19.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියාවත් උරුමයත් යළි යළි සිහිපත් කරන්න. ඔබව සදා නිරොගිමත් කරන ඖෂධය ලබා දෙන්නේ ආධ්‍යාත්මික ශෛල්‍යවෛද්‍යවරයා වූ පරම පියා පමණයි. ඔහු කියනවා: දරුවනි, මා ස්මරණය කරන්න!

ප්‍රශ්නය:
ඔබ සමඟම කතා කළ යුතු ඔබට ඉමහත් සතුටක් අත්විඳිය හැකි කරුණ කිමෙක්ද?

පිළිතුර:
මේ දෑසින් දකිනා දේවල් සියල්ලක්ම පාහේ විනාශ වී යනවා. බාබා සහ අප පමණයි ඉතිරිව සිටින්නේ. සුමිහිරි බාබා අපව දිව්‍යලෝක අධිපතීත් කරවනවා. හුදෙකලා (ඒකාන්ත්) වී ඔබ හා මේ අයුරින් කතා මේ කිරීමේදී ඔබට විශාල සතුටක් දැනේ.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් වන පරම පියා කතා කරයි: අති සුමිහිරි දරුවනි, ඔබේ බුද්ධියෙන් සෑම පියවරේම මෙය අත්‍යන්ත සුබ වූ සංගම යුගය බව සිහිපත් කළ යුතුයි. අප තමයි අති උසස්ම මනුෂ්‍යයන් බවට පත්වන්නේ. එසේම බාබා අපව රාවණගේ කූඩුවෙන් නිදහස් කිරිමට පැමිණ සිටිනවා. කුරුල්ලෙක් කෙසේ කූඩුවෙන් මුදවා හරින විට පියාඹමින් සතුට අත්විඳීයි ද, ඉතින් ඔය දරුවනුත් විවිධාකාර දුක ඇති රාවණගේ කූඩුවෙන් නිදහස් කර ඇත. අප මනුෂ්‍යයන් වුවද මෙම කූඩුවෙන් අපව නිදහස් කිරීමට දැන් පැමිණ සිටින්නේ පරම පියායි. වේද ග්‍රන්ථ වල සුර අසුර යුද්ධයක් තිබුණා කියාත් ඉන් සුරයන් යුද්ධයෙන් ජය ලැබුවා කියාත් ලියා ඇත. ඇත්තෙන්ම එය යුද්ධයක් වැනි දෙයක්ම නොවෙයි. ඔබයි අසුරයින්ගෙන් සුරයන් බවට පත්වන්නේ. ඔබ රාවණව ඒ කියන්නේ පස්පව් වලින් ජය ලැබුවා. රාවණ සමාජයෙන් නොවෙයි. මේ පස් පව් වලටයි රාවණ කියන්නේ. කෙසේවෙතත්, කිසිවෙකු පිළිස්සීම වැඩකට නැති කාරණාවයි. ඔය දරුවන් බොහෝ සේ සතුටට පත්වන්නේ ඔබ අධික ශීතලක් හෝ අධික උණුසුමක් නැති සදා වසන්ත ඍතුව ඇති ලෝකෙට යන නිසායි. ස්වර්ණම යුග වසන්ත ඍතුව දැන් පැමිණෙවනවා. මෙහි. වසන්තය ඇත්තේ කෙටි කාලයකටයි. එහෙත් එහි ඔබට අඩ කල්පයක් පුරා නිරන්තර වසන්ත සමය පවතී. එහි කාලගුණය උණුසුම් නැත. එහෙත් මෙහි මිනිස්සු උණුසුම නිසා දුක් විඳිමින් මැරෙනවා. මේ දුක් සහිත සියලු දෙයින් ඔබ නිදහස් වීම සඳහා අවිනාශී ශෛල්‍යවෛද්‍යවරයා ඔබට පහසු ඖපධයක් ලබා දෙනවා. ඔබ යන වෙනත් වෛද්‍යවරුන් හට බොහෝ විවිධ ඖෂධයන්, මතක තබා ගන්න වෙනවා. එහෙත් මේ ශෛල්‍යවෛද්‍යවරයාට වෙනත් ඖෂධ නැත. සරලව ඔහුව සිහිපත් කිරීමෙන්ම. ඔබ සම්පූර්ණයෙන්ම නිරෝගී වෙනවා; බෙහෙත් කිසිවක් නොමැත. දරුවන් කියාවි: අද දින අප සම්මන්ත්‍රණයකට යනවා: චාර්ට් එකක් ලියන්නේ කෙසේද. බාබාව සිහිපත් කරන්නේ කෙසේද? යන මැයින් අප සමුළුවක් පවත්වනවා. දැන් පියා ඔබට කරදර කරන්නේ නැහැ මොනවද ඉඳිමින් සටහන් කළ යුත්තේ කියා; කොල නාස්ති කරන්න උවමනාත් නැහැ. පරම පියා කියයි: හුදෙක් ඔබේ බුද්ධිය පියා ස්මරණය කිරීමට සලස්වන්න. ඔවුන් අඥාන මාර්ගයේ තම පියාව කොපමණ වේලාවක් සිහිපත් කරනවාද කියා චාර්ට් එකක් ලියනවා ද? මෙතැන ලියන්න කියවන්න අවශ්‍යතාවයක් නැහැ. දරුවන් පියාට කියයි: බාබා මට ඔබව අමතක වෙනවා. මෙය අන් අය ඇසුවොත් ඔවුන් කුමක් කියාවිද? ඔබම කියනවා: අප ජීවත්ව සිටිද්දීම ඔබට අයිති වුණා කියා. ඇයි ඔබ අයිතිවුණේ? පරම පියාගෙන් ලෝක ස්වාධිපත්‍යය නම් උරුමය ලබන්නටයි. පෙරත් ඔබ බොහෝ වාරයක් ඔහුගෙන් උරුමය ලබා තිබෙනවා. එසේ වීත්, ඔබ ඔහුව අමතක කරනවා! පරම පියාගෙන් ඔබට උරුමය ලබන්නට උවමනා නම්, ඔහුව ස්මරණය කිරිමත් දිව්‍යමය ගුණධර්ම ධාරණය කිරීමත් කරන්න වෙනවා. එහි ලියන්නට මොනවද තිබෙන්නේ? ඔබ සෑම කෙනෙක්ම තම හදවතෙන් විමසන්න. නාරද් ගේ උදාහරණය ඇත: උසස්ම භක්තිවන්තයා ඔහු විය. ඔබ දන්නවා බොහෝ උපත් වල පැරණීම භක්තිවන්තයින් ඔබලා බව. ඔබ දැන් සුමිහිරි පියා ස්මරණය කිරීම මගින් බොහෝ සේ සතුට අත්විඳිනවා. ඔබ ස්මරණය කරනා තරමින් ඒ අනුව. ඔබ ලක්ෂ්මි හෝ නාරායන් විවාහ කරගැනීම සඳහා සුදුසු වෙනවා. ධනවතෙකු විසින් දුප්පත් දරුවෙක්ව දරුකමට ගත් විට ඔහු බොහෝ සතුටට පත්වෙනවා. ඔහුගේ අළුත් පියාවත් උරුමයත් ඔහු සිහිපත් කරනවා. මෙහි බොහෝ දෙනෙකුට පරම පියාගේ දරවෙක් වෙනවා සහ රාජධානියක් හිමිකර ගන්නවා යන ඥානය පවා නොමැත. ලොවට හිමිකරුවන් බවට පත්කරන පරම පියාව සිහිපත් කිරීම ඔබට කළ නොහැකිව සිටීම පුදුමයකි! ඔබව දරුකමට භාර ගත්තේ පරම පියායි. එවන් වූ පියාව සිහිපත් කිරීමට නොහැකිව සිටීම පුදුමයකි. ඔබ ඔහුවත් ඔහුගේ දායාදයත් යළි යළි සිහිපත් කළ යුතුයි. පරම පියා කියනවා: සුමිහිරි දරුවනි, දිගුකල් නැතිවී ගොස් සිට දැන් හමුවූ දරුවනි, ඔබයි මට ආරාධනා කළේ. ඔබව භාරගැනීමට මෙහි පැමිණෙන්න කියා. පරම පියාට ආරාධනා කළා. දිව්‍යලෝකය ස්ථාපිත කරන්නේ පරම පියායි. ඔහු ඔබට දිව්‍යලෝක උරුමය ලබාදෙනවා. ඔබ බාබාට හඬනගා කතා කළා. අපවිත්‍ර වූ අපව පවිත්‍ර කරන්න කියා. ඔබමයි කීවේ. ඔබ අපිරිසිඳු වී සතයක් වත් වටින්නේ නැති තරමට බංකොලොත් වී සිටිනවා කියා. භක්ති මාර්ගයේ දී ඔබ නොකඩවා අසීමිත පියාට කන්නලව් කළා. පරම පියා කියනවා: ඔබ තවමත් මෙහි සිටින භක්ති මාර්ගයේ දුක්විඳිනා මිනිසුන් තරමට බොහෝ සේ දුක් විඳලා නැහැ. පරම පියා දැන් ඇවිත් සිටිනවා. එමනිසා, සැබැවින්ම මෙය විනාශය සඳහා වූ කාලය වේ. ඔබට වැටහෙයි. මෙම යුද්ධයෙන් පසු. විනාශයෙන් පසු උපත් ගණනාවකට වසර ගණනාවකට යුද්ධයක සලකුණක්වත් නොතිබේවි. යුද්ධයක් සිදුවන්නේ හෝ දුකේ හෝ ලෙඩ රෝග වල සලකුණක්වත් නොතිබේවි. කෙසේ වෙතත්, දැන් බොහෝ සේ ලෙඩ රෝග ඇත. පරම පියා කියයි: සුමිහිරි දරුවනි, මා ඔබව විඳවීමෙන් නිදහස් කරනවා. ඔබ මා සිහිපත් කළේ: ඕ දෙවියනී. ඔබ පැමිණ අපට සාමය සහ සතුට පිරිනමන්න! සියල්ලන්ම අසන්නේ මේ දෙකමයි. මෙහි අසාමය ඇත. එබැවින්. සාමය මත උපදෙස් දෙන අයට සාමය තෑගි කරනු ලැබේ. මේ දුප්පත් මිනිසුන් සාමය කුමක්ද කියාවත් නොදනී. සුමිහිරි පරම පියාගෙන් මිස අන් කිසිවකුගෙන් සාමය ලබාගත නොහැකි වේ. ඔවුන්ට වටහා දීමට ඔබ බොහෝ සේ උත්සාහ කළ නමුත් ඔවුන්ට තවමත් එය නොවැටහේ. ඔබ රජයටත් ලියා දක්වා මෙසේ ඇසිය යුතුයි: ඇයි ඵලක් නැති දේ වලට මුදල් වැය කරන්නේ? මෙලොවට සාමය උදාකරලිය හැක්කේ සාම සාගරය වූ ඒකායන පියාට පමණයි. රජයේ ඉහළ නිළධාරීන්ට හොඳ ප්‍රමිතියකින් යුත් කොලයක රාජකීය අයුරින් ඔබට ලිවිය හැකියි. එසේ හොඳ ප්‍රමිතියක් ඇති කොලයක් දුටුවාම මෙය වැදගත් කෙනෙක් විසින් එවන ලද ලිපියක් යැයි ඔවුන් වටහාගනී. ඔවුන්ගෙන් අසන්න, ලොවෙහි සාමය ගැන ඔබ කතා කරනවා. ඉතින් සාමය ඔබ නැවත තිබූ සේම ලබන්නට මීට පෙර සාමය ඔබ ලබා තිබුණේ කවදාද, ඔබට කලිනුත් එය ලැබෙන්න ඇති. ඔබ ඒ ගැන දන්නා නිසා, ඔබට සාමය සහ සතුට ලොවේ පැවැති කාලය, දිනය ලිපියේ සඳහන් කළ හැකියි. ලොවෙහි සාමය සහ සතුට පරම පියා පැමිණයි නිර්මාණය කළේ. එසේ තිබුණේ ස්වර්ණම යුග කාල අවධියේය. මෙම ලක්ෂ්මි සහ නාරායන් එම රාජවංශයේ සලකුණ වේ. බ්‍රහ්මා සහ ඔබ බ්‍රහමින්වරුන්ගේ කොටස අන් කිසිවකු නොදනී. බ්‍රහ්මාගේ කොටසයි ප්‍රධාන වන්නේ. ඔහු පරම පියා විසින් බොහෝ ක්‍රියාවන් සිදු කළ රථය වූවා. අන්න ඒ නිසාවෙනුයි ඔහුට "කෝටි ප්‍රකෝටි වාරයක භාග්ය රථය" යැයි නම් කළේ. මෙය පැහැදිළි කරන්නේ කෙසේදැයි ආවර්ජනය කරන්න. බොහෝ කුල්මත්භාවයක් මිනිසුන්ට තිබෙනවා. ඔ දැන් ඔවුන්ට පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. මෙම දැනුම තිබෙන්නේ පරම පියා. ඥාන සාගරයට පමණයි. ඔහු විසින් මෙම දැනුම දෙන්නේ ඔහු පැමිණී විට පමණයි. එතෙක්. අන් කිසිවකුටත් මෙම දැනුම දිය නොහැක. භක්ති මාර්ගයේ දී සියලුම බැතිමතුන් නොනවත්වා වැඳුම් පිදුම් කළෝය. ඔබට දැනුම දෙන්නේ මේ එකම එක පියායි. ඇත්ත වශයෙන්ම, මෙම දැනුමට ඔබ ස්ථිර පොතක් කිසිසේත් සාදන්නේ නැත. ඔබේ දෙසවනින් මෙම දැනුමට ඔබ සවන් දෙනවා. ඔබ සතුව ඕනෑම පොතක් ඇත්ද එය තාවකාලිකයි. මන්ද, ඒ සියල්ල විනාශ වී යනවා. ඔබ විසින් ලියාගත් දේවල් සියල්ලත් අහවර වේ. ඔබ සටහන් කළේ හුදෙක් ඔබේ උත්සාහය සඳහායි. පරම පියා කියයි: ඔබට සිහිපත් කළ හැකි අන්දමේ මාතෘකා ලැයිස්තුවක් සාදන්න. මේ පොත් ආදිය ඉතිරි නොවන බවත් ඔබ දන්නවා. ඔබේ බුද්ධිය තුළ ස්මරණය පමණයි රැඳී තිබෙන්නේ. ඔබ ජීවාත්මයන් පරම පියා සේම සම්පූර්ණයෙන් පූර්ණ බවට පත්වෙනවා. ඔබේ දෑසින් දකිනා පරණ සියල්ලක්ම අවසානයේ දී විනශ වී යනවා. අවසානයේ කිසිවක් ඉතිරි නොවේවි. පරම පියා සදාතනික ශෛල්‍යවෛද්‍යවරයායි. ජීවාත්මයින් ද සදාතනිකයි අවිනාශීයි. ඔවුන් ශරීර අත්හරිමින් තව එකක් අරගනී. දිනෙන් දින. මිනිස්සුන්ට කුමන ශරීර ලැබේද ඒවා අපවිත්‍රයි. කිළිටියි. ඔය දරුවන් දන්නවා දැන් ඔබ උසස් වෙමින් සිටින බව. ඔබව උසස් කරවන්නේ පරම පියායි. ඍෂි මුනිවරුන් ආදීන්ට ඔබව උසස් කළ නොහැක. පරම පියා ඔබව උසස් කරවනවා. බාබා කියයි: සුමිහිරි දරුවනි, මා ඔබව මගේ ඇස් පිල්ලම මත තබා ආපසු ගෙන යනවා. ජීවාත්මයන් මේ දෑසෙහි ඉඳියි. පරම පියා කියනවා: ඔබ ජීවාත්මයකී. මම මාගේ දෑසෙහි ඔබව තබා අභිබවා අරන් යමි. තව ඉතිරිව ඇත්තේ ස්වල්ප කාලයයි. එබැවින්, උත්සාහ කරන්න! ඔබේ හදවතෙන් අසන්න සුමිහිරි බාබාව ඔබ කොයි තරම් සිහිපත් කරනවාද කියා. හීර් සහ රන්ජා (පෙම් යුවලක්) එකිනෙකාට පෙම් කළේ පාපය වෙනුවෙන් නොවේ. ඔවුන්ට පිවිතුරු ආදරයක් තිබුණේ. සිහිපත් කිරීම තුළින් ඔවුන් එකිනෙකා දුටුවා. එකිනෙකා හමුවූවා. පරම පියා කියයි: ඔබත් එලෙසම විය යුතුයි. ඔවුන් එක් උපතකට පමණයි පෙම්වතුන් වුණේ. එහෙත් ඔබලා උපත් ගණනාවක් මගේ ආදරවන්තියන් වෙනවා. ඒ දේවල් සිදුවූයේ මේ කාලයේ දීය. ස්වර්ණම යුගයෙහි පෙම්වතා පෙම්වතිය යන වචන භාවිත වන්නේ නැත. එහි ඔවුන් පාරිශුද්ධව සිටිනවා: එක් අයෙක් අනෙක් කෙනා මතක් වූ සැනින් ඔහු හෝ ඇය පෙනී සිටිනවා ඔවුන් සතුටු වෙනවා. ඔය දරුවන් කිසිවක් විද්යාමානව නොදකී. මෙකල, ඔබට කිරීමට ඇත්තේ තමන්ව ජීවාත්මයන් යැයි සලකා ඔබේ පෙම්බර පියාව සිහිපත් කිරිමයි. තමන්ව ජීවාත්මයන් යැයි සලකා පරම පියාව ඉමහත් සතුටින් සිහිපත් කරන්න. පරම පියා නොකඩවා පැහැදිළි කරනවා: භක්ති මාර්ගයේ ඔබ මා හට ආදරය කළේ ඔබේ පෙම්වතෙක් විලසටයි. එසේම මා හට ඔබව කැප කළා. ඔබ මෙසේ කියමින් සිටියා: ඕ ආදරවන්තය, ඔබ පැමිණී කල ඔබට මාවම පරිත්යාග කරනවා. මේ පෙම්වතා දැන් සියල්ලන්වම සුන්දර කරන්නට පැමිණ සිටිනවා. ඔහු ඔබව ඔහු වාගේම කිරීමට උත්සාහ කරනවා. ඔබ සුන්දර අය වූ කල. ඔබේ ශරීරත් සුන්දර වේවි. ජීවාත්මයන්මයි තමන් තුළ බාල මිශ්‍රණයක් එකතු කළේ. දැන් මං සිහිපත් කර එම මිශ්‍රණය ඉවත් කරන්න. මෙහි පැමිණෙන දරුවන් වෙනුවෙන් හුදෙකලාව බොහෝ ඇත. පූජකවරු ගමන් කරන විට සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටින්නේ. ඔවුන්ගේ අත්වල රෝසරි මාල තිබෙන අතර අන් කිසිවකු දෙස නොබලති. ඔවුන් ක්‍රිස්තුගේ ස්මරණයෙහි සෙමින් ගමන් කරති: ඔවුන් පරම පියාව නොදනී. දෙවියන් නාම රූප අභිබැවූවෙක් යැයි කියා ඇත්තේ මා ගැතයි. ඉතින්. ඔහු තිතක් නම්. ඔවුන්ට කුමක් දැකිය හැකිද? තිතක් ස්මරණය කරන්නේ කෙසේද කියා ඔවුන් නොදනී. ඔබ දැන් ඔහු ගැන දන්නවා. මෙය වටහාගත් නිසායි. ඔබ මෙහි පැමිණ සිටින්නේ. මධුබන් වර්ණනාවට ලක්වී ඇත. මෙයයි සත්‍ය මධුබනය, ඔබ පැමිණ සිටින තැන. හැකි තාක් හුදෙකලා වී පරම පියාව සිහිපත් කරන්න. අන්යයන් දෙස නොබලන්න. මෙහි බොහෝ මුදුන් වහලවල් තිබෙයි. බාබා සිහිපත් කිරීමට උදෑසනින් මුදුන් වහලට යන්න. එහි ඔබට විශාල සතුටක් අත්විඳීවි. රාත්රීයේ වේලාව එකට හෝ දෙකට නැතිනම්, උදෑසනින්ම අවදි වන්නට උත්සාහ කරන්න. නින්ද ජයගන්නන් වශයෙන් ප්‍රසිද්ධ වූවන් ඔබයි. වේලාසනින් නින්දට යන්න, පාන්දරින් වේලාව එකට හෝ දෙකට අවදි වී ටෙරස් වලට ගොස් හුදෙකලා වී ස්මරණ වන්දනාවෙහි සිටින්න. ඔබේ ආදායම එකතු කරගන්න ඕන. පරම පියා සිහිපත් කරමින් ඔහුව වර්ණනා කිරිමෙහිම කාර්යබහුල වී සිටින්න. ඔබ එකිනෙකා සමඟ පවසන්න. "බාබා ඉතාමත් සුමිහිරියි" ඔහු ස්මරණය කිරිම මගින් ඔබේ පව් කැපී යාවි. මෙහිදී හොඳ ආදායමක් රැස්කර ගැනීමට බොහෝම හොඳ අවස්ථාවක් ලැබෙනවා. මෙය ඔබේ නිවසේ දී කිරීම කළ නොහැකියි. ඔබට කාලයත් නොමැති අතර ලොවේ කම්පන සහ වටපිටාව ඉතාමත් අපිරිසිඳු නිසා ඔබට ස්මරණ වන්දනාවෙහි සිටිය නොහැකියි. මේ සඳහා ලිවීමට දෙයක් නැත. පෙම්වතුන් ඔවුනොවුන්ට කිසිවක් ලියා දක්වයිද? ඔබව ඇතුලාන්තයෙන් පිරික්සන්න: මා යම් කෙනෙකු දුකට පත්කළා ද? මා කී දෙනෙකුට බාබාව මතක් කළා ද? ඔබ මෙහි පැමිණීයේ වර්ධනය වීමට නිසා මෙහිදී උත්සාහ කරන්න. මුදුන් වහල වලට ගොස් හුදෙකලාවෙහි ඉඳිමින් ඔබේ ආදායම වැඩිකර ගන්න. මන්ද රැස්කර ගැනීමට තිබෙන එකම කාලය මෙයයි. මෙහි දින පහක් හෝ හතක් සිටින විට මුරලියෙන් පසු ගොස් හුදෙකලාවෙහි ඉඳින්න. ඔබ ඉඳින්නේ ඔබේම නිවසේයි. එබැවින්, පරම පියාව සිහිපත් කරන්න. එවිට ඔබට යම් ආදායමක් එකතු කළ හැකිවෙයි. බොහෝ මව්වරු බන්ධනයෙහි සිටින නිසා ඔවුන් පරම පියාව ස්මරණය කරන්නේ: ශිව් බාබා, මා මේ බන්ධනයෙන් මුදවන්න. ඔවුන් පාපය නිසා බොහෝ සේ ගුටි බැට කා ඇත. නාට්යයේ දෟපතීන් පැහැරගත් අයුරු පෙන්වා ඇත. ඔබ සියලු දෙනාම දැන් දෟපතීන් වේ. එමනිසා, නොකඩවා පරම පියා සිහිපත් කරන්න. බාබා ඔබට නොයෙක් අයුරින් දක්ෂ ලෙස ඔහුව ස්මරණය කිරීමට කියා දෙයි. එය ස්නානය කරනවා වැනි දෙයක් නොවෙයි. ඔව් ඔබ මළපහ කළොත් එවිට ස්නානය කිරිම අත්‍යවශ්‍යයි. ඇතැම් බැතිමතුන් ස්නානය කරන විටත් දෙවියන් සහ දේවතාවරු සිහිපත් කරනවා. ප්‍රධානම දෙය තමයි සිහිපත් කිරීම. ඔබට සෑහෙන තරම් දැනුම ලැබී තිබෙනවා. එය උපත් 84ක චක්‍රයේ දැනුමයි. ඔබව ඇතුලාන්තයෙන් පිරික්සා අසන්න: දවස මුළුල්ලේම සුමිහිරි පියාව. මා දිව්‍යලෝකයේ අධිපතියෙක් කරන පරම පියාව කොපමණ සිහිපත් කළෙම් ද? මගේ මනස ඉබාගාතේ ගියා ද? එය ගියේ කොහේද? මෙම ලෝකය තිබෙන්නේ නැහැ සියල්ලක්ම පාහේ විනාශ වෙන්නයි යන්නේ. බාබාත් අපත් පමණයි ඉතිරි වන්නේ. මේ අයුරින් බාබා සමඟ කතා කරන්න. එවිට ඔබ විශාල සතුටක් අත්විඳීවි. මෙහි පැමිණෙන අය පරණම භක්තිවන්තයින්ය. එසේනම් මෙහි නොපැමිණී අය සහ මෑත භක්තිවන්තයින් පසුව පැමිණෙන බව ඔබට වටහාගත හැකියි. භක්ති මාර්ගයේ මුල සිටම භක්ති කළ අය නියතවම පරම පියාගෙන් සිය උරුමය ලබන්නට පැමිණේවි. මෙහි උත්සාහය අදෘශ්‍යමානයි. මෙම දැනුම ධාරණය නොකළ අයට උත්සාහ කළ නොහැකියි. ඔබ මෙහි පැමිණීයේ ඔබ මත ක්‍රියාකර නැවුම් වීමටයි. මෙහිදී එක් සතියක් තුළ ඔබට බොහෝ රැස්කර ගත හැකියි. එහිදී (ඔබේම ස්ථාන වල) ඔබට මාස දොළහක් තුළවත් ඒ තරම් රැස්කර ගැනීමට නොහැකි වනු ඇත. හුදෙක්දින හතක් තුළ ඔබට ඉස්සර වීමට හැකි වේ. මේ අවවාදය ඔබට දෙන්නේ බාබායි. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. හුදෙකලා වන්න, පරම පියා ස්මරණය කරමින් අදායමක් රැස් කරගන්න. ඔබ ඔබව ඇතුලාන්තයෙන් පිරික්සිය යුතුයි. එවිට ස්මරණය කරන වේලාවේදී ඔබේ මනස එහෙ මෙහෙ නොයයි. මා කොපමණ වේලාවක් සුමිහිරි පියාව සිහිපත් කළා ද?

2. බාබා ඔබව නිදහස් කළේ රාවණගේ කුඩුවෙන් යැයි සිතමින් නිරන්තරව සතුටින් සිටින්න. ඔබ දැන් යාමට සිටින්නේ වැඩි ශීතලක් හෝ වැඩි උණුසුමක් නොමැති සදා වසන්තයම ඇති නව ලෝකෙටයි.

වරදානය:
ඔබ සතුට නම් නිධානයෙන් පිරුණු කරදරවලින් තොර සැහැල්ලු අධිරාජයෙකු බවට පත් වේවා.

"මගේ" යන්න "ඔබේ" බවට පරිවර්තනය කිරීමෙන්. "සියල්ල ඔබ සතුයි" කී දරුවන් කරදරවලින් තොරව සැහැල්ලුවෙන් සිටිති. "කිසිවක් මගේ නොවේ, සියල්ල ඔබගේ ය". ඔබ එවැනි පරිවර්තනයක් ඇති කරන විට, කරදරවලින් තොර වේ. සෑම කෙනෙකුටම තම ජීවිතයේ සැහැල්ලුවෙන් සිටීමට අවශ්‍ය වේ. කණගාටුවක් නොමැති තැන නිරන්තර සතුට පවතී. “ඔබේ” යැයි පැවසීමෙන් සහ සැහැල්ලු වීමෙන් ඔබ සතුටේ නිධානයෙන් පිරී යයි. ඔබ සැහැල්ලු අධිරාජයන්ට අසංඛේය, අනන්ත, නොනැසී පවතින වස්තු ස්වර්ණමය යුගය තුළ තිබේ.

පාඨය:
ඔබගේ වස්තූන් සේවය සඳහා භාවිත කිරීම යනු ඔබගේ ඉතිරි කිරීමේ ගිණුම වැඩි කර ගැනීමයි.