19.11.23    Avyakt Bapdada      Sinhala Murli     03.04.96    Om Shanti    Madhuban


සේවය කරමින් සිටිනවාත් සමග අසීමිත නිරාශාවේ ආකල්පය තබාගැනීම මඟින් ඔබේ පැරණි සහ නිශ්ඵල සංස්කාර වලින් නිදහස් වන්න.


අද, අසීමිත පරම පියා තම අසීමිත වූ සදා සහයෝගශීලී මිත්‍රයන් දකිනවා. සතර දිග්භාගයේම සිටිනා සදා සහයෝගශීලී දරුවන් නිරන්තරව අසුන්ගෙන සිටින්නේ පරම පියාගේ හද සිහසුණේය. පරම පියාට ඔහුටම කියා අමරණීය සිහසුනක් නැතත් ඔබ දරුවන්ට බොහෝ ඇත. එමනිසා, බාප්දාදා ඔය දරුවන් හද සිහසුන මත අසුන් ගෙන සිටිනවා දැක නිරන්තරව සතුටු වනවා. ආහා සිංහාසනය මත අසුන්ගෙන සිටින්නේ මගේ දරුවන්. දරුවන් සැමවිටම පියා දකින්නට සතුටින් සිටියි. ඔබ සියලු දෙනාම බාප්දාදා දැකීමෙන් සතුට අත්විඳින අතර බාප්දාදාත් සියලුම දරුවන් දැකීමෙන් සතුටු වන්නේ සෑම දරුවෙක්ම විශේෂ ජීවයක් වූ හෙයිනි. අන්තිම අංකය දරණ දරුවෙක් වුණත් අන්තිම අංකය වූවත් ඔහු කෝටි සංඛ්යාවෙන් අත්මිටක් තුළ සිටින ලැයිස්තුවේ සිටියි. ඉතින් සෑම දරුවාවම දැකීමෙන් ඉමහත් සතුටක් ඇති වන්නේ පියාටද? නැත්තම්, ඔබලාට ද? (දෙගොල්ලන්ටම). පරම පියාට බොහෝ දරුවන් සිටී. දරුවන් වැඩි වූ තරමට ඔහුට ඉමහත් සතුටක් ඇතිවනවා. එහෙත් ඔබලාට ඩබල් සතුටක් ඇති වනවා, එපමණයි. ඔබට පවුලේ සතුට තිබෙනවා. එහෙත් පරම පියාගේ සතුට සදාකලටයි. ඔබේ සතුට සදාකලටම ද හෝ අස්ථිර ද?

සතුට බ්‍රහමිණ් ජීවිතයේ හුස්ම වේ යැයි බාප්දාදා විශ්වාස කරනවා. ඔබට සතුට නොමැති නම්, ඔබට බ්‍රහමිණ් ජීවිතයක් නොතිබේ. එසේම එය අවිනාශී සතුට විය යුතුයි. එය ප්‍රතිශත වශයෙන් සමහර විට පමණක් අත්විඳිත සතුට නොවෙයි. සතුට නම් සතුටයි. අද 50%ක සතුට තිබෙන්නේ නම්, හෙට 100% ක් සතුට තිබෙනවා කියන්නේ ජීවිතයේ හුස්ම අඩු වැඩි වීමයි. බාප්දාදා කලිනුත් කියා ඇති. ඔබේ ශරීරය අත්හැරියත්, ඔබේ සතුට අතුරුදහන් නොවිය යුතුයි කියා. එහෙනම්, මේ පාඩම තරයේ සිතට ගත්තාද, නැතිනම්, තවමත් එයින් මදක් දුර්වලද? 'සදා' යන වචනය ඔබට තහවුරු ද? මෙම අත්දැකීම ඇතැම් විට පමණක් අත්විඳින්නන් කෙසේ වේද? සදා සතුට ඇත්තන් ගෞරවයෙන් සමත් වේ. එහෙත් ඇතැම් විට පමණක් සතුට ඇත්තන් සමත් වනුයේ ධර්මරාජ්ගේ දේශය තුළිනි. ගෞරවයෙන් සමත් වන්නන් තත්පරයකින් පරම පියා සමග ආපසු යාවි: ඔවුන් කොතැනකව නතර නොවෙයි. එහෙනම්, ඔබ සියල්ලන් කවුරු වේද? පරම පියා හා යන අයද නැත්තම්, නතර වන අයද? (පරම පියා සමග යන අයයි). ඔබේ චාර්ට් එක ඒ වාගේ ද? මේ දියමන්ති ජුබිලියේ සෑම දරුවා උදෙසාම බාදාදාට ඇති විශේෂ බලාපොරොත්තුව මොනවද කියා ඔබ දන්නවා ද? නැද්ද?

සියලුම දරුවන්ගේ වාර්තා බාප්දාදා දැක්කා. බාබා මොනවද ඒවායේ දැක්කේ? වර්තමාන කාලය අනුව තවද, එක්තරා අංශයකට විශේෂ අවධානය දිය යුතුව ඇත. ඔබ සේවයෙහි බොහෝ උද්යෝගය උත්සාහය ඇතිව ඉදිරියට යයි. සෑම කෙනෙකුටම මේ දියමන්ති ජුබිලියේ සේවය වෙනුවෙන් විශේෂ උද්යෝගයත් උනන්දුවත් තිබෙනවා. මෙයින් ඔබ සියල්ලන්ම සමත් වුණා. ඔබ සැම දෙනාම තමන්ගේ අවකාශය අනුව සේවයේ යෙදෙනවා. දිගටම එසේ කරන්න. කෙසේවෙතත්, දැන් විශේෂයෙන් උවමනා වන්නේ කුමක් ද? කාලය සමීප වෙනවා. ඒ හෙයින්, කාලයේ සමීපතාවය අනුව, මොන රැල්ලක් තිබිය යුතු ද? (නිරාශාව) කෙබඳු නිරාශාවක් ද? සීමිත ද, අසීමිත ද? උද්යෝගය සහ උනන්දුව ඔබට තිබෙනා තරමින්. කාලයේ අවශ්‍යතාවයට අනුව තිබිය යුතු අසීමිත නිරාශාවේ ස්ථිතිය. එම ප්‍රමාණයටම ඔබට තිබෙනවා ද? ඔබේ සේවයේ සාර්ථකත්වය ඇත්තේ, හැකිතාක් ඉක්මණින් ප්‍රජාවන් නිර්මාණය කිරීමෙහිය. ඔබ සේවය කරන්නේ මෙයටයි. නැද්ද? ඔබ උපකරණ ජීවයන්ට අසීමිත නිරාශාවක් ඇතිවතතාක් අනෙකුත් ජීවයට අසීමිත නිරාශාව ඇති වන්නේ නැහැ. පරම පියාගේ හැඳින්වීම සෑම කෙනෙකුට ලැබීමයි ඔබේ උවමනාව. එනමුත් ඔබට අසීමිත නිරාශාවක් ඇතිවන තාක්, එම ජීවයන්ට එය ලබාගත නොහැකිය. අසීමිත නිරාශාව යනු ස්ථිර නිරාශාවයි. ඔබේ නිරාශාව කාලය අනුව හෝ අවස්ථාවක් අනුව නම්, එවිට කාලය අංක එකත් ඔබ අංක දෙකත් ලබාගනීවි. මන්ද, ඔබ නිරාශාවට පෙළෙඹුනේ අවස්ථාව හෝ කාලය හේතු කොටගෙන නිසා, කාලයත් සමගම එම අවස්ථාව අවසන් වූ ගමත් ඔබේ නිරාශාවත් අවසත් වේ. මෙයට ඔබ කුමක් කියන්නේ ද? අසීමිත නිරාශාවද හෝ සීමිත ද? දැන් එහෙනම්, ඔබට අසීමිත නිරාශාව අවැසියි. නිරාශාව නැති වෙන්නට මූලික පදනම නම්, ශරීරයේ අවධානයයි. ශරීර අවධානයෙහි නිරාශාවක් ඇතිවන තාක් කිසිම දෙයකට ස්ථිර නිරාශාවක් ඇති වන්නේ නැහැ: ඇතිවන්නේ තාවකාලික නිරාශාව පමණී. නෑ සබඳතා තුළ නිරාශාව ඇතිවීම මහ දෙයක් නොවෙයි. ලොවෙහි බොහෝ අයගේ සිත් තුළත් එවැනි නිරාශාව තිබෙනවා. කෙසේවෙතත්, ශරීර අවධානයේ විවිධ වර්ග මෙහි තිබෙනවා. කෙසේ හෝ මේ සියලුම ශරීර අවධානයේ විවිධ වර්ග දැන ගත්තායින් පසුව ඔබට අසීමිත නිරාශාව ඇතිකර ගැනීමට හැකි විය යුතු අතර ශරීර අවධානය ජීව අවධානයට වෙනස් විය යුතුයි. ශරීර අවධානය ස්වභාවික වූවාක් මෙන්ම. ඒ අයුරින්ම, ජීවාත්ම අවධානය ස්වභාවික විය යුතුයි. සෑම අවස්ථාවක දීම, එන මුල් වචනය ශරීරයයි. නෑදෑයින්, බැලූකල, ඔබ කතා කරන්නේ නෑදෑයින්ගේ ශරීරය ගැනයි. ඔවුන් හොඳ තත්ත්වයක නම්, එම වූ තත්ත්වය අයත් වන්නේ ශරීරයටයි. එමනිසා, මූලික පදතම ශරීර අවධානයයි. ඕනෑම ස්වරූපයක ශරීර අවධානය තිබෙද්දී, ඔබට නිරාශාවේ ආකල්පය ඇති නොවේ. බාප්දාදා දැක්ක දේ තමයි, මෙකල, ශරීර අවධානයේ බාධක වල හේතුව නම් ශරීරයේ පරණ සංස්කාර වල නිරාශාව නොමැති බව. පළමුවෙන්ම ශරීරයේ පරණ සංස්කාර වල නිරාශාවක් තිබීම අවශ්‍යයි. සංස්කාරය ඔබේ ස්ථිතිය පහළ දමයි. සංස්කාරයන් නිසා, සේවයෙහි, සබඳතා සහ සබැඳියාවෙහි බාධක ඇතිවේ. එමනිසා, ප්‍රතිඵලයෙහි බාබා දැක්කේ, ඔබට ශරීරයේ පරණ සංස්කාර වල නිරාශාවක් නොමැති විට අසීමිත නිරාශාව නිරන්තරව ඇති විය නොහැකි බවය. සංස්කාරයන් විවිධ අයුරින් ඒ කෙරෙහි ඔබව ආකර්පිත කරගනී. යම් දෙයක් කෙරෙහි ආකර්පණයක් සුළුවෙන් හෝ ඇති ද එවිට නිරාශාවක් එහි ඇති විය නොහැකිය. එමනිසා පරීක්ෂා කරන්න: මා මගේ පැරණී නිෂ්ඵල සංස්කාර වලින් නිදහස් ද? ඔබ කොපමණ උත්සාහ කළා වුවත් - නිරාශාවේ ආකල්පයක් ඇති කිරීමට උත්සාහ කළා වුවත් – බහුතරයම තුළ ඇති ඇතැම් සංස්කාර කොහොමත් ඔබව ඒ වෙත ඇද ගත හැකි තරම් ශකිතිමත් ය. එමනිසා. පළමුවෙත්ම තිබිය යුත්තේ පැරණි සංස්කාර කෙරෙහි නිරාශාවයි. ඔබේ කැමැත්තට එරෙහිව සංස්කාර මතුවන්නේ ඇයි? ඔබ ඒවා එනවාට අකමැති වූ නමුත් ඒවායේ සූක්ෂම හැඩය නොපිළිස්සූ නිසා ඒවා මතුවෙනවාමයි. ඒවායේ සලකුණක් තවමත් ඉතිරිව, සැඟවී තිබෙයි. එසේම විටෙක ඒවා ඔබේ කැමැත්තට විරුද්ධව මතුවෙයි. අනතුරුව ඔබ කියයි: මට එසේ වන්නට උවමනා වුණේ නැහැ. එහෙත් ඉබේම එය සිද්ධ වුණා: ඉතිත් මම මොනවා කරන්නද? ඒක එහෙම වුණා. කවුද මෙහෙම කියන්නේ? ශරීර අවධානය ද නැත්තම් ජීව අවධානය ද?

එබැවින්, සංස්කාරයන්හි නිරාශාවේ ආකල්පය තිබීමෙහි දුර්වලතාවය තවමත් තිබෙනවා බාප්දාදා දැක්කා. ඔබ ඒවා නැති කළා නමුත් ඒවායේ සලකුණක් වත් ඉතිරි නොවන තරමට නැති කළේ නැහැ. ඒවායේ සලකුණක් ඇති ද, එහි ඒවායේ පරපුර ද ඇතිවේවි. අද එහි යාන්තමින් සලකුණක් තිබෙන්නේ නම්, එවිට කාලය අනුව. එහි පරම්පරාවේ හැඩය හට ගනී: එය ඔබව බාහිර බලපෑමේ යටතට පත්කරයි. ඔබ සැවොම ඒ ගැන මොනවද කියන්නේ? පරම පියා ඥාතයෙන් පිරි කෙනාය. ඒ වාගේ අපත් ඥානයෙන් පිරි අයයි. එවිට සංස්කාර වල ප්‍රහාරයට ලක් වුණාම ඔබ කවුරු ද? නොලේජ් ෆුල් ද නැත්තම් නොලේජ් පුල් ද? එමනිසා. නොලේජ් ෆුල් වෙනුවට ඔබ නොලේජ් වලින් පුල් වෙයි (ඇදේ); ඔබ නොලේජ් ෆුල් නොවේ. ඔබ අතුරෙන් ඕනෑම කෙනෙකුගෙත් විමසුවොත් කියන්නේ "ඔව් මට තේරෙනවා. එහෙම නොවෙන්නයි තිබුණේ. මම එය නොකළ යුතුයි. නමුත් එය සිද්ධ වුණා" ඉතින්, ඒ වේලාවේ. ඔබ නොලේජ් ෆුල් ද නැතිනම්, නොලේජ් පුල් වූවත් ද? නොලේජ් ෆුල් අය මොනම සංස්කාර, සම්බන්ධතා හෝ අයිතීන් වල ප්‍රහාර වලට ලක් නොවනවා ඇත.

එහෙනම්, ඔබ දියමන්ති ජුබිලිය සමරමින් සිටිනවා ද? දියමන්ති ජුබිලිය' යන්නෙහි තේරුම දියමන්තියක් බවට පත්වීමයි. එනම් සීමිත නිරාශාව ඇති කෙනෙක් වීමයි. ඔබට සේවය සඳහා ඇති උයෝගයේ තරමට නිරාශාවේ ආකල්පයක් තබා ගැනීමට අවධානය දී නැත. "සෑම දේම හොඳාකාරව කෙරෙනවා. එය නොකඩවා සිදුකෙරෙයි: සෑම දේම නියම වේලාවට ඉතා හොඳින් කෙරේවි." කාලය ඔබේ ගුරුවරයා ද නැත්නම්, බාබා ඔබේ ගුරුවරයා ද? ඔබේ ගුරුවරයා කවුද? ඔබ කාලය අනුව පරිවර්තනය වන්නේ නම්, එවිට කාලය ඔබේ ගුරුවරයාය. ඔබේම නිර්මාණය ඔබේම ගුරුවරයා වන්නේ නම් ඒක හරි ද? එවැනි අවස්ථාවක් උදා වුවහොත් ඔබ කුමක් කියයි ද? "ඒ වෙලාවට හැම දේම හරියාවි, හැමදේම ඉතා හොඳින් කෙරේවි" ඔබ පියාට පවා යළි සහතික කරයි. "කරදර වෙන්න එපා සියල්ල හරියාවි, ඒ වාගේම නියම වේලාවට අපි ඉදිරියට යනවා " කියා. කාලය ගුරුවරයා කිරීම ඔබ මාස්ටර් නිර්මාපකයන්ට ගැලපේද? ඔබ ඊට කැමති ද? නැහැ. කාලය නිර්මාණයයි. ඔබ නිර්මාපකයන් ය. මාස්ටර් නිර්මාපකයින් හට කාලය ගුරුවරයා වීම යෝග්‍ය වන්නේ නැහැ. එමනිසා, දැන් බාප්දාදා විසින් ලබා දී තිබෙන මෙම කාලයේ දී, අසීමිත නිරාශාවේ ආකල්පය මතු කරන්න. මන්ද, සේවයේ ඇදීමක් ඇති තැන නිරාශාව අවසන් වේ. මන්ද, ඔබ සේවය තුළින් සතුට හා බලය ලබනවා. එසේම ඔබ එසැන ඵලයත් ලබනවා. ඔබ සේවය කරනා අතර තුර අසීමිත නිරාශාව නැති වී යයි. එබැවින් මෙම නිරාශාවේ ආකල්පය ඔබේ ඇතුළතින් අවදි කරන්න. චක්‍රයකට පෙර මෙසේ වූයේ ඔබම ද නැත්තම් වෙන කවුරුවත් ද? මෙසේ වූයේ ඔබමයි. ඔබ නොවේ ද? දැන්. ගිලී තිබූ එම දේ සරළව මතු වෙන්නට ඉඩදෙන්න. සේවය මතු කිරීම පිණීස ඔබ ක්‍රියාත්මක සැලැසුම් සාදනවාක් මෙන්, ඔබේ සේවාවත් සාර්ථක වන්නේ එමනිසයි. ඒ අයුරින් දැන් අසීමිත නිරාශාවේ ආකල්පය මතුකරන්න. කොපමණ පහසුකම් ඔබ ලැබුවා වුවත්.- එවිට දිනෙන් දින තවත් පහසුකම් ඔබ ලබාවි එවිට අසීමිත නිරාශාවේ ආකල්පය සඳහා වූ ආධ්‍යාත්මික ප්‍රයත්නය ගිලී යන්න දෙන්න එපා; එය මතු වන්නට සලස්වන්න. පහසුකම් සහ ආධ්‍යාත්මික ප්‍රයත්නයේ සමබරතාවය පවත්වා ගත්ත. ඔබ දියුණු වෙත්ම. පදාර්ථයත් ඔබේ සේවකයන් බවට පත්වේවි. ඔබ ගෞරවය සහ සැලකිල්ලට පාත්ර වේ. නමුත් මේ සියල්ල තිබෙන අතරේ ඔබේ නිරාශාවේ ආකල්පය අඩු නොවන්නට වග බලාගන්න. ඔබ ඇතුළත අසීමිත නිරාශාවේ ආකල්පය තිබෙතා වාතාවරණයක් අත්විඳිනවා ද? නැතිනම්. සේවයේ ඔබ කාර්ය බහුල වී සිටිනවා ද? ලොවේ මිනිසුන්ට සේවයේ බලපෑම පෙනෙන්නට හැකි සේ. එසේම අසීමිත නිරාශාවේ ආකල්පයේ බලපෑම ද ඔවුන්ට පෙනෙන්නට හැකි විය යුතුයි. ආරම්භයේදී, ඔබ සියලු දෙනාගේ ස්ථිතිය කුමක් වූයේ ද? ඔබ පාකිස්තානයේ සිටිද්දී, එහි මොන සේවයක් වත් තිබුණේ නැහැ. ඔබට පහසුකම් තිබුණා. නමුත් අසීමිත නිරාශාවේ ආකල්පයක් සහිත වාතාවරණය තුළින් ඔබ සේවය අධික කළා. එමනිසා, දියමන්ති ජුබිලිය සමරණ සියලු දෙනාටම ආදී සංස්කාර තිබෙනවා. නමුත් දැන් ඒවා ගිලී පවති. දැන්, නැවත වරක් මෙම ආකල්පය මතු කරන්න. මේ ආදී රත්නයන්ගේ අසීමිත නිරාශාවේ ආකල්පය ස්ථාපතය සිදුවීමට ඉවහල් වුණා. එබැවින්, දැන්, නව ලොව ස්ථාපනය කිරීම උදෙසා එම ආකල්පය සහ එම වාතාවරණය නැවත මතු කරන්න. එහෙනම්, අවශ්‍ය කරන්නේ මොනවාද කියා ඇසුණා ද?

ඔබට පහසුකම් කිසිවක් නොතිබුණේ නම්, ඔබට නිරාශාව ඇතැයි කී විට එය පිළිගන්නේ කවුරුන් ද? පහසුකම් තිබෙද්දී එහි නිරාශාව තිබිය යුතුයි. එකල තිබූ පහසුකම් සහ දැන් තිබෙන පහසුකම් අතරේ එවැනි විශාල වෙනසක් ඇත. ආධ්‍යාත්මික ප්‍රයත්නය සැඟවී තිබෙනවා. එවිට පහසුකම් පෙනෙන්නට තිබෙනවා. අච්චා. පහසුකම් භාවිත කරන එක හොඳයි. ඒවා උදාර ලෙස භාවිත කරන්න. මත්ද, ඒ ඔබ වෙනුවෙනි. නමුත්, ආධ්‍යාත්මික ප්‍රයත්නය ගිලෙන්නට ඉඩ නොදෙන්න. ඔබ මිනිසුන්ට නෙළුම් මලක් මෙන් වෙන්නැයි කියනවා; සියලු පහසුකම් තිබෙනා අතරේ නෙළුම් මලක් මෙන් වෙන්නැයි කියනවා. පහසුම් තිබීම නරක නැහැ ඇත්ත වශයෙන්ම, ඒවා ඔබේ කර්ම සහ යෝගාවේ ඵලයයි. කෙසේවෙතත් ප්‍රශ්නය ඔබේ ආකල්පය පිළිබඳවයි. ඔබ පහසුකම් වල ව්‍යාප්තියේ පැටළීම හෝ එම පහසුකම් වල බලපෑමට යට වීම නොවිය යුතුයි. එහෙම නේද? නෙළුම් මලක් මෙන්ම නොබැඳි ව පරම පියාට සෙනෙහෙවත් කෙනෙක් වන්න. ඒවා භාවිත කරන අතරේ, ඒවාට වහල් නොවෙන්න; නොබැඳි වන්න. පහසුකම් විසින්, ඔබේ නිරාශාවේ ආකල්පය ගිල්විය නොයුතුයි. වර්තමානයේ, මේ සඳහා විශාල අවශ්‍යතාවයක් ඇත. ලොවේ සෑම දේම අතිශයතාවයට යමින් තිබෙන හෙයින්, සත්‍ය නිරාශාවේ ආකල්පය තිබීම අවැසිය. ඔබ විසිනුයි එම වාතාවරණය නිර්මාණය කරනවා ඇත්තේ. මුලින්, ඔබ තුළත් පසුව ලොව තුළත් නිර්මාණය කරනවා ඇත.

එහෙනම්, දියමන්ති ජුබිලිය සමරණ්නන් කරන්නේ කුමක් ද? ඔබ රැල්ලක් පතුරවා හරී. නොවේ ද? ඔබ සියලු දෙනාම අත්දැකීම් ඇත්තන්. ඔබ මුලදීම, එය අත්විඳ තිබෙනවා; ඔබට සියල්ල තිබුණා. ඔබට හැකි තරම් ගිතෙල් අනුභව කරන්න. එසේ වූවත්, අසීමිත නිරාශාවේ ආකල්පය තබාගන්න. ලොවේ මිනිසුන් නියම ගිතෙල් (පිරිපැහදූ බටර්) අනුභව කරයි. නමුත් ඔබ ඒවා බීමට පුරුදුව සිටියා. ගිතෙල් ගඟුළු ඔබ දැක තිබෙනවා. දියමන්ති ජුබිලිය සඳහා වූ විශේෂ කාර්යය නම්. දැන් ඔබ සැම එකට සිටිද්දී හදින් හදට සුහද සාමීචියේ යෙදීමය. සේවය සඳහා ඔබ රෑස් වෙන්නාක් මෙන්. එමෙන්ම මේ සඳහාත් බාබා කී දේවල් උදෙසා රෑස්වීමක් තබන්න. එක් තත්පරයක් තුළ අශරීරී වීමට කැමත්තක් දක්වන විට. ඒ සඳහා පදනම වන්නේ මෙම අසීමිත නිරාශාවයි. එසේ නොවන්නට ඔබ කෙතරම් මහන්සි වුණත් ඔබට තත්පරය තුළ එසේ වන්නට නොහැකි වේ. ඔබ සටතක යෙදී සිටීවි. නිරාශාවක් ඇත්තේ කොතැනද එය වටිනා භූමියයි: ඔබ එහි කුමක් පැළ කළත් එසැනින් ඵල හටගනීවි. එහෙනම්, ඔබට කිරීමට ඇත්තේ කුමක් ද? සැම දෙනාටම දැත් අසීමිත නිරාශාවක් ඇති කළ යුතු බව හැඟී යා යුතුයි. අච්චා, ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබට වැටහුණා ද? එය පහසුද අපහසු ද? සුළු ආකර්පණයක් ඇති වේවි ද, නැද්ද? පහසුකම් ඒ වෙත ඔබව නොඅදීවි ද?

ඔබ දැන් මෙය පුහුණු වීම අවශ්‍යයි. ඔබට උවමනා වූ අවස්ථාවක, කොතැනක උවමනා වුවත්. කෙසේ උවමනා වුවත්, තත්පරයක් තුළදී එම ස්ථිතිය ඔබ විසින් පිහිටුවා ගැනීමට හැකිවිය යුතුයි. ඔබට සේවය කිරීමට උවමනා විටදී එම සේවය කරන්න; සේවයෙන් නොඇලී සිටින්නට උවමනා නම් නොබැඳිව සිටින්න. සේවය ඔබව අඳිනවා. සේවය නොකර සිටිය නොහැකියි යනුවෙන් නොවිය යුතුයි. ඔබට උවමනා දේ කිරීමට උවමනා අයුරින් කිරීමට උවමනා විටෙක කිරීමට, ආත්ම ශක්තිය තිබීම අවැසියි. ඔබට ආත්ම ශක්තිය තිබෙනවා ද? "නවත්වන්න" යැයි කී පමණින් නවත්වන්නට හැකි විය යුතුයි. ඔබ නැවතීමේ ලකුණ දැමූ කල එය ප්‍රශ්නාර්ථ ලකුණ වුණා යනුවෙත් නොවිය යුතුයි. ෆුල් ස්ටොප්, එය ස්ටොප් ම නොවේ ෆුල් ස්ටොප් ය. ඔබ කිරීමට උවමනා දේ ප්‍රායෝගිකවම කිරීමට හැකිවිය යුතුයි. ඔබට මෙසේ වීමට උවමනාය. නමුත් මෙසේ වීම අපහසු ය: එහෙනම් ඊට කුමක්ද ඔබ කියන්නේ? ඔබට ආත්ම ශක්තියද ඇත්තේ නැත්නම්. හුදෙක් ශක්තිය පමණක් ද? සියලු නිෂ්ඵලතා අවසත් කළ යුතු යැයි සිතූ පමණින් තත්පරයකින් එය නැති කළ යුතුයි.

බාප්දාදා ඔබට මින් පෙරත් පැවසුවේ, බොහෝ දරුවන් මෙසේ කියන බව අප යෝගාව සඳහා අසුන් ගන්න නමුත් යෝගාවේ සිටිනවා වෙනුවට අප සටන් කරයි. ඔවුන් යෝගීවරු නොවෙයි, ඔවුන් සටන්කාමීන්ය (යෝධයන්). ඔබට දීර්ඝ කාලයක් පුරා සටත් කරත සංස්කාර ඇත්තම්, ඔබ කවුරු බවට පත් වෙයි ද? සූර්ය වංශයේ කොටසක් ද, චන්ද්‍ර වංශයේ කොටසක් ද? ඔබ ඒ ගැන සිතන සැනින්ම එය සිදුවිය යුතුයි. ඔබ යමක් ගැන සිතූ සැනින් එය සිදුවීම, තත්පරයක කාරණාවක් - මෙය අධිෂ්ඨාන බලය ලෙස හැඳින්වෙයි. ඔබට අධිෂ්ඨාන බලය තිබෙනවා ද? එසේ නැත්තම් ඔබ ඉතා හොඳ සැලසුම් සාදන නමුත් සැලසුම් 10ක් අතරින් ප්‍රායෝගිකව සිදු වන්නේ පහක් පමණයි ද? එය එසේ නොවෙයි නේද? ඔබ ඉතා හොඳින් මෙසේ සිතනවා: "අප මේ දේ කරනවා, මෙය සිදුවෙයි". නමුත් එය ප්‍රායෝගිකව සිදු වීමේදී වෙනසක් තිබේ. එබැවින් ඔබට දැන් කෙතරම් අධිෂ්ඨාන බලයක් තිබිය යුතුද යත්, ඔබ ඒ ගැන සිතූ සැනින්, යම් දෙයක් සිදුවී නිමා වීම ඔබ අත්විඳිය යුතුයි. අම්රිත් වේලාවේ ඔබ පියා සමග හදවතට සමීප කතාබහක යෙදෙන විට, ඔබ ඉතා හොඳ දේවල් කියන බව දැක තිබේ. "මා මේ දේ කරන්නම්, මා මේ දේ කරන්නම්." කෙසේවෙතත්, රාත්‍රිය පැමිණෙන විට ප්‍රතිඵලය කුමක්ද? ඔබ මෙවත් මිහිරි දේවල් කීමෙන්, මෙතරම් හොඳ දේවල් කීමෙන් බාදාව බොහෝ සතුටු කරයි. බාබා ඉතා සතුටට පත් වෙනවා: අපූරුයි! මගේ දරුවන්! ඔබ පවසන්නේ: බාබා, ඔබ අපට පවසා ඇති සෑම දෙයක්ම සිදු විය යුතුයිත එය දැනටමත් නිම වී තිබේ. "ඔබ ඉතා හොඳ දේවල් කියයි. සමහරු පියාව බොහෝ සතසා මෙසේ කියයි, "අප එය නොවූයේ නම්, වෙන කවුරු එය වෙයිද? බාබා, අප සෑම කල්පයකදීම එම එකම අයයි." ඉන්පසුව ඔවුන් බොහෝ සතුටු වෙයි. පිටුපස අසුන්ගෙන සිටින අය ප්‍රවේසමින් අසා සිටිනවාද? පිටුපස සිටින අය, ඉදිරියේ සිටින අයට පෙර මෙය කරනවාද? ඔබ පිටුපස අසුන් ගෙන සිටියත් ඔබ හදවතට සමීපයි. ඇයි? ඔබ අන් අයට අවස්ථාවක් ලබා දීමේ සේවය සිදු කළා. ඉතිං, සේවාධාරීන් නිරන්තරයෙන් පියාගේ හදවතේ සිටියි. කිසිම විටෙක මෙසේ නොසිතන්න, ඔබත් දාදීන්ලා වුණා නම් ඔබත්... ඔබ ඉදිරියේ නොමැති වුණත් ඔබ හදවත තුළ සිටියි. හදවතද සාමාන්‍ය හදවතක් නොවෙයි, එය සිංහාසනයකි. එබැවින් ඔබ හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින අයයි, එහෙම නේද? කොහේ අසුන්ගෙන සිටියත්, යම් කොනක හෝ පහළින් හෝ යම් කුටියක වුවද, ඔබ ඉන්නේ පියාගේ හදවතේය.

සෑම තැනම වෙසෙනා අති උසස් භාග්‍යයලත්, සිංහාසනය මත අසුන් ගත් ජීවාත්මයන්, අසීමිත නිරාශාවේ ආකල්පය සහිත වාතාවරණක් නිර්මාණය කළ විශේෂ ජීවාත්මයන්, තම උසස් විශේෂත්වය නිරන්තරයෙන් භාවිත කරන විශේෂ ජීවාත්මයන්, එකම එක පියාගේ මිත්‍රත්වය සහ ශ්‍රීමත් නම් වූ අණ නිරන්තරයෙන් අත්විඳිතා සමීප වූ ජීවාත්මයන් හට බාප්දාදාගේ ස්නේහ ස්මරණය හා නමස්කාරය.

වරදානය:
ඔබ ඒකායන කෙනාට විශ්වාසනීය වීමේ වැදගත්කම දැනගැනීමෙන් සහ ආශිර්වාද පිරිණමන්නාව සතුටට පත් කිරීමෙත්, පූර්ණ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ආශිර්වාද පිරිණමන්නා වන පරම පියාගේ ආශිරවාද, අනත්ත වන අතර ඒවා අවශ්‍ය ඕනෑම කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයකින් ලබා ගත හැක නිධන් වෙළඳ සැල විවෘතයි. සමහර දරුවන් එම විවෘත වෙළඳ සැලෙන් පිරිපුන් වන අතර වෙනත් අය ඔවුන්ගේ ධාරිතාවයට අනුව පිරිපුන් වෙයි. අවිහිංසක ස්වාමී, ආශිර්වාද පිරිණමන්නාගේ ස්වරූපයෙන් වැඩියෙන්ම ඔබගේ ඒප්‍රන පුරවයි. ඔබ දැන ගත යුත්තේ ඔහුව සතුටු කරන ආකාරය පමණක් වන අතර එවිට ඔබට පූර්ණ සාර්ථකත්වය ලැබෙයි. ආශිර්වාද පිරිණමන්නා වැඩියෙන්ම ප්‍රබල කරන ව්‍යවහාරය වන්නේ: "ඒකායන කෙනාට විශ්වාසවන්ත වීමයි". ඔබගේ සිතිවිලි හෝ සිහිනවල පවා වෙතත් කිසිවෙක් නොසිටිය යුතුයි. ඔබ අයත් වන්නේ ඒකායන කෙනාට හැර වෙනත් කිසිවෙකුට නොවන බව, ඔබගේ ආකල්පයේ තිබිය යුතුයි. මෙහි වැදගත්කම වටහාගන්නා අයගේ ඒප්‍රන නිරන්තරයෙන් පිරිපුන්ව තිබෙයි.

පාඨය:
ඔබගේ සිතිවිලි සහ වචන වලින් එකවර සේවය කරන්න, එවිට ඔබට අඛණ්ඩව දෙගුණයක ඵල ලැබෙයි.