21-11-2020 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්


සුමිහිරි දරුවනි, මෙම සංගම යුගය උතුම්ම උතුම් බවට පත් වීමට ඇති සුබ යුගයයි. මන්ද මෙම සංගම යුගයේදී පමණයි පරමාත්ම පියා ඔබට සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් වීමේ දැනුම කියා දෙන්නේ.

ප්‍රශ්නය:

කිසිම හේතුවක් නිසා ඔබ නොහඬා සිටින්නේ ඔය දරුවන් ළඟ ඇති කුමන දැනුම නිසා ද?

පිළිතුර:

මෙය කල් තබාම තීරණය වුණු නාටකයක්ය යන දැනුම ඔබලාට තිබෙනවා. මෙම නාටකය තුළ සෑම ජීවාත්මයකටම ඒ ඒ අයට ආවේණික වූ චරිත කොටසක් ඇති බව ඔබ දන්නවා. පරමාත්ම පියා අපට සතුටේ උරුමය උරුම කර දෙනවා. ඉතින් අපි කොහොමද අඬන්නේ? බ්‍රහ්ම ලෝකයේ සිටින්නා සොයා ගැනීමට අප වෙහෙසුනා. දැන් අපට ඔහුව මුණගැසී තිබෙනවා. ඉතින් තවත් මොනවාද අපිට ඕනේ? වාසනාවන්ත දරුවන් කවදාවත් අඬන්නේ නැහැ.

ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියා මෙහි සිට ඔය දරුවන්ට යමක් පහදා දෙනවා. පින්තූර වල ඔබ මෙසේ ලිවිය යුතුයි: ත්‍රිමූර්ති ශිව බාබා දරුවන්ට පැහැදිලි කර කියා දෙයි. කෙනෙකුට යමක් පහදා දෙන විට ඔය ජීවාත්මය කියනවා: ශිව බාබා කියනවා කියලා. මේ පියාත් කියනවා: ඔබට පැහැදිලි කරන්නේ බාබායි. මෙහි ඔබට මෙය මිනිසුන් විසින් මිනිසුන්ට පැහැදිලි කරනවා නොවෙයි. පරමාත්ම ජීවය ජීවාත්මයන්ට පැහැදිලි කරනවා. නැතිනම් ජීවාත්මයක් විසින් තවත් ජීවාත්මයකට පැහැදිලි කරනවා. ඥාන සාගරය වන්නේ ශිව බාබා පමණයි. ආධ්‍යාත්මික පියා ඔහුයි. ඔය ආධ්‍යාත්මික දරුවන් ආධ්‍යාත්මික පියාගෙන් උරුමයක් ලබන්නේ මේ කාලයේ දී පමණයි. මෙහිදී ඔබ සෑම ලෞකික අහංකාරයක්ම අතහැර දැමිය යුතුයි. මේ කාලයේ දී ඔබ ජීව අවධානයට පත් වී පරමාත්ම පියාව සිහි කළ යුතුයි. වැඩපල කරමින් ඔබගේ ව්‍යාපාරික කටයුතු පවා කරගෙන යා යුතුයි. නමුත් ඉඩ ඇති සෑම විටෙකම තමා ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යනු ඇත. ශිව බාබා මොහුට ඇතුළු වී ඇති බව ඔබ දන්නවා. ඔහු සත්‍යයයි. ජීවමය කෙනායි. සත්, චිත්, අනන්ද් කියන්නේ ඔහුටයි. බ්‍රහ්මා, විෂ්ණු හෝ ශංකර්ටවත් වෙනත් කිසිම මිනිසෙකුටවත් මෙසේ ගුණ ගයන්න බැහැ. ඉහළම ඉහළ දෙවියන් එකම එක පරමාත්ම ජීවාත්මයයි. මෙම දැනුම ඔබට ලැබෙන්නේ මේ කාලයේ දී පමණයි. නැවතත් මෙවන් දැනුමක් ඔබට ලැබෙන්නේ නැහැ. සෑම වසර 5000 කට වරක්ම පරමාත්ම පියා පැමිණ ඔහුව සිහිපත් කරවීමට ඔහු ඔබව ජීව අවධානයට පත් කරවනවා. මෙසේ කිරීමෙන් ඔබ තමෝප්‍රදාන් බවින් සතෝප්‍රදාන් වෙනවා. වෙන කිසිම ක්‍රමයක් එයට නැහැ. අහෝ පාරිශුද්ධකරුවාණනි, වඩිනු මැනව කියා මිනිස්සු කිව්වා වුවත් එහි තේරුම කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. සීතා පාරිශුද්ධ කරවනා රාමා කියා ඔවුන් කිව්වත් කමක් නැහැ. ඔබ සෑම කෙනෙක්ම සීතාවරුන්ය. ඔබලා බැතිමතුනුයි. ඔහු රාමායි. දෙවියනුයි. ඔය බැතිමතුන් දෙවියන්ගෙන් තමන් කළ භක්තියේ ඵලය බලාපොරොත්තු වෙනවා. ඒ ඵලය වන්නේ මුක්තිය හා ජීවන මුක්තියයි. මුක්තිය හා ජීවන මුක්තිය දානය කරන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. නාටකයක ඉහළම චරිත ඇති අයත් පහළම චරිත ඇති අයත් සිටිනවා. මෙම නාටකය අසීමිතයි: වෙන කිසිම කෙනෙකුට මෙය තේරුම් ගත නොහැකියි. මේ කාලයේ දී ඉතාමත් පහළ තමෝප්‍රදාන් තත්ත්වයෙන් ඔබලා උතුම්ම උතුම් සතෝප්‍රදාන් තත්ත්වයට පත් වෙමින් සිටිනවා. සතෝප්‍රදාන් අය අති උත්තමයින් වශයෙන් හැඳින්වෙනවා. දැන් මේ කාලයේ දී ඔබලා අති උත්තමයන් වන්නේ නැහැ. පරමාත්ම පියා ඔබව උතුම්ම උතුම් අය බවට පත් කරවනවා. මෙම නාටක චක්‍රය කැරකෙන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කලි යුගය, සංගම යුගය ස්වර්ණමය යුගය තිබෙනවා. පැරණි ලෝකය අලුත් කරවන්නේ කවුද? පරමාත්ම පියාම හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙය කරන්න බැහැ. සංගමයේ දී පියා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. පරමාත්ම පියා ස්වර්ණමය යුගයට පැමිණෙන්නේත් නැහැ. කලි යුගයට පැමිණෙන්නේත් නැහැ. පරමාත්ම පියා කියනවා: මගේ චරිත කොටස ඇත්තේ සංගම යුගයේදීයි. මෙන්න මේ නිසා තමයි සංගම යුගය දයාබර යුගයක් කියා කියන්නේ. සුබ යුගය මෙයයි. පරමාත්ම පියා පැමිණ ඔය දරුවන්ව සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන්වරුන් බවට පත් කරවන්නේ සුබම සුබ වූ සංගම යුගයේදී බව කියා තිබෙනවා. මිනිස්සු මිනිස්සුමයි. නමුත් ඔවුන් දිව්‍යමය ගුණධර්ම ඇති අය බවට පත් වන නිසා ආදී සනාතන දේවි දේවතා ධර්මයට අයිති අය කියා ඔවුන්ව හඳුන්වනවා. පරමාත්ම පියා කියනවා: මම මෙම ධර්මය ස්ථාපනය කරනවා. ඔබ අනිවාර්යයෙන්ම මෙයින් පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. එකම එක පියා පමණයි පාරිශුද්ධකරු වන්නේ. අන් සෑම කෙනෙක්ම මනාලියන්ය. බැතිමතුන්ය. සීතාගේ පාරිශුද්ධකරු වන රාමා කියා කීම වැරදි නැහැ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඔවුන් කියනවා ඒ ක්ෂත්‍රිය වංශයේ රාමා රජුයි කියා. ඒක වැරදියි. මිනිස්සු කිසිම තේරුමකින් තොරව එක එක දේවල් කිය කියා මතුරනවා. චන්ද්‍ර වාංශික ධර්මයත් දැන් ස්ථාපනය වෙමින් පවතින බව ඔබ දන්නවා. පරමාත්ම පියා පැමිණ බ්‍රාහ්මණ කුලය ස්ථාපනය කරනවා. එය වංශයක් කියා හඳුන්වන්නේ නැහැ. මෙය පවුලක්. පාන්ඩවයින්ගේවත් කෞරවයින්ගේවත් රජදහනක් නැහැ. ගීතාව ඉගෙන ගෙන ඇති අය ඉතාමත් පහසුවෙන් මේ දේවල් අවබෝධ කර ගනීවි. මෙයත් ගීතාවයි. මෙය කියන්නේ කවුද? පරමාත්ම දෙවියනුයි. පළමුවෙන්ම ගීතාවේ දෙවියන් කවුදැයි කියා ඔය දරුවන් පහදා කියා දිය යුතුයි. මිනිස්සු කියනවා: ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි කියලා. කෙසේ වෙතත්, ක්‍රිෂ්ණා සිටින්නේ ස්වර්ණමය යුගයේයි. ඔහු තුළ ඇති ජීවය අවිනාශීයි. ශරීරයේ නම වෙනස් වෙනවා. ජීවයේ නම කෙදිනකවත් වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රී ක්‍රිෂ්ණා ජීවයේ ශරීරය පැවතෙන්නේ ස්වර්ණමය යුගයේදී පමණයි. ඔහු අංක එක වෙනවා. පළමු ලක්ෂ්මි හා නාරායන්, දෙවන තෙවන කියා සිටිනවා. ඒ ඒ අයගේ ලකුණු ප්‍රමාණය අඩු විය යුතුයි. රෝසරියක් නිර්මාණය වෙනවා. රුන්ඩාගේ රෝසරිය හා රුද්‍රාගේ රෝසරිය කියා තිබෙනා බව පරමාත්ම පියා කියා තිබෙනවා. විෂ්ණුගේ ගෙල වටා රුන්ඩා මාලාව පෙන්වා තිබෙනවා. ඔය දරුවන් එක් එක් මට්ටම් වලින් විෂ්ණු දේශයේ පාලකවරුන් වෙනවා. එය හරියට ඔබලා විෂ්ණුගේ ගෙල වට මාලාවන් වෙනවා වගෙයි. පළමුවෙන්ම ඔබ ශිවාගේ ගෙල වටා මාලාවක් වෙනවා. මිනිස්සු ජප කරනා රැද්‍ර මාලාව කියා කියන්නේ එයයි. රෝසරියක් කවදාවත් වන්දනා කෙරෙන්නේ නැහැ. රෝසරියේ බීජ කරකැවීම තමයි කරන්නේ. විෂ්ණු දේශයට පිළිවෙලින් පැමිණෙන්නන් ඒ පිළිවෙලින් රෝසරියට ඇමිණෙනවා. රෝසරියක මුදුන් මලත් ඉන්පසුව ද්විත්වයත් තිබෙනවා. ඉන් අදහස් වන්නේ පවුල් මාර්ගයයි. පවුල් සමාජය අරඹන්නේ බ්‍රහ්ම, සරස්වතී හා දරුවන්ගෙනුයි. පසුව දේවතාවරුන් වන්නේ ඔවුනුයි. ලක්ෂ්මි නාරායන් පළමුවෙන් සිටිනවා. ඔවුන්ට ඉහළින් ශිව බාබා සිටිනවා. රෝසරියක බීජ කරකවා මුල් බීජය නමස්කාර කරනවා. මුල් බීජය ශිව බාබායි. ඔහු නැවත උපත් ගන්නේ නැහැ. ඔහු මොහුට ඇතුළු වෙනවා. ඔහු ඔබට පහදා දෙනවා. මොහුගේ ජීවය ඔහුගේමයි. මොහු තමන්ගේ ශාරීරික ජීවන ගමන ගෙන යන අතර ඔහුගේ රාජකාරිය වන්නේ ඥානය දීමයි. කෙනෙකුගේ බිරිඳක් හෝ පියෙක් මිය ගිය විට ඒ ජීවාත්මයව බ්‍රාහ්මණ පූජකවරයෙකුගේ ශරීරයට කැඳවනවා. ඒ දවස් වල ඒ ජීවයන් පැමිණියා. කෙසේ වෙතත්,ඒ ජීවය ඔහුගේ ශරීරය අතහැර දමා පැමිණෙන්නේ නැහැ. නාටකයේ එය කල් තබාම තීරණය වී තිබේවි. ඒ සියල්ල භක්ති මාර්ගයයි. ඒ ජීවය ගිහින් තවත් ශරීරයක් ගත්තා. ඔය දරුවන් දැන් මේ සෑම ඥානයක්ම ලබනවා. එමනිසා, කෙනෙක් මිය ගිය විට ඔබ ඒ ගැන කලබලයට පත් වන්නේ නැහැ. ඔබගේ මව මිය ගියත් හල්වා කන්න. එක් දියණියක් (ශාන්තා බෙන්) මෙය පැහැදිලි කිරීමට ගියා: ඇයි ඔබ අඬන්නේ? ඒ ජීවාත්මය ගිහින් තවත් ශරීරයක් අරගෙන ඇති. ඔබ අඬුවයි කියා ඒ ජීවය නැවත එන්නේ නැහැ. වාසනාවන්ත දරුවන් අඬන්නේ නැහැ. ඇය සෑම කෙනෙක්වම ඇඬීමෙන් මුදවා ගෙන ඔවුන්ට කරුණු පැහැදිලි කර කියා දුන්නා. දියණියන් කිහිප දෙනෙක්ම මෙසේ ගිහින් පැහැදිලි කිරීම් කරනවා. දැන් අඬන එක නතර කරන්න. බොරු බ්‍රාහ්මණයින්ගේ කුස පුරවන්න එපා. මම සැබෑම බ්‍රහමිණ්වරුන්ව මෙහි ගෙන එන්නම්. පසුව ඔවුන් දැනුමට ඇහුම් කන් දෙන්න පටන් ගන්නවා. ඇය කියනා දේ සත්‍යයක් බව පසුව ඔවුන් තේරුම් ගන්නවා. මෙම දැනුමට ඇහුම් කන් දීමෙන් ඔවුන් සාමකාමී වෙනවා. දින හතක් පුරා භගවතය කියවනා විටත් මිනිසුන්ගේ දුක දුරු වෙනවා. කෙසේ වෙතත්, ඔය දූවරුන්ට සෑම කෙනෙකුගේම දුක් නැති කළ හැකියි. ඇඬීමට හේතුවක් නැති බව ඔබලාට තේරෙනවා. මෙම නාටකය කල් තබාම තීරණය වූවකි. සෑම කෙනෙක්ම තම තමන්ගේ චරිත කොටස රඟදැක්විය යුතුයි. කිසිම හේතුවක් නිසා අඬන්න එපා. මෙතෙක් කල් ඔබ සොය සොයා සිටි අසීමිත පියාව, ගුරුවරයාව හා ගුරුව ඔබට දැන් මුණගැසී තිබෙනවා. ඈත එපිට බ්‍රහ්ම ලෝකයේ සිටිනා පරමාත්ම පියා පරමාත්ම ජීවය දැන් ඔබට මුණ ගැසී තිබෙනවා. එමනිසා, තවත් මොනවාද ඔබට අවශ්‍ය? පරමාත්ම පියා දෙන්නේ සතුටේ උරුමය පමණයි. පියාව අමතක කළවිට ඔබට ඇඬීමට සිදු වෙනවා. පියාව සිහි කළහොත් සතුටු විය හැකියි. ඔහෝ, අපි ලෝක පාලකවරුන් වෙනවා. පසුව අපි පරම්පරා 21 කටම අඬන්නේ නැහැ. පරම්පරා 21 ක් යනු සෑම උපතකම මහළුම අවධිය තෙක්. මින් අදහස් වන්නේ අකල් මරණ නැති බවයි. ඉතින් ඔබ තුළ මහත් වූ නොපෙනෙන සතුටක් තිබිය යුතුයි. මායා දමනය කර තමන් ලෝකය ජය ගන්නා බව ඔබලා දන්නවා. මේ සඳහා ආයුධ අවශ්‍ය වන්නේ නැහැ. ඔබලා ශිව ශක්තීන්ය. ඥාන අසිපත හා ඥාන හීය ඔබලාට තිබෙනවා. භක්ති මාර්ගයේ මිනිස්සු ඒ දේවතාවරුන්ව භෞතික දුණු ඊතල වලින් පෙන්වා තිබෙනවා. පරමාත්ම පියා කියනවා: ඥාන අසිපතෙන් ඔබ පාප දමනය කළ යුතුයි. දේවතාවරුන් හිංසාකාරී විය නොහැකියි. ඒ සියල්ල භක්ති මාර්ගයයි. සාධු සන්‍යාසීවරුන් හුදෙකලා මාර්ගයට අයිති අයයි. ඔවුන් පවුල් මාර්ගය ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔබ මුළු පැරණි ලෝකයමත් පැරණි ශරීරයමත් අතහැර දමා යනවා. දැන් ඔය ජීවාත්මයන් පරමාත්ම පියාව සිහි කළා නම්, ඔබලා පාරිශුද්ධ වේවි. දැනුමේ සංස්කාර ඔබව හොඳ නිවසකට, රජ කෙනෙකුගේ හෝ දැහැමි පවුලකට ගෙන යනවා. සැම දෙනාගේම සෙනෙහසට ඔබ ලක් වේවි. ඔබ දෙවඟනක් කියා ඔවුන් කියනවා. ඔවුන් ඔහුව ගැරහුමට ලක් කරලා. අච්චා. ඇයි ඔවුන් ක්‍රිෂ්ණාව නිල් පාටින් පෙන්වා තිබෙන්නේ? එහි ක්‍රිෂ්ණා හරි ලස්සනයි. ශරීරය වෙනස් වෙනවා. නමත් වෙනස් වෙනවා. ශ්‍රී ක්‍රිෂ්ණා ස්වර්ණමය යුගයේ පළමු රජකුමරායි. ඉතින් ඇයි ඔවුන් ඔහුව නිල් පාටින් පෙන්වා ඇත්තේ? වෙන කිසිම කෙනෙකුට මේ ගැන ඔබට කියන්න බැහැ. කාවවත් නිල් පාට කරවන්න එහේ සර්පයින් නැහැ. මෙහිදී කෙනෙක්ට සර්ප විස ඇතුළු වුණු විට ඒ කෙනා නිල් පාට වෙනවා. ඒවගේ දේවල් එහෙ වෙන්න බැහැ. ඔබලා දැන් දේවතා ප්‍රජාවේ කොටසක් වීමටයි යන්නේ. මේ බ්‍රාහ්මණ සමාජය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පළමුවෙන්ම පරමාත්ම පියා බ්‍රහ්මා හරහා බ්‍රහමිණ්වරුන් හදා ගන්නවා. ප්‍රජා පිතා බ්‍රහ්මා සිටිනා නිසා ඔහුගේ ප්‍රජාවත් ඉන්න ඕන. සරස්වතී බ්‍රහ්මාගේ දියණිය කියා කියනවා. ඇය ඔහුගේ බිරිඳ නොවෙයි. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නිර්මාණය මුඛයෙන් සිදු වන්නක් පමණයි. බිරිඳක් ගැන සඳහනක් නැහැ. පරමාත්ම පියා ඔහුට ඇතුළු වී ඔබ මගේ දරුවන් කියා කියනවා. මම මොහුට බ්‍රහ්මා කියා නම් තබා තිබෙනවා. ඔහුගේ දරුවන් වුණු අයගේ නම් වෙනස් වුණා. ඔය දරුවන් දැන් මායා ජය ගනිමින් සිටිනවා. මෙය ජය පරාජය අතර සෙල්ලමක්. පරමාත්ම පියා ඔබ සමඟ හරිම හොඳ ගණුදෙනුවක් කරනවා. ඒ වුණත් මායා ඔබව පරාජය කරවා පැනය යාමට සලස්වනවා. නයාගේ දුර්ගුණ පහ ඔබව පරාජය කරවනවා. දුර්ගුණ පහ ඇති අය යක්ෂ සමාජයේ අය ලෙස හැඳින්වෙනවා. මිනිස්සු දේවතාවරුන්ගේ දුර්ගුණ පිළිම ඉදිරියට ගිහින් ඔබලා සියලු ගුණයන්ගෙන් පිරි අයයි කියා ප්‍රශස්ත ගී ගයනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ: ඔබලා වන්දනීය දේවතාවරුන් ලෙසින් සිට පසුව උපත් 63 කට වන්දනා කරුවන් වුණා. දැන් ඔබ නැවතත් වතාවක් වන්දනීය අය වෙමින් සිටිනවා. පරමාත්ම පියා ඔබව වන්දනීය අය බවට පත් කරවන නමුත් රාවණ ඔබව වන්දනාකරුවන් කරවනවා. මේ දේවල් ග්‍රන්ථ වල සඳහන් වී නැහැ. පරමාත්ම පියා කිසිම ග්‍රන්ථයක් හදාරා නැහැ. ඔහු ඥාන මහා සයුරයි. ඔහු සියලු බල ඇත්තායි. සියලු බල ඇත්තා යනු සියලුම ශක්තීන් ඇත්තා යන්නයි. පරමාත්ම පියා කියනවා: මම සියලුම වේද ග්‍රන්ථ ගැන දන්නවා. ඒ සියල්ල භක්ති මාර්ගයේ සැරසිලියි. ඒ සියල්ලම මම දන්නවා. තඹ යුගයේ දී ඔබ වන්දනාකරුවන් වුණා. ස්වර්ණමය හා රිදී යුග වල දී වන්දනාවල් නැහැ. එය වන්දනීය අයගේ වංශයයි. පසුව වන්දනා කරන්නන්ගේ වංශය ඇරඹෙනවා. මේ කාලයේ දී සෑම කෙනෙක්ම වන්දනාකරුවන්ය. මේ දේවල් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණ ඔබට උපත් 84 කතාව කියා දෙනවා. වන්දනීය හා වන්දනා කරන කතාව ඇත්තේ ඔබ ගැනයි. මිනිස්සු හින්දු ආගම ගැන කතා කරනවා. ඇත්තටම කියනවා නම් භාරතයේ ආදී සනාතන දේවි දේවතා ධර්මය තිබුණා. හින්දු ධර්මය නොවෙයි. කරුනු රැසක් පැහැදිලි කළ යුතුයි. මෙම දැනුමට යන්නේ තත්ත්පරයයි. ඒ වුණත් එයට දිගු කලක් ගත වී තිබෙනවා. මුළු මහා සාගරයම තීන්ත කර සෑම ඝන වනාන්තරයක්ම පැන්සල් කර ලිව්වත් මෙම දැනුම ලියා අහවර කළ නොහැකි බව කියා තිබෙනවා. අවසානය දක්වාම මම ඔබට මෙම දැනුම දෙනවා. මේ ගැන පොත් කීයක් ඔබ සාදාවිද? මුල් කාලයේ දී බාබා උදේ පාන්දරින් අවදි වී ලියන්න පටන් ගන්නවා. පසුව මමා ඒවා ගෙන කියවනවා. ඒ කාලයේ ඉඳන්ම ඒවා මුද්‍රණය වෙන්න පටන් ගත්තා. කොල ගණනාවක් යෙදවෙන්න ඇති. ගීතාව හරිම පොඩියි. ගීතාව ඇතුලත් කර පෙන්ඩන් පවා සාදනවා. ගීතාවේ මහත් බලපෑමක් තිබුණා වුවත් ඥානය දානය කරනා ගීතාවේ දෙවියන් කවුදැයි යන්න ඔවුන් අමතක කරලා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. ඥාන අසිපතෙන් පාප දමනය කරන්න. ඥානයේ සංස්කාර වලින් තමාව පුරවා ගන්න. පැරණි ලෝකයත් පැරණි ශරීරයත් අතහැර දමන්න.
  2. වාසනාවන්ත වීමේ සතුට රඳවා ගන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් කලබල වන්න එපා. කෙනෙක් ශරීරය අතහැර දමා ගියත් දුකින් කඳුළු සලන්න එපා.

වරදානය:

ඔබ, ඔබගේ කිරුළ සහ සිහසුන ඔබත් සමඟ සෑම විටම තබාගන්නා, නිරන්තර සහ ස්වභාවික යෝගීවරයෙක් වේවා.

වත්මන් කාලයේ ඔය සියලුම දරුවන්ට පරම පියාගෙන් කිරුළක් සහ සිහසුනක් ලැබෙනවා. වත්මන් කිරුළ සහ සිංහාසනය බොහෝ අනාගත උපත් සඳහා ඔබට කිරුළක් සහ සිහසුනක් ලබා ගැනීමට මඟපාදනවා. ලෝක යහපත වෙනුවෙන් ඔබගේ වගකීමේ කිරුළ සහ බාප්දාදාගේ හදවත් සිහසුන ඔබ නිරන්තරයෙන් ඔබත් සමඟ තබාගන්නේ නම්, ඔබ නිරන්තර සහ ස්වභාවික යෝගී කෙනෙක් වෙයි. එවිට කිසිදු ආකාරයක උත්සාහ දැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොවෙයි, මන්ද ප්‍රථමයෙන් ඔබට සමීප සබැඳියාවක් තිබෙන අතර දෙවනුව ඔබගේ ලැබීම් අසීමිතයි. ලැබීම් ඇති තැන, ස්වභාවික ස්මරණය තිබෙයි.

පාඨය:

සරළ බුද්ධියකින් ඔබගේ සැලසුම් ප්‍රායෝගික ස්වරූපයකට දමන්න, මන්ද එතුළ සාර්ථකත්වය මුසු වී තිබේ.

*** ඕම් ශාන්ති ***