20.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දේව සමාජය වේ. ඔබ ඥානයේ සූර්යයා වන පරමාත්ම පියා සොයාගෙන ඇත. ඔබ දැන් අවධි වී ඇත. එමනිසා, ඔබ අන් අයව ද අවධි කළ යුතුය.

ප්‍රශ්නය:
සියලු විවිධ කළහයන් ඇත්තේ මන්ද සහ ඒවාට විසඳුම කුමක්ද?

පිළිතුර:
ශරීර අවධානය ඇති විට, බොහෝ විවිධ කළහයන් ඇත මායාගේ බලපෑම් ඇත. ජීවාත්ම අවධානයට පත් වී සේවයේ නිරත වන්න යැයි බාබා පවසයි. ස්මරණ වන්දනාවේ සිටින්න. එවිට සියලුම අශුභ බලපෑම් ඉවත්ව යනු ඇත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කිරීමට සහ ශ්‍රීමත් දීමට පරම පියා පැමිණ ඇත. නාට්‍යයේ සැළැස්මට අනුව සියලු දේම වන බව ඔබ දරුවන් තේරුම් ගෙන ඇත. ඉතිරි වී ඇත්තේ ඉතාම කෙටි කාලයකි. භාරතය රාවන්ගේ දේශයෙන් විශ්ණුගේ දේශයට නැවතත් පත් කළ යුතු වේ. පරමාත්ම පියා අදෘෂ්‍යමානයි. මෙම ඉගෙනුම ද අදෘෂ්‍යමාන වේ. බොහෝ මධ්‍යස්ථාන ඇත. කුඩා ගම්වල කුඩා මධ්‍යස්ථාන ද, විශාල නගරවල විශාල මධ්‍යස්ථාන ද, එසේම බොහෝ දරුවන් ද ඇත. දරුවන් අභියෝගයක් කර ඇත. එමනිසා, ඔබ යම් ග්‍රන්ථයක් සූදානම් කරන විට අපි නිසැකවම අපගේ මෙම භාරත දේශය දෙව්ලොවක් කරවන්නෙමු යැයි ද ලිවිය යුතුය. මෙම භාරතය වසර 5000 ට පෙර දෙව්ලොවක් වූ බව ඔබ දන්නා නිසා ඔබලාගේ මෙම භාරත දේශයට ඔබලාට බොහෝ සෙනෙහසක් ඇත. භාරතය ඉතා රාජකීය සහ පියකරු විය එයට දෙව්ලොව යැයි කීය. බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වූ ඔබලාට පමණක් මෙම ඥානය ඇත. අපි නිසැකවම ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් භාරතය දෙව්ලොවක් කළ යුතු වේ. සියලු දෙනාටම ඔබ මඟ පෙන්විය යුතුය. කිසියම් විරුද්ධතාවයක ප්‍රශ්නයක් නොමැත. මෙම ප්‍රදර්ශන පින්තූර ප්‍රසිද්ධ කරන්නේ කෙසේද සහ පුවත්පත්වල එම පින්තූර පලකරන්නේ කෙසේදැයි ඔබලා අතර සාකච්ඡා කළ යුතුය. භාරතය කෙසේ වැඩි දියුණු කළ යුතුදැයි කොන්ග්‍රස් පක්‍ෂයේ අය එකතු වී සාකච්ඡා කරන සේම, මෙය ගැන සාකච්ඡා කිරීමට ඔබලා අතර සම්මේලනයක් පවත්වන්න. සෑම දෙයක්ම පිළිවෙලට කරන්නේ කෙසේද සහ භාරතයේ නැවත වරක් සාමය සහ සතුට ස්ථාපනය කරන්නේ කෙසේදැයි ඔවුන් සාකච්ඡා කරයි. එම ආණ්ඩුව අඛණ්ඩව එම උත්සාහය දරයි. ඔබගේ පාණ්ඩව ආණ්ඩුව ද මතක් කරයි. මෙය ද ඉතා වැදගත් දේව ආණ්ඩුව වේ. මෙයට පාරිශුද්ධ දේව ආණ්ඩුව යැයි කියයි. පාරිශුද්ධ පියා මෙහි සිට අපවිත්‍ර දරුවන් පාරිශුද්ධ ලොව පාලකයන් බවට පත් කරවයි. මෙය ඔබ දරුවන් පමණක් දනී. ප්‍රධාන දෙයනම් භාරතයේ ආදී සනාථන දේවී දේවතා ධර්මයයි. මෙය රුද්‍රාගේ ඥානය නමැති යාග ගින්න බව ඔබ දරුවන් වටහාගෙන ඇත. පරමාත්ම දෙවියන් වන ශිව පියාට රුද්‍රා යැයි කියයි. පරම පියා සත්‍ය ලෙසම පැමිණ රුද්‍රාගේ ඥාන යාග ගින්න ස්ථාපනය කළ බව මතක් කරති. ඔවුන් ඉතා දීර්ඝ කාලයක් පෙන්වයි. ඔවුන් අඥාන නින්දේ පසුවෙති. පරම පියා දැන් ඔබව අවධි කර ඇත. ඔබ අන් අයව අවධි කළ යුතු වේ. නාට්‍යයේ සැළැස්මට අනුව ඔබ අඛණ්ඩව අන් අය අවධි කර ඇත. ඔබ සියලු දෙනාම මේ කාලය වන තෙක් ගත් යම් උත්සාහයක් වේද, ඔබ පෙර චක්‍රයේ ද එම උත්සාහයම ගත්තේය. ඔව්, යුධ පිටියක ජය හා පරාජය ඇත. සමහර විට මායා බොහෝ බලවත් වේ. සමහර විට දෙවියන්ගේ දරුවන් බොහෝ බලවත් වේ. සමහර විට සේවය ඉතා වේගයෙන් සිදු වන අතර, සමහර විට දරුවන්ට මායාගේ බාධා වලට මුහුණ දීමට වේ. මායා ඔවුන්ව සම්පූර්ණයෙන්ම සිහි නැති කරවයි. මෙය යුධ පිටියක් නොවේද? රාවණ්, මායා, රාමාගේ දරුවන්ව සිහි නැති කරවයි. ලක්‍ෂ්මන්ගේ කතාව ඇත. සියලුම මනුෂ්‍යයන් කුම්භකර්ණ නින්දේ නිදාගෙන ඇතැයි ඔබ පවසයි. දේව සමාජයට අයත් ඔබ මෙය පවසයි. ඥානයේ සූර්යයා හමු වී අවධි වූ අය මෙය වටහා ගනී. එකිනෙකාට කිසිවක් කීමට අවශ්‍ය නැත. දේව සමාජයට අයත් වූ ඔබ, සත්‍යයෙන්ම අවධි වී ඇති බව ඔබ වටහා ගනී. අන් සියලු දෙනාම තවම නිද්‍රාවේය. උත්තරීතර පියා, උත්තරීතර ජීවය දරුවන්ට ඔවුන්ගේ උරුමය දීමට පැමිණ ඇති බව ඔවුන්ට වැටහී නැත. ඔවුන්ට මෙය සම්පූර්ණයෙන්ම අමතක වී ඇත. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරතයට පමණි. ඔහු පැමිණ භාරතය දෙව්ලොව පාලකයා කරවයි. භාරතය දෙව්ලොව පාලකයා වූ බවට කිසිම සැකයක් නැත. උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ උපත ද එහි වේ. ඔවුන් ශිවාගේ උපන් දිනය සමරනවා නොවේද? ඔහු නිසැකවම පැමිණ යම් දෙයක් කරන්නට ඇත. ඔහු නිසැකවම පැමිණ දෙව්ලොව ස්ථාපනය කරන්නට ඇත. උනන්දු කිරීමෙන් ස්ථාපනයක් කළ නොහැක. මෙහිදී ඔබ දරුවන්ට රාජයෝග උගන්වයි. ස්මරණ වන්දනාව ද විස්තර කර දේ. උනන්දු කිරීමෙන් කිසිදු ශබ්දයක් නොපැතිරේ. ශන්කර්ට උනන්දුවක් ඇති වී, යාදවයන් මිසයිල නිර්මාණය කළේ ඉන්පසුව යැයි ඔවුන් විශ්වාස කරති. කෙසේවෙතත්, උනන්දු කිරීමේ ප්‍රශ්නයක් මෙතැන නොමැත. මිසයිල ආදිය නිර්මාණය කිරීම නාට්‍යයේ ඔවුන්ගේ කොටස් අනුව බව ඔබ වටහාගෙන ඇත. මෙය උනන්දු කිරීමේ ප්‍රශ්නයක් නොවේ. නාට්‍යයට අනුව විනාශය සිදුවිය යුතුය. මහා භාරත යුද්ධයේදී මිසයිල් භාවිත කළේය යන්න මතක් කරති. අතීතයේ වූ දේවල් නැවත විය යුතුය. එක් ආගමක් පමණක් ඇති දෙව්ලොවක් භාරතයේ ස්ථාපනය කරන බව සහතික කරයි. බොහෝ ආගම් විනාශයට පත්වන බව ඔබ නොලියයි. දෙව්ලොව ස්ථාපනය කරන විට අන් කිසිම ආගමක් ඉතිරි නොවන බව පින්තූරයේ පැහිදිලිව ලියා ඇත. ඔබ මේ සියලු දේම දැන් වටහා ගෙන ඇත. උසස්ම කොටස්, ශිවා, බ්‍රහ්මා සහ විශ්ණුගේ වේ. බ්‍රහ්මා විශ්ණු වේ, විශ්ණු බ්‍රහ්මා වේ. මේවා ඉතා ගැඹුරු කරුණුය. බ්‍රහ්මා විශ්ණු වන්නේ කෙසේද සහ විශ්ණු බ්‍රහ්මා වන්නේ කෙසේදැයි සිහි නුවණ ඇති දරුවන්ගේ බුද්ධියට ඉතා ඉක්මණින් ඇතුළු වේ. දේවතා සමාජය ද නිර්මාණය වේ, එය එක්කෙනෙකු පමණක් නිර්මාණය කිරීමක් නොවේ. මේවා ඔබ දරුවන් වටහා ගනී. මෙලොව සිටින එකම පුද්ගලයෙකුටවත් මේවා නොතේරෙයි. ඔවුන් ලක්‍ෂ්මි සහ නාරායන සහ විශ්ණුට වඳින නමුත් විශ්ණු, ලක්‍ෂ්මි සහ නාරායනගේ ද්විත්ව ස්වරූපය බවද, නව ලොව රාජධානිය පාලනය කරන අය බවද ඔවුන් නොදනී. කෙසේවෙතත්, කිසිම මනුෂ්‍යයෙකුට අත් 4 ක් නැත. සූක්‍ෂම දේශයේ පෙන්වන ඉලක්කය සහ අරමුණ පවුල් මාර්ගය පෙන්වීමටය. කිසිවකු මුළු ලොවෙහි ඉතිහාසය සහ භූගෝලය නැවත නැවතත් එසේම වන බව නොදනී. ඔවුන් පරමාත්ම පියාව නොදන්නා කළ, ඔහුගේ නිර්මාණය දන්නේ කෙසේද? නිර්මාණයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම ගැන අපට පවසන්නේ පරම පියා පමණි. රිෂිවරු සහ මුනිවරු අප නොදනී යැයි කීහ. ඔවුන් පියාව දැන සිටියානම් නිර්මාණයේ මුල, මැද සහ අග ගැන ද දැන සිටිය හැක. මම එක් වරක් පමණක් පැමිණ ඔබ දරුවන්ට සියලුම ඥානය දුන් පසු මම නැවත නෙඑන්නෙමි යැයි පියා පවසයි. එමනිසා, නිර්මාපක හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ඔවුන් දැනගන්නේ කෙසේද? මම සංගම යුගයේ හැර වෙන කිසිම කාලයක නොපැමිණෙමි යැයි පියාම පවසයි. ඔබ සංගම යුගයේදී මට කතා කරයි. ස්වර්ණම යුගය පාරිශුද්ධ බවත්, යකඩ යුගය අපවිත්‍ර බවත් කියා ඇත. එමනිසා, මම නිසැකවම පැමිණෙන්නේ අපවිත්‍ර ලොව අවසානයේය. මම යකඩ යුගයේ අවසානයේ පැමිණ අපවිත්‍ර අය පවිත්‍ර කරවමි. ස්වර්ණම යුගයේ ආරම්භයේදී සියලු දෙනාම පාරිශුද්ධ වීය. මෙය වටහාගැනීමට ඉතා පහසු දෙයකි. පාරිශුද්ධ පියා පැමිණෙන කාලය ගැන මිනිසුන්ට කිසිවක් තේරුම් ගැනීමට නොහැක. දැන් යකඩ යුගයේ අවසානයයි. ඔවුන් කියන්නා සේ යකඩ යුගයේ අවසානයට තවත් අවුරුදු 40,000 ක් ඉතිරිව ඇත්නම්, ඔබ තවත් කොපමණ අපවිත්‍ර වනවා ඇත්ද? එවිට තවත් බොහෝ දුක ඇති වනවා ඇත. කිසිම සතුටක් නොතිබෙනවා ඇත. ඔවුන් කිසිවක් වටහා නොගන්නා බැවින් ඔවුන් සම්පූර්ණ අන්ධකාරයේය. ඔබට මෙය වැටහේ. ඔබ දරුවන් එකිනෙකා හමුවිය යුතුය. ඔබලා මෙම පින්තූර ඉතා පැහැදිලිව තේරුම් කළ යුතුය. සියලුම පින්තූර නාට්‍යයට අනුව නිර්මාණය කර ඇත. කාලය ගෙවී යන විට නාට්‍යයද එලෙසම වන බව ඔබ දරුවන් වටහා ගෙන ඇත. සමහර දරුවන්ගේ ස්ථිතිය සෙලවේ සමහර විට එය ඉහළ වන අතර, සමහර විට එය පහළය. මෙම කරුණු ඉතා පැහැදිලිව වටහා ගත යුතුය. සමහර විට අශුභ බලපෑම් නිසා එම අශුභ බලපෑම් තුරන් කිරීමට බොහෝ උත්සාහ ගත යුතු වේ. දරුවනි, ඔබ ශරීර අවධානයට පත්වන නිසා සටන් ඇති වේ යැයි බාබා නොනවත්වාම කියයි. මෙහි ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුතුය. ජීවාත්ම අවධානයට පත් වන්න, එවිට ඔබට පරමාත්ම පියා ස්මරණය කිරීමට හැකි වේ. සේවයේ ද ඔබ නොකඩවා වර්ධනය වනවා ඇත. උසස් තත්ත්වයක් ලබා ගැනීමට උවමනා අය නොකඩවා සේවයෙහි නිරත වේ. යම් කෙනෙකුගේ වාසනාවෙහි එය නොමැතිනම්, ඔහුට එම උත්සාහය ගැනීමට නොහැකි වේ. බාබා මට ඥානය ධාරණය කර ගැනීමට නොහැකි යැයි ඔවුන්ම පවසයි. ඔවුන්ගේ බුද්ධියේ ඒවා නොරැඳේ. සියලුම දේ ධාරණය කරගන්නා අය බොහෝ සතුට අත් විඳිති. ශිව බාබා පැමිණ ඇති බව ඔවුන් විශ්වාස කරති. දරුවනි, සියලුම දේ ඉතා පැහැදිලිව අවබෝධ කර ගෙන අන් අයට විස්තර කරන්න. සමහරු සේවයේ නිරත වී නොකඩවා උත්සාහ කරති. සෑම තත්පරයක් ගෙවෙත්ම, එසේම එය නාට්‍යයේ පටිගත වී, එලෙසම නැවත වරක් වන බව ඔබ දරුවන්ට අවබෝධ වී ඇත. බොහෝ නවකයන් පිටත දේශන වලට සවන් දීමට පැමිණෙන බව ඔබට විස්තර කර දී ඇත. ගීතාව, වේදාවන් සහ ආගමික ග්‍රන්ථ අරභයා දේශන පවත්වන බව ඔබ දනී. පියාම මෙහි පැමිණ ඔහුගේ රහස් සහ නිර්මාණයේ මුල, මැද සහ අග අපට විස්තර කරයි. නිර්මාපකවරයාම පැමිණ සියලුම දැනුම ඔබට කියා දෙයි. ඔබව ත්‍රිකාලදර්ශී කරවීම පරම පියාගේ යුතුකම වේ. මෙම කරුණු ආගමික ග්‍රන්ථ වල සඳහන් කර නැත. මේවා අළුත් දේවල්ය. ඔබ කොතැනක ගියත් පළමුවෙන්ම ගීතාවේ දෙවියන්, ශ්‍රී ක්‍රිෂ්ණාද හෝ අශරීරික පියා දැයි විස්තර කර දෙන්න යැයි පියා ඔබට නැවත නැවතත් පැහැදිලි කර දෙයි. ප්‍රොජෙක්ටර් එකකින් මේවා කියා දීමට ඔබට නොහැකිය. ප්‍රදර්ශන වලදී පින්තූර ඔවුන් ඉදිරිපිට තිබේ. ඔවුන්ට විස්තර කර දීමෙන් පසු, ගීතාවේ දෙවියන් කවුද?, ඥාන සාගරය කවුද? යැයි ඔබට ඔවුන්ගෙන් ඇසිය හැකියි. ක්‍රිෂ්ණාට මෙසේ කිව නොහැක. පාරිශුද්ධත්වයේ, සාමයේ සහ සතුටේ සාගරය, ගලවන්නා සහ මඟ පෙන්වන්නා කවුද? පළමුවෙන්ම ඔවුන් ලවා විස්තර පත්‍රිකාවක් පුරවා මේවා ලියවන්න. ඉන්පසු අත්සන් කරන්න කියන්න. (කුරුල්ලන්ගේ හඬක් ඇසෙන්නට වූවා.) බලන්න ඔවුන් කොපමණ රණ්ඩු කරනවාද! මේ කාලයේ මුළු ලොව පුරාම සටන් ඇත. මනුෂ්‍යයන්ද එකිනෙකා සමඟ සටන් කරයි. ඕනෑම දෙයක් වටහා ගැනීමට බුද්ධියක් ඇත්තේ මනුෂ්‍යයන්ට පමණයි. මනුෂ්‍යයන්ගේ පස් පව් මතක් කරයි. සතුන්ට මෙසේ නොකියයි. මෙය කෘෘර ලොවකි. ලොව මනුෂ්‍යයන්ගේය. යකඩ යුගයේ යක්‍ෂ සමාජයත්, ස්වර්ණම යුගයේ දිව්‍යමය සමාජයත් ඇත. ඔබ දැන් සම්පූර්ණ වෙනස වටහාගෙන ඇත. ඔබට ජනයාට මෙය ඔප්පු කළ හැක. ඉනිමගෙහි පින්තූරයෙහි මෙය ඉතා පැහැදිලිව පෙන්වා ඇත. පහළ අපවිත්‍ර අය ද, ඉහළ පාරිශුද්ධ අය ද වේ. එහි මෙය ඉතා පැහැදිලිය. ඉහළට නැඟීම සහ පහළට බැසීම පෙන්වන ප්‍රධාන එක ඉනිමගේ පින්තූරයයි. මෙම ඉනිමගේ පින්තූරය ඉතා හොඳය. මෙය සත්‍යයෙන්ම අපවිත්‍ර ලොවය, දෙව්ලොව පාරිශුද්ධ ලොවය යන්න ජනයාට ඉතා පැහැදිලිවම තේරුම් ගැනීමට හැකිවන ලෙස අප කුමක් මෙහි ලිවිය යුතුද? මෙහි සියලු දෙනාම අපවිත්‍රය. එක් අයෙකුවත් පාරිශුද්ධ නැත. ඔබට රෑ දවල් මෙවැනි සිතිවිලි තිබිය යුතුය. බාබා මම මෙම පින්තූරය සාදන්නදැයි අතම් ප්‍රකාශ් දරුවා ලියයි. ඔබ ඥාන සාගරය මතගා ඕනෑම පින්තූරයක් සාදන්න, එහෙත් ඉනිමගේ පින්තූරය ඉතාමත් හොඳ විය යුතු යැයි බාබා පවසයි. එය සමඟ ඔබට බොහෝ විස්තර කළ හැකි වේ. ඔබ උපත් 84 ක් ගෙන, ඉන්පසු පළමුවන අංකයේ උපත ලැබුවේය. ඉන්පසු පහළ යෑමේ තත්ත්වයේ සිට ඉහළ යෑමේ තත්ත්වයට යා යුතුය. ඔබ සෑම කෙනෙක්ම මේ ගැන සිතිය යුතුය. එසේ නොවේනම් සේවය කළ හැකි වන්නේ කෙසේද? පින්තූර භාවිත කරමින් විස්තර කිරීම ඉතා පහසුය. ස්වර්ණම යුගයෙන් පසු ඔබ ඉනිමගේ පහළට යා යුතු වේ. ඔබලා නළුවන් බව ඔබ දරුවන් දනී. ඔබලා මෙතැනින් මාරු වන විට කෙලින්ම ස්වර්ණම යුගයට නොයයි. ඔබ පළමුව නිශ්ශබ්ද දේශයට යා යුතුය. නාට්‍යයේ රඟපාන නළුවන් යැයි සලකාගන්නා අය අතර ද අංක පිළිවෙලකි. ලොව අන් කිසිවෙකුට ඔවුන් නළුවන් යැයි කිව නොහැක. ඔවුන් නාට්‍යයේ රඟපාන නළුවෝ වුව ද ඔවුන් නිර්මාපක, අධ්‍යක්‍ෂක හෝ නාට්‍යයේ මුල, මැද සහ අග නොදන්නා නිසා ඔවුන් පළමු පංතියේ මෝඩයන් යැයි අප ලියයි. පරමාත්ම දෙවියන් මෙසේ කියයි බ්‍රහ්මාගේ ශරීරය තුළින් ශිව දෙවියන් කතා කරයි. ඥාන සාගරය අශරීරික කෙනාය. ඔහුට ඔහුගේම කියා ශරීරයක් නොමැත. ඉතාමත්ම පැහැදිලිව වටහා ගැනීමට ක්‍රම මේවාය. ඔබ දරුවන්ට බොහෝ කුල්මත් බවක් තිබිය යුතුය. අපි කිසිවෙකුට අපහාස නොකරන්නෙමු. මේවා නිවැරදි දේය. ඔබට ජ්‍යෙෂ්ඨ සියලුම අයගේ පින්තූර මුද්‍රණය කළ හැකිය. ඉනිමගේ පින්තූරය ඔබට ඕනෑම කෙනෙකුට පෙන්විය හැකිය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. භාරතයේ සාමය සහ සතුට ස්ථාපනය කර, භාරතය දෙව්ලොවක් කිරීමට ඔබලා අතර සම්මන්ත්‍රණයක් පවත් වන්න. ශ්‍රීමත් අනුගමනය කර මේ ආකාරයෙන් භාරතයට සේවයක් කරන්න.

2. සේවය වැඩි කිරීමට සහ සේවය කිරීමෙන් උසස් ස්ථිතියක් ලබා ගැනීමට ජීවාත්ම අවධානයේ සිටීමට උත්සාහ ගන්න. ඥාන සාගරය කලතන්න.

වරදානය:
ඔබ, ඔබගේ ශ්‍රේෂ්ඨ ධාරණාව තුළ අත්හැරීම තිබීමෙන්, භාග්‍යය අත්විඳින සැබෑ අත්හරින්නෙක් වේවා.

බ්‍රහ්මණයන්ගේ ශ්‍රේෂ්ඨ ධාරණය, සම්පූර්ණ පාරිශුද්ධත්වයයි. මෙම ධාරණය ගැන මෙසේ සිහි කර තිබේ ඔබට මියැදීමට සිදු වුණත් ඔබ ඔබගේ පොරොන්දුව කඩ නොකරයි.ඕනෑම ආකාරයක අවස්ථාවකදි, ඔබට යමක් අත්හරින්නට සිදු වුණත්, යමක් දරා ගැනීමට සිදු වුණත්, යම් විරුද්ධතාවයකට මුහුණ දීමට සිදු වුණත්, මෙම ධාරණාව රැකගැනීමට එඩිතරකම තිබීම අවශ්‍ය වුණත්, එය සතුටින් කරන්න. අත්හැරීම, අත්හැරීමක් ලෙස නොසලකන්න, ඒ වෙනුවට එය භාග්‍යයක් බව අත්දකින්න එවිට ඔබ සැබෑ අත්හරින්නෙක් ලෙස හැඳින්වෙයි. එවන් ධාරණාවක් ඇති අය, සැබෑ බ්‍රහ්මණයන් ලෙස හැඳින්වෙයි.

පාඨය:
ඔවුන්ගේ සියලුම බලයන් නිසියාකාරව තබාගන්නා අය, මාස්ටර් සර්ව බලධාරීන්ය.