20.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සදා සුවයෙන් සහ හැමදා ධනවත්ව සිටීමට නම්, දැන්ම ඔබේ ශරීරය, මනස සහ ධනය සෘජුවම රක්ෂණය කරන්න.

ප්‍රශ්නය:
ඔබ සැම දෙනාටම දියුණු වී ඉදිරියට යා හැකි වීමට තුඩු දෙන එකිනෙකාට කළ යුතු සිහිකැඳවීම කුමක්ද?

පිළිතුර:
නාටකය අවසාන වීමට ආසන්න බවත්, අප සියලු දෙනා ආපසු ගෙදර යා යුතු බවත් එකිනෙකා වෙත සිහිකැඳවා දෙන්න. මීට පෙර අප මෙම චරිතකොටස් අනන්ත වාරයක් රඟපා ඇත. අපේ උපත් 84 සම්පූර්ණ කර ඇත. දැන් අපි මෙම ඇඳුම් ආයිත්තම්, මෙම ශරීර උණා දමා ආපසු ගෙදර යන්නෙමු. ආධ්‍යාත්මික සමාජ සේවකයින් වන ඔබේ සේවය මෙයයි. ඔබ මෙම පණිවුඩය සියලු දෙනාටම දිගින් දිගටම දිය යුතුමය. ශරීරයත්, ශරීරය හා බැඳුණු සියලු නෑහිත-මිතුරුකමුත් අමතක කර, පියාත් ගෙදරත් ස්මෘතියේ තබා ගන්න.

ගීතය:
අහසේ ඇති ඔබේ සිහසුන අතහැර පොළොව තළයට බසින්න!

ඕම් ශාන්ති.
මෙම ගීතය විශේෂයෙන් ගැයෙන්නේ ගීත පාඨශාලා නම් වූ අධ්‍යයන ස්ථානවලය. ගීතාව ගයන අය පළමුව මෙම පදය ගයන නමුත් ඔවුන්ගේ ආයාචනය කාටදැයි ඔවුන් නොදනී. ඔවුන් මෙසේ හඬගායි පාපය බොහෝ සේ වැඩි වී ඇති නිසා පැමිණ ඥානය දෙන්න. එවිට ගීතාවෙන් මෙවැනි ප්‍රචාරයක් ලැබේ භාරතයේ ජීව සත්තාවන් අසතුටින් සිටිමින් පව් කරන විට, ආගම අපහාසයට ලක් කරන විටයි, මම එන්නේ. ඔහුට, ඔහුගේ ස්වරූපය වෙනස් කර ගත යුතු අතර, ඔහු මනුෂ්‍ය ශරීරයකට ඇතුළු විය යුතුය. සියලු ජීවාත්ම සත්තාවන් තම ස්වරූප වෙනස් කරයි. ඔබ මුලින්ම අශරීරික වන අතර, මෙහි පැමිණ ශාරීරික ලෙස වූ විට මනුෂ්‍යයින් ලෙස හැඳින්වේ. මනුෂ්‍යයින් බවට පත් වූ ජීවාත්ම සත්තාවන් දැන් අපිරිසිඳුව සහ පාපකාරී වී ඇති නිසා මට දැන් මගේ ස්වරූපය වෙනස් කර පැමිණිය යුතු වී ඇත. ඔබ අශරීරික බවින් ශාරීරික වන්නේ යම් සේ ද, ඒ ලෙසම මට ද මෙසේ වීමට සිදු වී ඇත. ශ්‍රී ක්‍රිෂ්ණාට මේ අපිරිසිඳු ලෝකයට පැමිණිය නොහැකිය. ඔහු දෙව් ලොව හිමිකරුයි. මිනිසුන් ගීතාව කිව්වේ ක්‍රිෂ්ණා යැයි සිතන නමුත් ක්‍රිෂ්ණාට මෙම අපිරිසිඳු ලෝකය තුළ සිටිය නොහැකියි. ඔහුගේ නම, ස්වරූපය, රට, කාලය සහ ක්‍රියාකාරීත්වය මෙහිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ තත්ත්වයකි. පියා මේ සියල්ල විස්තර කර දෙයි. ක්‍රිෂ්ණාට ඔහුගේම වූ මවත් පියාත් සිටී, ඔහු ඔහුගේ ස්වරූපය මවගේ දරුගැබ තුළ දී නිමවා ගනී. මම නම් දරු ගැබකට ඇතුළු නොවෙමි, නමුත් මට රථයක් නම් අවශ්‍යමයි. මම මොහුට ඇතුළු වන්නේ ඔහු ඔහුගේ බොහෝ උපත් අවසානයේ දී ගන්නා අවසාන උපතේ ශරීරයේ සිටිනා විටදීය. ඒ නිසා මා කරන්නේ ඔහුට ඇතුළු වීමයි, තාවකාලික අරක්ගැනීමකි. ආවේශ වීමකි. දෙවියන් මෙසේ කියයි මා ඇතුළු වන කෙනා වන මේ අය ඔහුගේම උපත් ගැන නොදනී. මා පමණි දන්නේ. ක්‍රිෂ්ණා වූ කලී රජ දහනක අයිතිකරුවෙකි. ස්වර්ණමය යුගයේ දී එය සූර්ය වංශ රජදහනයි, එය විෂ්ණු දේශයයි. ලක්ෂ්මි සහ නාරායන්ගේ එක්ව සංයෝගී ස්වරූපය හැඳින්වෙන්නේ විෂ්ණු යන නමිනි. ඔබ දෙසුමක් කරන විට මෙම ගීතය වාදනය කිරීම සෑහේ. මන්ද, භාරතයේ මිනිසුන්ම මෙය ගායනා කරන නිසයි. මෙම ආගම ධර්මය අහෝසි වූ පසුව පමණයි, මට පැමිණ නැවතත් ගීතාව දේශනා කර මෙම ආගම ධර්මයම ස්ථාපිත කළ හැක්කේ. දැනට එම ආගමේ මනුෂ්‍යයින් නොමැති වන අතර, ගීතා ඥානය මතු වූයේ කොතනින් ද? පියා මෙසේ විස්තර කරයි ස්වර්ණමය යුගයේ දී හා රිදී යුගයේ දී ලේඛණ ආදිය නැත. ලේඛණ වූ කලී, භක්තියටම අදාළ වූ සර්ව පිත්තල මෙවලමක් පමණි. ඒවා මඟින් කිසිවෙකුට මා වෙත ළඟා විය නොහැක. මා ම ආයුතුම වී ඇත. මා පැමිණ ඔබ හැමටම විමුක්තිය හරහා ගැලවීම ලබා දෙයි. සැවොම ආපසු ගෙදර යා යුතුම වී ඇත. ඔබ විමුක්තිය කරා ගොස් ඉක්බිතිව දෙව්ලොව ගැලවීම ලබයි. ඔබ විමුක්තිය ලබා ඉන්පසු ජීවන මුක්තිය ද ලබයි. පියා මෙසේ කියයි ඔබට ජීවන මුක්තිය තත්පරයක ඇසිල්ලෙන් ලැබිය හැකිය. මෙසේ කියැවේ ඔබේ ගෘහස්ථ ජීවිතේ සිටිය දීම ඔබට ජීවන මුක්තිය ඇසිල්ලකින් ලැබිය හැකිය, එනම්, ඔබට දුකින් නිදහස් වී ගැලවීම ලැබිය හැකි වේ. සන්‍යාසීවරුන්ට ඔබේ ජීවන මුක්තිය ලබාදිය නොහැකිය. ඔවුන් ජීවන මුක්තිය ගැන විශ්වාසයකින්, දන්නේ ද නැත. ස්වර්ණමය යුගයේ දී සන්‍යාසී වර්ගයේ ආගම් ඇත්තේ ද නැත. සන්‍යාසී ආගම් පැවැත්මට පැමිණෙන්නේ පසු අවස්ථාවකය. ඉස්ලාම් ආගම සහ බෞද්ධාගම ස්වර්ණමය යුගයේ දී නැත. දැන් දේවි දේවතා ආගම් ධර්මය හැර අන් සියලු ආගම් ඇත. ඔවුන් එම අනෙකුත් ආගම් වලට වෙනස් වී මාරු වී ඇත. ඔවුන් ඔවුන්ගේම වූ ආගම දහම නොදනී. කිසිවෙක් දේවතා ආගමට අයත් යැයි නොසැලකේ. ඔවුන් මෙසේ කියයි ‘ජය-හින්ද්‘ (හිංදුස්ථානයට ජය). කොහොමනමුත්, දැන් ජයක් නැත. භාරතය ජයග්‍රාහී වූයේ කවදාද, පරාජිත වූයේ කවදාදැයි කිසිවකු නොදනී. භාරතය ජයග්‍රාහී වන්නේ ඔබට ඔබේ රාජධානියේ වාසනාව ලැබී ජරාජීර්ණ ලෝකය විනාශ වී ගිය විට පමණි. රාවණ ඔබට පරාජය ලබා දෙන අතර රාමා ජයග්‍රහණය ලබාදෙයි. මෙසේ කියැවේ ‘භාරතයට ජයග්‍රහණය‘. ‘හිංදුස්ථානයට ජයග්‍රහණය‘ නොවේ. ඔවුන් වචන වෙනස් කර ඇත. ගීතාවේ වචන ඉතා හොඳය. ඉහළම ඉහළ ගීතාවේ දෙවියන් මෙසේ කියයි මට මවක් පියෙක් නැත. මා විසින්ම මට මගේ ස්වරූපය නිමවා ගත යුතු වේ. මම මොහුට ඇතුළු වේ. ක්‍රිෂ්ණාට නම් මවකගෙන් උපත ලැබේ. මම නිර්මාණකරුවා වෙමි. නාටකයට අනූව ඒ සියලු ආගමික ලේඛණ ආදිය නිම වෙන්නේ භක්ති මාර්ගය සඳහාය. ගීතාවත්, භගවත්, ආදියත් නිමවා ඇත්තේ දේවි දේවතා ආගම දහම පදනම් කරගෙනය. පියා නිමවූ දෙවි දේවතා ආගම දැන් කල් පසු වී ඇති අතර එය නැවත පැවැත්ම එන්නේ අනාගතයේ දීය. මේ ආරම්භය, මධ්‍යය සහ අවසානය ගැන අතීත, වර්තමාන සහ අනාගත යනුවෙන් කියැවේ. මෙහිදී ආරම්භය, මධ්‍යය සහ අවසානය වශයෙන් වෙනස් තේරුමක් ඇත. අතීතයට පසු වු දෙය දැන් නැවත වර්තමානය බවට පත් වනු ඇත. අතීතයේ දී කියා ඇති කතාන්තර අනාගතයේ දී නැවත කියැවේ. මිනිසුන් මේවා දන්නේ නැත. බාබා ඔබට වර්තමානයේ දී කියා දෙන්නේ අතීතයේ දී සිදුවූ දෙය වන අතර අනාගතයේ දී එය එලෙසින්ම නැවත සිදු වනු ඇත. මේ කාරණා තේරුම් ගත යුතු දේ වන අතර ඒ සඳහා ඔබට ඉතා පිරිපහදු වූ ශුද්ධ බුද්ධියක් අවශ්‍යය. ඔබ දරුවන් ඔබට ආරාධනා කරන කවුරු වෙත හෝ ගොස් මෙම දේශනා කළ යුතුය. පුතා පියාව හෙළි කරයි! දරුවන් විසින් පියා ගැන හෙළිදරව් කරයි. පියා නියතයෙන්ම අවශ්‍ය කෙනෙකි. එසේ නොවී ඔබ උරුමයක් ලබන්නේ කෙසේ ද? ඔබ ඉහළම ඉහළ අයයි. කොහොමනමුත්, ඒ සම්මුතියෙන් උසස් පුද්ගලයන්ටත් ගරු සැලකීමක් කළ යුතුය. හැම කෙනෙකුටම ඔබ පියාගේ හැඳින්වීම ලබා දිය යුතුය. හැම කෙනාම මෙසේ හඬගසයි ඕ දෙවියනි! පියාණනි! ඔවුන් දෙවියන්ට මෙසේ යාඥා කරයි දෙව් පියාණනී, පැමිණෙන්න! කොහොමනමුත්, ඔවුන් ඔහුව දන්නේ නැත. ඔබ ශිව බාබාගේ වර්ණනාවත්, ශ්‍රී ක්‍රිෂ්ණාගේ වර්ණනාවත්, භාරතයේ වර්ණනාවත් ගැන ගායනා කළ යුතුය. භාරතය වූ කළී ශිව දෙවොලයි, එය දෙව්ලොවයි. අවුරුදු 5000 කට පෙර එය දේව්දේවතාවුන්ගේ රජ දහන විය. එය ස්ථාපනය කළේ කවුද? ඒ නිසැකවම ඉහළම ඉහළ දෙවියන් විසින්ය. ඉහළම ඉහළ, අශරීරික කෙනා වන උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්ම සත්තාව වන පියාට නමස්කාරය පිදේ. භාරතයේ මිනිසුන් ශිව උපත සැමරුවත් ඔවුන් ශිවා ආවේ කවදාදැයි නොදනී. නිසැකවම ඔහු පැමිණියේ දෙව්ලොව නිර්මාණයට පෙරාතුව වූ සංගම යුගයේ දීය. ඔහු මෙසේ කියයි මම හැම චක්‍රයකදීම සංගම යුගයේ දී එමි. සෑම යුගයේ දීම නොවේ. ඔහු සෑම යුගයකදීම පැමිණියා නම් යුග හතරට අවතාර හතරක් අවශ්‍ය වනු ඇත. ඔවුන් අවතාර බොහෝ ගණනක් පෙන්වා ඇත. දෙව්ලොව නිමවන පියා පමණි, ඉහළම ඉහළ කෙනා වන්නේ. භාරතය දෙව්ලොව විය, පාපයෙන් තොර විය, ඒ නිසා, එහිදී ළමයින් ඉපදෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම ද කළ නොහැකියි. එහිදී, පවතින සිරිත් විරිත් අනුවම ඒවා දිගටම සිදුවන්නේය. ඔබ ඒ ගැන සන්තාප වන්නේ ඇයි? පළමුවම ඔබ පියා හොඳින් දැන හැඳින ගත යුතුය. එහිදී ඔබ ජීවාත්ම සත්තාව ගැන ඥානයෙන් යුක්තය. ජීවාත්ම සත්තාවන් වන අපි එක සිරුරක් අතහැර තව සිරුරක් ගැනීම සිරිතයි. එහිදී හැඬීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනඟී, එහි අකල් මරණ කෙසේවත් නැත. ඔබ ශරීර හලා දමන්නේ සතුටින්ය. මෙසේ පියා ඔහුගේ ස්වරූපය වෙනස් කර පැමිණෙන ආකාරය විස්තර කරයි. මෙය ක්‍රිෂ්ණා ගැන කිව නොහැකියි. ඔහු උපදින්නේ දරු ගැබක් තුළින්ය. බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සිටින්නේ සූක්ෂම කලාපයේය. මනුෂ්‍ය සංහතියේ පියා නියතයෙන්ම මෙහිදී අවශ්‍යය. අප ඔහුගේ දරුවෝය. එම අශරීරික පියා අවිනාශී වන සේම, අප ජීවාත්ම සත්තාවන් ද අවිනාශීය. කොහොමනමුත්, අප උපත් හා නැවත උපත් නියතයෙන්ම ගත යුතුය. මෙම නාටකය පූර්ව නියමිතය. ඔබ මෙසේ කියයි ගීතාවේ ඥානය පැමිණ නැවත කියා දෙන්න. මෙහි පැමිණ ගිය හැම කෙනෙක්ම නියතයෙන්ම චක්‍රය තුළට පැමිණෙයි. පියා ද එසේ පැමිණ බැහැර ගොස් දැන් නැවත පැමිණ ඇත. ඔහු මෙසේ කියයි මම නැවතත් පැමිණ ඔබට ගීතාව කියා දෙමි. මිනිසුන් මෙසේ අඬගසයි ‘ඔහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න!’ එමනිසා, මෙම ලෝකය අපිරිසිඳු වී ඇති බව නියතය. ඔවුන් සියලු දෙන අපිරිසිඳු නිසාම, ගංඟා නම් ගඟට බැස නෑමෙන් ඔවුන්ගේ පව් සෝදා හැරීමට බලයි. දෙව්ලොව තිබුණේ මේ භාරතයේය. භාරතය උසස්ම සදාතනික භූමියයි. එය හැම කෙනෙක්ගේම වන්දනා ස්ථානයයි. සියලු මනුෂ්‍යයින් අපිරිසිඳුයි. පියා වූ කලී සියලු දෙනාට ජීවන් මුක්තිය ලබා දෙන්නාය. එතරම් මහා සේවයක් කරන කෙනාගේ වර්ණනාව නියතයෙන්ම ගායනය කළ යුතුමය. භාරතය අවිනාශී පියාගේ උත්පත්ති ස්ථානය ද වේ. ඔහු සියලු දෙනා පවිත්‍රත්ත්වයට පත් කරන්නාය. පියාට ඔහුගේ උපන් ස්ථානය අතහැර වෙනත් ස්ථානයකට යා නොහැකිය. ඒ නිසා පියා මෙහි සිට ඔහුගේම ස්වරූපය ඔහු නිමවන ආකාරය විස්තර කරයි. සියල්ල පවතින්නේ ඔබේ එදිනෙදා ධාරණාව මතය. ඔබ උකහා ගන්නා ප්‍රමාණය මත ඔබේ තත්ත්වය රඳා පවතී. හැම කෙනෙක්ටම මුරලිය එක ලෙස කියවිය නොහැකිය. ලී බට නලාවක් වුවත් සැමට වාදනය කළ හැකි වුවත් එක සමානවම කළ නොහැකිය. සැවොම ඔවුන්ගේ කොටස වෙනස් වෙනස්ව කරයි. එතරම් විශාල භූමිකාවක් මේ තරම්ම කුඩා ජීවාත්ම සත්තාවක් තුළ අඩංගුය. උත්තරීතර ජීවාත්ම සත්තාව මෙසේ කියයි මට ද කොටසක් රඟපෑ යුතුව ඇත. මා එන්නේ ආගම ගරහාවට ලක් වී ඇති විටය. මම භක්ති මාර්ගයේ දී ද ඵලය ලබා දෙමි. මිනිසුන් දන් දෙන්නේ සහ පින් කරන්නේ දෙවියන්ගේ නාමයෙන් වන අතර දෙවියන් ද එහි ඵලය ලබා දෙයි. එක් එක්කෙනා තමාව රක්ෂණය කර ගනී. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් දෙන දේවල ඵලය ඊළඟ උපතේ ලැබෙන බව වුවත්, ඔබ තමාව රක්ෂණය කර ගන්නේ උපත් 21කටය. එය සීමිත වක්‍ර රක්ෂණයක් වන අතර, මෙය වූ කළී අසීමිත ඍජු රක්ෂණයකි. ඔබ ඔබේ මනස, ශරීරය සහ ධනය රක්ෂණය කර ගත් විට, ඔබට අසීමිත ධනයක් හිමි වේ. ඔබ සදා නිරෝගී සහ ධනවත් වේ. ඔබ ඍජුවම රක්ෂණය වේ. මිනිසුන් දෙවියන් නමින් දන් දෙන්නේ දෙවියන් ඔවුන්ට එහි ඵලය ලබා දෙයි යන විශ්වාසයෙන්ය. ඔහු එය දෙන්නේ කෙසේ දැයි ඔවුන් නොදනී. මිනිසුන් ඔවුන්ට ලැබී ඇති කුමක් හෝ දෙවියන් විසින් දී ඇති බවත්, තමාට දරුවෙක් ලබා දී ඇති බවත් ආදී ලෙස සිතයි. හොඳයි, දෙවියන් දරුවෙකු දුන්නත්, ඔහුට එය ආපසු ගත හැකියි. ඔබ සැම ආපසු නියතයෙන්ම මිය යා යුතුය. කිසිවක් ඔබ හා නොඑයි. ඔබේ ශරීර ද විනාශ වී යයි. ඒ නිසා ඔබට යමක් රක්ෂණය කර ගත යුතු නම්, දැන්ම එය උපත් 21කට රක්ෂණය කර ගන්න. ඔබට සියල්ල රක්ෂණය කර, සේවය නොකර සිටිය නොහැකියි. නමුත්, මෙහි සිට භුක්තිවිඳිය හැකිය. ඔබ සේවය කළ යුතුවම ඇත. ඔබේ ජීවන වියදම ද දිගටම කර ගත යුතුය. ඔබ රක්ෂණය කර මෙහිදීම භුක්ති විඳ අවසන් කළොත්, ලැබෙන කිසිවක් නැත. ඔබ සේවය කළොත්, යමක් ලැබෙනු ඇත. එවිට පමණි, ඔබට උසස් තත්ත්වයක් හිමි වනුයේ. ඔබ සේවය කළ තරමට, ඒ තරමින්ම ලැබේ. අඩුවෙන් සේවය කළොත් අඩුවෙන් ලැබේ. රජයේ සහන සේවකයින් ද සිටින්නේ අනුපිළිවෙලිනි. ඔවුන්ට වැදගත් නායකයින් ඇත. විවිධ වර්ගයේ සමාජ සේවකයින් ඇත. ඔවුන්ගේ සේවය භෞතික වන අතර, ඔබේ සේවය ආධ්‍යාත්මිකය. ඔබ සෑම කෙනෙක්ම වන්දනාකරුවෙක් කරවයි. මෙය වූ කළී ඔබව පියා වෙත රැගෙන යන ආධ්‍යාත්මික වන්දනා ගමනයි. පියා මෙසේ කියයි ඔබ ඔබේ ශරීර අවධානය අත්හැර, ශරීරය හා බැඳි සියල්ල අත්හැර, ගුරුවරුන් පවා අත් හැර මා පමණක් සිහි කරන්න. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්ම සත්තාව අශරීරිකය. ඔහු ඔබට විස්තර ලබා දීම සඳහා ශාරීරික ස්වරූපය ගනී. ඔහු මෙසේ කියයි මම මේ ශරීරය ණයට ගනිමි, මම පදාර්ථයේ රුකුළ ලබා ගනිමි. ඔබ වස්ත්‍ර නොඇඳ ආ අතර, දැන් ආපසු යා යුතුව ඇත. ඔහු සියලු ආගම් වල ජීව සත්තාවන්ට කියන්නේ, මරණය ඔබ ඉදිරියේම ඇති බවයි. යාදවයින් හා කෞරවයින් විනාශ වී යන අතර, පාණ්ඩවයින් නැවත පැමිණ ඔවුන්ගේ රජදහන පාලනය කරයි. ගීතා වෘතාන්තය නැවත වරක් සිදු වෙයි. ජරාජීර්ණ වූ පරණ ලෝකය විනාශ වීමට ආසන්නය. ඔබ උපත් 84ක් ගන්නා අතරතුර දී ලෝකය වියපත් වී ඇත. දැන් ඔබේ උපත් 84 සම්පූර්ණ වීමෙන් නාටකය අවසන් වීමට ආසන්නය. අපි දැන් ආපසු ගෙදර යමු. අපි ශරීර අතහැර ගෙදර යන්නෙමු. මෙසේ ආපසු ගෙදර යාම ගැන එකිනෙකාට සිහිකැඳවන්න. අප මේ උපත් 84හි කොටස් නොගිණිය හැකි වාර ගණනක් රඟපා ඇත. මෙම නාටකය, සදාතනික ලෙස නිමවී ඇත. මිනිසුන් ඔවුන් අයිති ආගමේ කොටස වෙත නැවත යා යුතුව ඇත. අතුරුදන් වූ දේවි දේවතා ආගමේ පැළය, දැන් නැවත රෝපණය කර ඇත. පුෂ්පයන්ව සිටි අය නැවත එනු ඇත. බොහෝ පුෂ්පයන් පැමිණියත්, මායාගේ කුණාටු හේතුවෙන් ඔවුන් හැලී යයි. ඉක්බිතිව ඥානය නම් වූ ජීවිතය ලබාදෙන ඖෂධ පැළෑටිය ලැබීම නිසා ඔවුන් නැවත නැඟී සිටියි. පියා මෙසේ කියයි ඔබ ලේඛණ ආදිය හදාරමින් සිටියා. මොහුටත් බොහෝ ගුරුන් ආදිය සිටියා. එම ගුරුන්ටත් සමඟ සියලු දෙනාට ගැලවීම ලබා දෙන්නේ මේ එක්කෙනා පමණි. තත්පරයක ඇසිල්ලකින් මුක්තිය සහ ජීවන මුක්තිය ලැබේ. රජත් රැජිණත් සිටින අතර ඒ නිසා මෙය පවුල් මාර්ගයක් බවට පත්වේ. එය පාපයෙන් තොර පවුල් මාර්ගයක් වූ අතර, දැන් එය සම්පූර්ණ පාපකාරී එකක් බවට පත් වී ඇත. එහි රාවණ රාජ්‍යයක් නැත. රාවණ රාජ්‍යය ආරම්භ වන්නේ කල්ප භාගයකට පසුවයි. රාවණ විසින් පරදන්නේ භාරතයේ මිනිසුන් ය. අන් ආගම් වල මිනිසුන් ඔවුන්ගේ කාලසීමාවන් තුළ සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන් පසු කරයි. මුලින් ඔවුන්ට සතුට තිබුණත් පසුව අසතුට ඇතිවේ. විමුක්තියෙන් පසු ජීවන් මුක්තිය ඇත. මේ කාල සීමාවේ දී සියලු දෙනා සම්පූර්ණයෙන් අපිරිසිඳුව දිරාපත් වී ඇත. සෑම ජීව සත්තාවකටම ඔහුගේ ශරීරය හලා දමා අළුත් එකක් ගත යුතුව ඇත. පියා මෙසේ කියයි මා උපත හා මරණයට නොපැමිණේ. කිසිවෙකුට මගේ පියා විය නොහැකියි. අන් හැම කෙනෙකුටම පියෙක් සිටී. ක්‍රිෂ්ණාගේ උපත ද සිදුවන්නේ මවකගේ දරු ගර්භයක් තුළිනි. මෙම බ්‍රහ්මා ද ඔහුට රජ දහනක් ලැබෙන විට දරු ගර්භයකින් උපත ලබයි. වියපත්ව සිට අළුත් බවට පත් වන්නේ ඔහුය. ඔහු උපත් 84 ක් වියපත්ය. මෙය කෙනෙක්ගේ බුද්ධිය තුළට නිවැරදිවම ඇතුළු වී මහා කුල්මත් බව ලබන්නේ ඉතා අසීරුවෙනි. මේ ඥානය කස්තුරි හා සමානය, එය ඉතා සුවඳවත් ය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ආධ්‍යාත්මික සමාජ සේවකයෙක් බවට පත් වී, හැම කෙනෙකුටම මෙම ආධ්‍යාත්මික වන්දනා ගමන උගන්වන්න. ඔබේ දේවි දේවතා ආගමේ පැළෑටිය රෝපණය කරන්න.

2. ඔබේ අති පිරිසිඳු වූ බුද්ධිය යොදා පියාව හෙළිදරව් කරන්න. පළමුව ඔබ තුළට සියල්ල උකහාගෙන, ඉන්පසු අන් අයට විස්තර කර දෙන්න.

වරදානය:
ඔබ වදන් වලින් සේවය කරන අතරම ඔබගේ මනසින්ද බලවත් සේවය සිදු කිරීමෙන් පහසු සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

වදන් වලින් සේවය කිරීමේ ඔබ නිරන්තරයෙන් කාර්යබහුල වී ඇති සේම සෑම මොහොතකම වදන් වලින් සේවය කරන අතරම ඔබගේ සිතිවිලි වලින්ද ඉබේටම සේවය සිදු කරන්න. ‘මනසින් සේවය කිරීම’ යනු, සෑම මොහොතකම සෑම ජීවාත්මයක් වෙනුවෙන්ම ඉබේටම සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් තිබීමේ පිවිතුරු චිත්ත තරංග ඔබට සහ අන් අයට දැනීමයි. සෑම මොහොතකම සෑම ජීවාත්මයක් වෙනුවෙන් ඔබගේ මනසින් නිරන්තරයෙන් ආශිර්වාද ඉස්මතු විය යුතුයි. මනසින් සේවය කිරීමෙන් ඔබගේ වචන වල ශක්තිය ඉතිරි වන අතර මනසින් සිදු කරන මෙම බලවත් සේවය, ඔබව පහසුවෙන් සාර්ථකත්වයේ ප්‍රතිරුවක් බවට පත් කරවයි.

පාඨය:
ඔවුන්ගේ සෑම ක්‍රියාවකින්ම පරමාත්ම පියාගේ නම කීර්තිමත් කරන අය සැබෑ දේවමය උදව්කරුවන්ය.