18.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් වේ. ඔබ ආරෝග්‍ය ශාලාවක් මෙන්ම විශ්ව විද්‍යාලයක් ද විවෘත කොට බොහෝ දෙනාට ප්‍රයෝජනයක් ඇති කළ යුතු වේ.

ප්‍රශ්නය:
පරම පියා පැමිණ ධර්මයක් ස්ථාපනය කළා, නමුත්, අනෙක් ආගම් නායකයින්ද පැමිණ ධර්මයක් ස්ථාපනය කළා. ඒ දෙකෙහි ඇති වෙනස කුමක්ද?

පිළිතුර:
පරම පියා ධර්මයක් ස්ථාපනය කොට මෙතැනින් ඉවත්ව යනවා. එහෙත් ඒ ආගම් නායකයන් නැවත යන්නේ තමාට තිළිණයකුත් ලැබ ගෙනයි. පරම පියා, තමාටම කියා තිළිණයක් නිර්මාණය කර ගන්නේ නැහැ. පියා තමාටම කියා තිළිණයක් නිර්මාණය කර ගතහොත්, ඔහුටත් උත්සාහ දැරීමට දිරිගැන්වීම සඳහා කෙනෙක් සිටිය යුතුයි. පරම පියා කියනවා: මට රාජ්‍යයක් පාලනය කිරීමට අවශ්‍ය නැහැ. මා දරුවන් වන ඔබ වෙනුවෙන් පළවන පන්තියේ තිළිණයක් නිර්මාණය කරනවා.

ගීතය:
ඔහෝ රාත්‍රී සංචාරකය, වෙහෙසට පත් නොවන්න! අරුණෝදයේ තෝතැන්න තවත් ඈතක නොවේ...

ඕම් ශාන්ති.
ඇත්තටම මේ ගීතය හරියට ඔය දරුවන් විසින් ප්‍රබන්ධ කළාක් වැනියි. වෙන කිසිම කෙනෙක් මෙම ගීතයෙහි අර්ථය දන්නේ නැහැ. මේ අවිදු අන්ධකාරය දැන් අවසන් වීමට තිබෙනා බව දරුවන් වන ඔබ දන්නවා. එය අඳුරු වූයේ කෙමෙන් කෙමෙන්. දැන්, මේ තිබෙන්නේ දැඩි අන්ධකාරය කියා ඔබට කියන්න පුළුවන්. ඔබ දැන් ඒ ආලෝකය වෙත, එනම්, සාමයේ දේශය, ඔබ දෙමාපියන්ගේ නිවහන වෙත යාම සඳහා සංචාරකයන් බවට පත්ව සිටිනවා. එය නිර්මල වූ මහ ගෙදර වන අතර, මෙය අපිරිසිදු වූ මහ ගෙදරයි. ඔබ මේ ප්‍රජාපිතා බ්‍රහ්මා තුළ සිටින්නා වූ ආදරවන්තයා, පරම පියා හට කන්නලව් කරනවා. ඔහු ඔබව පාරිශුද්ධත්වයට පත්කොට ඔබව ඔහුගේ නිවහන වෙත ගෙන යනවා. ඒ ඒකායන තැනැත්තා පියා වන අතර, මොහුත් පියාය. ඒ ඒකායන තැනැත්තා අශාරීරිකයි, මොහු ශාරීරිකයි. ඒ අසීමිත වූ පියා හැර වෙන කිසිම කෙනෙක්ට ඔබව ‛දරුවනි කියා අමතන්න බැහැ. මෙසේ කියන්නේ පරම පියා පමණයි. මන්ද, ඔහු දරුවන් වන ඔබව ඔහුත් සමග නිවස වෙත ගෙන යා යුතු වන නිසයි. ඔහු ඔබව පාරිශුද්ධත්වයට පත්කොට ඔබට ඥානය ලබා දුන්නා. තමා අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතු බව දරුවන්ට වැටහෙනවා. ඔබ පරම පියාවත්, මේ මුළු ලෝක චක්‍රයත් සිහිපත් කළ යුතුයි. මෙම ඥානය මාර්ගයෙන් ඔබ සදා සෞඛ්‍යමත් බවට පත් වනවා. සමහරු කියනවා: මට කළ හැකි කුමන හෝ සේවයක් තිබෙනවා නම් කියන්න. සේවය වන්නේ, අඩි තුනක පමණ භූමි ප්‍රමාණයක් ලබා දී එහි ආධ්‍යාත්මික පාසලක් හා ආරෝග්‍ය ශාලාවක් එනම්, මධ්‍යස්ථානයක් විවෘත කිරීමයි. එවිට එම පුද්ගලයා තුළ කිසිම බරක් ඇත්තේ නැහැ. මෙහිදී, කිසිම දෙයක් ඉල්ලීමට අවශ්‍ය නැහැ. ඔබ ළඟ මුදල් තිබෙනවා නම්, ආධ්‍යාත්මික ආරෝග්‍ය ශාලාවක් විවෘත කිරීමට ඔබට උපදෙස් ලැබෙනවා. මුදල් නැති බොහෝ දෙනා ඉන්නවා. ඔවුන්ටත් මෙම ආරෝග්‍ය ශාලාවත්-පාසලත් වූ මධ්‍යස්ථානයක් විවෘත කළ හැකියි. ඔබ මෙසේ දියුණු වෙමින් ඉදිරියට යන විට, තව තවත් ආරෝග්‍ය ශාලා විවෘත වන්නට පටන් ගන්නා ආකාරය දක්නට ලැබෙයි. ඔබගේ නම ලියැවෙන්නේ, ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරුන්- ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරුන් හා මහාචාර්යවරුන් ලෙසයි. ආධ්‍යාත්මික රෝහලක් හා විශ්ව විද්‍යාලයක් විවෘත කිරීමට කිසිම වියදමක් යන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ආධ්‍යාත්මික වෛද්‍යවරුන් හා මහාචාර්යවරුන් බවට පත් විය හැකියි. මුලදී, කාන්තාවන් මෙම තත්ත්වයට පැමිණියේ නැහැ. සියලු ව්‍යාපාර කටයුතු තිබුණේ පුරුෂ පක්ෂය අතේයි. දැන්නම්, කාන්තාවනුත් මේ සඳහා ඉදිරියට පැමිණ සිටිනවා. එමනිසා, ඔබත් මෙම ආධ්‍යාත්මික සේවයෙහි යෙදෙනවා. ඔබ මෙම ඥානයට ආකර්ෂණය වූ කල, ඕනෑම කෙනෙක්ට විස්තර කර දීම ඉතාමත් පහසුයි. ඔබේ ගෙදර දැන්වීම් පුවරුවක් දමන්න. සමහර රෝහල් විශාලයි, සමහර ඒවා පුංචියි. රෝගියෙක්ට මහ රෝහලට යාමට අවශ්‍ය නම්, ඔබ ඔහුට මෙසේ පැවසිය යුතුයි: එන්න, මා ඔබව මහ රෝහලට රැගෙන යන්නම්; එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කණිෂ්ඨ වෛද්‍යවරුන්ට උපදෙස් දෙනවා. ඔවුන් මුදල් ගෙන රෝගියාගේ තත්ත්වය අනුව ඔහුව මහ රෝහල වෙත ගෙන යා යුතු බවට උපදෙස් දෙනවා. ඔවුන් එවන් වූ උපදෙස් දෙනවා. එමනිසා, එවන් වූ මධ්‍යස්ථාන විවෘත කොට දැන්වීම් පුවරුවක් යොදන්න. එවිට මිනිස්සු පුදුමයට පත්වෙයි. මෙය සාමාන්‍ය ලෙස වටහා ගත යුතු දෙයක්. කලි යුගයෙන් පසුව අනිවාර්යෙන්ම සත් යුගය එනවා. පරමාත්ම දෙවියන්, පරම පියා තමයි ඒ නව ලෝකය ස්ථාපනය කරන්නා වන්නේ. ඔබට එවන් වූ පියෙක් හමු වූ කල, ඇයි ඔබ ඔහුගෙන් ඔබගේ උරුමය ලබා නොගන්නේ ? ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියා මගින් මේ භාරතයට සතුට ලබා දෙන්න. ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියා ආධ්‍යාත්මික විය යුතුයි. සිතිවිලි යනු ස්මරණයයි. ඒ වගේම ඔබ කියනා එකම වචන දෙක තමයි: ‛මන්මනාභව් සහ ‛මධ්‍යජීභව්, පියා සහ උරුමය සිහිපත් කරන්න. මේ කරුණු දෙකක්. ඔබ උරුමය ලබා ගත්තේ කෙසේද සහ පසුව එය ඔබගෙන් ගිලිහී ගියේ කෙසේද යන්න, මෙම චක්‍රයේ තිබෙනා රහසක්. මහලු මව්වරුන් තුළත් මෙම ආශාව තිබිය යුතුයි. ඔය මව්වරුන් මෙසේ පැවසිය යුතුයි: අපටත් මෙය උගන්වන්න. මහලු අයට පුළුවන් මහාචාර්යවරුන් හෝ පණ්ඩිතවරුන්ට විස්තර කළ නොහැකි දේ පවා විස්තර කරන්න. මේ ආකාරයෙන් තමයි ඔබ බාබාගේ නාමය පතුරුවාලිය යුත්තේ. මේ පින්තූරත් විස්තර කිරීම ඉතාමත් පහසුයි. කෙනෙකුගේ වාසනාවේ මෙය නොමැති නම්, ඔවුන් උත්සාහ දරන්නේ නැහැ. තමා දැන් බාබාට අයිති වනවා කියා ලෙහෙසියට සිතන්න එපා. ජීවාත්ම කොහොමත් අයත් වන්නේ පරමාත්ම පියාටයි. සියලු ජීවාත්මයන්ගේ පියා වන්නේ ඒ උත්තරීතර ජීවාත්මයයි. මෙය එක් ක්ෂණයක් පිළිබඳ වූ කරුණකි. කොහොමනමුත්, ඔබ ඔහුගෙන් මෙම උරුමය ලබා ගන්නේ කෙසේද, ඒ වගේම ඔහු එන්නේ කවදාද යන්න ගැන ඔබ විස්තර කළ යුතුයි. ඔහු එන්නේ සංගම් යුගයේදීයි. ඔබ ස්වර්ණමය යුගයේ මෙතරම් උපත් සංඛ්‍යාවක් ලබා ගත් බවත්, රිදී යුගයේදී මෙතරම් උපත් සංඛ්‍යාවක් ගත් බවත් ඔහු විස්තර කර දෙනවා. ඔබ උපත් 84හි චක්‍රය සම්පූර්ණ කළා. දිව්‍යලෝකය දැන් නැවතත් ස්ථාපනය වීමටයි තිබෙන්නේ. ස්වර්ණමය යුගයේ වෙන කිසිම ආගමක් ඇත්තේ නැහැ. මෙය ඉතාමත් පහසු දෙයක්. අන් අයට විස්තර කිරීමෙන් ඔබට සෑහෙන සතුටක් ලැබිය හැකියි. ඔබට ඔවුන්ගේ ආශීර්වාද ලැබෙනා නිසා ඔබ සෞඛ්‍යමත් වනු ඇත. මහලු මව්වරුන්ට මෙය ඉතාමත් පහසුයි. ඔවුන්ට ලෝකය ගැන අත්දැකීම් තිබෙනවා. ඔවුන් මෙය කෙනෙක්ට විස්තර කර දුනහොත්, ඔවුන්ට ආශ්චර්යමත් දේ කළ හැකි වනවා. පරම පියා සිහිපත් කර ඔහුගෙන් ඔබගේ උරුමය ලැබ ගන්න. ඔබ උපතක් ලබාගත් සැණින්ම, මමා හා බාබා කියා කීමට පටන් ගන්නවා. ඔබට විශාල ඉන්ද්‍රිය තිබෙනවා. ඔබට මෙය වටහාගෙන, අන් අයටත් විස්තර කර දිය හැකියි. මහලු මව්වරුන් බාබාගේ නාමය පතුරුවාලීම කෙරෙහි දැඩි ආශාවක් දැක්විය යුතුයි. ඉතින් ඒ සඳහා ඔබ ඉතාමත් මිහිරි විය යුතුයි. සියලු බැඳීම් ඉවත් විය යුතුයි. සෑම කෙනෙක්ම මිය යා යුතුයි. තවත් ටික දිනක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. ඉතින්, ඇයි ඔබ ඔබගේ බුද්ධිය ඒ ඒකායන තැනැත්තා සමග පමණක් එක් කර නොගන්නේ ? ඔබට වෙලාව තිබෙනා සෑම විටම, පියාගේ ස්මරණයෙහි යෙදෙන්න. එවිට සෑම කෙනෙක්ම වෙත ඇති ඔබගේ බැඳීම ඉවත්කරලීමට හැකිවනු ඇත. කෙනෙක් තම වයස 60 පමණ වන විට විශ්‍රාම යනවා. ඔවුන්ට, ඉතාමත් හොඳින් විස්තර කළ හැකියි. මෙම ඥානය ධාරණය කරගෙන අන් අයටත් ප්‍රයෝජනයක් වන්න. හොඳ පවුල්වලින් එන දූවරුන් ගිහින් සෑම නිවසකටම මෙය විස්තර කර දුනහොත්, බාබාගේ නාමය බොහෝ සෙයින් ව්‍යාප්ත කරලිය හැකියි. ඔබ ඉගෙන ගෙන මෙම ආශාව පවත්වා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. මෙය ආශ්චර්යජනක දැනුමක්. ඔවුන්ට කියන්න: බලන්න කලි යුගය දැන් අවසන් වනවා. සෑම කෙනෙකුගේම මරණය දැන් අත ළඟමයි. පරම පියා කලි යුගය අවසානයේදී මෙහි පැමිණ ඔබට දිව්‍යලෝකයේ උරුමය ලබා දෙනවා. ක්‍රිෂ්ණා පියා ලෙස හැඳින්විය නොහැකියි. ඔහු පුංචි දරුවෙක්. ඔහු ස්වර්ණම යුග රාජ්‍යය හිමිකර ගත්තේ කෙසේද? ඔහුගේ ඊට ඉහත උපතේදී ඔහු අනිවාර්යෙන්ම එවැනි ක්‍රියා සිදුකර තිබුණා විය යුතුයි. සත්‍ය ලෙසම ඔවුන් උත්සාහ දැරීමෙන් තම වාසනාව නිර්මාණය කර ගත් ආකාරය ගැන ඔබට විස්තර කර දිය හැකියි. ඔවුන් කලි යුගයේදී තම උත්සාහය දරා ස්වර්ණම යුගයේදී එහි ඵලය ලබා ගත්තා. එහිදී, උත්සාහ දැරීමට තවත් කෙනෙක්ව පෙළඹවිය හැකි කිසිවෙක් ඇත්තේ නැහැ. ස්වර්ණමය හා රිදී යුගයන්හිදී ඔවුන්ට විශාල තිළිණයක් ලැබී තිබෙනවා. ඔබ අනිවාර්යෙන්ම ඔබව ඒ සත් යුග හා රිදී යුගයන්හී පාලකයන් බවට පත් කරවන්නා වූ උසස්ම උසස් වූ පියාව සොයාගෙන තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට ඔබව මෙම තත්ත්වයට පත් කළ නොහැකියි. ඔබ අනිවාර්යෙන්ම පරම පියාව සොයාගෙන තිබෙනවා. ඔබට ලක්ෂ්මී හා නාරායනවම හමු වන්නේ නැහැ. ඔබට බ්‍රහ්මා හෝ ශංකර් හමු වෙලත් නැහැ. නැහැ, ඔබට හමු වී තිබෙන්නේ පරමාත්ම දෙවියන්. ඔහු අශාරීරිකයි. දෙවියන් හැර වෙන කිසිම කෙනෙක්ට ඔබව, උත්සාහ ගැනීමට දිරිගැන්විය නොහැකියි. පරමාත්ම දෙවියන් කතා කරයි: මා ඔබ වෙනුවෙන් පළවන පන්තියේ තිළිණයක් නිර්මාණය කරනවා. ඒ ආදී සනාතන දෙවි දේවතා ධර්මය දැන් ස්ථාපනය වෙමින් තිබෙනවා. ස්ථාපනය අනිවාර්යෙන්ම මෙහිදී සිදුවිය යුතුයි. පරම පියා තමයි ඔබව උත්සාහ දැරීමට දිරි ගන්වන්නේ. ආගමක් ස්ථාපනය කරනා අනෙක් සෑම කෙනෙක්ම, එකිනෙකාගේ පසුපස එකිනෙකා පහළට පැමිණෙනවා. ආගමක් ස්ථාපනය කරනා අය තමා වෙනුවෙන්ම තිළිණයක් නිර්මාණය කරගෙන යන්නට යනවා. පරම පියාට තමා වෙනුවෙන් තිළිණයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු තිළිණයක් නිර්මාණය කරගන්නවා නම්, ඔහුටත් ඔහුව දිරි ගැන්වීම උදෙසා කවුරු හෝ සිටිය යුතුයි. ශිව බාබා කියනවා: මාව උත්සාහ දැරිමට දිරි ගන්වන්නේ කවුද ? මගේ චරිත කොටසේ හැටියට මා රාජ්‍යයක් පාලනය කරන්නේ නැහැ. මෙම නාටකය දෛවෝපගත වූවකි. පරම පියා මෙහි අසුන්ගෙන විස්තර කර දෙනවා: මා ඔබට සියලු වේදාවන් හා අගමික ග්‍රන්ථ වල සාරය කියා දෙනවා. ඒ සියල්ලම භක්ති මාර්ගයයි. භක්ති මාර්ගය දැන් අවසන් වනවා. එය පහළට බැසීමේ තත්ත්වයයි. මේ ඔබගේ ඉහළට නැගීමේ අවධියයි. කතාවක් තියෙනවා: ඉහළට නැග යාමේ තත්ත්වය නිසා එය සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් වූ අවස්ථාවක් වනවා. සෑම කෙනෙක්ම මුක්තිය හා ජීවන මුක්තිය ලබනවා. පසුව කලා දහසයක් බැස ඒමෙන් පසු, ඔබ කිසිම කලාවක් නොමැති වූ තත්ත්වයට පැමිණිය යුතුයි. රාහු කාලයක් තිබෙනවා. රාහු කාලය බලපාන්නේ කෙමෙන් කෙමෙන්. මෙය අසීමිතත්ත්වය පිළිබඳ වූ කරුණකි. ඔබ දැන් පරිපූර්ණත්වයට පත් වනවා. පසුව, රිදී යුගයේදී කලා දෙකක් නැති වනවා. ඔබ මඳ වශයෙන් අපිරිසිදු වනවා. මේ නිසා තමයි ඔබ ස්වර්ණම යුග රාජ්‍යය වෙත යාමට උත්සාහ දැරිය යුතු වන්නේ. ඊට වඩා අඩු දෙයක් බලන්නේ ඇයි ? කොහොමනමුත්, සෑම කෙනෙක්ටම විභාගය සමත් වී කලා දහසයෙන් පිරිපුන් විය නොහැකියි. දරුවන් උත්සාහ දරමින් අන් අයවත් දිරි ගැන්විය යුතුයි. මේ පින්තූර මගින් ඉතාමත් හොඳ සේවයක් සිදු කළ හැකියි. එහි ඉතා පැහැදිලි ලෙස විස්තර කර තිබෙනවා. ඔවුන්ට කියන්න: පරම පියා දිව්‍යලෝක නිර්මාණය සිදු කරමින් සිටියදී, අප තවත් මේ අපායට වී ඉන්නේ කුමකටද ? මේ පැරණි ලෝකය දුකින් පමණක් සැදි අපායක්. එසේනම්, අනිවාර්යෙන්ම ඒ ස්වර්ණම යුග ලෝකය පැමිණිය යුතු වනවා. දරුවනි, ඔබට බුද්ධිය පිළිබඳ විශ්වාසය තිබෙනවා. මෙහි අන්ධ විශ්වාසයක් නැහැ. කිසිම පාසලක අන්ධ විශ්වාසයෙන් කිසිවක් කෙරෙන්නේ නැහැ. ඉලක්කය හා අරමුණ ඔබ ඉදිරියේම තිබෙනවා. මිනිස්සු මෙම උපතේදී ඒ පාසැල් වල ඉගෙනගෙන මෙම උපතේදීම එහි ඵලය ලබා ගන්නවා. මෙහිදී, ඔබ මෙම අධ්‍යාපනයේ ඵලය ලබන්නේ විනාශයෙන් පසුව එන නව උපතේදීයි. දේවතාවන් කොහොමද කලි යුගයට එන්නේ ? විස්තර කිරීම දරුවන්ට ඉතාම පහසු දෙයක්. ඉතාමත් හොඳ පින්තූරත් නිර්මාණය වී තිබෙනවා. කල්ප වෘක්ෂයේ පින්තූරය ඉතාමත් හොඳයි. ක්‍රිස්තියානි ආගමේ අයත් මෙම කල්ප වෘක්ෂය විශ්වාස කරනවා. ඔවුන් තම ජාතියේ සතුට සමරණවා. සෑම කෙනෙකුටම ඔහුට හෝ ඇයට අයිති වූ චරිත කොටසක් තිබෙනවා. කල්ප භාගයක් පුරා භක්තියත් සිදුවිය යුතු බව ඔබ දන්නවා. යාගහෝම, තපස්යා, වන්දනා ගමන් ආදී බොහෝ දේ තිබෙනවා. පරම පියා කියනවා: ඒ මාර්ගයෙන් ඔබට මා සොයාගත නෙහැකියි. ඔබගේ භක්තිය අවසානයකට පැමිණි කල පමණයි, පරමාත්ම දෙවියන් මෙහි පැමිණෙන්නේ. කල්ප බාගයක් යනතුරු ඥානයත්, කල්ප බාගයක් පුරා භක්තියත් තිබෙනවා. කල්ප වෘක්ෂයෙහි පින්තූරයෙහි මෙය පැහැදිලි ලෙස ලියා තිබෙනවා. කිසිවක් නොලියා පින්තූරයක් තනන්න. එවිට ඔබට එය විස්තර කර දෙන්න පුළුවන්. පින්තූර ගැන ඔබ අවධානය යොමු කළ යුතුයි; ඔවුන් ළඟ ආස්චර්යමත් වූ දැනුමක් තිබෙනවා. ඔබ ණයට ශරීරයක් ගෙන තිබෙනවා කියා, එය ඔබගේ දේපළක් ලෙස සැළකීමට ඔබට බැහැ. තමා බදු කාරයෙක් පමණක් බව ඔබට වටහාගත හැකියි. මේ බ්‍රහ්මා මෙහි අසුන්ගෙන සිටිනවා; ඔහුවත් මෙහි අසුන්ගැන්විය යුතුයි. සමහර ගොඩනැගිලිවල, එහි හිමිකරුවාත්, බදුකාරයාත් දෙදෙනාම වාසය කරනවා. බාබා සෑම විටම මොහු තුළට වී ඉන්නේ නැහැ. මොහුව හඳුන්වන්නේ හුසේන්ගේ රථය ලෙසයි. උදාහරණයක් ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ ජීවාත්මය වැදගත් පුද්ගලයෙක් තුළට අතුල් වී ක්‍රිස්තියානි ධර්මය ස්ථාපනය කළා. ඔහුගේ ළදරු කාලයේදී, එම ශරීරය වෙනස් පුද්ගලයෙකුගේ ශරීරයකි. එම පුද්ගලයාගේ ළදරු කාලයේදී එවන් ශරීරගත වීමක් සිදුවූයේ නැහැ. පසුව ජීවාත්මයක් නානක්ගේ ශරීරය තුළට ඇතුළු වී සිඛ් ධර්මය ස්ථාපනය කරනවා. ඒ මිනිසුන්ට මේවා වැටහෙන්නේ නැහැ. මෙම කරුණු තේරුම්ගත යුතුමයි. පිවිතුරු ජීවාත්ම පැමිණ ධර්මයක් ස්ථාපනය කරනවා. ක්‍රිෂ්ණා වූ කලී ස්වර්ණම යුගයේ ප්‍රථම කුමරායි. ඔවුන් ඔහුව තඹ යුගයට ගෙන තිබෙන්නේ ඇයි ? ඔවුන් ස්වර්ණම යුගය පෙන්නුම් කරන්නේ ලක්ෂ්මී හා නාරායනගේ රාජ්‍යය ලෙසයි. ලක්ෂ්මී හා නාරායන බවට පත් වන්නේ රාධේ හා ක්‍රිෂ්ණා බව ඔබ දන්නවා. ඉතින් ඔවුන් ලෝක පාලකයන් බවට පත්වනවා. ඔවුන්ගේ රාජ්‍යය ස්ථාපනය වූයේ කෙසේද ? මෙය කිසිම කෙනෙකුගේ බුද්ධියට ගිහින් නැහැ. පරම පියා ශරිරගත වී අපිරිසිදුභාවය පාරිශුද්ධත්වයට පත්කරන්නේ එකම එක වතාවකදී පමණක් බව ඔබ දන්නවා. ක්‍රිෂ්ණාගේ උපත ද ඔබ ඔප්පු කොට පෙන්විය යුතුයි. ඔහු ඥානය දුන්නේ නැහැ. පළමුවෙන්ම ඔහුව එම තත්ත්වයට පත් කළ තැනැත්තාගේ උපන් දිනය සැමරිය යුතුයි. ශිවාගේ උපන් දිනය දා මිනිස්සු උපවාසයක යෙදෙනවා. ඒ වාගේම ඔවුන් ඔහුට කිරි පූජාවකුත් කරනවා. ඔවුන් මුළු රෑ පුරාම අවදි වී ඉන්නවා. කෙසේවෙතත්, මෙය රාත්‍රියයි. ඔබ ජීවත්ව සිටිනාතාක් කල් පාරිශුද්ධත්වයේ පොරොන්දුව රැකිය යුතුයි. මෙම පොරොන්දුව ඉටු කිරීමෙන් පමණයි ඔබට ඒ නිර්මල වූ රාජ්‍යයේ පාලකයන් බවට පත්විය හැක්කේ. ක්‍රිෂ්ණාගේ උපන් දිනය දා, ක්‍රිෂ්ණා ඉතා ලස්සනට සිටි බවත් දැන් ඔහු අවලස්සන වී සිටිනා බවත්, මෙම හේතුව නිසා ඔහු ශ්‍යාම් සුන්දර් ලෙස හඳුන්වන බවත් විස්තර කර දිය යුතුයි. මෙය ඉතාමත් පහසු දැනුමක්! ශ්‍යාම්- සුන්දර් යන්නෙහි අර්ථය - චක්‍රය කැරකෙන්නේ කෙසේද යන්න, පැහැදිලි කර දෙන්න. ඔය දරුවන් අවධානයෙන් සිටිය යුතුයි. ශිව ශක්තීන් භාරතය දිව්‍යලෝකයක් බවට පත් කළා. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. පරම පියා සූක්ෂමයි, ඥානය සූක්ෂමයි, ඒ වගේම ශිව ශක්තීන් ද සූක්ෂමයි. මේ පින්තූරත් රැගෙන ඔබට ඕනෑම කෙනෙකුගේ නිවස වෙත යන්නට පුළුවන්. ඔවුන්ට කියන්න: ඔබ මධ්‍යස්ථානයට එන්නේ නැහැ, එමනිසා, අපි ඔබගේ නිවසටම පැමිණ ඒ සතුටේ දේශය වෙත යාම සඳහා වූ මාර්ගය පෙන්වා දෙන්නෙමු. එවිට ඔවුන් කෙරෙහි ඔබ තුළ පිවිතුරු වූත්, සුබවාදී වූත් සිතිවිලි තිබෙනා බව ඔවුන්ට වැටහෙයි. මෙහි තිබෙන්නේ, ඔබගේ කන් පිනවීම පමණක් පිළිබඳ වූ දෙයක් නොවේ. අවසානයේදී, ඇත්තෙන්ම තමා ජීවිතය අපතේ හැරි බවත්, ඔබ තම ජීවිත වල යම් දෙයක් කරගෙන තිබෙනා බවත් ඔවුන්ට වැටහෙනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බැඳීම් පරාජය කළ අයෙක් බවට පත්ව ඔබගේ සම්බන්ධය ඒ ඒකායන පියා සමග පමණක් තබා ගන්න. ජිවාත්ම අවධානයට පත්ව මෙම ඉගැන්වීම් හොඳින් ධාරණය කරගෙන අන් අයවත් එසේ කිරීමට දිරි ගන්වන්න.

2. ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියා මගින් භාරතයට සතුට ලබා දෙන්න. ඥානය පිළිබඳ වූ වචන දෙක අන් අයටත් පවසා ඔවුන්ටත් යහපතක් උදා කරන්න. අන් අය කෙරෙහි සුබවාදී සිතිවිලි තබාගෙන ඒ සැම කෙනෙක්ටම සාමයේ දේශය හා සතුටේ දේශය වෙත වූ මාර්ගය පෙන්වා දෙන්න.

වරදානය:
ඔබ මාස්ටර් නිර්මාතෘවරයෙක් වී සැහැල්ලු අධිරාජ්‍යවරයෙකුගේ තත්ත්වයෙහි ඉඳීම මගින් වාතාවරණය මත බලපෑමක් ඇති කරන්න.

එවන් වූ ලොකු පවුලක් පරම පියා සතුව ඇතත්, ඔහු සැහැල්ලු අධිරාජ්‍යවරයෙකි. ඔහු සියල්ල දැනගෙන සහ සියල්ල දැක දැක සැහැල්ලුවෙත් ඉඳී. ඒ අයුරින්ම පරම පියා අනුගමනය කරන්න. වාතාවරණයෙහි බලපෑමක් ඇති කරන්න. වාතාවරණයෙන් ඔබට බලපෑමක් ඇතිවන්නට ඉඩ නොදෙන්න. මන්ද, වාතාවරණය නිර්මාණය කළේ ඔබ මාස්ටර් නිර්මාතෘන් විසිනි. ඔබ නිර්මාතෘන් තමයි නිර්මාණය මත බලපෑමක් ඇති කළ යුත්තේ. ඕනෑම අවස්ථාවක් පැන නඟින විට සිහිපත් කරන්න: මා ජයග්‍රාහී ජීවාත්මයක්, මෙසේ කිරීමෙන්, ඔබ නිරන්තරව නිර්භයව සැහැල්ලුවෙන් සිටිනවා ඇත.

පාඨය:
සතුටේ සෙවනෙහි සිසිලස අත්විඳින කල ඔබ පිවිතුරුව සහ නිහතමානීව ඉඳීවි.