තේරුම් ගන්නේ නැහැ. මුල පටන්ම වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය දැන ගත හැකිව තිබුණේ නැහැ. සංගම යුගයේ ඔය බ්‍රහ්මින්වරුන්ට පමණයි මේවා තේරුම් ගත හැක්කේ. සංගම යුගය සිහි කරන්න මුළු ඥානයම ඔබගේ සිහියට ඒවි. ඔබ සැමට මඟ පෙන්වනා ප්‍රදීපාගාරයන්ය. ඔබ එවන් හොඳ ආලෝක කුළුණු වෙනවා. ඔබට අදාල නොවනා කිසිම කරුණක් නැහැ. ඔබලා ශල්‍ය වෛද්‍යවරුන් උකස් කරුවන් හා රෙදි අපුල්ලන්නන්ය. මේ සියළුම විශේෂත්වයන් ඔබ තුළ තිබෙනවා. ඔබ දරණා උත්සාහයේ තරමට ඔබව අගය කිරීමට ලක් වේවි. ඔබට ලැබෙනා අගය කිරීම ඔබ කරනා කාර්යයේ හැටියටයි. පරම පියා ඔබට උපදෙස් දෙනවා. ඔබලා ඒ ගැන සිතා බැලිය යුතුයි. සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම ඔය දරුවන්ගේ රාජකාරියයි. ඔබ විසින් කරනා කිසිම දෙයක් බාබා නතර කරවන්නේ නැහැ. අච්චා. මෙතරම් කරුණු පැහැදිලි කිරීමකින් ඇති යහපත කුමක්ද ? පරම පියා කියනවා : මන්මනාභව. බාබා ඔබට කවන්නේ එතරම් පෝෂ්‍යදායි ආහාරයි. අච්චා.

සුමිහිරි ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සංගම යුගයේ අප බ්‍රහ්මින්වරුන් දේවතාවරුන්ටත් වඩා උසස් අයයි යන කුල්මත් බව නිතරම සිහියේ රඳවා ගන්න. අපි පරමාත්මයේ දරුවනුයි: මාස්ටර් ඥාන සාගරයි. අප මේ සියලුම විශේෂතාවන් අප දිවියට උකහා ගන්නේ මෙන්න මේ කාලයේදීයි.

2. පරම පියා විසින් පැහැදිලි කරනා දේ පමණක් තම සිහියේ තබා ගන්න. කුමන හෝ දෙයක් කණ වැකුණත් එය අසන්න එපා. කිසිම දෙයක් දැක්කත් බලන්න එපා. නරක දේ අහන්න එපා. නරක දේ දකින්න එපා.

වරදානය:
ඔබ සියලු අයිතීන් ඇති, දේවමය සේවය කර එහි නොයෙක් ඵල ලබන ජීවාත්මයක් වේවා.

සේවය කරන්න, එහි ඵල අනුභව කරන්න කියා කියමනක් ඇත. දේව දැනුම ලබා දීම දේව සේවයක් වන අතර මෙම සේවය කරන අයට අතීන්දීය ප්‍රීතිය, බලය සහ සතුට යන විවිධ ඵල ලැබේ. මේ සඳහා අයිතියක් ඇත්තේ බ්‍රහ්මීන්වරුන් වන ඔබට පමණක් වන අතර මන්ද යත් ඔබේ යුතුකම වන්නේ දෙවියන්ට අයිති විය හැකි මෙම දේව අධ්‍යයනය අන් අයට ද එය ඉගැන්වීමයි. එවැනි දේවමය සේවයක් කිරීමෙන්, ඔබ දේව ඵල සඳහා අයිතියක් ඉල්ලා සිටියි; මේ කුල්මත් බව රැක ගන්න.

පාඨය:
පරමාත්ම පියා සමඟ රැඳී සිටින අතරතුර සෑම දෙයක්ම කරන විට ඔබ ද්විත්ව ආලෝකයක් ලෙස පවතිනු ඇත.