19.01.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, භෞතික ශරීරයක් සිහි කරනවා යනු, භූත අවධානයට පත් වීමයි. මන්ද, ශරීර සෑම එකක්ම නිර්මාණය වී තිබෙන්නේ මහා භූත වලිනි. ජීවාත්ම අවධානයට පත් වී ඔබ අශරීරික පියාව සිහි කළ යුතුයි.

ප්‍රශ්නය:
පියා විසින් පමණක් කෙරෙනා වඩාත් උසස්ම වූ කාර්යයන් මොනවාද?

පිළිතුර:
මුළු තමෝප්‍රධාන් ලෝකයම නිරන්තර සතෝප්‍රධාන් හා සතුටින් පිරි ලෝකයක් බවට පත් කරවීම පියා විසින් කරගෙන යන ඉතාමත් ශ්‍රේෂ්ඨ කාර්යයක් වේ. මෙම උසස් කාර්යය නිසා, ඔහුගේ ස්මාරකය ඉතාමත් ශ්‍රේෂ්ඨ ලෙස නිර්මාණය වී තිබෙනවා.

ප්‍රශ්නය:
මුළු නාටකයේම රහස් එළි වන්නේ කුමන පද දෙක මඟින්ද?

පිළිතුර:
වන්දනා ලබන්නන් හා වන්දනා කරන්නන්. ඔබ වන්දනා ලබනා තත්ත්වයේ සිටි විට ඉතාමත් උසස් අය වශයෙන් සිටියේ ඔබයි. පසුව ඔබ මධ්‍යම තත්ත්වයට පැමිණ ඉන් අනතුරුව පහළටම බැස්සා. මායා ඔබව වන්දනා ලබනා තත්ත්වයෙන් වන්දනා කරන්නන් බවට පත් කෙරෙව්වා.

ගීතය:
පළඟැටියන්ගේ කණ්ඩායම තුළ පහන දැල්වී ඇත...

ඕම් ශාන්ති.
පරමාත්ම දෙවියන් දැන් පැමිණ මනුෂ්‍යයින්ව දෙවියන් කියා හඳුන්වන්න බැහැයි කියා දරුවන් වන ඔබට පැහැදිලි කර කියා දෙනවා. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර්ට පවා ස්වරූප ඇතත් ඔවුන්ටත් දෙවියන් යැයි කිව නොහැක. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයේ වාසස්ථානය ඔවුන්ට වඩා ශ්‍රේෂ්ඨයි. ප්‍රභූ, ඊෂ්වර, භගවාන් වැනි නම් යොදා හඳුන්වන්නේ ඔහුව පමණයි. මිනිසුන් හඩ නඟන විට, ඔවුන් ඉදිරියේ සූක්ෂම හෝ භෞතික ස්වරූප ඔවුන්ට දැකිය නොහැක. මෙන්න මේ නිසා තමයි මනුෂ්‍ය ස්වරූප වලට ඔවුන් දෙවියන් කියා අමතන්නේ. සන්යාසී කෙනෙක් දුටු විට පවා ඔවුන් කියන්නේ ඒ දෙවියන්ය කියායි, කොහොමනමුත්, පරමාත්ම දෙවියන් ඔහු විසින්ම පැහැදිලි කර කියා දෙනවා: මනුෂ්‍යයින් දෙවියන් වෙන්න බැහැ. බොහෝ අය අශරීරික දෙවියන්ව බොහෝ සේ සිහිකරනවා. ගුරූන් විසින් හදා නොගත් අයට හෝ කුඩා දරුවන්ට උත්තරීතර ජීවාත්මය සිහි කරන්න යැයි උගන්වනවා. කොහොමනමුත්, ඔවුන් විසින් සිහි කළ යුත්තේ කුමන උත්තරීතර ජීවාත්මයද යන්න ඔවුන්ට කියා දී නැහැ. ඔවුන්ගේ බුද්ධියේ ඒ පිළිබඳ රූපයක් නැහැ. දුකක් දැනුණු විට, අහෝ දෙවියනි! කියා කියනවා. ගුරූ කෙනෙකුගේ හෝ දේවතාවරයෙකුගේ පින්තූරයක් ඔවුන් ඉදිරියට මැවී පෙනෙන්නේ නැහැ. ගුරූන් රාශියක් ළඟට ගිහින් හිටියා වුණත්, අහෝ දෙවියනි කියා කියූ විට, ඔවුන්ට ඔවුන්ගේ ගුරූව මතක් වෙන්නේ නැහැ. ගුරූ කෙනෙක්ව මතක් කර කර ඔහුට දෙවියන් කියා කිව්වා වුණත්, ඔහුත් තවත් ඉපදීම හා මරණය යන චක්‍රයට ඇතුළුවන මනුෂ්‍යයෙකි. එමනිසා, මින් අදහස් වන්නේ පංච මහා භූතයන්ගෙන් සෑදුණු ශරීරය නම් වන භූතයින් පස් දෙනෙක්ව සිහි කිරීම යන්නයි. ජීවයකට භූතයෙක් කියා කියන්නේ නැහැ. ඉතින් එය පංච මහා භූත වන්දනා කිරීමක් පමණයි. ඔවුන්ගේ සිහියේ යෝගාව ශරීර වලට යොමු වෙලා. ඔවුන් මිනිසෙක්ව දෙවියන් කියා සැලකුවේ නම්, එතනදී එය, ඔවුන් එම ශරීරයේ සිටින ජීවාත්මය සිහි කරනවා යන්න නොවෙයි: නැත. ජීවාත්මයක් ඒ සෑම කෙනෙක් තුළම සිටිනවා: සිහිපත් කරන කෙනා තුළත් සිටිනවා සිහි කිරීමට ලක්වන කෙනා තුළත් සිටිනවා. දෙවියන් සර්ව ව්‍යාපී කියා මිනිස්සු කියනවා. කොහොමනමුත්, දෙවියන් පාපකාරී ජීවාත්මයක් කියා නම් ඔබට කියන්න බැහැ. ඇත්තෙන්ම කියනවා නම්, උත්තරීතර ජීවාත්මය කියා කෙනෙක් කියූ විට, ඔහුගේ සිහිය යන්නේ අශරීරික ඒකායන කෙනා වෙතටයි. අශරීරික ජීවාත්ම අශරීරික පියාව සිහි කරනවා. එය හඳුන්වන්නේ ජීවාත්ම අවධානය යනුවෙනි. භෞතික ශරීර සිහි කරනා අය සිටින්නේ භූත අවධානයෙනි. භූතයින් භූතයින්ව සිහි කරනවා. මන්ද, තමන් ජීවාත්ම කියා සිතනවා වෙනුවට ඔවුන් සිතන්නේ තමන් පංච මහා භූතයන්ගෙන් එක්ව සෑදුණු ශරීර වශයෙනි. ඔවුන්ගේ නමත් දී තිබෙන්නේ ශරීරයටයි. ඔවුන් තම තමන් අශරීරික ජීවාත්ම කියා සැලකුවා නම්, ඔවුන් අශරීරික දෙවියන්ව සිහි කරනු ඇත. සෑම ජිවාත්මයක් අතරම තිබෙනා සම්බන්ධතාවන්ගෙන් පළවෙනිම එක ඇත්තේ පරමාත්ම දෙවියන් සමඟයි. ජීවාත්ම දුකින් සිටිනා විට දෙවියන්ව සිහි කරනවා. ඔවුන්ට ඔහු සමඟ නෑ සම්බන්ධතාවයක් තිබෙනවා. ඔහු සෑම ජීවාත්මයක්වම සියලු දුකින් ගලවා ගන්නවා. ඔහු ගිනිදැල්ල වශයෙනුත් හඳුන්වනවා. එය ආලෝකයක් ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඔහු උත්තරීතර පියායි, උත්තරීතර ජීවාත්මයයි. මිනිසුන් ඔහුව දැල්ලක් ලෙස හඳුන්වන විට ඔවුන් සිතන්නේ ඔහු ආලෝකයයි කියාය. පරම පියාම දැන් පැහැදිලි කර කියා දී තිබෙනවා: මා උත්තරීතර ජිවාත්මය වන අතර මා හඳුන්වන්නේ ශිවා යන නමින්ය. ශිවා, රුද්‍රා යනුවෙනුත් හඳුන්වනවා. ඒ අශරීරික ඒකායන කෙනාට, නම් රාශියක් තිබෙනවා. එතරම් නම් ප්‍රමාණයක් වෙන කිසිම කෙනෙක්ටත් නැහැ. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර්ටත් එකිනෙකාට ඇත්තේ එක එක නමයි. සෑම ශාරීරික මනුෂ්‍යයෙක්ටම ඇත්තේ එක නමකි. එකම එක පරමාත්ම දෙවියන්ට පමණක් නම් රාශියක් දී ඇත. ඔහුගේ ගුණ අසීමිතයි. මනුෂ්‍යයින්ට එක් නිෂ්චිත නමක් තිබෙනවා. ඔබ දැන් ජීව මරණයක් ලබා තිබෙනා නිසා එම අතීතයේ සෑම දෙයක්ම අමතක කර දැමීමට ඔබට දැන් අළුත්ම නමක් දී තිබෙනවා. උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මය ඉදිරියේ ඔබ ජීව මරණයක් ලබා ගත්තා. ඉතින් මෙය තමයි ඔබ ජීව මරණයක් ලද උපත වන්නේ. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම මවට හා පියාට දාව උපත ලබනවා. පියා දැන් මෙහි ඉඳගෙන ඔබට මෙම ගැඹුරු කරුණු කියා දෙනවා. ලෝකය ශිවා ගැන දන්නේ නැහැ. ඔවුන් බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් ගැන දන්නවා. බ්‍රහ්මාගේ දිනය හා බ්‍රහ්මාගේ රාත්‍රිය ගැනත් ඔවුන් කතා කරනවා. ස්ථාපනය සිදු වන්නේ බ්‍රහ්මා මාර්ගයෙන් කියා ඔවුන් අසා තිබෙනවා. නමුත් එය සිදු වන්නේ කෙසේද කියා ඔවුන් දන්නේ නැහැ. ඔහු තමයි නිර්මාණය කරන්නා. ඉතින් ඔහු අනිවාර්යෙන්ම නව ආගමක් හා නව ලෝකයක් නිර්මාණය කරනු ඇත. ඔහු බ්‍රහ්මා මඟින් කරන්නේ බ්‍රහ්මින් කුලය නිර්මාණය කිරීම පමණයි. බ්‍රහ්මිණ්වරුන් වන ඔබ සිහි කළ යුත්තේ උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයයි, බ්‍රහ්මාව නොවෙයි, මන්ද, ඔබව බ්‍රහ්මා මඟින් අයිති වන්නේ ඔහුටයි. බාහිර සමාජයේ වෙසෙනා ශරීර අවධානයේ සිටිනා බ්‍රාහ්මණවරු තමන් බ්‍රහ්මාගේ දරුවන් කියා හඳුන්වා ගන්නේ නැහැ, ශිවාගේ මුණුබුරන් වශයෙන් දකින්නේත් නැහැ. ශිව බාබාගේ උපන් දිනය පවා ඔවුන් සමරණවා, නමුත්, ඔහුව නොදන්නා නිසා, ඔවුන් ඔහුව අගය කරන්නේ නැහැ. ඔහුගේ දේවාලය වෙත ගොස් ඔහු බ්‍රහ්ම, විෂ්ණු, ශංකර් හෝ ලක්ෂ්මි සහ නාරායන නොවන වග ඔවුන් අවබෝධ කර ගන්නවා. ඔහු අනිවාර්යෙන්ම අශරීරික උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයයි. සෑම නළුවෙක්ටම තම තමන්ට වෙන් වූ චරිත කොටස් තිබෙනවා. නැවත උපත් ගත්තා වුණත්, ඔවුන්ට ඔවුන්ගේම නම් දෙනවා. භෞතික නමක් හෝ රූපයක් නොමැති එකම එක කෙනා උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයයි. කොහොමනමුත්, මෝඩ බුද්ධියක් තිබෙනා මිනිස්සු, කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. දෙවියන්ගේ සිහිවටනයක් තිබෙනා නිසා, ඔහු අනිවාර්යෙන්ම පැමිණ දෙව්ලොව ස්ථාපනය කළා විය යුතුයි. එසේ නොමැතිනම්, දෙව්ලොව නිර්මාණය කරන්නේ කවුද? ඔහු නැවතත් වතාවක් පැමිණ මෙම රුද්‍රාගේ ඥානය නම් වූ යාගය නිර්මාණය කළා. තමන් දැන් මෙහිදී තමන්ව බිලි දිය යුතු වන නිසා මෙය හඳුන්වන්නේ බලි යාගයක් වශයෙනුයි. බොහෝ පුද්ගලයන් බොහෝ බලියාග පවත්වනවා. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ කෙරෙනා භෞතික බලි යාගයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පැමිණ දැන් මෙම බලි යාගය නිර්මාණය කරනවා. ඔහු දරුවන් වන ඔබට උගන්වනවා. යාගයක් නිර්මාණය කළ විට, ඒ බ්‍රහමණවරු ග්‍රන්ථ හා ආගමික කතාන්දර ආදිය කියවනවා. මෙම පියා දැනුමින් පිරි කෙනායි. ඒ ගීතාව, භගවතය හා අනිකුත් සෑම ආගමික ග්‍රන්ථයක්ම අයිති භක්ති මාර්ගයටයි. භෞතික යාගහෝම අයිති වන්නේත් භක්ති මාර්ගයටයි. මෙය තමයි භක්ති මාර්ගයේ කාලය. කලි යුගයේ අවසානය පැමිණි විට, භක්තියත් අවසන් වෙනවා. පරමාත්ම දෙවියන් පැමිණ ඔබව මුණගැසෙන්නේ එවිට පමණයි. මන්ද, ඔබ කරනා ලද භක්තියේ ඵලය ඔබට ලබා දෙන්නේ ඒ ඒකායන ඔහුයි. ඥානයේ සූර්යයා ලෙස ඔහුව හඳුන්වනවා. ඥානයේ සූර්යයා, ඥානයේ චන්ද්‍රයා හා වාසනාවන්ත තාරුකාවන් රාශියකුත් සිටිනවා. අච්චා, ඥානයේ සූර්යයා වන්නේ පරම පියාය. එවිට, එහි මව, ඥානයේ චන්ද්‍රයා ද සිටිය යුතුයි. එසේ නම්, ඔහු ඇතුළු වන ශරීරය තමයි මව, ඥානයේ චන්ද්‍රයා වන්නේ. අන් සෑම කෙනෙක්ම දරුවන්ය, වාසනාවන්ත තාරුකාවන්ය. මෙම ගණනය කිරීමට අනුව, ජගදම්බා වාසනාවන්ත තාරුකාවකි, මන්ද, ඔබ දරුවන්ය. තරු අතරිනුත් ඇතැම් ඒවා දීප්තිමත්ය. මෙහි සිදු වන්නේත් එයමයි. ඒවා අහසේ තිබෙනා භෞතික සූර්යයා, චන්ද්‍රයා හා තාරුකාවන්ය. නමුත් මෙම කරුණු අදාළ වන්නේ ඥානයටයි. එලෙසින්ම, ඒවා වතුරින් සෑදුණු ගංගාවන් නමුත් මේවා ඥානයේ සාගරයෙන් බිහි වුණු ඥානයේ ගංගාවන්ය. මිනිස්සු ශිවාගේ උපන් දිනය සමරණවා. එමනිසා, මුළු ලෝකයේම පියා අනිවාර්යෙන්ම එනවා. ඔහු අනිවාර්යෙන්ම පැමිණිය යුතු අතර දෙව්ලොව නිර්මාණය කළ යුතු වෙනවා. පියා පැමිණෙන්නේ අතුරුදහන් වී ඇති ආදී සනාතන දේවි දේවතා ධර්මය නැවතත් ස්ථාපනය කිරීම සඳහාය. ආණ්ඩුව ආගම ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ තමන්ට ආගමක් නැහැයි කියලයි. ඔවුන් නිවැරදියි. පියා ද පවසන්නේ, භාරතයේ ආදී සනාතන දේවි දේවතා ධර්මය මේ වන විට අතුරුදන් වී ඇත. ආගම ශක්තියයි. භාරතයේ මිනිස්සු දේවතා ධර්මයේ සිටි කල ඔවුන් ඉතාමත් සතුටින් සිටියා. සියලු බල ඇති අධිරාජ්‍යයක් තිබුණා. මහත් උසස් ජීවාත්ම රාජ්‍යය පාලනය කරමින් සිටියා. ඉතාමත් උසස් ජීවීන් වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී ලක්ෂ්මි හා ශ්‍රී නාරායනුයි. අංක අනුව ඉහළම හා පහළම ලෙසින් තිබෙනවා. ජීවාත්ම අතුරින් ඉහළම ඉහළ ජීවාත්ම, මධ්‍යම තත්ත්වයේ සිටිනා ජීවාත්ම හා පහත් තත්ත්වයක සිටිනා ජීවාත්ම සිටිනවා. පළමුවෙන්ම වඩාත්ම උසස් ජීවාත්ම බවට පත් වුණු අය පසුව මධ්‍යම හා පහත් තත්ත්ව වලට පැමිණෙනවා. එමනිසා, ඉතාමත් උසස්ම දෙදෙනා වන්නේ ලක්ෂ්මි හා නාරායනුයි. සෑම මනුෂ්‍ය ජීවියෙකුටම වඩා, උසස්ම අය වන්නේ ඔවුනුයි. පසුව ඔවුන් පහළට පැමිණි පසු, දේවතා තත්ත්වයෙන්, ඔවුන් ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර තත්ත්ව වලට පත් වේ. සීතා හා රාමා ශ්‍රේෂ්ඨයින් වශයෙන් සලකන්න බැහැ. සියලු රජවරුන්ගෙන් රජ හා රැජිණ වන්නේ, ඉතාමත් උසස් සතෝප්‍රධාන් අය වන්නේ ලක්ෂ්මි හා නාරායනුයි. ඒ සෑම දෙයක්ම දැන් ඔබගේ බුද්ධියේ තිබෙනවා. මෙම ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද? පළමුවෙන්ම, ඔවුන් උසස්ම වන අතර පසුව ඔවුන් මධ්‍යම සහ ඉන් පසුව පහත් අය බවට පත්වේ. මේ මොහොත වන විට මුළු ලෝකයම තමෝප්‍රධාන් වී ඇත. දැන් ඔබ විසින් උපන් දිනය සමරණා පියා මෙය පැහැදිලි කරනවා. ඔබට මිනිසුන්ට පැවසිය හැකියි, මීට වසර 5000කට පෙර උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, ශිවා මෙහි පැමිණියා කියා. එසේ නොමැතිනම්, ඔවුන් ශිවාගේ උපන් දිනය සමරන්නේ ඇයි? උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මය අනිවාර්යෙන්ම දරුවන්ට තෑග්ගක් ගෙන ඒවි, පසුව අනිවාර්යෙන්ම උසස් කාර්යය කරගෙන යාවි. ඔහු මුළු තමෝප්‍රධාන් ලෝකයම සතෝප්‍රධාන් කරවා නිරන්තර සතුට ලබා දෙනවා. ඔහු උසස් වන තරමටම, ඔහු වෙනුවෙන් වන සිහිවටනයත් ඒ තරමටම ශ්‍රේෂඨ වනවා ඇත. ඔවුන් එම කෝවිල මංකොල්ල කෑවා. මිනිසුන් ධනය වෙනුවෙන් අන් අයට පහර දෙති. ධනය නිසා මිනිස්සු පිටරට වලින් පවා පැමිණියා. එකලත් බොහෝ ධනස්කන්ධයක් තිබී ඇත. කොහොමනමුත්, මායා, රාවණ් භාරතය බෙලි කටුවක් වැනි තත්ත්වයට පත් කළ අතර දැන් පියා පැමිණ එය දියමන්තියක් බවට පත් කරවනවා. එවන් ශිව බාබා කෙනෙක් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහු සර්ව ව්‍යාප්තියි කියා තමයි ඔවුන් කියන්නේ. එසේ කීම වැරැද්දක්. ඔබගේ බෝට්ටුව එතෙර කරවනා සත්ගුරූ ඒකායන කෙනා පමණයි. කොහොමනමුත්, ඔබව ගිල්වන අය නම් බොහෝ දෙනෙක් සිටිති. සෑම කෙනෙක්ම විෂ සාගරයේ ගිලෙමින් සිටියි, ඒ නිසයි ඔවුන් මෙසේ පවසන්නේ: කිසිම රසයක් නොමැති මෙම පැරණි විෂ සාගරයෙන් අපව ඈතට, කිරි සයුර ඇති තැනට ගෙන යන්න. විෂ්ණු සිටියේ කිරි සයුරක යැයි සිහිකර තිබෙනවා. දෙව්ලොව හඳුන්වන්නේ ලක්ෂ්මි නාරායන පාලනය කළ කිරි සයුර වශයෙනි. විෂ්ණු එහි කිරි සාගරයක සැතපෙනවා නොවේ. ඒ මිනිස්සු විශාල වැවක් සාදා ඒ මැද විෂ්ණුව තිබ්බා. විෂ්ණුගේ ඉතාමත් විශාල ප්‍රතිමා ඔවුන් සාදනවා. ලක්ෂ්මි හා නාරායන එතරම් විශාල නැහැ: වැඩිම වුණොත් අඩි හයක් උස වෙන්න පුළුවන්. පාණ්ඩවයින්ගේ විශාල පිළිමත් සාදනවා. රාවන්ගේ විශාල පඹයනුත් සාදනවා. ඔවුන්ගේ නම් වැදගත්වන නිසා ඒවායේ විශාල පිළිම ඔවුන් නිර්මාණය කරනවා. බාබාගේ නම උසස්ම නම වුවත් ඔහු වෙනුවෙන් සාදා තිබෙන්නේ කුඩා පිළිමයකි. මිනිස්සු ඔහුට එතරම් විශාල ස්වරූපයක් දී තිබෙන්නේ පැහැදිලි කිරීම සඳහායි. පරම පියා කියනවා: මට එවන් විශාල ස්වරූපයක් නැහැ. ජීවාත්ම ඉතාමත් සූක්ෂම වනවා සේම, උත්තරීතර ජීවාත්මය වන මා ද තාරුකාවක් වගෙයි. ඔහුව හඳුන්වන්නේ උත්තරීතර ජීවාත්මය කියලයි. ඔහු තමයි ඉහළම ඉහළ කෙනා. ඔහු තුළ සෑම දැනුමක්ම ඇතුළත් වී තිබෙනවා. ඔහුගේ ගුණ ගායනා වී තිබෙනවා: ඔහු තමයි ලෝක මානව වෘක්ෂයේ බීජය. ඔහු තමයි ඥානයේ සාගරය. ඔහු ජීවමය ජීවයකි. කොහොමනමුත්, ඔහුට කතා කළ හැකි වන්නේ ඔහු ඉන්ද්‍රියන් වලට ඇතුළු වුණු විට පමණයි. කුඩා දරුවෙකුට තම කුඩා ඉන්ද්‍රියන් වලින් කතා කළ නොහැකි නමුත් දරුවා වර්ධනය වන විට, ග්‍රන්ථ ආදිය බැලූ විට තම පැරණි සංස්කාර ඔහුගේ මතකයට නැඟෙයි, ඉතින් පියා දැන් මෙහි ඉඳගෙන ඔබට කියා දෙන්නේ: වසර 5000 කට පසුව දැන් මා පැමිණ සිටින්නේ ඔබට එම රාජයෝගාවම ඉගැන්වීම සඳහායි. ක්‍රිෂ්ණා රාජයෝගා ඉගැන්වූයේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ප්‍රතිලාභය අත්දකිමින් සිටියා පමණයි. උපත් අටක් ඔවුන් සූර්ය වංශයේ සිටින අතර උපත් 12ක් චන්ද්‍ර වංශයේ සිට, උපත් 63ක් වෛශ්‍ය හා ශුද්‍ර වංශ වල සිටියා. මෙය සෑම කෙනෙකුගේම අවසන් උපතයි. ක්‍රිෂ්ණා ජීවය මෙයට ඇහුම් කන් දී සිටිනා අතර දැන් ඔබත් එය අසා ගෙන සිටිනවා. මෙය සංගම යුගයේ සිටිනා බ්‍රහමිණ් කුලයයි. පසුව ඔබ මෙම බ්‍රහමිණ් තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත් වෙනවා. මින් අදහස් වන්නේ එකම එක උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය ආගම් තුනක් ස්ථාපනය කරන බවයි. බ්‍රහමිණ් ධර්මය, සූර්ය වංශික දේවතා ධර්මය හා චන්ද්‍ර වංශික ක්ෂත්‍රිය ධර්මය. එමනිසා, එම තුනේම ග්‍රන්ථය එකම එකක් විය යුතුයි. වෙන වෙන ග්‍රන්ථ නැහැ. ශ්‍රේෂ්ඨම කෙනා වන බ්‍රහ්මා සෑම කෙනෙකුගේම පියාය. ප්‍රජාපිතායි. මේ සඳහා කිසිම ග්‍රන්ථයක් නැහැ. දෙවියන් කතා කරයි යන්න සඳහන් වී තිබෙන්නේ ගීතාවේ පමණයි. බ්‍රහ්මා දෙවියන් කතා කරයි නොවෙයි. බ්‍රහ්මා මඟින් කතා කරන්නේ ශිවායි. එසේ කතා කර ඔහු ශුද්‍රයින්ව බ්‍රහමිණ්වරුන් බවට පත් කරවනවා. දේවතාවරුන් බවට පත් වන්නේ බ්‍රහමිණ්වරුන්ය. පරාජය වන අය ක්ෂත්‍රියයන් වේ. කලා දෙකක් අඩුයි. ඔහු සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව විස්තර කර කියා දෙනවා. ඉහළම ඉහළ කෙනා උත්තරීතර පියායි, උත්තරීතර ජිවාත්මයයි. ඊට පසුව බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් පැමිණේ. ඔවුන්වත් ඉතාමත් උසස් අය වශයෙන් හඳුන්වන්න බැහැ. උසස්ම ජීවීන් බවට පත් වුණු අය පසුව පහත්ම අය බවට පත් වේ. මනුෂ්‍යයින් අතුරින් උසස්ම දෙදෙනා වන්නේ ලක්ෂ්මි හා නාරායනුයි. ඔවුන් වෙනුවෙන් තැනුණු දේවාලයක්ද ඇත. කොහොමනමුත්, කිසිම කෙනෙක් ඔවුන්ගේ ගුණ ගැන දන්නේ නැහැ. මිනිස්සු නිකම් වන්දනාකරුවන් වශයෙන් පමණක් හුදෙක් ඔවුන්ව වන්දනා කර කර සිටිනවා. ඔබ දැන් වන්දනාවට සුදුසු අය බවට පත් වෙනවා. මායා ඔවුන්ව වන්දනාකරුවන් බවට පත් කරවනවා. නාටකය මේ ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා. නාටකය අවසානයට පැමිණි විට මා පැමිණිය යුතුයි. එවිට ව්‍යාප්තිය නිරායාසයෙන්ම නැවතී යනවා. එවිට දරුවන් වන ඔබ පැමිණ තම තමන්ගේ චරිත කොටස් නැවතත් රඟපෑ යුතුයි. උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයම පැමිණ දැන් ඔබට සියල්ල පැහැදිලි කර කියා දෙනවා. මිනිස්සු භක්ති මාර්ගයේදී ඔහුගේ උපන් දිනය සමරණවා: නොකඩවාම මෙය සමරණවා. සත් යුගයේදී, ඔවුන් කිසිම කෙනෙකුගේ උපන් දින සමරන්නේ නැහැ. ක්‍රිෂ්ණා හෝ රාමාගේ උපන් දිනවත් ඔවුන් සමරන්නේ නැහැ. ඔවුන් ජීවමානවම එහි සිටිනවා. මෙහිදී ඔවුන් මෙහි හිඳ, දැන් ගිහින් සිටිනා නිසා තමයි මිනිස්සු එය සමරන්නේ. එහිදී ඔවුන් සෑම වසරකදීම ක්‍රිෂ්ණාගේ උපන් දිනය සමරන්නේ නැහැ. එහි ඔවුන් සෑම විටම සිටින්නේ සතුටිනුයි. ඉතින් ඇයි උපන් දිනයක් සමරන්නේ? දරුවන්ගේ නම් තබන්නේත් ඔවුන්ගේ දෙමාපියන්ගේ හැටියටයි. එහි කිසිම ගුරු කෙනෙක් නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, ඥානය හා යෝගා අතරත් මේවා අතරත් කිසිම සම්බන්ධතාවයක් නැහැ. කොහොමනමුත්, එහි තිබුණේ කුමන ආකාරයේ සැළැස්මක්ද කියා අහන්න අවශ්‍ය නම්, බාබා ඔබට කියා දේවි: එහි කුමන සැළැස්මක් තිබුණා වුණත් ඒවා ඒ ආකාරයෙන්ම ඉදිරියටම ක්‍රියාත්මක වේ. ඒවා ගැන අහන්න අවශ්‍යතාවයක් නැහැ. පළමුවෙන්ම, ඔබගේ තත්ත්වය ලබා ගැනීමට උත්සාහ දරන්න. සැබෑ සුදුස්සන් බවට පත් වී පසුව අසන්න. නාටකයේ කුමන හෝ ආකාරයේ සැළැස්මක් තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමන් අශරීරික ජීවාත්මයක් යැයි සලකා අශරීරික පියාව සිහිපත් කරන්න, කිසිම ශාරීරික කෙනෙක් නොවෙයි. ජීව මරණයක් ලබා සෑම පැරණි දෙයක්ම ඔබගේ සිහියෙන් ඉවත් කර දමන්න.

2. පියා විසින් නිර්මාණය කර ඇති මෙම රුද්‍රාගේ ඥානය නම් වූ යාගයේදී ඔබ ඔබව සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් කැප කළ යුතුයි. ශුද්‍රයින් බ්‍රහමිණ්වරුන් බවට පත් කිරීමේ සේවය කරන්න.

වරදානය:
ඔබ නිසි අයුරින් සකසන ලද දෛනික කාලසටහනකට අනුව සහ පරම පියාගේ ඇසුරේ හිඳ සෑම කාර්යයක්ම නිවැරදිව සිදු කරන, ලොවට සෙත සළසන්නෙක් වේවා.

ලෝකයේ වැදගත් මිනිසුන් තම දෛනික කාලසටහන සකස් කර තබා ගනී. එය දෛනික කාලසටහනකට අනුව නිසියාකාරයෙන් සකස් කළ විට, කාර්යයක් නිවැරදිව සිදු වෙයි. නිවැරදි සැකසුමක් ඇති විට ඔබ කාලය සහ ශක්තිය ඉතිරි කරගන්නා අතර එක පුද්ගලයෙකුට කාර්යයන් 10ක් කිරීමට හැකි වෙයි. ඔය ලොවට සෙත සළසන්නන් වගකීම් ඇති ජීවාත්මයි. සෑම කාර්යයකින්ම සාර්ථකත්වය ලබා ගැනීමට, ඔබගේ කාලසටහන සකස් කරගෙන නිරන්තරයෙන් පරම පියා සමග ඒකාබද්ධ වී සිටින්න. අත් දහසක් ඇති පියා ඔබ සමග සිටින විට, එවිට එක් කාර්යයක් වෙනුවට ඔබට කාර්යයන් දහසක් නිවැරදිව කිරීමට හැකි වෙයි.

පාඨය:
සියලු ජීවාත්ම වෙනුවෙන් පිවිතුරු සිතිවිලි තිබීම යනු ආශිර්වාදවල ප්‍රතිමූර්තියක් වීමය.