22.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, හැකි පමණ අභ්‍යන්තරගතව සිටීමට උත්සාහ ගන්න. බාහිරත්වයට නොයන්න. ඔබගේ පාප ගෙවිය හැක්කේ එවිට පමණි.

ප්‍රශ්නය:
පියා සෑම දරුවෙකුටම නැගීමේ තත්ත්වය සඳහා උගන්වන උත්සාහය කුමක්ද?

පිළිතුර:
1. දරුවනි, ඔබට නැගීමේ තත්ත්වයට යාමට අවශ්‍ය නම් ඔබගේ බුද්ධියෙහි යෝගාව එකම පියා සමඟ පමණක් සම්බන්ධ කරගන්න. අරයා මේ වගේ, අරයා අරක මේක කරනවා, මෙයාට වැරදි ඇත, යානාදියට යාමට අවශ්‍යතාවයක් නොමැත. සියලු දෙනාගේම වැරදි වලින් ඔබගේ මුහුණ පිටතට හරවා ගන්න. 2. කිසි විටෙක මේ දැනුම සමඟ උකටලී නොවන්න. නොකඩවා මුරලියේ හොඳ කරුණු ධාරණය කරන්න. එවිට පමණක් ඔබට නැගීමේ තත්ත්වයට යා හැකි වනවා ඇත.

ඕම් ශාන්ති.
මෙම පන්තිය දැන් දැනුම පිළිබඳව වන අතර උදේ පංතිය යෝගා පිළිබඳවයි. කුමන යෝගාද? බොහෝ මිනිසුන් විසින් උගන්වන හථයෝගාවේ හසු වී සිටින නිසා ඔබ මෙය ඉතා පැහැදිලිව විස්තර කර දිය යුතු වේ. රාජයෝගාව ඉගැන්වීමට මෙහි රජවරු නොමැති හෙයින් මෙය උත්තරීතර ජීවය විසින් උගන්වන රාජයෝගාව වේ. ලක්ෂ්මි නාරායන් දෙදෙනා දෙවියකු සහ දේවතාවියකි. ඔබට අනාගතයේ දෙවියෙකු හෝ දේවතාවියක් වීමට හැකි වන්නේ මෙම රාජයෝගාව ඉගෙනීමෙනි. මෙම දැනුම විස්තර කරන්නේ ඉතාමත් සුබ වූ සංගම යුගයේ දීයි. මෙය හඳුන්වන්නේ සුබම වූ යුගය ලෙසයි. එය තිබෙන්නේ පැරණි ලෝකයත් නව ලෝකයත් අතරයි. පැරණි මිනිසුන් සහ නව දේවතාවන් අතර වේ. මේ කාලයේ දී සියලුම මනුෂ්‍යයින් පැරණිය. නව ලොව නව ජීවයක් ඇත. ඔවුන් දේවතාවන් වේ. ඔවුන්ට මනුෂ්‍යයින් යැයි නොකියති. ඔවුන් මනුෂ්‍යයින් වුවත් ඔවුන් දිව්‍යමය ගුණධර්ම වලින් යුතු අය යැයි කියා කියයි. ඔවුන් පාරිශුද්ධව සිටියි. රාගය පරම හතුරා බව පියා ඔබ දරුවන්ට විස්තර කරයි. එය රාවණ්ගේ ප්‍රමුඛ සාපය වේ. යම් කෙනෙකුට බොහෝ තරහ ගිය විට ඔබ බුරන්නේ ඇයි දැයි මිනිස්සු අසති. ඔබගේ විශාලම හතුරන් මේ පාපයන් දෙක වේ. ගිජු කම හෝ ඇලීමට, බුරනවා යැයි නොකියති. විද්‍යාවේ අහංකාරය නිසා බොහෝ මිනිසුන්ට කෝපය ඇත. මෙයද බොහෝ හානි සිදු කරයි. රාගය නැමති පාප ආත්මය මුල, මැද සහ අග දක්වා දුක ඇති කරයි. ඔවුන් රාගය නැමති අසිපත එක් එක් කෙනාට භාවිත කරයි. ඔබ මේ සියලු දේ හොඳින් වටහාගෙන අන් අයටද වටහා දිය යුතුයි. පියාගෙන් උරුමයක් ලබා ගත හැකි සත්‍ය මාර්ගය ඔබ දරුවන් හැර වෙන කිසි කෙනෙකුට පෙන්විය නොහැකියි. අසීමිත පියාගෙන් උරුමය ලබා ගත හැකි මෙම මාර්ග පෙන්විය හැක්කේ ඔබ දරුවන්ට පමණි. ඔබට අන් අයට විස්තර කළ නොහැකි නම් ඔබ දැනුමට අවධානය නොදෙන බවත් ඔබගේ බුද්ධියේ යෝගා වෙන තැනක සැරිසරණ බවත් පෙනේ. මෙය යුද්ධ පිටියකි. මෙය පහසු යැයි කිසිවෙකු නොසිතිය යුතුයි. ඔබට වුවමනා නොවුණත් බොහෝ කුණාටු සහ නිෂ්ඵල සිතිවිලි ඔබගේ මනසට ඇතුලු වේ. මේ ගැන ව්‍යාකූල නොවන්න. මායා පැන යන්නේ යෝගා බලයෙන් පමණි. මීට බොහෝ උත්සාහ දැරිය යුතු වේ. ඔබ ශරීර අවධානයෙන් සිටින නිසා ඔබගේ ව්‍යාපාරික කටයුතු වලදී බොහෝ වෙහෙසට පත් වේ. ඔබට බොහෝ කතා කිරීමට අවශ්‍ය වන්නේ ශරීර අවධානය නිසාය. ජීව අවධානයට පත් වන්න යැයි පියා කියයි. ජීව අවධානය වීමෙන් ඔබ පියා ඔබට විස්තර කර දුන් දේවල් පමණක්, අන් අයට විස්තර කර දෙනු ඇත. තමා ජීවයක් යැයි සළකා පියාව සිහි කරන්න. පියා ඔබට උගන්වයි දරුවනි, බාහිරත්වයට නොයන්න. අභ්‍යන්තරයට යන්න. සමහර අවස්ථාවල දී ඔබට එළියට යාමට අවශ්‍ය වූවත් ඔබට හැකි පමණ කාලයක් අභ්‍යන්තරගත වන්න. ඔබගේ පව් කැපී යන්නේ එවිට පමණි. නැතිනම්, ඔබගේ පව් කැපී යන්නේවත් ඔබට උසස් තත්ත්වයක් හිමි වන්නේ වත් නැත. ඔබගේ හිසමත බොහෝ උපත් වල පව් රැඳී ඇත. බොහෝ පව් කර ඇත්තේ බ්‍රහ්මින්වරුන්ය. මෙතැනදීද ඔවුන් අනුපිළිවෙළට වේ. බොහෝ උසස් අය බොහෝ පහත් ද වේ. කුමාරවරුන් වූ අය පසුව හිඟන්නන් විය යුතුයි. ඔබ මේ නාටකය ඉතා හොඳින් අවබෝධ කරගත යුතු වේ. ආරම්භයට එන අය අවසානයට ද එනවා ඇත. පළමුවෙන්ම පවිත්‍ර වූ අය පළමුවෙන්ම අපවිත්‍ර වේ. මම මොහුගේ බොහෝ උපත් වලින් අවසාන උපතේ දී එනම් ඔහුගේ විශ්‍රාම තත්ත්වයේ දී ඔහුගේ ශරීරයට ඇතුලු වේ යැයි පියා කියයි. මෙකල තරුණ හෝ වයස වූවත් බොහෝ අය සිටින්නේ විශ්‍රාම තත්ත්වයේය. සියලු දෙනාටම මුක්තිය ලබා දෙන පියාගේ ප්‍රශංසාව මෙය වේ. එසේ වන්නේ ඉතාමත් සුබ සංගම යුගයේදීය. ඔබ සංගම යුගය මතක තබා ගත යුතුයි. ජනයා යකඩ යුගය මතක් කරයි. ඔබලා මතක් කරන්නේ සුබ සංගම යුගය වේ. කෙසේ වෙතත් ඔබ සියලු දෙනාද අනුපිළිවෙලට වේ. ඔබ බොහෝ දෙනා ඔබගේ ලෞකික ව්‍යාපාර මතක් කරති. බාහිරයෙන් ඔබගේ මුහුණ හැරවූවාට පසු ඔබට මෙම දැනුම උකහා ගැනීමට හැකි වේ. ඔබ අවසානයේ දී සිහියට නැගෙන දේ ඔබගේ ඊළඟ උපත යැයි කියමනක් ඇත. අපගේ දැනුමට අදාළ වන හොඳ පාඨ සහ ගීත තබාගැනීම වටියි. උදාහරණ වශයෙන් ’දැන් ඔබේ මේ කිලිටි ලොව අත්හැරිය යුතුයි', තව එකක, ’අන්ධයින්ට මාර්ගය පෙන්වන්න' යැයි ගීත ඇත. ඔබ මෙවැනි ගීත තබා ගත යුතුයි. මනුෂ්‍යයින් මෙම ගීත රචනා කළත් සංගම යුගය ගැන ඔවුන් කිසිසේත් නොදනී. මේ කාලයේ දී සියලු දෙනාම අන්ධය. ඔවුන්ට දැනුම නැමති ඇස නැත. උත්තරීතර ජීවය පැමිණි පසුව පමණක් සියලු දෙනාටම ඔහුට මාර්ගය පෙන්විය හැකියි. ඔහු මෙය එක් අයෙකුට පමණක් නොපෙන්වයි. මෙය ඔහුගේ ශිව ශක්ති හමුදාව වේ. මෙම ශක්ති හමුදාව කුමක් කරයිද? ඔවුන් ශ්‍රීමත් වලට අනුව නව ලොව ස්ථාපනය කරනවා ඇත. පියා හැර කිසිවෙකුට ඉගැන්විය නොහැකි රාජ යෝගා ඔබ ඉගෙන ගනී. පියා අශරීරික වේ. ඔහුට ශරීරයක් නැත. අන් සියල්ලෝම ශරීර ඇත්තන්ය. උසස්ම උසස් කෙනා එකම එක පියා වේ. ඔහු ඔබට උගන්වයි. මෙය දන්නේ ඔහු පමණි. ඔබලාද අනුපිළිවෙලට වේ. එමනිසා, ඔබලා අනතුරු ඇඟවිය යුතුයි. මනුෂ්‍යයින් උගන්වන යෝගා හථයෝගා බවත් උත්තරීතර ජීවය, උත්තරීතර පියා එකම පියා පමණක් මුක්තිය හා ජීවන මුක්තිය ලැබෙන රාජයෝගා උගන්වන බව පුවත් පතක ඵල කරන්න. හථයෝගා තුළින් ඒ දෙකම ඔබට නොලැබේ. ආරම්භයේ සිට තිබුණු එය හථයෝගා වේ. එය පැරණි වේ. මෙම සංගම යුගය ආරම්භ කළ හැකි වන්නේ පියාට පමණි. ඔබ දේශනයක් දෙන විට පළමුව මාතෘකාවක් තෝරාගත යුතු බව බාබා කියා දී ඇත. එහෙත් ඔබ එසේ නොකරයි. මෙම ශ්‍රීමත් අනුගමනය කරන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. පළමුවෙන්ම දේශනය ලියා සූදානම් වන්න. එවිට ඔබට සියලු දේම මතක තබා ගත හැක. ඔබ කොලය නොබලා මතකයෙන් කතා කළ යුතුයි. දැනුමේ සාගරය මතගාන අයට ඔවුන් ජීවයක් යැයි සලකා දේශනයක් දීමට ශක්තිය ඇත. ඔබගේ සහෝදරයන්ට කතා කරන විදානයෙන් ඔබට ශක්තිය ලැබේ. මෙය ඉතා උසස් බලාපොරොත්තු ඇති තැනකි. වගකීම ගැනීම නැන්දාගේ ගෙදර යනවා සේ පහසු නොවේ. ඔබ බොහෝ බලවත් වන විට මායා ද ඊට වඩා බලවත්ව ඔබට පහර දෙයි. අන්ගද් සහ මහාවීර් ද ඉතා බලවත් වේ. හැකි නම් තමාව වට්ටවන්නට ඔවුන් රාවණ්ට අභියෝග කළේ මේ නිසාය. එය බාහිර දෙයක් නොවේ. ආගමික ග්‍රන්ථ වල බොහෝ බොරු කතන්දර ඇත. උත්තරීතර පියා විසින් කියන ලද රන් වැකි වලට ඇහුම්කන් දීමට හුරුව සිටි මේ දෙකන් දැන් භක්ති මාර්ගයේ මිත්‍යා කතන්දර වලට ඇහුම්කන් දී ගල් වී ඇත. භක්ති මාර්ගයේදී ඔබ නොකඩවා ඉණිමගේ පහළට යන අතර ඔබගේ සියලුම ධනය නැති කරගත්තේය. ඔබගේ නළල ද ගෙවී ගියේය. උපත් 84ක කතාව ඇත. භක්ති මාර්ගය අනුගමනය කරමින් ඔබ නොකඩවා පහළට පැමිණියේය. නැවත ඉහළට යාමට දැන් ඔබට උගන්වයි. දැන් එය ඔබගේ ඉහළට නඟින තත්ත්වයයි. ඔබගේ බුද්ධියේ යෝගා පියා සමඟ නොවේ නම්, ඔබ නිසැකවම පහළට වැටෙනවා ඇත. පියා ස්මරණය කරන විට ඔබ ඉහළට නඟී. එයට බොහෝ උත්සාහ ගත යුතු වේ. එහෙත් දරුවන් නොසැලකිලිමත්ය. ඔබගේ ව්‍යාපාරයේ සිටින විට ඔබට පියා ද දැනුම ද අමතක වේ. අර කෙනා මේ වගේ ඔහු මෙසේ කරයි, මෙම ගුරුවරයා මෙසේ කරයි. මෙයාට මෙම දෝෂය ඇත, යැයි මායා බොහෝ කුණාටු ගෙනෙනවා ඇත. ඇයි ඔබ ඒ ගැන වද වෙන්නේ. තවම කිසිවෙකු ගුණධර්ම වලින් පිරී සම්පූර්ණ වී නැත. කිසිවකුගේ දෝෂ නොබලන්න. ඔවුන්ගේ ගුණධර්ම උකහා ගන්න. දෝෂ දෙස නොබලන්න. ඔබ එම දෝෂ වලින් මුහුණ ඉවතට හරවා ගන්න. ඔබට මුරලි ලැබේ. ඒවාට සවන් දී ඒවා ධාරණය කරගන්න. බාබා කියන දේ හරි දැයි වටහා ගැනීමට ඔබගේ බුද්ධිය භාවිත කරන්න. ඔබට අදාල නැති දේ ඉවතට දමන්න. මෙම දැනුමත් සමඟ උරණ නොවන්න. ඔබ ගුරුවරයා හෝ දැනුම සමඟ උරණ වන්නේ නම් එය පියා සමඟ උරණ වීමක් සේ වේ. මධ්‍යස්ථානයට නොයන බොහෝ දරුවන් ඇත. යම් කෙනෙක් කෙසේ වුවත් කම් නැත. ඔබගේ සැලකිල්ල මුරලිය වේ. කවුරු මුරලිය කියෙව්වත් ඊට සවන් දී එහි හොඳ කරුණු ධාරණය කරගන්න. කවුරුන් සමඟ හෝ කතා කිරීමට අපහසු නම් නිශ්ශබ්දව සිටින්න. මුරලියට ඇහුම්කන් දී ගෙදර යන්න. දුක් වෙන්නේවත් මම ආයේ මෙහේ එන්නේ නැහැයි කියන්නවත් එපා. සියලු දෙනාම අනුපිළිවෙලට වේ. ඉතා උදෑසන පියාගේ ස්මරණයෙන් අසුන්ගෙන සිටීමද හොඳයි. බාබා එන්නේ අපට පිරික්සුම් පහන දීමටයි. බාබා ඔහුගේ අත්දැකීම කියයි. බාබා අසුන් ගත් විට ඔහු පළමුවෙන්ම ඔහුගේ විශේෂ දරුවන් මතක කරයි. ඔවුන් පිටරටක හෝ කල්කටාවේ හෝ වේවා. විශේෂ දරුවන් මතක් කරයි. ඔවුන්ට පිරික්සුම් පහනක් දෙයි. ඔබ දරුවන් මෙහි අසුන්ගෙන සිටි නමුත් බාබා සේවයෙහි යෙදෙන අය මතක් කරයි. සේවය කළ හොඳ දරුවන් ශරීර අතහැර ගිය විට ඔවුන් බොහෝ සේවය කර ගියේ යැයි බාබා මතක් කරයි. ඔවුන් ළඟ ගෙදරක උපත් ලබා ඇත. එමනිසා, බාබා ඔවුන්ද මතක් කර ඔවුන්ටත් පිරික්සුම් පහනක් ලබා දෙයි. ඇත්තෙන්ම සියලු දෙනාම බාබාගේ දරුවන් වේ. එහෙත් හොඳ සේවය කරන්නේ කවුදැයි සියලු දෙනාම දනී. මෙතැනට පිරික්සුම් පහනක් දෙන්න. බාබා කියා ඇත. ඉන්පසු ඔහු එය දෙයි. එන්ජින් දෙකක් ඇත. මොහු උසස් තත්ත්වයක් ලබයි. එමනිසා, අනිවාර්යෙන්ම ඔහුට බලය ඇත. ශිව බාබා ඔබට උගන්වන බව සැම විට සලකන්න, සහ ඔහුව ස්මරණය කරන්න යැයි බාබා කියන මුත් ආලෝක දෙකක් තිබෙන බව ඔහු දනී. අන් කිසිවෙකුට ආලෝක දෙකක් තිබිය නොහැක. ඔබ ආලෝක දෙක ඉදිරියට පැමිණ ඉතාමත් හොඳින් ප්‍රාණවත් වන්නේ මේ නිසාය. හිමිදිරි උදය ඉතාමත් හොඳය. ස්නානය කර වහල උඩට ගොස් හුදකලාව අසුන් ගන්න. බාබා විශාල වහලක් සාදා ඇත්තේ මේ නිසාය. පූජකවරුන්ද ඉතාමත් නිශ්ශබ්දතාවයෙන් ඇවිදියි. ඔවුන් ක්‍රිස්තුන් වහන්සේ සිහි කරනවා ඇත. ඔවුන් පියා නොහඳුනති. ඔවුන් පියා සිහි කළේ නම් ශිව ප්‍රතිමාව ඔවුන්ගේ බුද්ධියට ඇතුලු වනවා ඇත. ඔවුන් ඔවුන්ගේ කුල්මත්භාවයේ සිටිති. ඔබ එම ගුණධර්මය ඔවුන්ගෙන් ගත යුතු වේ. සියලු දෙනාගෙන්ම ගුණධර්ම ගන්නා දත්තත්‍රයා යැයි කියා ඇත. ඔබ දරුවන් ද දත්තත්‍රයා ය, එහෙත් අනුපිළිවෙළට වේ. මෙහිදී ඔබට ඉතා හොඳින් හුදකලාවේ සිටිය හැක. ඔබට හැකි පමණ උපයා ගැනීමට ද හැක. පිටත දී ඔබ ඔබගේ ව්‍යාපාර සිහිකරයි. උදේ හතර ඉතාමත් හොඳයි. පිටතට යාමට උවමනා නැත. ඔබ ඔබගේ ගෙදර අසුන් ගෙන සිටිමින් එය ආරක්ෂා ද කරයි. ඔබ සියලු දේම මුර කළ යුතුයි. මෙම යාග ගින්නේ ඔබ සියලු දේම ආරක්ෂා කරගත යුතුයි. මෙම යාගයේ සියලු දේම වටිනා නිසා ඒ සියල්ල ඔබ ඉතා හොඳින් රැක බලා ගත යුතුයි. පළමුව ආරක්ෂාවයි. කිසිවෙකු මෙහි නොඑයි. මෙහි ආභරණ ආදිය නැති බව ඔවුන් දනී. මෙය දේවාලයක් නොවේ. මෙකල සෑම තැනම සොරකම් ඇති වේ. නිධාන සොරකම් කර පිටරට ගෙනයයි. ලොව ඉතාමත් කිලිටි වී ඇත. රාගය පරම හතුරා වේ. එය සියලු දේම අමතක කරවයි. ඉතා උදෑසන ඔබට සදා නිරෝගී වීමට පන්තියක් ඇත. ඉන්පසු සදා ධනවත් වීමට පන්තියක් ඇත. ඔබ පියා ස්මරණය කළ යුතුයි, සහ ඥාන සාගරය මත ගෑ යුතු වේ. පියා සිහිකරන විට ඔබට ඔබේ උරුමය ද මතක් වේ. මෙය ඉතාමත් පහසු ක්‍රමයක් වේ. පියා බීජය නිසා ඔහු ගසේ මුල, මැද, අග දන්නා නිසා මෙය ඔබගේ ද ව්‍යාපාරය වේ. බීජය සිහිකිරීමෙන් ඔබ පවිත්‍ර වේ. චක්‍රය සිහිකිරීමෙන් ඔබ ලෝක පාලකයින් වේ. එවිට ධනය ලැබේ. මිනිසුන් වික්‍රමාජිත් රජුගේත් (පව් ජයගත්) සහ වික්‍රම (පව් කරන) රජුගේත් රාජ්‍ය කාලය පටලවා ගෙන ඇත. වික්‍රම රජුගේ කාලය ආරම්භ වූයේ රාවණ් පැමිණියායින් පසුය. ඉන්පසු එම අවධිය වෙනස් විය. පළමුවන දිනදර්ශනය වර්ෂ 1 සිට වර්ෂ 2500 දක්වාද ඉන්පසු 2500 සිට වර්ෂ 5000 දක්වාද විය. හින්දු අය ඔවුන්ගේම ආගම නොදනී. තමන්ගේ ප්‍රථම ආගම අමතක වී දුෂ්ශීල වී ඇති එකම ආගම මෙය වේ. එම ආගම ස්ථාපනය කළ තැනැත්තා ද ඔවුන් අමතක කර ඇත. ආර්ය සමාජ ආරම්භය ඔබට විස්තර කළ හැක. ආර්ය (ශීලාචාර) අය ස්වර්ණම යුගයේ විසූහ. අශිලාචාර අය දැන් වාසය කරති. පියා දැන් පැමිණ ඇත්තේ අපව ශීලාචාර කිරීමටයි. සම්පූර්ණ චක්‍රය ඔබගේ බුද්ධියෙහි වේ. හොඳ උත්සාහවන්තයින් මෙය හොඳින් වටහා ගෙන අන් අයව ද උත්සාහ දැරීමට පොළඹවයි. පියා දුප්පතුන්ගේ ස්වාමියා වේ. ඔබ ගම් වල වාසය කරන අයට ද මෙම පණිවුඩය දිය යුතුයි. දැන්වීම් පත්‍ර හයක් සෑහේ. උපත් 84 චක්‍රයේ පින්තූරය ඉතා හොඳයි. ඔබ මෙම පින්තූරය ඉතා පැහැදිලිව විස්තර කළ යුතු වේ. එහෙත් මායා බොහෝ බලවත් වී මේ සියල්ල ඔබට අමතක කරවයි. මෙහි ආලෝක දෙකම එකට ඇත. එකක් පියාය, අනික මොහුගේය. දෙදෙනාම ඉතා බලවත් වූවත් ඔබ ඉතාමත් බලවත් වූ එළියේ එල්ලී සිටිය යුතුයි, යැයි මොහු කියයි. සියලුම දරුවන් මෙහි දුව එයි. මෙහි ද්විත්ව ආලෝකයක් ඇති බව ඔවුන්ට වැටහී ඇත. පියා ඔබට පෞද්ගලිකවම කතා කරයි. මට ඔබ සමඟ පමණක් කතා කිරිමට සහ ඔබට පමණක් සවන් දීමට ඉඩ දෙන්න කියා ගීතයක් ඇත. එහි තේරුම ඔබ මෙහි සදහටම අසුන් ගෙන සිටීම නොවේ. දවස් අටක් සෑහේ. සියලු දෙනාම මෙහි අසුන් ගත්තේ නම් එවිට බොහෝ වෙයි. සියලු දේම නාට්‍ය අනුව වෙයි. කෙසේ වෙතත් ඔබගේ අභ්‍යන්තරයේ ගැඹුරු සතුට තිබිය යුතු වේ. අන් අය තමා හා සමාන බවට පත් කරන අය මෙම සතුට අත්විඳියි. පුරවැසියන් නිර්මාණය කළ විට පමණක් ඔබට රජ විය හැක. ඔබට පාස්පෝට් එකක් අවශ්‍ය වේ. ඔබ බාබාගෙන් ඇසුවේ නම් බාබා ඔබට සැනකින්ම කියයි, තමා දෙස බලා දෝෂ තිබේදැයි පරීක්ෂා කරන්න. ඔබ ප්‍රශංසාව සහ අපවාද සියල්ලම දරාගත යුතුය. යාගයෙන් ඔබට ලැබෙන ඕනෑම දෙයක් ගැන ඔබ සතුටු විය යුතුයි. යාගයෙන් ලැබෙන ආහාර වලට ඔබ සතුටු විය යුතුයි. සන්‍යාසීන් ආහාර වල අගය දන්නා නිසා ඔවුන් ආහාර ගත් පසු පිඟාන ද සෝදා එම වතුර පානය කරති. ඔබට ධාන්‍ය ලබා ගැනීමට නොහැකිවන කාලයක් පැමිණෙනවා ඇත. ඔබට සමර්ථ විය හැක්කේ ඔබට සියලු දේම දරා ගැනීමට හැකි විට පමණි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අන් අයගේ දෝෂ දැක්කේ නම් මුහුණ අනිත් පැත්තට හරවා ගන්න. මෙම දැනුම සමඟ උරණ නොවන්න. දත්තත්‍රයා ලෙස සියලු දොනාගෙන්ම ගුණධර්ම ගන්න.

2. බාහිර දේ වලින් ඔබගේ බුද්ධිය ඉවත් කර අභ්‍යන්තරයට වී සිටීම පුහුණු කරන්න. ඔබගේ ව්‍යාපාරයේ හෝ වැඩපොළෙහි සිටින විට ජීව අවධානයෙන් සිටිමින් බොහෝ කතාබහ නොකරන්න.

වරදානය:
දේවමය සේවය කිරීමේ බන්ධනයෙන් බැඳී සමීප සබැඳියාවකට පැමිණ රාජකීය පවුලේ සාමාජිකයෙක් විමේ හිමිකම ඇත්තෙක් වේවා.

දේවමය සේවය කිරීමට ඇති බැඳීම ඔබව සමීප සබැඳියාවකට ගෙන එයි. සේවය කරන තරමට, එම සේවයේ ඵලය ඔබව සමීප සබැඳියාවකට ගෙන එයි. මෙහිදී හොඳින් සේවය කරන්නෝ එහිදී රාජකීය පවුලේ සාමාජිකයින් වේ. මෙහිදී මහත් උත්සාහයෙන් වැඩ කළ තරමට, ඒ අනුව එහිදී ඔබට සැප සිහසුනේ අසුන් ගත හැකි වේ. නමුත් මෙහිදී සැපට අසුන් ගෙන සිටීන්නන් හට එහිදී වැඩ කිරීමට සිදු වේ. පරමාත්ම පියා ළඟ සෑම ක්‍රියාවකම සෑම තත්පරයකම ගිණුම් ඇත.

පාඨය:
ස්ව පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථනය ඇති කරවිමේ කම්පන දැඩි වේගයකින් දසත පතුරුවන්න.