22.03.20    Avyakt Bapdada      Sinhala Murli     14.12.85    Om Shanti    Madhuban


මෙම වර්තමාන ජීවිතය, අනාගත කැඩපතයි.


අව්‍යක්ත් බාප්දාදා මධුබාන් නිවැසියන් මුණගැසෙමින්
අද දින, ලොව නිර්මාතෘ වන පරම පියා, ඔහුගේ මාස්ටර් නිර්මාතෘ දරුවන් දෙස බලමින්, මාස්ටර් නිර්මාපක දරුවන් කෙතරම් දුරට තමන් නිර්මාපකයන්ය, යන අවධානය පවත්වා ගන්නේද කියා බැලුවා. ඔය සියලුම නිර්මාණකරුවන් ගේ ප්‍රථම විශේෂ නිර්මාණය වන්නේ ඔබගේ සිරුරුය. ඔබ කෙතරම් ප්‍රමාණයකට, නිර්මාණය වන, ඔය සිරුරු වල නිර්මාණකරුවන් වී තිබේද? නිර්මාණයක් වන සිරුර, විටෙක නිර්මාණකරු වන ඔබව තමන් දෙසට ආකර්ෂණය කර, නිර්මාණකරු වන ඔබට තමන්ව අමතක කරවනවාද? පාලකයෙක් ලෙස, ඔබගේ මෙම නිර්මාණය, සේවය වෙනුවෙන් ඔබ නොකඩවා භාවිත කරනවාද? ඔබට පාලකයෙක් ලෙසින් අවශ්‍ය ඕනෑම දෙයක් අවශ්‍ය ඕනෑම වෙලාවක කළ හැකිද? ප්‍රථමයෙන්ම, එම සිරුරේ පාලකයෙක් වීමේ පුහුණුව, ඔබව පදාර්ථයන්ගේ පාලකයෙක් සහ ලෝකයේ පාලකයෙක් බවට පත්කළ හැක. තමන්ගේ සිරුරේ පාලකයෙක් වීමේදි ඔබට සම්පූර්ණ සාර්ථකත්වය නොමැති නම්, ලෝකයේ පාලකයෙක් වීමේදි ඔබට අංග සම්පූර්ණ විය නොහැක. වර්තමාන ජීවිතය, අනාගතයේ කැඩපතකි. මෙම කැඩපත තුළින් ඔබට ඔබගේ අනාගතය පැහැදිලිව දැක ගත හැක. එහි පාලකයෙක් වීමේ සංස්කාර ඔබ නිර්මාණය කර ගන්නේ, ප්‍රථමයෙන් එම සිරුරේ සම්බන්ධතා සහ සංස්කාර මත සියලු අයිතීන් තිබීමෙනි. පාලකයෙක් වීමේ ලක‍්ෂණය වන්නේ, ඔබගේ සම්බන්ධතා වලදී සෙනෙහසින් යුතුව නොබැඳීව සිටීමය. නිරහංකාරකම තිබීම සහ ඔබගේ සංස්කාර වලින් නිර්මාණශීලී වීම, යන දෙකම පාලකයෙක් වීමේ ලක‍්ෂණයි. ඒ සමගම ඔබ සෙනෙහසින් යුතු විය යුතුයි. සියලුම ජීවාත්ම සමඟ සම්බන්ධ වන විට, හදවතින් සෙනෙහසේ ආශිර්වාද තිබිය යුතුයි, එනම්, සියලුම ජීවාත්මයන්ගෙන් ඔබ වෙනුවෙන් සුබ පැතුම් මතු වීමය. ඔබ ඔවුන්ව හඳුනන්නේ හෝ නොහඳුනන්නේ වුවද, එය සමීප සබැඳියාවක් හෝ නිකම්ම සම්බන්ධකමක් පමණක් වුවත්, ඔබව දකින කවුරුන් වුවද, සෙනෙහස නිසා ඔබ ඔවුන්ට අයත් බව අත්විඳිය යුතුයි. සෙනෙහස් හැඳින්වීම තුළින්, ඔවුන් අයත් බවට හැඟීම තිබිය යුතුයි. එය දුරස්ත සබැඳියාවක් වුවද, සෙනෙහසින් පිරී සිටීමේ අත්දැකීම ලබා දෙයි. ලෝක පාලකයන් සහ තම සිරුරේ පාලකයන් වීමේ පුහුණුව ඇති ජීවාත්ම තුළින්, මිනිසුන් මෙම විශේෂතා අත්දකීවි. එවන් ජීවාත්මයක් සම්බන්ධ වන සියලු දෙනාම, එම ජීවාත්මය දානපතියෙක් බව අත්දකියි. එම ජීවාත්මය යමක් ලබා ගන්නා කෙනෙක් පමණක් බව, කිසිවෙකුගේ සිතට ඇතුළු නොවෙයි. එම ජීවාත්මය තුළින් අන් අය, සතුට, සාමය, සෙනෙහස, ආනන්දය, ප්‍රීතිය, සහයෝගය, එඩිතරකම, උද්යෝගය සහ දානපතියෙකුගේ එක හෝ තව විශේෂත්වයක් අත්විඳියි. එම ජීවාත්මයට අසීමිත බුද්ධියක් සහ අසීමිත හදවතක් ඇති බව ඔවුන්ට හැඟෙයි. ඔබ මෙය හඳුන්වන්නේ පරිත්‍යාගශීලී හදවතක් තිබීම ලෙසයි. දැන් මෙම විශේෂතා අනුව, ඔබ වීමට යන්නේ කවුරුන්ද කියා තමන්ව පරීක‍්ෂා කර බලන්න. ඔබ සියලු දෙනාටම කැඩපතක් තිබෙනවා නේද? ඔබ තමන්ව හඳුනන තරම් වෙන කිසිවෙකුට ඔබව හඳුනාගත නොහැක. එබැවින් තමන්ව හඳුනාගන්න. අච්චා.

අද බාබා ඇවිත් සිටින්නේ ඔබව මුණගැසීමටයි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම පැමිණ ඇත, එබැවින් ඔය සියලුම දරුවන් කෙරෙහි බාප්දාදා තුළ සෙනෙහස තිබෙන අතර ගෞරවයද තිබේ, බාප්දාදා ටිකක් කතාබස් කරන්නේ මේ නිසයි. මධුබාන් වලින් පැමිණි අය ඔබගේ අයිතීන් අත්නොහරියි, එබැවින් ඔබ සමීපව අසුන් ගෙන සිටිනවා. ඔබ බොහෝ දෙයින් මිදී, සැහැල්ලුවෙන් අසුන්ගෙන සිටිනවා. පිටත වාසය කරන අයට තවමත් උත්සාහ දැරීමට සිදුවනවා. කෑම වෙනුවෙන් උපයා ගැනීමට සිදුවීමේ උත්සාහයද අඩු නැහැ. මධුබාන් වල මුදල් ඉපැයීම ගැන කිසිදු කණස්සල්ලක් ඔබට නැහැ. තම පවුලේ අය සමඟ ජීවත් වන අය, දරා ගත යුතු බවත්, සියලු දේට මුහුණ දිය යුතු බවත් බාප්දාදා දන්නවා. කොකුන් මැද්දේ ජීවත් වන අතර තමන්ගේම ප්‍රගතිය සාදා ගනිමින් හංසයින් ඉදිරියට ගමන් කරනවා. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම ස්වභාවයෙන්ම බොහෝ දේ ඉක්මවා සිටියි. ඔබ සැප පහසුවෙන් ජීවත් වී, සැපෙන් කෑම කා, විවේකද ගනියි. රැකියාවට යන අය, දහවල් කාලයේ විවේක ගන්නවාද? මෙහි ඔබගේ සිරුරු වලට මෙන්ම බුද්ධියටද විවේක තිබේ. එබැවින් මධුබාන් වල සිටින අයගේ මනෝ ස්ථීතිය තිබෙන්නේ අංක එකට, එහෙම නේද? මෙයට හේතුව වන්නේ ඔබට තිබෙන්නේ එක කාර්යය පමණයි. ඔබ ඉගෙනගනිමින් සිටියත් පරම පියා ඔබට එය කිරීමට මඟපාදනවා. ඔබ සේවය සිදු කරන විට, එය යග්යාවේ සේවයයි. මෙය අසීමිත පියාගේ අසීමිත නිවහනයි. තිබෙන්නේ එක දෙයක් පමණයි, එක සැලකිලිමත්බවයි, වෙනත් කිසිවක් නැත. ඔබට මෙසේ සිතීමට පවා අවශ්‍ය නොවෙයි මෙය මගේ මධ්‍යස්ථානයයි. ඔබට මේ හැඟීමද නැත, මෙය භාරව සිටින්නේ මමයි. මධුබාන් වල නිවැසියන්ට බොහෝ අන්දමින් පහසු උත්සාහ සහ පහසු ලැබීම් තිබේ. අච්චා. මධුබාන් වල නිවැසියන් වන ඔබ සියලු දෙනාම ස්වර්ණමය ජුබිලිය සැමරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා නේද? උත්සවය ගැන නොවෙයි. ඒ සඳහා ඔබ පත්‍රිකා ආදිය මුද්‍රණය කර තිබේ. මෙය ලෝක සේවය වෙනුවෙනි. තමන් වෙනුවෙන් ඔය සෑම කෙනෙක්ම සාදා ඇති සැලසුම් මොනවාද? තමන්ගේම වේදිකාව මත ඔබ රඟපාන්නේ කුමන චරිත කොටසද? පිංකම් ඇරඹෙන්නේ ගෙදරින්. මධුබාන් නිවැසියන් වන ඔබලා මෙය සිදු කරනවා නේද? උත්සවයක් තිබෙන විට ඔබ කරන්නේ කුමක්ද? (ඉටිපහන් දල්වනවා). එසේ නම් ස්වර්ණමය ජුබිලියට ඉටිපහන් දල්වන්නේ කවුද? සෑම දෙයක්ම ආරම්භ කරන්නේ කවුද? මධුබාන් වල නිවැසියන්ට එඩිතරකම, උද්යෝගය, වාතාවරණය සහ සියලු උදව්ද තිබේ. සියලු දෙනාගේ සහයෝගය ඇති තැන සෑම දෙයක්ම පහසුයි. ඔබ කළ යුතු එක් දෙයක් පමණක් තිබේ. එය කුමක්ද? බාප්දාදා තුළ සියලු දෙනා වෙනුවෙන් මෙම එක ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුව තිබේ, එනම් ඔබ සෑම කෙනෙක්ම පරම පියාට සමාන වන බවට. තෘප්තිමත්ව රැඳී සිටීමෙන්, අන් අය තෘප්තිමත් කරවීම විශේෂත්වයකි. පරම පියාව තමන් ඉදිරියේ තබාගෙන, ප්‍රධානතම සහ වැදගත්ම දේ වන්නේ, අවංකව තමන්ව පරීක‍්ෂා කර බැලීමයි, එනම් ඔබ තමන් සමඟ තෘප්තිමත්ද, එනම්, ඔබගේ උත්සාහයන් සමඟ සහ ඔබගේ ස්වභාවය සහ සංස්කාර සමග. ඔව්, තමන්ගේ හැකියාවට අනුව, තමන් සමඟ තෘප්තිමත්ව සිටීම වෙනම කාරණයක්. කෙසේවෙතත්, සැබෑ ස්වරූපය අතින්, තමන් සමඟ තෘප්තිමත් වීම සහ අන් අයව තෘප්තිමත් කරවීමම, ශ්‍රේෂ්ඨත්වයයි. ඔබ සැබවින්ම තෘප්තිමත් ජීවාත්මයක් බවට අත්දැකීම, අන් අයටද ලබා දෙන්න. තෘප්තිය තුළ සෑම දෙයක්ම ඇතුලත්ය. බාධාවන්ට ලක් නොවීම සහ අන් අයට බාධා නොකිරීම, තෘප්තිමත් බව ලෙස හැඳින්වෙයි. ඔබට බාධා කිරීමට බොහෝ දෙනෙක් සිටියි, නමුත් ඉන් බාධාවට ලක් නොවන්න. ගින්නක උණුසුමින් ඔබ තමන්ව දුරස්තව සහ ආරක‍්ෂිතව තබා ගත යුතුයි. අන් අය දෙස නොබලන්න. තමන් දෙස බලන්න. මා කළ යුත්තේ කුමක්ද? මා උපකරණයක් වී අන් අයට සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වල සහයෝගය ලබා දිය යුතුයි. මෙය ධාරණය කර ගත යුතු විශේෂ ගුණදහමක්, මන්ද ඒ තුළ සියල්ල ඇතුලත්ය. ඔබට මේ වෙනුවෙන් ස්වර්ණමය ජුබිලිය සැමරිය හැකිය, එහෙම නේද? බාබා මෙය සාමාන්‍යයෙන් මධුබාන් වල අයට පමණක් පැවසුවත්, ඇත්ත වශයෙන්ම බාබා ඉන් අදහස් කරන්නේ සියලු දෙනා ගැනයි. බැඳීම් ජයගත් රජුගේ කතාව ඔබ අසා තිබෙනවා නේද? තෘප්තිමත් බවටත් එවන් කතාපුවතක් නිර්මාණය කරන්න. ඔබගෙන් කවුරු වෙතට, කවුරු පැමිණියත්, එම කෙනා ඔබගෙන් කෙතරම් හරස් ප්‍රශ්න ඇසුවත්, සියලු දෙනාම පැවසිය යුත්තේ සහ ඔවුන්ගේ සිත් තුළ අත්විඳිය යුත්තේ, තෘප්තිමත් බවේ විශේෂත්වයයි. මේ කෙනා මෙහෙමයි නොවෙයි, නමුත්, මා මේ වගේ වෙන්නේ කෙසේද, එමෙන්ම අන් අයවද එය බවට පත් කරවන්නේ කෙසේද? එපමණයි, මෙම සුළු කාරණාව වේදිකාව මත පෙන්වන්න. අච්චා.

බාප්දාදා දාදීන්ව මුණගැසෙමින්
ඔබ සියලු දෙනාගේ හදවත්වල සිතිවිලි, බාප්දාදා වෙතට ලඟා වෙනවා. ඒවා ඔය බොහෝ ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගේ ශ්‍රේෂ්ඨ සිතිවිලිය, එබැවින් ඒවා අනිවාර්යෙන් ප්‍රායෝගිකව සිදුවෙයි. ඔබ ඉතා හොඳ සැලසුම් සාදා ඇති බැවින් සියලු දෙනාව සරල බවට පත් කරන්නේ එම සැලසුම්ය. සියලුම විශේෂ ජීවාත්මයන්ගේ බලය, මුළු ලොවෙහිම එක සමානය. වෙනත් කිසිදු තැනක මෙවන් විශේෂ ජීවාත්මයන්ගේ එකතුවක් නොමැත. මෙම සමූහයේ බලය විශේෂයි. සියලු දෙනාගේ ද්‍රිෂ්ඨිය විශේෂයෙන්ම මෙම සමූහය මත තිබෙන්නේ මේ නිසයි, නමුත් අන් සියලු දෙනාම චංචල වෙයි. ඔවුන්ගේ සිහසුන් සෙලවෙන අතර රාජධානියේ මෙම සිංහාසනය නිර්මාණය වෙමින් පවතිනවා. මෙහි, එය ගුරූ කෙනෙකුගේ සිහසුන නොවෙයි, එය චංචල නොවන්නේ ඒ නිසයි. එය ස්ව-ආධිපත්‍යයේ සිංහාසනය සහ ලෝක රාජධානියයි. සියලු දෙනාම එය චංචල කිරීමට උත්සාහ දරයි, නමුත් එහි විශේෂ ආරක‍්ෂාව වන්නේ, සමූහයේ බලයයි. ඇතැම් ස්ථානවල එකමුතුකම ඇති විට, ඔවුන් එකිනෙකාව වෙන් කර, එකමුතුකම නැති කිරීමට උත්සාහ දරා, ඉන්පසුව ඔවුන්ව චංචල කරයි. මෙහි සමූහයේ බලය නිසා, ඔවුන්ට ඔබව චංචල කළ නොහැක. එබැවින් සෑම විටම තවත් වැඩියෙන් මෙම සමූහයේ බලයේ විශේෂත්වය නොකඩවා වැඩි කරගන්න. මෙම සමූහය, ඔබගේ බලකොටුවයි. කිසිවෙකුට ඔබට පහර දිය නොහැක්කේ ඒ නිසයි. ජයග්‍රහණය සහතිකයි, එය නැවත ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි, එපමණයි. නැවත ඒ ආකාරයෙන්ම සිදුකිරීමේ දක‍්ෂයින්, ජයගන්නා අතර, වේදිකාව මත ප්‍රසිද්ධ වෙයි. සමූහයේ බලය, ජයග්‍රහණයේ විශේෂ පදනමයි. සේවයේ වර්ධනයේදි, ඔබට සාර්ථකත්වය ගෙන දී ඇත්තේ මෙම සමූහයයි. ඔබට ලැබී ඇති පෝෂණයට ඔය දාදීන් හොඳ ප්‍රතිලාබයක් ලබා දී තිබේ. සමූහයේ බලයේ පදනම කුමක්ද? ගෞරවය ලබා දීම, ගෞරවය ලබා ගැනීමේ පදනමයි, යන පාඩම ස්ථීර කරගන්න, එපමණයි. දීම යනු ලැබීමයි. ගැනීම සැබවින්ම ලැබීම නොවෙයි. ගැනීම යනු අහිමි වීමයි. දීම යනු ලැබීමයි. මෙය, තව කෙනෙක් ඔබට දෙන විට, ඔබ දෙන, ව්‍යාපාරයක් නොවෙයි. මෙය දානපතියෙක් වීම පිළිබඳ කාරණාවකි. දානපතියෙක් දෙන්නේ ලැබීමෙන් පසුව පමණක් නොවෙයි. දානපතියෙක් නොකඩවා දෙන අතර මෙම සමූහයේ සාර්ථකත්වයට හේතුව එයයි. කෙසේවෙතත්, අත් වළල්ල දැන් සූදානම් වී තිබේ. ගෙලෙහි මාලාව තවමත් සූදානම් නැහැ. කිසිම වර්ධනයක් නොමැති නම්, ඔබ පාලනය කරන්නේ කාවද? ව්‍යාප්තියේ ලැයිස්තුවේ දැන් යම් අඩුවක් තිබෙනවා. 900,000 තවමත් සූදානම් නැහැ. ඔවුන් එක හෝ තව අන්දමකින් මුණ ගැසෙයි, එහෙම නේද? ක්‍රමවේදය නොකඩවා වෙනස් වනවා. ප්‍රථමයෙන් ඔබ බාබාව ශාරීරික ස්වරූපයෙන් හමු වූ අතර දැන් ඔබ ඔහුව අව්‍යක්ත ස්වරූපයෙන් හමුවනවා. ක්‍රමවේදය වෙනස් වී තිබෙනවා නේද? අනාගතයේද ක්‍රමවේදය නොකඩවා වෙනස් වෙයි. අච්චා.

බාප්දාදා කණ්ඩායම් මුණ ගැසෙමින්
1) සෑම විටම ගුණදම් වල ප්‍රතිරුවක් බවට පත් වී අන් අයට නොකඩවා දන් දෙන්න. දුර්වල ජීවාත්මයන්ට ශක්තිය, ගුණදම් සහ දැනුමේ පරිත්‍යාගය ලබා දෙන්න, එවිට ඔබ නිරන්තර මහාදානී ජීවාත්මයන් වෙයි. ඔබ දානපතියන්, දානපතිගේ දරුවන්, ගන්න අය නොවෙයි. අනෙක් කෙනා කළ විට, මා මෙය කරන්නම් කියා ඔබ සිතන්නේ නම්, එය ගන්න කෙනෙක් බවට පත් වීමයි. මා මෙය කරන්නම් කියා ඔබ සිතන්නේ නම්, එය දෙන කෙනෙක් බවට පත්වීමයි. එබැවින් ගන්නා අය නොවෙයි, දේවතාවන්, දෙන අය, බවට පත් වන්න. ඔබට ලැබී ඇති කුමක් වුවත් නොකඩවා දෙන්න. ඔබ නොකඩවා වැඩියෙන් දෙන ප්‍රමාණයට අනුව, එය නොකඩවා වැඩියෙන් වර්ධනය වෙයි. සෑම විටම දේවතාවියන්, දෙන අය, වන්න. අච්චා.

2) ඔබ බොහෝ සවන් දී තිබේ. ඔබ කෙතරම් සවන් දී තිබේද කියා, දළ වශයෙන් ගණනය කිරීමට උත්සාහ කර බලන්න. ඔබගේ සවන් දීම සහ කිරීම සිදුවන්නේ එකවරද? එසේත් නැත්නම් ඔබගේ සවන් දීම සහ කිරීම අතර වෙනසක් තිබෙනවාද? ඔබ සවන් දෙන්නේ ඇයි? ඉන්පසුව එය කිරීමටයි. ඔබගේ සවන් දීම සහ කිරීම, සමාන වන විට, කුමක් වෙයිද? ඔබ අංග සම්පූර්ණ වෙයි නේද? එසේ නම් අංග සම්පූර්ණත්වයේ ප්‍රථම සාම්පලය වන්නේ කවුරුන්ද? ඔබ සෑම කෙනෙක්ම මා එය වෙන්නම්! නොකියන්නේ මන්ද? මෙහිදි මූල පුරන අය, අර්ජුනයි. පියා තමන්ව උපකරණයක් බවට පත් කළ ආකාරයෙන්ම, උපකරණ වන අයත් අර්ජුන වෙයි, එනම්, ඔවුන් ප්‍රථම අංකය හිමි කරගනී. අච්චා. එය බවට පත් වන්නේ කවුරුන්ද කියා අපි බලමු. දරුවන් එය බවට පත්වනවා දැකීමට බාප්දාදාට අවශ්‍යයි. වසර ගණන් ගෙවී යනවා. වසර ගෙවී යන ආකාරයෙන්ම, පැරණි ආකාරද ගෙවී යා යුතුයි. සෑම විටම නව උද්යෝගය සහ නව සිතිවිලි තිබිය යුතුයි, මන්ද මෙය අංග සම්පූර්ණත්වයේ ලක‍්ෂණයකි. ඔබ සියලු දෙනාම පැරණි සියල්ල අවසන් කර තිබේ. දැන් සෑම දෙයක්ම අළුත් කරගන්න. අච්චා.

ප්‍රශ්නය:
පරම පියාට සමීප වීමේ පදනම කුමක්ද?

පිළිතුර:
විශේෂත්ව. එක හෝ තව විශේෂත්වයක් ඔබව පරම පියාගේ සමීපයට ගෙනවිත් තිබේ. මෙම විශේෂත්ව වර්ධනය වන්නේ ඔබ සේවය කරන විටයි. පරම පියා ඔබව පුරවා ඇති කුමන හෝ විශේෂත්ව වර්ධනය වන්නේ ඔබ සේවය කරන විටයි. පරම පියා ඔබව පුරවා ඇති කුමන හෝ විශේෂත්ව තිබේද, ඒ සියල්ල සේවය වෙනුවෙන් භාවිත කරන්න. මෙම විශේෂත්ව, ප්‍රායෝගික ස්වරූපයකට දැමීමෙන්, සේවය යන විෂයෙන් ඔබට ලකුණුද හිමි වෙයි. ඔබගේ අත්දැකීම් අන් අය සමඟ බෙදා ගන්න, එවිට ඔවුන්ගේ උනන්දුව සහ උද්යෝගය වැඩි වෙයි.

ප්‍රශ්නය:
ආධ්‍යාත්මිකත්වය අඩු වීමේ හේතුව කුමක්ද?

පිළිතුර:
ඔබ තමන්ව සහ ඔබ සේවය ලබා දෙන අය, ඔබට භාර කරන ලද, යම් වටිනා දෙයක් බව ඔබ නොසැලකීමයි. තමන්ගේම සිරුර සහ අන් අය, ඔබට භාර කරන ලද බව සැලකීමෙන්, ඔබ ආකර්ෂණයෙන් නිදහස් වන අතර ආකර්ෂණයෙන් නිදහස් වීමෙන් ආධ්‍යාත්මිකත්වය තිබෙයි.

ප්‍රශ්නය :
ලෝකයේ ජීවාත්ම වැඩි දෙනෙක් තුළ තිබෙන කරුණු දෙක මොනවාද?

පිළිතුර:
1) බිය 2) කණස්සල්ල. විශේෂයෙන්ම මේ කරුණු දෙක සියලු දෙනා තුළම තිබේ. කෙසේවෙතත්, ඔවුන් කණස්සල්ලට පත්වන සහ සැලකිලිමත් වන තරමට අනුව, ඔබලා සුබ පැතුම් ලබා දෙන්නන්ය. කණස්සල්ල පරිවර්ථනය වී, සුබ පැතුම් වල හැඟීමේ ස්වරූපය ගෙන ඇත. බියට පත්වනවා වෙනුවට, ඔබ සතුටේ ගීත ගායනා කරයි. බාප්දාදා එවන් සැහැල්ලු අධිරාජවරුන් දකිනවා.

ප්‍රශ්නය:
වර්තමාන ඍතුව කුමක්ද? එවන් කාලයක ඔය දරුවන්ගේ වගකීම කුමක්ද?

පිළිතුර:
වර්තමානයේ, එය අකල් මරණයේ ඍතුවයි. හදිසි සුළි සුළං කුණාටු සහ සාගර කුණාටු තිබෙන ආකාරයෙන්ම, අකල් මරණයේ කුණාටුව හදිසියේම බොහෝ දෙනෙක්ව විශාල බලයකින් රැගෙන යයි. එවන් කාලයක, ඔය දරුවන්ගේ වගකීම වන්නේ, අමරණීය ප්‍රතිරූ වී, අකල් මරණ අත්විඳින ජීවාත්මයන්ට, සාමයේ සහ බලයේ සහයෝගය ලබා දීමය. එබැවින් නිරන්තරයෙන් සුබ පැතුම් ඇති කර, සුබ පැතුම්, සතුට සහ සාමය සියලු දෙනාට ලබා දෙමින් ඔබගේ මනසින් සේවය කරන්න.

වරදානය:
නිසරු භූමියේ ඵල වගා කර, සාර්ථකත්වයේ පිළිරුවක් වීමට, ඔබ තුළ අධිෂ්ඨානය තිබේවා.

ඕනෑම අවස්ථාවක සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වීම සඳහා, ඔබට අධිෂ්ඨානයේ සහ සෙනෙහසේ සමූහයක් තිබීම අවශ්‍යයි. මෙම අධිෂ්ඨානය, නිසරු බිමක ඵල දැරීමට මඟපාදයි. විද්‍යාඥයින් වැලි වල පලතුරු වගා කිරීමට උත්සාහ දරණ ආකාරයෙන්ම, ඔබගේ නිහැඬියාවේ බලයෙන්, ඔබ සෙනෙහසේ ජලය ලබා දී, ඵලවත් වෙයි. අධිෂ්ඨානය තුළින්, ඔබට අධෛර්යයට පත් වී ඇති අය තුළ බලාපොරොත්තුවේ පහන් දැල්විය හැක, මන්ද ඔබ තුළ එඩිතරකම තිබෙන විට, ඔබට පරම පියාගේ උපකාර ලැබෙයි.


පාඨය:
තමන් පරමාත්ම දෙවියන්ගේ වටිනා දේපළක් බව සලකමින් නිරන්තරයෙන් ගමන් කරන්න, එවිට ඔබගේ ක්‍රියා තුළ ආධ්‍යාත්මිකත්වය තිබෙයි.