20.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ පරම පියාගේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් යන අදෘෂ්‍යමාන සතුට ඔබට තිබිය යුතුයි. එසේම ඔබ අනාගත නව ලොවේ ප්‍රාප්තයන් ලබන්නට ඉගෙන ගනිමින් සිටී.

ප්‍රශ්නය:
දිව්‍යමය ගුණධර්ම උකහා ගත හැකි කුමන අවධානයක් නිරන්තරයෙන්ම ඔබට තිබිය යුතුද?

පිළිතුර:
අප ජීවයන් ශිව් බාබාගේ දරුවන්ය. අපව කටු බවෙන් මල් බවට හරවන්නට පරම පියා ඇවිත් සිටිනවා. මෙම අවධානය නිරන්තරයෙන් තබා ගන්න. එවිට ඔබට දිව්‍යමය ගුණධර්මයන් උකහා ගැනීමට හැකි වේවි. පාපයේ ප්‍රහාරයක් ඔබට එල්ලවුණු ඕනෑම විටෙක, ඔබ කටුවක්ය යන වගත් එසේම ඔබ මලක් වෙන්න ඕනෑ වගත් මතක තබා ගන්න.

ඕම් ශාන්ති.
ඔබ ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයක අසුන්ගෙන සිටින බව ඔබ දරුවන්ගේ බුද්ධියෙහි ඇත. මෙම කුල්මත්භාවය ඔබට තිබිය යුතුයි. ඔබ පාසැලක සාමාන්‍ය අයුරින් සිටියාක් මෙන් මෝඩයන් මෙන් මෙහි නොසිටිය යුතුයි. දරුවන් හුඟ දෙනෙක් මෙහි මෝඩයන් මෙන් හිඳී. මෙය අති උසස්ම පරමාත්ම පරම්පිතාගේ විශ්ව විද්‍යාලය බවත් අප ඔහුගේ ශිෂ්‍යයන් බවත් ඔබ මතක තබා ගත යුතුයි. එබැවින්, ඔබ බොහෝ ආධ්‍යාත්මික කුල්මත්භාවය ඇතිව සිටිය යුතුයි. මෙය අදෘෂ්‍යමාන සතුටය. අදෘෂ්‍යමාන දැනුමය. සෑම අංගයක්ම අදෘෂ්‍යමාන වේ. ඔබලාගෙන් බොහෝ දෙනෙකුට මෙහි සිටිනා අතරේත් පිටත කිළිටි සිතිවිලි ඇත. නව ලොවේ ප්‍රාප්තයන් ලබන්නට ඔබ මෙහි ඉගෙන ගනී. එබැවින් ඔබට බොහෝ සතුට ද, එමෙන්ම දිව්‍යමය ගුණධර්මයන් ද ඇතිවිය යුතුයි. මෙහි පැමිණෙන්නේ බ්‍රහමින්වරු පමණයි. ඔබ සියලු කුණු කසල ඉවත ලා මෙහි පැමිණ සිටියි. එබැවින්, ඔබලා දැන් බොහෝ සතුටින් සිටිය යුතුයි. මේ කාලයේ මුලු ලොවම සිටින්නේ කුණු ගොඩකය. යකඩ යුගයේ කුණු කසල සහ ස්වර්ණම යුග මල් උයන අතර වෙනසක් තිබෙනවා. යකඩ යුගයේ ඔවුන් එකිනෙකා නොකඩවා කටු මෙන් ඇන ගනිති. ඔබ දැන් මල් බවට පත්විය යුතුයි. එබැවින් විශාල සතුටක් ඇතිවිය යුතුයි. ඔබ දැන් මල් බවට පත්වෙමින් සිටිනවා. මෙය මල් උයනකි. පියාට මල් උයනේ ස්වාමියා කියති. උයනේ ස්වාමියා ඇවිත් කටු වු අපව මල් බවට වෙනස් කරයි. ඔබ මොන මල් බවටද පත් වන්නේ යන අවබෝධය ඔබට තිබිය යුතුයි. මෙහිද මල් වත්තක් තිබෙනවා. මුරලියට සවන් දීමෙන් පසුව එම මල් වත්තට ගොස් ඔබව එහි මල් සමඟ සසඳා බලා ඔබ මොන මල් වර්ගයද, එසේ නැත්නම් තවමත් ඔබ කටුවක්ද කියා ඔබෙන්ම අසන්න. ඔබ කෝපයට පත්වන විට ඔබ කටුවක්ය කියා දැනගත යුතුයි. එසේම ඔබ තුළ එම දුෂ්ට ශක්තිය තවමත් ඇති බව අවබෝධ කළ යුතුයි. ඔබට බොහෝ නීරසයක් ඇතිවිය යුතුයි. කෝපය බොහෝ අය ඉදිරියේ පෙන්විය හැකියි. එනමුත් සැම ඉදිරියේ පාපයේ ගැලීම කෙනෙකුට කළ නොහැක. මන්ද, එය කෙරෙන්නේ රහසිනි. කෝපය බාහිර වශයෙන් මතු වී පෙනේ. කෙනෙක් කෝපයට පත් වු කල එහි බලපෑම දින කිහිපයකට පවතී. කෝපයේ බලපෑමක් ඇත. එසේම තණ්හාවේද බලපෑමක් ඇත. ඔබ වෙනුවෙන් නීරසයක් තිබිය යුතුය. බාබා ඔබව මල් බවට පත් කරමින් සිටින බව ඔබට වැටහේ. රාගය සහ කෝපය ඉතා අපවිත්‍රය. ඒවා මනුෂ්‍යයන්ගේ සියලු සුන්දරත්වය විනාශ කර දමයි. මෙම සුන්දරත්වය ඔබ මෙහිදී පෙන්වූවොත් පමණයි ඔබ එහිදී සුන්දරත්වය ලබනවා ඇත්තේ. පරම පියා දිනපතාම ඔබ දරුවන්ට පැහැදිළි කරනවා, ඔබ දිව්‍යලෝකයට යාමට සිටිනා නිසා දිව්‍යමය ගුණධර්ම උකහාගත යුතුයි කියා. මදක් බලන්න ලක්ෂ්මී හා නාරායන් දෙස ඔවුන් කොපමණ ගුණාත්මකව සිටිනවාද කියා. මිනිසුන් ඔවුන් ඉදිරියට ගොස් වර්ණනා ගයන්නේ අප නීච වූ පාපීහූ වේ. ඔබලා සියලු ගුණදම් වලින් පරිපූර්ණ වූවන් වේ. දිව්‍යලෝකය මල් උයනකි, එවිට අපාය කටු කැලයකි කියා ඔබ විස්තර කරයි. දිව්‍යලෝකය නිර්මාණය කරන්නේ ශිව් බාබා විසිනි. එවිට, අපාය නිර්මාණය කරනුයේ රාවණ් විසිනි. ඔබ සිතිය යුතුයි මම පරම පියාගේ දරුවෙක්මි. ඒ හෙයින් අපවිත්‍ර දේ මා තුළට ඇතුල් වූයේ කොහොමද ? ඔබේ ඇතුලත අපවිත්‍ර දේ ඇත්නම්, එවිට ඔබ පියාගේ නාමයට අවමන් කරයි. ඔබ කෝප වූයේ නම්, එහි තේරුම ඔබ පියාවම අවමන් කිරීම වේ. දුෂ්ට ශක්තියක් වූ කෝපය ඔබ තුළට ඇතුල් වුණොත් ඔබට පියා අමතක වේ. ඔබ පියා මතක් කළ විට කිසිම දුෂ්ට ශක්තියකට ඔබ තුළට ඇතුල් විය නොහැක. ඔබ කෙනෙකුගේ හදවත රිදවූයේ නම්, එහි බලපෑමත් රැඳේ. එක් වරක් ඔබ කෝපයට පත් වුණත් එය අන් අයගේ බුද්ධියෙහි හය මාසයකටවත් ඔබ කෝප වන කෙනෙක් යන්න රැඳී තිබේ. ඔවුන්ගේ හදවතින් එම පුද්ගලයා නෙරපා හරිති. එම ජීවය බාප්දාදාගේ හදවතිනුත් ඉවත් කෙරේ. මේ දාදා ලොවේ අධිපතියා වෙනවා. ඔහුට ද බොහෝ විශේෂතා ඇත්තෙන්ම තිබෙන්න ඕන. කෙසේවෙතත්, එය කෙනෙකුගේ වාසනාවේ නැත්නම්, ඔහු උත්සාහ කරන්නේ නැහැ. එය එවන් පහසු උත්සාහයයි. පරම පියා සිහිපත් කරන්න. එවිට ජීවය පිරිසිඳු වේවි. වෙනත් කිසිම ක්‍රමයක් නැත. මෙකල රාජ රිෂීවරු නැත. ඔබට රාජයෝග උගන්වනු ලබන්නේ එකම එක පරම පියා විසිනි. මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන්ව හරිගැස්සිය නොහැකිය. පරම පියා ඇවිත් සියල්ලන්වම යළි හැඩගන්වයි. මුලුමනින්ම ප්‍රතිසංස්කරණය වූවන් ස්වර්ණමය යුගයේ මුලින්ම ඇතුල්වන්නන්ය. ඔබට යම් නරක පුරුදු ඇත්නම්, ඔබ ඒවා අත්හළ යුතුයි. ඔබ මෙම දැනුමට හා යෝගාවට පූර්ණ අවධානය යොමු කළ යුතුයි. ඔබ සැමටම එක සමාන මට්ටමින් උසස් වීමට නොහැකි බවත් ඔබ දනී. කෙසේවෙතත්, පියා ඔබට උත්සාහ කිරීමට උනන්දු කරවයි. ඔබට හැකි ප්‍රමාණයට උත්සාහ දරා ඉහළ තත්ත්වයක් ලබන්න. එසේ නොවන්නට, චක්‍රයක් චක්‍රයක් පාසාම ඔබට එය ලබා ගැනීමට නොහැකි වේ. බාබා නැවත නැවත ඔබට පැහැදිලි කරයි පරම පියා ස්මරණය කරන්න. එවිට ඔබේ අපවිත්‍රතා ඉවත් වී යාවි. එම සන්යාසීන් හතයෝගා උගන්වති. එම හතයෝගා වලින් ඔබේ නිරෝගී බව වර්ධනය කළ හැකි වේ යැයි ද, ඔබ කිසිවිට ලෙඩ නොවන්නේ යැයි ද නොසිතන්න. නැහැ. ඔවුනුත් ලෙඩ වෙනවා. භාරතයෙහි ලක්ෂ්මී හා නාරායන්ගේ රාජ්‍යය තිබූ කල සැමටම දීර්ඝායුෂ සමඟ ඔවුන් නිරෝගීව, ධනවත්ව සිටියා. කෙසේවෙතත්, දැන් සියල්ලන්ගේම ආයුෂ ඉතා කෙටිය. භාරතය එසේ සෑදුවේ කවුද කියා කිසිවෙකු නොදනී. මිනිසුන් ඝණ අන්ධකාරයේය. ඔබ කොපමණ පැහැදිලි කළා වුවත් ඔවුන්ට එය වටහා ගැනීම ඉතා අපහසු වේ. එය වටහාගන්න උත්සාහ ගන්නේ දුප්පත් සාමාන්‍ය ජනයාය. මෙහි ලක්‍ෂපතියෙකු සිටීද? මෙකල මිලියනයක් යනු ලොකු ගණනක් නොවේ. දැන් ලක්‍ෂපතීන් බොහෝ ඇත. බාබා ඔවුන්ටත් සාමාන්‍ය අය කියා කියනවා. අද කෝටිපතීන් වූවන් ගැනයි කියන්නේ. ඔවුන් මඟුල් උත්සව වලට බොහෝ සේ වියදම් කරති. ඔබ දක්ෂ ලෙස හීය ඉලක්කයට වදින අයුරින් පැහැදිලි කරන්න ඕන. මන්ත්‍රී කෙනෙක් වැනි වැදගත් කෙනෙක් පැමිණි විට ඔවුන් සතුටට පත් වනවා. ඒ වුණත් ශබ්දයක් නඟන්න තරම් එක්කෙනෙකුටවත් ශක්තියක් නැත. ඔබ ඔවුන්ට පැහැදිලි කළා වුවත්, ඔවුන් සෑම දේම සම්පූර්ණයෙන් තේරුම් නොගනී. අති උසස්ම කෙනා දෙවියන්ය. එවිට අති උසස්ම ප්‍රාප්තය මෙය වේ. ලක්ෂමී සහ නාරායන්ට මෙම දිව්‍යලෝක ප්‍රාප්තය දුන්නේ කවුද යන්න හෝ ඔවුන් සිටින්නේ කොහේද යන්න බොහෝ අය නොදනී. බොහෝ අය වටහා ගන්නට කෞතුකාගාරයට යති. එහි සේවය සඳහා ඉතා හොඳ අවස්ථාවක් තිබෙනවා. නමුත් දරුවන් විනය ඇතිව ඉගෙන නොගනී. ඔවුන් පියා හා යෝගා නොකරති. කිසිවකුත් තවමත් පිරිපුන් වී නැත. ඔවුන් අනුපිළිවෙලින් සිටී. ඔබ හුදෙකලාවේ හිඳ පියා ස්මරණය කළ යුතුයි. අප එවන් පියාගෙන් අපගේ දිව්‍යලෝක ප්‍රාප්තය ලබනවා. මෙම ලොවේ ඉතා අපවිත්‍ර වූ අය අපමයි. එසේම නැවත පවිත්‍ර විය යුත්තේ අපමයි. මෙය ඉතා හොඳින් මතක තබා ගන්න. පරම පියා බොහෝ දේවල් මත උපදෙස් නොකඩවා දෙයි මෙය කරන්න, එය කරන්න කියා. වික්ටෝරියා මහ රැජිනගේ උපදේශකවරයා ඉතාමත් දුගී කෙනෙකි. වීදියේ ලයිට් කනූවක් යට හිඳ ඔහු අතිශයින් මහන්සි වී ඉගෙන ගෙන බොහෝම උසස් තනතුරක් ලැබුවා. ඔහුට එම කැමැත්ත තිබුණා. මෙය ද දුප්පතුන් සඳහා වේ. පියා දුප්පතුන්ගේ ස්වාමියාය. ධනවතුන්ට දෙවියන් සිහි කළ හැක්කේ කෙසේද? ඔවුන් කියයි අපට මෙහි දිව්‍යලෝකය ඇත. ඕ! ඇත්තද? එහෙත් බාබා තවමත් දිව්‍යලෝකය ස්ථාපනය කරළා නැහැ ඔහු එය දැන් කරමින් සිටියි. එමනිසා, ඔබ පරම පියා ස්මරණය කළ යුතුය. ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ වෙන්න ඕන. භාරතයේ ආදීම යෝගාව ඉගැන්විය හැක්කේ පරම්පිතා පරමාත්මාට පමණක්ම මිස අන් කිසිවෙකුට නොහැකිය යන්න මිනිසුන්ට අවබෝධ කරවීමේ ක්‍රම ඔබ දරුවන් සෙවිය යුතුයි. හතයෝගා ඇත්තේ සන්යාසී මාර්ගයේ අයටයි. යම් කෙනෙක් යහපත ලබයිද, ඒ අනුව ඔහුගේ අදහස් ඔහු විසින් ලියනු ඇතැයි පියා නිතරම පැහැදිලි කරනවා. කෙසේවෙතත්, ඔහුගේ ඉහළ නැඟීමේ කාලය පැමිණ නැත්නම් එය ඔහුගේ බුද්ධියට ඇතුල් නොවේ. ඔබට ඇත්තේ දේව මෙහෙයුමයි. ඔබ විසින් මනුෂ්‍යයන් දේවතාවන් බවට පත් කිරීමේ සේවය කළ යුතු වේ. මෙලොවෙහි විවිධ අදහස් නොකඩවා මතුවෙමින් තිබේ. ඒවායේ විදහාපෑම් විශාල වශයෙන් ඇත. එහි අන්ධ විශ්වාස බෙහෙවින් ඇත! ඒ දිවා රැයේ වෙනස ඇත. ඔබ බ්‍රහමින්වරු අතරේත් දිවා රැයේ වෙනසක් තිබේ. ඔබ අතරින් ඇතැම් අයට කිසිවක් නොතේරේ. ඔබව ජීවයන් වශයෙන් සලකා පරම පියා ස්මරණය කිරීම ඉතා පහසු වේ. ඔබේ පාපයන් එවිට කපා හැරේ. දිව්‍ය ගුණදම් උකහා ගන්න. එවිට, ඔබ දේවතාවක් වනවා ඇත. මෙම හඬ නොකඩවා පතුරවන්න. ඔබට ශරීර අවධානය නොමැත්තේ නම්, බෙරයක් කරේ එල්ලා ගන්න පුලුවනි. එයට ගසමින්, සැමටම පරම පියා ඇවිත් සිටිනවා කියා කිව හැකියි. එසේම ඔහු කියනවා මා පමණක් ස්මරණය කරන්න. එවිට ඔබ අපවිත්‍ර බවෙන් පවිත්‍ර බවට පත්වේවි. ඔබ සෑම නිවසටම මෙම පණිවුඩය දිය යුතුයි. සියල්ලන්ම දැන් මලකඩ වී සිටිනවා. මුලු ලොවම තමෝප්‍රධාන් වී සිටියි. ඔබ අනිවාර්යෙන්ම සැමටම පියාගේ පණිවුඩය දිය යුතුයි. අවසානයේදී ඔබේ නාම කීර්තිමත් වනවා ඇත. ඔවුන් කියාවි අපව අවදි කරන්නට ඔවුන් කෙතරම් මහන්සි වුණාද, නමුත් අප අවදි වුණේ නැතැයි කියා. නිදියමින් සිටි අය පාඩුත් අවදියෙන් සිටි අය ලාබත් ලබති. පරම පියා ඇවිත් ඔබට රාජධානියක් දෙනවා. එහෙත් ඔබ එය අහිමි කරගනී. ඔබ සේවය කිරීම සඳහා ක්‍රම සොයාගත යුතුය. පරම පියා දැන් ඇවිත් කියනවා මා පමණක් ස්මරණය කරන්න. එවිට ඔබේ පව් නැති වී යාවි. පවිත්‍ර වන්න. එවිට ඔබ පවිත්‍ර ලොවේ අධිපතීන් බවට පත් වේවි. ඔබ ස්මරණය නොකළේ නම්, ඔබේ පව් කැපී යන්නේ නැහැ. උසස් තනතුරක් ඔබට ලබා ගැනීමට හැකි වනුයේ මලකඩ රහිත වූ විටය. එසේ නැතිනම්, ඔබට දඬුවම් විඳින්නට සිදුවන අතර පහත් තත්ත්වයක් ද ලැබේවි. සේවය කිරීම සඳහා ඉඩකඩ බොහෝ ඇත ඔබ යන තැන්වල සේවය සඳහා පෝස්ටර් රැගෙන යන්න. ඔබ එම පින්තූර නොමැකෙන අයුරින් සෑදිය යුතුයි. මෙම පින්තූර බොහෝම හොඳයි. ආකෘති සෙල්ලම් බඩු සේය. වැදගත් මිනිසුන්ගේ සිතුවම් තිබෙනවා. එය වසර දාහක් පමණ පවතීවි. ඇත්තෙන්ම, ඔබට පෝස්ටර් හයක් සෑහේ. ලෝක චක්‍රය කැරකෙන්නේ කොහොමද? එම චක්‍රය ස්මරණය කිරීමෙන් ඔබ භූමියට අධිපතීන් වන්නේ කොහොමද කියාත් ඔවුන්ට පැහැදිළි කරන්න. බැජ් එක පවා ඉතා හොඳයි. එහෙත් ඔබ දරුවන් බැජ් එක අගය කරන්නේ නැහැ. මෙය නොකඩවා පැහැදිලි කරමින් සිටින විට ඔබට ලොකු ආදායමක් ඉපැයීමට හැකි වේ. මෙම බැජ් එක එවන් එකකි. ඔබට එය පැළඳගෙන පැහැදිළි කළ හැකියි මේ බාබා වේ. ඔහු මේ බ්‍රහ්මා තුළින් ඔබේ ප්‍රාප්තයන් ලබා දේ. ඔබට දුම්රියේ පවා සේවය කළ හැකිය. කුඩා දරුවන්ට පවා මෙය කළ හැකිය. කිසිවකු මෙයට විරුද්ධ නොවේ. සියල්ල අන්තර්ගත වූ මෙම බැජ් එක එවන් එකකි. ඒ තුළ දියමන්ති, මුතු, මල්, පළතුරු සහ මාළිගා ඇත. කෙසේවෙතත්, මෙය දරුවන්ගේ බුද්ධි වලට ඇතුල් වන්නේ නැහැ. බාබා බොහෝ වාරයක් කියා තිබෙනවා මෙම පින්තූර ඔබ සමඟ ගෙන යන්න කියා. ඔව්, මිනිසුන් විවේචනය කරාවි. ක්‍රිෂ්ණා ද අපහාසයට ලක්වී ඇත. ඔහු ස්ත්‍රීන්ව සොරා ගත් බවත් අනතුරුව ඔවුන්ව මහ රැජිණියන් බවට පත්කළ බවත් කියා තිබෙනවා. නැද්ද? ලොවේ අධිපති බවට පත්වන කෙනෙකුට එවැනි දෙයක් කළ හැකිද? මෙම දැනුමේ මාර්ගය ගැන විශාල කුල්මත්භාවයක් ඔබට තිබිය යුතු වේ. අපට ඉතාමත් ඉක්මණින් විනාශය සිදුවීම අවශ්‍යයි. කෙසේවෙතත්, අනතුරුව ඔබ කියයි ඕහ් ! අපගේ බාබා අප සමඟ සිටිනවා අප දැන් බාබා අත්හැරියොත් නැවත හමුවනවා ඇත්තේ වසර 5000කට පසුවයි. එවන් බාබාගෙන් අප සමුගන්නේ කෙසේද? අප දැන් බාබාගෙන් ඉගෙන ගන්නවා. මෙම බ්‍රහමින් උපත ඔබේ උසස්ම උපත වේ. ඔහු එවන් වූ පියෙකි. ඔහු අපට අධිරාජ්‍යයක් ලබා දෙනවා. අප ඔහුව ආයෙත් හමුවන්නේ නැහැ. කෙසේවෙතත්, ගංගා ඉවුරේ සිටින්නන් එය වෙනත් තැන්වල සිටින්නන් තරම් අගය කරන්නේ නැහැ. අන් අය බොහෝ වැදගත් කමක් එයට දක්වයි. මෙහිද, පිටත සිටින්නන් බාබාට තමන්ව කැප කරනවා. කෙසේ හෝ, ඔබට යෝග බලය නැතිනම්, එවිට ඔබ අන් අයට පැහැදිළි කරන විට බලපෑමක් ඇති නොවනවා ඇත. ඔවුන් කිසිවක් වටහා නොගනී. බොහෝ දරුවන් මෙහි ඇවිත් හෝ ලියා කියන්නේ, තමන් මේ අයුරින් අන් අයට පැහැදිලි කළා. ඒ අය බොහෝම හොඳයි කීවා යනුවෙනි. කෙසේවෙතත්, බාබාට එවිට වැටහෙනවා, ඒ අය සවන් දුන්නාට කිසිවක් ඇසී නැති බව. එනම්, ඔවුන් කොහෙත්ම කිසිවක් තේරුම්ගෙන නැති බව බාබාට වැටහේ! ඔවුන් පරම පියාව පවා හඳුනාගෙන නැත. ඔවුන්ට යම් දෙයක් වැටහුණේ නම් ඔවුන් පියා සමඟ සම්බන්ධතාවයට එනවා ඇත. අවම වශයෙන් ලියුමක් හෝ ලියාවි. ඔවුන් ඔබෙන් එසැනින්ම අසනු ඇත කියන්න, එවන් පරම පියාට ලියන්නේ කොහොමද කියා. ලියුමක්, බ්‍රහ්මා බාබා බාරේ, ශිව් බාබාට කියා ලිවිය යුතුය. එවිට ඔවුන් එසැනින්ම බාබාට ලියා තිබේවි. මොහු, බ්‍රහ්මා, ශිව් බාබාගේ රථයයි, වඩාත් අගයෙන් යුත් කෙනා මොහු තුළට ඇතුල් වන්නා වේ. බොහෝ දරුවන්ගේ උගුර කට ඔවුන් සේවය කරන විට වෙහෙසට පත්වේ. ඒ ඔවුන්ට යෝගා නැති නිසාය. ඔවුන්ගේ ඊතල කිසිවෙකුටත් නොවදී. මෙයට නාට්‍යය කියා කියති. ඔවුන් බාබා කවුද යන්න තේරුම් ගත්තේ නම්, ඔහුව හමු නොවී සිටිය නොහැකි වේ. ඔබට දුම්රියේ යෝගයුක්තව ගමන් කළ හැකිය මම බාබා වෙත යමි. මිනිසුන් පිට රටකින් ආපසු එනවිට, ඔවුන් තමන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් මතක් කරති. එහෙනම්, ඔබ මෙහි ආවේ කවුරු බලන්නද? මෙහි ඔබ ගමන් කරමින් සිටින විට, බොහෝ සතුටින් සිටිය යුතුයි. ගමන් මඟ සේවය කරන්න. බාබා සාගරය වේ. ඔබ දරුවන් ඔහුව අනුගමනය කරනවා දුටු විට, ඔබ තුළ එම දැනුමේ රැළි මතුවනවා දුටු විට ඔහු බොහෝ සතුටට පත් වේ. ඔහු සිතයි මොහු බොහෝම හොඳ කෙනෙක්, වටිනා දරුවෙක්. උදෑසන මුල් හෝරාවල් වල ස්මරණ වන්දනාවේ සිටීමෙන් බොහෝ යහපත ලබාගත හැකි වේ. උදෑසන පමණක් බාබාගේ ස්මරණයේ හිඳිනවා නොවේ. ඔබ ස්මරණයේ හිඳිමින් ගමන් කරමින් සේවයේ යෙදෙන්නේ නම්, කතා කරමින් සහ ආහාර අනුභව කරමින් ස්මරණයේ සිටින්නේ නම්, එවිට ඔබ ස්මරණ වන්දනාව මත සිටිනවා ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිවෙකුගේ හදවත නොරිදවන්න. ඔබ තුළ දුෂ්ට ගතියක් තිබේද කියා සෝදිසි කර එසේ ඇත්නම්, එය ඉවත් කරන්න. මලක් වී සැමට සතුට දෙන්න.

2. ඔබ දැනුම් සාගරයේ දරුවන්ය, එනිසා, දැනුම් රැළි නිරන්තරයෙන් ඔබ තුළ මතු වෙමින් තිබිය යුතුයි. සේවය කිරීම සඳහා මාර්ග සොයන්න. ඔබ දුම්රියේදී සේවය කළ යුතුයි. එසේම පාරිශුද්ධ වීම සඳහා ස්මරණ වන්දනාවෙහිත් රැඳී සිටිය යුතුයි.

වරදානය:
ඔබ ස්මරණයේ හා සේවයේ සමතුලිතතාවයක් පවත්වා ගනිමින් පරමාත්ම පියාගේ උපකාරය අත්විඳ ආශීර්වාද ලබා ගැනීමට සුදුසු ජීවාත්මයක් බවට පත් වේවා.

ඔබ ස්මරණයේ හා සේවයේ සමතුලිතතාවයක් තබා ගන්නා විට, එනම්, සමානාත්මතාවය ඇති විට, ඔබ විශේෂයෙන් පරමාත්ම පියාගේ උපකාරය අත්විඳියි. බාප්දාදා අනෙකුත් ජීවාත්මයන් මෙන් ආශිර්වාද නොකරන නමුත් මෙම උපකාරයම ආශිර්වාදයක් වේ. පරමාත්ම පියා අශාරීරික බැවින් ඔබට බාප්දාදාගේ ආශිර්වාදය සහ ඔහුගේ උපකාරය පහසුවෙන් සහ ස්වභාවිකව ලැබෙනු ඇති අතර, එමඟින් කළ නොහැකි දේ කළ හැකි වනු ඇත. මෙම උපකාරය යනු ආශීර්වාද ලබා ගැනීමයි. ඔබ එවැනි ආශිර්වාදයන්ට සුදුසු ජීවාත්ම වන අතර ඔබ ඔබේ සෑම පියවරකදීම කෝටි ගණනක ආදායමක් උපයා ගනී.

පාඨය:
සකාෂ් ලබා දීම සඳහා, නොනැසී පවතින සතුට, සාමය සහ සැබෑ සෙනෙහස තොගයක් එකතුකර ගන්න.