18.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සැබෑ පරමාත්ම පියා විසින් ඔබලාව දැන් සැබෑම දේවතාවරුන් බවට පත් කරවමින් තිබේ. එමනිසා, සත්‍ය යුගය වන ස්වර්ණමය යුගයේදී ඔබට සත්‍ය යේ ඇසුරත් (සත්සන් ධර්ම හමුවීම) අවශ්‍ය වන එකක් නැහැ.

ප්‍රශ්නය:
ස්වර්ණමය යුගයේදී දේවතාවරුන්ට කිසිම පාපක්‍රියාවක් කළ නොහැක්කේ ඇයි?

පිළිතුර:
මන්ද ඔවුන් පරමාත්ම පියාගේ ආශිර්වාදයට ලක් වූවෝ වෙති. පාපක්‍රියා කිරීම ඇරඹෙන්නේ ඔබ රාවණගේ සාපයට ලක් වුණු දා පටන්ය. ස්වර්ණමය හා රිදී යුග වලදී ඔබ සිටින්නේ මුක්තියේය. ඒ කල කිසිදු පරිහානියක් ගැන සඳහන් වන්නේ නැත. එහි කිසිම පාපයක් නොමැත. එමනිසා කිසිම පාපක්‍රියාවක් සිදුවන්නේද නැත. තඹ යුගයේ හා කලි යුගයේ සිටිනා සෑම කෙනෙක්ම සිටින්නේ පරිහානිකාරී තත්ත්වයේ නිසා ඔවුන් නොනවත්වාම කරන්නේ පාපකාරී ක්‍රියායි. මෙය අවබෝධ කරගත යුතු කරුණකි.

ඕම් ශාන්ති.
පරමාත්ම පියා මෙහි සිට ඔය මිහිරි ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා කියා දෙනවා. ඔහු පරම පියා පරම ගුරුවරයා මෙන්ම පම සත්ගුරු ද වෙනවා. පරමාත්ම පියාගේ මෙම ගුණය ගැන මිනිසුන්ට කියූ විට ක්‍රිෂ්ණාට කිසිම කෙනෙකුගේ පියෙක් විය නොහැකි බව ඉබේටම ඔප්පු වෙනවා. ඔහු කුඩා දරුවෙක්. ස්වර්ණමය යුගයේ රාජකුමාරයෙක්. ඔහුට ගුරුවරයෙක්වත් වෙන්න බැහැ. ඔහුම මෙහි සිට ගුරුවරයෙක් සමඟ ඉගෙන ගන්නවා. එහි කිසිඳු ගුරුවරයෙක් නැහැ. මන්ද සෑම කෙනෙක්ම සිටින්නේ විමුක්තියේය. කල්ප බාගයක් පුරාවට මුක්තිය තිබුණු අතර ඉතිරි කල්ප බාගය පුරාවට ඇත්තේ පරිහානියයි. එහි මුක්තිය ඇති නිසා එයට ඥානය අවශ්‍ය වන්නේ නැහැ. මෙම ඥානය ගැන එහිදී සඳහනක් නැහැ. මන්ද මෙහිදී ලබනා මෙම ඥානයෙන් පමණයි ඔබ උපත් 21 කට විමුක්තිය ලබන්නේ. පසුව තඹ යුගයේ සිට කලි යුගයේ අවසානය දක්වා ඇත්තේ පරිහානියයි. ඉතින් තඹ යුගයේ ක්‍රිෂ්ණා සිටින්නේ කෙසේද? කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. සෑම කරුණකම ගැඹුරු අරුතක් තිබෙනා තෙර ඒ සියල්ල පැහැදිලි කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඔහු පරමාත්ම පියාසේම පරම ගුරුවරයා ද වෙනවා. ඉංග්‍රීසි බසින් අමතන විට Supreme කියා පමණයි කියන්නේ. ඇතැම් ඉංග්‍රීසි වචන ඉතාමත් හොඳයි. Drama යන වචනයත් ඒ වගේයි. නාට්‍යයකට drama (film) කියන්නේ නැහැ. මන්ද නාටකයක නළුවන් වෙනස් විය හැකියි. මෙම ලෝක චක්‍රය දිගින් දිගටම කැරකෙනවා කියා කිව්වත් එය කැරකෙන්නේ කෙසේදැයි කියා ඔවුන් දන්නේ නැහැ. එය හරියටම එය සිදු වුණු ආකාරයෙන්ම නැවත කැරකෙනවා ද නැතිනම් කුමන හෝ වෙනස්කම් සිදුවෙනවාදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් කියනවා: සිදුවීමට නියමිත දේ සිදු වෙනවා. මෙය අනිවාර්යෙන්ම නැවත නැවතත් පෙළ ගැස්වෙන නාටකයක්. චක්‍රය වටා යා යුත්තේ අනිවාර්යෙන්ම මිනිසුනුයි. හොඳයි මෙම කල්පයේ කාල පරාසය කොතෙක්ද? එය නැවත කැරකෙන්නේ කෙසේද? කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. නාටකයේ චරිත රඟපෑමට බෞද්ධ හා ඉස්ලාම් වංශ තිබෙනවා. ඔය බ්‍රහමිණ්වරුන්ගේ වංශයක් නැහැ. මෙය බ්‍රහ්මණ කුළයයි. මෙය හැඳින්වෙන්නේ ඉතාමත් උසස්ම උසස් බ්‍රහ්මණ කුළය කියලයි. දේවතා කුළයකුත් තිබෙනවා. මෙය පැහැදිලි කිරීම ඉතාමත් පහසුයි. සූක්ෂම කලාපයේ ඉටු දේවතාවරුන් වාසය කරනවා. එහි ඇට මස් ලේ නැහැ. දේවතාවරුන් ඇට මස් ලේ ඇති අයයි. බ්‍රහ්ම විෂ්ණු වන අතර විෂ්ණු බ්‍රහ්ම වෙනවා. බ්‍රහ්මා විෂ්ණුගේ නාභියෙන් පිටවන ආකාරය පෙන්වා තිබෙන්නේ ඇයි? මේ දේවල් සූක්ෂම ලෝකයේ නැහැ. වෙන කිසිම සැරසිල්ලකුත් නැහැ. මෙන්න මේ නිසා තමයි සුදු ඇඳුමින් සැරසුනු බ්‍රහ්මාව පෙන්වා තිබෙන්නේ. තම උපත් ගණනාවක අවසානයේ දී බ්‍රහ්මා දුප්පත් සාමාන්‍ය මනුෂ්‍යෙයක් බවට පත් වෙනවා. මේ කාලයේදී ඔහු අතින් වියූ කපු රෙද්දක් ඇඳගෙන සිටිනවා. සූක්ෂම ශරීරයක් කියන්නේ කුමක්දැයි කියා ඒ අසරණයින් දන්නේ නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ එහි ඇට මස් ලේ නැති ඉටු දේවතාවරුන් පමණක් සිටිනා බවයි. සූක්ෂම ලෝකයේ කිසිම සැරසිල්ලක් තිබෙන්න බැහැ. පින්තූර වල එසේ පෙන්වා ඇති නිසා බාබා එහි හනුමන්ගේ පින්තූරයක් පෙන්වූවා සේ දර්ශනයක් පෙන්වා එහි අරුතත් පැහැදිලි කර කියා දෙනවා. හනුමන් කියා මිනිසෙක් නැහැ. භක්ති මාර්ගයේ අය නොයෙකුත් වර්ගයේ පින්තූර සාදා තිබෙනවා. ඒවා කෙරෙහි විශ්වාසයෙන් සිටිනා අයට ඔබ කුමක් හෝ කිවහොත් ඔවුන් කලබලයට පත් වේවි. ඔවුන් දේවතාවරුන් වන්දනා කර ඒවා ගිල්වා දමනවා. ඒ සියල්ල භක්ති මාර්ගයයි. භක්ති මාර්ගයේ ඔවුන් ඒ මඩ වගුරේ තම ගෙල දක්වාම ගිලිලයි සිටින්නේ. ඔවුන්ව ඉන් මුදවා ගතහැක්කේ කෙසේද? ඔවුන්ව එයින් බේරා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක්. ඇතැම් අය අන් අයව බේරා ගැනීමට උපකරණවී පසුව ඔවුන්ම එහි පැටලෙනවා. ඔවුන් තම ගෙල දක්වාම ඒ මඩ වඟුරේ ගිලිලයි සිටින්නේ. ලොකුම මඩ වගුර වන පාපයට වැටිලයි සිටින්නේ. ස්වර්ණමය යුගයේ මේ දේවල් නැහැ. සත්‍ය පියා විසින් ඔබලාව දැන් සැබෑම දේවතාවරුන් බවට පත්කරවමින් සිටිනවා. ස්වර්ණම යුගයේ දි එවන් ආගමික ඇසුරක් ඇත්තේ නැහැ. සත්‍යයේ ඇසුර ඔබ ලබන්නේ මෙහිදියි. සෑම කෙනෙක්ම දේව ස්වරූපයක් කියා මිනිස්සු සිතනවා. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පරමාත්ම පියා මෙහි සිට කරුණු පහදා කියා දෙනවා: කලි යුගයේදී සෑම කෙනෙක්ම පාපකාරී ජීවයනුයි. නමුත් ස්වර්ණමය යුගයේදී ඔවුන් පාරිශුද්ධ පින්වත් ජීවයනුයි. දිවා රෑ මෙන් වෙනසක් එහි තිබෙනවා. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේ යි. කලි යුගයත් ස්වර්ණමය යුගයත් දෙකම ගැන ඔබ දන්නවා. ප්‍රධානම දෙය මේ පැත්තෙන් ඒ පැත්තට යාමයි. වස සයුර හා කිරි සයුර ගැන කියා තිබෙනවා. නමුත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පරමත්ම පියා දැන් මෙහි සිට කර්ම හා අකර්ම ගැන ඔබට කියාදෙනවා. මිනිස්සු ක්‍රියා කරනවා. නමුත් ඇතැම් ක්‍රියා අකර්ම වන අතර ඇතැම් ඒවා පාපකර්මයි. රාවණ රාජ්‍යයේදී සෑම ක්‍රියාවක්ම පාපකාරියි. ස්වර්ණමය යුගයේ පාපක්‍රියා නැහැ. මන්ද එහි ඇත්තේ රාම රාජ්‍යයයි. ඔවුන් පියාගේ ආශිර්වාද ලබා තිබෙනවා. රාවණ ඔබට සාප කරනවා. මෙය සතුට හා දුක අතර වූ සෙල්ලමකි. සෑම කෙනෙක්ම දුකින් සිටිනා විට පරමාත්ම පියාව සිහි කරනවා. සතුටින් සිටිනා විට කිසිම කෙනෙක් ඔහුව සිහිපත් කරන්නේ නැහැ. එහි කිසිම පාපයක් නැහැ. පැළය පැළ කර ඇති බව ඔය දරුවන්ට කියා තිබෙනවා. පැළ සිටුවීමේ ක්‍රමය ඇරඹුනේ මේ කාලයේදීයි. පැළයක් සිටුවීමේ ක්‍රමය පරමාත්ම පියා විසින් ආරම්භ කළා. බ්‍රිතාන්‍ය පාලනය තිබුණු කළ පැල සටුවීමේ දෙයක් ගැන කිසිවිටෙක පුවත් පත් වල සඳහන් වුණේ නැහැ. පරමාත්ම පියා මෙහි සිට දේවතා ධරමයේ පැළය පැළ කරවනවා. ඔහු වෙන කිසිම පැළයක් පැළ කරන්නේ නැහැ. තවත් ආගම් ගණනාවක් තිබෙනවා. නමුත් දේවතා ධර්මය අතුරුදන් වෙලා. තම ධර්මයෙන් හා කර්මයෙන් ඔවුන් දූෂිත වී ඇති නිසා ඔවුන් එහි නම වෙනස් කර තිබෙනවා. දේවතා ධර්මයට අයිති අය ඒ දේවතා ධර්මයටම යාවි. සෑම කෙනෙක්ම තම තමන්ගේ ධර්මයට නැවතත් යා යුතු වේ. ක්‍රිස්තියානි ධර්මයට අයිති අයට එයින් පිටතට පැමිණ වෙනතකට යාමේ හැකියාවක් නැත: ඔවුන්ව එයින් නිදහස් කර ගත නොහැකියි. දේවතා ධර්මයෙන් ක්‍රිස්තියානි ධර්මයට වෙනස් වුණු ඇතැම් අය නැවතත් තම දේවතා ධර්මයට පැමිණේවි. ඔවුන් මෙම ඥානයට හා යෝගාවට ඉහළින්ම කැමැත්තක් දක්වන නිසා ඔවුන් ඔබගේ ධර්මයට අයිති අය බව මෙයින්ම කිව හැකි වේවි. මේ දේවල් තේරුම් ගැනීමටත් පැහැදිලි කර කියා දීමටත් පුළුල් බුද්ධියක් අවශ්‍යයි. ගීතාව අහගෙන සිටිනා අයට ගීතාව කියවන කෙනෙක් වගේ පොත බලාගෙන කියා දෙනවා වෙනුවට ඔබ මේ දේවල් හොඳින් තේරුම් ගෙන අන් අයටත් කියා දිය යුතුයි. ඇතැම් අයට ගීතාව කටපාඩමින් කිව හැකියි. ඔවුන් ඒවායේ අර්ථය එයින් උකහා ගන්නවා. සෑම ගාථාවක්ම ඇත්තේ සංස්කෘත බසිනුයි. මුළු මහ සයුරම තීන්ත ලෙස ගෙන මුළු කැළයම පෑන් කරවා ලිව්වත් මෙම ඥානය ලියා අවසන් කළ නොහැකි බව සඳහන් කර තිබෙනවා. ගීතාව ඉතාමත් කුඩායි. එයට ඇත්තේ පරිච්ඡේද 18 ක් පමණයි. ඇතැම් අය කුඩා ගීතාවක් තම බෙල්ලේ එල්ලා ගෙනත් සිටිනවා. එය ලියා ඇත්තේ ඉතාමත් කුඩා අකුරින්. එය බෙල්ලේ එල්ලා ගෙන සිටීමේ පුරුද්ද ඇතැම් අයට තිබෙනවා. එතරම්ම කුඩා පොත් ඔවුන් සාදනවා. ඇත්තටම කියනවා නම් එය එක් තත්පරයක දෙයක්. දරුවෙක් පියාට අයිති වුණු පසු ඔබ ලෝක පාලකවරයෙක් වුණා හා සමානයි. එවන් දරුවන්, බාබා මම ඔබගේ එක් දවසක් වයසැති දරුවෙක්මි කියාත් ලියනවා. එක් දවසින් විශ්වාසය ඇති කර ගන්නා ඔවුන් බාබාට එසේ ලියුම් ලියනවා. ඉතින් ඔබ දරුවෙක් වුණු නිසා ඔබ ලෝකපාලක වරයෙක් වෙනවා. යමෙකුගේ බුද්ධියට මෙය ඇතුළු වන්නේ ඉතාමත් අසීරුවෙන්. ඔබ ලෝකපාලකවරුන් වෙනවා. එහෙම නේද? වෙන කිසිම දේශයක් එහි නැහැ. ඒවායේ නම් ගම් සියල්ල අතුරුදන් වී යනවා. එවන් භූමි තිබුණු බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. එවන් දෙයක් තිබුණා නම් එහි ඉතිහාසය හා භූගෝලයත් අනිවාර්යෙන්ම තිබේවි. ඒ භූමි එහි තිබුනේ නැහැ. මෙන්න මේ නිසා තමයි ඔබලා ලෝකපාලකවරුන් වෙනවා කියා කියා තිබෙන්නේ. බාබා පැහැදිලි කර කියා තිබෙනවා: මම ඔබගේ පරමාත්ම පියායි. මම ඥාන සාගරයයි. මෙම ඥානය කෙතරම් උසස් ඥානයක්ද කියනවා නම් අපි ඉන් ලෝක පාලකවරුන් වෙමු. අපේ පියා පරමාත්ම පියායි. ඔහු තමයි සැබෑම පියා. සැබෑම ගුරුවරයා. ඔහු අපට ඇත්ත කියනවා. ඔහු අපට දෙන ඉගැන්වීම් අසීමිතයි. ඔහු අසීමිත ගුරුයි. සැමටම මුක්තිය දානය කරන්නායි. ඒකායන පියාගේ ගුණ ගයනා විට එය තවත් අයෙකුට අයිති වුවක් නොවෙයි. එසේ වන්නේ ඔහු ඔබව තමා හා සම කරවූ විටයි. එමනිසා ඔබත් පාරිශුද්ධකරුවන් වෙනවා. මිනිස්සු මෙසේ ලියනවා: සත්තාම් (සත්‍යයේ නාමයෙන්) ඔය මව්වරුන් පාරිශුද්ධ ගංඟාවනුයි. ඔබලාට ශිව ශක්තීන් කියා කිව හැකියි. නැතිනම් ශිවාගේ වංශයට අයිති බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් කියා කිව හැකියි. සෑම කෙනෙක්ම ශිව වංශයට අයිති අයයි. නමුත් නිර්මාණය අනිවාර්යෙන්ම සිදු වන්නේ බ්‍රහ්මා මඟිනුයි. එමනිසා ඔය බ්‍රහ්ම කුමර කුමරියන් සිටින්නේ සංගම යුගයේ පමණයි. ඔහු බ්‍රහ්මා මඟින් ඔබලාව හදා ගන්නවා. පළමුවෙන්ම බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් සිටිනවා. කවුරු හෝ කෙනෙක් විරෝධය පළ කළහොත් කියන්න: මේ ප්‍රජාපිතා බ්‍රහ්මායි. පරමාත්ම පියා ඇතුළු වන්නේ මොහුටයි. පරමාත්ම පියා කියනවා: මොහුගේ උපත් ගණනාවක අවසානයේදී මම මොහු තුළට ඇතුළු වන්නෙමි. විෂ්ණුගේ පෙකණියෙන් මතු වන බ්‍රාහ්මණයෙක් පෙන්වා තිබෙනවා. අච්චා. ඉතින් එසේනම් විෂ්ණු මතුවුනේ කාගේ පෙකණියෙන්ද? දෙදෙනාගෙන්ම දෙදෙනා මතු වන ආකාරය ඔබට ඊතලයකින් පෙන්විය හැකියි: විෂ්ණු බ්‍රහ්මා වන අතර බ්‍රහ්මා විෂ්ණු වේ. මොහු ඔහුගෙනුත් ඔහු මොහුගෙනුත් මතු වේ. මොහු එක් තත්පරයක් ගන්නා අතර ඔහු වසර 5000 ක් ගනී. ඔවුන් සමඟ සිටිනා විට පැහැදිලි කළ හැකි අපූරු කරණු මේවායි. පරමාත්ම පියා කියනවා: ලක්ෂ්මි හා නාරායන උපත් 84 ක් ගන්නවා. පසුව මම මොහුගේ උපත් ගණනාවක අවසානයේදී ඔහු තුලට ඇතුළු වී ඔහුව මේ තත්ත්වයට පත් කරවමි. මෙය අවබෝධ කරගත යුතු කරුණකි. ඉඳ ගන්න අපි ඔබට මෙය කියා දෙන්නම්. මේ පිංතූර සාදා ඇත්තේ මුළු ලෝකයටම පෙන්වීමටයි. අපිට මේවා ඔබට කියා දියහැකියි. කෙසේවෙතත්, තේරුම් ගැනීමට නියමිතව තිබෙන අය පමණයි ඒවා තේරුම් ගන්නේ. තේරුම් නොගන්නා අයට අප කියන්නේ ඔවුන් අපගේ වංශයට අයිති නැති බවයි. ඔවුන් එහි ගියත් පුරවැසියන්ගෙන් කොටසක් වේවි. අපිට සෑම කෙනෙක්ම දුප්පත් අසරණයින්. ධනයෙන් දිළින්ඳන් දුප්පත් අසරණයින් කියා සැලකෙනවා. ඔය දරුවන් කරුණු රැසක් අවබෝධ කරගත යුතුයි. මාතෘකා යටතේ දේශන දිය යුතුයි. මේ මාතෘකාව පොඩි දෙයක්ද? ප්‍රජාපිතා බ්‍රහ්මාගේ හා සරස්වතීගේ අත් හතරක් පෙන්වා තිබෙනවා. එමනිසා, අත් දෙකක් දියණියටයි: ඔවුන් යුවළක් නොවෙයි. යුවළ වන්නේ විෂ්ණුයි. බ්‍රහ්මාගේ දියණිය සරස්වතීය. ශංකර්ටත් සහකාරියක් නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් ශිව ශංකර් ගැන කියන්නේ. ශංකර් කරන්නේ මොනවාද? පරමාණු බෝම්බ වලින් විනාශය සිදු වෙනවා. පියෙක් තම දරුවන් මරන්නේ කෙසේද? එය පාපයක් වේවි. පරමාත්ම පියා ඔබ සෑම කෙනෙක්වම ශාන්ත දේශයට ගෙන යනවා. කිසිම උත්සාහයකින් තොරව. සෑමකෙනෙක්ම තම කර්ම ගිණුම පියවා නිවහන බලා යනවා. මන්ද මෙය සියල්ල සමනය කර ගැනීමේ කාලයයි. පරමාත්ම පියා සේවය කිරීමට පැමිණෙනවා. ඔහු සෑම කෙනෙක්ටම මුක්තිය දානය කරනවා. ඔබත් පළමුව මුක්තිය ලබා දෙවනුව විමුක්තිය ලබයි. මේ කරුණු තේරම් ගත යුතු කරුණුයි. වෙන කිසිම කෙනෙක් මේ කරුණු ගැන කිසි දෙයක් දන්නේ නැත. ඇතැම් අය ඔබගේ ඔළුව කන්න තරම් කරදර කරලත් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැති බව ඔබ දැක ඇත. යම් හොඳ දෙයක් අවබෝධ කර ගැනීමට සිටිනා අය මෙහි පැමිණ එය අවබෝධ කර ගනීවි. ඔවුන්ට කියන්න: සෑම දෙයක්ම තේරුම් ගැනීමට අවශ්‍ය නම් ටික කාලයක් ගත විය යුතුයි. මෙහිදී ඔබට පියාගේ හැඳින්වීම ලබාදෙන්න කියා අණ කර තිබෙනවා. මෙය කටු කැළයකි: සෑම කෙනෙක්ම එකිනෙකාට දුක් දී ගන්නවා. එය දුකින් පිරි දේශයයි. ස්වර්ණමය යුගය සතුටින් පිරි දේශයයි. දුක් ලෝකය සතුටු ලෝකය බවට පත්වන්නේ කෙසේදැයි කියා අපි ඔබට කියා දෙන්නම්. ලක්ෂ්මි හා නාරායන් සිටියේ සතුටු දේශයේයි. එතනින් උපත් 84 ක් ගැනීමෙන් පසුව ඔවුන් දුක් ලෝකයට ඇතුළු වුණා. මොහු බ්‍රහ්මා කියා නම් කෙරුනේ කෙසේද? පරමාත්ම පියා කියනවා: මම මොහු තුලට ඇතුළු වී අසීමිත අත්හැරීමක ඔහුව දිරිමත් කෙරෙව්වා. පරමාත්ම පියා ඉක්මණින්ම අත් හැරීමට දිරිගන්වන්නේ ඔහුව සේවය සඳහා දිරිමත් කල යුතු නිසායි: ඔහු සෑම දෙයකටම දිරිමත් කරවනවා. ඔහුගෙන් පසුව බොහෝ අය මතු වුනා. ඔවුන්ටත් නම් දුන්නා. පූස් පැටවුන්ගේ කතාව කියා තිබෙනවා. ඒ සෑම දෙයක්ම බොරු කතායි. එහේ කොහේද පූස් පැටව්? පූසෙකුට පුළුවනිද ඉඳගෙන ඥානයට ඇහුම් කන් දෙන්න? සේවය කිරීමේ විවිධ මාර්ග බාබා පෙන්වා දෙනවා. කෙනෙකුට කිසිම දෙයක් තේරෙන්නේ නැතිනම් කියන්න: ඇල්ෆා තේරුම් ගන්නා තෙක් ඔබට කිසිම දෙයක් තේරුම් ගත නොහැකි වේවි. මේ එක් කාරණය සම්බන්ධයෙන් විශ්වාසය ඇති කරගෙන ලියන්න. නැතිනම් ඔබට එය අමතක වේවි. මායා ඔබට එය අමතක කරාවාවි. ප්‍රධානම දෙය පරමාත්ම පියාගේ හැඳින්වීමයි. අපේ පරමාත්ම පියා පරම පියායි. පරම ගුරුවරයායි. වෙන කිසිම කෙනෙක් නොදන්නා ලෝකයේ මුල මැද හා අග පිළිබඳ වූ රහස් අපට කියා දෙන්නේ ඔහුයි. මෙය පැහැදිලි කිරීමට කාලයක් ගත වෙනවා. පරමාත්ම පියාව තේරුම් ගන්නා තෙක් ඔවුන් දිගටම ප්‍රශ්න අසාවි. ඇල්ෆා තේරුම් ගන්නා තෙක් බීටාව තේරුම් ගත නොහැකි වේවි. කිසිම හේතුවකට නැතිව සැක ඇති කරගෙන ඔවුන් පොත් පත් වල මෙසේ ලියා තිබිය දී ඇයි ඔබ මෙහෙම කියන්නේ කියා අනවශ්‍ය ප්‍රශ්න අසාවි. එමනිසා, පළමුවෙන්ම සෑම කෙනෙකුටම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබාදෙන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කර්ම, අකර්ම හා පාපකර්ම පිළිබඳ වූ ගැඹුරු ඥානය තම සිහියේ තබා ගෙන පාපක්‍රියා නොකර සිටින්න. ඥානය හා යෝගාව ධාරණය කරගෙන එම ඥානය අන් අයටත් දෙන්න.

2. සත්‍ය පියාගේ සත්‍ය ඥානය දී සාමාන්‍ය මනුෂ්‍යයින් දේවතාවරුන් කරවීමේ සේවය කරන්න. පාප මඩ වඟුරෙන් සෑම කෙනෙක්වම මුදා ගන්න.

වරදානය:
ඔබගේ ශක්තිමත් මනෝ ස්ථීතියෙන්, තමන් මත පර්යේෂණය කර, ඔබගේ මනසින් සේවය කිරීමේ සහතිකය හිමි කරගනිත්වා.

ලෝකයට, ආලෝකය සහ බලයේ ආශිර්වාදය ලබා දීම සඳහා, අම්රිත් වේලාවේ සිහිපත් කිරීම තුළින් තමන් මත පර්යේෂණය කර, ශක්තිමත් වාතාවරණයක් නිර්මාණය කරන්න, එවිට ඔබගේ මනසින් සේවය කිරීමේ සහතිකය ඔබට හිමි කර ගැනීමට හැකි වෙයි. අවසන් මොහොතේ, එක බැල්මකින් අන් අයව එපිටට ගෙන යාමේ සහ තමන්ගේ ආකල්පය තුළින් අන් අයගේ ආකල්ප වෙනස් කිරීමේ සේවය ඔබ කළ යුත්තේ ඔබගේ මනසින්ය. ඔබගේ උසස් අවධානය තුළින්, සියලු දෙනාව බලවත් කරවන්න. ඔබ මේ ආකාරයෙන් ආලෝකය සහ බලය ලබා දීම පුහුණු වන විට, එවිට වාතාවරණය බාධක වලින් නිදහස් වී, මෙම බලකොටුව ශක්තිමත් වෙයි.

පාඨය:
නුවණැති කෙනෙක් යනු, සෑම ආකාරයකම සේවාවන් එකවර සිදු කරන කෙනෙකි සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින්.