21.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අභ්‍යන්තර ගත වි ස්මරණයේ රැඳී සිටිම පුහුණු කරන්න. තමන් කෙතරම් දුරට ජීවාත්ම අවධානයෙනුත් දෙවියන් පිළිබද අවධානයෙනුත් සිටිනවා දැයි කියා පරික්ෂා කර බලන්න.

ප්‍රශ්නය:
හුදකලාව සිටිමින් ජීවාත්ම අවධානය පුහුණු කරනා දරුවන්ගේ ලක්ෂණ මොනවාද ?

පිළිතුර:
1) ඔවුන්ගේ දෙතොල් වලින් කිසිම ආකාරයක වැරදි වචනයක් පිටවන්නේ නැහැ. 2) ඔවුන් එකිනෙකා අතර සහොදරාත්මක සෙනෙහසක් තිබෙනා අතර කිරියි පැණියි වාගේ ජීවත් වෙනවා. 3) ඔවුන්ට ඉතාමත් හොඳ ධාරණාවක් තිබෙනවා. 4) ඔවුන්ගේ දැක්ම ඉතාමත් මිහිරියි. ඔවුන් කවදාවත් ශරිර අවධානයට ලක් වන්නේ නැහැ. 5) ඔවුන් කිසිම කෙනෙකුට කිසිම දුකක් දෙන්නේ නැහැ.

ඕම් ශාන්ති.
ආධ්‍යාතමික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබට කතා කරයි. ජීවාත්මයන්ට පමණි කියා කිව්වා නම් එම මානව ජීවයන්ට අදාල නොවනු ඇත. මෙන්න මේ නිසා තමයි ආධ්‍යාත්මික පියා කියන්නේ ආධ්‍යාතමික දරුවනි, තමන් ජීවාත්මයක් බව සලකන්න කියලා. ජීවාත්ම වන අප පියාගෙන් මෙම දැනුම ලබනවා. දරුවන් වන ඔබලා ජීව අවධානයට පත්විය යුතුයි. දරුවන් වන ඔබලා නැවත නිවස වෙත ගෙන යාමට පියා පැමිණ සිටියි. සත් යුගයේදි ඔබලා ජීව අවධානයේ සිටියා වුණත් එහිදි ඔබ සත්‍යයේ අවධානයෙන් නොවෙයි සිටින්නේ. මෙහිදි ඔබලා ජීව අවධානයට වගේම සත්‍යයේ අවධානයට පත්වෙනවා. එනම්, ඔබ පියාගේ දරුවන් බවට පත්වෙනවා. එහෙත් මෙහෙත් අතර ලොකු වෙනසක් තිබෙනවා. මෙහි ඉගෙනීමක් තිබෙනා අතර එහිදි කිසිම ඉගෙනීමක් ගැන සඳහනක් නැහැ. මෙහිදී තමන් ජීවයක් බවත් තමාට උගන්වන්නේ පියාය කියාත් වු විශ්වාසයෙන් ඔබ අහගෙන ඉන්නවා නම් හොඳින් දැනුම උකහා ගැනිමටත් ජීව අවධානයට පත්වීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. ඒක ඉතාමත් පහසු දෙයක් වශයෙන් හැඟුණා වුණත් කෙනෙක්ව මෙම තත්ත්වයේ ස්ථාවර කරවීම ඉතාමත් ඉහළ දෙයක්. අන් අය හා කතාබහ කරනා විට තමන් ජීවයක් බව ඔබ සලකන්නේ කෙසේද කියාත් අන් අය ජිවයක් ලෙස දකින්නේ කෙසේද කියාත් තමාගේ අත්දැකීම් දරුවන් වන ඔබලා අන් අයට කිව යුතුයි. පියා කියනවා මම මෙම ශරිරයේ අසුන්ගෙන සිටියා වුණත්, මෙය මගේ ස්වභාවික පුහුණුවයි. මම දරුවන්ව සලකන්නේ ජීව වශයෙනුයි. මම ජීවයන්ට උගන්වනවා. භක්ති මාර්ගයේදී තම චරිතය රඟපාන්නේ ජීවයනුයි. තම චරිතය රඟපානා අතර ඔවුනුත් අපිරිසිදු වෙනවා. ජීව නැවතත් වතාවක් පාරිශුද්ධ විය යුතුයි. පියා උත්තරිතර ජීවය ලෙස සලකා ඔහුව සිහිපත් කරනා තුරු, කොහොමද ඔබලා පාරිශුද්ධත්වයට පත්වන්නේ ? මේ සඳහා දරුවන් වන ඔබලා අභ්‍යන්තර ගත වී ස්මරණය පුහුණු කළ යුතුයි. දැනුම ඉතාමත් පහසුයි, නමුත් මෙම දැඩි විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි මම නම් වු ජිවය ඉගෙන ගන්නවා. බාබා අපට උගන්වනවා. එවිට ඔබට දැනුම හොඳින් උකහා ගත හැකි වේවි. කිසිදු පවක් සිදු නොවේවි. මේ මොහොත වන විට ඔබ පව් නොකරනවා කියා කියන්න බැහැ. ඔබලා පව් ජය ගත්තන් වන්නේ අවසානයේදී පමණි. සහෝදරාත්මක දැක්ම ඉතාමත් හොඳයි. ඒ තුළ කිසිම ශාරිරික අවධානයක් නැහැ. පියාගේ දැනුම ඉතාමත් ගැඹුරු දෙයක් බව දරුවන්ට තේරෙනවා. ඉහළම ඉහළ කෙනා බවට පත්වීමට ඔබට අවශ්‍ය නම්, ඉතාමත් හොඳින් මෙය පුහුණු කර හොඳින් මේ ගැන සිතා බැලිය යුතුයි. අභ්‍යන්තර ගතවීම සඳහා හුදෙකලාව අවශ්‍යයි. මෙහි තිබෙනවා වාගේ හුදෙකලාවක් ඔබට නිවසේදී හෝ ඔබගේ කාර්යාලයීය ස්ථානයකදි හෝ ලබා ගත නොහැකියි. මෙහිදී ඔබට ඉතාමත් හොඳින් මෙය පුහුණු කළ හැකියි. ඔබ දැකිය යුත්තේ ජිවය පමණි. ඔබ තමාවත් ජීවයක් වශයෙන් සැලකිය යුතුයි. මෙහිදී මෙය පුහුණු කිරිමෙන් එම පුරුද්ද ඇති වේවි. ඔබගේ වාර්තාවක් තබා ගත යුතුයි මම කෙතරම් දුරට ජීව අවධානයට පත්ව සිටින්නේද ? අපි කතා කරන්නේ ජීවයන්ටයි. අපි ඔවුන් සමඟ කතාබහ කරනවා. ඔබ ඉතාමත් හොඳින් මෙය පුහුණු කළ යුතුයි. මෙම කරුණ නිවැරදියි කියා දරුවන් වන ඔබට තේරෙනවා. ශාරිරික අවධානය ඉවත් කර ජිව අවධානයට පත්වීමට මෙය හොඳින් ග්‍රහණය කරගෙන අන් අයටත් ග්‍රහණය කරවීමට, තමා ජීවයක් වශයෙන් සලකා පියාව සිහිපත් කරවීම යන සියල්ල ඉතාමත් ගැඹුරු වාර්තාවන්ය. ධාරණය සඳහා බාබා දෛනිකව අපට දෙන කරුණු ඉතාමත් ගැඹුරු කරුණු බව මහාරාතීන්ලාට පවා තේරෙනවා. එවිට ඔබගේ තොල් වලින් කිසිම වැරදි වචනයක් පිට වෙන එකක් නැහැ. සහෝදරයන් අතර ලොකු සෙනෙහසක් ඇති වේවි. අප සෑම කෙනෙක්ම සත්‍යයේ දරුවන්ය. පියාගේ ගුණ වර්ණනාව ගැන ඔබලා දන්නවා. ක්‍රිෂ්ණාගේ වර්ණනාව වෙනස්. සියලු ගුණධර්ම වලින් පිරි හා සම්පුර්ණයෙන්ම දුර්ගුණ වලින් තොරවුණු කියා කියන්නේ ඔහුටයි. නමුත් ඔහුට ඒ ගුණධර්ම ලැබුණේ කොහෙන්ද ? ඔහුගේ ගුණ වෙනස් වුණත් දැනුමේ සාගරය වන පියා විසින් ඔහුව සම්පුර්ණයෙන්ම ගුණවත් අයෙක් බවට පත් කළා නේද ? ඔබ ඉතාමත් ප්‍රවේසමෙන් තමාව වෙන්කර බැලිය යුතුයි. සෑම පියවරකදීම නිවැරදි ගිණුමක් තබා ගත යුතුයි. ව්‍යාපාරිකයින් මුළු දිවා රැයටම තම ගිණුම් ලියා තබනවා. ඔබටත් ව්‍යාපාරයක් තිබෙනවා. අන් අය තමාගේ සහෝදරයින් වශයෙන් සලකා ඔවුන් සමඟ කතාබහ කළාද, නැති නම් කාට හෝ දුකක් දුන්නාද කියා සෑම රැයකදීම ඔබ තමාව පරික්ෂා කර බැලිය යුතුයි. මන්ද, සහෝදරවරුන් වන තමන් සෑම කෙනෙක්ම කිරි සයුර වෙත යන බව ඔබලාට තේරෙනවා. මෙය විෂ සයුරයි. ඔබලා දැන් සිටින්නේ රාවණ්ගේ රාජ්‍යයේවත් නොවෙයි. ඔබ සිටින්නේ අතර මැද වන නිසා තමන් ජීව බව සලකා පියාව සිහිපත් කළ යුතුයි. තමන්ට කොයි තරම් දුරට සහෝදරාත්මක මට්ටම තබා ගත හැකි දැයි කියා ඔබ පරික්ෂා කර බැලිය යුතුයි. ජීව වන අප සෑම කෙනෙක්ම සහෝදරවරුන් වන අතර මෙම ශරීරය හරහා අප අපගේ චරිතය රඟපානවා. ජීවය අවිනාශි වන අතර ශරිරය විනාශ වන සුළුයි. අපි දැන් උපත් 84ක අපගේ චරිතය රඟපා තිබෙනවා. පියා දැන් පැමිණ සිටිනවා. ඔහු කියනවා මා පමණක් සිහිපත් කරන්න. තමා ජීවයක් බව සලකන්න. තම තමන් ජීව වශයෙන් සැලකීමෙන් ඔබලා සහෝදරවරුන් බවට පත්වෙනවා. මෙය පැහැදිලි කරන්නේ පියායි. පියා හැර වෙන කිසිම කෙනෙකුට මේ දේවල් පැහැදිලි කිරිමේ හැකියාවක් නැහැ. උනන්දු කිරිම කියා දෙයක් සිදුවන්නේ නැහැ. ගුරුවරයෙක් උගන්වනවා වගේ පියා දරුවන්ට සියල්ල පැහැදිලි කර කියා දෙනවා. මේවා සිතා බැලිය යුතු කරුණුයි. මේ සඳහා කාලයක් දිය යුතුයි. තමාගේ ව්‍යාපාර කටයුතු ආදිය කරගෙන යාමට පියා අවසර දී තිබෙනවා. නමුත් ස්මරණ වන්දනාවේ නිරත වීමත් ඉතා අවශ්‍ය දෙයක්. මේ සඳහා කාලයක් වෙන් කරවා ගත යතුයි. සෑම කෙනෙකුගේම සේවයත් එකිනෙකට වෙනස්. ඇතැම් අයට වැඩි වෙලාවක් සොයාගන්න පුළුවන්. පියාව සිහි කළ හැක්කේ කෙසේද කියා ඔබ උපක්‍රමශීලිව සඟරාවලත් පලකර විය යුතුයි. පියා පැමිණ සෑම ජීවයකටම උගන්වනවා. ජීවය දිව්‍යමය ගුණධර්ම වලින් පුරවා ගත යුත්තේ මේ කාලයේදියි. භාරතයේ ආදී යෝගාව කුමක්දැයි කියා මිනිස්සු අසනවා. ඔවුන්ට පැහැදිලි කර කියා දිය හැකියි. නමුත් දැනට තවමත් සිටින්නේ ටික දෙනයි. ඔබගේ නම තවමත් ප්‍රසිද්ධ වී නැහැ. දෙවියන් ඔබට යෝගා උගන්වනවා. ඔහුට අනිවාර්යෙන්ම දරුවන් ඉන්නවා ඇති. අශාරිරික පියා පැමිණ උගන්වන්නේ කෙසේද කියා ඔවුන් අනිවාර්යෙන්ම අවබෝධ කර ගත යුතුයි. ඔහුම කියනවා මම සෑම කල්පයකම සංගමයේදි පැමිණ, මම එන්නේ කෙසේද, කාගේ ශරිරයටද එන්නේ කියා කියලා දෙනවා. මේ ගැන කිසිම පටලැවිල්ලක් ඇතිවන්නේ නැහැ. මෙය දෛවෝපගත වු නාටකයක් මම එන්නේ එකම එක වතාවයි. මානව වර්ගයාගේ පියා මාර්ගයෙන් ස්ථාපනය සිදුවෙනවා. ඔහු පළමු විශේෂිත සෙනෙහසට ලක්වුණු දරුවා බවට පත්වෙනවා. මම ඔහු හරහා ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කරනවා. පසුව ඔහු නැවතත් පළවෙනි තැන ගන්නවා. මෙම පින්තූරයේ විස්තරය ඉතාමත් හොඳයි. බ්‍රහ්මා, විශ්ණු වන්නේ කෙසේද විශ්ණු, බ්‍රහ්මා වන්නේ කෙසේද කියා කියාදීමට වෙන කිසිම කෙනෙක්ට බැහැ. පැහැදිලි කරදීම සඳහා දක්ෂ ක්‍රම සහ විධි අවශ්‍යයි. බාබා ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කරන්නේ කෙසේද, චක්‍රය කැරකෙන්නේ කෙසේද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. වෙන කිසිම කෙනෙක්ට මේ දේවල් දැන ගන්නත් බැහැ. මෙන්න මේ නිසා පියා කියනවා එවන් දක්ෂ ක්‍රම යොදා ලියන්න නිවැරදි යෝගාව ඔබට ඉගැන්විය හැක්කේ කාටද ? මිනිසුන්ට මෙය තේරෙන්න පටන් ගත් විට බෝහෝ අය ඒවි. ඒ ලොකු ආශ්‍රම එවිට සෙලවෙන්න පටන් ගනීවි. මෙය සිදුවන්නේ අවසානයේදියි. භක්ති මාර්ගයට ආයතන ගණනාවක් තිබුණා වුණත් දැනුම මාර්ගයට කිසිම දෙයක් නොමැති බව දුටු විට ඔවුන් පුදුමයෙනුත් පුදුමයට පත් වේවි. ඔබ ජය ලබන්නේ එවිට පමණි. පියා සෑම වසර 5000කට වතාවක්ම එන බවත් ඔබ දන්නවා. ඔබ පියා සමඟ ඉගෙන ගන්නා අතර අන් අයටත් උගන්වනවා. අතින් ලියා කොහොමද කාටවත් උගන්වන්නේ ? සෑම කල්පයකදීම මෙවන් ක්‍රම නිර්මාණය වන්නේ ධර්මය ස්ථාපනය කළ හැක්කේ එකම පියාට පමණක් බවත් වෙන කිසිවෙකුට නොවේ යන්න මිනිසුන්ට දැන ගැනීමටයි. එක පැත්තක රාවනුත් අනෙක් පැත්තේ රාමාත් සිටිනා බව ඔබට තේරෙනවා. ඔබ රාවණ්ගෙන් ජය ලබනවා. අන් සෑම කෙනෙක්ම අයිති වන්නේ රාවණ්ගේ රාජ්‍යයටයි. සත්‍යයේ සමාජයට අයිති අය ඉන්නේ ඉතාමත් ටික දෙනයි. භක්ති මාර්ගයේ බොරු ආටෝප රාශියක් තිබෙනවා. වතුර තියෙන ඕනෑම තැනකට මිනිස්සු එක්රැස් වෙනවා. විශාල ලෙස මුදල් වියදම් කරනවා. බොහෝ අය දියේ ගිලී මැරෙනවා. මෙහි එවන් දේ සිදුවන්නේ නැහැ. ඒ වුණත් පියා කියනවා ඇතැම් අය මාව හොඳින් තේරුම්ගෙන මට අහුම්කන් දී අන් අයට පැහැදිලි කර කියා දී පාරිශුද්ධත්වය රැක පසුව, අහෝ මායා, ඔවුන් ඔබට පැරදුනා! සෑම කල්පයකම මෙය සිදුවෙනවා. මායාට පරාජය වන අය සිටිනවා. මායා සමඟ සටනක් තිබෙනවා. මායාගේ බලපෑමක් තිබෙනවා. භක්ති මාර්ගය සෙලවිය යුතුයි. කල්ප බාගයක් පුරාවට ඔබ ප්‍රතිලාභය විඳ පසුව රාවණ්ගේ රාජ්‍යය ඇරඹෙනවා. මෙහි සලකුණු සෑම විටම තිබෙනවා. පාපයේ ගැලුණු පසු තව දුරටත් දේවතාවරුන් වන්නේ නැහැ. තමන් පාපකාරී වුයේ කෙසේද කියා ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දේවතාවරුන් පාප මාර්ගයට ගිය බව ග්‍රන්ථ වල සඳහන් වී තිබෙනවා. නමුත් ඔවුන් එහි ගියේ කවදාද කියා ඔවුන් දන්නේ නැහැ. මේ කරුණු ඉතාමත් පැහැදිලිව තේරුම් ගෙන අන් අයටත් පැහැදිලි කර කියා දිය යුතුයි. බුද්ධියේ විශ්වාසය ඇති විට පමණයි මේ දේවල් හොඳින් තේරුම්ගත හැකි වන්නේ. ආකර්ෂණයක් දැනී ඔවුන් කියාවි එවන් පියෙක්ව මුණ ගැහෙන්න අපට අවශ්‍යයි. කොහොමනමුත්, ආපසු ගිය පසුත් ඔවුන් තුළ ඒ කුල්මත් බවත් බුද්ධියේ විශ්වාසයත් තිබෙනවාදැයි කියාත් පළමුව ඔබ පරීක්ෂා කර බැලිය යුතුයි. ස්මරණය සඳහා ඔවුන් තුළ මහත් උද්යෝගයක් තිබිය යුතුයි. ලියුමක් ලියා ඔබ අපගේ සැබෑ බාබා, ඉහළම උරුමය අපට ලැබෙන්නේ ඔබගෙන්, ඔබව මුණ නොගැසී අපට ඉන්න බැහැ කියා කිව යුතුයි. මුණගැසීමක් සිදුවන්නේ එන්ගේජ්මන්ට් එකකට පහසුවයි. එන්ගේජ්මන්ට් එකකට පසුව එකිනෙකා මුණගැසීමට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. අපගේ අසීමිත පියා අපගේ ගුරුවරයා වන බවත් මනමාලයා වන බවත් ඔහු අපගේ සියල්ලම වන බවත් ඔබට තේරෙනවා. අන් සෑම කෙනෙකුගෙන්ම ඔබට ලැබෙන්නේ දුකයි. නමුත් ඒ හා බලනා විට, පියා ඔබට මහත් සතුටක් ලබා දෙනවා. එහිදීත් සෑම කෙනෙක්ම එකිනෙකාට සතුට දෙනවා. දැනට ඔබලා සතුට නම් වූ සම්බන්ධතාවයෙන් බැඳ තබා තිබෙනවා. ඔබලා ඉතාමත් උසස් මිනිසුන් බවට පත්කරවනා සුබම සුබ වු සංගම් යුගය මෙයයි. ප්‍රධානම දෙය තමන් ජීවයක් වශයෙන් සලකා දැඩි සෙනෙහසකින් පියාව සිහිපත් කිරිමයි. ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ නැඟෙන්නේ මෙම ස්මරණය තුළිනුයි. ගොඩක් භක්තිය කර ඉහළින්ම අතරමං වුණු අයත් අපිමයි. පියා දැන් පැමිණ සිටින්නේ අපව නිවස වෙත ගෙන යාමටයි, එමනිසා, ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ වී දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. මුළු දවස පුරාම තමන් කී දෙනෙක්ට පියාගේ හැඳින්වීම දුන්නා දැයි කියන වාර්තාව ඔබ විසින් තබා ගත යුතුයි. පියාගේ හැඳින්වීම දීමෙන් තොරව ඔබට සතුටු වෙන්න බැහැ. මේ ගැන ලොකු ආසාවක් තිබෙනවා. මෙම යාගයේ දි බාධක රැසක් නිර්මාණය වෙනවා. බොහෝ අය ගුටි බැට වලට ලක් වෙනවා. පාරිශුද්ධත්වය ගැන කතා කරනා වෙන කිසිම ආධ්‍යාත්මික පන්තියක් නැහැ. මෙහිදි ඔබලා පාරිශුද්ධ වන අතර නැවත නිවස වෙත යා යුතුයි. සංස්කාර ගෙන යන්නේ ජීවයයි. යුධ බිමේ දි මිය ගියහොත් තමන් ස්වර්ගය වෙත යනවා කියා කියනවා. කොහොමද ස්වර්ගය වෙත යන්නේ ? යුධ බිමේ සිටිනා ගමන් තම ඥාති හිතමිතුරන් පවා සිහිපත් කරනවා. පියා දැන් පැහැදිලි කරනවා සෑම කෙනෙක්ම නිවස බලා යා යුතුයි. තමන් සහෝදර ජීවයක් වශයෙන් සලකා පියාව සිහිපත් කරන්න. වැඩි වැඩියෙන් උත්සාහ දැරූ තරමට ඔබට උසස් තත්ත්වයක් හිමිවනු ඇත. අපි සෑම කෙනෙක්ම සහෝදරයින් කියා ඔවුන් කියනවා. නමුත් ඔවුන් එහි තේරුම දන්නේ නැහැ. ඔවුන් පියාවත් දන්නේ නැහැ. තමන් පරාර්ථකාමි සේවයක් කරනවා, කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවන්නේ නැහැ කියා විශ්වාස කරනවා. කොහොමනමුත්, අනිවාර්යෙන්ම ඔවුන් කරනා දෙයට ඵලයක් ලබනවා. එකම එක පියා පමණයි පරාර්ථකාමි සේවයක් කරන්නේ. පියාව දැඩි සේ අපහාසයට ලක් කර ඇති බවත් දේවතාවරුන්වත් අපහාසයට ලක් කර ඇති බවත් දරුවන්ට තේරෙනවා. දැන් දේවතාවරුන්ට ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න බැහැ. මෙහිදි ඔබ දෙයාකාරයකින් ප්‍රචණ්ඩත්වයෙන් තොර වෙනවා රාගයේ අසිපත පාවිච්චියට ගන්නේත් නැහැ, කේන්ති ගන්නේත් නැහි. කෝපයත් ලොකු පාපයක්. ඇතැම් අය කියනවා අපිට අපේ ළමයි එක්ක තරහා යනවා කියලා. පියා පැහැදිලි කර කියනවා කවදාවත් ඔබ ඔවුන්ට පහර නොගැසිය යුතුයි. ඔවුන් ඔබගේ සහෝදරයින්, ඒ ශරිරය තුළත් ජීවයක් තිබෙනවා. ජීවයක් කවදාවත් පොඩි හෝ ලොකු වන්නේ නැහැ. ඔවුන් ඔබගේ දරුවන් නොවෙයි, ඔබගේ බාල සහෝදරයින්. ඔවුනුත් ජීව වශයෙන් ඔබ සැලකිය යුතුයි. ඔබගේ බාල සහෝදරයාට ගහන්න හොඳ නැහැ. ක්‍රිෂ්ණා කණුවක ගැටගසා තබන ආකාරය පෙන්වන්නේ මේ නිසයි. නමුත් ඇත්තටම එවන් දේවල් සිදුවුණේ නැහැ. ඒවා ටිකක් වෙනස් සාරධර්ම උගන්වන ඉගැන්වීම්. ක්‍රිෂ්ණා මොකටද කිරි හොරකම් කරන්නේ ? එය අපහාසයයි. ප්‍රශංසා කරනා විට, නිවැරදි ලෙස ප්‍රශංසා කරනවා ඔහු සියලුම ගුණධර්ම වලින් පිරි, කලා දාසයෙන්ම සම්පුර්ණ කෙනෙක් කියා කියනවා. කොහොමනමුත්, මෙම අපහාසය නාටකයේ තීරණය වී ඇති දෙයක්. දැන් සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් වෙලා. පියා පැමිණ ඔබව සතෝප්‍රධාන් කරවනවා. ඔබට උගන්වන්නේ අසීමිත පියායි. ඔබ ඔහුගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. අමාරුම විෂය මෙයයි. ඔබ උසස් තත්ත්වයක් දිනා ගත යුතුයි. පහසු දෙයක් නම් සෑම කෙනෙක්ම මෙම විභාගයේ නිරත වේවි. එයට දැඩි උත්සාහයක් අවශ්‍යයි. ශාරිරික අවධානයට ලක්ව ඔබ පාපකාරි ක්‍රියා කරනවා. නිදිකුම්බා ගසේ සංකේතය කියන්නේ මේ නිසායි. පියාව සිහිපත් කිරිමෙන් ඔබ සිහිකල්පනාවට එනවා. ඔහුව අමතක කිරිමෙන් කුමන හෝ ආකාරයක අත්වැරදීමක් සිදුවී ඔබගේ තත්ත්වය පහත දමා ගන්නවා. සෑම කෙනෙක්ටම ඉගැන්වීමක් දෙනවා. පසුව මේ ඉගැන්වීම් ගැන ගීතාව ලිව්වා. මිනිසුන් බිය ගැන්වීම සඳහා ගරුඩපුරාණයේ බිය ගෙන දෙන දේ රාශියක් ලියා තිබෙනවා. රාවණ්ගේ රාජ්‍යය කටු කැලයක් වන නිසා එහි පාපය තිබෙනවා. පියා කියනවා ඔබගේ දැක්ම වෙනස් කර ගන්න. බොහෝ කාලයක් තිස්සේ ඔබ ඒ දර්ශනයට පුරුදු වෙලා සිටිනා නිසා තමයි ශරිරය කෙරෙහි දැඩි ඇල්මක් තිබෙන්නේ. විනාශ වන සුළු දේ කෙරෙහි ඇල්මක් ඇති කර ගැනිමෙන් ඇති ඵලය කුමක්ද ? අවිනාශි කෙනා වෙත ඇල්ම ඇති කර ගැනීමෙන් ඔබගේ ලැබීම් පවා අවිනාශි වෙනවා. දරුවන් වන ඔබලාට දැන් උපදෙස් දි තිබෙනවා කතාබහ කරනා විට, ඇවිදින කරන විට පියාව සිහිපත් කරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. විනාශ වන සුළු ශරිර කෙරෙහි ඇති සෙනෙහස අතහැර සදාකාලික වු ජීවයන් වෙත සෙනෙහස දක්වන්න. අශාරිරික පියාව සිහිපත් කරන්න. 'සෑම ජීවයක්ම සහෝදරයෙක්, මම මගේ සහෝදර ජීවය සමඟ කතා කරනවා' යන්න පුහුණු කරන්න.

2. දැනුමේ සාගරය කලතමින් කිසිම ආකාරයක වැරදි දෙයක් නොකියනා ලෙසට තමාගේ තත්ත්වය සකසා ගන්න. සෑම පියවරකදීම තම ගිණුම පරීක්ෂා කර බලන්න.

වරදානය:
ඔබ උපකරණයක් වීමේ සිහියෙන් සේවය කර නිහතමානීව කටයුතු කර උසස් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත් වේවා.

සේවාධාරියෙක් නිරතුරුවම උපකරණයක් වන අතර පරමාත්ම පියා මෙන් නිහතමානීකමක් ඇත. නිහතමානීව සිටීම උසස් සාර්ථකත්වයක් ලබා ගැනීමේ මාර්ගයයි. ඕනෑම දෙයක සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ඔබ කරන සේවය, උපකරණයක් වීමේ සවිඥානික බව සහ නිහතමානී බව ඇති කර ගන්න. මෙය කිරීමෙන්, ඔබ නිරතුරුවම සේවය කිරීමෙන් සතුටක් අත්විඳිනු ඇත. සේවය කිරීමෙන් කිසිදා විඩාවක් ඇති නොවේ. ඔබට කුමන සේවාවක් කිරීමට ලබා දුන්නද, මෙම විශේෂතා දෙක භාවිත කිරීමෙන් ඔබ සාර්ථකත්වයට පත් වී සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේ.

පාඨය:
තත්පරයකින් අශාරීරික වීමට පුරුදු වන්න, එවිට ඔබ සූර්ය වංශයයේ කොටසක් වනු ඇත.