22.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය දැන් ඉහළ නඟින ස්ථීතියේ කාලයයි. භාරතය, දුගී බවින් ධනවත් වෙයි. පියාගෙන්, ඔබගේ ස්වර්ණමය යුගයේ ආධිපත්‍යයේ උරුමය හිමි කරගන්න.

ප්‍රශ්නය:
පරම පියාගේ කුමන ගෞරව නාමයද, ශ්‍රී ක්‍රිෂ්ණාට දිය නොහැක්කේ?

පිළිතුර:
පියා, දුප්පතුන්ගේ ස්වාමියාය. ශ්‍රී ක්‍රිෂ්ණාට මෙසේ කිව නොහැක. ඔහු බොහෝ ධනවත් වන අතර, ඔහුගේ රාජධානියේ සෑම කෙනෙක්ම බොහෝ සේ ධනවත්ය. පරම පියා පැමිණෙන විට, වඩාත්ම දුප්පත් දේශය වන්නේ භාරතයයි. ඔහු භාරතය, ධනවත් කරවයි. ඔබගේ භාරතය, දිව්‍ය ලෝකකය වූ අතර එය දැන් එය නොවන බව ඔබ පවසයි. එය නැවත වරක් එය බවට පත්වෙයි. දුප්පතුන්ගේ ස්වාමියා වන බාබා පමණයි, භාරතය දිව්‍ය ලෝකකය බවට පත් කරවන්නේ.

ගීතය:
අප බලා සිටි එම දිනය අවසානයේදී පැමිණිලා.

ඕම් ශාන්ති.

සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් මෙම ගීතයට සවන් දුන්නා. ජීවාත්මය අදෘෂ්‍යමාන වන නමුත් සිරුර පෙනෙයි. මෙම දෑසින් ජීවාත්ම දැක ගත නොහැක ඒවා අදෘෂ්‍යමානයි. ඒවා නිසැකවම පවතින නමුත් ඒවා සිරුරු වලින් වැසී ඇත. ජීවාත්ම, අදෘෂ්‍යමාන බව කියැවෙන්නේ මේ නිසාය. ජීවාත්මයම පවසන්නේ මම අශාරීරිකයි. මම මෙහිදී ශරීරය තුළට පැමිණ, අදෘෂ්‍යමාන වී සිටියි. ජීවාත්ම අයත් වන්නේ අශාරීරික ලෝකයටයි. එහිදී අදෘෂ්‍යමාන වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය වෙසෙන්නේද එහිය. ඔහු උත්තරීතර ලෙස හැඳින්වෙයි. මුළුමනින්ම එපිට වාසය කරන, උස්සම-උසස්, උත්තරීතර ජීවාත්මය ඔහුයි. පියා පවසන්නේ ඔබ අදෘෂ්‍යමාන වන සේ, මාද මෙහි පැමිණිය යුත්තේ අදෘෂ්‍යමාන අන්දමකින්ය. මා මව් කුසක සිර මැදිරියකට ඇතුළු වන්නේ නැත. පැවතී ඇති, මගේ එකම නාමය, ශිවාය. මා මෙම සිරුරට ඇතුළු වන විට පවා මගේ නම වෙනස් වන්නේ නැත. මෙම කෙනාගේ නම වෙනස් වෙයි. සියලුම ජීවාත්මයන්ගේ පියා වන මා, සෑම විටෙකම හැඳින්වෙන්නේ ශිවා ලෙසින්ය. ඔය සිරුරු තුළ සිටින ඔය ජීවාත්ම, අදෘෂ්‍යමානයි. ඔබගේ සිරුරු තුළින් ඔබ ක්‍රියා සිදුකරයි. මමද අදෘෂ්‍යමානයි. ජීවාත්මයක්, සිරුරකින් වැසි ඇත යන දැනුම, ඔය දරුවන්ට දැන් ලැබෙනවා. ජීවාත්මය, අදෘෂ්‍යමාන වන අතර, සිරුර, දෘෂ්‍යමානයි (හැඳිනිය හැක). මා අශාරීරිකයි. අදෘෂ්‍යමාන පියා, මෙම සිරුර තුළින් ඔබට දැනුම පවසයි. ඔබද අදෘෂ්‍යමාන වන අතර, ඔබගේ සිරුරු තුළින් ඔබ සවන් දෙයි. බාබා නැවත වරක් භාරතය දුගී බවින් ධනවත් කරවීම සඳහා පැමිණ ඇති බව, ඔබට වැටහෙයි. ඔබ පවසන්නේ අපේ භාරතය. සෑම කෙනෙක්ම ඔහුගේ හෝ ඇගේ ප්‍රාන්තය ගැන පවසන්නේ අපේ ගුජරාත් හෝ අපේ රාජස්ථාන්. මගේ යැයි කියන විට, බැඳීමක් ඇත. ඔවුන්ගේ භාරතය දුප්පත් බව සෑම කෙනෙක්ම විශ්වාස කරන නමුත්, ඔවුන්ගේ භාරතය ධනවත්ව තිබුණේ කෙදිනකද හෝ එය එසේ වූයේ කෙසේද කියා කිසිවෙකු නොදනී. ඔය දරුවන්ට බොහෝ කුල්මත්භාවය තිබේ. අපගේ භාරතය බොහෝ ධනවත්ව තිබුණා. එහි දුක පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැත. ස්වර්ණමය යුගයේ වෙනත් ආගම් තිබුණේ නැත. තිබුණේ එක් දේවතා ධර්මය බව කිසිවෙකු නොදනී. ලෝකයේ ඉතිහාසය හෝ භූගෝලය ගැන කිසිවෙකු නොදනී. ඔබට දැන් සෑම දෙයක්ම ඉතා පැහිදිලිව වැටහෙයි. අපේ භාරතය බොහෝ ධනවත්ව තිබුණු අතර එය දැන් බොහෝ දුප්පත්ය. පරම පියා දැන් පැමිණ සිටින්නේ එය නැවතත් ධනවත් කරවීමටයි. ස්වර්ණමය යුගයේ, එය දේවතාවන්ගේ රාජධානිය වූ සමයේ, භාරතය බොහෝ ධනවත්ව පැවතුණි. එම රාජධානිය ගියේ කොහිද? කිසි කෙනෙක් නොදනී. ඔවුන් නිර්මාණය හෝ නිර්මාතෘව නොදන්නා බව, ඍෂිවරුන් සහ මුනිවරුන් පවා පවසයි. පියා පවසන්නේ නිර්මාපකයා හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන, ස්වර්ණමය යුගයේ දේවතාවන්වත් නොදනී. ඔවුන් ඉනිමඟ දිගේ පහළට පැමිණ, කලි යුගයට යන බවට දැනුම ඔවුන්ට තිබුණේ නම්, ඔවුන්ට එම අධිරාජ්‍යයේ සතුට තව දුරටත් නොතිබෙනු ඇත, මන්ද ඔවුන් සිත් පීඩාවට පත් වන බැවින්. ඔබ සිටියා මෙන් නැවත සතෝප්‍රධාන් වන්නේ කෙසේද යන සැලකිලිමත් බව ඔබට ඇත. ඔබ අශාරීරික ලෝකයේ වාසය කරන අන්දම සහ ඔබ ඉන්පසුව සතුටේ දේශයට පැමිණෙන අන්දම ගැන දැනුමද, ඔය ජීවයන්ට තිබේ. අපි දැන් සිටින්නේ ඉහළ යන ස්ථීතියේය. මෙය උපත් 84 හි ඉනිමඟයි. නාටකයට අනුව, සෑම නළුවෙක්ම අංක පිිළිවෙලට පහළට පැමිණ, ඔහුගේ කාලයේදී, ඔහුගේ චරිත කොටස රඟදක්වයි. දුප්පතුන්ගේ ස්වාමියා වන්නේ කවුරුන්ද කියා, ඔය දරුවන්ට දැන් වැටහෙයි. ලෝකයා මෙය නොදනී. සියලුම බැතිමතුන් බලා සිටි දිනය අවසානයේදී පැමිණ ඇති බව, ඔබ ගීතයෙන්ද ඇසුවේය. පරමාත්ම දෙවියන් පැමිණ, සියලුම බැතිමතුන්ව භක්ති මාර්ගයෙන් මුදවා, ඔවුන්ව විමුක්තියට ගෙන යන්නේ කවදාද කියා, ඔබට දැන් වැටහී තිබේ. බාබා දැන් නැවත වරක් මෙම සිරුර තුළට පැමිණ ඇත. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරයි, එබැවින් ඔහු නිසැකයෙන්ම පැමිණෙයි. ඔහු ක්‍රිෂ්ණාගේ සිරුරට ඇතුළු වන බව, නොකියයි නැත. පරම පියා පවසන්නේ ක්‍රිෂ්ණා ජීවාත්මය, උපත් 84 ක් ගෙන ඇත. මෙය ඔහුගේ උපත් ගණනාවක අවසන් උපතයි. අංක එකට සිටි කෙනා, දැන් ඔහුගේ අවසන් උපතේ අවසානයේ සිටින අතර, ඔබටත් එයම අදාල වෙයි. මා ඇතුළු වන්නේ සාමාන්‍ය සිරුරකටයි. ඔබ උපත් 84 ක් අත්විඳ ඇති ආකාරය ගැන, මා පැමිණ ඔබට පවසන්නෙමි. අශාරීරික කෙනා, අශාරීරික පියා, උත්තරීතර පියා, පියාණන් බවත්, ඔහු සැබවින්ම මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කරන බවත්, සීක්වරුන් විශ්වාස කරයි. එබැවින් අප දේවතාවන් නොවිය යුත්තේ ඇයි? දේවතාවන් වූ අය, ඔහුට එල්ලී සිටියි. එකදු පුද්ගලයෙක්වත් තමන් දේවතා ධර්මයට අයත්ව සිටි බව විශ්වාස නොකරයි. වෙනත් ආගම් වල ඉතිහාසය බොහෝ කෙටිය. ඇතමුන්ට එය වසර 500 ක් පමණක් වන අතර ඇතමුන්ට එය වසර 1250 ක් වෙයි. ඔබගේ ඉතිහාසය වසර 5000 කි. දේවතා ධර්මයට අයත්ව සිටි අය පමණක් දෙව්ලොව යයි. අන් සියලුම ආගම් පැමිණෙන්නේ පසුවයි. නාටකයට අනුව, දේවතා ධර්මයට අයත්ව සිටි අය, දැන් වෙනත් ආගම් වලට හැරවී ඇත. ඔවුන් ඒ අන්දමින්ම නැවත හැරී, ඔවුන්ගේ මුල් ධර්මයට ආපසු යයි. පියා විස්තර කරන්නේ දරුවනි, ඔබ ලෝකයේ පාලකයන් විය. දිව්‍ය ලෝකකය ස්ථාපිත කරන කෙනා වන්නේ බාබා බව ඔබට වැටහෙන බැවින්, අප දිව්‍ය ලෝකකයට නොයන්නේ ඇයි? අපි අනිවාර්යෙන් අපගේ උරුමය පියාගෙන් හිමි කරගන්නවා. එම කෙනා අපේ ධර්මයට අයත් බව, මින් ඔප්පු වෙයි. මෙහි අයත් නොවන අය, මෙහි පැමිණෙන්නේවත් නැත. ඔවුන් මෙසේ කියනු ඇත අප වෙනත් ආගමකට යන්නේ ඇයි? ස්වර්ණමය යුගයේ දේවතාවන්ට බොහෝ සතුට තිබුණු බව ඔබට වැටහෙයිි ඔවුන්ට රත්තරං මාලිගා තිබුණි. සෝම්නාථ දේවාලයේ බොහෝ රත්තරං තිබුණි. එවන් වෙනත් ආගමක් නැත. සෝම්නාථ තරම් විශිෂ්ට වෙනත් දේවාලයක් නොතිබෙනු ඇති. එහි බොහෝ දියමන්ති සහ මැණික් තිබුණි. බුදුරදුන් ආදීන්ට දියමන්ති සහ මැණික් එබවූ මාලිගා නොතිබෙනු ඇත. ඔය දරුවන්ව මෙතරම් උසස් බවට පත් කළ පියා වෙනුවෙන්, ඔබ කෙතරම් ගෞරවයක් පවත්වා ගන්නේද? සෑම විටෙකම ගෞරවය රැඳී තිබිය යුතුයි. ඔවුන් අතීතයේ යහපත් ක්‍රියා සිදු කළ බව ඔවුන් විශ්වාස කරයි. හොඳම ක්‍රියාව සිදු කරන්නේ පාරිශුද්ධකරු වන පරම පියා පමණක්ම බව, ඔබට දැන් වැටහෙයි. පැමිණ, වඩාත්ම ශ්‍රේෂ්ට සේවය සිදුකරන්නේ අසීමිත පියා බව, ඔය ජීවාත්ම පවසයි. ඔහු අපව දුගී බවින් ධනවත් බවටත්, යාචකයන්ගෙන් රජකුමරුන් බවටත් පත් කරවයි. දැන් කිසිම කෙනෙක්, භාරතය දිව්‍ය ලෝකකය බවට පත් කළ කෙනාගේ ගෞරවය රකින්නේ නැත. උසස්ම වශයෙන් සිහි කෙරෙන දේවාලය, මංකොල්ලකෑ බව, ඔබට වැටහෙයි. කිසිම කෙනෙක් ලක‍්ෂ්මි සහ නාරායන්ට තිබුණු දේවාලය මංකොලල් කෑවේ නැත. ඔවුන් සෝමනාථ ට තිබුණු දේවාලය, මංකොල්ල කෑවේය. භක්ති මාර්ගයේද බොහෝ ධනවත් අය සිටියි. රජවරුන්ද අංකානුරූපයි. පහත් තත්ත්වයක් ඇති අය, උසස් තත්ත්වයක් ඇති අයට ගරු කරයි. ඔවුන් අධිකරණයේ අසුන්ගන්නේ අංක පිළිවෙලටයි. බාබාට අත්දැකීම් තිබේ. මෙහි ඇති අධිකරණ අපවිත්‍ර රජවරුන්ගේය. පිවිතුරු රජවරුන්ගේ අධිකරණ කෙබඳු වෙයිද? ඔවුන්ට බොහෝ ධනය ඇති බැවින් ඔවුන්ගේ නිවෙස්ද ඉතා හොඳ වනු ඇත. පරම පියා ඔබට උගන්වන බව දැන් ඔබට වැටහෙයි. ඔහු දිව්‍ය ලෝකකයේ ස්ථාපනය සිදු කරනවා. අපි දෙව්ලොව අධිරාජවරුන් සහ අධිරාජිනියන් වනවා. පසුව අපි පහළට පැමිණෙන අතර, අපි බැතිමතුන් වෙයි. අපි පළමුවෙන්ම ශිවාගේ වන්දනාකරුවන් වෙයි අපව දිව්‍ය ලෝකකයේ පාලකයන් බවට පත් කළ ඒකායන කෙනාව අපි වන්දනා කරයි. ඔහු අපව බොහෝ ධනවත් කරවයි. භාරතය දැන් බොහෝ දුප්පත්ය. රු 500 ක වටිනාකමක් තිබූ ඉඩම් දැන් රු 5000 කට වඩා මිල වෙයි. මේ සියලුම මිල ගණන් කෘත්‍රිමයි. එහි ඉඩම් වලට වටිනාකමක් නැත. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය තරම් ඉඩම් ගැනීමට පුළුවනි. එහි බොහෝ ඉඩම් තිබෙයි. මිහිරි ජලය ඇති ගංඟා අසබඩ මාලිගාවන් තිබෙයි. මනුෂ්‍යයින් ඉතාමත්ම සුළු පිරිසක් සිටින අතර ස්වභාව ධර්මයා ඔබගේ සේවකයා වෙයි. ඉතා හොඳ පලතුරු සහ මල් තිබෙයි. වර්තමානයේ ඔවුන් බොහෝ උත්සාහ දරණ නමුත් ඔබට ප්‍රමාණවත් ධාන්‍ය නොමැත. මනුෂ්‍යයින් සාගින්නේ සහ පිපාසිතව මිය යනවා. ඔබ ගීතයට සවන් දෙන විට, ඔබගේ ඇඟේ හිරිගඩු පිපිය යුතුයි. පරමාත්ම පියාට දුප්පතුන්ගේ ස්වාමියා යැයි කියයි. ඔබට දුප්පතුන්ගේ ස්වාමියාහි අරුත වැටහෙයි. ඔහු ධනවත් කරවන්නේ කාවද? ඔහු නිසැකයෙන්ම ඔහු පැමිණෙන ස්ථානයේ සිටින මිනිසුන්ව ධනවත් කරවනු ඇත. පිවිතුරු බවින් අපවිත්‍ර වීමට ඔබට වසර 5000 ක් ගත වන බව, ඔය දරුවන් දන්නවා. බාබා දැන් ඔබව අපවිත්‍ර බවින් සැනෙකින් පිවිතුරු කරවයි. ඔහු ඔබව වඩාත්ම ශ්‍රේෂ්ට අය බවට පත් කරවයි. ඔබට තත්පරයකදී ජීවන-මුක්තිය ලැබෙයි. ඔබ කියන්නේ බාබා, මා ඔබ සතුයි. පියා පවසන්නේ දරුවනි, ඔබලා ලෝකයේ අධිපතියන්ය. පුතෙක් උපන් විගස, ඔහු උරුමකරුවෙක් වෙයි. ඔවුන්ට බොහෝ සේ සතුට තිබේ! උපත ලද දරුවා දියණියක් බව ඔවුන් දුටු විගසම ඔවුන්ගේ මුහුණු මැලවෙයි. මෙහිදී, සියලුම ජීව, පුතුන්ය. වසර 5000 කට පෙර ඔබ දිව්‍ය ලෝකකයේ පාලකයන්ව සිටි බව, ඔබට දැන් වැටහෙයි. ඔබව එසේ කළේ බාබාය. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරන නමුත් බාබා පැමිණියේ කවදාද කියා ඔවුන් නොදනී. එය ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය වූයේ කෙදිනද කියාවත් ඔවුන් නොදනී. ඔවුන් ඔහුගේ උපන් දිනය සමරා, ශිව ප්‍රතිමා ඇති විශාල දේවාල තනන නමුත්, ඔහු පැමිණියේ කෙදිනකද හෝ පැමිණි විට සිදු කළේ කුමක්ද කියා නොදනී ඔවුන් කිසි දෙයක් නොදනී. මෙයට අන්ධ විශ්වාසය යැයි කියයි. ඔවුන්ගේ ආගම කුමක්ද කියා හෝ එය ස්ථාපිත කළේ කවදාද කියා ඔවුන් නොදනී. වෙනත් සියලුම ආගම් වල මිනිසුන් බුදුරදුන් ආදීන් පැමිණි කාලය සහ දිනය ආදිය දන්නවා. ශිව බාබාට හෝ ලක‍්ෂ්මි සහ නාරායන්ට කාලයක් හෝ දිනයක් නැත. වසර 5000 ක් පමණක් වන දෙයකට ඔවුන් වසර සිය දහසක කාල වකවානුවක් දී තිබේ. වසර සිය දහස් ගණනක දෙයක් පිළිබඳව මතක තබා ගත හැක්කේ කාටද? භාරතයේ දේවතා ධර්මය පැවතුනේ කවදාද කියා ඔවුන්ට නොවැටහෙයි. එය වසර සිය දහස් ගණනක් නම්, ජනගහණය වැඩිම වන්නේ භාරතයේය. භාරතයේ දේශයද විශාලතම වෙයි. වසර සිය දහස් ගණනකදී අසංඛේය ජනගහණයක් සිටිනු ඇත. කෙසේවෙතත්, එතරම් ප්‍රමාණයක් නැත. කෙසේවෙතත්, ඔවුන් ඊටත් වඩා අඩු වී ඇත (එම ආගමේ). පියා මෙතැන අසුන් ගෙන මේ සියලුම දේ විස්තර කර දෙයි. මිනිසුන් මෙම දේවල් අසන විට, ඔවුන් මින් පෙර කිසිදා මේවා අසා නොමැති බව හෝ පොත පතෙහි කියවා නොමැති බව පවසයි. මේවා ආශ්චර්යමත් දේවල්ය! මුළු චක්‍රයේම දැනුම දැන් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. දැන් ඔහුගේ බොහෝ උපත් වල අවසන් උපතේ අවසානයේදී, මෙම ජීවය අපවිත්‍රයි. සතෝප්‍රධාන්ව සිටි කෙනා දැන් තමෝප්‍රධාන් වී ඇති අතර, ඔහු නැවතත් සතෝප්‍රධාන් විය යුතුයි. ඔය ජීවාත්මයන්ට දැන් ඉගෙනුම් ලැබෙනවා. ජීවයක් දෙසවනින් අසන විට, සිරුර නැළවෙයි. ජීවාත්ම වන අප, සැබවින්ම උපත් 84 ක් ගනී. උපත් 84 කදී අපිට අනිවාර්යෙන්ම දෙමාපිය යුගල් 84 ක් සිටින්නට ඇති. මෙම ගිණුම තිබේ. ඔබ උපත් 84 ක් ගන්නා බව ඔබගේ බුද්ධියට ඇතුළු වන අතර, ඊට අඩු උපත් සංඛ්‍යාවක් ගන්නා අයද සිටියි. සෑම කෙනෙක්ම උපත් 84 ක් නොගනී. පියා මෙතැන අසුන්ගෙන, ආගමික පත පොතේ ලියා ඇති දේ, පහදා දෙයි. ඔබ ගැන ඔවුන් අඩු තරමින් පවසන්නේ, උපත් මිලියන 8.4 ක් ගන්නා බවයි, කෙසේවෙතත්, ඔවුන් මා ගැන පවසන්නේ, මා අසංඛේය, අනන්ත උපත් සංඛ්‍යාවක් ගන්නා බවයි. ඔවුන් මාව සෑම අංශුවකටම, වැලි සහ ගල් තුළටද දමා ඇත. ඔවුන් පවසන්නේ මා කොහේ බැලුවත්, දකින්නේ ඔබ පමණයි. මා සෑම තැනකම දකින්නේ ක්‍රිෂ්ණාව පමණයි. ඔවුන් මධුරෙයි සහ බ්‍රින්දාවනයේදී (ක්‍රිෂ්ණාගේ ස්ථාන) මෙසේ පවසයි. ක්‍රිෂ්ණා සර්ව ව්‍යාප්තික බව, ඔවුන් කියයි. රාධේගේ නිකායට අයත් අය කියන්නේ, ඔවුන් සෑම තැනකම රාධේව දකින බවයි. ඔබත් රාධේ, මාත් රාධේ. එබැවින් සැබවින්ම දුප්පතුන්ගේ ස්වාමියා වන්නේ ඒකායන පියා පමණයි. ධනවත්ම දේශය වූ භාරතය, දැන් දුප්පත්ම දේශය බවට පත් වී ඇත. මා භාරතයට පැමිණිය යුත්තේ මේ නිසාය. මෙම නාටකය පෙර නියමිත වූවකි. එහි සුළු හෝ වෙනසක් තිබිය නොහැක. පටිගත කරන ලද නාටකය, නැවත වතාවක් ඒ අන්දමින්ම කිසිදු වෙනසක් නොමැතිව සිදුවෙයිි මෙහි සුළු හෝ වෙනසක් විය නොහැක. ඔබ නාටකය වටහා ගත යුතුයි. නාටකය යනු නාටකයයිි! එම නාටක සීමිත වන නමුත් මෙම නාටකය අසීමිතයි. මෙම අසීමිත නාටකයේ මුල, මැද හෝ අවසානය ගැන කිසිම කෙනෙක් නොදනී. ක්‍රිෂ්ණා නොව, දුපපතුන්ගේ ස්වාමියා වන්නේ අශාරීරික දෙවියන් බව, ඔවුන් විශ්වාස කරති. ක්‍රිෂ්ණා, ස්වර්ණමය යුගයේ සිටි, ධනවත් රජකුමරෙකි. පරමාත්ම දෙවියන්ට තමන්ගේ සිරුරක් නැත. ඔහු පැමිණ, ඔය දරුවන්ව ධනවත් කරවයි. ඔහු ඔබට රාජයෝගාවේ ඉගැන්වීම් ලබා දෙයි. ඔබගේ ඉගෙනුම් තුළින් ඔබ නීතිඥයෙක් ආදිය වී, ඉන්පසුව ඔබ ආදායමක් උපයා ගනී. පියාද ඔබට දැන් උගන්වනවා. අනාගතයේදී ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් වෙයි. ඔබ උපත් ගනී ස්වර්ණමය යුගය, මුහුද පතුලෙන් මතු වන්නේ නැත. ක්‍රිෂ්ණාද ඉපදුණේය. එකල, කාන්ස් ආදින්ගේ දේශයක් නොතිබිණි. ක්‍රිෂ්ණා යන නම, බොහෝ සිහි කෙරෙයි! ඔහුගේ පියාව සිහි කෙරෙන්නේ නැත. ඔහුගේ පියා කොහිද? ක්‍රිෂ්ණා, අනිවාර්යෙන්ම කාගේ හෝ දරුවෙක් විය යුතුයි. ක්‍රිෂ්ණා උපදින විටද අපවිත්‍ර මිනිසුන් සුළු පිරිසක් සිටියි. ඔවුන් සෑම කෙනෙක්ම මුළුමනින්ම අවසන් වූ පසු, ඔහු සිහසුනේ අසුන් ගෙන, ඔහුගේ රාජධානිය හිමි කරගනී. ඔහුගේ සමය (කාල වකවානුව) එතැන් පටන් ආරම්භ වෙයි. එම සමය (කාල වකවානුව) ලක‍්ෂ්මි සහ නාරායන්ගෙන් ආරම්භ වෙයි. මෙම කෙනාගේ රාජධානිය මෙතරම් කාලයක් පවතින බවත්, එම කෙනාගේ රාජධානිය, මෙතරම් කාලයක් පවතින බවත්, යන සම්පූර්ණ ගිණුමම ඔබ ලියන්නේ, එවිට චක්‍රයේ කාල වකවානුව එතරම් දීර්ඝ විය නොහැකි බව, මිනිසුන්ට වැටහෙන අන්දමින්ය. වසර 5000 සේ සම්පූර්ණ ගිණුම තිබේ. මෙය ඔය දරුවන්ගේ බුද්ධිය තුළට ඇතුළු වෙයි. ඊයේ අපි දිව්‍ය ලෝකකයේ පාලකයන් විය. අපව එය බවට පත් කළේ, පරමාත්ම පියාය. ඔහුගේ උපන් දිනය, ශිව ජයන්තිය සැමරෙන්නේ ඒ නිසාය. ඔබ සෑම කෙනෙක්වම දන්නවා. ක්‍රිස්තුස් වහන්සේ, ගුරු නානක් ආදීන් නැවත පැමිණෙන්නේ කවදාද, යන දැනුම ඔබට තිබේ. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය ඒ අන්දමින්ම කිසිදු වෙනසකින් තොරව නැවතත් සිදුවෙයි. මෙම ඉගෙනුම බොහෝ පහසුයිි! ඔබ දිව්‍ය ලෝකකය දන්නවා. භාරතය, සත්‍යයෙන්ම දිව්‍ය ලෝකකය විය. භාරතය, අවිනාශී දේශයයි. භාරතයට ඇති ප්‍රශංසාව, වෙනත් කිසිම ස්ථානයකට තිබිය නොහැක. සියලු අපවිත්‍ර අය පිවිතුරු කරවන්නේ, ඒකායන පියා පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නාටකයේ මුල, මැද සහ අවසානය පිිළිබඳ මුළු දැනුමම ඔබගේ බුද්ධිය තුළ තබා ගන්නා අතර, සියලු සිත් පීඩා අවසන් කරන්න. සතෝප්‍රධාන් වීමේ එක් සැලකිලිමත් බව පමණක් තබා ගන්න.

2. දුප්පතුන්ගේ ස්වාමියා වන බාබා, භාරතය, දුප්පත් බවින් ධනවත් කරවීමට පැමිණ ඇත. ඔහුගේ පූර්ණ උදව්කරුවෙක් වන්න. ඔබගේ නව ලොව සිහිපත් කර, නිරන්තරයෙන් ප්‍රීතියෙන් සිටින්න.

වරදානය:
ඔබ මාස්ටර් ත්‍රීමූර්ති වී, එකවර තුන් ආකාරයකින් සේවය කරත්වා.

පරම පියා, පියාණන්, ගුරුවරයා සහ සත්ගුරු යන ඔහුගේ ස්වරූප තුනෙන් නිරන්තරයෙන් සේවය කිරීමේ නියැලී සිටියි. ඒ ආකාරයෙන් ඔය දරුවන්ද ආකාර තුනකින් සේවය කළ යුතුයි සෑම තත්පරයකදිම ඔබගේ මනසින්, වචන වලින් සහ ක්‍රියා වලින් ඔබ එකවර සේවය කළ යුතුයි, එවිට ඔබ මාස්ටර් ත්‍රීමූර්ති ලෙස හැඳින්වෙයි. මාස්ටර් ත්‍රිමූර්ති වී සෑම තත්පරයකදීම ආකාර තුනකින් සේවය කිරීමේ කාර්යබහුල වන අයට ලෝකයට යහපතක් සිදු කිරීමට හැකි වෙයි. ඔබට මෙතරම් විශාල ලෝකයට යහපතක් සිදුකළ හැකි වන්නේ ඔබ එකවර තුන් ආකාරයෙන් සේවය කළ විට පමණයි. ඔබට එවිට සේවය කිරීමේ කාර්යය නිමා කිරීමට හැකි වෙයි.

පාඨය:
ශ්‍රේෂ්ට බ්‍රහ්මණයෙක් යනු, තමන්ගේම බලයෙන් අයහපත, යහපත බවට පරිවර්ථනය කළ හැකි අයෙකි.