21.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, එක් සැනෙකින් මුක්තිය හා ජීවන් මුක්තිය ලබාගැනීම පිණීස "මන්මනාභව්" සහ
"මධ්යජිභව්" වන්න. පරම පියාව නිරවද්‍යව හඳුනාගන්න. පරම පියාව මෙනෙහි කරමින් සැමට
ඔහුගේ හැඳින්වීම දෙන්න.
ප්රශ්නය:
කිනම්
කුලමත්භාවයේ පදනම මතද ඔබට පරම පියා හෙළිදරව් කළ හැක්කේ?
පිළිතුර:
අප දැන් දෙවියන්ගේ දරුවන් වී සිටිනවා. ඔහුම අපට උගන්වනවා යන කුල්මත්භාවයෙන්
සිටින්න. මෙම සත්‍ය මාර්ගය අප සියලු මනුෂ්‍යයන් හට පෙන්විය යුතුයි. අප දැන් සංගම
යුගයේ සිටින්නේ. පරම පියාගේ නම ප්‍රකට කිරීම අපගේ රාජකීය හැසිරීම තුළින් කළ යුතුයි.
පරම පියාගේ වර්ණනාව සහ ක්‍රිෂ්ණාගේ වර්ණනාව ගැන සැමටම පවසන්න.
ගීතය:
හෙට දවසේ
වාසනාව ඔබයි.
ඕම් ශාන්ති.
මෙය නිදහස් සටන් කාමීන් වෙනුවෙන් ගැයූ ගීතයයි. කෙසේවෙතත්, "ලොවේ වාසනාව" යනු කුමක්
ද කියා භාරතයේ මිනිස්සු නොදනී. මෙය සමස්ත ලොවටම ඇති ප්රශ්නයකි. සමස්ත ලොවේම වාසනාව
වෙනස් කිරිම කිසිම මනුෂ්‍යයෙකුට කළ නොහැකිය. එනම් අපායෙන් දිව්‍ය ලොව බවට වෙනස්
කිරීමයි. මෙම වර්ණනාව මනුෂ්‍යයෙකුට හිමි වන්නේ නැහැ. මෙය කීවේ ක්‍රිෂ්ණාට නම්. ඔහුට
නින්දා කිරීම කිසිවකුටත් කළ නොහැකි වනු ඇත. මිනිසුන්ට තේරෙන්නේ නැහැ කොහොමද
ක්‍රිෂ්ණා අමාවක දිනයේ චන්ද්‍රග්‍රහණය දකින්නේ. ඒහෙයින් ඔහු නින්දාවට ලක්වුණා
කියාත් කියනවා. ඇත්තෙන්ම ක්රිෂ්ණාවත්, ගීතාවේ දෙවියන් වත් නින්දා අපහාසයට පත් කළ
නොහැකියි. මේ බ්රහ්මා තමයි නින්දාවට පත්වූයේ. ක්‍රිෂ්ණා කාන්තාවන් පැහැරගෙන ගියා
යනුවෙන් නින්දා කර ඇත. ශිව් බාබා ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. අනිවාර්යෙන්ම
මිනිස්සු දෙවියන් සොයා යනවා නමුත් දෙවියන්ට නින්දා කිරිම කිසිදා කළ නොහැකියි.
ක්රිෂ්ණාවවත් දෙවියන්වවත් නින්දාවට පත්කිරීම කළ නොහැක. දෙදෙනාගේම ප්රශස්ති ඉතා
ප්‍රබලයි. ක්‍රිෂ්ණාගේ ප්රශස්තිය අග්රගන්යයයි. ලක්ෂ්මි නාරායන්ට පවා ඒ තරම්
ප්රශස්ති නැත. මන්ද, ඔවුන් විවාහකයි. ක්‍රිෂ්ණා කුමාරයෙකි; ඒ නිසායි. ඔහු බොහෝ සේ
ප්රශස්ති ලබන්නේ. ඔවුන් එම ප්‍රශස්තියම ලක්ෂ්මි සහ නාරායන්ට ගයනවා. කලා 16කින්
පිරිපුන් සම්පූර්ණ පාපයෙන් තොර වූ කියා. නමුත්, ඔවුන් ක්‍රිෂ්ණාව තඹ යුගයට දමා
තිබෙනවා. ඔවුන් සිතන්නේ ආරම්භ කාලයේ සිටම එම ප්රශස්ති පැවතෙනවා කියායි. මේ සියලු
දේවල් ඔය දරුවන්ට වැටහෙයි. මෙය දේවමය දැනුමයි. රාම රාජධානිය ස්ථාපිත කළේත්
දෙවියන්මය. මිනිසුන්ට රාම (දෙවියන්) ගේ රාජධානිය කුමක්ද කියා නොවැටහේ. පරම පියා
පැමිණ මෙම විස්තර සියල්ල ලබා දෙනවා. සෑමදේම ගීතාව මතයි තිබෙන්නේ. වැරැදි දේවල්
ගීතාවේ ලියැවී තිබෙනවා. කෞරව සහ පාණ්ඩවයින් අතර යුද්ධ තොතිබුණී. ඒ හෙයින් අර්ජුනා
පිළිබඳ ගැටළුවක් ඇති නොවනු ඇත. පරම පියා මෙම පාසලෙහි ඉඳිමින් ඔබට උගන්වනවා. සටන්
බිමක පාසලක් නොතිබෙනු ඇත. ඔව්. ඔබ ජයගත යුතු යුද්ධය තමයි රාවණ සහ මායා සමඟ ඇති
යුද්ධය. ඔබ මායා ජයගත්තන් වී ලොව ජයගත්තන් විය යුතුයි. කොහොම වෙතත් මිනිස්සු
යන්තමින්වත් මෙය තේරුම් නොගනී. ඔවුන් පසුව ඇවිත් තේරුම් ගැනීමයි නාටකයේ නියම වී
ඇත්තේ. ඔවුන්ට මේ විෂයන් කියා දීමට හැක්කේ ඔය දරුවන්ට පමණයි. බිපම්පිතාමාට දරුණු හී
සැර විදීමක් යනාදී දේවල් නැහැ. එවැනි බොහෝ දේවල් ග්රන්ථයන් හි ලියා තිබේ. ඔය
මව්වරුන් ඒ මිනිස්සු වෙතට ගොස් ඔවුන් සමඟ මඳ වේලාවක් ගත කළ යුතුයි. ඔවුන්ට කියන්න
අපට මේ සම්බන්ධයෙන් ඔබ සමඟ මදක් කතා කරන්න ඕන. මේ ගීතාව දෙවියන් තමයි පැවසුවේ. එය
දෙවියන්ගේ ප්රශස්ති වේ. ක්‍රිෂ්ණා වෙනම කෙනෙකි. මෙයට අප එකඟ වන්නේ නැහැ. රුද්‍ර
ශිව දෙවියන්, කියන්නේ මෙම රුද්‍ර ඥාන යාගය ඔහුගේය කියායි. මෙයයි. අශාරීරික පරම්පිතා
පරමාත්මය ගේ එම රුදු ඥාන යගයාව එවිට මිනිස්සු කියන්නේ: ක්රිෂ්ණ දෙවි පවසයි කියා.
නමුත් ඇත්තෙන්ම දෙවියන් යැයි කිව හැක්කේ එක්කෙනාටයි. ඔබ ඔහුගේ වර්ණනා සහ
ක්‍රිෂ්ණාගේ වර්ණනා ලියා දක්වන්න. දැන් කියන්න දෙදෙනාගෙන් ගීතාවේ දෙවියන් කවුරු ද?
ගීතාවෙහි "පහසු රාජයෝගාව" ගැන සඳහන් කර ඇත. පරම පියා කියන්නේ: අසීමිත අත්හැරීමක්
කරන්න. ඔබේ ශරීරයේ අවධානය සහ ඥාති සම්බන්ධතා අත්හැර තමා ජීවාත්මයක් යැයි සලකන්න.
මන්මනාභව්! මධ්යාජිභව්! පරම පියා සියල්ල ඉතා පැහැදිළිව විස්තර කළා. ගීතාවෙහි
ඇතුලත්වන ශ්‍රීමත් පැවසුවේ දෙවියන්ය. ශ්‍රී යනු ඉතා උසස් යන්නයි. ඒ නිසා, මෙම වචනය
යොදන්නේ ශිවා නම් වූ පරම පියා පරමාත්මයටයි. ක්‍රිෂ්ණා වූ කලී දිව්‍ය ගුණධර්ම වලින්
සපිරි මනුෂ්‍යයෙකි. ශිවා වූ කලී රාජයෝග උගැන්වූ ගීතාවේ දෙවියන් ය. අවසානයේ දී නියත
වශයෙන්ම සියලු ආගම් නැති වී යන අතර එක් ධර්මයක් ස්ථාපිත වේ. ස්වර්ණම යුගයෙහි තිබුණේ
ආදී සනාථන දේවතා ධර්මය පමණයි. එය ස්ථාපිත කළේ ක්‍රිෂ්ණා විසින් නොව දෙවියන්
විසින්ය. මෙම ප්රශස්තිය අදාල දෙවියන්ටයි. ඔහුටයි මාතා පිතා යැයි කීවේ. එසේ
ක්‍රිෂ්ණාට කිව නොහැකියි. මෙසේ සත්‍ය පියාගේ හැඳින්වීම ඔබ දෙන්න ඕන. සියලු දෙනාවම
ආපසු නිවසට රැගෙන යන Liberator and Guide (ගැලවුම්කරුවාත් මඟ පෙන්වන්නාත්)
දෙවියන්මයි යන්න ඔබට පහදා දිය හැකියි. සියල්ලන්වම මදුරු රංචුවක් සේ ආපසු නිවසට
රැගෙන යාමේ කාර්යය ශිවාගේ වේ. 'Supreme' යන වචනයත් අගෙයි. එබැවින් පරම පියා
පරමාත්මයගේ ප්රශස්තිය, ක්‍රිෂ්ණාගේ ප්රශස්තියට වඩා වෙනස් වූවක් බව ඔබ පහදා දෙන්න
ඕන. දෙදෙනා අතර ඇති වෙනස ඔප්පු කරමින් පහදා දෙන්න ඕන. ශිවා උපත විපත නම් වූ චක්‍රයට
ඇතුල් නොවෙයි. ඔහු පාරිශුද්ධකරුවා වේ. එහෙත් ක්‍රිෂ්ණා සපුරා උපත් 84ක් ගන්නවා.
දැන් පරමාත්මය කිව හැක්කේ කා හට ද? මෙසේ ද ලියන්න: අසීමිත පියා නොහඳුන නිසා ඔබ
අසතුටින් සිටින අනාථයින් වී සිටී. ස්වර්ණම යුගයෙහි ඔබ ස්වාමියා සහ අධිපතියාට අයිති
වූ විට. ඔබ අනිවාර්යෙන්ම සතුටින් සිටිනවා ඇත. වචන පැහැදිළි විය යුතුයි. පරම පියා
කියයි: මා සිහිපත් කරමින් ඔබේ ජීවත මුක්ති උරුමය එක් සැනෙකින් ලබන්න. දැනුදු ශිව
බාබායි මෙසේ කියන්නේ. ඔහුගේ සම්පූර්ණ වර්ණනාව ලිවිය යුතුයි: ශිවාට තමස්කාර: ඔහුගෙන්
තමයි ඔබගේ දිව්‍යලෝක ප්‍රාප්තිය ඔබ ලබන්නේ. ලෝක චක්‍රය වටහාගැනීමෙන් ඔබ දිව්‍යලෝකයේ
වැසියන් බවට පත්වනවා ඇත. දැන් කුමක්ද නිවරැදි කියා විනිශ්චය කරන්න. ඔය දරුවන්
සන්යාසීන්ගේ ආශ්‍රම වලට ගොස් පුද්ගලිකව ඔවුන්ව හමුවිය යුතුයි. මන්ද. සභාවෙහි
සිටිද්දී ඔවුන් මහා අහංකාරයකිනුයි සිටින්නේ. ඔය දරුවන්ගේ බුද්ධියෙහි තිබිය යුතු දේ
තමයි. සත්‍ය මාර්ගය කෙසේ මිනිසුන්ට පෙන්විය හැකිද යන්න. දෙවියන් කතාකරයි: මා එම
සන්යාසීන්, සාත්තුවරුන්ව පවා ඉහළ නංවනවා. 'Liberator' යනුවෙන් වචනයක් ඇත. අසීමිත
පියා කියයි: මට අයිති වන්න. "පියා පුතාව පෙන්වයි!" එවිට පුතා පියාව පෙන්වයි.
"Father shows son!" then son shows Father. ශ්‍රි කිෂ්ණාට පියා යි කිව නොහැක.
සියල්ලන්ටම දෙවි පියාණන්ගේ දරුවන් විය හැකියි; සැවොම එක් මනුෂ්‍යයෙකුගේ දරුවන් යැයි
ඇමතිය නොහැකියි. එමනිසා, ඔය දරුවන් අන් අයට පැහැදිළි කරන අවස්ථාවේ ලොකු
කුල්මත්භාවයක් ඇතිව පැහැදිළි කරන්න ඕන. රජෙකුගේ පුතෙක් වූ රාජ කුමාරයෙකුගේ හැසිරීම්
දෙස බලන්න! එය ඉතාමත් රාජකීයයි! කෙසේ වෙතත් මේ අහිංසකයාව (ශ්‍රී ක්‍රිෂ්ණා) භාරත
ජනතාව නින්දාවට ලක් කොට තිබෙනවා. ඔවුන් කියයි. ඔබත් භාරත ජනතාව නේද කියා. ඔව් නමුත්
අප සංගම යුගයේයි සිටින්නේ අප දෙවියන්ගේ දරුවන් වුණා. ඔහුගෙන් අප ඉගෙන ගනිමින්
සිටිනවා. දෙවියන් කියයි: මා ඔබට රාජයෝග උගන්වනවා. ක්‍රිෂ්ණාට මෙසේ කීමේ හැකියාවක්
නැත. මෙය ඔවුන් පසුව ඇවිත් වටහා ගනීවි. ජනක් රජු ද සෑම දේම ඉඟියකින් වටහාගත්තා. ඔහු
පරම පිතා පරමාත්මය ස්මරණය කරමින් ධ්‍යානගත වූවා. බොහෝ දෙනෙක් නොකඩවා ධ්‍යානගත වූවා.
ධ්‍යානගත වී ඔවුන් අශාරීරික ලොව සහ පාරාදීසය දකී. ඔබ තමන් අශාරීරික ලොවේ වැසියන් බව
වටහා ගෙන ඇත. ඔබ පරම දනව්වේ සිට ඔබේ චරිතය රඟපෑමට පහළට බැස එනවා. විනාශය අත ළඟයි.
විද්‍යාඥායෝ නම් හඳට යන්නයි මහන්සි වෙන්නේ. ඔවුන්ගේ විද්‍යාවේ අතිශයෝක්ත අහංකාරයෙන්
තම විනාශය සලස්වා ගනිති. ඇත්ත වශයෙන් කියතොත් සඳ මත කිසිවක් නොමැත. මේ දේවල් ඉතා
හොඳයි. එහෙත් එය දක්ෂ අයුරින් ඔබට පැහැදිළි කරන්න වෙයි. මේ ඉගැන්වීම් අපට දුන්නේ
අති උසස් පරම පියායි. ඔහු ඔබගේත් පියා වේ. ඔහුගේ ප්රශස්තිය ක්‍රිෂ්ණාගේ
ප්රශස්තියට වඩා වෙනස්ය. මෙය සියල්ල බිලි වීමට යන රුද්‍ර ඥාන යාග ගින්නයි. මේ කරුණු
ඉතා හොඳයි. නමුත්, මෙයට තවත් කාලයක් ගත වෙයි. මේ කරුණුත් ඉතා හොඳය: එකක්
ආධ්‍යාත්මික වන්දනාව, අනෙක භෞතික වන්දනාවයි. පරම පියා කියයි: මා සිහිපත් කරන්න.
එවිට ඔබේ අවසන් සිතිවිලි ඔබේ අරමුණට ඔබව ළඟා කරවනු ඇත. මේ දේවල් ආධ්‍යාත්මික පියා
හැර අන් කිසිවකුටත් උගැන්විය නොහැක. එවන් වූ කරුණු ඔබ ලියන්න ඕන. මන්මනාභව්!
මධ්යජිභව්! මෙම වන්දනාව මුක්තිය සහ ජීවන්මුක්තියටයි. මෙම වන්දනාවේ ඔබව ගෙන යා
හැක්කේ පරම පියාට පමණයි. ක්‍රිෂ්ණාට මෙය කළ නොහැකියි. සිහිපත් කිරීමේ පුරුද්ද ඔබ
කාවද්දා ගන්න ඕන. ඔබ බොහෝ ස්මරණයේ සිටින්නේද, ඔබට ඉමහත් සතුටක් ඇතිවේවි. කෙසේ වෙතත්
මායා ඔබට ස්මරණයෙහි ඉඳීමට ඉඩ නොදේ. අච්චා.
සුමිහිරි, ආදරණීය.
බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ඔබ සැම සේවය කරනවා.
කෙසේවෙතත්, ඉහළ සේවය තිබෙනවා, පහළ සේවය තිබෙනවා. පියාගේ හැඳින්වීම යම් කෙනෙකුට ලබා
දීම ඉතාමත් පහසුයි. අච්චා. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
රාත්‍රී පන්තිය:
මිනිස්සු නැවුම් වීම
උදෙසා. නැවුම් සුළඟ ගැනීමට කඳුකරයට යනවා. නිවසේ හෝ කන්තෝරුවේ සිටිද්දී ඔවුන්
සිහිපත් කරන්නේ තම රාජකාරියයි. එසේ පිටත යෑමෙන් කාර්යාලයේ සිතිවිලි වලින් ඔවුන්
නිදහස් වෙනවා. දරුවන්ද refresh (නැවුම් විම) සඳහා මෙහි එනවා. අඩ චක්‍රයක් පුරා
භක්ති කර ඔබ වෙහෙසට පත්ව සිටී. මෙම සුබ සංගම යුගයේදී ඔබ දැනුම ලබනවා. ඔබ දැනුමෙන්,
යෝගාවෙන් නැවත ප්‍රාණවත් වෙනවා. දැන් මේ පරණ ලොව විනාශ වෙන්න යන බවත් අළුත් ලොව
ස්ථාපිත වෙමින් තිබෙන බවත් ඔබට වැටහෙනවා. සමූල ඝාතනයක් සිදුවන්නේ නැහැ. මිනිස්සු
සිතන්නේ ලෝකය සහමුලින්ම විනාශ වනවා කියායි. එහෙත් එය එසේ සිදු නොවෙයි; එය සරළව
වෙනස් වෙයි. මෙම පරණ ලොව අපායකි. පරණ ලොව කුමක්ද අළුත් ලොව කුමක් ද කියා ඔබට
වැටහෙයි. මෙය ඔබට සවිස්තරව පැහැදිලි කර දී තිබෙනවා. ඒ සියලු විස්තර ඇත්තේ ඔබේ
බුද්ධියේය. එයද ඇත්තේ ඔබේ උත්සාහය අනුව අංක පිළිවෙලිනී. පැහැදිලි කිරීම සඳහා ඔබට
විශාල වශයෙන් refinement (ශිෂ්ඨත්වය) අවැසියි. අන් අයට, එසැනම ඔවුන්ගේ බුද්ධියෙහි
රැඳීමට එවන් අයුරින් පැහැදිලි කළ යුතුයි. ඇතැම් දරුවන් ඉතා දුර්වලයි. ඔවුන් ඉදිරියට
යන අතරේ නතර වෙති. දෙවියන්ගේ වදන්: ඔවුන් පුදුම වෙනවා. ඔවුන් දැනුමට සවන් දෙනවා.
මෙම දැනුම ගැන අන් අයටත් කියනවා... මෙහි සටන මායා සමඟයි. ඔවුන් මායාට මිය ගොස්
දෙවියන්ට අයිති වෙනවා. පසුව ඔවුන් දෙවියන්ට මිය ගොස් මායාට අයිති වෙනවා. ඔවුන් භාර
වී පසුව ඔවුන් පියාගෙන් වෙන්වී යනවා. මායා ඉතා බලවත්ය. ඇය බොහෝ දෙනෙකුට කුණාටු
ඇතිකරයි. ජය පරාජය දෙකම ඇති බව ඔය දරුවන්ටත් වැටහේ. පස් පව් වලින් අප පරාජිත වෙලයි
සිටියේ. ඔබ දැන් ඒවායෙන් ජය ගැනීමට ප්රයත්න දරමින් සිටිනවා. අවසානයේදී ජයග්‍රහණය
ඔබගේ වේවි. ඔබ පරම පියාට අයිති නිසා තීව්ර විය යුතුයි. මායා මොන තරම් පෙළඹවීම්
දෙනවා ද කියා ඔබට දැකගත හැකි වේ. ධ්‍යානයට ගියත් පවා මෙම ක්‍රීඩාව බොහෝ විට අහවර
වෙනවා. දැන් ඔබ උපත් 84ක චක්‍රය සම්පූර්ණ කර ඇති බව ඔය දරුවන්ගේ බුද්ධියේ ඇත. ඔබ
දේවතා, ක්ෂත්රීය, වෛශ්‍යය සහ ශුද්‍ර වූවා. එවිට දැන් ඔබ ශුද්‍ර බවෙන් බ්‍රහමිණ්
බවට පත්වී සිටිනවා. ඔබ බ්‍රහමිණ් වී පසුව දේවතාවන් වෙනවා. මෙය ඔබ අමතක නොකළ යුතුයි.
අමතක කළොත් ඔබ පස්සට අඩිය තබමින් ඔබේ බුද්ධි ලෞකීක කාර්යයන් වල යෙදෙනු ඇත. ඉන්පසු
ඔබට මුරලිය පවා සිහිපත් කිරීමට නොහැකි වේ. ස්මරණ වන්දනාව ඔබට අපහසුවට දැනේ. මෙය
පුදුමයකි! ඇතැම් දරුවන් බැප් එක පළඳින්නේ පවා ඉතා අමාරුවෙන්ය. මෙයද ශරීර අවධානයයි.
නොවේද? ඔබට නින්දාවන් ලබන්න වෙනවා. ක්‍රිෂ්ණා බොහෝ නින්දා ලැබුවා. ශිව් බාබාටයි
වැඩි හරියක්ම නිග්‍රහ කරනු ලැබුවේ. ඊළඟට ක්‍රිෂ්ණා. ඉන්පසු රාමා අධික ලෙස අවමන්
ලැබුවා. එය අංකානුපිළිවෙලින් ඇත. විශාල වශයෙන් මේ නින්දාවන් තුළින් භාරතය නිග්‍රහයට
ලක් වූවා. ඒවාට ඔය දරුවන් බිය නොවිය යුතුයි. අච්චා.
සුමිහිරිතම, ආදරණීය
බොහෝ කල් මඟහැරී ගොස් සිට දැන් හමුවුණු දරුවන්ට ස්නෙහ ස්මරණය හා සුබ රාත්‍රියක්
වේවා.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ
බුද්ධිය අසීමිත අත්හැරීමක් සහිත එකක් කරගන්න. සදා මෙම ආධ්‍යාත්මික වන්දනාවේ
යෙදෙන්න. ස්මරණයෙහි ඉඳිනා පුරුද්ද තහවුරු කරගන්න.
2. "පියා පුතාව
පෙන්වනවා" "පුතා පියාව පෙන්වනවා" සෑම දෙනාටම පියාගේ සත්‍ය හැඳින්වීම ලබා දෙන්න.
තත්පරයකින් ජීවන්මුක්තිය ලබාගැනීමට මාර්ගය පෙන්වන්න.
වරදානය:
ඔබගේ සිතිවිලි
සහ වචන වලින් ඒකාබද්ධව සේවය කිරීමෙන්, ඔබ නවතාවයෙන් සහ විශේෂත්වයෙන් පිරිපුන් වී, ඒ
අනුව විජ්ජාවන් සිදු කරත්වා.
සිතිවිලි සහ වචන වල
සංයෝගය, විජ්ජාවක් මෙන් ක්‍රියා කරයි. ඔබ මෙය සිදු කරන විට, සමූහයක සියලු සුළු
කාරණා, ඔබට එය විජ්ජාවක් බව සිතෙන ආකාරයට අවසන් වෙයි. සියලු දෙනා කෙරෙහි පිවිතුරු
හැඟීම් සහ ආශිර්වාද වලින් ඔබගේ මනස කාර්යබහුල වන විට, මනසේ සියලු කැලඹීම් අවසන් වී,
ඔබ උත්සාහ දැරීමේදි ඔබගේ බලාපොරොත්තු කිසි විටෙක බිඳී නොයයි. සමූහයකදි ඔබ කිසිම
විටෙක බිය නොවෙයි. ඔබගේ සිතිවිලි සහ වදන් වලින් ඒකාබද්ධ සේවය සිදු කිරීමෙන් එවන්
සේවයක සීඝ්‍ර වේගයකින් ඇති වන බලපෑම ඔබට පෙනෙයි. දැන් සේවය කිරීමේදි මෙම නවතාවය සහ
විශේෂතාවයෙන් පිරෙන්න, එවිට පුරවැසියන් 900,000 පහසුවෙන් සූදානම් වෙයි.
පාඨය:
ඔබ
සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොර වූ විට ඔබගේ බුද්ධිය නිවැරදි තීරණ ගනියි.
මාතේශ්වරිගේ සුමිහිරි
උසස් වදන්
නීරස ලොවක් වූ යකඩ
යුගයෙන් සාරවත් ස්වර්ණම යුග ලොවට යන වගකීම කාගේ ද?
මෙම යකඩ යුගය නීරස
ලොවක් කියන්නේ ඇයි? මෙම ලොවේ කිසිම සාරයක් නොමැති නිසාවෙනී. එනම්. මොන දෙයක වත්
ශක්තියක් ඉතිරිව නැත; සතුට, සාමය හෝ පිවිතුරු බවක් නැත. එක් කලෙක මෙම ලොවේ සතුට,
සාමය හා පාරිශුද්ධිය තිබුණී. එම ශක්තිය තව දුරටත් නොමැත්තේ මෙම ලොවේ පංච මහා පාපයන්
තිබෙන නිසාවෙනී. එබැවින් මෙම ලොවෙහි භීතියේ සාගරය ඇත. එයට කර්ම බන්ධනයේ සයුර කියති.
එමනිසායි මිනිස්සු අසතුටින් සිටින අතර දෙවියන් අමතන්නේ; දෙවියනී. අපව මේ සයුරෙන්
එගොඩ කරන්න. එමනිසා, නියතවම භීතියෙන් තොර වූ ලොවක් තිබුණා යන්න. එනම්, ඔවුන්ට යා
යුතුව තිබූ භීතියෙන් තොර ලොවකට යා යුතුව තිබූ වග මින් ඔප්පු වෙයි. අන්න ඒ නිසායි මේ
ලොවට පාපයේ සයුර කියන්නේ. ඔවුන් පතන්නේ එගොඩ වී පුන්‍ය ජීව සත්තාවන් සිටිනා ලොවට
යාමටයි. ලෝක දෙකක් ඇත. එකක් සාරයෙන් පිරි ස්වර්ණම යුගී ලොව. අනෙක යකඩ යුගී නීරස
ලොව. එම ලෝක දෙකම තිබෙන්නේ මේ පෘතුවියේමයි. අච්චා.