19.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් ඉතාමත්ම සරළ විය යුතුයි. ඔබ මිල අධික නවීන මෝස්තර සහිත ඇඳුම් අඳින විට, ශරීර අවධානය ඇතිවෙයි.

ප්‍රශ්නය:
තම භාග්‍යයේ උසස් තත්ත්වයක් නොමැති නම්, දරුවන් කුමන අන්දමින්ද කම්මැලි වන්නේ?

පිළිතුර:
බාබා පවසන්නේ දරුවනි, තමන්ව නිවැරදි කර ගැනීම සඳහා, ඔබගේ දින වාර්තා සටහන තබා ගන්න. ඔබගේ සිහිපත් කිරීමේ දින වාර්තා සටහන තැබීමේ බොහෝ යහපතක් ඇත. සෑම විටම ඔබ ලඟ සටහන් පොතක් තබා ගන්න. ඔබ කොතෙක් වේලා පරම පියාගේ ස්මරණයේ සිටියාද කියා පරීක‍්ෂා කර බලන්න. ඔබගේ වාර්තා සටහන කොයි වාගේද? ඔබගේ චරිතය දිව්‍යමයද? ඔබ ක්‍රියාවන්හි යෙදෙන විට බාබාගේ ස්මරණයේ සිටිනවාද? ස්මරණයේ සිටීමෙන් පමණයි ඔබගේ මළකඩ ඉවත් කළ හැකි වන්නේ සහ ඔබගේ භාග්‍යය උසස් කළ හැකි වන්නේ.

ගීතය:
අවිහිංසක පියා මෙන් කිසිවෙකු අසහාය නොවේ.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි දරුවන්ගේ නිවෙස් වල අනිවාර්යෙන්ම ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පිංතූරයක් තිබිය යුතුයි. එය දැකීමෙන් ඔබ බොහෝ සතුට අත්විඳිය යුතුයි මන්ද, මෙම ඉගෙනීමේ අරමුණ සහ ඉලක්කය එයයි. ඔබ ශිෂ්‍යයින් බවත්, පරමාත්ම දෙවියන් ඔබට උගන්වන බවත් ඔබ දන්නවා. ඔබ පරමාත්ම දෙවියන්ගේ ශිෂ්‍යයින්ය. ඔබ මෙම ඉගෙනුම ඉගෙන ගනී. සෑම කෙනෙකුගේම අරමුණ එකයි. මෙම පිංතූරය දැකීමෙන් බොහෝ සතුට ලැබිය යුතුයි. ඔය දරුවන් ගීතය ඇසුවා. ඔහු බොහෝ සේ අහිංසක ස්වාමියායි. සමහරු අහිංසක ස්වාමියා ලෙසට ශංකර්ව සලකයි. ඔවුන් ශිවා සහ ශංකර්ව එකට කර ඇත. ඔබ දැන් දන්නවා ශිවා, උසස්ම උසස් පරමාත්ම දෙවියන් බවත්, ශංකර් දේවතාවරයෙක් බවත්. ඉතිං ඔවුන් දෙදෙනා එක්කෙනෙක් වන්නේ කෙසේද? ඔහු භක්තිකයන්ගේ ආරක‍්ෂකයා බවත් ඔබ ගීතයේ ඇසුවා. භක්තිකයන් අනිවාර්යෙන්ම ආපදා අත්විඳිනවා ඇති. දුර්ගුණ පහේ ආපදාවන් සෑම කෙනෙකුටම තිබේ. සෑම කෙනෙක්ම භක්තිකයෙකි. කිසිවෙකුට දැනුමැති ජීවාත්මයක් යැයි කිව නොහැක. ශිවා සහ ශංකර් එකිනෙකාගෙන් වෙනස් වන සෙයින්ම, ඥානය සහ භක්තියද සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඔබට ඥානය ලැබුණාට පසුව, වැඳුම් පිදුම් ඉතිරි වන්නේ නැත. ඔබ සතුටු දේශයේ අධිපතියන් බවට පත්වෙයි. ඔබ චක්‍රයෙන් භාගයකට විමුක්තිය ලබයි. එක් සංඥාවකින් පමණක්, ඔබ චක්‍රයෙන් භාගයකටම ඔබගේ උරුමයට හිමිකම් ලබයි. භක්තිකයන්ට කෙතරම් අපහසුකම් තිබේද කියා ඔබට දැක ගත හැක. ඥානය තුළින් ඔබ දෙවි දේවතාවන් බවට පත්වෙයි. ඉන්පසු භක්තිකයන් අපහසුකම් විඳින විට, එනම්, ඔවුන් ආපදාවන් සහ දුක් අත්විඳින විට, පරමාත්ම පියා පැමිණෙයි. පරම පියා විස්තර කරන්නේ නාටකයට අනුව, අතීතයේ කුමක් සිදු වූයේද, එය නැවතත් සිදුවිය යුතුයි. ඉන්පසු වැඳුම් පිදුම් ඇරඹෙන විට, පාපයන්ගේ මාවත, එනම්, අපවිත්‍ර වීමේ මාවත ඇරඹෙයි. මෙයින්ද අංක එකේ පාපය වන්නේ රාගයේ දුර්ගුණයයි. මේ පිළිබඳව කියා ඇත්තේ රාගය ජය ගැනීමෙන් ඔබ ලොව ජය ගන්නා අය බවට පත්වන බවයි. ඔවුන්ට ජය ලැබන්නේ නැත. රාවණගේ රාජධානියේ කිසිවෙකුට, දුර්ගුණ වලින් තොරව උත්පත්තියක් ලැබිය නොහැක. රාවණගේ රාජධානිය, ස්වර්ණමය යුගයේ නොමැත. රාවණ එහිද සිටියේ නම්, පරමාත්ම දෙවියන් රාමාගේ රාජධානිය ස්ථාපනය කරන්නේ කුමකටද? ඔහුගේ සෑම දරුවෙක්ම සතුටින් සිටින බවට, පියෙකු බොහෝ සෙයින් සැලකිලිමත් වෙයි. ඔහුගේ දරුවන් සතුටින් තබා ගැනීම සඳහා, ඔවුන්ට දීමට, ඔහු ධනය රැස් කරයි. කෙසේවෙතත්, මෙහි එසේ වන්නේ නැත. මෙය දුක ඇති ලෝකයයි. අසීමිත පියා පවසන්නේ ඔබ එහිදී උත්පත්තියෙන් උත්පත්තියට සතුට භුක්ති විඳියි. ඔබ එහිදී බොහෝ ධනය ලබයි. එහි උපත් 21 කට ඔබ දුක් විඳින්නේ නැත. එහි කිසිවෙකු බංකොලොත්භාවයට පත්වන්නේ නැත. ඔබගේ බුද්ධිය තුළට මෙම දේවල් ධාරණය කර ගෙන, ඇතුලතින් බොහෝ සතුටින් සිටින්න. ඔබගේ ඥානය සහ යෝගාව සම්පූර්ණයෙන්ම නොපෙනෙයි. ඔබට භෞතික ආයුධ නොමැත. පරම පියා විස්තර කරන්නේ මෙය ඥානයේ අසිපතයි. ඔවුන් දේවතාවරුන්ගේ අතෙහි භෞතික ආයුධ තැබීමෙන් මෙය සංකේතවත් කර ඇත. ආගමික ග්‍රන්ථ ආදිය ඉගෙන ගන්නා අය, මෙය ඥානයේ අසිපත, හෝ ඥානයේ වළල්ල යැයි නොකියයි. අසීමිත පියාට පමණයි මෙය විස්තර කළ හැක්කේ. ඔවුන් විශ්වාස කරන්නේ, ශක්ති හමුදාව ජයගත් බැවින්, ඔවුන්ට අනිවාර්යෙන්ම ආයුධ තිබෙන්නට ඇති කියාය. පරමාත්ම පියා පැමිණ මේ සෑම වැරදීමක් ගැනම ඔබට කියා දෙයි. ඔබගේ මෙම දේවල් වලට බොහෝ දෙනෙකු ඇහුම්කන් දෙයි. උගතුන් ආදීන්ද දිනෙක පැමිණෙනු ඇත. ඔහු අසීමිත පියා නොවේද? ඔය දරුවන්ට යහපතක් අත්විඳිය හැකි වන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පමණයි. එවිට ඔබගේ ශරීර අවධානය බිඳෙනු ඇත. ධනවත් මිනිසුන් මෙහි නොපැමිණෙන්නේ මේ නිසයි. පරම පියා පවසන්නේ ශරීරය පිළිබඳව ඇති සෑම අහංකාරකමක්ම අත්හරින්න. ඔවුන්ගේ අලංකාර ඇඳුම් පිළිබඳව මිනිසුන්ට බොහෝ කුල්මත්භාවයක් තිබේ. ඔබ දැන් සරළභාවය නම් වූ තත්ත්වයක සිටියි. ඔබ දැන් ඔබගේ නැන්දා-මාමාලාගේ නිවහනට යමින් සිටියි. එහිදී ඔබට පැළඳීමට බොහෝ ආභරණ තිබේ. ඔබ මෙහිදී මිල අධික ඇඳුම් නොපැළඳිය යුතුයි. පරම පියා පවසන්නේ බොහෝ සරළව හිඳින්න. මා කරනා ඕනෑම ක්‍රියාවක්... ඔය දරුවන් බොහෝ සරළව ද සිටිය යුතුයි. එසේ නොමැති නම් ශරීර අවධානය ඇතිවෙයි. ඒ සෑම දෙයක්ම බොහෝ සෙයින් හානි ඇති කරයි. ඔබ දන්නවා ඔබ ඔබගේ නැන්දා මාමලාගේ නිවහනට යන බව. එහිදී ඔබට බොහෝ ආභරණ ලැබෙයි. ඔබ මෙහිදී ආභරණ ආදිය නොපැළඳිය යුතුයි. මේ දිනවල බොහෝ සොරකම් ආදිය සිදු වෙයි. සොරුන් ඔබව මහමඟදි සොරකම් කරයි. දිනෙන් දින මෙවැනි කැළඹිලි වැඩි වෙයි. මේ නිසයි පරමාත්ම පියා පවසන්නේ තමන් ජීවාත්මයක් යැයි සලකා මා සිහිපත් කරන්න. ඔබ ශරීර අවධානයට පත්වීමෙන් පරම පියාව අමතක කරයි. ඔබ මේ කාලයේදී පමණයි මෙම උත්සාහය දැරිය යුතු වන්නේ. පසුව භක්ති මාර්ගයේදී ඔබට මෙම උත්සාහය දැරීමට සිදුවන්නේ නැත. ඔබ දැන් සංගම් යුගයේ සිටියි. පරමාත්ම පියා පැමිණෙන්නේ බොහෝ සෙයින් උතුම් වූ සංගම් යුගයෙදි බව ඔබ දන්නවා. යුද්ධය අනිවාර්යෙන්ම සිද්ධ වෙයි. බොහෝ න්‍යෂ්ඨික බෝම්බ නිෂ්පාදනය දිගටම සිදුවෙමින් පවතී. ඔවුන් එසේ කිරීම නැවැත්වීමට ඔබ කුමන දේ කළත්, එය කළ නොහැක්කක්. එය නාටකයේ නියම වී ඇත. ඔබ ඔවුන්ට තේරුම් කර දීමට උත්සාහ කළත් ඔවුන්ට නොවැටහෙයි. මරණය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. එබැවින් ඔවුන් එය කිරීම නවත්වන්නේ කෙසේද? ඔවුන්ට සෑම දෙයක්ම වැටහෙන නමුත් දිගටම ඒවා නිෂ්පාදනය කරයි. මෙය නාටකයේ නියම වී ඇත. යාදවයන් සහ කෞරවයන් විනාශ විය යුතුයි. යුරෝපයේ වෙසෙන මිනිසුන් යාදවයන්ය. විනාශය සිදුවන ඔවුන්ගේ විද්‍යාව ගැන ඔවුන් ආඩම්බර වෙයි. ඉන්පසුව, නිහඬතාවයේ ප්‍රෞඪත්වය තුළින් ජයග්‍රහණය ඇතිවෙයි. නිහඬතාවයේ ප්‍රෞඪත්වය ඇති කර ගැනීමට ඔබට උගන්වනු ලබයි (නිහඬතාවයේ ස්වරූපයක් වීමට). පරම පියා සිහිපත් කරන්න දැඩි නිහඬතාවය. ජීවාත්මයක් වන මම ශරීරයෙන් වෙන් වී සිටියි. අප ශරීරය අත්හැරිමට දරණ උත්සාහය මෙන්, වෙන කිසිවෙකු උත්සාහ දරයිද? ගොස් මුළු ලොව පුරාම සොයන්න මෙසේ කියන වෙනත් කිසිවෙකු සිටියිද කියා? ඔහෝ ජීවාත්මය, මා දැන් මෙම ශරීරය අත්හළ යුතුයි. පාරිශුද්ධ වන්න! නැත්නම් දඬුවම් විඳීමට සිදුවෙයි. දඬුවම් විඳින්නේ කවුරුන්ද? ජීවාත්මයන්ය. එම වෙලාවේදී, ඔවුන් සිදුකර ඇති පාප සහ එම පාප වලට ඔවුන්ට විඳින්නට සිදුවන දඬුවම් පිළිබඳ දර්ශන ජීවාත්මයන්ට ලැබෙයි. එම වෙලාවේදී, උපත් රාශියක දඬුවම් තමන්ට ලැබෙන ලෙස ජීවාත්මයට දැනෙයි. මේ තරම් දුක් අත්විඳින්නේ නම්, ඉතිරි වන සතුට කොපමණක් වෙයිද? පරම පියා පවසන්නේ ඔබ තව දුරටත් පාප ක්‍රියාවන් සිදු නොකළ යුතුයි. ඔබගේ වාර්තාව තබා ගන්න. සෑම පාසැලකම, සෑම දෙනෙකුගේම ක්‍රියාකාරකම් සහ හැසිරීම පිළිබඳව ඔවුන් වාර්තාවක් තබා ගනී. අධ්‍යාපන ඇමතිතුමා වුවද පවසන්නේ භාරතයේ චරිතය දැන් හොඳ නැත. ඔවුන්ට කියන්න අප අපගේ චරිතය ලක‍්ෂ්මි සහ නාරායන්ගේ මෙන් කරවන්නෙමු. සෑම විටම ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පිංතූරය ඔබ ලඟ තබා ගන්න. ඔබගේ අරමුණ සහ ඉලක්කය එයයි. අපිද ඔවුන් වාගේ වන්නෙමු. අපි ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරන්නෙමු. සෑම කෙනෙකුගේම ක්‍රියාවන් සහ හැසිරීම් මෙහිදී නිවැරදි කෙරෙයි. ඔබ මෙහිදී උසාවියක්ද පවත්වයි. සෑම මධ්‍යස්ථානයකම දරුවන් උසාවියක් පැවැත්විය යුතුයි. ඔවුන්ට කියන්න තමන්ව නිවැරදි කර ගැනීම සඳහා, ඔබගේ වාර්තා සටහන දිනපතාම ලියන්න. කෙනෙකුගේ භාග්‍යයේ එය නොමැති නම් ඔහු කම්මැලි වෙයි. ඔබගේ වාර්තා සටහන තබා ගැනීම ඉතා හොඳයි. මෙම උපත් 84හි චක්‍රය පිළිබඳව දැන ගැනීමෙන් ඔබ ලොවෙහි පාලකයන් බවට පත් වන බව ඔබට වැටහෙයි. එය බොහෝ පහසුයි! කෙසේවෙතත්, ඔබ පාරිශුද්ධ වීම ද අවශ්‍යයි. ඔබගේ සිහිපත් කිරීමේ වන්දනාවේ වාර්තා සටහන තබන්න. මෙය කිරීමෙන් ඔබට බොහෝ යහපතක් සිදුවෙයි. ඔබ එහි සටහනක් නොතබන්නේ නම්, එයින් වැටහෙන්නේ ඔබ බාබාව සිහිපත් නොකරන බවයි. ඔබගේ සටහන් පොත සෑම විටම ඔබ ලඟ තිබිය යුතුයි. ඔබගේ දින වාර්තාව ලිවිය යුතුයි මා කොතෙක් වේලාවක් පරම පියා සිහිපත් කළාද? ඔබ සිහිපත් කිරීමේ නොයෙදෙන්නේ නම් ඔබගේ මළකඩ ඉවත් කළ නොහැක. යම් දෙයකින් මළකඩ ඉවත් කිරීමට එය පැරෆින් වල ගිල්වයි. ක්‍රියාවන්හී යෙදෙන අතරතුර දී පරම පියාව සිහිපත් කිරීමෙන් ඔබගේ උත්සාහයන් වල ඵල ලැබෙයි. එයට උත්සාහ ගැනීම අවශ්‍ය වෙයි. ඔබට නිකම්ම කිරුළක් පැළෙඳන්නේ නැත. බාබා ඔබට බොහෝ උසස් තත්ත්වයක් ලබා දෙයි. එබැවින් යම් උත්සාහයක් ගැනීම අවශ්‍ය වෙයි. මෙහි ඔබගේ අත් පා ආදිය භාවිත කිරිම අවශ්‍ය වන්නේ නැත. මෙම ඉගෙනුම බොහෝමත්ම පහසුයි. බ්‍රහ්මාගේ මාර්ගයෙන් ශිව් බාබා ඔබව කවුරු බවට පත් කරවන්නේ ද කියා ඔබගේ බුද්ධියේ ඇත. ඔබ කොහේ ගියත්, සෑම විටම ඔබගේ බැජ් එක ඔබ ලඟ තිබිය යුතුයි. ඔවුන්ට කියන්න ඇත්ත වශයෙන්ම මෙය අපේ ලාංඡනයයි. අන් අයට විස්තර කිරීමේදී බොහෝ රාජකීයත්වයක් තිබිය යුතුයි. ඉතාම මිහිරි ලෙසට විස්තර කරන්න. ලාංඡනය විස්තර කරන්න. එමෙන්ම සෙනෙහස ඇති බුද්ධියක් සහ සෙනෙහස නොමැති බුද්ධියක් යනු කුමක්ද කියාත් විස්තර කරන්න. ඔබ පරම පියාව දන්නවාද? ඔබ ඔබගේ භෞතික පියාට දෙවියන් යැයි කියන්නේ නැත. අසීමිත පියා පමණයි පාරිශුද්ධත්වයට පමුණුවන්නා මෙන්ම සතුටේ සාගරය ද වන්නේ. ඔහුගේ මාර්ගයෙන් පමණයි ඔබට අති විශාල සතුටක් ලැබෙන්නේ. අඥාන මාවතේ ඔවුන් විශ්වාස කරන්නේ සතුට ලබා දෙන්නේ තම මව සහ පියා කියා. ඉන්පසු ඔවුන්ව නැන්දා-මාමා ගේ නිවසට යවනු ලබයි. ඔබගේ නැන්දා-මාමාගේ නිවහන අසීමිත එකක් වන අතර, ඔවුන් ගේ එය සීමිතයි. සමහර විට එම මව සහ පියා ඔබට මිලියන හෝ බිලියන පහක් හෝ හතක් ලබා දෙයි. පරම පියා ඔබට නම් තබා ඇත්තේ කෝටිප්‍රකෝටිපතියන් වන්නට යන දරුවන් කියාය. එහි ධනය පිළිබඳ ගැටළුවක් නැත ඔබට සෑම දෙයක්ම ලැබෙයි. එහි මාලිගාවන් ඉතාමත්ම අලංකාරයි. ඔබ උපතින් උපතට මාලිගාවන් ලබයි. සුදාමාගේ උදාහරණය ඇත. හාල් මිට ගැන මිනිසුන් අසා ඇත, එමනිසා, ඔවුන් එය මෙහිද රැගෙන එයි. කෙසේවෙතත්, ඔබට බත් පමණක් කන්නට බැරිය. එබැවින් ඔවුන් කුළුබඩු ටිකක්ද රැගෙන එයි. ඔවුන් එය බොහෝ සෙනෙහසින් යුතුව රැගෙන එයි. බාබා ඔවුන්ව උපතින් උපතට පෝෂණය කරන බව ඔවුන්ට වැටහෙයි. මේ නිසයි ඔහුට පිරිනමන්නා යැයි කියන්නේ. භක්ති මාර්ගයේදී ඔබ දෙවියන්ගේ නාමයෙන් දන් දෙයි, මේ නිසයි ඔබ මතු උපතේදී කෙටි කාලීනව යමක් ලබන්නේ. කෙනෙක් දුප්පතුන්ට යම් කිසි දෙයක් දුන් විට හෝ පාසලක් විවෘත කළ විට, එම දානයේ ඵලය වශයෙන් ඔහුගේ මතු උපතේ දී අධ්‍යාපනයක් ලබයි. ඔහු වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාවක් විවෘත කළේ නම්, එහි නැවතී සිට බොහෝ දෙනෙකු සතුටක් ලැබූ නිසා, ඔහුට හොඳ නිවසක් ලැබෙයි. මෙහිදී, කෙසේවෙතත් එය උපතින් උපතට පිළිබඳ කාරණාවකි. ඔබ දන්නවා ඔබ ශිව් බාබාට දෙන ඕනෑම දෙයක් භාවිත කෙරෙන්නේ ඔබටම බව. ශිව් බාබා තමන්ට කිසි දෙයක් තබා ගන්නේ නැත. ඔහු මේ කෙනාට කීවේ ඔබට ඇති සෑම දෙයක්ම දෙන්න, එවිට ඔබ ලොවට අධිපති වෙයි. ඔහුට විනාශය පිළිබඳ දර්ශනයන් සහ රාජධානිය පිළිබඳ දර්ශනයන් ලබා දෙන ලදි. බාබා ඔහුව ලොවට අධිපතියෙකු කිරීම පිළිබඳව ඔහු බොහෝ සෙයින් කුල්මත් විය. අර්ජුනට දර්ශනයක් ලබා දී මෙසේ පැවසූ බව ගීතාවේ සඳහන් වෙයි මා සිහිපත් කරන්න එවිට ඔබ මෙය බවට පත්වෙයි. ඔහුට විනාශය සහ ස්ථාපනය පිළිබඳ දර්ශනයක් ලබා දෙන ලදී. මුල සිටම මෙම කෙනාගේ සතුටේ රසදිය ද ඉහළ නැංඟේය. නාටකයේ කොටස මෙය විය. මෙම භාග්‍යවන්ත රථය ගැන කිසිවෙකු දන්නේ නැත. එබැවින් ඔය දරුවන් මෙම අරමුණ සහ ඉලක්කය ඔබගේ බුද්ධියේ තබා ගත යුතුයි අප මෙය බවට පත්වන්නෙමු. ඔබ උත්සාහ දරණ තරමට උසස් තත්ත්වයක් හිමි කර ගනී. මෙසේ සිහිපත් කර ඇත පියාව අනුගමනය කරන්න. එයින් සඳහන් වන්නේ මෙම කාලය පිළිබඳවයි. අසීමිත පියා පවසන්නේ මා දෙන අවවාද පිළිපදින්න. මෙම කෙනා කළ දේවල් ද මම ඔබට කියමි. පරමාත්ම දෙවියන්ට ව්‍යාපාරිකයා, මැණික් වෙළෙන්දා සහ මැජික්කරු යැයි ද කියයි. බාබා හදිසියේම සෑම දෙයක්ම අත්හළේය. කළින් ඔහු භෞතික මැණික් වෙළඳාම් කරන වෙළෙන්දෙක් වූ අතර, දැන් ඔහු අවිනාශි ඥානයේ මිණි මුතු වෙළෙන්දෙකු බවට පත් වී ඇත. අපාය, දිව්‍ය ලෝකය බවට පරිවර්ථනය කිරීම ඉතා විශාල ආශ්චර්යයකි. තවද ඔහු ව්‍යාපාරිකයාද වෙයි. බාබා දරුවන් සමඟ ඉතා හොඳ ගණුදෙනුවක් සිදු කරයි. ඔහු ඔබගේ පිදුරු සහ හාල් මිට ගෙන, ඒ වෙනුවට ඔබට මාලිගාවල් දෙයි. අපට අති විශාල ආදායමක් උපයා ගැනීමට ඔහු මඟ පාදයි. දියමන්ති සහ මුතු මැණික් ව්‍යාපාරය ද මේ අන්දමින් සිදුවෙයි. ඇමරිකානු පාරිභෝගිකයෙක් පැමිණි විට, රුපියල් 100 ක් වටිනා දේකට ඔහුගෙන් රුපියල් 500 ක් හෝ 1000 ක් අය කර ගනී. ඔවුන් ඔහුගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් අය කර ගනී. වඩාත්ම ඉපැරණි දෙය ඇත්තේ ඔබටයි, ඒ මේ ඉපැරණි යෝගාවයි. ඔබට දැන් අහිංසක ස්වාමියාව හමු වී තිබේ. ඔහු බොහෝමත්ම අවිහිංසකයි! බලන්න ඔහු ඔබව කුමක් බවට පත් කරවන්නේද කියා! ඔබගේ පිදුරු වෙනුවට, උපත් 21 කට ඔබව කුමක් බවට පත් කරවන්නේද කියා බලන්න! මනුෂ්‍යයින්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ඇතැම් වෙලාවකදි, අහිංසක ස්වාමියා ඔවුන්ට යමක් දුන් බව ඔවුන් කියයි. තවත් වෙලාවකදී එය අම්බා දුන් බව කියයි. තවත් වෙලාවකදී ඔවුන්ගේ ගුරු ඔවුන්ට එය ලබා දුන් බව කියයි. මෙහිදී, මෙය ඉගෙනුමකි. ඔබ ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයේ අසුන්ගෙන සිටියි. මෙම ගීතාවට දේවමය විශ්ව විද්‍යාලය යැයි ද කියයි. දෙවියන්ගේ වදන් යැයි ගීතාවේ ලියා ඇතත්, පරමාත්ම දෙවියන් කියන්නේ කවුරුන්ද කියා කිසිවෙකු දන්නේ නැත. ඕනෑම කෙනෙකු ගෙන් අසන්න ඔබ පරම පියා, පරමාත්ම ජීවය දන්නවාද? පරම පියා උද්‍යානයේ අධිපතියායි. ඔහු ඔබව කටු වලින් මල් බවට පත් කරවමින් සිටියි. මෙයට අල්ලාගේ උද්‍යානය යැයි කියයි. යුරෝපීය ජාතිකයන් පාරාදීසය ගැන කතා කරයි. භාරතය සත්‍යයෙන්ම සුරඟනන්ගේ දේශයව තිබිණි, දැන් එය සොහොන් පිටියයි. ඔබ දැන් නැවතත් සුරඟනන්ගේ දේශයේ අධිපතියන් බවට පත් වෙමින් සිටියි. පරම පියා නිද්‍රාවේ පසුවන අය අවදි කිරීම සඳහා පැමිණ ඇත. ඔබ දරණ උත්සාහයට අනුව, අංක අනුසාරයෙන් ඔබ මෙය දනී. අවදි වූ අය අන් අයවත් අවදි කරයි. කෙනෙක් අන් අය අවදි නොකරන්නේ නම්, එයින් කියැවෙන්නේ ඔහුද තවමත් අවදි වී නැති බවයි. එබැවින් පරම පියා විස්තර කරන්නේ මෙම ගීත ආදියද නාටකයේ නියම වී ඇත. සමහරක් ගීත ඉතා හොඳයි. ඔබ අසතුටින් සිටින විට මෙම ගීත වාදනය කරන්න, එවිට ඔබ බොහෝ සතුටට පත් වෙයි. අහෝ රාත්‍රියේ සංචාරය කරන්නාණෙනි, වෙහෙසට පත් නොවන්න. මෙම ගීතයද ඉතා හොඳයි. රාත්‍රිය දැන් නිමාවෙමින් තිබේ. මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන් වැඩියෙන් වන්දනාමාන කරනා තරමට, වඩා ඉක්මණින් දෙවියන් හමු වෙයි කියායි. ඔවුන්ට හනුමාන් ආදීන්ගේ දර්ශනයක් ඇති වූ විට ඔවුන් විශ්වාස කරන්නේ දෙවියන් හමු වී ඇතැයි කියාය. පරම පියා පවසන්නේ ඒ සෑම දර්ශන ආදිය ද නාටකයේ නියම වී ඇත. ඔවුන්ට භක්ති හැඟීමක් ඇතිවන ඕනෑම කෙනෙකුගේ දර්ශනයක්, ඔවුන්ට ලබා දෙයි, නමුත් සැබවින්ම එවැනි කෙනෙක් නොමැත. පරම පියා පවසා ඇත්තේ ඔබ සෑම කෙනෙක්ම සෑම විටම ඔබගේ බැජ් එක ඔබ ලඟ තබා ගත යුතුයි. බොහෝ විවිධ වර්ගයේ බැජ් සාදා තිබේ. අන් අයට විස්තර කර දීමට මෙම බැජ් එක ඉතා හොඳයි. ඔබ ආධ්‍යාත්මික හමුදාවයි. හමුදාව ලඟ සෑම විටම ඔවුන්ගේ හඳුනාගැනීමේ සළකුණක් තිබේ. ඔය දරුවන් ලඟ ඔබගේ බැජ් එක ඇති විට, ඔබ එය බවට පත්වන්නට යන කුල්මත්භාවය ඔබට ඇති වෙයි. අපි ශිෂ්‍යයින්ය. බාබා අපව මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පත් කරවන්නේය. මනුෂ්‍යයින් දේවතාවන්ව වන්දනා කරයි. දේවතාවන් දේවතාවන්ව වන්දනා නොකරයි. මෙහි, සාමාන්‍ය මිනිසුන් දේවතාවන් වන්දනා කරන්නේ දේවතාවන් උසස් බැවින්ය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම විටම ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබගේ බුද්ධියේ තබා ගන්න. සෑම විටම ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පිංතූරයක් ඔබ ලඟ තබා ගන්න. ඔබ ඉගෙන ගන්නේ ඒ බවට පත්වීමට කියා දැනගෙන සතුටින් සිටින්න. අපි දැන් පරමාත්ම දෙවියන්ගේ ශිෂ්‍යයින්ය.

2. ඔබගේ පැරණි පිදුරු සහ හාල් මිටක් දී ඒ වෙනුවට මාලිගාවක් ලබා ගන්න. බ්‍රහ්ම පියාව අනුගමනය කොට අවිනාශී ඥාන මිණිමුතු වෙළඳම් කරන මැණික් වෙළෙන්දෙකු වන්න.

වරදානය:
ඔබට අශාරීරීක එන්නතක් මඟින් ඔබගේ මනස එක්තැන් කිරීමට සහ පාලනය කිරීමට හැකි වේවා.

මෙකල, කෙනෙකුට පාලනයක් නොමැති වුණොත්, ඔහු බොහෝ කරදර සිදු කරන්නේ නම්, උඩ පනිමින් උමතුවෙන් හැසිරෙන්නේ නම්, ඔහුව සන්සුන් කිරීමට එන්නතක් ලබා දෙයි. ඒ ආකරයෙන්ම ඔබගේ සිතිවිලි වල බලය, ඔබගේ පාලනය යටතේ නොමැති නම්, තමන්ට අශාරීරික බවේ එන්නතක් ලබා දෙන්න. එවිට ඔබගේ සිතිවිලි වල බලය අපතේ නොයයි. ඔබට පහසුවෙන් සිත එක්තැන් කිරීමට හැකි වෙයි. කෙසේවෙතත්, ඔබගේ බුද්ධියේ තෝන් ලනුව ඔබ පියාට දී එය නැවත ගන්නේ නම්, එවිට ඔබගේ මනස අනවශ්‍ය වෙහෙසකාරී ක්‍රියා නිර්මාණය කරයි. දැන් අනවශ්‍ය වෙහෙසකාරී ක්‍රියා වලින් නිදහස් වන්න.

පාඨය:
තමන් මුතුන් මිත්තන් වීමේ ස්වරූපය ඔබගේ අවධානයේ තබා ගෙන සියලු ජීවාත්මයන් කෙරෙහි දයාවන්ත වන්න.