19.07.20    Avyakt Bapdada      Sinhala Murli     25.02.86    Om Shanti    Madhuban


මධුබාන්හි ද්විත්ව විදේශික සහෝදර සහෝදරියන් 50 දෙනෙකුගේ කැප වීමේ උත්සවයේදී අව්‍යක්ත බාප්දාදා ලබා දුන් ශ්‍රේෂ්ඨ වදන්.


අද දින, බාප්දාදා මෙම විශේෂ ශ්‍රේෂ්ඨ දිනය වෙනුවෙන් විශේෂ සෙනෙහස පිරි සුබ පැතුම් ලබා දෙනවා. ඔබ අද සැමරුවේ කුමන උත්සවයද? බාහිර ජවනිකාව කොහොමත් අලංකාර වූ අතර සියලු දෙනාගේ හදවතින් නැගි උනන්දුව සහ උද්යෝගයේ හඬ සහ ඔවුන්ගේ අධිෂ්ඨානය, හදවතට සැනසුම ගෙනෙන කෙනා වන පරම පියා වෙතට ලඟා විය. ඉතිං අද දිනය, උනන්දුව සහ උද්යෝගයෙන් පිරි අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබීමේ උත්සවය ලෙස හැඳින්වෙයි. ඔබ පරම පියාට ප්‍රථමයෙන් අයත් වූ කල සිට ඔබට සබඳකමක් තිබුණු අතර එය නොකඩවා පවති. කෙසේවෙතත්, ඔබ මෙම විශේෂ දිනය විශේෂ ආකාරයකින් සැමරූ අතර මෙය අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබීම ලෙස හැඳින්වෙයි. කුමක් සිදුවුණත් කම් නැත, මායාගේ කුණාටු පැමිණියත්, මිනිසුන් තුළින් විවිධ සිදුවීම් පැන නැඟුනත්, සොබාදහමේ කැලඹීම් වල ජවනිකා තිබුණත්, ඔබගේ ලෞකික හෝ අලෞකික සම්බන්ධතාවල කුමනාකාරයේ සිදුවීම් තිබුණත්, ඔබගේ මනසේ ඉතා බලවත් සිතිවිලි කුණාටු තිබුණත්, ඔබ අයත් වන්නේ වෙනත් කිසිවෙකුට නොව, ඒකායන පියාට පමණයි. එක් විශ්වාසයක් සහ එක ආධාරකයක් තිබීමේ අධිෂ්ඨානගත සිතිවිල්ල ඔබට තිබුණද, නැත්නම් ඔබ නිකම්ම වේදිකාවේ අසුන් ගත්තාද? ඔබ අසුන්ගෙන සිටියේ ද්විත්ව වේදිකාවේද තනි වේදිකාවේද? එකක් මෙම භෞතික වේදිකාව (stage) වන අතර අනෙක අධිෂ්ඨානගත සිතිවිල්ලේ වේදිකාවයි, අධිෂ්ඨානයේ මනෝ ස්ථීතියයි. එබැවින් ඔබ ද්විත්ව වේදිකාවේ අසුන් ගෙන සිටියා නේද? ඔබ ඉතා අලංකාර මල් මාලා පැළඳ සිටියා. ඔබ පැළඳියේ එම මල් මාලා පමණක්ද, නැත්නම් ඔබ තවද සාර්ථකත්වයේ මල් මාලා පැළඳ ගත්තාද? සාර්ථකත්වය ඔබගේ ගෙල වටා මල්දමයි. සාර්ථකත්වයේ පදනම මෙම අධිෂ්ඨානයයි. මෙම භෞතික මල් දම් සමඟම ඔබ සාර්ථකත්වයේ මල්දම්ද පැළඳ සිටියා, එහෙම නේද? බාප්දාදා සෑම විටම ද්විත්ව ජවනිකාවක් දකියි. ඔහු දකින්නේ භෞතික ජවනිකාවක් පමණක් නොවෙයි නමුත් භෞතික ජවනිකාව සමඟම ඔහු මනසේ ජීව අවධාන ස්ථීතිය, අධිෂ්ඨානගත සිතිවිල්ල සහ සාර්ථකත්වයේ ශ්‍රේෂ්ඨ මල්දම දෙසත් බැලුවා. බාබා ද්විත්ව මල්දම සහ ද්විත්ව වේදිකාව (stage) දුටුවා. ඔබ සියලු දෙනාටම අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබුණා. ඉතා හොඳයි. කුමක් සිදුවුණත්, ඔබගේ සබැඳියාවේ වගකීම ඔබ ඉටුකළ යුතුයි. සෑම විටම දෙවියන් කෙරෙහි සෙනෙහසේ වගකීම ඉටු කිරීමෙන් ඔබ සාර්ථකත්වය අත්කර ගත යුතුයි. සාර්ථකත්වය ඔබගේ ගෙල වටා ඇති මල්දම බව සහතිකයි. වෙනත් කිසිවෙකුට නොව, ඒකායන පියාට පමණක් අයත් වීම, අධිෂ්ඨානගත සිතිවිල්ලයි. ඔබට සිටින්නේ, ඒකායන කෙනා පමණක් වන විට, ඔබට ඉබේටම සහ පහසුවෙන් නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථීතියක් තිබෙයි. ඔබ සියලු සබැඳියාවන්හි අවිනාශී රැහැන, බැඳ ගත්තා නේද? එක් සබැඳියාවක් හෝ අඩු නම්, චංචලත්වය ඇති වෙයි. මේ නිසයි ඔබ සියලු සබැඳියාවන්හි නූල බැන්දේ. ඔබ සම්බන්ධකමක් ඇති කරගෙන, එම සිතිවිල්ල ඇති කළා. ඔබට සියලු සම්බන්ධතා තිබෙනවාද, නැත්නම් ඔබට තිබෙන්නේ ප්‍රධාන තුන පමණක්ද? ඔබට සියලු සම්බන්ධතා තිබෙනවා නම්, ඔබට සියලු ලැබීම් තිබේ. සියලු සම්බන්ධතා නොමැති නම්, එක් හෝ තව ලැබීමක අඩුවක් තිබෙයි. එය සියලු දෙනාගේම උත්සවයයි, එහෙම නේද? මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල තිබීමෙන්, ඔබගේ අනාගත උත්සාහයන් වලදි ඔබට විශේෂ ඉහළ එසවීමක් ලැබෙයි. මෙම ක්‍රමවේදය, ඔබගේ උනන්දුව සහ උද්යෝගය විශේෂයෙන් වැඩි කරයි. බාප්දාදා සියලුම දරුවන්ට අධිෂ්ඨානගත සිතිවිල්ලක උත්සවය පැවැත්වීම වෙනුවෙන් සුබ පැතුම් ලබා දෙන අතර ඔහු මෙම ආශිර්වාදයද ලබා දෙයි ඔබ සෑම කල්හිම අවිනාශී වේවා. ඔබ අමරණීය වේවා.

අද, ආසියාවේ සිට පැමිණි කණ්ඩායම මෙහි අසුන්ගෙන සිටිනවා. ආසියාවේ විශේෂත්වය කුමක්ද? විදේශ සේවාවේ ප්‍රථම කණ්ඩායම වුණේ ජපානයට ගිය කණ්ඩායමයි. එබැවින් එය විශේෂත්වයක් නේද? සකාර් බාබාගේ දිරිගැන්වීම් වලට අනුව විශේෂයෙන් විදේශ සේවය වෙනුවෙන් ආරාධනාවක් ලැබුනේ ජපානයෙන් වන අතර විදේශ සේවාව ආරම්භ වුණේ එහි සිටයි. එබැවින් ස්ථාපනයේදි, ආසියාව ඉදිරි අංකයක් ගන්නවා. විදේශයකින් ලද ප්‍රථම ආරාධනාව එයයි. වෙනත් ආගම් වල මිනිසුන්ගෙන් ආරාධනා ලැබ, සේවයේ ඇරඹුම සිදුවුණේ ආසියාවෙන්ය. එබැවින් ආසියාව බොහෝ වාසනාවන්තයි! දෙවන විශේෂත්වය වන්නේ, භාරතයට ආසන්නතම වන්නේ ආසියාවයි. සමීප අය, බොහෝ සෙයින් ආදරණීය බව කියයි. බොහෝ සේ ආදරණීය දරුවන් සැඟවී සිටියි. සෑම ස්ථානයකම ඉතා හොඳ මාණික්‍ය මතු වී තිබේ. සංඛ්‍යාවෙන් අඩුවක් තිබුණත් ගුණාත්මක බව තිබේ. ඔබගේ සේවයේ ඵලය ඉතා හොඳයි. මේ ආකාරයෙන් සංඛ්‍යාව සෙමින් වැඩිවෙනවා. ඔබ සියලු දෙනාම ආදරණීයයි, ඔබ සියලු දෙනාම සුන්දරයි. සෑම කෙනෙක්ම අසල සිටින ඊලඟ කෙනාට වඩා ආදරණීයයි. බ්‍රහ්මණ පවුලේ විශේෂත්වය මෙයයි. ඔබ සෑම කෙනෙක් තුළම, අන් අයට වඩා වැඩි සෙනෙහසක් තිබීම අත්විඳින අතර පියාටද ඔබ කෙරෙහි වැඩි සෙනෙහසක් ඇති බව සහ බාප්දාදා ඔබව පමණක් ඉදිරියට ගමන් කරවන බව ඔබ අත්විඳියි. මේ නිසයි භක්ති මාර්ගයේ මිනිසුන් ඉතා හොඳ අරුත්බර ප්‍රතිමාවක් සාදා තිබෙන්නේ. ඔවුන් වල්ලභ (ක්‍රිෂ්ණා) සෑම ගෝපි කෙනෙක් සමඟම පෙන්වා තිබේ. ඔහු ඉන්නේ එක් රාධේ සමඟ පමණක් හෝ රාජකුමාරිකාවන් අට දෙනා සමඟ පමණක් නොවෙයි ගෝපි වල්ලභ සෑම ගෝපිකාවක් සමඟම සිටියි. නිදසුනක් ලෙස, ඔබ දිල්වාලා දේවාලයට ගිය විට, ඔබගේ ප්‍රතිමාව හා ඔබගේ කුටිය කුමන එකද කියා ඔබ සටහන් කරගනී. එබැවින් මෙම සමූහය තුළ සිටින ඔබ සියලු දෙනාගෙන්, නර්ථනය සිදු කරන අයගේ ප්‍රතිමාවක් තිබෙනවාද? මෙය මහා නර්ථනය (මහාරාස්) ලෙස හැඳින්වෙයි. මෙම මහා නර්ථනය පිළිබඳව විශාල වර්ණනාවක් තිබේ. බාප්දාදා තුළ ඔබ සෑම සියලු කෙනෙක් වෙනුවෙන්ම, අසල සිටින කෙනාට වඩා විශාල සෙනෙහසක් ඔබ වෙනුවෙන් තිබේ. සෑම දරුවෙකුගේම ශ්‍රේෂ්ඨ භාග්‍යය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. එය කවුරු වුණත්, ඔබ සියලු දෙනාම කෝටි ගණනකින් අතලොස්සකි. ඔබ කෝටි ගුණයක් භාග්‍යවන්තයි. ලෝකය සමඟ සසඳන විට, ඔබ කෝටි ගණනකින් අතලොස්සක්, එහෙම නොවේද? ජපානය ඉතා විශාලයි, නමුත් එහි පරම පියාගේ දරුවන් සිටින්නේ කී දෙනාද? එබැවින් ඔබ කෝටි ගණනකින් අතලොස්සක් නොවේද? බාප්දාදා සෑම කෙනෙකුගේම විශේෂත්වය සහ භාග්‍යය දකිනවා. කෝටි ගණනකින් බොහෝ සේ ආදරණීය අතලොස්ස ඔබයි. පරම පියාට, ඔබ සියලු දෙනාම විශේෂ ජීවාත්මයි. ඇතැමුන් සාමාන්‍ය බවත් වෙනත් අය විශේෂ බවත් පියා දකින්නේ නැහැ. සියල්ලෝම විශේෂයි. මේ පැත්තේ, වඩා විශාල ව්‍යාප්තියක් සිදු වීමට යනවා මන්ද, මේ මුළු පැත්තේම, විශේෂ දෙගුණයක සේවාවක් තිබේ. ප්‍රථමයෙන්, බොහෝ විවිධ ආගම් වල අය සිටින අතර, තවද සින්ද් වලින් මතු වු බොහෝ ජීවාත්ම මෙපස සිටිනවා. ඔබට ඔවුන්ටද හොඳින් සේවය කළ හැක. ඔබ ඔවුන්ව සමීපයට ගෙන ආවොත්, ඔවුන්ගේ සහයෝගයෙන් ඔබට පහසුවෙන් වෙනත් ආගම් කරා ලඟා වීමටද හැකි වෙයි. දෙගුණයක සේවයක් කිරීමෙන් ඔබට දෙගුණයක ව්‍යාප්තිය සිදු කළ හැක. එක් හෝ තව ආකාරයකින්, ධනාත්මකව හෝ නිශේදනීයව වුවත්, ඔවුන් තුළ බීජයක් වපුරන ලදි. ඔවුන්ට හැඳින්වීම ලැබුණු බැවින් ඔවුන්ට පහසුවෙන් සබැඳියාවකට පැමිණිය හැක. ඔබට විශාල සේවයක් සිදු කළ හැක, මන්ද මෙය සියලුම ජීවාත්මයන්ගේ පවුලයි (සියලුම ආගම් වලින්). බ්‍රහ්මණයන් සියලුම ආගම් වලට පැතිරී ගොස් සිටියි. බ්‍රහ්මණයන් ලඟා නොවූ ආගමක් නැත. දැන් ඔවුන් සියලුම ආගම් වලින් ඉස්මතු වී මෙහි පැමිණෙනවා. ඔබ බ්‍රහ්මණ පවුල ඉදිරියට පැමිණි විට, ඔබ මෙහි අයත් බවට හැඟීම ඔබට ඇති වෙයි. ඔබ යම් කර්ම ගිණුමක් නිසා එහි ගිය අතර, දැන් නැවතත් ඔබගේ පවුල වෙතට පැමිණ ඇති සේය. ඔබ සෑම තැනකින්ම, උපකරණ වීමට සහ ඔබගේ සේවයේ භාග්‍යය හිමි කරගැනීමට මෙහි පැමිණ ඇත. මෙය සුළුපටු භාග්‍යයක් නොවෙයි එය ඉතා විශාල භාග්‍යයකි. ඔබ සියලුම පුණ්‍යාත්මයන්ගෙන් ශ්‍රේෂ්ඨතම අය බවට පත් වෙයි. ඔබ මහා දානපතියන්, මහා සේවාධාරීන්ගේ ලැයිස්තුවට අයත්ය. එබැවින් උපකරණ වීමත් විශේෂ තිළිණයකි. ද්විත්ව විදේශිකයන්ට මෙම තිළිණය ලැබෙයි. ඔබට අත්දැකීම් ටිකක් ලැබී, ඉන්පසුව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඔබ උපකරණ වෙයි. එබැවින් මෙය, අවසානයේ පැමිණ, වේගයෙන් යෑමේ විශේෂ තිළිණයකි. සේවය කිරීමෙන්, ඔය උපකරණ කුමක් සිදු කළත්, කෙබඳු ක්‍රියා සිදු කළත්, ඔබව දකින අන් අය, එයම සිදු කරන බවට අවධානය, ඔබගෙන් වැඩි දෙනෙකුට තිබේ. එබැවින් මෙය දෙගුණයක අවධානය වෙයි. දෙගුණයක අවධානය යොමු කිරීමෙන් ඔබට දෙගුණයක ඉහළ නැඟීමක් තිබෙයි. ඔබට වැටහෙනවාද? ද්විත්ව විදේශිකයන්ට දෙගුණයක ඉහළ නැග්මක් තිබෙයි. සෑම තැනකම භූමි, දැන් ඉතා හොඳ වී තිබේ. කෙතක් සීසෑමෙන් අනතුරුව, භූමිය හොඳ වෙනවා නේද? එවිට, එය පහසුවෙන් ඉතා හොඳ ඵල ලබා දෙයි. අච්චා. ආසියාවේ සිටින විශාල මයික් වල හඬ, භාරතයට විගසින් ලඟා වෙයි. එබැවින් එවන් මයික් සූදානම් කරන්න. අච්චා.

ජ්‍යෙෂ්ඨ දාදීන්හට: ඔබගේ වර්ණනාව ගැන කිව හැක්කේ කුමක්ද? පරම පියා පිළිබඳව මෙසේ පවසන සේම ඔබ සාගරය තීන්ත බවටත්, මහ පොළව... බවට හරවන්නේ නම්, ඒ ආකාරයෙන්ම ඔය සියලුම දාදීන්ගේ වර්ණනාවද තිබේ. බාබා ඔබව වර්ණනා කිරීම ආරම්භ කළොත්, එය දිවා රාත්‍රිය පුරා පවතිවි, එය දින හතක සම්පූර්ණ පාඨමාලාව මෙන් වෙයි. ඔබ හොඳයි. ඔබ සියලු දෙනා අතරේ ඇති නර්ථනය (සුසංයෝගය) හොඳයි. ඔබ සියලු දෙනාගේම හඳහන (රාශි) එකම වන අතර ඔබ සියලු දෙනාම ඉතා හොඳ නර්ථනයක් (රාසි) සිදු කරයි. අතින් අත ගෙන යෑම, එනම්, ඔබගේ සිතිවිලි සුසංයෝග කිරීම, නර්ථනයයි. එබැවින් බාප්දාදා ඔය සියලුම දාදීන්ගේ මෙම නර්ථනය දෙස දිගටම බලා සිටියි. මෙය විශේෂ මැණික් අටේ නර්ථනයයි.

ඔය දාදීන්, පවුලේ විශේෂ සැරසිල්ලයි. සැරසිල්ල නොතිබුණේ නම්, කිසිම සුන්දරත්වයක් නොතිබෙයි. එබැවින් සියලු දෙනාම ඔබ දෙස එම සෙනෙහසින් බලයි.

බ්‍රිජ් ඉන්ද්‍රා දාදීට: ඔබ ළමා වියේ සිටම ලෞකික මෙන්ම අලෞකික දිවියේදී, අන් අයව සරසා ඇත, එබැවින් දිගටම සැරසීමෙන්, ඔබ දැන් සැරසී සිටියි. එය එසේ නොවේද? බාප්දාදා සෑම විටම මහාවීර, මහාරතී දරුවන්ව සිහි කරනවා පමණක් නොවෙයි, නමුත් බාප්දාදා ඔවුන්ව ඔහු තුළට මුසු කරගන්නවා. මුසු වී සිටින අයව සිහි කිරීමට අවශ්‍ය නොවෙයි. බාප්දාදා සෑම විටම සෑම විශේෂ මැණිකක්ම ලෝකය ඉදිරියේ හෙළිදරව් කර තබනවා. එබැවින්, ඔබ ලෝකය ඉදිරියේ හෙළිදරව් වීමට යන විශේෂ මැණික්ය. සියලු දෙනාගේම සතුට නිසා ඔබට අතිරික්ත උපකාර ලැබෙනවා. ඔබගේ සතුට දැක, සියලු දෙනාටම සතුටේ පෝෂණය ලැබෙනවා. එබැවින්, ඔබට සියලු දෙනාගෙන් සෙනෙහසේ ආශිර්වාද නොකඩවා හිමි වන නිසා, ඔබ සියලු දෙනාගේ ආයුෂ වැඩි වෙනවා. ඔබ දැන් බොහෝ කාර්යයන් සිදු කළ යුතුයි, එබැවින් ඔබ පවුලේ සැරසිල්ලයි. සෑම කෙනෙක්ම ඔබ දෙස බලන්නේ, බොහෝ සෙනෙහසින්. කෙනෙකුගේ හිසට උඩින් ඇති වියන ඉවත් කළොත් එය කෙබඳු වෙයිද? සෑම විටම උඩු වියනක් ඇති අයට, පසුව එය නැති වන්නේ නම්, එය කෙබඳු වෙයිද? ඉතිං, ඔබ සියලු දෙනාම පවුලේ උඩු වියනයි.

නිර්මල් ශාන්තා දාදීට: ඔබගේ සිහිවටනය ඔබ නිරන්තරයෙන්ම මධුබාන් වල දකිනවා. සිහිවටන තිබෙන්නේ සිහි කිරීම සඳහාය. කෙසේවෙතත්, ඔබගේ සිහි කිරීම, සිහිවටනයක් නිර්මාණය කරයි. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, උපකරණ බවට පත් වී ඇති ආධාරක ප්‍රතිරූපයන්ව, මුළු පවුලම සිහි කරයි. එබැවින්, ඔබ ආධාරක ප්‍රතිරුවක්. ස්ථාපන කාර්යයට ඔබ ශක්තිමත් ආධාරක ප්‍රතිරුවක් නිසා, මෙම ව්‍යාප්තියේ සහ ප්‍රගතියේ ගොඩනැගිල්ල බොහෝ ශක්තිමත් වෙනවා. ඇයි? ආධාරකය ශක්තිමත් නිසා.

ආලෝකමත් සහ සැහැල්ලු වන්න. (අව්‍යක්ත මුරලි වලින් තෝරාගත් අමිල මාණික්‍ය)

ආලෝකමත් සහ සැහැල්ලු වීම යනු, ජීවාත්මයේ ආලෝක ස්වරූපයේ ස්ථාවර වී, ඉන්පසුව ඉබේටම සැහැල්ලු වීමයි. සුරඟනන් වන්නේ ආලෝකමත් සහ සැහැල්ලු අය පමණයි. සුරඟනන් කිසිම විටෙක කිසිවෙකුට බන්දනයකින් බැඳී නොසිටියි. ඔවුන් ආලෝකමත් මෙන්ම සැහැල්ලු නිසා, ඔවුන් මෙම පැරණි ලෝකයේ ආකර්ෂණ වලට කිසිම විටෙක ආකර්ෂණය වන්නේ නැත.

ආලෝකමත් සහ සැහැල්ලු වීම යනු, නිරන්තරයෙන් පියාසර ස්ථීතිය අත්විඳීමයි. සැහැල්ලු අය නිරන්තරයෙන් උඩ පියාසර කරන අතර බරක් ඇති අය, මෙහි පහළ රැඳී සිටියි. එබැවින් ආලෝකමත් සහ සැහැල්ලු ජීවාත්මයක් වීම යනු, බරක් නොතිබීමයි, මන්ද ඔබට ඕනෑම ආකාරයක බරක් තිබේ නම්, ඔබට ඉහළ පියාසර කිරීමට නොහැක. දෙගුණයක වගකීම් තිබෙන අතරම ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටින්න. ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටීමෙන් ඔබ කිසිම විටෙක ඔබගේ ලෞකික වගකීම් වලින් වෙහෙසට පත් නොවෙයි, මන්ද ඔබ භාරකරුවෙක් වන අතර භාරකරුවෙකුට කිසි විටෙක වෙහෙස නොදැනෙයි. ගෘහය හෝ පවුල ඔබගේ කියා ඔබ සිතන්නේ නම්, ඔබට බරක් දැනෙයි. කෙසේවෙතත්, කිසිවක් ඔබගේ නොවන විට, බරක් තිබිය නොහැක. මුළුමනින්ම ආදරණීය සහ නොබැඳීව, පාලකයෙක් සහ දරුවෙක්ව සිටින්න.

සෑම විටම තමන්ව පියාට භාර කරන්න, එවිට ඔබ සෑම විටම සැහැල්ලු වෙයි. ඔබගේ වගකීම් පරම පියාට භාර දෙන්න, වෙනත් වචන වලින් කියතොත්, ඔබගේ බර, පරම පියාට භාර දෙන්න, එවිට ඔබ සැහැල්ලු වෙයි. ඔබගේ බුද්ධියෙන් තමන්ව කැප කරන්න. ඔබගේ බුද්ධියෙන් ඔබ කැප වන්නේ නම්, බුද්ධිය තුළ වෙනත් කිසිවක් නොතිබෙයි. එපමණයි, සියල්ල අයත් වන්නේ පරම පියාටයි, සියල්ල තිබෙන්නේ පරම පියා තුළයි, එවිට වෙනත් කිසිවක් නැත. ආලෝකමත් සහ සැහැල්ලු යනු, ඔබගේ සංස්කාර හෝ ස්වභාවය නිසා පවා, බරක් ඇති නොවීමයි. කිසිම බරක් නොතිබීමයි - ඔබගේ නිෂ්ඵල සිතිවිලි නිසා පවා - මෙය සැහැල්ලු බව ලෙස හැඳින්වෙයි. ඔබ සැහැල්ලුවෙන් සිටින තරමට අනුව, ඔබ පහසුවෙන් පියාසර ස්ථීතිය අත්විඳියි. යෝගාවේ සිටීමට ඔබට සුළු හෝ උත්සාහයක යෙදීමට සිදු වන්නේ නම්, එවිට නිසැකවම ඔබ මත යම් බරක් ඇති. එබැවින් බාබා, බාබා! යන ආධාරකය ගෙන, නොකඩවා පියාසර කරන්න.

පරම පියාට සමාන විය යුතු බවට ඔබගේ අරමුණ, නිරන්තරයෙන් සිහියේ තබාගන්න. ඔබ අන් අය දෙස බලන විට ඔබ දුර්වල වෙයි. එබැවින් පියා දෙස බලා පියාව අනුගමනය කරන්න. පියාසර ස්ථීතියට යෑමේ ශ්‍රේෂ්ඨ ක්‍රමවේදය වන්නේ මෙම එක ව්‍යවහාරයයි, සෑම දෙයක්ම ඔබගේය. එබැවින් මම යන වචනය ඔබගේ බවට වෙනස් කරන්න. මා ඔබගෙයි කියා ඔබ පවසන විට, ජීවාත්මය සැහැල්ලු වෙයි, එසේම සියල්ල අයත් වන්නේ ඔහුට බැවින්, ඔබ ආලෝකමත් මෙන්ම සැහැල්ලු වෙයි. ආරම්භයේ ඔබ එවැනි මනෝ ස්ථීතියක ගමන් කිරීම පුහුණු කළ අතර, අන් අයට හැඟුනේ ආලෝකයක් ඔවුන්ව පසුකර යන බවයි ඔවුන් ඔබගේ සිරුර නොදකියි. මෙය පුහුණු කිරීමෙන් ඔබ සෑම ආකාරයක ප්‍රශ්න පත්‍රයක්ම සමත් විය. දැන් කාලය ඉතාම නරක බැවින්, ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටීමේ පුහුණුව වැඩි කරන්න. ඔබගේ ආලෝකමත් ස්වරූපයෙන් ඔබව දකින විට, ඔබ නිරන්තරයෙන් ආරක‍්ෂිත වෙයි. ඔබගේ සේවා මධ්‍යස්ථානයට ඔවුන් ඇතුළු වූ සැනින්, ඔවුන් දැකිය යුත්තේ ආලෝකමත් බලකොටුවක්.

විශාල යන්ත්‍රයක් විදුලි බලයෙන් ක්‍රියා කරන සේම, ඔබ සියලු දෙනාද ඕනෑම දෙයක් නිම කරන විට, නිරන්තර සම්බන්ධතාවයකින් බලගැන්වීමේ පදනමින් ආලෝකමත් සහ සැහැල්ලු වෙයි. ඔබට ආලෝකමත් සහ සැහැල්ලු මනෝ ස්ථීතිය තිබෙන විට, සියලු උත්සාහ සහ අපහසුතා අවසන් වෙයි. ඔබට යමක් අයත්ය, යන හැඟීම නවතා දමා, ඔබ දේවමය සේවය සිදු කරන භාරකරුවෙක් බවට හැඟීම, නිරන්තරයෙන් ඇති කරගන්න, එවිට ඔබ ආලෝකමත් සහ සැහැල්ලු වෙයි. ඔබ ආධ්‍යාත්මික සහ අලෞකික බව, ඔබ සමඟ සමීප සම්බන්ධතාවයකට පැමිණෙන ඕනෑම කෙනෙකුට හැඟී යා යුතුයි. ඔවුන්ට දිස් විය යුත්තේ ඔබගේ සුරඟන ස්වරූපය පමණයි. සුරඟනන් සෑම විටම වාසය කරන්නේ ඉහළයි. ඔවුන් පියාසර කරන පක‍ෂීන් නිසා සුරඟනන්ව සෑම විටම පෙන්වන්නේ පියාපත් ඇතිවයි.

ඔබට නිරතුරුව සතුටින් පැද්දී, බාධක ඉවත් කර, අන් අයගේ අපහසුතා අවසන් කිරීමට හැකි වන්නේ, ඔබගේ මනස අධිෂ්ඨානයෙන් යුතු වූ විට සහ ඔබගේ ස්ථීතිය ආලෝකමත් සහ සැහැල්ලු වූ විට පමණයි. කිසිවක් මගේ නොවෙයි, සියල්ල අයත් වන්නේ පරම පියාටයි. ඔබ තමන් සමඟ බරක් තබා ගත් විට, සෑම අන්දමකම බාධා පැන නඟී. කිසිවක් මගේ නොවන විට, මා බාධක වලින් නිදහස්ය. සෑම විටම ඔබ ආලෝකමත් සහ සැහැල්ලු බව සලකා, නොකඩවා සේවය කරන්න. ඔබ සේවයේ සැහැල්ලු වන තරමට ඔබට වඩාත් පහසුවෙන් පියාසර කිරීමට හැකි වී, අන් අයටත් පියාසර කිරීමට ඔබ දිරිගන්වයි. සාර්ථකත්වයේ පදනම වන්නේ, ආලෝකමත්ව, සැහැල්ලුවෙන් සහ මෙනෙහි කිරීමේ රැඳී සිටින අතර තුර, සේවය කිරීමයි.

ඔබ, ඔබගේ වගකීම් ඉටු කළ යුතු නමුත් ඔබගේ වගකීම් වැඩි වන තරමට, ඔබ වැඩියෙන් ආලෝකමත් සහ සැහැල්ලු විය යුතුයි. ඔබගේ වගකීම් ඉටු කරන අතර සෑම ආකාරයකින්ම ඒවා නිසා බරක් ඇති කරගැනීමෙන් ඔබ්බට යන්න මෙය පරම පියා කෙරෙහි සෙනෙහස තිබීම ලෙස හැඳින්වෙයි. ඔබට බොහෝ වගකීම් ඇති බැවින්, ඔබ කළ යුත්තේ කුමක්ද කියා කණස්සලු නොවන්න. මෙසේ නොසිතන්න, මා මෙය කළ යුතුද, නැද්ද? මෙය කිරීම ඉතා අපහසුයි. මෙය අත්දැකීම යනු බරක් ඉසිලීමයි. ආලෝකමත් සහ සැහැල්ලු වීම යනු, මෙම හැඟීම ඉක්මවා යාමයි. වගකීම් වල බර දැනෙන නිසා, ඔබගේ මනෝ ස්ථීතියට කිසිම ආකාරයකින් චංචල වීමට ඉඩ නොදෙන්න. බුද්ධියේ සම්පූර්ණ විශ්වාසය ඇති අය, සෑම විටම ආලෝකමත්ව, සැහැල්ලුවෙන් සහ සම්පූර්ණ නිදහසේ සිටියි. ඔවුන් සෑම විටම පියාසර ස්ථීතියේ සිටියි. සියලු මනෝ ස්ථීති වලින් උසස්ම ස්ථීතිය, පියාසර ස්ථීතියයි. එවන් ජීවාත්මයන්ගේ බුද්ධියේ දෙපය, පොළව ස්පර්ෂ නොකරයි. පොළව ස්පර්ෂ නොකිරීම යනු, ශරීර අවධානය ඉක්මවා සිටීමයි. සෑම විටම ශරීර අවධානයේ පොළවට ඉහළින් රැඳී සිටින අය, සෑම විටම සුරඟනාවන්ය.

දැන්, ඔබගේ දිව්‍යමය බුද්ධියේ වාහනයට ඔබව උසම ශිඛරයේ ස්ථාවර කළ හැකි සේ, බොහෝ ආලෝකමත් සහ සැහැල්ලු වන්න. ඉන්පසුව ලොවෙහි සියලුම ජීවාත්මයන්ට ආලෝකයේ සහ බලයේ රශ්මි කිරණ ලබා දී, ඔබගේ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වලින් සහයෝගයේ රළ පතුරුවා හරින්න. මෙම වාහනයේ ඉහළට පියාසර කිරීමේ ක්‍රමය වන්නේ, බාප්දාදාගේ සුවිනීත, ශ්‍රේෂ්ඨ උපදෙස් පිළිපැදීමය. කිසිම ආකාරයකින්, තම මනසේ හෝ අන් අයගේ මනසේ උපදෙස් වල කසල, බිඳකුදු, සුළුවෙන්වත් නොතිබිය යුතුයි.

වරදානය:
ඔබ, සෑම තත්පරයක සහ සෑම සිතිවිල්ලක වැදගත්කම දැන, ඔබගේ පුණ්‍ය ගිණුමේ රැස් කරගන්නා කෝටිපතියෙක් වේවා.

ඔය පුණ්‍යවන්ත ජීවාත්මයන්ගේ සිතිවිලි වල බොහෝ විශේෂ බලයක් ඇති නිසා, ඔබට කිසිසේත් කළ නොහැකි දේ, කළ හැකි දේ බවට පත් කළ හැක. නිදසුනක් ලෙස, මෙකල, විශේෂ උපකරණ භාවිත කර, කාන්තාරයේ පැළ වගා කිරීමටත් කඳු මුදුන් වල මල් වගා කිරීමටත් හැකි වී තිබේ. ඒ ආකාරයෙන්ම, ඔබගේ ශ්‍රේෂ්ඨ සිතිවිලි වලින්, ඔබට බලාපොරොත්තු රහිත ජීවාත්මයන්ව, බලාපොරොත්තු ඇත්තන් බවට පත් කළ හැක. ඔබ කළ යුත්තේ, සෑම තත්පරයක සහ සෑම සිතිවිල්ලකම වටිනාකම දැන, සෑම තත්පරයක් සහ සිතිවිල්ලක්ම එම අවධානයෙන් භාවිත කර ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ රැස් කරගැනීමයි. ඔබගේ සිතිවිලි වල බලය කෙතරම් ශ්‍රේෂ්ඨ වන්නේද යත්, එක් සිතිවිල්ලකට පවා ඔබව කෝටිපතියෙක් බවට පත් කළ හැක.

පාඨය:
සියලු හිමිකම් ඇත්තෙකුගේ විශ්වාසය සහ කුල්මත් බවින් සෑම ක්‍රියාවක්ම සිදු කරන්න, එවිට සියලු වෙහෙසවීම් අවසන් වෙයි.


දැන්වීමයි: අද, මාසයේ තෙවැනි ඉරු දිනයි, එබැවින් සියලු රාජ යෝගී තපස්වී සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ, පව 6.30 - 7.30 දක්වා සිදු කරන භාවනාවේදි, විශේෂයෙන් බැතිමතුන්ගේ හඬට කන් දෙන ලෙසයි. ඔබගේ විශේෂ ආදරණීය දේවතා ස්වරූපයේ, දයාවෙන් පිරි දානපති ස්වරූපයේ, ස්ථාවරව රැඳී සිටිමින්, සියලු දෙනාගේ ආශාවන් ඉටු කිරීමේ සේවය සිදු කරන්න.