20.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, කිසිවිටෙක මෙම ආධ්‍යාත්මික අධ්‍යාපනය අතපසු කරන්න එපා. ඔබට ලෝක රාජ්‍යය හිමිකර ගත හැකි වන්නේ මෙම අධ්‍යාපනය මඟිනි.

ප්‍රශ්නය:
ඔබ කිසිම විටෙක මෙම අධ්‍යාපනය අමතක නොකරන්නේ ඔබ තුළ තිබෙන්නා වූ කුමන ස්ථිර විශ්වාසය නිසාද?

පිළිතුර:
පරමාත්ම දෙවියන් ගුරුවරයෙකුගේ ස්වරූපයෙන් ඔහු විසින්ම ඔබට උගන්වනවා යන විශ්වාසය ඔබ තුළ තිබේනම්, මෙම අධ්‍යාපනය මාර්ගයෙන් ඔබට මුළු ලෝක රාජ්‍යයම හිමිකර ගත හැකි බවටත්, ඔබට උසස් තත්ත්වයක් හිමිකර ගත හැකි බවටත්, දෙවියන් ඔබව ඔහුත් සමඟ රැගෙන යනවා යන විශ්වාසයත් ඔබ තුළ තිබේනම්, ඔබ කිසිම විටෙක මෙම ඉගෙනීම අතපසු නොකරනු ඇත. විශ්වාසය නොමැති වුවහොත්, ඔබ අධ්‍යාපනයට එතරම් අවධානය යොමු නොකරන අතර, එය අතපසු කරනු ඇත.

ගීතය:
අපගේ වන්දනා ගමන අසහායයි...

ඕම් ශාන්ති.
සුමිහිරි දරුවනි, අතීතයේදීත් ඔබ සත්සන් වලට ගිහින් තිබෙනවා. දැනුත් ඔබ එම අත්දැකීම ලබනවා. අතීතය යනු මෙම සත්සන් පන්තියට පැමිණීමට ප්‍රථම ඔබ බුද්ධිය තුළ තිබුණු දෙයයි. කොහොමනමුත්, දැන් ඔබ බුද්ධිය තුළ තිබෙන්නේ කුමක්ද? ඔබට දිවා රෑ මෙන් වූ වෙනසක් දැකගත හැකියි. සාමාන්‍ය සත්සන් වලදී ඔබ කරන්නේ ඔවුන් කියනා දේට සවන් දෙමින් සිටීම පමණයි; හදවත තුළ ඒ කෙරෙහි කිසිම ආශාවක් ඇත්තේ නැහැ. ඔබ එම සත්සන් වලට ගියේ ආගමික ග්‍රන්ථ වල තිබෙනා කියුම් දෙක තුනක් අහගෙන ඒමටයි. සාමාන්‍ය පාසැලක ශිෂ්‍යයන් අහවල් අහවල් විභාගය සමත් වීමෙන් තමා ඉංජිනේරුවරයෙක් හෝ නීතීඥවරයෙක් බවට පත්වන බව වටහා ගන්නා සේම ඔබත් දැන් බාප්දාදා ඉදිරියේ අසුන්ගෙන ඔහුගෙන් දිව්‍ය ලෝකයේ උරුමය හිමිකර ගැනීම උදෙසා ඥානය හා යෝගා ඉගෙන ගන්නා බවත්, එමඟින් ලබන්නා වූ තත්ත්වයත් වටහාගෙන තිබෙනවා. ජීවාත්මය තමයි මෙසේ සිතන්නේ: මෙම අධ්‍යාපනය ලැබීමෙන් මම මේ මේ තත්ත්වයන්ට පත් වෙමි. සත්සන් පන්තියක, ළඟා වීමට තැත් දැරීමට කිසිම ඉලක්කයක් ඇත්තේ නැහැ. යමෙක් යමක් ලබා ගැනීමට ආශා කරනවා නම්, ඒ තාවකාලික කාලයක් සඳහා පමණයි. මිනිස්සු පූජක තුමන්ගෙන් හෝ ශාන්තුවරුන්ගෙන් ආශීර්වාද ඉල්ලනවා. භක්ති කිරීමෙන් හෝ සත්සන් වලට යාමෙන් පසු ඔබ දැන් මෙම ඉලක්කය වෙත ළඟා වී සිටිනවා. අප දැන් බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. ජීවාත්මයට තිබෙන්නේ එකම එක ආශාවකි. ඒ, පරම පියාගෙන් උරුමය හිමිකර ගැනීමයි. අනෙක් සත්සන් පන්ති වල උරුමයක් ලබාගැනීමක් කියා දෙයක් ඇත්තේ නැහැ. පාසල් වල පවා උරුමයක් ලබා ගැනීමක් කියා දෙයක් ඇත්තේ නැහැ. එහි ඉන්නේ ඔබට ඉගැන්වීමට ගුරුවරයෙක් පමණයි. උරුමයක් ලබා ගැනීමට ආශාවක් තිබෙන්නේ දරුවන් වන ඔබ තුළ පමණයි. බාබා ඇත්තෙන්ම, ඒ උත්තරීතර දනව්වේ සිට ඔබට නැවතත් ඒ නිරන්තර සතුටේ ස්ව අධිකාරීත්වය ලබා දීම උදෙසා පැමිණ සිටිනවා. මෙය අනිවාර්යෙන්ම දරුවන්ගේ බුද්ධිය තුළ පතිත වනවා. බාබා ඉදිරියට පැමිණීමෙන්, ඔහු ඥානයේ සාගරය, සර්ව අධිකාරීවරයා වන හෙයින්, ඥානය නම් වූ ඊතලය තමා වෙත ඉතා හොඳින් වදීවි කියා දරුවන් සිතනවා. ඥානයේ ඊතලය විදින්නේ කෙසේද යන්න ගැනත් දරුවන් ඉගෙන ගන්නවා. නමුත්, ඒ ඔවුන් දරණා උත්සාහයට අනුව අනුපිළිවෙලක් ඇතිවයි. මෙහිදී, දරුවන් කෙලින්ම මෙයට සවන් දෙනවා. බාබා ඔවුන්ට විස්තර කර දෙන බව ඔවුන් වටහා ගන්නවා; වෙන කිසිම සත්සන් පන්තියක හෝ පාසලක මිනිස්සු මෙසේ සිතන්නේ නැහැ. අප ඒ අසීමිත වූ පියාගෙන් අපගේ අසීමිත වූ උරුමය හිමිකර ගන්නවා. අප දැන් ලෝක චක්‍රය ගැන දන්නවා. උපතක් උපතක් පාසාම ඔබ එම සත්සන් පන්ති වලට යමින් සිටියා. මෙහි, එක් මොහොතක් පිළිබඳ වූ කරුණක් තිබෙන්නේ. භක්ති මාර්ගයේදී ඔබ කළේ කුමක්ද, ඒ සියල්ල දැන් අවසානයක් වෙත පැමිණෙනවා; එහි කිසිම සාරයක් තිබුණේ නැහැ. තවමත් මිනිස්සු තාවකාලික දේ ලබා ගැනීම උදෙසා බොහෝ සෙයින් වෙහෙසෙනවා. බාබා ඔබට උගන්වන බව දරුවන් වන ඔබගේ බුද්ධිය තුළ තිබෙනවා. ඔබ බුද්ධිය තුළ බාබා තබාගත යුතු වන අතර, ඔබගේ රාජ්‍යය ද ඔබට සිහිපත් විය යුතුයි. වර්තමානයේ, අප බාබා සිහිපත් කිරීමට කෙතරම් උත්සාහ දරනවාද, ඥානය ලබාගෙන අන් අයවත් ඥානය ලබාගැනීමට පොළඹවනවාද, ඒ තරම් වූ උසස් තත්ත්වයක් හිමිකර ගනු ඇත. බාබා ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් උගන්වන බව සෑම කෙනෙකුගේම බුද්ධිය තුළ තිබෙනවා. මොහුව හඳුන්වන්නේ දාදා ලෙසයි. ශිව බාබා ඔහු තුළට ඇතුළු වී ඔබට උගන්වනවා. මුලදී, මෙම කරුණු ඔබ බුද්ධිය තුළ නොතිබුණු බව ඔබ දන්නවා. අප බොහෝ සත්සන් පන්ති වලට ගියා. නමුත්, ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය බ්‍රහ්මා මාර්ගයෙන් අපට උගන්වයි කියා සිහිනෙන්වත් සිතුවේ නැහැ. අප දැන් පරම පියා හඳුනාගෙන තිබෙනවා. අප දැන් නැවතත් ඒ ස්ව අධිකාරීත්වය වූ නව ලෝකය, දිව්‍ය ලෝකය සිහිපත් කරනවා. අප ඇතුලාන්තය තුළ දැඩි සතුටක් ඇතිව තිබෙනවා. දෙවියන් ලෙස හඳුන්වන්නා වූ, ඒ අසීමිත වූ පියා අපට උගන්වනවා. පාරිශුද්ධකරුවා වන්නේ බාබායි. ඒ වගේම, ගුරුවරයෙකුගේ ස්වරූපයට පැමිණ ඔහු අපට උගන්වනවා. දරුවන් වන ඔබ හැර ලොව කිසිම කෙනෙක් මෙම සිතිවිල්ලෙන් යුතුව සිටිනවා විය නොහැකියි. ඔබ ඉන්නේ ඒ අසීමිත වූ පියාගේ සිහියෙන්. ඇතුලාන්තයෙන් ඔබ මෙම වැටහීම ලබා සිටිනවා: ජීවාත්ම වන අප අපගේ උපත් 84හි චරිත කොටස සම්පූර්ණ කරමින් අපගේ නිවස වෙත යනවා. බාබා අපව දිව්‍ය ලෝකය වෙත ගෙන යාම උදෙසා අපට රාජයෝගා ඥානය ලබා දෙනවා. බාබා හැර වෙන කිසිම කෙනෙක්ට, අපට මෙම රාජයෝගා ඥානය ලබා දී අධිරාජ්‍යයන් හා අධිරාජිණියන් බවට පත් කරවීමට නොහැකි බව දරුවන් දන්නවා; එය විය නොහැකි දෙයක්. බාබා ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවීමට මෙහි පැමිණෙන්නේ එකම එක වතාවක් පමණයි. අප ඉගෙන ගන්නේ බාබාගෙන් ඒ අසීමිත ලොවෙහි ස්ව-අධිකාරීත්වය හිමිකර ගැනීමට බව දරුවන්ගේ බුද්ධිය තුළ සැමවිට පවතිනවා. අප ඉගෙන ගන්නේ අපගේ ඉලක්කයේ හා අරමුණේ බලයෙනි. සුමිහිරි වූ දරුවන් වන ඔබගේ බුද්ධිය තුළට තමා දැන් අසුන්ගෙන සිටින්නේ කොහේද යන්න ගැන වැටහීම ලැබී තිබෙනවා. මිනිසුන්ගේ සිත් සෑම තැනම රස්තියාදුවේ යනවා. ඉගෙන ගන්නා විට ඔබ තුළ තිබෙන්නේ ඒ ගැන වූ සිතිවිලියි. ඒ වගේම සෙල්ලම් කරන විට ඔබ තුළ තිබිය යුත්තේ සෙල්ලම් කිරිම පිළිබඳව වූ සිතිවිලියි. අප ඒ අසීමිත වූ පියා ඉදිරියේ අසුන්ගෙන සිටිනා බව ඔබ වටහා ගන්නවා. මුලදී, ඔබ මේ ගැන දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් පැමිණ රාජයෝගා උගන්වන බව එකම මනුෂ්‍යයෙක් හෝ දැන සිටියේ නැහැ. අප උපතක් උපතක් පාසා භක්තියෙහිම යෙදෙමින් සිටි බව දරුවන් වන ඔබ දැන් වටහාගෙන තිබෙනවා. බාබා හැර වෙන කිසිම කෙනෙක්ට මෙම ඥානය ලබාදිය නොහැකියි. පරම පියා පැමිණ ඥානය ලබාදෙන තුරු, ඔබත් ඒ ලෝක රාජ්‍යය වූ ඔබගේ උරුමය හිමිකර ගන්නේ කෙසේද? අප සත්‍යයේ දරුවන් නම්, ඔහු දිව්‍ය ලෝකයේ නිර්මාණකරුවා නම්, අප ඇයි දිව්‍ය ලෝකයේ නොමැත්තේ යන්න ගැන කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු නොවීමයි පුදුමය. ඇයි අපි මේ අපායට වී දුක සේ ඉන්නේ? ඔවුන් කියනවා: අහෝ දෙවියනි! අහෝ පාරිශුද්ධකරුවාණෙනි! කොහොමනමුත්, ඔවුන් අසතුටින් ඉන්නේ ඇයි යන්න ගැන ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. පියෙක් දරුවන්ට දුකක් දෙයිද? බාබා ලෝකය තනනුයේ දරුවන් වෙනුවෙනුයි. ඔහු දුක සඳහා එය නිර්මාණය කරයිද? මෙය විය නොහැකි දෙයක්. ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කරනා දරුවන්. ඔබ කොහේ අසුන්ගෙන සිටියත්, වැඩ කරන විට හෝ ව්‍යාපාරයෙහි යෙදී සිටින විට හෝ: අපට උගන්වන්නේ පරමාත්ම දෙවියන්, පරම පියා යන්න ගැන බුද්ධියෙහි සනිටුහන්ව තිබෙනවා. සෑම උදෑසනකම අපි පන්තියට යා යුතුයි. පන්තියට යන අය පමණයි ඔහුව සිහි කරන්නේ. පන්තියටවත් නොඑන අය කොහොමද මේ ඥානය වටහාගන්නේ හෝ උගන්වන්නේ කවුද කියා තේරුම් ගන්නේ? මේවා ඔබටම පමණක් වැටහෙන්නා වූ අලුත් කරුණු. ඒ නවලෝකයේ නිර්මාණකරුවා වූ අසීමිත පියා, මෙහි අසුන්ගෙන ඒ නව ලෝකය උදෙසා අපගේ ජීවිත දියමන්තියක් තරම් වටිනා වූ තත්ත්වයට පත් කරවනවා. මායා පැමිණි දා සිට, අපි බෙලි කටු සේ නොවටිනා තත්ත්වයට පත් වූ අතර අපගේ කලා සියල්ල නැති වී ගියා. මායා අපට නොදැනීම අපව ආහාරයට ගෙන තිබෙනවා. බාබා දැන් පැමිණ දරුවන්ව ඒ අවිද්‍යාවේ නින්දෙන් අවදි කර තිබෙනවා; සාමාන්‍ය නින්ද නොවේ, අප මේ නිදා සිටිනා අවිද්‍යාව නම් වූ නින්දෙනි. ඥානය දෙන්නේ ඒ ඥාන සාගරය පමණයි. වෙන කිසිම කෙනෙක්ට එය ලබා දිය නොහැකියි. එය ලබා දිය හැක්කේ අපගේ ආදරණීය පියා, ඥානයේ සාගරය, පාරිශුද්ධකරුවා හට පමණයි. දරුවනි, මෙම මාර්ගයෙන් බාබා දැන් අපව පාරිශුද්ධත්වයට පත් කරවනා බව ඔබ වටහා ගන්නවා. මිනිස්සු කන්නලව් කරනවා, අහෝ පාරිශුද්ධකරුවාණෙනි එන්න!, නමුත් ඔහු කෙසේ මෙහි පැමිණ, කෙසේ අපව පාරිශුද්ධත්වයට පත් කරනවාදැයි කියා ඔවුන් දන්නේ නැහැ. කොහොමනමුත්, නිකම්ම පියාට කන්නලව් කිරීමෙන්ම කෙනෙක්ට පාරිශුද්ධත්වයට පත්විය නොහැකියි. මේ වන විට සෑම කෙනෙක්ම අපිරිසිදු වී දූෂිතත්ත්වයට පත්ව සිටිනා බව ඔබ දන්නවා. ඔවුන් උපත ලබන්නේත් පාපයෙන් වන නිසා, ඔවුන් කරනා ක්‍රියාත් ඒ වගේමයි. අසීමිත වූ පියා මෙහි අසුන්ගෙන මෙය විස්තර කරනවා. ඔබ මෙහි අසුන්ගෙන පෞද්ගලිකවම මීට සවන් දෙන විට, ඔබගේ සම්බන්ධය ඇති වන්නේ බාබා සමඟයි. ඒ වගේම පසුව ඔබ නරක ඇසුරට ගොස් පමණට වඩා පිටස්තර මිනිසුන් හමු වී ඔවුන් හා සිටින විට, ඔවුන්ගේ කියුම් අසා සිටිනා විට ඔබ මේ බාබා ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනා විට තිබූ තත්ත්වය එලෙසින්ම පවතින්නේ නැහැ; එය පහළ බසිනවා. මෙහිදී ඔබ පෞද්ගලික ලෙසම බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. බාබා, ඥානයේ සාගරය, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, තමා විසින්ම මෙහි අසුන්ගෙන ඥානයේ ඊතල විදිනවා. මධුබනය ප්‍රශංසනීයත්වයට ලක්වන්නේ මේ හේතුව නිසයි. ගීතයක් තිබෙනවා: බටනලාව (මුරලි) වැයුණේ මධුබනයේ බව. බොහෝ තැන්වල මුරලි ඇසෙනවා. නමුත් මෙහිදී බාබා අසුන්ගෙන පෞද්ගලිකවම දරුවන්ට විස්තර කරනා අතර, අනතුරු ද අඟවනවා: දරුවනි, සැළකිලිමත් වන්න! නරක ඇසුරට ගොදුරු වන්න එපා. මිනිස්සු ඔබට වැරදි දේවල් කියයි, ඔවුන් ඔබව බය කොට ඔබගේ ඉගෙනීම නවත්වා දමයි. හොඳ ඇසුර ඔබව එගොඩ කරනා අතර, නරක ඇසුර ඔබව ගිල්වනු ඇත. මෙහිදී, ඔබ ඒ සත්‍ය පියාගේ ඇසුර ලබනවා. මා ඒ ඒකායන තැනැත්තාට පමණක් සවන් දෙන බවටත්, ඒකායන ඔහුගේම උපදෙස් වලට පමණක් කීකරු වන බවටත් ඔබ පොරොන්දු වනවා. ඔබ සෑම කෙනෙක්ටම ඉන්නේ එකම එක පියෙක්, ගුරුවරයෙක් හා සත්ගුරුවරයෙකි. සාමාන්‍ය ගුරූන් කරන්නේ ආගමික ග්‍රන්ථ වල තිබෙනා දේ ගෙන කියවීම පමණයි. ඔවුන් අලුත් දෙයක් කියන්නේ නැහැ. ඔවුන් පියාගේ හැඳින්වීම ලබා දෙන්නේත් නැහැ. ඔවුන්ට ඥාන කරුණු වැටහෙන්නේත් නැහැ. ඔවුන් සෑම කෙනෙක්ම මෙසේ කියමින් ඉන්නවා: මෙය නැත්නම් එය. අපි නිර්මාණකරුවා හෝ නිර්මාණය ගැන දන්නේ නැහැ. බාබා පැමිණි විට පමණයි ඔහු මේ පිළිබඳව විස්තර කර දෙන්නේ. කලි යුගී ගුරූන් ඉන්නේත් අනුපිළිවෙලක් ඇතිවයි. සමහරුන්ට අනුගාමිකයන් දහස් ගණනක් ඉන්නවා. සත් ගුරූන් ඉන්නේ ඒකායන තැනැත්තා පමණක් බව ඔබ දන්නවා. මෙහිදී ජීවිත බිලි දෙන්න අවශ්‍ය නැහැ. ශිව බාබාට මෙම ශරීරය අයිති නැහැ. ඔහු අශරීරිකයි, අමරණීයයි. ජීවාත්ම වන අපට ඒ අමරණීයත්වයේ කතන්දරය කීමෙන්, ඔහු අපව අමරණීයත්වයට පත් කරවනවා. ඔහු අපව අමරණීයත්වයේ දේශය වෙත ගෙන ගොස්, පසුව සතුටේ දේශය වෙත යවනවා. ශබ්දයෙන් තොර වූ දේශය (නිර්වාණය) තමයි අමරණීයත්වයේ දේශය. ජීවාත්ම වන අප දැන් අපගේ ශරීර අත්හැර දමා බාබා ලඟට යන බව දැන් ඔබගේ බුද්ධිය තුළ තිබෙනවා. ඒ වගේම, සෑම කෙනෙක්ම දැරූ උත්සාහය අනුව ඒ හා සමාන උසස් තත්ත්වයක් හිමිකර ගන්නවා. පන්තියට උසස් වීමක් ලැබෙනවා. අප මෙම අධ්‍යාපනයෙන් ලබනා තනතුරු මේ මරණයේ දේශයේදී ලබන්නේ නැහැ. මේ මරණයේ දේශය අමරණීයත්වයේ දේශය බවට පෙරළෙනු ඇත. උපත් 21ක් පුරා අප ස්වර්ණමය යුගයේ පාලනය ගෙන ගිය බවත්, පසුව තඹ හා කලි යුග වලටත් පැමිණි බවත් අප දැන් දන්නවා. මේ තියෙන්නේ අපගේ අවසාන උපතයි. පසුව අපි විමුක්ති දේශය හරහා අපගේ සතුටේ දේශය වෙත යන්නෙමු. බාබා, දරුවන්ව බොහෝ නැවුම් බවට පත් කරනවා. තමා උපත් 84හි චක්‍රය තුළට පැමිණෙන බව ජීවාත්මය වටහා ගන්නවා. උත්තරීතර ජීවාත්මය කියනවා: මා මෙම චක්‍රයට එන්නේ නැහැ; මා ළඟ තිබෙන්නේ මේ චක්‍රය පිළිබඳව වූ ඥානය පමණයි. පාරිශුද්ධකරුවා වන්නේ ඒ අසීමිත වූ පියා බව ඔබ දන්නවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම අපිවිතුරුභාවය පාරිශුද්ධත්වයට පත් කරනවා. කිසිම මනුෂ්‍යයෙක් ඒ අසීමිත වූ තැනැත්තාගේ පියා විය නොහැකියි. එකම අසීමිත වූ පියා වන්නේ ඒකායන ඔහුයි. ජීවාත්ම වන ඔබ එම ස්ථානයේ වාසය කරනා බව ඔබ දන්නවා. එහි සිට ඔබ මෙහි තිබෙනා ශරීරයක් තුළට ඇතුළු වනවා. මෙහි පැමිණ ප්‍රථමයෙන්ම තම චරිත කොටස රඟදක්වන්නන් කවුද යන්න ගැන ඔබ දන්නවා. ජීවාත්ම වන අප ඒ අශාරීරික ලෝකයේ සිට අපගේ චරිත කොටස් රඟදැක්වීම උදෙසා පැමිණ සිටිනවා. දැන්, දරුවන් වන ඔබ, සෑම ආගමකම ජීවාත්ම තමාගේ චරිත කොටස අනුව පහළට පැමිණෙන්නේ කෙසේද යන්න ගැන දන්නවා. මෙය හඳුන්වන්නේ අවිනාශී නාටකයක් ලෙසයි. තමා මෙම අසීමිත වූ නාටකයේ නළුවෙක්ය යන වග කිසිම කෙනෙකුගේ බුද්ධියට යන්නේ නැහැ. ඔබ කිසිම කෙනෙක් ඔබගේම උපත් 84හි අසීමිත වූ ඉතිහාසය හා භූගෝලය ගැන දන්නේ නැහැ. බාබා ඔබගේ උත්සාහය අනුව ඔබව නැවුම් බවට පත් කරනවා. බාබා අපට සත්‍ය වූ ඥානය ලබා දෙනවා කියා සමහරු සතුටින් ඉන්නවා. කිසිම මනුෂ්‍යයෙකුට මෙම ඥානය ලබා දිය නොහැකියි. මේ නිසා තමයි කියමනක් තිබෙන්නේ: අවිද්‍යාව නිසා අඳුර පැතිරෙන බවට. තමා අවිද්‍යා අඳුරට පැමිණියේ කෙසේද, දැන් ඥානයේ ආලෝකය වෙත පැමිණ සිටින්නේ කෙසේද යන්න ගැන ඔබට දැන් වැටහෙනවා. සම්පූර්ණ අඳුර යනු කුමක්ද, සම්පූර්ණ ආලෝකය යනු කුමක්ද යන්න ගැන ඔබට වැටහෙනවා. මෙම වචන සම්බන්ධ වන්නේ අසීමිතත්ත්වය හා සමඟයි. කල්ප බාගයක් පුරා හිමිදිරිය වන අතර කල්ප බාගයක් එය අඳුරයි. නැතිනම්, උදෑසන හා සන්ධ්‍යාව කියාත් කියන්න පුළුවන්. මෙය අසීමිතත්ත්වය පිළිබඳ වූ කරුණකි. බාබා පැමිණ සෑම ආගමික ග්‍රන්ථයකම සාරය විස්තර කර දෙනවා. ඔබ දෙන දානයෙන්, ඔබ කරන සමාජ සේවයෙන් හා ඔබ ඉගෙන ගන්නා ආගමික ග්‍රන්ථ වලින් ඔබ තාවකාලික සතුටක් ලබනවා. පරම පියා කියනවා: ඒවා මඟින්, මා සොයාගෙන ඔබව ලෝක පාලකයින් බවට පත් කරලීමට ඔබට බැහැ. සෑම කෙනෙක්ම ලෝක පාලකයන් වන්නේ නැති බවත් ඔබට වැටහෙනවා; බාබා උගන්වන අය පමණයි ලෝක පාලකයන් බවට පත් වන්නේ. ඔවුන් රාජයෝගා ඉගෙන ගන්නවා. මුළු ලොවටම රාජයෝගා ඉගෙන ගන්නට බැහැ. බොහෝ දෙනෙකුගෙන් අතලොස්සක් පමණයි එය ඉගෙන ගන්නේ. සමහරු අවුරුදු පහක්, අවුරුදු හයක්, නැතිනම් අවුරුදු දහයක් පවා ඉගෙන ගෙන මෙය අතහැර දමනවා. බාබා කියනවා: මායා බොහෝ බලවත්. ඇය ඔවුන්ව සම්පූර්ණ අසිහියට පත් කරවනවා; ඔවුන් පියාව අත්හැර යනවා. කියමනක් තියෙනවා: ජීවාත්ම පැමිණියා, ඔවුන් පුදුමයට පත් වූවා, ඔවුන් පියාට අයිති වූවා, ඥානයට සවන් දුන්නා, ඥානය ගැන අන් අයටත් කියා දුන්නා, පසුව පැන ගියා! බාබා කියනවා: එය ඔවුන්ගේ වරදක් නොවේ. මායා තමයි එවන් වූ කුණාටු ඇති කරන්නේ. දිව්‍ය ලෝකයේ අධිරාජිණියන් බවට පත් වන්නට සැරසවූ මනමාලියන් පවා බාබා අත්හැර දමා යනවා. කෙසේවෙතත්, පරම පියා කියනවා: ඔබ දැන් විවාහ ගිවිස ගෙන ඇති කෙනාව සිහි කළ යුතුයි. කල්ප බාගයක් පුරා ඔබ නමට හා ස්වරූපයට ගොදුරු වී සිටි නිසා, ක්ෂණිකවම ස්මරණයෙහි ස්ථාවර වීමට ඔබට හැකි නොවන්නට පුළුවන්. තමා ජීවාත්මයක් ලෙස සිතා බාබා සිහි කිරීමට අපහසුම අවස්ථාව මෙයයි. ස්වර්ණමය යුගයේදී, ඔබ ජීවාත්ම අවධානයෙන් සිටිනා නමුත් ඔබ උත්තරීතර ජීවාත්මය ගැන දන්නේ නැහැ. ඔබ උත්තරීතර පියා ගැන දැන ගන්නේ එකම එක වතාවක් පමණයි. මෙහිදී, කල්ප බාගයක් පුරා ඔබ ශරීර අවධානයට පත් වූ අතර, එමනිසා, ජීවාත්මය එක් ශරීරයක් අත්හැර තමාගේ ඊළඟ චරිත කොටස රඟ දැක්වීමට තවත් ශරීරයක් ලබනා බවවත් ඔබ දැන සිටියේ නැහැ. ඉතින්, දැන් අඬන්න අවශ්‍ය නැහැ. ඔබ ඒ සතුටු දේශයේ උරුමය ලබනා එකේ, ඇයි ඔබ සම්පූර්ණ අවධානය මේ වෙනුවෙන් යොදවන්නේ නැත්තේ? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාගේ උපදෙස් පමණක් අනුගමනය කොට පියාටම පමණත් කන් දෙන්න. මිනිසුන් කියනා වැරදි දේ අසා ඒවාට ගොදුරු වන්න එපා. ඔබ නරක ඇසුර තබා නොගත යුතුයි.

2. සැමවිටම මෙම ඉගෙනීමත්, ඔබගේ ගුරුවරයාත් සිහි කරන්න. සෑම උදෑසනකම ඔබ අනිවාර්යෙන්ම පන්තියට පැමිණිය යුතුයි.

වරදානය:
ඔබ සැම විටම නොබැඳි නිරීක්ෂකයෙකු වී ඕනෑම පහසුකමක් ඔබේ ආධාරකය කරගනවා වෙනුවට, හුදෙක් අවශ්‍යතාවය උදෙසා පමණක් ඒවා භාවිත කරන්න.

ඇතැම් දරුවන් ඉදිරියට යද්දී, බීජය අතහැර දමා අතුරිකිලි වලට ආකර්ෂණය වේ. ඇතැමුන් ජීවාත්මයන්ව ඔවුන්ගේ ආධාරකය කරගනී. එහිදී අනෙක් අය පහසුකම් තම ආධාරකය කරගනී. මන්ද, බිජයක පාට සහ හැඩය ලස්සන නොවන නමුත්, අතු රිකිලි වල පාට සහ හැඩය ඉතාමත් ලස්සනයි. මායා ඔබේ බුද්ධිය වෙනස් කරන්නේ ව්‍යාජ ආධාරකය සැබෑවක් ලෙස අත්විඳිනා අයුරිනි. මේ නිසා, ඔබ දැන් පරම පියාගේ ඇසුර සාකාර් ස්වරූපයෙන් අත්දැකීම වැඩිකරගත යුතු වන අතර නොබැඳි නිරීක්ෂක තත්ත්වයත් ඇති කරගන්න. පහසුකම් කිසිවක් ඔබේ ආධාරකය නොකරගෙන, එහෙත් අවශ්‍යතාවය උදෙසා පමණක් ඒවා භාවිත කරන්න.

පාඨය:
ඔබේ ආධ්‍යාත්මික අභිමතය පවත්වා ගතකල ඔබට මොනම හෝ අහංකාරයේ හැඟීමක් ඇති නොවේවි.