19.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් මේ සොහොන් බිම සුර දූතයින්ගේ දේශයක් බවට වෙනස් කරමින් සිටී. එමනිසා, ඔබ තුළ සම්පූර්ණ අරුචියක් මෙම සොහොන් බිමක් වන ජරාජීර්ණ ලෝකය වෙත ඇත.

ප්‍රශ්නය:
අසීමිත පියා ආධ්‍යාත්මික දරුවන්ගේ ආධ්‍යාත්මික සේවකයා වන්නේ කෙසේද?

පිළිතුර:
බාබා මෙසේ කියයි දරුවනි, මා ඔබේ රෙදි අපුල්ලන්නාය. මම තත්ත්පරයක ඇසිල්ලකින් ඔබේ පමණක් නොව මුළු ලොවම කිලිටි ඇඳුම් සෝදා දමමි. ඔබේ ජීවාත්ම සත්තාවන්ගේ ඇඳුම් පිරිසිඳු වූ විට ඔබට පිරිසිඳු ශරීර ලැබේ. ඔහු කොතරම් ආකර්ෂණීය සේවකයෙක් දැයි කිව හොත් ඔහු හැම කෙනාම ඇසිල්ලකින් මන්මනභාව් මැජික් මන්ත්‍රය මඟින් පිරිසිඳු කරයි.

ඕම් ශාන්ති.
පරම පියා ඔබ දරුවන්ට ඕම් ශාන්ති යන්නෙහි තේරුම විස්තර කර දී ඇත. ජීවාත්ම සත්තාවන්ගේ මුල් ආගම සාමයයි. සාම දේශයට යාම සඳහා ඔබ කිසිඳු උත්සාහයක් කිරීම අවශ්‍ය නොවේ. ජීව සත්තාවක් ලෙසම සාමයේ ප්‍රතිමූර්තියක් වශයෙන් සාම දේශයේ වැසියෙක් වෙයි. ඔව්, ජීවාත්ම සත්තාවකට ඇතැම් වේලාවක සාමයෙන් සිටිය හැක. ජීවාත්ම සත්තාව මෙසේ කියයි මා භෞතික ඉන්ද්‍රියන් වල බරෙන් හෙම්බත් වී සිටිමි. දැන් මා මගේ මුල් ආගම තුළ ස්ථාවර වෙමි. මම ශරීරයෙන් වෙන් වෙමින් සිටිමි. කොහොමනමුත්, කර්ම සිදුකළ යුතුව ඇත. මෙහි පැමිණ ශරීරයක් තුළට වීම නිසා මා කතාකරුවෙක් වී ඇත. ජීවාත්ම සත්තාවක් වන මා අවිනාශී වන අතර මගේ වූ ශරීරය විනාශ වන සුළුය. ජීවාත්ම සත්තාවන් පිරිසිඳු බවේ සිට අපිරිසිඳු බවට පත් වේ. සත් යුගයේ දී, මහාභූත පවා සතෝප්‍රධාන්ය. මෙහි, මහාභූත තමෝප්‍රධාන්ය. රත්රන් වලට යමක් මිශ්‍ර වූ විට රත්රන් අපිරිසිඳු බවට පත් වේ. එවිට එය පිරිසිඳු කිරීම සඳහා ගින්දරට හසු කරයි. මෙයට යෝග ගින්න යන නම දී ඇත. මේ යෝග ගින්න වූ කලී පාප පුළුස්සා දමන එකකි. ජීවාත්ම සත්තාවන් අපිරිසිඳු බවේ සිට පිරිසිඳු බවට පත් කරවන්නේ පරමාත්මය විසිනි. මිනිසුන් මෙසේ කෑ අඬගසයි පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! නාටක සැළසුමට අනූව හැම කෙනෙකුම තමෝප්‍රධාන්, අපිරිසිඳු බවට පත් වේ. මෙය වෘක‍්ෂය වන අතර, බීජය ඇත්තේ උඩ ඉහළය. කෙනෙක් පරම පියාට අඬගසන විට, ඔබේ බුද්ධිය ඉහළට යොමු වේ. ඔහු උරුමය ඉල්ලා සිටින කෙනා වන අතර, දැන් මෙහි පහළට පැමිණ ඇත. ඔහු මෙසේ කියයිි මා මෙහි පැමිණිය යුතුයි. විවිධාකාර ආගම් සහිත මනුෂ්‍ය ලෝක වෘක‍්ෂය දැන් තමෝප්‍රධාන් ව අපිරිසිඳු වී ඇත. එය සම්පූර්ණ දිරාපත් වීමට ලක් වී ඇත. පියා මෙහි හිඳ ඔබ දරුවන්ට විස්තර කරයි. සත් යුගයේ දෙවි දේවතාවන් ඇති අතර කලියුගයේ සිටින්නේ යක‍්ෂයින්ය. එමනිසා, කිසි විටෙක දෙවි දේවතාවන් හා යක‍්ෂයින් අතර යුද්ධයක් සිදු නොවේ. ඔබ යෝග බලයෙන් යක‍්ෂ පාප පහ පරදමින් ජයගනී. ප්‍රචණ්ඩ යුද්ධ ප්‍රශ්නයක් නැත. ඔබ කිසි විදියක ප්‍රචණ්ඩත්වයක් නොකරයි. ඔබ කිසි විටෙක භෞතිකව කෙනෙකුට නොගසයි. ඔබ ද්විත්වව ප්‍රචණ්ඩත්වයෙන් තොරය. කාම රාගය නමැති කඩුව භාවිත කිරීම විශාලතම පාපයයි. පරම පියා මෙසේ කියයි කාම රාගය නම් වූ කඩුච ආරම්භයේ සිටම, මධ්‍යය හරහා අවසානය කරාම දුකට හේතු වෙයි. කිසිවෙක් පාපයේ ගැලිය යුතු නැත. මිනිසුන් දෙවි දේවතාවුන්ගේ ප්‍රතිමා ඉදිරියේ මෙසේ ගයයි ඔබ සියලු ගුණාංගයන්ගෙන් සම්පූර්ණයි... ජීවාත්ම සත්තාවන් මෙසේ කියයි මා අපිරිසිඳු බවට පත් වී ඇත. ඒ නිසයි ඔවුන් මෙසේ කෑ ගසන්නේ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වූ කළ, කිසිවෙකුට අඬ නොගසයි. එය වූ කලී දිව්‍ය ලෝකයයි. මෙහි, මුණිවරුන් සහ ශුද්ධවන්තයින් බොහෝ ගායනා කරති පාරිශුද්ධකරුවාණන් වන සීතාට අයිති රාමා. පරම පියා මෙසේ කියයි මේ කාලයේ දී, මුළු ලොව ම අපිරිසිඳුය. මේ සඳහා කිසිවෙකුට දොස් කිව නොහැකියි. මෙම නාටකය පූර්ව නියමිත වූවකි. මා එන තෙක්, සෑම කෙනෙකුම ඔහුගේ චරිත කොටස රඟපෑ යුතුය. ඥානය, භක්තිය සහ ඊළඟට අරුචිය ඇත. අරුචිය මෙම ජරාජීර්ණ ලෝකය වෙතයි. මේ අරුචිය අසීමිත වන අතර, ඔවුන්ගේ අරුචිය සීමිතය. ඔබ දැන් දන්නවා මේ ජරාජීර්ණ ලෝකය විනාශ විය යුතු බව. අළුතින් ගෙයක් සාදන විට, පරණ ගෙය අරුචි වෙයි. අසීමිත පරම පියා මෙසේ කියයි මා දැන් දෙව්ලොව නම් වූ නිවස සාදමින් සිටින අතර එය ඔබට දෙමි. දැන් ඇත්තේ අපායයි. දෙව්ලොව වූ කලී නව ලොව වන අතර, අපාය වූ කලී ජරාජීර්ණ ලෝකයයි. අපි ජරාජීර්ණ ලෝකයේ ජීවත්වන අතරවාරයේ දැන් නව ලෝකය තනමින් සිටිමු. අපි මේ ජරා සොහොන් බිමට උඩින් සුර දූතයින්ගේ ලෝකය ඉදි කරන්නෙමු. මේ යමුනා නදිය අසබඩ ම මාළිගා තැනේ. දිල්ලියද එසේ යමුනා ගංගාව මෙන්ම තිබේවි. කොහොමනමුත්, මිනිසුන් පාණ්ඩව වරුන්ගේ බලකොටුව ගැන කීම මිත්‍යා කතාවකි. නාටක සැලසුම අනූව, නියතයෙන්ම මේවා නැවත ඉදිවේ. එනම්, ඔබ තපස්යා කළා සේම, යාග හෝම හා දාන කළා සේම, සියල්ල නැවත කෙරෙනු ඇත. පළමුවෙන්, ඔබ ශිවා වන්දනා කරමින් හොඳම සිද්ධස්ථාන ඔහුට සාදයි. එය වූ කලී, අදූෂිත වන්දනාවයි. ඔබ දැන් සිටින්නේ ඥාන මාර්ගයේය. මෙය අදූෂිත ඥානයයි. ඔබ මෙය අසන්නේ ඔබ මුලින්ම වන්දනා කළ ශිව බාබාගෙනි. එකල සත් යුගයේ දී වෙනත් ආගම් නොතිබුණි. සිටියේ ද ඔබ පමණි. ඔබ සිටියේ බොහෝ සතුටිනි. දේවි දේවතා ආගම වූ කලී බොහෝ සතුට ගෙන දෙන දෙයකි. එහි නම සඳහන් කළ පමණින් ඔබගේ මුඛයට මිහිරි රස දැනේ. ඔබ මේ ඥානය ලබා ගන්නේ එකම පරම පියා වෙතින් පමණි. ඔබ දැන් එම අසීමිත පරම පියාට අයිතිය. පරම පියා මෙසේ කියයි වෙන කිසිවෙකුට කන් නොදෙන්න! මේ ඔබේ අදූෂිත ඥානයයි. ඔබේ උත්සාහයේ අනුපිළිිවෙලට ඔබට පරම පියාගේ උරුමය ලැබෙනු ඇත. පරම පියා ශාරීරික ලෝකයට පැමිණ ඇත්තේ කෙටි කළකටය. ඔහු මෙසේ කියයිි ඔබ දරුවන්ට මෙම ඥානය දෙන්නේ මාම පමණි. මට ස්ථීර ශරීරයක් මටම කියා නැත. මම මොහුගේ ශරීරයට ඇතුළු වෙමි. ශිව ජයන්තිය පසු වූ ගමන්ම ඇත්තේ ගීතා ජයන්තියයි. එවිට ඥානය ආරම්භ වේ. ඔබට මේ ආධ්‍යාත්මික ඥානය දෙන්නේ උත්තරීතර කෙනාය. ජලය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඥානයට ජලය යැයි නොකියයි. ඔබ අපිරිසිඳු බවේ සිට පිරිසිඳු බව ලබන්නේ ජලයෙන් නොව ඥානයෙන්ම පමණි. ලෝකය පුරාම ගංගා ඇත. ඥාන සාගරය වන පරම පියා, මොහු තුළ සිටිමින් ඥානය කියා දෙයි. කෙනෙක් මැරෙන විට ඔවුන් ඔහුගේ කටට ගංගා නම් ගඟේ ජලය දමයි. ඔවුන් විශ්වාස කරන්නේ එම ජලයෙන් අපිරිසිඳු අය පිරිසිඳු වී දෙව්ලොවට යාවි කියාය. මෙහිද ජනයා ගව මුඛ් (එළදෙනෙකුගේ කට) සොයා යයි. ඇත්තම නම්, ඔබ ජීවමය ගව මුඛ් ඔබේ මුවින් ඥාන පැණිය මතුවන බවත්ය. කිරි ලැබෙන්නේ එළ දෙනකගෙනි. එහි ජලය ප්‍රශ්නයක් නැත. ඔබ මෙකල තේරුම් ගනී. ඔබ තේරුම් ගන්නේ නාටකයේ යමක් සිදු වූ විට එය නැවතත් එලෙසින්ම අවුරුදු 5000 කින් නැවත සිදු වන බවයි. සියලු දෙනාට ගැලවීම ලබාදෙන්නා වන පරම පියා මෙහි සිට සියල්ල විස්තර කරයි. හැම කෙනෙක්ම දැන් පිරිහී ඇත. මීට කලින් ඔබ දැන සිටියේ නැහැ රාවණ්ගේ පඹයෙක් පුළුස්සන්නේ ඇයි කියා. ඔබ දැන් තේරුම් ගන්නවා අසීමිත දශෙරාවක් ඇති බව. රාවණ්ගේ රජ දහන මුළු ලොව පුරාම ඇත. මුළු ලොවම ලංකා නම් වේ. රාවණ්ද සීමිත නොවේ. රාවණ් රාජ්‍යය මුළු ලොව තුළම ඇත. චක්‍ර භාගයක් පුරාම භක්තිය තිබේ. පළමුව, අදූෂිත භක්තිය ඇති අතර ඉන්පසුව දූෂිත භක්තිය පටන් ගනී. දශෙරා, රක‍්ෂා බන්ධන් ආදී උත්සව ඇත්තේ මෙකලයි. ශිව ජයන්තියට පසු ක්‍රිෂ්ණා ජයන්තිය එයි. ක්‍රිෂ්ණාගේ දේශය දැන් ඉදිවෙමින් තිබේ. අද ඔබ කෑන්ස්ගේ දේශයේ සිටින අතර හෙට එය ක්‍රිෂ්ණාගේ දේශය බවට පත් වේ. ක්‍රිෂ්ණාට මෙහි (මෙකල) සිටිය නොහැක. ක්‍රිෂ්ණා උපදින්නේ සත් යුගයේ දීය. ඔහු පළමු කුමරාය. ඔහු පාසල් ගොස් ඉගෙන ගෙන වැඩි වර්ධනය වී සිහසුනට හිමිකරුවා බවට පත් වේ. එවිට, ඔවුන් අතරේ ගෝපිවරුන් හා වරියන් නැටුම් රඟයි. ක්‍රිෂ්ණා තව කෙනෙකුට ඥානය කියා දීම කෙසේ සිදු විය හැකිද? ඒ සියලු පැසසුම් සිදු වන්නේ අපිරිසිඳු බව පිරිසිඳු බවට හරවන ශිව බාබාටයි. ඔබ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විස්තර කරන විට ඔවුන් කියාවි, ඔබ කියන දේ හරි බව. කොහොමනමුත්, ඔවුන්ට මෙම ඥානය අන් අයට දිය නොහැකියි. කිසිවෙකු ඔවුන්ට කන් නොදෙයි. හැම කෙනාම කියන්නේ ඔහු බ්‍රහ්ම කුමාරි කෙනෙක් වූයේ මැජික් මන්ත්‍රයකින් කියාය. ඔවුන්ට බීකේ යන නමම ඇසුවත් ඇති. ඔවුන් විශ්වාස කරන්නේ ඔබ කරන්නේ මැජික් කියාය. ඔබ ඥානය සුළු ලෙස කියා දුන්නත් ඔවුන් කියන්නේ බීකේලා මැජික් කරුවන් බවත් ඔවුන් භක්තිය ආදිය නොකරමින් දාදා පමණක් කියන දේ අසනවා කියාය. බාබා කියන්නේ කිසිවෙකුට භක්ති තහනම් නොකරන ලෙසයි. ඔවුන් විසින්ම එය නවත්වාවි. ඔබ භක්ති නවත්වා පාපයෙන් මිදුණු විටයි කලබල ඇති වන්නේ. බාබා කියා ඇත්තේ ඔහු රුද්‍රා ඥානය නම් වූ යාගය හදන අතර යක‍්ෂ ප්‍රජාව ඊට බාධා කරන බවයි. මේ වූ කලී මනුෂ්‍යයින් දෙවි දේවතාවන් බවට හරවන ශිව බාබාගේ අසීමිත ගිණි පූජාවයි. ඔබ ජරාජීර්ණ ලෝකය විනාශ වූ පසුව පමණයි නව ලෝකයේ පාලකයින් වන්නේ. මිනිසුන් මෙසේ කියයිි අපි සාමය ඉල්ලත්දී බ්‍රහ්ම කුමාරීන් ඉල්ලන්නේ විනාශය බවයි! පරම පියා මෙසේ විස්තර කරයි මෙම ජරාජීර්ණ ලෝකය එහෙම පිටින්ම ඥාන ගිණි පූජාවට පිදිය යුතුය. මේ ජරාජීර්ණ ලෝකය ගිණි තැබිය යුතුයි. ස්වභාවික ව්‍යසනද ඇත. විනාශය සිදු විය යුතුමයි. සියලු මනුෂ්‍යයින් අබ ඇට අඹරණවා සේ විනාශ වන අතර ජීවාත්ම සත්තාවන් ඉතිරිවේ. ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකියි ජීවාත්ම සත්තාවන් අවිනාශී බව. දැන් අසීමිත හෝලිකා (විශාල ගින්නක්) මඟින් සියලු ශරීර විනාශ වන අතර ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වී ආපසු ගෙදර යයි. ගින්නට දමන ඕනෑම දෙයක් පිරිසිඳු වේ. එසේ විශෝධනය සඳහා මිනිසුන් ගිණි පූජා පවත්වයි. ඒ සියලු කාරණා භෞතිකය. දැන් මුළු ලෝකයම පූජා කළ යුතුය. විනාශය ඇති වීමට පෙර නියතයෙන්ම ස්ථාපනය සම්පූර්ණ කළ යුතුව ඇත. ඔබ කාට හෝ විස්තර කරන විට පළමුව ස්ථාපනයත් ඊළඟට විනාශයත් විස්තර කරන්න. ස්ථාපනය කෙරෙනුයේ බ්‍රහ්මා තුළිනි. ප්‍රජාපිතා බ්‍රහ්මා යන නම ඉතා ප්‍රසිද්ධය. ආදී දේව් හා ආදී දේවි යනුවෙන් සඳහන් වේ. ජගදම්බාට සිය දහස් ගණනින් සිද්ධස්ථාන ඇත. ඇය සඳහා බොහෝ උත්සව ආදිය ඇත. ඔබ ජගදම්බාගේ දරුවන්ය. ඔබ මෙකල ඥානය ඇති අය බවට පත් වී ඊළඟට කුමරුන් හා කුමරියන් බවට පත් වේ. ඔබ බොහෝ ධනවත් වේ. ඉන්පසු, භක්ති මාර්ගයේ දී ඔබ දීවාලි උත්සවයේ දී ලක‍ෂ්මිගෙන් විනාශ වන ධනය ඉල්ලයි. ඔබට මෙහිදී සියල්ල ලැබෙයි. ඔබට දීර්ඝායු වේවා! ඔබට බොහෝ දරුවන් ලැබේවා! ඔබ දන්නවා ඔබේ ජීවිත කාලය අවුරුදු 150 ක් වන බව. පරම පියා මෙසේ කියයි ඔබට යෝගා ඇති තරමට ඔබේ ජීවිත කාලය ද වැඩිය. ඔබ ඊෂ්වර (පරමාත්ම දෙවියන්) හා යෝගා වන අතර යෝගේෂ්වර (පරමාත්ම දෙවියන් සමඟ යෝගා වන්නා) බවට පත් වේ. මනුෂ්‍යයින් භෝගේෂ්වර (පාපයේ ගැලෙන අය) වෙයි. දෙවියන් අපිරිසිඳු පාපතරයින්ගේ ඇඳුම් සෝදන බව කියැවේ. පරම පියා මෙසේ කියයිි මට රෙදි අපුල්ලන්නා යැයි ද කියැවේ. මම සියලු ජිවාත්ම සත්තාවන් පිරිසිඳු කළ විට ඔවුන්ට පිරිසිඳු අළුත් ශරීර ලැබේ. පරම පියා මෙසේ කියයි මම මුළු ලෝකයේ සියලුම ඇඳුම් ඇසිල්ලකින් සෝදමි. මන්මනභාව් යන්න වූ පමණින් ජීවාත්ම සත්තාවත් ශරීරයත් දෙකම පිරිසිඳු බවට පත් වේ. මෙය මැජික්ය ජීවන් මුක්තිය ඇසිල්ලකින්! මෙය එතරම්ම පහසු ක්‍රමයකි. පරම පියා සිහි කිරීමෙන් ඔබ පිරිසිඳු බවට පත් වේ. එහෙ මෙහෙ යත්දීත් පරමාත්ම පියාවම සිහි කරන්න. මම ඔබට වෙනත් කරදරයක් දෙන්නේ නැත. ඔබට ඇත්තේ මා සිහිකිරීම පමණි. දැන් හැම තත්පරයකදීම ඔබේ ඉහළ එසවීම සිදු වන්නේ ඇසිල්ලකිනි. පරම පියා මෙසේ කියයි මම ඔබ දරුවන්ගේ සේවකයා ලෙස පැමිණ සිටිමි. ඔබ අඬගැසුවා පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපව පිරිසිඳු කරන්න යැයි කියා! හොඳයි, දරුවනිි මා පැමිණ ඇත. ඒ නිසා, මා ඔබේ සේවකයා නේද? ඔබ බොහෝ අපිරිසිඳු වූ විටය ඔබ මහා හයියෙන් කෑ ගසන්නේ. දැන් මා පැමිණ ඇත. මම හැම චක්‍රයකම පැමිණ ඔබ දරුවන්ට මෙම දැනුම දෙමි. මා සිහිකළ විට ඔබ පිරිසිඳු බවට පත් වේ. මන්මනභාව් යන්නෙහි තේරුමද එයයි. මන්මනභාව් සහ මධ්‍යජිභාව් යන්නෙහි තේරුම මෙසේය පරමාත්ම පියා සිහි කළ විට ඔබ විෂ්ණු දේශයේ හිමිකරුවන් බවට පත් වේ. ඔබ පැමිණ සිටින්නේ විෂ්ණු දේශයේ රජදහන ලබා ගැනීමටයි. රාවණ් දේශයෙන් පසු එන්නේ විෂ්ණු දේශයයි. කෑන්ස් ගේ දේශයෙන් පසු මෙය ක්‍රිෂ්ණාගේ දේශය බවට පත් වේ. මෙය ඉතා පැහැදිලි ලෙස විස්තර කර ඇත! පරම පියා මෙසේ කියයි මේ ජරාජීර්ණ ලෝකයට ඇති ඇලීම් අහවර කරන්න. අපි දැන් උපත් 84 සම්පූර්ණ කර ඇත. අපි දැන් මේ ජරාජීර්ණ ඇඳුම හලා දමා නව ලෝකයට යන්නෙමු. ඔබේ පාප කැපී යන්නේ ස්මෘතියෙන් පමණි. ඔබට ඒ තරම්ම ධෛර්යයක් තිබිය යුතුය. අනෙක් මිනිසුන් බ්‍රහ්ම් ධාතුව දිගටම සිහිකරයි. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් බ්‍රහ්ම් ධාතුව තුළ ගිලී යන ලෙසයි. කොහොමනමුත්, බ්‍රහ්ම් ධාතුව නිවහන වෙයි. ඒ මිනිසුන් ඔහේ තපස්යා කරමින් විශ්වාස කරන්නේ ඔවුන් බ්‍රහ්ම් ධාතුව තුළ ගිලී යයි කියාය. කොහොමනමුත්, කිසිවෙකුට ආපසු ගෙදර ගිය නොහැක. බ්‍රහ්ම් ධාතුව හා යෝග වීමෙන් ඔවුන් පිරිසිඳු බවට පත් නොවේ. කිසිවෙකුට මෙතෙක් ආපසු ගෙදර යාමට හැකි වී නැත. ඔබ නැවත ඉපදිය යුතුයි. පියා පැමිණ ඔබට කියා දෙන්නේ සත්‍යයයි. සත්‍යය වූ බාබා සත්‍ය දේශය ස්ථාපනය කරයි. රාවණ් පැමිණ එය අසත්‍යයේ දේශය බවට පත් කරවයි. දැන් මේ ඇත්තේ ඔබ ඉතා උසස් තත්ත්වයට පත් වුණු සංගම් යුගය වන අතර එම නිසයි මෙයට ඉතාමත්ම උසස් යුගය ලෙස හඳුන්වන්නේ. ඔබ සිප්පිකටු ලෙස සිට දියමන්ති බවට පත් වේ. මෙය අසීමිත කරුණකි. ඉහළම ඉහළ ජීවීන් වන්නේ දෙවි දේවතාවන්ය. ඔබ දැන් සිටින්නේ ඉතාමත්ම උතුම් සංගම් යුගයේය. ඔබව ඉතා උතුම් අය බවට පත් කරවන පරම පියා ඉහළම ඉහළ කෙනාය. ඔහු ඔබට ඉහළම ඉහළ උරුමය ලබා දෙන අතර ඔබ මෙය අමතක කරන්නේ ඇයි? පියා මෙසේ කියයි මාව සිහිකරන්න! දරුවන් මෙසේ කියයි බාබා, අපට අනුකම්පා කරන්න එවිට අපට අමතක නොවේ! එය කෙසේනම් විය හැකිද? ඔබ බාබාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. පරමාත්ම පියා මෙසේ කියයි මාව සිහිකළ විට ඔබ අපිරිසිඳු බවේ සිට පිරිසිඳු බවට පත් වේ. ඔහුගේ උපදෙස් පිළිපදින්න. මා දිය හැක්කේ කවර වරදානයන්ද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබාගේ සෑම උපදෙසක්ම පිළිපැද ඔබව සිප්පි කටුවක් බවින් දියමන්තියක් බවට පත් කරන්න. එකම පරම පියාගේ ස්මෘතියේ සිටිමින් ඔබේ ඇඳුම් ආයිත්තම් පිරිසිඳු කර ගන්න.

2. ඔබ දැන් ඔබේ නව නිවසට යා යුතුව ඇත. එමනිසා, මෙම ජරාජීර්ණ නිවස පිළිබඳ අසීමිත අරුචිය ඇතිව සිටින්න. මේ ජරාජීර්ණ සොහොන මත අප සුර දූතයන්ගේ දේශය නිර්මාණය කරන බව පිළිබඳ කුල්මත්භාවය පවත්වා ගන්න.

වරදානය:
සංගම යුගයේ ශ්‍රේෂ්ඨ පිළිරුව ඔබ ඉදිරියේ තබාගැනීමෙන් ඔබ ත්‍රිකාලදර්ශී වී අනාගතයේ දර්ශනයක් දකිත්වා.

අනාගතයේ සියලු ලැබීම් අත්දකින්නට පෙර, ඔය සංගම යුගී බ්‍රහ්මණයන් ඒවා දැන් අත්විඳියි. මෙකල, ඔබ ද්විත්ව කිරුළක්, සිහසුනක් සහ තිලකයක් අත්කරගෙන, සියලු අයිතීන් වල ප්‍රතිමූර්ති වෙයි. අනාගතයේ ඔබට රන් හැන්දක් තිබෙයි, නමුත් මෙකල ඔබ දියමන්තියක් මෙන් වනවා. ඔබගේ ජීවිතය, දියමන්තියක් මෙන් වනවා. එහිදි ඔබ රන් සහ දියමන්ති ඔංචිල්ලාවල පැද්දෙන නමුත් මෙහිදි ඔබ බාප්දාදාගේ ඇකයේ, අතීන්ද්‍රීය ප්‍රීතියේ ඔංචිල්ලාවේ නැළැවෙයි. එබැවින් ත්‍රිකාලදර්ශී වී, වර්තමානය සහ අනාගතයේ ශ්‍රේෂ්ඨ පිංතූරය දැකීමෙන් සියලු ලැබීම් අත්විඳින්න.

පාඨය:
කර්මය සහ යෝගාවේ තුලනයක් තිබීම, ඔබට පරමාත්ම දෙවියන්ගේ ආශිර්වාද වලට අයිතියක් ලැබීමට මඟපාදයි.