21.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ බ්‍රහමින් දිවිය දේවතා දිවියට වඩා දැන් ඉහළ එකකි. මන්ද, මෙකල, තුන් ලොව සහ ත්‍රිකාලත්‍රය පිළිබඳ දැනුමත් ඔබට තිබෙනවා. ඔබ දෙවියන්ගේ දරුවන්.

ප්‍රශ්නය:
ඔබ දරුවන් නගිමින් සිටින අධික බෑවුම් ඇති නැග්ම කුමක්ද?

පිළිතුර:
දුෂ්කරම නැගීම වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දේවතාවරු බවට පත්වීමේ වෙනස් වීමයි. ඔබ නැගු කල ඔබට සෙනෙහසේ අමෘතය රසකළ හැකියි. මෙය ඉතාමත් දුෂ්කර නැග්මකි. නමුත් විස්මය ගෙන දෙන කාරණාවක් යැයි කියන්නේ ඔබ එය තත්පරයකින් නගී. එහෙත් බැසීමට කාලය ගනී.

ප්‍රශ්නය:
පාප කළය බිඳෙනා විට ජය ගෝෂාව නැඟේවි. මෙය හක්ති මාර්ගයේ සංකේතවත් වී ඇත්තේ කෙසේ ද?

පිළිතුර:
සීතාව කළයකින් බිහි වූ සේ පෙන්වා ඇත. එනම්, පාපයේ කළය පිරි බිඳෙන විට සීතා සහ රාධේ උපත ලබති.

ගීතය:
මේ පාප භූමියෙන් අපව සැප පහසු සහ විවේකී තැනකට රැගෙන යන්න...

ඕම් ශාන්ති.
සුමිහිරි දරුවන් වන ඔබ එම භක්ති ගීතයට සවන්දුන්නා. භක්ති මාර්ගයේ ඔවුන් කන්නලව් කරනවා: මේ අපවිත්‍ර ලොවෙන් අපව පවිත්‍ර ලොවකට රැගෙන යන්න. මේ අශාන්ති දේශයෙන් ශාන්ති දේශයට රැගෙන යන්න. එසේ කියන්නේ, ශාන්ති දනව්වක් සහ සතුටු දනව්වක් තිබෙන බව ඔබේ බුද්ධියෙහි තිබෙනවා, ලක්ෂ්මී සහ නාරායන, අධිරාජ්‍යවරයා සහ අධිරාජ්‍යවරිය ගේ ප්‍රතිරූපයන්ද මෙහි ඇත. මිනිස්සු අධ්‍යයනය කරන්නේ පෘථිවියෙන් කාලක් පමණක් වන ප්‍රමාණයේ ඉතිහාසය සහ භූගෝලය පමණි. එය අඩ කල්පයක් වත් ආවරණය වන්නේ නැත. ස්වර්ණමය සහ රිදී යුග ගැන කිසිවෙකු නොදනී. එය ඔවුන්ගේ දෑස් වැසි තිබෙන්නාක් සේය. ඔවුන් එක් ඇසක් පෙනෙන්නන් සේය. ලොවේ ඉතිහාසය සහ භූගෝලය කිසිවෙකු නොදනී. ලොව ඉතා විශාලයි. ලොව ආරම්භ වූයේ කවදාද. එය අවසන් වූයේ කවදාද එය යළිත් අළුත් බවට පත්වූයේ කවදාද ? දැන් ඔය දරුවන් මෙය වටහා ගත්තා. අනිවාර්යයෙන්ම එය එසේ වෙනවා ඇත. ඔබ ස්වර්ණමය, රිදී, තඹ සහ යකඩ යුග හරහා යා යුතු වේ. යකඩ යුගයෙන් පසු ස්වර්ණමය යුගය නිසැකවම ඒවි. සංගම යුගයේ දී ස්වර්ණමය යුගය ප්‍රතිස්ථාපනය කරන ඒකායන කෙනා එනවා. මෙය පැහැදිලි කිරීමට ඉතා හොඳ විදියකි. පරම පියාට පමණයි යකඩ යුගයෙන් ස්වර්ණමය යුගයට පරිවර්ථනය කළ හැක්කේ. එහෙත් මේ ලෙහෙසි කරුණ පවා කිසිවෙකුගේ බුද්ධියට ඇතුල් වන්නේ නැහැ. මන්ද, ඔවුන්ගේ බුද්ධිය මායාගේ අගුලෙන් වැසී ඇත. ඔවුන් පරම්පිත පරමාත්මාගේ ප්‍රශස්ති ගයන්නේ පරම්පිතා, පරමාත්මයාණෙනි. ඥානයේ බුද්ධිය ඔබ වේ. එම ඥානය මේ මෝඩයන්ට දෙනු මැනවී. අන් සියල්ලන්ම දෙන්නේ මඟපෙන්වීම් ය. පරම පියා පමණයි උසස් උපදෙස් දෙන්නේ. මිනිස්සු කන්නලව් කළාට ඔවුනට කිසිවක් නොතේරෙයි. ඔය දරුවන්ට මේ ලොව පමණක්ම නොවේ. තුන් ලොව පිළිබඳ දැනුම ඇත. මෙලොවෙන් එපිට ඇති ලොව ගැනත් ඔබ දනී. දැන් ඔබ දන්නවා ජීවාත්ම ලෝකය. සුක්‍ෂම ලෝකය සහ භෞතික ලෝකය යන තුන් ලෝකය ගැනම ඔබේ බුද්ධිය තුළ ඇති බව. හොඳින් ඉගෙන ගන්නා අයගේ බුද්ධිය තුළ එය ඇත. ඔබ පාසලක ඉගෙන ගන්නා නිසාය. මෙම ඥානය සම්පූර්ණයෙන් ඔබේ බුද්ධියෙහි රැඳිය යුතුයි. දැන් ඔබේ බුද්ධියෙහි තිකාලත්‍රයේ ම ඥානය ඇත. ඔබ ත්‍රිකාල දර්ශී ද වේ. එහෙත් ඔබට තිලෝකී නාථ (තුන් ලොවටම අධිපති) යැයි කිව නොහැකියි. කිසිවෙකුටත් ත්‍රිලෝකි නාථ විය නොහැකියි. "ත්‍රිකාල දර්ශි" යන වචනය නිවැරැදියි. තුන් ලොව සහ තිකාලත්‍රයේ දැනුම ඔබට ඇත. අනිවාර්යෙන්ම අප වාසය කරන්නේ ජීව ලෝකයේ. අප ජීවාත්ම එහි විසුවා. මේ දැනුම අන් කිසිම කෙනෙකුගේ බුද්ධියෙහි නැත. පරම්පිතා පරමාත්මය ත්‍රිකාල දර්ශී බව ඔය දරුවන් තේරුම් ගනී. තුන් කාලයේම මුල, මැද සහ අග පිළිබඳවත් එසේම තුන් ලෝකය පිළිබඳවත් දන්නා ඔහුම වේ. ලක්‍ෂමි සහ නාරායන වෛකුන්තයේ (පාරාදීසයේ) අධිපතීන් යැයි ඔබට කිව හැකියි. එහෙත් තුන් ලොවේ නොවෙයි. ඔවුන් දෙලොව අධිපතීන්. පරම පියාට පාරාදීසයේ අධිපති යැයි කිව නොහැකියි. මෙය වටහාගත යුතු කාරණාවකි. දෙවියන් තරම් දැනුමින් සපිරි මනුෂ්‍යයෙක් නැත. ඔවුන් කියන්නේ දෙවියන් සියලු ඇතුලාන්තයේ රහස් දත් ඥානයෙන් පිරි කෙනෙකි කියායි. කෙසේවෙතත්, එහි අර්ථය ඔවුන්ට නොතේරේ. ඔහු ඇතුලත රහස් දත් කෙනෙක් නම්, ඔහු සැමගේ හදවත් තුළ තිබෙන දේ පවා දැන සිටිවි. ඔහු සර්ව-ව්‍යාප්තයි කියා මිනිස්සු ඔහුව නින්දාවට පත්කර ඇත. ඔබ දැන් දේව සමූහයට (Godly Community) අයත් වී සිටින අතර පසුව දේවතා සමූහයට (Deity Community) අයත් වෙනවා. උසස් අය කවුරුද. දෙවියන්ද නැතිනම් ස්වර්ණමය යුගයේ දේවතාවන්ද? එම දේවතාවරුන්ටත් වඩා උසස් වන්නේ සූක්ෂ්ම දනව්වේ දේවතාවරුය. සූක්‍ෂම දනව්වේ වාසය කරන බ්‍රහ්මා උසස්ම කෙනා වශයෙන් සැලකේ. ඔහු අව්‍යක්තයි. මොහු ව්‍යක්තයි (භෞතිකයි). ඔහු පාරිශුද්ධ සූක්‍ෂම දේවතාවක් වූ විට ප්‍රශංසාවට ලක්වෙනවා. එම ආභරණ වලින් බ්‍රහමින්වරුන්ව දැන් සැරසුවොත් ඒවා ඔවුන්ට නොගැලපෙනු ඇත. අන්න ඒ නිසායි විෂ්ණු දර්ශන-චක්‍රය අල්ලාගෙන සිටින අයුරින් පෙන්වා ඇත්තේ. දැන් ඔබට හක්ගෙඩිය, ස්වදර්ශන චක්‍රය, යගදාව සහ නෙළුම් මල ආදීයේ අර්ථය වැටහේ. ස්වර්ණමය යුගයේදී ලක්ෂ්මි සහ නාරායනට මේ ආයුධ සහ ආයිත්තම් නොදෙන්නේ ඒවා මේ යුගයට අදාල වූ බැවිනි. ඇත්තෙන්ම මේවා ඥානයේ ආයුධයි: එය භෞතික ආයුධ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් පොත්පත්වල භෞතික ආයුධ ආදිය පෙන්වා තිබෙනවා. ඔවුන් පාණ්ඩව සහ කෞරවයන්ගේ සේනා ද පෙන්වා ඇත. එහෙත් ඒ සේනාවන් වල කාන්තාවන් පෙන්වා නැත. පාණ්ඩව සේනාවේ පිරිමින් පමණයි පෙන්වා තිබෙන්නේ. එවිට ශක්ති සේනාව කොහේද ගියේ ? මේක අදෘෂ්‍යමානයි. ශිව් ශක්ති ගියේ කොහේද කියා කිසිවෙකු නොදනී. එහි විස්තර කිසිවක් දී නොමැත. ශක්ති සටන් වදින්නේ කෙසේද ? ඔවුන් සේනාවක් පෙන්වා ඇතිමුත් කිසිවෙකුටත් එය වටහාගත නොහැකියි. කුමක් හෝ යම් කෙනෙක් පැවසු දෙයක් ඔවුන් ලියා ඇත. ඔබ දැන් හරියටම තේරුම් ගත්තා. අප සැවොම නළුවත් සහ සෑම ජීවාත්මයකටම තමන්ට අදාල චරිත කොටස ලැබී ඇත. දැන් නිර්මාතෘවරයා. අධ්‍යක්‍ෂක සහ ප්‍රධාන නළුවා වන බාබාගෙත් ඔබට නාටකයේ සියලු රහස් දැනගන්නට ලැබී ඇත. යුග හතරක් තිබෙනවා. එනම්, කොටස් හතරක කාල අවධියයි. ඇත්ත වශයෙන්ම යුග පහක් ඇත: පස්වැන්ත ත්‍යගශිලී යුගයයි. ස්වර්ණමය යුග සහ රිදී යුග සංගමයට ත්‍යාගශීලී යුගය යනුවෙන් කිව නොහැකියි. හේතුව එය ඔබ පහළට බසින සමයයි. මෙය ඔබ සතෝප්‍රධාන් සිට රජෝවටත් පසුව තමෝවට බසින ඉනිමඟ වේ. ඉතින් මේ ඉනිමඟ දිගේ ඔබ බැස ආ යුතුයි. ඉනිමඟ දිගේ බැස ඒම පහසුයි. නමුත් නැඟීම ඉතා අපහසුයි: බොහෝ උත්සාහ දරන්න වෙයි. මනුෂ්‍යයෙකුගෙන් දේවතාවක් වීම අධික බෑවුම් සහිත කන්දක් නැඟීම වැනියි. ඔබ එය නඟින්නේ නම් ඔබට ඒ අමෘතය රස කිරීමට හැකි වේ යැයි කියා ඇත. ඔබ දැන් නගිමින් සිටින බවත් ඉන් අනතුරුව ඔබ වැටී ඔබේ ඇටකටු කුඩුවෙන බවත් තේරුම් ගත්තා. එයට කොපමණ කාලයක් ගතවේද ? මෙම නැග්ම ඉතා දුෂ්කරයි. ඔබ නැවතත් නගිමින් සිටින බවත් පසුව වැටෙන බවත් තේරුම් ගත්තා. නඟින්න ගත වෙන්නේ තත්පරයකි. පසුව එන අයට තත්පරයකින් නැඟීමට හැකි වේ. අහිංසක මව්වරු හිරිහැරයට ලක්ව ඇත. එම දූවරු කෑගසන්නේ: බාබා. අපව නග්න කිරිමෙන් බේරගන්න. දියණියන් බොහෝ සිටී. අහිංසක අයව විශාල වශයෙන් හිරිහැරයට ලක්ව ඇත. ඔවුන් පහර කන විට පාපයේ කළය පිරෙයි. එසේ පිරුණු විට එය බිඳේ. සීතා කළයක් මතුවෙනවා සේ පෙන්වා ඇත. දැන් මතුවී එන්නේ ඔබ සත්‍ය සීතාවය. සීතා මෙන්ම රාධේ මතු වේ. ඔවුන් මෙසේ "රගුපති රාගව රාජාරාම්" (රාමගේ වර්ණනාව) ලියද්දී, ඔවුන් සීතාගේ නම එකතු කරති. ඔවුන් ජගදම්බා සහ ජගත්පිතා ගැනත් කතා කරති. ඔවුන් පසුව රජකුමරා සහ රජකුමරිය බවට පත්වෙනවා. ඔවුන් ලක්ෂ්මී සහ නාරායනව සිට දැන් අවසානයේ කවුරු වී සිටිනවාද කියා බලන්න. ස්වර්ණමය යුගයේ කෝටි 33ක් මිනිස්සු සිටියේ නැහැ. එහි ඉතාමත් සුළු පිරිසක් සිටි අතර පැතිරීම ඇතිවුණේ පසුවටයි. දේවතා සමූහය නොකඩවා පුනරුත්පත්ති ලබමින් පසුව යක්‍ෂ සමූහය බවට පත්විය. යක්ෂ සමූහයට අයත් අය දේවතා සමූහයට අයත් වී පරිවර්ථනය වෙමින් පවති. ඔවුන්ට සෑම චක්‍රයේම එසේ කෙරෙයි. ඔබේ බුද්ධිය තුළට මුළු ඥානයම ඇතුල් වේ. ත්‍රිකාල දර්ශී වනුයේ ඔබයි. එමෙන්ම තුන් ලොවේ ඥානයත් ලබා ඇත. ඔබ වන්දනීය, පාරාදීසයේ අධිපතීන් බවට පත්ව සිටියා. දැන් ඔබ පුජා කරන්නන්, අපායේ අධිපතීන් වී සිටිනවා යැයි ඔබ දන්නවා. කෙසේ වෙතත්, "හම් සෝ" යන්නෙහි අර්ථය කෙටියෙන් නොදන්නා නිසා ඔවුන්ටම "හම් සෝ" (තමන්ටම දෙවියන්) කියා ගනිති. එහි ලොකු වෙනසක් ඇත: මෙය ලොවේ ඉතිහාසය සහ භූගෝලය යැයි ඔබට පහදා දුන්නා. ඔබ දැන් මේ අසීමිත චක්‍රයත් එමෙන්ම තුන් ලොවත් එස්ම ත්‍රිකාලත්‍රයත් දන්නවා. පරම පියා මේ අදෘෂ්‍යමාන විෂයන් උගන්වයි. මෙය වෙන කිසිවෙකු නොදනී. ගීතාවේ පවා මෙය ඇතුලත් නොවේ. මේ ඥානය ඇත්තන්ට අන් අයටත් උගැන්විය හැකියි. පසුව, ඔවුන් සැවොම ඇවිත් තම කාලය අනුව ඔවුන්ගේ චරිත කොටස කරාවි. ක්‍රිස්තු ඇවිත් තමන්ගේ චරිත කොටස රඟපායි. ඔබ සුර්ය වංශයට සහ චන්ද්‍ර වංශයට අයත් වෙනවා. එසේම වෛශ්‍ය සහ ශුද්‍ර සමුහයට එන බව දැන් වටහාගෙන ඇත. චක්‍රය මෙලෙස කැරකේ. බෞද්ධ සහ ඉස්ලාම් අය ඇවිත් තමන්ගේ චරිත කොටස තමන්ගේ කාලයේ නැවත කරාවි. සදාතනික දේවතා ධර්මය තිබෙන කල අන්‍ය ආගම් නොතිබෙනු ඇත. ඇත්තේ එකම ලොවයි. පරම පියා නිර්මාපක සහ නිර්මාණයේ රහස් පහදා දෙයි. සෑම කෙනෙක්ම සීමාසහිත බ්‍රහ්මා කෙනෙකි: දරුවන් නිර්මාණය කර ඔවුන්ව පෝෂණය කරන්නෙකි. නිර්මාපක පියාගෙන් උරුමය ලබන්නේ නිර්මාණයන්ය. සහෝදරයෙක් තවත් සහෝදරයෙකුට උරුමය ලබාදුන් වගක් ඔබ අසා ඇත්ද? ඔබ දරුවන් මුලින්ම වටහාගෙන ඇති ආකාරයට, සීමා සහිත පියවරුන්ගෙන් සීමා සහිත උරුමය ලබන බව කවුරුත් දන්නා කරුණකි. කිසිවෙකුත් ලෞකීක ගුරුවරු උගන්වන ලෞකීක දැනුමෙන් ලෝකාධිපතීත් නොවන්නේය. මේ දේවල් අසීමිතයි. සීමිත අයයි එම අසීමිත පියාව සිහිපත් කරන්නේ. ඔවුන් බාබා, ශිවි බාබා යැයි කතා කරති. නිර්මාණකරුවාටයි "බාබා" කියන්නේ. බාබා කියන එක ඉතා අර්ථාන්විතයි. එමනිසා ඔහුට ශිව් බාබා කියනවා. ඔහු අශාරිරික වේ. ශිව් බාබා සමග ඇති සම්බන්ධතාවය කුමක්දැයි අසති. ඔවුන් ශිව් බාබා අපගේ ඒප්‍රනය පුරවන්න කියා කියති. බාබාගේ නිරවද්‍ය නාමය ශිවා වේ. ශංකර්ගේ පින්තූරය වෙනම එකකි. ඔවුන් ශිව් බාබා සහ ශංකර් එකට මිශ්‍ර කළා, එමනිසා, ඔවුන් ශිව ශංකර් කියා නම් තැබුවා. එසේ කීම ලොකු වැරැද්දකි. අති උසස් පියාව අමතක කළා. හොඳ පින්තූර බොහෝ සාදා ඇත. දැන් මා තුළින් ස්ථාපනය සිදුකෙරෙනවා. ඔබට ඥානය ලැබෙන්නේ මේ කාලයේදී පමණයි ඔබ දැන් බ්‍රහමින් වී සිටියි. බ්‍රහමින්වරු ආවේ කොහි සිටද? බ්‍රහ්මාව භාරගත් අයුරින්ම ඔවුන්වත් මා භාරගත්තා. බ්‍රහමින්වරු බ්‍රහ්මා තුළින් උපත ලැබුවා. ඔබ දැන් ප්‍රජාපිතා බ්‍රහ්මකුමාර් සහ කුමාරින් බව වටහා ගත්තා. "ප්‍රජාපිතා" යන වචනය යෙදීම අත්‍යවශ්‍යයි. හුදෙක් බ්‍රහ්මා යැයි කීම නොසෑහේ. මන්ද, බොහෝ අයට බ්‍රහ්මා යන නම ඇත. නමුත් ප්‍රජාපිතා බ්‍රහ්මා යන නම කිසිවෙකුටත් නොමැත. ඔහු මනුෂ්‍යයෙකි. රුද්‍ර ශිව් බාබා විසිනුයි මේ ඥානයේ යාග ගින්න නිර්මාණය කළේ. එමනිසා බ්‍රහමින්වරු අනිවාර්යයෙන්ම අවැසි වේ. බ්‍රහමින්වරු කවුරුද යන්න ඔබට වැටහේ. මේ යාග ගින්න නිර්මාණය වූයේ බ්‍රහමින් තුළිනී. ඔබ දැන් බ්‍රහමින්වරු පසුව දේවතාවරු වෙනවා. සෑම කෙනෙකුම පහළට මේ පොළව මතට එන්න සිදුවෙනවා. එසේනම්, ඒ සැවොම කොතැනට ද පසුව යන්නේ? සියල්ලන්ම මේ රුද්‍ර ඥාන යග්යාවට බිලි වෙති. මුළු පැරණි ලොවම මේ රුද්‍ර ඥාන යග්යාවට බිලි වෙති. මේ ඥාන යග්යාවෙන් විනාශයේ ගින්න මතුවේ. එයට ශංකර් තුළින් විනාශය යැයි කියති. ඔබටත් එහි සලකුණු පෙනෙනවා ඇත. නියමිත කාලය මෙය වේ. යුරෝපීයවරුන්ට යාදව, කෞරව සහ පාණ්ඩව යැයි කියා ඇත. නමුත් භාරතයේ මිනිස්සු තම ධර්මය අමතක කර ඇත. මෙහි පින්තූරත් තිබෙනවා නමුත් තවමත් කිසිවෙකු එය නොදනී. දේවතාවරුන්ගේ රජදහනක් තිබු නමුත් ඔවුන්ට එම රජදහත දුන්නේ කවුද ? දේවතා ධර්මය ස්ථාපිත වූයේ කෙසේද? ඔවුන් කොහෙත්ම මෙය වටහා නොගනී. ධර්මය ස්ථාපිත කරන්නා එය පහදා දෙයි. අන් කිසිම කෙනෙකුට ලොවේ ඉතිහාසය සහ භූගෝලය ගැන පහදා දීමටත් තුන ලෝකයේ ඥානය දීමටත් නොහැකිය. ඔබ දැන් සියල්ලන්ගේම චරිත කොටස් තේරුම් ගත්තා. සැවොම තම චරිත කොටස කිරීමට තමන්ගේ කාලයට එනවා ඇත. ඔබ ඉදිරියට යනවිට ඔබේ ප්‍රශංසාව වැඩි වේවි. පැතිරීම ඉතා ඉක්මණින් සිදුවේ. එමනිසා, ඔබට ඉතා විශාල ගොඩනැගිලි සාදන්න වෙනවා. මෙය නාටකයේ කොටසයි. බොහෝ දරුවන් ඒවි: නොකඩවා සංඛ්‍යාව වැඩි වේවි. ඔවුන් මේ පාඩම හදාරන්න ඒවි. හුදෙක් නරඹන්නට අන් බොහෝ දෙනෙක් ඒවි. ඒවාගේම අධ්‍යාපන ඇමති තුමා ආවත් ඔබ ඔහුට ඥානය පහදා දිය යුතු වෙනවා. අප කියන එක තමයි ලෝක ඉතිහාසය සහ භූගෝලය. කිසිවෙකුත් මුළු කල්පයේ චක්‍රය වටහාගන්නේ නැත. ඔබව දැන් ඥාන සාගරය විසින් මාස්ටර් ඥානසාගරයක් කර ඇත. අච්චා.

සුමිහිරි, ආදරණිය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා

සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අසීමිත ඉතිහාසය සහ භූගෝලය ඔබ ඉගෙන ගත අන් අයටත් උගැන්විය යුතුයි. ඔබ සතුව ඇති ආයිත්තම් ඔබට ලබා දී තිබෙන්නේ ඔබට පිවිතුරු සුරදේවතාවත් වීමටය.

2. ඥානවන්ත බුද්ධිය නම්, පරම පියා පමණයි. එබැවින් ඔහුගේ ශ්‍රීමත් පිළිපැද ඥානවන්ත වන්න. මෙම බ්‍රහමින් ජීවිතය අනර්ඝයි යන කුල්මත්භාවය පවත්වා ගන්න.

වරදානය:
සම්පූර්ණ පාරිශුද්ධත්වයේ සුගන්ධය, එහි වර්ණය සහ ස්වරූපය සමඟ උකහා ගැනීම මගින් ඔබ ආකර්ෂණීය ප්‍රතිරුවක් වේවා.

බහමින්වරු වීම මගින් ඔබ සියලු දෙනාම වර්ණය වඩවා ඇති අතර ඔබේ ස්වරූපයක් පරිවර්ථනය වී ඇත. කොහොම වෙතත්, ඔබේ සුගන්ධය අංකානු පිළිවෙලක් ගනී. වර්ණය සහ ස්වරූපය අතින් ආකර්ෂණීය ප්‍රතිරුවක් වීම සඳහා ඔබට සම්පූර්ණ පාරිශුද්ධියේ සුගන්ධය තිබීම ද අවැසි වේ. පාරිශුද්ධිය යනු හුදෙක් බ්‍රහ්මචර්යාව ම නොවේ. එහෙත්, එය ශරීර වලින් නොබැඳි වීමටද මාර්ගයකි. ඔබේ හද තුළ පියා හැරෙන්නට වෙන කිසිම දෙයකට ඇලීමක් ඇති වීමට අවසර නොදෙන්න. ඔබේ ශරීරය තිබෙන තාක් බ්‍රහ්මචර්යාව රකින්න. සම්බන්ධතාවන් හි බ්‍රහ්මචර්යාව රකින්න, ඔබේ සංස්කාරයන් හී බ්‍රහ්මචර්යාව රකින්න. ආකර්ෂණීය ප්‍රතිරුවක් බවට පත් වන්නේ එවන් සුගන්ධය ඇති ආධ්‍යාත්මික රෝස මල් පමණයි.

පාඨය:
නියම සත්‍යය හඳුනාගන්න. එවිට ඔබට අතීන්ද්‍රිය සතුට අත්විඳීමට පහසු වනවා ඇත.