18.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ මනුෂ්‍යයින් දේවතාවන් බවට වෙනස් කිරීමේ සේවය කිරීමට මහත් සේ රුචි විය
යුතුයි. ඒ වුණත් මේ සේවය කිරීමට නම්, ඔබ තුළ ගැඹුරු ධාර්ණා දිවියක් තිබීම අවශ්‍යය.
ප්‍රශ්නය:
ජීවාත්ම
සත්තාව කිළිටි වන්නේ කෙසේද? එය වැසී යන්නේ කුමන කිළිටෙන්ද?
පිළිතුර:
ජීවාත්ම සත්තාව කිළිටි වන්නේ යහළුවන් හා නෑදෑයින් පිළිබඳ ස්මෘතියෙන් සිටීමෙනි. පළමු
අංකයේ කිළුට වන්නේ ශරීරය පිළිබඳ සිහියයි. ඊළඟට එන්නේ ගිජුකම සහ ඇලීමයි. ජීවාත්ම
සත්තාවන් පාප නම්වූ කිළිටෙන් වැසී යයි. එවිට ඔවුන්ට පියා පිළිබඳ ස්මෘතිය අමතක වන
අතර සේවය කිරීමේ නොහැකියාවක් ඇතිවේ.
ගීතය:
මා හදවත ඔබ
ඇමතීමට කැමතියි ...
ඕම් ශාන්ති.
මේ ගීතය ඉතා හොඳය. දරුවන් නිසැකයෙන් ම කියන්නේ, මා ඔබට ඇහුම්කන් දුන් පසු එම දැනුම
අන් අය හා බෙදාහදා ගැනීමට කැමති බවයි. දරුවන්ට ස්මෘතිය තිබේ, එයද අවශ්‍යය. සමහර අයට
ස්මෘතිය පමණක් නොව බාබා හමු වී ද තිබේ. මිලියන ගණනකින් අතලොස්සක් පමණක් පැමිණ උරුමය
ගන්නා බව කියැවේ. දැන් ඔබේ බුද්ධිය ඉතා පළල් සහ අසීමිත වී තිබේ. පියා ද නිසැකවම
අවුරුදු 5000 කට ඉහත දී ඔබට රාජයෝගාව ඉගැන්වීමට පැමිණියේය. සියල්ලට පළමු ඔබ තේරුම්
කර දිය යුතුයි, මේ ඥානය කියා දුන්නේ කවුද කියා. මක් නිසාද යත්, එය විශාලම වරද වී
තිබේ. පියා විස්තර කර දී තිබෙනවා, සියල්ලන්ගේ මව් ග්‍රන්ථය වන ගීතාව නම් වූ මැණික
භාරතයේ ආගමික ග්‍රන්ථය බව. මිනිසුන් මෙම මව් ග්‍රන්ථය වූ මැණික, ගීතාව කියා දුන්නේ
කවුද යන්න සහ එයින් බිහි වුණේ කුමන ආගම ද යන්න අමතක කර ඇත. කොහොමනමුත්, ඔවුන් මෙසේ
ගයයි දෙවියනි, වඩින්න! දෙව් පියා නියතයෙන් ම නව පිරිසිඳු ලෝකය නිමැවීමට එනවා ඇත.
ඔහු මුළු ලොවෙහිම පියා නොවේද? භක්තිමතුන් මෙසේ ගයයි ඔබ පැමිණි විට අපට සතුට හා සාමය
ලැබිය හැක. සතුටත් සාමයත් දෙකකි. සත් යුගයේ දී, නියතයෙන් ම මෙහි සතුට ඇති නමුත් අන්
සියලු දෙනා එවිට ඉන්නේ සාම දේශයේය. මෙය හඳුන්වා දිය යුතු වේ. නව ලෝකයේ දී නව භාරතය,
රාම රාජ්‍යය ඇත. එම ලෝකයේ සතුට ඇති නිසාය එහි වර්ණනාව රාම රාජ්‍යය ලෙස කියැවෙන්නේ.
එයට රාම රාජ්‍යය යැයි කියනවා නම් මෙම රජ දහනට කිව යුත්තේ රාවණ් රාජ්‍යය කියාය.
මන්ද, මෙහි ඇත්තේ දුක නිසාය. එහි ඇත්තේ සතුටයි. පියා පැමිණ සතුට දෙයි. අන් සැම
දෙනාම සාම දේශයේ සාමය ලබනු ඇත. පියා, සාමයත් සතුටත් ගෙන දෙන්නාය. මෙහි ඇත්තේ
සාමයෙන් තොර බව සහ දුකයි. මෙම ඥානය ඔබේ බුද්ධිය තුළට වෑස්සිය යුතුය. ඒ සඳහා ඉතා හොඳ
තත්ත්වයක් අවශ්‍යය. කුඩා ළමුන්ට ද මෙය ඉගැන්විය හැකි වුවත් ඔවුන්ට එහි තේරුම විස්තර
කළ නොහැකියි. මෙය ඉතා ගැඹුරින් තබාගෙන කෙනෙක් ප්‍රශ්න ඇසුවොත් ඔබට ඔවුන්ට විස්තර කළ
හැකියි. ඔබේ මට්ටම හොඳ වීම අවශ්‍යයි. නොඑසේ නම්, ශරීර අවධානය හෝ තරහ හෝ ඇලීම නිසා
ඔබ සමහර විට පරාජය වේ. සමහරු මෙය ලියා ද එවයි බාබා අද මම තරහ නිසා පරාජය වුණා, අද
ගිජුකම නිසා පරාජය වුණා. ඔබේ මට්ටම ශක්තිමත් වූ විට පරාද ප්‍රශ්නයක් පැන නොනගී.
මනුෂ්‍යයින් දේවතාවන් කිරීමේ විශාල රුචියක් ඇති වේ. ගැයූ ගීතය ඉතා හොඳය බාබා ඔබ
පැමිණි විට අපි සතුටට පත් වන්නෙමු. පියා නියතයෙන් ම ආ යුතුයි. නැත්නම්, අපිරිසිඳු
ලෝකය පිරිසිඳු කරවන්නේ කවුද? ක්‍රිෂ්ණා ශාරීරික කෙනෙකි. ඒ සඳහා බ්‍රහ්මා, විෂ්ණු,
ශංකර්ගේ නම් සඳහන් කළ නොහැකියි. මිනිසුන් මෙසේ ගයයි පාරිශුද්ධකරුවාණනි එන්න! ඉතින්
ඔබ ඔවුන්ගෙන් මෙසේ ඇසිය යුතුයි ඔබ මේ කිව්වේ කාටද? පාරිශුද්ධකරුවා කවුද? සහ ඔහු ආවේ
කෙවිටද? පාරිශුද්ධකරුවා ඔහු වන අතර, ඔබේ අඬගැසීම අනූව මේ ලෝකය නිශ්චිතවම අපිරිසිඳු
විය යුතුය. පිරිසිඳු ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ සත් යුගයයි. කවුද අපිරිසිඳු ලෝකය
පිරිසිඳු කරවන්නේ. ගීතාවේ සඳහන් වන්නේ දෙවියන් සත්‍ය ලෙසම පැමිණ රාජයෝගා උගන්වා පාප
පරදා ඔබට ජයග්‍රාහී වීමට ඉඩ සැලසූ බවයි. ලොකුම සතුරා කාමරාගයයි. ඔබ ඔවුන්ගෙන් මෙසේ
අසන්න ඔබට රාජයෝගා උගන්වා කාමරාගය ලොකුම සතුරා යැයි කීවේ කවුද? ඔහු සර්ව ව්‍යාපී
යැයි කිව්වේ කවුද? එය ලියා ඇත්තේ කුමන ග්‍රන්ථයේද? ඔහු පාරිශුද්ධකරුවා යැයි කියා
ඇත්තේ කවුරු සම්බන්ධයෙන්ද? පාරිශුද්ධකරුවා වන්නේ ගංඟා නම් ගඟ ද, නැත්නම් වෙන යම්
කෙනෙක්ද? ගාන්ධිතුමා පවා මෙසේ කියා ඇත ඕ පාරිශුද්ධකරුවාණනි, එන්න! ගංඟා නම් ගඟ
කවදත් තිබුණා. එය අළුත් නැත. ගංඟා නම් ගඟ අවිනාශීය මහාභූත තමෝගුණී බවට පත් වී හානි
සිදු වීමට හේතු වේ. එය උතුරා ගොස් ගංවතුර ඇතිවේ. ඔවුන් එවිට එය ගලා යන දිසාව වෙනස්
කරයි. සත්යුගයේ දී හැමදේම නිසි ලෙස සිදුවේ. එහි වැස්ස අඩුවෙන් හෝ වැඩියෙන් නොතිබේ.
එහි දුක නම් ප්‍රශ්නය නැත. ඉතින් ඔබේ බුද්ධිය තුළ තිබිය යුත්තේ පාරිශුද්ධකරුවා
වන්නේ අපේ බාබා ම පමණකි කියාය. මිනිසුන් පාරිශුද්ධකරුවා සිහිකරන විට, 'අහෝ දෙවියනි,
අහෝ පියාණනි' කියා කියයි. කවුද කියන්නේ? ජීවාත්ම සත්තාවන්ය. පාරිශුද්ධකරුවා වන ශිව
බාබා පැමිණ ඇති බව ඔබ දනී. 'අශාරීරික' යන වචනය ද මෙහිදී යෙදිය යුතුමය. එසේ නොවුණොත්
ඔවුන් සිතාවි, මේ ශාරීරික කෙනා ගැන. ජීවාත්ම සත්තාවන් අපිරිසිඳු බවට පත් වී ඇති
අතර, සියලු දෙනා දෙවියන් යැයි ඔබට කිව නොහැකිය. 'මම බ්‍රහ්මා වෙමි' 'මම ශිවා වෙමි'
යන්නද එසේමය. කොහොමනමුත්, නිමවුමේ හිමිකරු වන්නේ එකම නිර්මාණකයාය. මිනිසුන් බොහෝ
සංකීර්ණ දිග තේරුම් දුන්නත් අපේ විස්තරය එක තත්පරයක් ලෙසින් කෙටි වේ. ඔබට පියාගේ
උරුමය තත්පරයක ඇසිල්ලෙන් ලැබේ. පියාගේ උරුමය වූ කලී දෙව්ලොව රජදහනයි. ඊට ජීවන්
මුක්තිය යැයි ද කියයි. මෙය ජීවිතයේ බනධනයයි. ඔබ මෙය මෙසේ විස්තර කළ යුතුයි සත්‍ය
ලෙසම ඔබ ආ විට ඔබ අපට දෙව්ලොව උරුමය වූ මුක්තියත් ජීවන් මුක්තියත් ලබාදෙයි. මේ
නිසයි ලියා තිබෙන්නේ මුක්තිය වන නිවීමත්, ජීවන් මුක්තිය වන නිවීමත් දෙකම දෙන්නේ එකම
කෙනා බව. සත් යුගයේ ඇත්තේ එකම ආදී සනාතන දේවි දේවතා ධර්මයයි. එහි දුක යන නම හෝ
පුළුටක් හෝ නැත. එය සතුටේ දේශයයි. එය වූ කලී සූර්ය වංශික රජ දහනයි. ඉන්පසු රිදී
යුගය වූ කලී චන්ද්‍ර වංශයේ රජදහනයි. ඊළඟට තඹ යුගයේ දී ඉස්ලාම්වරු සහ බොදුනුවෝ එති.
මුළු කොටසම නිෂ්චිතයි. කුඩා තිතක් වැනි ජීවාත්ම සත්තාවේ සහ උත්තරීතර ජීවාත්ම
සත්තාවේ මෙතරම් ලොකු කොටසක් ඇතුළත් වී ඇත. ශිව බාබාගේ පිංතූරයේ ද ඔබ මෙසේ ලිවිය
යුතුය මා ශිව ප්‍රතිමාව වැනි විශාල බිත්තර හැඩයක් නොවේ. මා තරුවක් මෙනි. ජීවාත්ම
සත්තාවන් ද තරුය. එය මෙසේ සිහිකරයි විශ්මිත තරුවක් නළල මධ්‍යයේ දිදුලයි. ඉතින්
ජීවාත්ම සත්තාව එවැනියි. මා උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්ම සත්තාවයි.
කොහොමනමුත්, මා උත්තරීතර කෙනාය. පාරිශුද්ධකරුවාය. මගේ දිව්‍ය ගුණ පැහැදිලිය. ඒ නිසා
සියලුම දිව්‍ය ගුණ ලිවිය යුතුය. එක් පසෙක ශිව වරුණ තිබෙන අතර අනෙක් පස ශ්‍රී
ක්‍රිෂ්ණා වරුණ ලියන්න. ඒවා එකිනෙක වෙනස්ය. ඔබ මෙය පැහැදිලිව ලියූ විට මිනිසුන් එය
කියවා පැහැදිලිව තේරුම් ගනීවි. දෙව් ලොව සහ අපාය, සතුට සහ දුක, ක්‍රිෂ්ණාගේ රැය හා
දවාල කිව්වත්, බ්‍රහ්මාගේ රැය හා දවාල කිව්වත් දෙකම එකයි. ඔබ දන්නවා සතුටත් දුකත්
දිගටම ඇති විධිය. සූර්ය වංශයට කලා 16 ක් ඇති අතර චන්ද්‍ර වංශයට ඇත්තේ කලා 14 කි.
එකක් සම්පූර්ණ සතෝප්‍රධාන් වන අතර, අනෙක සතෝ වේ. සූර්ය වංශයේ අය පසුව චන්ද්‍ර වංශයේ
කොටසක් බවට පත් වේ. සූර්ය වංශිකයින් රිදී යුගයට යන විට ඔවුන් චන්ද්‍ර වංශයේ පරපුරට
උපදින අතර රාජකීය තත්ත්වය ද ලබයි. මේවා ඔබේ බුද්ධිය තුළ හොඳින් තබා ගත යුතුය. ඔබ
කොතරම් දුරට ස්මෘතියේ සිටී ද, ජීවාත්ම සත්තාවක් වශයෙන් සිටී ද, ඒ තාක් දුරට මේවා
උකහා ගැනීමට හැකි වේ. ඔබ හොඳින් සේවය ද කරයි. ඔබ ඉතා පැහැදිලිව අන් අයට මෙසේ කියන්න
මම භාවනාවට මෙසේ වාඩි වෙමි, මම මෙසේ කරුණු උකහා ගනිමි, මම මෙසේ විස්තර කරමින් අන්
අයට විස්තර කර දීම සඳහා ඥාන සාගරය කළතා මතගාමි. ඔබේ මතගෑම සැමවිට දිගටම සිදුවේ.
දැනුම නැති අය පිළිබඳ කාරණය වෙනම දෙයකි. ඔවුන් කිසිවක් උකහා නොගනී. ඔවුන් ඥානය උකහා
ගත්තොත් සේවය ද කළා වෙයි. දැන් සේවය ඉතා වේගයෙන් වැඩි වෙමින් තිබේ. දිනෙන් දින ඔබේ
වරුණ ද වැඩි වේ. එවිට බෙහෝ මිනිසුන් ඔබේ ප්‍රදර්ශන කරා පැමිණේවි. බොහෝ පිංතූර සෑදිය
යුතුව තිබේ. විශාල කූඩාරමක් සෑදිය යුතු වේ. ඇත්තෙන් ම මේවා විස්තර කිරීමට හොඳ
ඒකාග්‍රතාවයක් අවශ්‍යය. අපේ ප්‍රධාන පිංතූර වන්නේ කල්ප වෘක්ෂය, චක්‍රය සහ ලක්ෂ්මි
නාරායන් පිංතූරයයි. රාධේ ක්‍රිෂ්ණා පිංතූරයෙන් ඔවුන් කවුදැයි තේරුම් ගැනීමට
මිනිසුන්ට නොහැකි වී ඇත. මේ කාලයේ දී පියා ඔබව ඒ අය මෙන් පිරිසිඳු කරවන බව ඔබ දනී.
හැම කෙනාම එකම තරමින් පරිපූර්ණ නොවේ. ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වෙයි, පිරිසිඳු
වුවත් හැම කෙනාම ඥානය එක ලෙස උකහා නොගනී. හරියටම දැනුම නොගන්නා අය ගැන කිව හැක්කේ
ඔවුන්ගේ තත්ත්වය අඩු බව තේරුම් ගැනීමයි. දැන් ඔබේ බුද්ධිය ඉතා තියුණු වී ඇත. හැම
පංතියකම එන අනුපිළිවෙලක් ඇත. සමහරු දක්ෂ අතර සමහරු මන්ද උත්සාහීය. මෙයද
අනුපිළිවලිනි. හොඳ කෙනෙකුට ඥානය විස්තර කිරීමට තුන්වන පංතියේ කෙනෙක් යෙදවූවොත්
ඔවුන් සිතයි මෙහි කිසිවක් නැත කියා. මේ නිසයි හොඳ කෙනෙකුට විස්තර කිරීමට, හොඳ
කෙනෙක් උත්සාහ දැරිය යුත්තේ. හැම කෙනෙක් ම එකම ලෙසින් සමත් නොවේ. බාබා වෙත සීමාවක්
ඇත. හැම චක්‍රයකම මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වේ. සමත් වන අයගෙන් පළමු අට
දෙනා, ඊළඟට සියයක්, ඊළඟට 16,000 ක් සහ ඉන් පසු යටත් වැසියන් ආදී වශයෙනි. එහිද ධනවත්
වැසියෝ, දුප්පත් ආදී ලෙස විවිධය. හැම කෙනෙක්ගේම මෙකල කරන උත්සාහයේ ස්වභාවය අනූව ඔහු
ලැබීමට සුදුසු තත්ත්වය තේරුම් ගත හැකිය. ගුරුවරයෙක් මේ ගැන විමසිලිමත් ය. ගුරුවරුන්
ද අනුපිළිවළිනි. සමහර ගුරුවරු සෑම කෙනෙක්ගේම හිත දිනාගෙන හොඳ ඉගෙනීමක් කරමින් බොහෝ
සෙනෙහසද දෙයි. කුඩා මධ්‍යස්ථානයක් ලොකු බවට පත් කරන්නේ හොඳ ගුරුවරයෙක් පමණි. ඔබ
බොහෝ දේ කළ යුතුව ඇත්තේ බුද්ධියෙනි. ඥාන මාර්ගයේ දී ඔබ අත්‍යන්තයෙන් ම මිහිරි විය
යුතුය. ඔබ මිහිරි වන්නේ මිහිරි පියා සමඟ පූර්ණ යෝගාවෙන් සිටින විටදී වන අතර එවිට
ඔබට උකහා ගැනීමට හැකි වේ. එවන් මිහිරි බාබා සමඟ බොහෝ අයට යෝගා නැත. ගෙදර පවුලත් සමඟ
සිටිමින් ම පියා සමඟ පූර්ණ යෝගාවෙන් සිටීම ඔවුන් තේරුම්ගෙන නැත. මායාගේ කුණාටු
නියතයෙන් ම එයි. සමහරුන්ට පරණ යාළුවන් සහ නෑදෑයින් සිහිවන අතර, ඇතැමෙකුට වෙනත් දේ
සිදුවේ. යාළුවන් හා නෑදෑයන් සිහිකිරීමෙන් ජීවාත්ම සත්තාව කිළිටි වේ. ජිවාත්ම සත්තාව
තුළ අනවශ්‍ය දේ ඇති විට ඔහු බියට පත්වේ. මෙහිදී ඔබ බියට පත්විය යුතු නැත. මායා එය
කරාවි. අනවශ්‍ය දේ ඔබ මත පතිත වේවි. හෝලි උත්සවයේ දී ඒවා ගින්නට දැමේ. අපි බාබාගේ
ස්මෘතිය තුළ රැඳී සිටියොත්, කුණු එකතු වන්නේ නැත. පියා අමතක වූවොත් අංක එකේ කසලය වන
ශරීර අවධානය ඔබව පරාද කරවාලයි. ඉන් පසු ගිජුකම, ඇලීම ආදී සියල්ල එයි. ඔබ, ඔබ සඳහා ම
උත්සාහයක් කර උපයාගත යුතු අතර අන්අයද එසේ ඔබ හා සමාන කරලීමට උත්සාහ කරන්න.
මධ්‍යස්ථාන වල හොඳ සේවයක් සිදුවේ. මෙහි ආ විට ඔවුන් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට
කටයුතු කරන බව කීවත් පිටත් වූ විට එය අහෝසි වෙයි. බාබාම ඔවුන්ට අමතක වන හැටි කියයි.
ඔබ අන් අයට තේරුම් කිරීමට සුදුසු වීමට නම්, මෙහිදී බතී ක්‍රියාමාර්ගය කළ යුතුය.
වඩාත්ම වැඩියෙන්ම මිහිරි වන්නේ ශිව බාබා හා සම්බන්ධයයි. ඔබ කුමන ආකාරයේ සේවයක්
කරන්නේ දැයි තේරුම් ගත හැකියි. ඔබ භෞතික සේවයක් කිරීමෙන් ද නියතයෙන් ම ප්‍රතිඵල
ලබයි. බොහෝ අය අමාරු වැඩ කරයි. කොහොමනමුත්, මෙහිදී විෂයයන් ඇත. මෙම ආධ්‍යාත්මික
අධ්‍යයනයේත් අනෙක් අධ්‍යයනයේ මෙන් විෂයයන් ඇත. අංක එකේ විෂයය ස්මෘති යෝගාවයි.
ඉන්පසු අධ්‍යයනයයි. අන් ඒවා අදෘෂ්‍යමානය. මෙම නාටකය තේරුම් ගත යුතුයි. හෑම යුගයක් ම
අවුරුදු 1250 ක් බව කිසිවෙක් නොදනී. සත් යුගය කොපමණ කල්ද? හොඳයි කුමන ආගමද එහි
තිබුණේ? මෙහිදී උපරිම උපත් ගණනක් ඇත්තේ කාටද? බොදුනුවන් සහ ඉස්ලාම්වරුන් ආදිය ඒතරම්
උපත් නොගනී. කිසිකෙනෙක්ගේ බුද්ධිය තුළ මේවා නැත. ආගමික ග්‍රන්ථ හදාරන්නන්ගෙන් මෙසේ
අසන්න ඔබ දේව වාක්‍යයක් යැයි කියන්නේ කුමකටද? ගීතාව වන්නේ මැණිකයි. සියලුම ආගමික
ග්‍රන්ථ වලට පණ දෙන මවයි. භාරතයේ මුලින් ම තිබුණේ දේවතා දහමයි. ඔවුන්ගේ ග්‍රන්ථය
කුමක්ද? ගීතාව කිව්වේ කවුද? ඒවා ක්‍රිෂ්ණා දෙවියන්ගේ වචන විය නොහැකියි. ස්ථාපනය සහ
විනාශය දෙවියන්ම පමණක් කරන කාර්යයි. ක්‍රිෂ්ණාට දෙවියන් යැයි කියන්නේ නැත. ඔහු ආවේ
කවදාද? ඔහුගේ දැන් ස්වරූපය කුමක්ද? ඔබ නියතයෙන්ම ක්‍රිෂ්ණාගේ සහ ශිව බාබාගේ වරුණ
එකිනෙක ඉදිරියේ ලියන්න. ගීතාවේ දෙවියන් වන්නේ ශිවාය. ශ්‍රී ක්‍රිෂ්ණා ඒ තත්ත්වය ලබා
ගත්තේ එය මඟිනි. ක්‍රිෂ්ණාගේ උපත් 84ත් දක්වා ඇත. අවසානයේ දී ඔබ බ්‍රහ්මා ලෙස
හදාගත් පිංතූරය ද පෙන්විය යුතුය. එය හරියට අප තුළ උපත් 84ක මාලය ඇතිවා මෙනි. ඔබ
නියතයෙන්ම ලක්ෂ්මි නාරායන් අයගේ ද උපත් 84 පෙන්විය යුතුය. ඔබ මේවා පිළිබඳව තව
දුරටත් රාත්‍රියේ දී ඥානය මතගාන්න. ජීවන් මුක්තිය තත්පරයක ඇසිල්ලෙන් ලැබේ. එයට
ලිවිය යුත්තේ කුමක්ද? ජීවන් මුක්තිය යනු දෙව්ලොව යාමයි. කොහොමනමුත්, දිව්‍යලෝකයේ
නිර්මාණක වූ පියා ආ විට ඔබ ඔහුගේ දරුවන් බවට පත් වී, ඒ නිසාම දෙව් ලොව හිමිකරුවන්
බවට ද පත් විය හැකිය. සත් යුගය වූ කලී පිරිසිඳු, පුණ්‍යවන්ත ජීවාත්ම සත්තාවන්ගේ
ලෝකයයි. මෙම කළියුගය පාපී ජීවාත්ම සත්තාවන් සහිත ලෝකයයි. එය පාපයෙන් තොර ලෝකයයි.
එහි රාවණ්, මායා රජදහන නැත. අපට එහිදී මෙම ඥානය නැති වුවත් අපට මෙසේ සිතීමක් ඇත මා
ජීවාත්ම සත්තාවක් වන අතර මෙම ශරීරය වයසට පත් වූ විට දැන් මා මෙය හලා දැමිය යුතුය.
මෙහිදී කිසිවෙකුට ජිවාත්ම සත්තාව ගැන හෝ ඥානය නොමැත. ඔබ පියාගෙන් ජීවන් මුක්ති
උරුමය ලබයි. ඉතින් ඔබ ඔහුව සිහිපත් කළ යුතුමයි. පියා මෙසේ අණ කරයි මන්මනාභාව්!
ගීතාවේ 'මන්මනාභාව්' යැයි කීවේ කවුද? කාටද මෙසේ කිව හැක්කේ? 'මා සිහිකරන අතර
විෂ්ණුගේ දේශය ද සිහිකරන්න'. ක්‍රිෂ්ණාට පාරිශුද්ධකරුවා යැයි කිව නොහැක. කිසිවෙක්
උපත් 84 රහස නොදනී. ඉතින් ඔබ සැමට මෙය විස්තර කර දිය යුතුයි. මේවා තේරුම් ගෙන ඔබටත්
අන් අයටත් යහපත සැලසූ විට ඔබට ද සැලකිල්ලක් ලැබේ. නිර්භයව දිගටම සැමවිට සැමතැන
යන්න. ඔබ අප්‍රසිද්ධයි. ඔබ විවිධ ඇඳුම් මාරුකරමින් සේවයට යන්න. ඔබ වෙත සැමවිටම
පිංතූර තිබිය යුතුය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා
සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මිහිරි
පියා සමඟ පූර්ණ ලෙස යෝග වී අත්‍යන්තයෙන් මිහිරි වෙමින් ජීවාත්ම සත්තා අවධානයෙන්
සිටින්න. ඥාන සාගරය මතගා, පළමුව ඔබ තුළට උකහා ගෙන ඉන්පසු අන් අයට විස්තර කරන්න.
2. ඔබේ මානසික මට්ටම
ශක්තිමත් කර ගන්න. නිර්භය වන්න. මනුෂ්‍යයින් දේවතාවන් බවට පරිවර්ථනය කිරීමේ සේවය
කිරීමට රුචි වන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් සතුටේ පෝෂණය කමින් අන් අයට කැවීමෙන්, සතුටේ භාග්‍යය ඇතිව සතුටු
තත්ත්වයක රැඳී සිටිත්වා.
ඔය දරුවන්ට සැබෑ
අවිනාශී ධනය තිබේ, එබැවින් ධනවත්ම අය ඔබයි. ඔබ කන්නේ වියළි චපාති පමණක් වුවද, එම
වියළි චපාති සතුටේ පෝෂණයෙන් පිරී තිබේ. වෙන කිසිවක් අවශ්‍ය නැත. හොඳම පෝෂණය, සතුටේ
චපාති, කන අය ඔබයි, එබැවින් ඔබ නිරන්තරයෙන් සිටින්නේ සතුටු තත්ත්වයකයි. එබැවින්
නිරතුරුවම මෙම සතුටු ස්ථිතියේ රැඳී සිටින්න, එවිට ඔබව දකින අන් අයත් සතුටට පත්
වෙයි, ඔබ සතුටේ භාග්‍යය ඇති ජීවාත්ම ලෙස හැඳින්වෙන්නේ එවිට පමණයි.
පාඨය:
දැනුමින්
පිරිපුන් පුද්ගලයෙක් යනු එකදු සිතිවිල්ලක් හෝ වචනයක්වත් අපතේ නොහරින කෙනෙකි.