19-11-2020 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්


සුමිහිරි දරුවනි, මේ මුළු ලෝකයම රෝගීන්ගේ විශාල රෝහලකි. බාබා පැමිණ ඇත්තේ මුළු ලෝකයම රෝගී බවින් නිදහස් කිරීමටයි.

ප්‍රශ්නය:

කිසිම විටෙක මැලවී නොසිටින්නට සහ දුක් රැළි අත් නොවිඳින්නට ඔබට තිබිය යුත්තේ කුමන අවධානයද?

පිළිතුර:

අප දැන් මෙම පැරණි ශරීර සහ මෙම පැරණි ලෝකය අතහැර, ඉන්පසුව නව ලෝකයේ නැවත උපත ලබනවා. අප රාජධානියට යෑම සඳහා දැන් රාජයෝගාව ඉගෙනගන්නවා. පරම පියා, දරුවන් වන අපට, රජවරුන්ගේ ආධ්‍යාත්මික දේශය (රාජස්ථාන්) ස්ථාපනය කරනවා. ඔබ මෙම අවධානය රඳව ගන්නා විට, දුක් රැළි ඇති නොවෙයි.

ගීතය:

මවත් ඔබයි, පියාත් ඔබයි.

ඕම් ශාන්ති. මෙම ගීතය ඔය දරුවන්ට නොවෙයි එය වාදනය කරන්නේ අළුත් අයට විස්තර කිරීමටයි. මෙහි සිටින සෑම කෙනෙක්ම නුවණ ඇති අය නොවෙයි. නැහැ නුවණ නොමැති අයවයි නුවණ ඇති අය බවට පත් කළ යුතු වන්නේ. ඔබ කෙතරම් නුවණ නොමැත්තන් බවට පත් වූවාද කියා, ඔය දරුවන්ට වැටහෙයි. පාසැලක ශිෂ්‍යයන්, ඉගෙනගැනීමෙන් නුවණ ඇති අය වනවා සේම, පරම පියා ඔය දරුවන්ව දැන් නුවණ ඇති අය බවට පත් කරවනවා. ඔවුන්ගේ වටහාගැනීමට අනුව, ඔවුන් නීතිඥයින් හෝ ඉංජිනේරුවන් වෙයි. මෙහිදී ඔය ජීවාත්ම, නුවණැත්තන් විය යුතුයි. සිරුරක් තුළින් ඉගෙනගන්නේ ජීවාත්මයි. කෙසේවෙතත්, ඔබගේ ශරීරයේ ජීවිකාව වෙනුවෙන් ඔබට පිටතදී ලැබෙන අධ්‍යාපනය, තාවකාලික කාලයකට පමණයි. සමහර හින්දූන්, ක්‍රිස්තියානුවන් බවට හැරෙයි. ඔවුන් එසේ කරන්නේ ඇයි? සුළු සතුටක් ලබා ගැනීමට, පහසුවෙන් රැකියාවක් ලබාගෙන ඔවුන්ගේ ජීවිකාව වෙනුවෙන් මුදල් උපයාගැනීමටයි. ඔය දරුවන් දැන් දන්නවා, ඔබ පළමුවෙන්ම ජීව අවධානයට පත් විය යුතු බව. මෙම ලෝකය රෝගී බැවින්, ප්‍රධානතම දෙය මෙයයි. රෝගී නොවන එකදු මනුෂ්‍යයෙක්වත් නැත නිසැකයෙන්ම එක් හෝ තව රෝගයක් ඇත. සියලුම මනුෂ්‍යයින් අපවිත්‍ර සහ රෝගීව සිටින, මේ මුළු ලෝකයම විශාල රෝහලකි. ඔවුන්ගේ ආයුෂ ද ඉතා කෙටිය. ඔවුන් හදිසි මරණ අත්විඳියි මරණයේ උල් නිය ඔවුන්ව ඩැහැගනී. මෙම දේවල් වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. ඔය දරුවන් භාරතය පමණක් නොවෙයි, අදෘෂ්‍යමාන අන්දමකින් මුළු ලෝකයටම සේවය කරයි. ප්‍රධානතම දේ වන්නේ කිසිම කෙනෙක් පරම පියාව නොදැන සිටීමයි. ඔවුන් මනුෂ්‍යයින් වුවද මෙම ලෝකයට ඔබ්බෙන් සිටන පියාව ඔවුන් නොදනී ඔවුන් තුළ ඔහු කෙරෙහි සෙනෙහසක් නැත. පරම පියා පවසන්නේ දැන් මට ආදරය කරන්න! මට ආදරය කරන අතරම ඔබ මා සමඟ ආපසු නිවසට යනු ඇත. ඔබ ආපසු නිවසට යන තුරු, මෙම කිලිටි ලෝකයේ සිටිය යුතුයි. පළමුවෙන්ම ශරීර අවධානයෙන්, ජීවාත්ම අවධානයට පත් වන්න! එවිට පමණයි ඔබට මෙම ඥානය ධාරණය කරගෙන, පරම පියාව සිහි කිරීමට හැකි වන්නේ. ජීවාත්ම අවධානයට පත් නොවන අයගෙන් ඵලක් නැත. සෑම කෙනෙක්ම සිටින්නේ ශරීර අවධානයෙනි. ඔබ ජීවාත්ම අවධානයට පත් වී පරම පියා සිහි නොකරන්නේ නම්, ඔබ පෙර සිටි ආකාරයෙන්ම සිටින බව, ඔබට වැටහෙයි. ප්‍රධානතම දෙය වන්නේ නිර්මාණය ගැන දැන ගැනීම නොව, ජීවාත්ම අවධානයට පත් වීමයි. නිර්මාණකරු සහ නිර්මාණය පිළිබඳ දැනුම සිහි කර තිබේ. මෙසේ නොකියයි නිර්මාණයේ දැනුම පළමුව සහ ඉන්පසුව නිර්මාණකරු පිළිබඳ දැනුම. නැහැ පළමුව නිර්මාණකරු වන පරම පියාය. මෙසේ කියමනකි අහෝ දෙවි පියාණෙනි! ඔහු පැමිණ ඔය දරුවන්ව ඔහු හා සමාන බවට පත් කරවයි. පරම පියා සෑම විටෙකම සිටින්නේ ජීවාත්ම අවධානයෙනි, මේ නිසයි ඔහු පරම වන්නේ. පරම පියා පවසන්නේ මා සිටින්නේ ජීවාත්ම අවධානයෙන්. මා ඇතුළු වන කෙනාවත් මම ජීවාත්ම අවධානයට පත් කරවනවා. මා ඔහු තුළට ඇතුළු වන්නේ ඔහුව හැරවීම සඳහාය, මන්ද ඔහුද සිටියේ ශරීර අවධානයෙනි. මා ඔහුට පවසන්නේ තමන් ජීවාත්මයක් බව සළකා, නිවැරදිව මාව සිහිපත් කරන්න. ජීවාත්ම, මනුෂ්‍යයන්ගෙන් වෙනස් බව විශ්වාස කරන බොහෝ මිනිසුන් සිටියි. ජීවාත්මය, ශරීරය අතහැර යන බැවින්, එය දෙකක් විය යුතුයි. ඔබ එක් එක් කෙනා, ජීවාත්මයක් බව, පරමාත්ම පියා විස්තර කරයි. නැවත උපත් ගන්නේ ජීවාත්මයි. ජීවාත්ම, ශරීර ගෙන, ඔවුන්ගේ චරිත කොටස් රඟපායි. බාබා නැවත නැවතත් පවසන්නේ තමන් ජීවාත්මයක් බව සලකන්න! මෙයට විශාල උත්සාහයක් අවශ්‍යයි. හුදෙකලාව ඉගෙනගැනීමට, ශිෂ්‍යයන් උයනකට යයි. පූජකයන් ඇවිදින්නට යන විට ඔවුන් එසේ කරන්නේ නිහඬවයි. ඔවුන් ජීවාත්ම අවධානයට පත් වන්නේ නැත, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව සිහිකරනවා පමණයි. ඔවුන්ට නිවසේ සිට වුවද ඔහුව සිහිකළ හැකි නමුත්, ඔවුන් විශේෂයෙන්ම හුදෙකලාව සිට, වෙන කොහේවත් නොබලා, ක්‍රිස්තුස් වහන්සේව සිහි කරයි. ඉතාමත්ම හොඳ අය විශ්වාස කරන්නේ, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව සිහි කරන අතරම ඔවුන් ඔහු වෙතට යන බවයි. ඔවුන් විශ්වාස කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය ලෝකයේ අසුන්ගෙන සිටින බව සහ ඔවුන්ද දිව්‍ය ලෝකයට යන බවයි. තවද ක්‍රිස්තුස්වහන්සේ දිව්‍යමය දෙවි පියාණන් වෙතට ගොස් ඇති බවත්, ඔහුව සිහි කිරීමෙන් ඔවුන්ද ඔහු වෙතට යන බව ඔවුන් විශ්වාස කරති. සියලුම ක්‍රිස්තියානුවන් එම ඒකායන කෙනාගේ දරුවන්ය. ඔවුන්ට නිවැරදි දැනුම යම් ප්‍රමාණයකට තිබේ. කෙසේවෙතත්, ඔවුන්ගේ වටහාගැනීම වැරදි බව කිව හැක, මන්ද ක්‍රිස්තුස් වහන්සේගේ ජීවාත්මය, උඩ ඉහළ නිවසට ආපසු ගොස් නැති බැවින්. ’ක්‍රිස්තු’ යන නම, කුරුසයට දැමූ ශරීරයේ නමයි. ජීවාත්මයක්, කුරුසයක් මතට දැමිය නොහැක. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවාත්මය, පරමාත්ම දෙවි පියාණන් වෙතට ගිය බව කීම වැරදියි. කිසි කෙනෙක් දැන්මම ආපසු නිවසට යන්නේ කෙසේද? ආගමක් ස්ථාපනය කරන සෑම කෙනෙක්ම, එම ආගම ස්ථාපිත කිරීමෙන් පසුව, ඔහුගේ ආගම පවත්වාගත යුතුයි. ගොඩනැගිල්ලකට සුදු හුණු ගාන විට, එයත් පවත්වාගැනීමක්. ඔබ දැන් අසීමිත පියාව සිහි කළ යුතුයි. අසීමිත පියා හැර වෙනත් කිසිවෙකුට මෙම ඥානය ඔබට ලබා දිය නොහැක. ඔබ තමන්ට යහපතක් සිදු කළ යුතුයි. රෝගී බවින් ඔබ රෝග වලින් නිදහස් විය යුතුයි. මෙය රෝගීන්ගේ විශාල රෝහලකි. රෝගී අය අනිවාර්යෙන්ම විගසින් මිය යයි. පරම පියා පැමිණ මුළු ලෝකයම රෝගී බවින් නිදහස් කරවයි. ඔබ මෙහිදී රෝග වලින් නිදහස් වනවා නොවෙයි. පරම පියා පවසන්නේ ඔබ රෝග වලින් නිදහස් වන්නේ නව ලෝකයේය. ඔබට පැරණි ලෝකයේදී රෝග වලින් නිදහස් විය නොහැක. ලක‍්ෂ්මි සහ නාරායන් රෝග වලින් නිදහස්ය, සදා නිරෝගීය. එහිදී ඔවුන්ට දිර්ඝ ආයු කාල තිබේ. දූෂිත අය, රෝගීය. දුර්ගුණ වලින් තොර අය රෝගී නැත ඔවුන් සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොරයි. පියාම පවසන්නේ මෙකල, සාමාන්‍ය වශයෙන් මුළු ලෝකයමත් විශේෂයෙන්ම භාරතයත් රෝගීය. ඔය දරුවන් පළමුවෙන්ම රෝග වලින් නිදහස් වු ලෝකයට පැමිණෙයි. ඔබ රෝග වලින් නිදහස් වන්නේ සිහිපත් කිරීමේ වන්දනාවේ සිටීමෙනි. සිහිපත් කිරීම තිබීමෙන් ඔබ ඔබගේ මිහිරි නිවහනට යයි. මෙයත් වන්දනා ගමනකි. ජීවාත්ම, පරමාත්ම පියා, පරමාත්ම ජීවය වෙතට වන්දනා ගමනක් යයි. මෙය ආධ්‍යාත්මික වන්දනා ගමනක්. වෙනත් කිසිවෙකුට මෙම වදන් වටහා ගැනීමට නුපුළුවනි. ඔබත් මෙය වටහාගන්නේ අංක පිළිවෙලට පමණයි, නමුත් ඔබට එය අමතක වෙයි. ප්‍රධානතම දෙය මෙයයි එය විස්තර කිරීම ඉතා පහසුයි. කෙසේවෙතත්, ආධ්‍යාත්මික වන්දනා ගමනේ සිටින අයට පමණයි, වෙනත් අයට විස්තර කළ හැකි වන්නේ. ඔබම සිහිපත් කිරීමේ වන්දනාවේ නොසිට වෙනත් අයට මෙය පැවසීමට තැත් කළොත්, ඔබගේ ඊතලය ඉලක්කයට නොවදියි. සත්‍යයේ බලය තිබිය යුතුයි. අපි බොහෝ සේ බාබා සිහි කරනවා! බිරිඳක් ඇගේ සැමියාව බොහෝ සේ සිහි කරයි. එම කෙනා සියලුම සැමියන්ගේ සැමියාය, සියලු පියවරුන්ගේ පියාය, සියලු ගුරූන්ගේත් ගුරූය. ගුරූන්ද සිහි කරන්නේ එම ඒකායන පියාවයි. ක්‍රිස්තුස් වහන්සේ වුවද සිහි කළේ එක් පියාවයි, නමුත් කිසි කෙනෙක් ඔහුව හඳුනන්නේ නැත. ඔහුගේ හැඳින්වීම දිය හැකි වන්නේ, පරම පියා පැමිණි විට පමණයි. භාරතයේ ජනයා පරම පියාව හඳුනන්නේ නැහැ, එබැවින් අන් අය ඔහුව හඳුනන්නේ කෙසේද? මිනිසුන් පිටරටවල් වලින් යෝගාව හැදෑරිමට පැමිණෙයි. දෙවියන් පෞරාණික යෝගාව ඉගැන්වූ බව ඔවුන් විශ්වාස කරති. ඔවුන්ට මේ ගැන විශ්වාසයක් තිබේ. පරම පියා පවසන්නේ සෑම චක්‍රයකදීම මා පැමිණ, ඔබට සත්‍ය යෝගාව උගන්වන්නේ එක් වරක් පමණයි. ප්‍රධානතම දෙය වන්නේ තමන් ජීවාත්මයක් බව සලකා, පරමාත්ම පියාව සිහිපත් කිරීමය. මෙයට ආධ්‍යාත්මික යෝගාව යැයි කියයි. අන් සියල්ලම භෞතික යෝගාවයි. ඔවුන් යෝගාවේ සිටින්නේ ආලෝකයේ බ්‍රහම් පදාර්ථය සමඟයි එය පියා නොවෙයි. එය මහා පදාර්ථයයි, වාසස්ථානයයි. ඒකායන පියා පමණයි නිවැරදි. සත්‍යය යැයි අමතන්නේ ඒකායන පියාට පමණයි. පියා සත්‍යය වන්නේ කෙසේද කියා, භාරතයේ මිනිසුන් නොදනී. සත්‍ය දේශය ස්ථාපිත කරන්නේ ඔහු පමණයි. සත්‍ය දේශය සහ මුසාවේ දේශය තිබේ. ඔබ සත්‍ය දේශයේ වාසය කරන කල්හි, රාවණගේ රාජධානිය නොපවතී. රාවණගේ රාජධානිය, මුසාවේ දේශය, ආරම්භ වන්නේ චක්‍ර භාගයකට පසුවයි. මුළු ස්වර්ණමය යුගයටම සත්‍යයේ දේශය යැයි කියයි. කලි යුගයේ අවසානය, සම්පූර්ණ මුසාවේ දේශයයි. ඔබ දැන් අසුන් ගෙන සිටින්නේ සංගමයේය ඔබ මෙහෙත් නැහැ, එහෙත් නැහැ. ඔබ දැන් ගමන් කරනවා. ගමන් කරන්නේ ජීවාත්මයයි, ශරීරය නොවෙයි. පරාත්ම පියා පැමිණ ඔබට ගමන් කරන අන්දම කියා දෙයි. ඔහු ඔබට, මෙහි සිට එහි යන අන්දම කියා දෙයි. ඒ මිනිසුන් එවිට හඳට සහ තාරකා ආදියට ගමන් කරයි. එහි සෙතක් නොමැති බව ඔබ දැන් දන්නවා. විනාශය සිදුවන්නේ එම දේවල් තුළින්ය. ඔවුන් දරන සෑම උත්සාහයකින්ම ඵලක් නැත. විද්‍යාව මඟින් නිර්මාණය වන සියලුම දේ, ඔබට අනාගතයේදී ප්‍රයෝජනවත් වීමට යන බව ඔබ දන්නවා. මෙම නාටකය පෙර නියම වූවක්. අසීමිත පියා පැමිණ ඔබට උගන්වයි. එබැවින් ඔබ තුළ ඔහු කෙරෙහි විශාල ගෞරවයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ගුරුවරුන්ට බොහෝ ගෞරවයක් තිබෙයි. ඔබට හොඳින් ඉගෙනගෙන සමත් වීමට, ගුරුවරයෙක් ඔබට උපදෙස් දෙයි. ඔබගේ ගුරුවරයාට ඔබ කීකරු නොවන්නේ නම්, ඔබ අසමත් වෙයි. පරම පියා පවසන්නේ මම ඔබට උගන්වන්නේ ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවීමටයි. අධිපතියන් වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන්ය. ඔවුන්ගේ පුරවැසියන්ද අධිපතියන් වන නමුත්, විවිධ තත්ත්ව ඇත. භාරතයේ සියලුම මිනිසුන් පවසන්නේ ඔවුන් එහි අධිපතියන් බව කියායි. දුප්පතුන් පවා සලකන්නේ, ඔවුන් භාරතයේ අධිපතියන් බවයි. කෙසේවෙතත්, රජෙක් සහ ඔවුන් අතර වෙනසක් තිබේ. තත්ත්වයේ වෙනස තිබෙන්නේ ඥානය නිසාය. කෙනෙක් ඥානයෙහි දක‍්ෂ විය යුතුයි. පාරිශුද්ධත්වය ද අවශ්‍යයි නිරෝගිකම සහ ධනයද අවශ්‍යයි. දිව්‍ය ලෝකයේ සෑම දෙයක්ම ඇත. පරම පියා ඔබට අරමුණ සහ ඉලක්කය විස්තර කරයි. ලෝකයේ වෙනත් කිසිම කෙනකුගේ බුද්ධිය තුළ මෙම අරමුණ සහ ඉලක්කය නැත. ඔබ සැනෙකින් පවසන්නේ ඔබ පත්වන්නේ මෙය බවට කියා. අපගේ රාජධානිය මුළු ලොව පුරාම පැවතෙයි. එය දැන් ජනතාව ගෙන් සැදි ජනතාව ගේ රජයයි. මුලදී, ද්විත්ව කිරුළක් පැළඳි අය සිටි අතර, පසුව එක් කිරුළක් ඇති අයත්, දැන් කිරුළක් නොමැති අයත් සිටියි. එක් කිරුළක් ඇති අය, ද්විත්ව කිරුළක් ඇති රජවරුන් ඉදිරියේ හිස නමන ආකාරය පෙන්වන පිංතූරයක් නිර්මාණය කරන්නට කියා, බාබා ඔබට මුරලියක පැවසුවා. පරම පියා පවසන්නේ මා දැන් ඔබව ද්විත්ව කිරුළු පළන් රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. ඔවුන් රජ වන්නේ කෙටි කාලයකට වන අතර, මෙහි, එය උපත් 21 ක කාරණාවකි. පළමුවන සහ ප්‍රධානතම දෙය වන්නේ පිවිතුරු වීමය. පැමිණ, අපවිත්‍ර අයව පිවිතුරු කරන්නට කියා, ඔබ මට කන්නලව් කළා. ඔබව රජවරුන් බවට පත් කරවන්නට කියා ඔබ ඉල්ලුවේ නැත. ඔය දරුවන්ට දැන් අසීමිත අත්හැරීම තිබේ. ඔබ මෙම ලෝකය අතහැර, නිවසට ගොස් ඉන්පසුව දිව්‍ය ලෝකයට යයි. ඔබගේ ඇතුලාන්තයේ මෙම සතුට තිබිය යුතුයි. ඔබ ඔබගේ නිවසට සහ ඉන්පසුව ඔබගේ රාජධානියට යන බව ඔබට වැටහෙන බැවින්, ඔබ මැලවී, දුක් අත්විඳින්නේ ඇයි? ජීවාත්ම වන අප, නිවසට ගොස් ඉන්පසුව නව ලෝකයේ නැවත උපත් ගනී. ඔය දරුවන් සදාකාලික සතුට අත්නොවිඳින්නේ ඇයි? ඔබගේ සතුට අඩුවන්නේ මායාගෙන් බොහෝ එදිරිවාදිකම් තිබෙන නිසාය. පාරිශුද්ධකරුවාම පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබගේ බොහෝ උපත් වල පාපයන් පිළිස්සී යනු ඇත. ඔබ ස්වදර්ශන චක්‍රධාරීන් වෙයි. ඔබගේ, රජවරුන්ගේ දේශයට ඔබ යන බව, ඔබ දන්නවා. මෙහි නොයෙක් විවිධ මාදිලියේ රජවරුන් සිට ඇත. දැන් ආධ්‍යාත්මික රාජස්ථාන් (රජවරුන්ගේ දේශය) තිබෙන්නට යනවා. ඔබ දෙව්ලොව අධිපතියන් වෙයි. දිව්‍ය ලෝකයෙන් කියැවෙන්නේ කුමක්ද කියා, ක්‍රිස්තියානුවන්ට වැටහෙන්නේ නැත. ඔවුන් විමුක්ති දේශයට, දිව්‍ය ලෝකය යැයි කියයි. දිව්‍යමය දෙවි පියාණන් දිව්‍ය ලෝකයේ වාසය කරන්නේ නැත. ඔහු වාසය කරන්නේ සාම දේශයේය. ඔබ දැන් උත්සාහ දරමින් සිටින්නේ පාරාදීසියට යෑමටයි. ඔබ මෙම වෙනස පෙන්වා දිය යුතුයි. විමුක්ති දේශයේ වාසය කරන කෙනා දෙවි පියාණන් වන අතර නව ලෝකයට කියන්නේ දිව්‍ය ලෝකය කියාය. එහි ක්‍රිස්තියානුවන් නැත (නව ලෝකයේ). පැමිණ, පාරාදීසිය ස්ථාපිත කරන්නේ පරමාත්ම පියා පමණයි. ඔබ සාම දේශය යැයි හඳුන්වන ස්ථානයට ඔවුන් දිව්‍ය ලෝකය යැයි කියයි. මේ සියලුම දේවල් වටහා ගත යුතුයි. පරම පියා පවසන්නේ මෙම ඥානය ඉතාමත්ම පහසුයි. පිවිතුරු වීමට මෙන්ම විමුක්ති දේශයට සහ ජීවන-මුක්ති දේශයට යෑමට ඇති ඥානය මෙයයි. මෙම ඥානය ලබා දෙන්නේ පරම පියා පමණයි. කෙනෙක් එල්ලුම් ගසට යැවීමට ආසන්න වන විට, ඔහු දෙවියන් වෙතට යන බව ඔහුගේ ඇතුලාන්තයෙන් ඔහුට වැටහෙයි. ඔවුන් දෙදෙනාම ඔහුව නොහඳුනන නමුත්, අලුගෝසුවා ඔහුට දෙවියන් සිහි කරගන්නට කියා පවසයි. එම කෙනා ඒ වෙලාවේදී සිහි කරන්නේ ඔහුගේ නෑදෑ මිතුරන්ව පමණයි. මෙසේ සිහි කෙරේ අවසානයේදී තම බිරිඳ සිහි කරන කෙනෙක්... ඔහු නිසැකයෙන්ම එක් හෝ තව කෙනෙක්ව සිහි කරයි. ඔවුන් බැඳීම් ජයගන්නා අය වන්නේ ස්වර්ණමය යුගයෙදී පමණයි. ඔවුන් තම සිරුරු හැර දමා අළුත් ඒවා ගන්නා බව ඔවුන් එහිදි දන්නවා. එහිදී සිහි කිරීමේ සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසයි මෙසේ කියමනක් තිබෙන්නේ සෑම කෙනෙක්ම දුක ඇති කල, දෙවියන්ව සිහි කරයි. මෙහි දුක තිබේ. එබැවින් ඔහුගෙන් යමක් ලබා ගැනීමට ඔවුන් ඔහුව සිහි කරයි. එහිදී ඔවුන්ට ඒ වන විටත් සෑම දෙයක්ම ලැබී තිබේ. ඔබගේ අරමුණ වන්නේ මනුෂ්‍යයන්ව පරමාත්ම දෙවියන් හඳුනන අය බවට පත් කරවීම සහ ඔවුන්ව සමිඳුන් සහ අධිපති ට අයත් කරවීම, කියා ඔබට කිව හැක. මෙකල සෑම කෙනෙක්ම අනාථයි. අපි දැන් අයත් වන්නේ සමිඳුන් සහ අධිපතිටයි. සතුට, සාමය සහ සමෘද්ධියේ උරුමය ලබා දෙන්නේ පරම පියා පමණයි. ලක‍්ෂ්මි සහ නාරායන්ට දීර්ඝ ආයුෂ තිබේ. භාරතයේ මිනිසුන්ට පෙර කල, දීර්ඝ ආයුෂ තිබුණු බවද ඔබ දන්නවා. දැන් ඔවුන්ට කෙටි ආයුෂ තිබේ. එය මෙතරම් කෙටි වී ඇත්තේ මන්ද කියා කිසි කෙනෙක් නොදනී. මෙය වටහාගෙන ඉන්පසුව වෙනත් අයට විස්තර කර දීම ඔබට ඉතාමත්ම පහසුයි. මෙයද අංකානුරූපයි. එක් එක් කෙනාගේ විස්තර කිරීම, ඔහුගේමයි. ඔබ සෑම කෙනෙක්ම විස්තර කරන්නේ ඔබ ධාරණය කරගෙන ඇති ප්‍රමාණයට අනුවයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. පරම පියා සෑම විටෙකම ජීවාත්ම අවධානයෙන් සිටින ආකාරයෙන්, ඔබද ජීවාත්ම අවධානයෙන් සිටීමට සම්පූර්ණයෙන් උත්සාහ දැරිය යුතුයි. ඒකායන පියාට ඔබගේ හදවතින් ආදරය කරන අතර, ඔබ ඔහු සමඟින් ආපසු නිවසට යා යුතුයි.
  2. අසීමිත පියාට සම්පූර්ණයෙන් ගෞරව දක්වන්න, එනම්, පියාගේ උපදෙස් පිළිපදින්න. පරම පියාගේ පළමුවන උපදේශය වන්නේ දරුවනි, හොඳින් ඉගෙනගෙන සමත් වන්න! මෙම උපදෙස් පිළිපදින්න.

වරදානය:

ඔබ නුවණ සහ සාරයේ සමබරතාවය තුළින්, තමන් පිළිබඳ සෑම අවධානයක්ම බිලි දී, ඒ අනුව ලෝක පරිවර්ථකයෙක් වේවා.

නුවණ යනු, ඥාන මිණි මුතු පිළිබඳ කරුණු වටහාගැනීම වන අතර සාරය වටහාගැනීම යනු, බලයේ ප්‍රතිමූර්තියක් ලෙසින්, සියලු බලයන්ගේ ප්‍රතිමූර්තියක් වීමේ අවධානය තිබීමයි. ඔබට මේ දෙකෙහි තුලනයක් තිබෙයි නම්, තමන් පිළිබඳ සෑම අවධානයක්ම මෙන්ම සියලු පැරණි දේවල් බිලි වෙයි. ලෝක පරිවර්ථනයේ සේවය වෙනුවෙන් සෑම තත්පරයක්, සිතිවිල්ලක්, වචනයක් සහ සෑම ක්‍රියාවක්ම කැප කිරීමෙන්, ඔබ ඉබේම ලෝක පරිවර්ථකයෙක් වෙයි. තමන්ව සහ තම සිරුරුවල අවධානය කැප කරන අයට, ඔවුන්ගේ උසස් චිත්ත තරංග වලින් පහසුවෙන් වාතාවරණය පරිවර්ථනය කිරීමට හැකි වෙයි.

පාඨය:

ඔබගේ ලැබීම් සිහි කරන්න, එවිට දුක්බර සහ අසහනකාරී දේවල් අමතක වෙයි.

*** ඕම් ශාන්ති ***