21.02.21    Avyakt Bapdada      Sinhala Murli     06.11.87    Om Shanti    Madhuban


නිරන්තර සේවාධාරීවරයෙක් වීමේ ක්‍රමය වන්නේ සතර ආකාරයක සේවය සිදුකිරීමයි.


අද දින, ලොවට යහපත සලසන, ලෝකසේවාධාරී පියාණන්, ඔහුගේ සියලුම සහයෝගී ලෝකසේවාධාරී දරුවන් දෙස බලනවා. සෑම දරුවෙක්ම, නිරන්තර, පහසු යෝගීවරයෙක් වනවාත් සමඟම නිරන්තර සේවාධාරීවරයෙක් වන්නේ කෙතරම් ප්‍රමාණයකටද? ඔබගේ බ්‍රහ්මිණ් දිවියේ, සේවය සහ ස්මරණය යන දෙකෙහි සමබරතාවය, ඔබව බාප්දාදාගෙන් සහ සියලුම ශ්‍රේෂ්ඨ බ්‍රහ්මිණ් ජීවාත්මයන්ගෙන් නිරන්තර ආශිර්වාද හිමිකර ගැනීමට සුදුසු කරවයි. ඔබට පරමාත්ම දෙවියන්ගෙන් සහ බ්‍රහ්මිණ් පවුලෙන් ආශිර්වාද ලබා ගැනීමට හැකි වන්නේ මෙම සංගම යුගයේ සහ මෙම බ්‍රහ්මිණ් දිවියෙදී පමණයි. මේ නිසයි මේ කෙටි ජීවිතයෙදී ඔබ පහසුවෙන් සදාකාලයටම සියලු ලැබීම් අත්කර ගන්නේ. මෙම සංගම යුගය ආශිර්වාදයන්ගේ විශේෂ යුගය ලෙස හැඳින්විය හැක, මෙම යුගය ශ්‍රේෂ්ඨ යුගය ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. සෑම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සහ සෑම ශ්‍රේෂ්ඨ සිතිවිල්ලක පදනමට අනුව, පරම පියාම නිරන්තරයෙන් අඛණ්ඩව ඔහුගේ හදවතින්, සෑම බ්‍රහ්මිණ් දරුවෙකුටම ආශිර්වාද ලබා දෙයි. මෙම බ්‍රහ්මිණ් ජීවිතය, පරමාත්ම දෙවියන්ගේ ආශිර්වාද වල පෝෂණයෙන් ඔබ වර්ධනය වන ජීවිතයකි. විවෘත හදවතකින්, අහිංසක ස්වාමී, පරම පියා, ඔය දරුවන්ට සියලු ආශිර්වාද වලින් පිරි ඒප්‍රන ලබා දෙනවා. කෙසේවෙතත්, මේ සියලුම ආශිර්වාද ලබා ගැනීමේ පදනම වන්නේ, ස්මරණය සහ සේවයේ සමබරතාවයයි. ඔබ නිරන්තර යෝගීවරයෙක් නම්, ඔබ නිරන්තර සේවාධාරීවරයෙක්ද වෙයි. සේවයේ වැදගත්කම ඔබගේ බුද්ධිය තුළ සෑම විටම රැඳී තිබෙනවාද?

ඇතැම් දරුවන් සිතන්නේ ඔවුන් සේවය කරන්නේ, ඔවුන්ට අවස්ථාවක්, මාර්ගයක් සහ කාලය ලැබුණු විට පමණක් බවයි. කෙසේවෙතත්, බාප්දාදා ඔබට නිරන්තරයෙන් සහ පහසුවෙන් ස්මරණය අත්විඳීමට මඟපාදන ආකාරයෙන්ම සේවයද නිරන්තරයෙන් සහ පහසුවෙන් කළ හැක. එබැවින් අද බාප්දාදා, සේවාධාරී දරුවන්ගේ සේවා වාර්තාව දෙස බැලුවා. ඔබ නිරන්තර සේවාධාරීවරයෙක් වන තුරු ඔබට සෑම විටම ආශිර්වාද ලැබීම අත්විඳිය නොහැක. නිදසුනක් ලෙස, ඔබ කාලයට අනුව, අවස්ථාවට අනුව හෝ වැඩසටහනට අනුව සේවය සිදු කරන විට, එවිට එම සේවයේ ප්‍රතිඵලයක් ලෙසින් ඔබට සාර්ථකත්වය සහ පරම පියාගෙන් සහ පවුලේ අයගෙන් ආශිර්වාද හිමි වනවා, නමුත් එය සෑම කලටම නොවෙයි. එබැවින් එම ආශිර්වාද ලැබීම නිසා, ඔබ ඇතැම් විට තමන් තුළ සහ සේවයේදි, පහසු ප්‍රගතිය අත්දකියි. කෙසේවෙතත්, වෙනත් වෙලාවන්හී, නිරන්තර ස්මරණය සහ සේවයේ සමබරතාවය නොමැති නිසා, ඔබ වෙහෙස වීමෙන් පසුව සාර්ථකත්වය අත්විඳියි. ඔබ නිරන්තර සේවාධාරීවරයෙක් වන්නේ කෙසේද සහ එම සේවයේ වැදගත්කම ගැන බාබා ඔබට අද පවසනවා.

දවස පුරාම, ඔබට බොහෝ විවිධ අන්දමේ සේවාවන් කළ හැක. එයින් ප්‍රථම සේවය වන්නේ තමන් වෙනුවෙන්ය, එනම්, සෑම විටම පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වීමට තමන් වෙත අවධානය යොමු කරන්න. මෙම ඉගෙනුමෙහි සියලුම ප්‍රධාන විෂයන් වලින් ඔබ තමන්ව ගෞරව සම්මාන ඇතිව සමත් කරවිය යුතුයි. ඔබ ඥාන මිණි මුතුවල ප්‍රතිමූර්තියක්, ස්මරණයේ ප්‍රතිමූර්තියක් සහ ධාරණාවේ ප්‍රතිමූර්තියක් විය යුතුයි ඔබ තමන්ව සියලු දෙයින් පිරිපුන් කළ යුතුයි. තමන් වෙනුවෙන් මෙම සේවය සෑම විටම ඔබගේ බුද්ධියේ තබාගන්න. මෙම ස්වසේවය, ඉබේටම ඔබගේ අංගසම්පූර්ණ ස්වරූපයෙන් සේවය කිරීමට ඔබට මඟපාදයි. කෙසේවෙතත්, ඒ සඳහා ක්‍රමවේදය වන්නේ අවධානය යොමු කිරීම සහ පරීක‍්ෂා කිරීමයි ඔබ අන් අයව නොවෙයි, තමන්ව පරීක‍්ෂා කළ යුතුයි. දෙවැන්න වන්නේ, ඔබ විවිධ ක්‍රමවේද සහ ආකාර වලින්, වචන සහ නෑ සබඳතා තුළින් සිදු කරන ලෝක සේවයයි. ඔබ මේ සියල්ල ගැන ඉතා හොඳින් දන්නවා. තුන්වැන්න, ඔබ තම සිරුර සහ මුදල් වලින් සිදු කරන යග්යාවේ සේවයයි.

හතරවන සේවාව වන්නේ ඔබගේ මනසින්ය. ඔබ කොහේ ජීවත් වුවත් ඔබගේ පිවිතුරු හැඟීම්, ශ්‍රේෂ්ඨ පැතුම්, ශ්‍රේෂ්ඨ ආකල්පය සහ ශ්‍රේෂ්ඨ චිත්ත තරංග වලින් බොහෝ ජීවාත්මයන්ට සේවය කළ හැක. මෙය සිදු කරන අන්දම වන්නේ ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වීමෙනි. එක් ස්ථානයකින් ප්‍රදීපාගාරයක් බොහෝ ඈත සේවය සිදු කරයි. ඒ ආකාරයෙන්ම, එක් තැනකින් ඔබට බොහෝ දෙනෙකුට සේවය කිරීමට උපකරණ විය හැක. ඔබ බලයන්ගේ බොහෝ සම්පත් රැස්කරගෙන ඇත්නම්, ඔබට මෙය පහසුවෙන් කළ හැක. මේ සඳහා භෞතික පහසුකම්, අවස්ථාවක් හෝ කාලය ලබාගැනීමේ ප්‍රශ්නයක් නැත. ඔබට තිබෙන්නේ ආලෝකයෙන් සහ බලයෙන් පිරිපුන් වී සිටීම පමණයි. මනස සහ බුද්ධිය සෑම විටම නිෂ්ඵල සිතිවිලි වලින් නිදහස්ව තබාගන්න. මේවා මන්මනාභව යන මන්ත්‍රයේ පහසු ප්‍රතිමූර්තීන් බවට පත්කර ගන්න. මේ සතර ආකාරයේම සේවාවන්ට ඔබව නිරන්තර සේවාධාරීවරයෙක් කළ නොහැකිද? සතර ආකාරයේම සේවාවන් තිබීමෙන්, ඔබට සෑම මොහොතකදීම ඕනෑම අන්දමක සේවාවක් කළ හැක, එවිට ඔබ පහසුවෙන් නිරන්තර සේවාධාරීවරයෙක් වෙයි, එමෙන්ම නිරන්තරයෙන් සේවයේ නියැලී සිටීම නිසා, නිරන්තරයෙන් කාර්යබහුල වීම නිසා, ඔබ පහසුවෙන් මායා පරාජය කරන්නෙක් වෙයි. සේවා වර්ග සතරෙන්, ඔබට හැකි ඕනෑම සේවයක්, ඕනෑම වෙලාවක සිදුකරන්න, නමුත් තත්පරයකටවත් සේවය කිරීම, තමන්ට අහිමි කර නොගන්න. ඔබ පැය 24 පුරාම සේවාධාරීවරයෙක් විය යුතුයි. ඔබ පැය 8 කට පමණක් යෝගීවරයෙක් හෝ සේවාධාරීවරයෙක් නොවෙයි, නමුත් නිරන්තර සේවාධාරීවරයෙක්. මෙය පහසුයි, නේද? වෙන කිසිවක් නැත්නම් ස්වසේවය හොඳයි. ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක, ඕනෑම වෙලාවක මෙම සේවය කළ හැක.

ඔවුන්ගේ සිරුරු නිසා හෝ කාලය නොමැති නිසා, සමහර දරුවන් සිතන්නේ ඔවුන්ට සේවය කළ නොහැකි බවයි. කෙසේවෙතත්, සේවා විෂයන් සතරෙන්, සුදුසුකමට අනුව, ඔබ ඕනෑම ආකාරයක සේවාවක කාර්යබහුලව රැඳී සිටියොත්, ඔබ සේවා විෂයේ ලකුණු රැස්කර ගන්නා අතර මෙම ලකුණු ඔබගේ අවසන් ප්‍රතිඵලයට එකතු වෙයි. වචන වලින් සේවය සිදුකරන අයට ලකුණු එකතු වන ආකාරයෙන්ම, යග්යාවේ සේවය, තමන් වෙනුවෙන් සේවය සහ මනසින් කරන සේවයටද එතරම්ම වැදගත්කමක් තිබෙන අතර ඒ ඕනෑම එකකින් ඔබ ඒ ප්‍රමාණයටම රැස්කර ගනී. සෑම ආකාරයකම සේවාවට එකම ලකුණු ප්‍රමාණය තිබේ. කෙසේවෙතත්, සතර ආකාරයේම සේවාවන් කරන අය, එතරම් ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගනී. සේවා වර්ග එකක් හෝ දෙකක් පමණක් සිදු කරන අයට ඒ අනුව ලකුණු රැස් වෙයි. එසේ වුවද, ඔබට සතර ආකාරයේම සේවාවන් කිරීමට නොහැකි නම්, සේවා වර්ග දෙකක් පමණක් කිරීමට හැකි නම්, එවිටද ඔබට නිරන්තර සේවාධාරීවරයෙක් විය හැක, එමෙන්ම නිරන්තර වීම නිසා, ඔබගේ ලකුණු වැඩි වෙයි. මේ නිසයි බ්‍රහ්මිණ් ජීවිතය යනු, නිරන්තර සේවාධාරීවරයෙක් සහ පහසු යෝගීවරයෙක් වීම වනුයේ.

ඔබ නිරන්තර ස්මරණයේ සිටීමට අවධානය යොමු කරන ආකාරයෙන් සහ ස්මරණ සබැඳිය නිරන්තරයෙන් සම්බන්ධ කර තබා ගැනීමට අවධානය යොමු කරන සේම, සේවා සබැඳියද නිරන්තරයෙන් සම්බන්ධව තබා ගන්න. ඔබ ස්මරණයේ විවිධ අවස්ථා අත්දකියි ඇතැම් විට බීජ අවස්ථාව, ඇතැම් විට සුරදූත ස්වරූපය, ඇතැම් විට මත ගෑම, ඇතැම් විට හදවතට සමීප කතාබස් වල යෙදී සිටීම, එමෙන්ම ඔබට විවිධ මනෝ ස්ථීති තිබෙන නමුත්, ඔබ ස්මරණ විෂයෙදි එය නිරන්තර ස්මරණය ලෙස ගණන් කරයි. ඒ ආකාරයෙන්ම, සේවයේ මේ විවිධ සේවා ස්වරූප තිබේ, මන්ද, සේවය නොකරන ජීවිතයක්, ජීවිතයක් නොවෙයි. සෑම හුස්මකම ස්මරණය තිබිය යුතුයි, එමෙන්ම සෑම හුස්මකම සේවය තිබිය යුතුයි. මෙය සමබරතාවය ලෙස හැඳින්වෙයි. එවිට පමණයි, ඔබ නිරන්තරයෙන් සෑම මොහොතකදීම ආශිර්වාද ලැබීම අත්විඳින්නේ සහ ඔබගේ හදවතින් නිරතුරුවම සහ ස්වභාවිකවම මතුවන හඬ වන්නේ ඔබ ආශිර්වාද වලින් පෝෂණය වන බව. ඔබ පියාසර මනෝ ස්ථීතියේ අත්දැකීමෙන් ආශිර්වාද වලින් පියාසර කරයි. ඔබ වෙහෙස වීමෙන් සහ සටන් කිරීමෙන් නිදහස් වෙයි. ඔබ කුමක්ද?, ඇයි? සහ කොහොමද? යන ප්‍රශ්න වලින් නිදහස් වී සෑම විටම සතුටින් සිටියි. ඔබගේ උපත් අයිතිය ලෙස ඔබ සෑම විටම නොකඩවා සාර්ථකත්වය අත්විඳියි. කුමක් වෙයිද කියා මා නොදනී. සාර්ථකත්වය තිබෙයිද නැද්ද කියා මා නොදනී. මට අනාගතයේ දිගටම පවතින්නට හැකි වෙයිද කියා මා නොදනී. මා දන්නේ නැහැ... යන මේ සිතිවිලි පරිවර්ථනය වූ විට පමණයි, ඔබ මාස්ටර් ත්‍රිකාලදර්ශි ස්ථීතිය අත්දකින්නේ. ඔබට නිරන්තරයෙන් ජයග්‍රහණය සහතිකයි, යන විශ්වාසය සහ කුල්මත් බව ඔබට තිබෙයි. ආශිර්වාද වල සලකුණු මේවාය. ඔබට වැටහෙනනවාද?

බ්‍රහ්මණ දිවියේ, මෙම ශ්‍රේෂ්ඨ යුගයේ, ඔබ බාප්දාදාට අයිතියක් හිමි කරගැනීමෙන් පසුව, ඔබට වෙහෙස වීමට සිදුවන්නේ නම්, ඔබ නිරන්තරයෙන් තම ජීවිතය සටන් කරන ස්ථීතියක ගත කරන්නේ නම්... ඔය දරුවන් වෙහෙස වී වැඩ කරන ජීවිතයක් ගත කරනවා දැකීම, බාප්දාදාට දරා ගත නොහැක. ඔබ නිරන්තර යෝගීවරු සහ නිරන්තර සේවාධාරීවරු විය යුත්තේ මේ නිසයි. ඔබට වැටහෙනවාද? අච්චා.

වැඩි මහල් දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි, එහෙම නේද? බොහෝ දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට, ජලය සැපයීමේ සේවය සිදුකරමින් දිවා රාත්‍රියේ තම සහයෝගය ලබා දුන් සේවාධාරී දරුවන්ට සුබ පැතුම්. ඔබ නින්ද පරාජය කළ අය මෙන්ම පදාර්ථ ජයගත් අයද විය. එබැවින් ඔවුන් සැලසුම් සෑදුවත්, ජලය ගෙන ආවත්, අන් අයව සැප පහසුකම් ලබා දී පිළිගත්තත්, පහසුකම් ඇති ඉඳුම් හිටුම් ලබා දුන්නත්, සියලුම විවිධ සේවා වර්ග වෙනුවෙන් උපකරණ වූ අයට, වෙලාවට ආහාර පාන පිිළියෙල කළත්, සියලුම මධුබාන් සේවාධාරීන්ට තුති පුද කරන්න. බාප්දාදා කොහොමත් තුති පුද කරනවා. ලෝකය ජලය වෙනුවෙන් හඬා වැටෙන අතර පරම පියාගේ දරුවන් ඉතා පහසුවෙන් තම කාර්යයන් සිදු කරනවා. සියලුම සේවයට ලැදි දරුවන්ගේ සේවාවන් දෙස බාප්දාදා නොකඩවා බලා සිටිනවා. මධුබාන් නිවැසියන් උපකරණ වී ඔබට බොහෝ සැප පහසුකම් ඇතිව අවස්ථාවක් ලැබීමට මඟපාදනවා. ඔබත් සහයෝගී වී සිටිනවා, එහෙම නේද? ඒ මිනිසුන් සහයෝගී වී, ඔබ එහි ඵලය ලබා ගන්නා ආකාරයෙන්ම, ඔය සියලු දෙනාමත් සෑම කාර්යකදීම, කාලයට අනුව අඛණ්ඩව ගමන් කරන්නේ නම්, තව බොහෝ බ්‍රහ්මණයන්ට ඔබගේ සහයෝගිතාවයේ ඵලය නොකඩවා ලැබෙයි.

බාප්දාදා සිනහ මුසුව සිටියා ස්වර්ණමය යුගයේ ක‍්ෂීර ගංගාවන් ගලයි, නමුත් සංගම යුගයේ අඩු තරමින් ජලයත් ගිතෙල් මෙන් වී ඇත (එහි වටිනාකම). ජල නල තුළින් ගිතෙල් ගංගා ගලනවා. ජලය, ගිතෙල් මෙන් වී ඇති නිසා එය මිල කළ නොහැකි තරම් වී තිබේ, එහෙම නේද? මේ ආකාරයෙන් බොහෝ දෙනෙකුට අවස්ථාවක් ලැබෙයි. කෙසේවෙතත්, ලෝකය සහ ඔය බ්‍රහ්මණයන් අතර විශාල වෙනසක් තිබේ. තව බොහෝ ස්ථාන වල සිටින අයට වඩා ඔබ සියලු දෙනාට බොහෝ සේ සැප පහසුකම් ඇති අතර ඔබට මෙම පුහුණුව ලැබෙනවා. එබැවින්, සියලු රහස් වල වැදගත්කම වටහාගන්නා කෙනෙක් වීමේ පුහුණුව නොකඩවා වැඩි කරගෙන සෑම සිදුවීමකදීම සතුටින් සිටින්න. අච්චා.

සියලුම නිරන්තර යෝගී, නිරන්තර සේවය කරන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම විටම ත්‍රිකාලදර්ශී වන සහ සාර්ථකත්වයට අයිතියක් අත්විඳින අයට, නිරතුරුවම සතුටින් සහ තෘප්තිමත්ව රැඳී සිටින ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම තත්පරයකදී ආශිර්වාද අත්විඳින දරුවන්ට, භාග්‍යය පිරිනමන්නා සහ ආශිර්වාද පිරිනමන්නා වන බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

දාදිජීට ඔබට සිතිවිල්ලක් ඇති වූ අතර සියලු දෙනාට එම ශ්‍රේෂ්ඨ සිතිවිල්ලේ ඵලය ලැබුණා. ඔබට ආශිර්වාද වල බොහෝ මල් මාලා ලැබෙනවා. පරම පියාගේ ප්‍රශංසාව සමඟම උපකරණ වන අයගේ ප්‍රශංසාවද මිනිසුන් ගායනා කරයි. මේ නිසයි පරම පියා සමඟම දරුවන්ද පිදුම් ලබන්නේ පියා පමණක් වන්දනීය වන්නේ නැත. සියලු දෙනාට බොහෝ සතුට ලැබෙනවා. මෙම ආශිර්වාදයන්ගේ මල් මාලා, භක්ති මාර්ගයේ මල් මාලා ලැබීමට අයිතිය ලබා දෙයි.

අව්‍යක්ත බාප්දාදා කණ්ඩායම් මුණ ගැසෙමින්

1) ඔය සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්ම, සියලු දෙනාගේ පිපාසාව සංසිඳුවනවා නේද? එය භෞතික ජලය වන අතර ඔබට ඥාන මිණි මුතු වල අමෘතය තිබේ. ජලය තාවකාලිකව ඔබගේ පිපාසය සංසිඳවා, ඔබව තෘප්තිමත් ජීවාත්මයක් කරවයි. එබැවින් ඔබ සියලු ජීවාත්මයන්ව අමෘතයෙන් තෘප්තිමත් කිරීමට උපකරණ වී තිබෙනවා නේද? මෙම උද්යෝගය ඔබට සෑම විටම තිබෙනවාද? මන්ද, කෙනෙකුගේ පිපාසාව සංසිඳුවීම මහා පුණ්‍යකර්මයකි. පිපාසිත ජීවාත්මයන්ගේ පිපාසාව සංසිඳුවන අය, පුණ්‍යාත්ම ලෙස හැඳින්වෙයි. ඔබත්, මහා පුණ්‍යාත්ම වී සියලු දෙනාගේ පිපාසාව සංසිඳුවන අය වනවා. මිනිසුන් පිපාසාවෙන් සිටින විට ඔවුන් අසරණ වනවා. ඔවුන්ට ජලය නොලැබුණේ නම්, ඔවුන් බොහෝ පීඩාවට පත් වනවා, එහෙම නේද? ඒ ආකාරයෙන්ම ඥාන අමෘතය නොලැබීම නිසා, ජීවාත්ම දුකෙන් සහ අසාමයෙන් හඬා වැටෙනවා. එබැවින් ඔවුන්ගේ පිපාසාව සංසිඳුවීමට ඥානයේ අමෘතය ලබා දෙන පූණ්‍යාත්ම ඔබයි. එබැවින් ඔබ බොහෝ උපත් ගණනාවකට ඔබගේ පුණ්‍ය ගිණුම් රැස් කරගන්නවා, එහෙම නේද? එක උපතකදී ඔබ බොහෝ උපත් ගණනාවකට රැස් කරගන්නවා, එහෙම නේද? එක් උපතකදී ඔබ බොහෝ උපත් ගණනාවකට ඔබගේ ගිණුමේ රැස් කරගනී. එබැවින් ඔබ මෙතරම් රැස් කරගෙන තිබෙනවා, එහෙම නේද? ඔබ සියලු සම්පත් වලින් බොහෝ පිරිපුන් වී ඇති නිසා ඔබට අන් අයටද බෙදා දීමට හැකි වී තිබේ. ඔබ තමන් වෙනුවෙන් රැස් කරගෙන ඇති අතර අන් අයටද ලබා දෙන පිරිනමන්නන් බවට පත් වී ඇත. එබැවින් සෑම විටම පරීක‍්ෂා කර බලන්න මා දවස පුරා පුණ්‍යාත්මයක් වී මා පුණ්‍ය ක්‍රියා සිදුකළාද එසේ නැත්නම් මා නිකම්ම කා, බී, විනෝද වුණා පමණක්ද? රැස්කර ගන්නා අය නුවණැති අය ලෙස හැඳින්වෙන අතර උපයා, ඉන්පසුව එය වියදම් කරන අය, නුවණ නොමැති අය බව කියයි. එය අවශ්‍ය බව ඔබ දන්නා නිසා ඔබ ආහාර ගැනීමට කාලය සාදා ගන්නා සේම, මෙම පුණ්‍ය කටයුත්ත කිරීමද අවශ්‍යයි. එබැවින් ඔබ ඇතැම් විට නොවෙයි සෑම විටම පුණ්‍යාත්මයකි ඔබට අවස්ථාවක් ලැබුණු විට පමණක් ඔබ මෙය කරනවා නොවෙයි, ඔබ අවස්ථාව සාදා ගත යුතුයි ඔබට රැස් කරගැනීමට හැකි වන්නේ එවිට පමණයි. මෙකල, ඔබට අවශ්‍ය තරම් දිගට ඔබගේ භාග්‍යයේ රේඛාව ඇඳගත හැක, මන්ද, පරම පියා භාග්‍යය පිරිනමන්නා සහ ආශිර්වාද පිරිනමන්නාය. පරම පියා ඔහුගේ දරුවන්ට ශ්‍රේෂ්ඨ දැනුමේ පෑන දී තිබේ. මෙම පෑනෙන් ඔබට අවශ්‍ය තරම් දිගට ඔබගේ රේඛාව ඇඳගත හැක. අච්චා.

2) ඔබ සියලු දෙනාම රාජ ඍෂිවරුය, එහෙම නේද? රාජ යනු අයිතියක් ඇති අය වන අතර ඍෂි යනු තපස්වි කෙනෙක්. ඔබට පහසුවෙන් පරිවර්ථනය විය හැකි මාර්ගය වන්නේ තපස්යාවේ බලයයි. පරමාත්ම දෙවියන් කෙරෙහි සෙනෙහස තිබීමෙන්, ඔබට තමන්ව සහ ලෝකය, සදාකාලයට බාධක වලින් නිදහස් කරගත හැක. බාධක වලින් නිදහස් වීම සහ අන් අයව බාධක වලින් නිදහස් කරවීම ඔබ මෙම සේවය සිදු කරනවා නේද? ඔබ සියලු ජීවාත්මයන්ව සෑම ආකාරයක බාධක වලින් නිදහස් කරන අයයි. පරම පියාගෙන් ජීවනමුක්තිය හිමි කරගන්නා අය ඔබලා වන අතර, ඔබ එය අන් අයට ලබා දෙනවා, එහෙම නේද? බාධක වලින් නිදහස් යනු ජීවනමුක්තියයි.

3) දරුවෙකුට එඩිතරකම ඇති විට, පරම පියා උපකාර කරයි. ඔය දරුවන්ට එඩිතරකම තිබෙන විට, ඔබට පියාගෙන් කෝටි ගුණයක උපකාර සෑම විටම ලැබෙයි. බර තිබෙන්නේ පියා මතයි, නමුත් සෑම විටම භාරකරුවෙක් විලසින් නිරන්තරයෙන් පරම පියාගේ සිහිකිරීම සමඟ ඉදිරියට ගමන් කරන්න. පරම පියා සිහිපත් කිරීම, ආරක‍්ෂක වියනයි. අතීතයේ ගිණුම් කුරුසයක් මෙනි, නමුත් පියාගේ උපකාරයෙන්, ඒවා කටුවක් මෙන් වෙයි. අහිතකර සිදුවීම් අනිවාර්යෙන් පැමිණෙයි, මන්ද සෑම දෙයක්ම පියවිය යුත්තේ මෙහිදීය. කෙසේවෙතත්, පියාගේ උපකාරය, සෑම දෙයක්ම කටුවක් බවට පත් කරවයි. එය ලොකු දේවල් කුඩා කරවයි, මන්ද ලොකු පියා ඉන්නේ ඔබ සමඟයි. නිරන්තර විශ්වාසය තබාගන්න එවිට ඔබ නොකඩවා ඉදිරියට ගමන් කරයි. සෑම පියවරකදීම භාරකරුවෙක් වන්න. භාරකරුවෙක් යනු, සෑම දෙයක්ම ඔබගේය එමෙන්ම මගේ යන සෑම අවධානයක්ම අවසන් වෙයි. ගිහියෙක් යනු, මගේය. ඔබ, ඔබගේ කියන විට, විශාල අවස්ථාවක් වුණත් කුඩා වන අතර එය මගේ වන විට, කුඩා දෙයක් වුණත් විශාල වෙයි. ඔබගේ යන අවධානය ඔබව සැහැල්ලු කරන අතර මගේ යන අවධානය ඔබට බරක් ඇති කරවයි. එබැවින් තමන්ට බරක් ඇති බව අත්දකින ඕනෑම විටෙක, මගේ යන අවධානය නොමැති බව පරීක‍්ෂා කර බලන්න. මගේ, ඔබගේ බවට පරිවර්ථනය කරන්න, එවිට ඔබ එම මොහොතේම සැහැල්ලු වන අතර ඔබගේ සියලු බර තත්පරයකදී අවසන් වෙයි.

වරදානය:
ඔබගේ තෘප්තිමත්කමේ විශේෂත්වය සහ ඔබගේ ශ්‍රේෂ්ඨත්වය නිසා, ඔබ ආශිර්වාද පිරිනමන ප්‍රතිරුවක් වී, සියලු දෙනාගේ විශේෂ සෙනෙහසට පාත්‍ර වේවා.

තමන් සහ අන් අය සමඟ සෑම විටම තෘප්තිමත්ව රැඳී සිටින අයට පමණයි විශේෂ ආදරණීය දේවතාවන් වීමට සහ විශේෂ දේවතාවන් අට දෙනාගෙන් කොටසක් බවට පත් වීමට හැකි වන්නේ. එය කුමන නමකින් හැඳින්වුවත්, සියල්ලටම වඩා මහාම ගුණධර්මය, පරිත්‍යාගය, විශේෂත්වය හෝ ශ්‍රේෂ්ඨත්වය තෘප්තිමත්කමයි. තෘප්තිමත් ජීවාත්ම පමණයි, පරමාත්ම දෙවියන්, මිනිසුන් සහ තමන්ගේ සෙනෙහසට බඳුන් වන්නේ. එවන් තෘප්තිමත් ජීවාත්ම, ආශිර්වාද පිරිනමන ජීවාත්ම ලෙස ප්‍රසිද්ධයි. දැන් අවසන් මොහොතේ, මහා දානපතියෙකුගේ ස්වරූපයටත් වඩා වැඩි සේවයක් සිදුවන්නේ ආශිර්වාද පිරිනමන කෙනෙකුගේ ස්වරූපය තුළින්ය.

පාඨය:
ජයග්‍රාහී මැණිකක් යනු, තම නළලේ නිරන්තරයෙන් ජයග්‍රහණයේ තිලකයක් දිදුලන කෙනෙකි.