18.10.20    Avyakt Bapdada      Sinhala Murli     07.04.86    Om Shanti    Madhuban


ලෝක රාජධානියට අයිතියක් තිබෙන්නේ, තපස්යාවේ ප්‍රතිරුවක්, අත්හැරීමේ ප්‍රතිරුවක් සහ භාග්‍යයේ දානපතියෙක් වන අයෙකුට පමණයි.


අද දින, ආධ්‍යාත්මික පහන් දැල්ල, ඔහුගේ ආධ්‍යාත්මික සලබයන් දෙස බලනවා. සියලුම ආධ්‍යාත්මික සලබයන් ආධ්‍යාත්මික දැල්ල සමඟ හමුවක් සැමරීමට සෑම තැනකින්ම මෙහි පැමිණ සිටිනවා. සෙනෙහස, දරුවන්ගේ හදවත ආකර්ෂණය කර, ඔවුන් සියලු දෙනාව මෙම අලෞකික සමූහයට (මේලාවට) ගෙනැවිත් ඇති බව, බාප්දාදා දන්නවා. මෙම අලෞකික සමූහය ගැන දන්නේ, අලෞකික දරුවන් සහ පරම පියා පමණයි. මෙම සමූහය ගැන ලෝකය නොදනී. ඔබ ආධ්‍යාත්මික සමූහයකට යන බව, ඔබ කෙනෙකුට කියන්නේ නම්, ඔහුට කුමක් වැටහෙයිද? මෙම සමූහය කෙබඳුද යත්, එය ඔබව සදාකාලිකව සමෘද්ධිමත් කරයි. ඔබව සියලුම ලැබීම්වල ප්‍රතිරුවක් බවට පත් කරවන්නේ මෙම දේවමය සමූහයයි. සියලුම දරුවන්ගේ හදවත්වල ඇති උනන්දුව සහ උද්යෝගය බාප්දාදා දකිනවා. සෑම සියලු කෙනෙකුගේම මනසේ සෙනෙහස් සාගරයේ රළ තිබේ. බාප්දාදා මෙය දකින අතර ඔබගේ සෙනෙහස, ඔබව බාධක විනාශ කරන්නන් සහ මධුබාන් වල නිවැසියන් බවට පත්කර ඇති බවත් ඔහු දන්නවා. සියලු දෙනාගේ සෑම සිදුවීමක්ම මෙම සෙනෙහස තුළ මුසුවී ඇත. ඔබ නිති සූදානමින් සිටීමේ පෙර හුරුවීමක් සිදුකළා. ඔබ නිති සූදානම් වී සිටිනවා නේද? මිහිරි නාටකයේ මිහිරි කොටස දැක, බාප්දාදා සහ බ්‍රහ්මණ දරුවන් සතුටට පත්ව සිටියි. සෙනෙහස නිසා, සෑම දෙයක්ම පහසු මෙන්ම ආදරණීය බවත් හැඟෙයි. නිර්මාණය වී ඇති නාටකය කුමක් වුවත්, එය ආශ්චර්යමත් නාටකයකි. ඔබ කී වතාවක් මෙහි දිව විත් තිබෙනවාද? ඔබ පැමිණියේ දුම්රියෙන්ද, නැත්නම් ඔබගේ පියාපත් වලින් පියාඹමින්ද? මෙය හැඳින්වෙන්නේ හදවත ඇති තැන, කිසිසේත් කළ නොහැකි දේ පවා, කළ හැකි දෙයක් වෙයි. ඔබ සෙනෙහස් ස්වරූපය පෙන්වා තිබේ දැන්, ඔබ අනාගතයේ තව වැඩියෙන් කළ යුත්තේ කුමක්ද? මෙතෙක් සිදුවී ඇති කුමක් වුවත් ශ්‍රේෂ්ඨ වූ අතර එය නොකඩවා ශ්‍රේෂ්ඨ වෙයි.

දැන් කාලයට අනුව, ඔය සම්පූර්ණයෙන් ආදරණීය සහ වඩාත් ශ්‍රේෂ්ඨ දරුවන්ගෙන් බාප්දාදාට විශේෂයෙන් අවශ්‍ය වන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම, මුළු වාරය පුරාම විටින් විට බාප්දාදා මේ ගැන සංඥා ලබා දී තිබේ. එම සංඥා, ප්‍රායෝගික ස්වරූපයකින් දැකීමට කාලය දැන් පැමිණෙනවා. ඔබ ආදරණීය ජීවාත්මයි, ඔබ සහයෝගී ජීවාත්මයි එමෙන්ම ඔබ සේවයට ලැදි ජීවාත්මයි. දැන් මහා තපස්වි ජීවාත්ම වන්න. එය දැන් සාමූහික අන්දමකින්, තපස්යාවේ ආධ්‍යාත්මික ගින්නෙන්, සියලුම ජීවාත්මයන්ව දුකින් සහ අසාමයෙන් නිදහස් කිරීමේ මහා කාර්යය සිදුකිරීමට කාලයයි. එක් අතකින්, හේතුවක් නොමැති රුධිර වහනයේ රළ නොකඩවා වැඩි වන අතර අනෙක් අතින්, සියලුම ජීවාත්ම තමන්ට ආධාරයක් නොමැති බව අත්විඳිනවා. එවන් කාලයක, ඔවුන්ට සම්පූර්ණ ආධාරයේ අත්දැකීම ලබා දීමට උපකරණ වන්නේ ඔය ශ්‍රේෂ්ඨ තපස්වි ජීවාත්මයි. මෙම තපස්වි ස්වරූපය තුළින් ඔබ සෑම තැනකම සිටින ජීවාත්මයන්ට ආධ්‍යාත්මික සුවය විඳීමට සැලැස්විය යුතුයි. ලෝකයේ සියලුම ජීවාත්ම සොබා දහමේ පදාර්ථ, වාතාවරණය, මනුෂ්‍ය ජීව සහ තමන්ගේම මනසේ සහ සිරුරු වල දුර්වලතා නිසා අසහනයෙන් සිටියි. එවන් ජීවාත්මයන්ට තත්පරයකට වුවද සතුට සහ සහනයේ අවස්ථාව අත්විඳීමට ඔබ මඟපාදන්නේ නම්, ඔවුන් නැවත නැවතත් ඔවුන්ගේ හදවතින්ම ස්තූතියි කියයි. වර්තමානයේ සාමූහික තීව්‍ර ගිනිකන්දක ස්වරූපයේ (ජ්වාලා) තපස්යාවට අවශ්‍යතාවයක් තිබේ. භාග්‍යයේ දානපතිගේ දරුවන් වන ඔබලා, දැන් භාග්‍යය දානපතියන්ගේ ස්වරූපයේ ස්ථාවර වී සෑම මොහොතකදීම නොකඩවා දිය යුතුයි. රාජකීය යාචකයන් බොහෝ සිටින නිසා අන් අයට කැවීමේ අනන්ත පෝලිම ආරම්භ කරන්න යාචකයන් වන්නේ මුදල් සිඟන අය පමණක් නොවෙයි - එක් හෝ තව ආකාරයකින් මනසින් සිඟන බොහෝ දෙනෙක් සිටිනවා. ලැබීම් නොමැති ජීවාත්ම, ලැබීම් බිඳකට බොහෝ පිපාසාවෙන් සිටියි. එබැවින් දැන් සාමූහිකව එකතු වී, භාග්‍යය පිරිනැමීමේ රළ පතුරුවා හරින්න. මාස්ටර් භාග්‍යය දානපතියන් ලෙසින් ඔබ රැස්කරගෙන ඇති සම්පත, ඔබ වැඩියෙන් අඛණ්ඩව දෙන තරමට, ඒවා නොකඩවා තව තවත් වැඩිවෙයි. ඔබ බොහෝ අසා තිබේ දැන් එය ක්‍රියාවට නැංවීමට කාලයයි. තපස්යා ප්‍රතිරූපයක් යනු, තපස්යාව තුළින්, ඔබ සාම බලයේ කිරණ සෑම තැනකම පැතිරී යාම අත්විඳීමය. තමන් වෙනුවෙන් පමණක් සිහි කිරීමේ ප්‍රතිරුවක් වී, එම බලය ලැබීම හෝ හමුවක් සැමරීම වෙනම කාරණයක්. කෙසේවෙතත්, තපස්යා ස්වරූපය යනු, අන් අයට ලබා දෙන ස්වරූපයයි. නිදසුනක් ලෙස, සූර්යයා, ලෝකයට ආලෝකයේ අත්දැකීම මෙන්ම අනේක අවිනාශී ලැබීම්ද ලබා දෙයි. ඒ ආකාරයෙන්ම, ඔබගේ මහා තපස්යා ස්වරූපය තුළින් ලැබීම්වල රැස් දහරාවණ්ගේ අත්දැකීම ලබා දෙන්න. මේ සඳහා ඔබ ප්‍රථමයෙන්, ඔබගේ රැස් කිරීමේ ගිණුම වැඩි කර ගත යුතුයි. සිහිපත් කිරීම තුළින් සහ ඥාන මිණි මුතු මතගෑමෙන්, ඔබ තමන්ව ශ්‍රේෂ්ඨත්වයට සහ මායා ජයගත් අය බවට පත් කර ඇති බව නොසිතන්න. එයින් පමණක් සතුටු නොවන්න මුළු දවස පුරා ඔබ ජීවාත්ම කී දෙනෙකුට සියලු සම්පත්වල භාග්‍යයේ දානපතියෙක් වුණාද? ඔබ දිනපතාම කාර්යයක් වෙනුවෙන් සියලු සම්පත් භාවිත කරනවාද, නැත්නම් ඔබ රැස් කරගෙන ඇති දේ දැකීමෙන් පමණක් සතුටු වෙනවාද? දැන් ඔබ සතුට, සාමය, බලය, ඥානය, ගුණදම් සහ සහයෝගයේ සම්පත්, කෙතරම් බෙදා හැර තිබේද සහ එබැවින් රැස් කර තිබේද කියා, වාර්ථාවක් තබාගන්න. මෙය කිරීමෙන්, ඔබ සාමාන්‍යයෙන් ලියන වාර්ථාව ඉබේටම උසස් වෙයි. අන් අයව ඉහළ නංවන අය වීමෙන්, ඔබ ඉබේටම තමන්ව ඉහළ නංවයි. වැටහෙනවාද? ඔබ දැන් තැබිය යුත්තේ කුමන වාර්ථා සටහනද? මෙම තපස්වි ස්වරූපයක් වීමේ වාර්ථා සටහන, ලොවට යහපත සිදු කරන අයෙක් වීමටයි. එබැවින්, ඔබ කී දෙනෙකුට යහපතක් සිදුකර තිබෙනවාද? එසේ නැත්නම් තමන්ට යහපතක් සිදු කිරීමට ඔබගේ කාලය ගෙවී යනවාද? තමන්ට යහපතක් සිදු කිරීමට බොහෝ කාලයක් වැය කර තිබේ. දැන් භාග්‍යයේ දානපතියන් වීමට කාලය පැමිණ ඇත. මේ නිසයි බාප්දාදා නැවත වරක් ඔබට කාලය ගැන සංඥාවක් ලබා දෙන්නේ. ඔබ දැන් පවා, භාග්‍යය පිරිණමන්නෙකුගේ ස්ථීතිය අත්විඳින්නේ නැත්නම්, ඔබට ලෝක රාජධානියේ පාලකයන් වීමේ භාග්‍යය අත්කර ගැනීමට නොහැකි වෙයි. දැන් භාග්‍යය පිරිනැමීමේ සංස්කාර, ඔබට බොහෝ උපත් ගණනාවකට ලැබීම් අත්කර ගැනීමට මඟපාදයි, මන්ද ලෝක පාලකයන් ලොවට දෙමාපියන් වැනිය, එනම්, ඔවුන් භාග්‍යය පිරිණමන්නන්ය. දැන් ඔබට ඕනෑම ආකාරයක ගැනීමේ සංස්කාර තිබේ නම්, එනම් නම හෝ ගරු බුහුමන් ආදිය ලබා ගැනීම සඳහා, එවිට එම සංස්කාරය ඔබට භාග්‍යය පිරිණමන්නෙක් වීමට ඉඩ නොදෙයි.

තපස්යාවේ ප්‍රතිමූර්තියක් යනු, සෑම ආකාරයකම ගැනීම් අත්හැරීමේ ප්‍රතිමූර්තියක් වීමය. කිසිම ආකාරයක සීමිත ගැනීමක්, ඔබට අත්හැරීමේ ප්‍රතිරුවක් වීමට හෝ තපස්යාවේ ප්‍රතිමූර්තියක් හෝ වීමට ඉඩ නොදෙයි. මේ නිසයි, තපස්යාවේ ප්‍රතිරුවක් යනු, ආශාවන් පිළිබඳ දැනුම ගැන පවා නොදැනුවත් කෙනෙකි. යමක් ගැනීමට සිතන අයට සීමිත කාල වකවානුවකට එය ලැබෙන නමුත්, සදාකාලයට එය අහිමි කරගනී. මේ නිසයි බාප්දාදා මේ ගැන ඔබට නැවත නැවතත් සංඥාවක් ලබා දෙන්නේ. ඔබට තපස්යා ප්‍රතිරුවක් වීමට බාධකයක් වන්නේ මෙම තාවකාලික කාලයක ආශාවන්ය. සමාන බවට පත් වීමේ මෙම සාක‍්ෂිය ඔබ ලබා දිය යුතුයි. ඔබ සෙනෙහසේ සාක‍්ෂිය ලබා දීම සතුටට කරුණක්. දැන් තපස්යාවේ ප්‍රතිරුවක් වීමේ සාක‍්ෂිය ලබා දෙන්න. ඔබට වැටහෙනවාද? ඔබට විවිධ සංස්කාර තිබෙන නමුත්, භාග්‍යය පිරිණමන්නෙකුගේ සංස්කාර අනෙක් සියලු සංස්කාර යටපත් කරයි. එබැවින් දැන් මෙම සංස්කාරයට මතු වීමට ඉඩ දෙන්න. ඔබට වැටහෙනවාද? ඔබ මධුබාන් වලට දිව ආ සේම තපස්වි ස්ථීතියේ ගමනාන්තය වෙතට දිව යන්න. අච්චා. සාදරයෙන් පිළිගන්නවා! සියලු දෙනාම මෙහි දිව ආවේ හරියට විනාශය දැන් සිදුවීමට යනවා සේය. ඔබ කුමක් කළත්, කුමක් සිදුවුණත්, බාප්දාදා එයට ප්‍රිය කළා, මන්ද ඔය දරුවන් කෙරෙහි ඔහු තුළ ඇති සෙනෙහස නිසා. ඔබගෙන් එක එක්කෙනා සිතුවේ, ඔබ දැන් මෙහි පැමිණීමට යන බවයි, නමුත් වෙනත් අයද පැමිණීමට යන බව ඔබ සිතුවේ නැත. එබැවින් සැබෑ කුම්භමේලාව (සමූහය) මෙහි පැවැත්වෙනවා. ඔබ සියලු දෙනාම අවසන් මුණගැසීම සැමරීමට, අවසන් ස්නානයට (වාරයේ අවසන් අවස්ථාව) ඇවිත් සිටිනවා. බොහෝ ජනයා මෙහි පැමිණීමට යන නිසා, මුණගැසීම කුමන ස්වරූපයක් ගනිවිද කියා ඔබ සිතුවාද? ඔබ සිටියේ මුළුමනින්ම එම අවධානය ඉක්මවාය. ඔබ ස්ථානය ගැන හෝ ආසන වෙන්කිරීම ගැනවත් සැලකුවේ නැත. ඔබට ආසනයක් වෙන් කරගැනීමට නොහැකි වූ බවට නිදහසට කරුණ, ඔබට දැන් කිසිසේත් දීමට නොහැකි වෙයි. මෙයත් නාටකයේ පෙරහුරුවීමක්ය. සංගම යුගයේ එය ඔබගේ රාජධානිය නොවෙයි. ඔබට ස්වාධිපත්‍යය තිබෙන නමුත් භූමිය ඔබගේ රාජධානිය නොවන අතර බාප්දාදාට ඔහුගේම රථයක්ද නැත එය විදෙස් රාජධානියක් සහ විදෙස් සිරුරකි. එබැවින් කාලයට අනුව නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමේ ඍතුව මෙයයි. මෙහිදි ඔබට ජලය ගැන සිතීමට සිදුවන නමුත් එහි, ඔබ දියඇලි යට ස්නානය කරනු ඇත. පැමිණ ඇත්තේ කවුරු වුණත්, කෙබඳු සංඛ්‍යාවක් වුණත්, ඔබගේ සෙනෙහසට ප්‍රතිචාරයක් ලෙසින් බාප්දාදා ඔබව සාදරයෙන් පිළිගන්නවා.

අවසන් පරීක‍්ෂණයට ප්‍රථම, සූදානම් වීමට, ඔබට දැන් විශේෂයෙන් කාලය ලබා දී තිබෙනවා. අවසන් පරීක‍්ෂණ පත්‍රයට පෙර ඔබට කාලය ලබා දෙනවා. පාසැලක ඔවුන්ට නිවාඩු ලබා දෙනවා. එබැවින් බාප්දාදාද, බොහෝ දේවල වැදගත්කමින් පිරුණු, මෙම විශේෂ කාලය ලබා දෙනවා. ඇතැම් දේවල වැදගත්කම අදෘෂ්‍යමාන වන අතර තවත් දේවල වැදගත්කම දිස්වෙයි. කෙසේවෙතත්, ඔය සෑම සියලු කෙනෙක්ම නිරන්තරයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ නැවතීමේ තිතක් තැබීමටයි, එනම්, අතීතය අතීතයේම තැබීමට සහ තිතක ස්වරූපයේ ස්ථාවර වීමට, තමන්ගේ පාලකයෙක් වී, ඔබගේ කාර්යය සිදු කිරීමට. ඔබ සාගරයක් වී, සියලු දෙනාටම භාග්‍යයේ දානපතියෙක් වී සියලු දෙනාව පිරිපුන් කළ යුතුයි. එබැවින් මෙම කරුණු දෙක විශේෂයෙන් ඔබගේ අවධානයේ තබා ගන්න සාගරයක් (සින්දු) වීමට සහ තිතක් (බින්දු) වී, ශ්‍රේෂ්ඨ සහතිකය හිමි කරගැනීමට. සෑම විටම ශ්‍රේෂ්ඨ සිතිවිලි වල සාර්ථකත්වයෙන් අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න. එබැවින් සියලුම දරුවනට ආශිර්වාද දානපතියාගෙන් ලැබෙන ආශිර්වාදය නම් නිරන්තරයෙන් තිතක් සහ සාගරයක් වන්න. ඔබ මෙහි දිවගෙන ආවේ ආශිර්වාද ලබා ගන්න නේද? ආශිර්වාද දානපතිගෙන් ලැබුණු මෙම ආශිර්වාදය, සෑම විටම ඔබගේ සිහියේ තබාගන්න. අච්චා.

සෑම තැනකම සිටින ආදරණීය දරුවන්ට, සහයෝගී දරුවන්ට, පරම පියාගේ අණට කීකරු වන කීකරු දරුවන්ට, පරිත්‍යාගශීලි හදවත් ඇති සහ විශාල හදවත් ඇතිව සියලු සම්පත් සෑම කෙනෙකුටම බෙදා දෙන අයට, විශිෂ්ඨ ලෙස පුණ්‍යවන්ත ජීවාත්මයන්ට, පරම පියා මෙන් වීමට උනන්දුව සහ උදයෝගය ඇතිව නිරන්තරයෙන් පියාසර ස්ථීතියේ පියාඹන දරුවන්ට, භාග්‍යය පිරනමන්නා, ආශිර්වාද පිරිණමන්නා සහ සියලු සම්පත් වල සාගරය වන බාප්දාදාගෙන් සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

අව්‍යක්ත බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්

1. ඔබ සෑම විටම තමන් කෝටි ගුණයක් භාග්‍යවන්ත බව අත්විඳිනවාද? පරම පියා, දානපති, කෙතරම් ලබා දෙන්නේද යත්, ඔබ එක උපතකට පමණක් භාග්‍යවන්ත වනවා නොවෙයි, මෙම අවිනාශී භාග්‍යය, බොහෝ උපත් ගණනාවකට පවතිනවා. ඔබ සිහිනෙන්වත් මෙතරම් අවිනාශී භාග්‍යයක් ගැන සිතුවාද? එය කිසිදා සිදුවිය නොහැක්කක් බව ඔබ සිතුවා නේද? කෙසේවෙතත් අද, එය සිදුවිය හැක්කක් බවට පත් වෙලා. එබැවින් ඔබ එතරම් ශ්‍රේෂ්ඨ ජීවාත්ම වීම ගැන ඔබට සතුටක් තිබෙනවාද? ඇතැම් සිදුවීම් නිසා ඔබගේ සතුට විටෙක අතුරුදහන් වන්නේ නැහැ නේද? ඔබට දිනපතාම පරම පියාගෙන් සතුටේ සම්පත ලැබෙනවා, එමෙන්ම ඔබට දිනපතා ලැබෙන ඕනෑම දෙයක් වැඩිවෙනවා නේද? ඔබට සතුටේ සාගරයෙන් නොකඩවා ලැබෙන නිසා, ඔබගේ සතුට කිසිදා අඩුවිය නොහැක එය සදාකාලිකයි. ඔබ කිසිවක් ගැන කණස්සල්ලට පත්වන අය නොවෙයි. මගේ දේපළ වලට කුමක් වෙයිද? මගේ පවුලේ අයට කුමක් වෙයිද? ඔබට මෙම කණස්සල්ල පවා නොමැත, ඔබ සැහැල්ලුයි! පැරණි ලෝකයට කුමක් වෙයිද? ඔව්, සැබවින්ම පරිවර්ථනය සිදුවෙයි. පැරණි ලෝකයේ ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨ වුණත්, සෑම දෙයක්ම පැරණියි, එබැවින් ඔබ සැහැල්ලු වී ඇත. අද මා මෙහි සිටින නමුත් මා හෙට මෙහි සිටියිද, නොසිටියිද, කියා මා නොදනී. ඔබට මෙම කණස්සල්ල පවා නොමැත. කුමක් සිදුවුණත් එය යහපත් වෙයි. බ්‍රහ්මණයන්ට සෑම දෙයක්ම හොඳයි. කිසිවක් නරක නැහැ. ඔබ පෙර අධිරාජවරුන්ව සිටියා, ඔබ දැන් අධිරාජවරු වන අතර ඔබ අනාගතයේද අධිරාජවරුන් වෙයි. ඔබ සෑම කලටම අධිරාජවරුන් වී ඇති නිසා ඔබ සැහැල්ලුයි. ඔබට කෙබඳු ආධිපත්‍යයක් තිබේද යත් කිසිවෙකුට එය ඔබගෙන් උදුරා ගත නොහැක. කිසිවෙකුට තුවක්කුවකින් ඔබගේ ආධිපත්‍යය පිඹ දැමිය නොහැක. සෑම විටම මෙම සතුට පවත්වා ගන්න, එමෙන්ම එය අන් අයටද නොකඩවා ලබා දෙන්න. අන් අයවත් සැහැල්ලු අධිරාජවරුන් බවට පත් කරවන්න. අච්චා.

2. ඔබ සෑම විටම පරම පියාගේ සිහිකිරීමේ ආරක‍්ෂක වියන යට සිටින ශ්‍රේෂ්ඨ ජීවාත්ම බව ඔබ අත්විඳිනවාද? මෙම සිහිපත් කිරීමේ ආරක‍්ෂක වියන, ඔබව සියලු බාධක වලින් ආරක‍්ෂා කරයි. ආරක‍්ෂක වියන යට සිටින අය වෙතට කිසිම ආකාරයක බාධකයක් පැමිණිය නොහැක. ආරක‍්ෂක වියන යට සිටින අයට සහතික කළ ජයග්‍රහණය තිබේ. එබැවින් ඔබ එසේ වී තිබේද? ඔබ ආරක‍්ෂක වියන යට සිට ඔබගේ මනස එක පියවරක් හෝ ඉවත් කරගන්නේ නම්, මායා ඔබට පහර දෙයි. කුමන ආකාරයක සිදුවීමක් පැමිණියත්, ආරක‍්ෂක වියන යට සිටින අයට, වඩාත් අපහසු සිදුවීමක් වුවත් පහසු වෙයි. කන්දක් තරම් විශාල දෙයක් පුළුන් රොදක් මෙන් අත්දකියි. ආරක‍්ෂක වියනේ ආශ්චර්යය එවැනිය. එවන් ආරක‍්ෂක වියනක් ඔබට ලැබුණු විට, ඔබ කළ යුත්තේ කුමක්ද? යම් දෙයකට තාවකාලික ආකර්ෂණයක් තිබුණත්, ඔබ වියනෙන් ඉවතට පියවර තබන්නේ නම්, ඔබ සියලු දේ අහිමි කරගනී. එබැවින් ඔබට තාවකාලික ආකර්ෂණ ගැන දැන් අවධානය ලැබී තිබේ, එබැවින් සෑම විටම එම ආකර්ෂණ වලින් දුරස්ථව සිටින්න. සීමිත ලැබීම් මෙම එක් උපතේ අවසන් වෙයි, නමුත් අසීමිත ලැබීම් නිරන්තරයෙන් ඔබ සමඟ තිබෙයි. එබැවින් අසීමිත ලැබීම් ඇති කෙනෙක් වීම යනු, සාමාන්‍ය අය නොවෙයි, ආරක‍්ෂක වියන යට සිටින, විශේෂ ජීවාත්ම වීමයි. මෙම අවධානය ඔබව සෑම කලටම ශක්තිමත් කරවයි.

බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ විශේෂ ආදරණීය අය සෑම විටම ආරක‍්ෂක වියන යට සිටීවි. සිහිපත් කිරීම, ආරක‍්ෂක වියනයි. ඔබගේ මනසේ පියවරක් හෝ මෙම ආරක‍්ෂක වියනෙන් ඔබ පිටතට දමන්නේ නම්, මායා පැමිණෙයි. මෙම අරක‍්ෂක වියන මායාට ඔබ ඉදිරියට පැමිණෙන්නට ඉඩ නොදෙයි. ආරක‍්ෂක වියන යටතට පැමිණීමට මායාට බලය නොතිබෙයි. එවන් ජීවාත්ම නිරන්තරයෙන් මායා පරාජය කරයි. දරුවෙක් වීම යනු, ආරක‍්ෂක වියන යට සිටීමයි. ඔය දරුවන්ව නිරන්තරයෙන් ආරක‍්ෂක වියන යට තබාගන්නේ පරම පියාගේ සෙනෙහසයි. එබැවින් මෙම විශේෂ ආශිර්වාදය මතකයේ තබා ගන්න ඔබ විශේෂ ආදරණීය අය බවට පත්වී ඇත්තේ, ඔබට ආරක‍්ෂක වියන ලැබී ඇති නිසයි. මෙම ආශිර්වාදය ඔබට නිරතුරුවම ඉදිරියට ගමන් කිරීමට මඟපාදයි.

සමුගන්න වෙලාවේ

ඔය සියලු දෙනා ජාග්රාන් (උපවාසයේ කොටසක් ලෙස රැය පුරාම නිදි වැරීම) සිදුකළා! ඔබගේ බැතිමතුන් ජාග්රාන් වල යෙදෙන බැවින් ඔවුන්ගේ විශේෂ ආදරණීය දේවතාවන් වන ඔබලා එය ඔවුන්ට උගන්වන්නට ඇති. විශේෂ ආදරණීය දේවතාවන් මෙහි ජාග්රාන් කරන විටයි, බැතිමතුන් ඔවුන්ව අනුකරණය කරන්නේ. එබැවින් ඔබ සියලු දෙනාම ජාග්රාන් සිදුකළා, එනම්, ඔබගේ ගිණුමේ ඔබ ආදායමක් රැස්කර ගත්තා. එබැවින්, අද රාත්‍රිය, ඉපැයීමේ ඍතුවේ රාත්‍රියක් විය. එය, උපයාගැනීමේ ඍතුව වන විට, එම ඍතුවේ ඔබ රාත්‍රියේ නිදි වරයි. එබැවින් මෙය උපයාගැනීමේ ඍතුවයි, එබැවින් අවදිව සිටීම යනු, උපයා ගැනීමයි. එබැවින් ඔබ සෑම කෙනෙක්ම ඔබගේ හැකියාවට අනුව රැස් කරගෙන තිබේ, එමෙන්ම ඔබ රැස් කරගෙන ඇති කුමකින් වුවත්, මහා දානපතියෙක් වී නොකඩවා අන් අයට දන් දෙන්න. එවිට ඔබම බොහෝ උපත් ගණනාවක් අඛණ්ඩව ඉන් බුදිනු ඇත. දැන් බාබා පවසන්නේ දේවමය මේලාවේ සියලුම දරුවන්ට රත්තරං උදෑසනක්. ඇත්ත වශයෙන් රත්තරං උදෑසනකින් එය දියමන්ති උදෑසනකි. ඔබම දියමන්ති වන අතර උදෑසනද දියමන්තියකි, එමෙන්ම ඔබ රැස්කර ගන්නේද දියමන්තිය, එබැවින් සෑම දෙයක්ම දියමන්ති සහ දියමන්තිය, මේ නිසයි බාබා දියමන්ති උදෑසනක් යැයි පවසන්නේ. අච්චා.

වරදානය:
ඔබ ශ්‍රේෂ්ඨ සේවාධාරීවරයෙක් වී, ඔබගේ සිතිවිලි පවා පරීක‍්ෂා කිරීමෙන්, නිෂ්ඵලත්වයේ ගිණුම් අවසන් කරත්වා.

ශ්‍රේෂ්ඨ සේවාධාරීවරයෙක් යනු, තම සෑම සිතිවිල්ලක්ම බලවත් වන කෙනෙකි. එකදු සිතිවිල්ලක්වත් නිෂ්ඵල නොවිය යුතුයි, මන්ද සේවාධාරීවරයෙක් යනු, ලෝක වේදිකාවේ රඟපාන කෙනෙකි. මුළු ලොවම ඔබව අනුකරණය කරමින් සිටියි, එබැවින් ඔබ එක සිතිවිල්ලක් පවා අපතේ යවන්නේ නම්, ඔබ එය තමන් වෙනුවෙන් පමණක් නොව නමුත් තව බොහෝ දෙනෙකුට උපකරණයක්ද වෙයි. එබැවින් දැන් නිෂ්ඵල ගිණුම අවසන් කර, ශ්‍රේෂ්ඨ සේවාධාරීවරයෙක් වන්න.

පාඨය:
සේවයේ වාතාවරණයක් මෙන්ම, අසීමිත නිරාශාවේ ආකල්පයක වාතාවරණයක්ද නිර්මාණය කරන්න.


දැන්වීමයි: අද, මාසයේ තෙවැනි ඉරු දිනයයි, එබැවින් සියලුම රාජයෝගි තපස්වි සහෝදර සහෝදරියන් පව 6.30 සිට 7.30 දක්වා විශේෂ භාවනාවේ යෙදි සිටියි. මාස්ටර් සර්ව බලධාරින් වීමේ බලවත් ස්වරූපයේ තමන්ව ස්ථාවර කර, සියලුම ජීවාත්මයන්ට සහ පදාර්ථයන්ට පාරිශුද්ධත්වයේ කිරණ ලබා දී, සියලු දෙනාව සහ සියලු දේවල්, සතෝප්‍රධාන් කිරීමේ සේවය සිදු කරන්න.