19.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් මුළු ලෝකයේම ආරම්භය, පැවැත්ම සහ අවසානය පිළිබඳ වූ අවබෝධය නම් වූ ආලෝකය ලබා ඇත.

ප්‍රශ්නය:
ඔබ ඔබට උදාකරගන්නා මහා වාසනාව කුමක්ද, ඒ කෙසේද?

පිළිතුර:
ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ පරම පියාගෙන් උපත් 21 ක් සඳහා අසීමිත උරුමය උපයා ගන්නවා. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබේ සියලු පැතුම් ඉටු වනු ඇත. ඔබේ මහා වාසනාව මෙයයි. උපත් 84ක චක්‍රයේ ගමන් කරන ඔය දරුවන්, දැන් බ්‍රාහ්මණයන් වී පසුව දේවතාවන් වනු ඇත. ඔබ මායා, රාවණ්, ඔබේ බුද්ධියේ යෝගාවෙන් සහ ඥානයේ බලයෙන් ජයගත් විට උසස් භාග්‍යයක් උදා වනු ඇත. ඔබේ බුද්ධියේ තිබෙනවා, ඔබේ භාග්‍යය උදාකර ගැනීම සඳහා, පරම පියා වෙත පැමිණ ඇති බව, එනම්, ලක්ෂ්මි හෝ නාරායන තත්ත්වයන් ලැබීම සඳහා.

ගීතය:
මගේ භාග්‍යය උදාවීමෙන් පසු මා ආවෙමි.

ඕම් ශාන්ති.
මේ පරමාත්ම දෙවියන්ගේ පාසලයි. මෙහිදී, දෙවියන් දරුවන්ට කතා කරයි. ගීතයේ පළමු පේළිය මෙයයි: මගේ භාග්‍යය උදාවීමෙන් පසු මා ආවෙමි. මා පැමිණියේ මේ දේවමය පාසලටයි. නැත්නම්, අසීමිත පියාගේ පාසලටයි. දෙවියන් යැයි කිව හැක්කේ එක්කෙනෙකුට පමණි. බොහෝ වූ දෙවියන් ඇත. සියලු ජීවාත්ම සත්තාවන්ගේ පරම පියා එක්කෙනෙකි. මෙහි රැස් වී ඇත්තේ එකම පරම පියා හා බොහෝ ජීවාත්ම සත්තාවන්ගේ හමුවයි. ඥාන සාගරයේ ඥාන ගංගාවන්ගේ හමුවයි. ජල සයුරකට ඥාන සාගරය යැයි කිව නොහැක. ඥාන ගංගා මතු වන්නේ ඥාන සාගරයෙන් වන අතර මේ ඔවුන්ගේ හමුවයි. ඒ වූ කලී භක්තිය වන අතර මේ ඥානයයි. ඥානයට බ්‍රහ්මාගේ දහවල යැයි කියයි: ස්වර්ණමය සහ රිදී යුගය වේ. භක්තිය රාත්‍රියයි: තඹ සහ යකඩ යුගය වේ. ස්වර්ණමය හා රිදී යුග වල දී ගැලවීම තිබේ. ඔබ සතුටු දේශයට යා යුතුමයි. පරම පියා පමණි ගැලවීම ලබා දෙන්නේ; ඔහු ගැලවීම ලබා දෙන්නාය. ඔබ දැන් ගැලවීම ලබමින් සිටී. එනම්, අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වෙමින් සිටී. තමෝප්‍රධාන් බවින් ඔබ සතෝප්‍රධාන් බවට පත් වන්නේ රාජයෝගා අධ්‍යයනය මඟිනි. පසුව ඔබ සතෝප්‍රධාන් බවට පත් වූ විට පමණි දෙව්ලොව වෙත යන්නේ - මෙයයි චක්‍රය. භාරතය ලක්ෂ්මි සහ නාරායන රජදහන තිබූ දෙව්ලොව විය. මේ දක්වාම ද ඔවුන් සඳහා සිද්ධස්ථාන ගොඩනගා ඇත. ඔවුන් නියත ලෙසම දෙව්ලොව විසුවා. දැන් මෙය කලියුගයයි. ස්වර්ණමය යුගයේ දී අධිරාජ්‍යයා සහ අධිරාජිණිය මෙන්ම යටත් වැසියන් ද පිරිසිඳු අය වූහ. අධිරාජිණියත් අධිරාජ්‍යයාත් ලක්ෂ්මි සහ නාරායන නම් විය. ඔවුන්ගේ ළමා කාලයේ දී ඔවුන් රාධේ කුමරිය සහ ක්‍රිෂ්ණා කුමරු නම් විය. මෙකල, මිනිසුන් ක්‍රිෂ්ණ ජනමස්ත්මි යනුවෙන් ක්‍රිෂ්ණා උපත සමරයි. එයට අස්ත්මි (අටවැනි) යැයි කියන්නේ ඇයි? ඔබට සෑම ආගමික ලේඛණයකම සාරය විස්තර කර දී ඇත. විෂ්ණුගේ පෙකිණි වැලෙන් බ්‍රහ්මා මතුවන ආකාරය පෙන්වන පිංතූරයක් ඇත. එය විෂ්ණු මෙහි සිට ආගමික කතාන්තර වල සාරය බ්‍රහ්මා තුළින් විස්තර කර දීමක් නොවේ. නැත. පරම පිතා, පරමාත්මා ශිවා උත්තරීතර දේශයෙන් පැමිණ බ්‍රහ්මාගේ ශරීරය උපයෝගී කරගෙන සියලු රහස් විස්තර කරයි. මිනිසුන් බොහෝ සෙයින් භක්ති ක්‍රියා කරන නමුත් ඒ තුළින් ලැබූ කිසිවක් නැත. එම නිසයි පරමාත්ම දෙවියන් මෙසේ කියන්නේ : ඔබේ භක්තිය අවසාන කළ විට මා පැමිණෙන්නේ ඒ වන විට ඔබ පූර්ණ ලෙස පිරිහීමකට පත් වී ඇති නිසයි. ස්වර්ණමය සහ රිදී යුග වලදී ඔබ රජ දහනේ වාසනාව ලබයි. ඔබ සූර්ය වංශයට සහ චන්ද්‍ර වංශයට අයිති වී ඉන්පසු දිගටම පිරිහෙයි. ඔබ බුද්ධියෙන් මේ සියල්ල සිහිකළ යුතුයි. ඔබ දරුවන් ලෝකයේ මුල, මැද, අග පිළිබඳ තේරුම් ගෙන (ඥානය ලබා) ආලෝකයට පත් වී ඇත. මෙය වෙන කිසිවෙකුගේ නැති බුද්ධි ආලෝකයකි. ඔබ තේරුම් ගෙන සිටිනවා ශිව බාබා සියල්ලටම වඩා ඉහළ වන අතර සූක්‍ෂම කලාපයේ බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් සිටින බවත්. ශාරීරික කලාපයේ ඇත්තේ මෙම මනුෂ්‍ය ලෝකයයි. මනුෂ්‍ය ලෝකයේ ජගත් පිතා සහ ජගදම්බා වර්ණනා කරන අතර බ්‍රහ්මා පමණක් සූක්‍ෂම කලාපයේ පෙන්වයි. බ්‍රහ්මාට ඔවුන් මෙසේ කියයි: බ්‍රහ්මා දේවතාවන්ට නමස්කාර වේවා. ඉන්පසු ඔවුන් මෙසේද කියයි: විෂ්ණු දේවතාවන්ට නමස්කාර වේවා. මෙහි බ්‍රහ්මා සහ සරස්වතී යනු කවුද? බ්‍රහ්මාට මහා ප්‍රසාදයක් ඇත. ඔබ බ්‍රහ්මාගේ දූවරුන් වන විට ප්‍රජාපිතා ද නියතයෙන්ම මෙහි සිටියි. ඔහු සූක්‍ෂම කලාපයේ එසේ නොසිටියි. පරම පිතා ඥානය දිය යුත්තේ ප්‍රජාපිතා තුළිනි. විෂ්ණුවත් ශංකර් වත් ඥාන සාගරය යැයි කිව නොහැක. පරම පියා ශ්‍රී ශ්‍රී යැයි ද හඳුන්වයි. ඔහු සියල්ලටම වඩා උසස්ම කෙනාය. ඉහළම ඉහළ පරමාත්ම දෙවියන්ය. ඔහු නිර්මිතය නිර්මාණය කරයි. ශ්‍රී රාධේ සහ ශ්‍රී ක්‍රිෂ්ණා විවාහයෙන් පසු ශ්‍රී ලක්ෂ්මි අධිරාජිණිය සහ ශ්‍රී නාරායන අධිරාජ්‍යයා බවට පත් වේ. සත්යුගයේ ඔවුන්ගේ රජදහන දෙව්ලොව ලෙස හැඳින්වේ. රිදී යුගය රාමා සීතාගේ රජ දහනයි. සත් යුගය දෙව්ලොව වන අතර ඉන්පසු කලා දෙකක් බසී. ඔබ දිව්‍ය කලා 16න් දිව්‍ය කලා 15ට පසු බසී. ඉනික්බිතිව, ඇත්තේ ද්වෝපූර් යුගය වන අතර ඒ භක්ති මාර්ගයේ ආරම්භයයි. පරම පියා දැන් මෙසේ කියයි : මම ඔබ දරුවන්ට ගැලවීම ලබා දෙමි. භාරතය පිරිසිඳුව තිබුණි. භාරතය අපිරිසිඳු කළේ කවුද? අපිරිසිඳු කළේ රාවණ්ය. මේ නිසයි චක්‍රයෙන් චක්‍රය අපිරිසිඳු අය පිරිසිඳු කිරීමට මා ආ යුත්තේ. ඔබ මෙහි පැමිණියේ, ඔබේ වාසනාව ලබා ලොව හිමිකරුවන් බවට පත් වීමටයි. පරම පියා මෙසේ විස්තර කරයි : ඔබේ බුද්ධියේ තබා ගත යුතුයි ඔබ දෙවි දේවතාවන්ව සිටි බවත් දැන් බ්‍රහ්මින්වරු බවට පත්ව සිටින බවත් නැවත වාරයක් දෙවි දේවතාවන් බවට පත් වන බවත්. මෙයයි පිණුම් ගැසීමේ ක්‍රීඩාව. පළමුව මුදුන් කොණ්ඩ ගැටය සහ ඊට ඉහළ ශිව බාබාය. එවිට බ්‍රහ්මින්වරු මැවුණි. ඔවුන් දරුවන් වශයෙන් හදාගනී. අන් ළමයින් හදා ගන්නේ සීමිත අය වන අතර මොහු අසීමිත කෙනා වන පරම පියාය. ප්‍රජාපිතා බ්‍රහ්මා හට කියන්නේ ආදී මුතුන්මිත්තා යැයි කියායි. ඔහු සංගම් යුගයේ දී පැසසුමට ලක් වන්නේ ශිව බාබා පැමිණ බ්‍රහ්මා, සරස්වතී සහ ඔබ දරුවන් හදාවඩා ගන්නා විටය. ඔබ තේරුම් ගෙන සිටිනවා ඔබ නැවතත් වරක් පරම පියාගෙන් උරුමය ලබා ගැනීමට පැමිණ සිටින බව. චක්‍රයෙන් චක්‍රය අප එය ලබා ඇත. රාවණ් රාජ්‍යය ආරම්භයේ දී අපේ පිරිහීම පටන්ගෙන පිරිසිඳු බවින් අපිරිසිඳු බවට පත් විය. දැන් රාවණ් රාජ්‍යය මුලු ලොව වසා ඇත. හැම කෙනෙක්ම අත්දකින්නේ දුකයි. හැම කෙනෙක්ම සිටින්නේ දුක් නිවහනේය. ස්වර්ණමය යුගයේ දී දුක් ප්‍රශ්නයක් නැත. අද ක්‍රිෂ්ණා ජනමස්ත්මිය වන්නේ දේව්කීගේ අටවෙනි දරුවා ලෙස ශ්‍රී ක්‍රිෂ්ණා ඉපදුනු විට යැයි කියැවේ. ක්‍රිෂ්ණා අටවෙනි දරුවා ලෙස උපදිනවාද? ක්‍රිෂ්ණා උපදින්නේ සත්යුගයේ දීය. නමුත් ඔවුන් ඔහුව ද්වෝපූර් යුගයට ගෙනැවිත්ය. ඉතින් එය බොරු කතාවක් නේද? ඔබ දරුවන් දැන් තේරුම් ගන්නවා ශ්‍රී ක්‍රිෂ්ණා උපත් 84ක් ගන්නේ කෙසේද කියා. ඔහු දැන් ඔහුගේ අවසන් උපතේ සිටිනා අතර ඉගෙන ගනිමින් සිටී. සත්යුගයේ දී ක්‍රිෂ්ණාගේ දෙමව්පියන්ට දරුවන් අටදෙනෙක් නැත. නාටකයට අනුව ඒ සියලු ලේඛණ කල්තියාම නියමිත වී ඇත. පරම පියා දැන් සියලු ලේඛණ වල සාරය විස්තර කරයි. පරමාත්ම දෙවියන් කතා කරයි : මම ඔබට මෙම ඥානය උගන්වමි. එය ගීත හෝ ශ්ලෝඛ (පද්‍ය) ආදී ගැන ප්‍රශ්න නොවේ. මෙය වූ කලී අධ්‍යයනයකි. සියලු ලේඛණ ආදිය භක්ති මාර්ගයේ වර්ණනාය. භක්තිය ආරම්භයේදීම ශිව බාබා සඳහාම වූ සිද්ධස්ථානය සෝමනාථ නමින් ඉදිවේ. ආරම්භයේ දී එය ශිව බාබා වෙත වූ අදූෂිත භක්තියයි. මෙය වූ කලීඔබ පාරිශුද්ධ බවට පත් කරන අදූෂිත වූ ශිව බාබාගේ ඥානයයි. මෙසේ සිහි කෙරේ: භක්තියෙන් පසු ඇත්තේ කලකිරීමයි; ඔබ මුළු ජරාජීර්ණ ලෝකය ගැනම කලකිරී ඇත. ජරාජීර්ණ වූ පැරණි ලෝකය නියතයෙන්ම විනාශ වී, ඉනික්බිතිව පමණක් නව ලෝකය ඉදි වේ. මෙය වූ කලී චක්‍රයකට පෙර ද සිදු වූ එම මහාභාරත යුද්ධයමයි. මිසයිල, ස්වභාවික වියසන සහ සිදු වූ හැම දෙයක්ම නැවත වතාවක් සිදු වේ. දෙවිදේවතාවුන් අපිරිසිඳු ලෝකයේ පය තබන්නේ නැත. මිනිසුන් මහා ලක්‍ෂ්මි කුළුගන්වමින් සෑම අවුරුද්දක් පාසාම ඇයගේ ධනය පතයි. ප්‍රතිමා වල ලක්‍ෂ්මි සහ නාරායන පෙන්වා ඇත්තේ එකටමයි. මහා ලක්‍ෂ්මි පෙන්වා ඇත්තේ අත් හතරක් ඇතිවයි. ඇය වන්දනා කරන්නේ දීපමාලා වලදී වන අතර භාරත වාසීන් හැම අවුරුද්දකම ඇයගෙන් ඉල්ලා සිටී. ඒ වූ කලී විෂ්ණුගේ ස්වරූප දෙකකි. මිනිසුන් මේ දේවල් තේරුම් ගන්නේ නැත. මේ මොහොතේ ප්‍රජාපිතා ආදි දේව් සහ ජගදම්බා ආදි දේවි මෙහි සිටී. දැන් ශ්‍රීමත් පදනම් වී ඔබේ සියලු අභිලාශයන් සපිරේ. ඔබ ඔබේ උපත් 21ක රාජධානියේ වාසනාව ලබයි. මෙම බ්‍රහ්මා ශාරීරික වූ පියා වන අතර ශිව බාබා අශරීරික පරම පියා වේ. ඔබ උරුමය ලබන්නේ ඔහුගෙනි. දෙව්ලොව නිර්මාණකරු ඔහුය. ඔබ ඔබේ උරුමය උපත් 21කට ලබයි. ඔබේ වාසනාව එතරම් මහත්ය! ඔබ තේරුම් ගෙන සිටින්නේද මෙහි පැමිණෙන්නේ චක්‍රය පුරා උපත් 84 ලබනා අය බවයි. ඔවුන් පසුව දේවි දේවතාවන් බවට පත් වන බ්‍රහ්මින්වරු වෙයි. ඔබ සැමරිය යුත්තේ කාගේ උපන් දිනයද? ඥානය සහිතව ඔබ සමරන්නේ ලක්‍ෂ්මි සහ නාරායනගේ උපන් දිනයන් වේ. ඔවුන් ළමා කල රාධේ සහ ක්‍රිෂ්ණා වන අතර ඒ උපන් දින දෙකම සැමරිය යුතුය. ඇයි ඔවුන් ක්‍රිෂ්ණාගේ පමණක් සමරන්නේ? ඔවුන් ක්‍රිෂ්ණා ද්වෝපූර් යුගයට ගෙනැවිත් ඇත. රාධේ සහ ක්‍රිෂ්ණා පැමිණෙන්නේ වෙන් වූ ගෙවල් දෙකකිනි. ඔවුන් නැවත හමුවන නිසා උපන් දින දෙකම එකට සැමරිය යුතුය. මිනිසුන් හරියටම තේරුම් ගන්නේ නැහැ ක්‍රිෂ්ණා ඉපදුනේ කවදාද ගැන. ඔබ දැන් තේරුම් ගන්නවා ක්‍රිෂ්ණා උපදින්නේ සත්යුගය මුලදී වන අතර රාධේ ද උපදින්නේ සත්යුගයේ මුලදීය. අවුරුදු දෙකේ සිට හතර දක්වා වෙනසක් ඇත. ඔබට වඩාත් උසස් වන්නේ ශිව උපතයි. එපමණයි. වෙන කිසිවෙකු නොව මගේ ම වන්නේ ශිව බාබා පමණි! ඔබ දෙවි දේවතාවුන් බවට පත් වෙමින් සිටී; ලක්‍ෂ්මි සහ නාරායන හෝ රාමා සහ සීතා බවට පත් වෙමින් සිටී. චන්ද්‍ර වංශයට අයත් වන රාමා සහ සීතා ක්‍ෂත්‍රිය යනුවෙන් කියැවෙන්නේ ඇයි දැයි විස්තර කර ඇත. අසමත් අය චන්ද්‍ර වංශයට යැවේ. මෙය මායා සමඟ වූ සටනකි. ඔබ මේ යුධ බිමේ දී රාවණ් පරදවා ජය ලබයි; පාණ්ඩවයින් සහ කෞරවයින් අතර සටනක් නැත. ඔබමායා ජයගත යුතුව ඇත. පරම පියා ජීවාත්ම සත්තාවන්ට මෙසේ කියයි : මා පමණක්ම සිහිකර ඔබේ පව් පුළුස්සා දමා මායා ජයගන්න. ඔබ මායා ජයගත යුත්තේ බුද්ධි යෝග බලයෙන් සහ ඥාන බලයෙනි. භාරතයේ පුරාණ යෝගාව ඉතා ප්‍රසිද්ධය. ඔබ රාවණ් පරදන්නේ එමඟින් වන අතර දෙව්ලොව රජදහන ලබා ගනී. ඔබට ඉහළම වාසනාව ඇත. ප්‍රධාන දේ වන්නේ උපත් 21ක නිරන්තර සතුට සඳහා වූ උරුමයත් අසීමිත පරම පියාත් සිහිකිරීමයි. තත්පරක ඇසිල්ලෙන් ඔබ දෙව්ලොව රජ දහන ලබයි. ඔවුන්ගේ බුද්ධියෙන් පරම පියා හඳුනාගන්නා තෙක් ඔවුන් තේරුම් නොගනී. මෙහි මුණිවරයෙක් හෝ ශුද්ධවන්තයෙක් නැති අතර ගීතාවේ ලේඛණයකින් කියවන්නෙක් ද නැත. ගාන්ධිජී ද ගීතාව කීමට පුරුදුව සිටි අතර ඉන්පසු පාරිශුද්ධකරුවා වන සීතා රාමා යනුවෙන් මැතුරුවෝය. කෙසේ වුවද සත්‍ය ගීතය කිව්වේ පරමාත්ම දෙවියන්ය. ගීතාවේ දේශකයා දෙවියන් වූවා නම් රාමා සීතා සිහිකරන්නේ කුමක් නිසාද? ඇත්තෙන්ම සිදු වූයේ, ඔබ සියලු දෙන සීතාවන් වන අතර රාමා වන්නේ අශරීරික දෙවියන්ය. සියලුම බැතිමතුන් දෙවියන්ට මෙසේ හඬගසයි: රාමා වන දෙවියනි, පැමිණ අප සීතාවන් පිරිසිඳු කරන්න! ඉන්පසු ඔවුන් රඝු වංශයේ ප්‍රධානියා වන රාම රඝු වර්ණනා කරයි. ඔවුන් අසන දේ ඔහේ කරගෙන යයි. ගංග නම් ගඟ පාරිශුද්ධකරුවා යැයි කියන්නේ ඇයි? භක්ති මාර්ගයේ බොහෝ දෙනා එහි යයි. අවුරුදු පතා එහි මේලාවක් පැවැත්වේ. ඔවුන් එහි ගොස් ඉඳියි. ඔබ ඥාන සාගරය සමඟ වාඩි වන අතර ඔවුන් ගොස් ජලයෙන් ස්නානය කරයි. එසේ කිරීමෙන් කිසිවෙක් පිරිසිඳු නොවේ. ඔවුන් දිගටම අපිරිසිඳු බවට පත් වේ. ඔබ දැන් සිටින්නේ ඥාන මාර්ගයේ නිසා තව දුරටත් එහි යන්නේ නැත. මෙය සැබෑ සංගම් යුගය වන්නේ ජීවාත්ම සත්තාවන් බොහෝ දීර්ඝ කාලයක සිට පරම පිතා පරමාත්මා ගෙන් වෙන් වී සිටි නිසයි. එසේ වූයේ කවුද? ඒ පළමුවෙන්ම ස්වර්ණමය යුගයේ සිටි අය වන අතර පරමාත්ම දෙවියන් නියතයෙන්ම පළමුවෙන් ඔවුන් මුණ ගැසේ. මුලින්ම එන්නේ ඔවුන්ය. ඔබ නියතයෙන්ම මෙහිදී ඉගෙන ගත යුතුයි. පාසල් නොයන අය කිසිවකට ඇහුම්කන් නොදෙන අතර ගැඹුරු කරුණු තේරුම් ගන්නේ කෙසේද? සමහරු මෙසේ කියයි: අපට වේලාවක් නැත. පරම පියා මෙසේ කියයි : මේ ඇත්ත ආදායමකි. අනෙක ව්‍යාජය. ඔබ මිලියන ගණන් උපයයි. අනෙක් අයට මේ මොහොතේ මිලියන බිලියන ගණන් තිබුණත් ඒ ව්‍යාජ ධනයයි. ආණ්ඩු පවා ඔවුන්ගෙන් ණය ගත්තත් ඒ සියල්ල ව්‍යාජය. මායා ව්‍යාජය, ශරීරය ව්‍යාජ වන අතර මුලු ලොවම ව්‍යාජය. පරම පියා මෙසේ විස්තර කරයි : දරුවනි, මම ඔබව බොහෝ ධනවත් කරවමි. රාවණ් ඔබව බොහෝ අසතුටට පත් කරවා ඇත! ඔබ දැන් රාවණ් ජයගත යුතුව ඇත. සටනක ප්‍රශ්නයක් නැත. සටනින් ඔබට ලෝකය අයත් කර ගත නොහැක. ඔබ ලෝකය හිමිකර ගන්නේ යෝගා බලයෙනි. පරම පියා යෝගා උගන්වන අතර මොහුගේ ජීවාත්ම සත්තාවද උගනිමින් සිටී. පරම පියා මොහුට ඇතුළු වී ඔබට ඥානය දෙයි. ඔහු මෙසේ කියයි : මා උපත සහ නැවත උපත අභිබවා සිටී. පරම පියා අසීමිත පියා වන අතර ඔහු විස්තර කරන්නේ අසීමිත රහස් ය. මායා ඔබ ලවා කළ දේ මා කියා දෙයි. ඔබ පාප පහ නම් වූයක්‍ෂයාගේ බලයට නතු වූ අතර ඔබ පත් වූතැන කුමක්ද? ඔබ බොහෝ ධනවත් ව සිටියා! භක්ති මාර්ගයේ දී අනවශ්‍ය වියදම් කළ නිසා ඔබ දැන් පත් වී ඇති තත්ත්වය මෙයයි! දැන්, භක්තිය අහවර වී පරමාත්ම දෙවියන් පැමිණ ඔබට දෙව්ලොව රජ දහන ලබාදෙයි. එමනිසා, ගැලවීම ලබා දීම සඳහා පරම පියා ආ යුතුය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ප්‍රකෝටිපතියන් බවට පත් වීම සඳහා, සැබෑ ආදායමක් උපයන්න. සමාවට කරුණු කියමින් ඔබට අධ්‍යයනය කිරීම සඳහා කාලය නොමැති බව පවසන්න එපා. ඔබ අනිවාර්යෙන්ම දිනපතා අධ්‍යයනය කළයුතුයි.

2. එකම පරම පියා කෙරෙහි වූ නොකිලිටි ස්මරණයේ සිටිමින් ජීවාත්ම සත්තාව සතෝප්‍රධාන් කරන්න. එකම ශිව බාබා හැර මට වෙන කිසිවෙකුත් නැත. මේ ස්ථාවරයේ දැඩි ව සිටින්න.

වරදානය:
ඔබ සදා ඒකායන පියාගේ සෙනෙහසෙහි ගිලීගොස් සිටිම මගින් සම්පුර්ණ ලැබීම් වලින් පිරි තෘප්තිමත්ව සිටිත්වා.

සදා ඒකායන පියාගේ සෙනෙහසෙහි ගිලී සිටින දරුවන්ගෙන් පරම පියා වෙන් නොවී සිටී. ඔවුනුත් පරම පියාගෙන් වෙන් නොවෙති. එසේ පියා කෙරෙහි ඔවුන්ට ඇති සෙනෙහසට පෙරළා සියලු ලැබීම් වලින් ඔවුන් පිරී සිටින අතර සෑම මොහොතේම තෘප්තිමත්ව සිටිති. මේ නිසාවෙන්, ඔවුන් අනෙකුත් වර්ගයේ උදව් මගින් ආකර්ෂණ නොවෙති. මන්ද, සෙනෙහසෙහි ගිලී සිටින ජීවාත්මයත් සියලු ලැබීම් වලින් පිරී සිටින හේතුවෙන් ඔවුන් අන් කිසිවෙකුට නොව එක් පියාට පමණක් පහසුවෙන් අයිතිවීම අත්විඳිති. එසේ සෙනෙහසේ ගිලුණු ජීවාත්මයන් හට පරම පියා ඔවුන්ගේ ලෝකය වේ.

පාඨය:
ඔබ සීමිත ගෞරවය සහ ගරු බුහුමන් පසුපස හඹා යන්නේ නැතිව තමන්ගේ ස්ව ගෞරවයෙහි, උසස්තම අභිමානයෙහි සිටින්න.