22.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය ඔබ බ්‍රහමිණ්වරුන්ගේ නව ශාකයයි. ඔබ එය ඉතා හොඳින් රැකබලාගෙන වවන්න ඕන. මන්ද, නව ශාකයක් කුරුල්ලන් කා දමයි.

ප්‍රශ්නය:
බ්‍රහමිණ් ශාකයෙන් හටගත් අළුත් කොළ මැළවී යන්නේ ඇයි?

පිළිතුර:
පරම පියා විසින් පැහැදිලි කරන දැනුමේ අපූර්වතම රහස් ජීවාත්මයින් වටහා නොගන්නා විට ඔවුන්ගේ සිතේ සැක පහළ වේ. අළුත් කොළ මැළවෙන්නේ සහ ඔවුන් ඉගෙනුම නතර කරන්නේ මේ නිසාවෙනී.

ගීතය:
ඕ පෙම්වත, පැමිණ අප හමුවන්න!

ඕම් ශාන්ති.
මේ ගීතය ඔබ බොහෝ වාරයක් අසා ඇති. දුක ඇති කාලයේ සැවොම දෙවියන්ට කන්නලව් කරනවා. එහෙත් දැන් ඔහු ඔබ සමඟ ඉඳිමින් ඔබව දුකෙන් මුදවමින් සිටිනවා. ඔබට වැටහෙනවා දුක් දේශයෙන් සතුටු දේශයට ඔබව අරගෙන යන සතුටු දේශයේ ස්වාමියා ම ඔබට පැහැදිළි කරමින් සිටින්නේ කියා. ඔහු ඇවිත් ඔබ ඉදිරියේ අසුන් ගෙන ඔබට රාජයෝග උගන්වනවා. මෙය මනුෂ්‍යයකු සතු කාර්යක් නොවෙයි. මෙසේ ඔබ කියනවා පරම්පිතා පරමාත්මය ඔබට රාජයෝග උගන්වා මනුෂ්‍යත්වයෙන් දේවත්වයට ඔබව වෙනස් කළා කියා. මනුෂ්‍යයන්ට ම මනුෂ්‍යයන් දේවතාවන් බවට වෙනස් කළ නොහැකියි. "දෙවියන්ට මනුෂ්‍යයන් දේවතාවන් බවට පත්කිරීමට වැඩි වේලාවක් යන්නේ නැහැ" මෙය කාගේ ප්‍රශංසා ද? ඒ බාබාගේ ප්‍රශංසාවයි. ස්වර්ණම යුගයේ දේවතාවරු නියතවම සිටී. මෙකල දේවතාවරු නොසිටී. එබැවින් දිව්‍ය ලෝකය නිර්මාණය කරන්නාම තමයි මනුෂ්‍යයන් දේවතාවරු බවට වෙනස් කරන්නේ. පරම පියා පරමාත්මය. ශිවා නමින් අමතන කෙනා අපවිත්‍ර අයව පවිත්‍ර කිරීමට මෙහි ආයුතුව ඇත. ඔහු එන්නේ කෙසේ ද? ඔහුට ක්‍රිෂ්ණාගේ ශරීරය මේ අපවිත්‍ර ලොව තුළ ලබාගත නොහැකියි. මනුෂ්‍යයන් ව්‍යාකූල වෙලයි සිටින්නේ. ඔය දරුවන් දැන් ඔහුගෙන් පුද්ගලිකවම සවන් දෙමින් සිටිනවා. මේ ලෝකේ ඉතිහාසය සහ භූගෝලය ඔබ දන්නවා. නිසැකවම ඉතිහාසයත් සමඟ භූගෝල විද්යාවත් ඇත. ඉතිහාසය සහ භූගෝලය ඇත්තේ මනුෂ්‍ය ලොවෙහිමයි. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් ගේ ඉතිහාසය හෝ භූගෝලය සූක්ෂම ලොවේ තිබිය නොහැකිය. එය සූක්ෂම ලොව වන අතර එහි 'චලනය' (movie) ඇත. මෙහි 'කතනය' (talkie) ඇත. බාබා ඔබට මුළු ලොවේම ඉතිහාසය සහ භූගෝලය ගැන කියනවා. එසේම අශාරීරික ලොවේ පුවතත් දෙනවා. ඔහු තුන් ලොව ගැන සියලු විස්තර ඔබට කියනවා. බ්‍රහමිණ්වරුන්ගේ නව ශාකය දැන් පැළකර ඇත. මෙයටයි ශාකයක් කියන්නේ; අනෙකුත් මාර්ග වලට අතු රිකිලි යැයි කියයි. ශාකයන් යැයි නොකියයි. ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ක්‍රිස්තියානි ශාකය මෙම ශාකයෙන් වෙනස් වූවක් යැයි විශ්වාස කළා වුවත්, එය මෙම විශාල ශාකයෙන් හටගත් එකක් බව ඔවුන් නොදනී. ඔබ මානව ලොව බිහිවූයේ කෙසේ ද යන්න පැහැදිළි කර දිය යුතුයි. මවක් පියෙක් ඉන්පසු දරුවනුත් සිටී. එහෙත් ඔවුන් සැවොම මතුවූයේ එකවර නොවෙයි. කොළ දෙකක් පසුව කොළ හතරක් හෝ පහක් මතු වෙද්දීම ඉන් මදක් කුරුල්ලන් කනවා. මෙහිත් එසේමයි කුරුල්ලන් කා දමනවා. මෙය ඉතා කුඩා ශාකයකි. වර්ධනය ටිකෙන් ටික ඇතිවෙනවා පෙර කල්පයේ ඇතිවුණාක් සේම. ඔය දරුවන්ට දැන් බොහෝ දැනුම ඇත. ඔබ ත්‍රිකාලදර්ශීන්, කාලත්‍රයම පිළිබඳ දත් අයයි. එසේම ඔබ ත්‍රිලෝකීන් ද වේ. එනම්, ලෝක තුන පිළිබඳ දත් අයයි. ලක්ෂ්මි නාරායන්ට ත්‍රිකාල්දර්ශී හෝ ත්‍රිලෝකීනාත් කිව නොහැක. මිනිස්සු ක්‍රිෂ්ණාට ත්‍රිලෝකීනාත් කියති. සේවය කරන්නත් ඔවුන්ගේ ප්‍රජාව නිර්මාණය කරාවි. ඔබ ප්‍රජාවන් මෙන්ම ඔබේ උරුමක්කාරයින්වත් නිර්මාණය කළ යුතුයි. ඔබ තමයි ත්‍රිලෝකීනාත් යන්න ඔබේ බුද්ධියෙහි රඳවා ගත යුතුයි. මේ එවන් අනගි විෂයන්ය. ඇතැම් දරුවන්ට නිවැරැදිව පැහැදිළි කළ නොහැකි නිසා ඔවුන් ගොඩනගනවා වෙනුවට විනාශය ඇති කරනවා. හටගන්නා කොළ ඔවුන් මැලවී යන්නට සලස්වනවා. පසුව ඔවුන් ඉගෙනුම නතර කරනවා. කෙනෙක්, එය සිදුවන්නට තිබූ එකක් පෙර චක්‍රයේ සේම ඉතින්, ගිය දේ ගියා කියා සිතන්නැයි කියයි. දැන් ඔය දරුවන්ට මුළු ලොවේම ඉතිහාසය සහ භූගෝලය ගැන, එහි මුල, මැද සහ අන්තය දක්වාම දැන ගන්න ලැබුණා. කෙසේ වෙතත්, මිනිස්සු බොහෝ දේ කියයි. කතාන්දර හදයි. ඔවුන් සෑම විෂයන් ගැනම පොත් ලියති. නාට්‍යයන් නිර්මාණය කරති. භාරතයෙහි බොහෝ දිව්‍ය අවතරණ ගැන ඔවුන් විශ්වාස කරති. භාරතය තමන්ගේම ඔරුව ගිල්වා ගෙන ඇත. ඔය දරුවන් විශේෂයෙන් භාරතයේ ඔරුවත්, දළ වශයෙන් මුළු ලොවත් දැන් මුදවමිනුයි සිටින්නේ. ලෝක චක්‍රය නොකඩවා බ්‍රමණය වෙමින් තිබෙයි. අප ඉහළින් සිටින විට අපාය පහළින් තිබේවි. හරියටම ඉර බසින විට මිනිස්සු කියයි එය මුහුද යටට ගියා කියා. ඇත්තෙන්ම එසේ වන්නේ නැහැ. මිනිස්සු ද්වාරකය මුහුද යට ගිලී ගියා කියා සිතනවා. මිනිස්සුන්ගේ බුද්ධි නම් හරිම අපූරුයි. ඔබ දැන් ඉතා උසස් අය වෙමින් සිටිනවා. ඔබට බොහෝ සෙයින් සතුට තිබෙන්න ඕන. දුක් සහිත කාලයේ දී ඔබ ලොතරැයියක් දිනා ඇත. එය ලැබුවේ දේවතාවරුන්. මෙහි දුක අත්විඳිමින් සිටි ඔබ දැන් අසීමිත සතුට ලබමින් සිටිනවා. උපත් 21ක් අනාගත දිව්‍ය ලෝකයේ අධිපතීන් වීමට යනවා කියා විශාල සතුටක් ඔබට ඇත. මිනිස්සු ගීතාවට සවන් දෙන්නැයි කීමේ අර්ථය සත්සංග් වල සිටීමටයි. එහි ගණන් කළ නොහැකි තරමට සත්සං ඇත. සායි බාබා ආදීන් වැනි අය ද සිටී. එය එවන් වූ විශාල වෙළඳ පොළක් වන අතර මෙය එකම එක බ්‍රහ්මකුමාරින්ගේ සාප්පුව වේ. ජගදම්බා බ්‍රහ්මාගේ මුවිනුපන් දරුවෙක්ය. සරස්වතී, බ්‍රහ්මයාගේ දියණිය ඉතා ප්‍රසිද්ධයි. ඔබට මව සහ පියාගෙන් අසීමිත ධනවස්තු ලැබී තිබෙන බව ඔබ වටහාගෙන ඇත. ඔබට ඔබේ මව සහ පියා සම්බ වුණා. ඔවුන් ඔබට බොහෝ සතුටේ ධනවස්තු දෙමින් සිටිනවා. අච්චා. මේ මව සහ පියාට උපත දුන්නේ කවුද? ශිව බාබා. අප මිණීමුතු ලබන්නේ ශිව බාබා වෙතින්. ඔබ ඔහුගේ මුණුපුරු දරුවන්ය. අප දැන් ඒ අසීමිත පරම පියාගෙන් අසීමිත සතුට ලබමින් සිටින්නේ මව සහ පියා වූ බ්‍රහ්මා සහ සරස්වතීගේ මාර්ගයෙන්ය. ඒ කෙනා පිරිනමන්නා වේ. මෙය එවන් වූ පහසු කරුණුයි! ඉන්පසු ඔබ මේ භාරතය දිව්‍ය ලොවක් බවට වෙනස් කරන්නේ සහ එහිදී අප සතුටේ ධනසම්පත් ලබන්නේ කෙසේ ද යන්න පැහැදිළි කරන්න ඕන. අප භාරතයේ සේවකයන්ය. අප අපගේ මනස, ශරීරය සහ ධනය යොදා සේවය කරනවා. මිනිස්සු ගාන්ධි තුමාටත් උදව් කළා. ඔබට පැහැදිළි කර දෙන්න පුළුවනී. යාදවයන්, පාණ්ඩවයන් සහ කෞරවයන් කළේ කුමක් ද කියා. පරම පියා පරමාත්මය සිටින්නේ පාණ්ඩවයන්ගේ පාර්ශවයේය. විනාශ කාලයේ දී. පාණ්ඩවයින් සෙනෙහෙවත් බුද්ධියෙන් සිටි අතර කෞරව සහ යාදවයින්ට ඔවුන්ගේ බුද්ධියෙහි දෙවියන් කෙරෙහි සෙනෙහසක් නොතිබුණී. පරම පියා පරමාත්මය ගැන විශ්වාසයක් ඔවුන් තුළ නොතිබුණි. ඔවුන් ඔහුව ගල් මුල් තරමට පහළ දැමූ අයයි. ඔබට නම් ඔහු හැරෙන්න අන් කිසිවකුට සෙනෙහස නොතිබෙයි. එමනිසා. ඔබ ඉතාමත් ප්රීතිමත්ව සිටිය යුතුයි. ඔබේ දෙපා මුල සිට හිස මුදුන දක්වාම සතුට පිරි තිබිය යුතුයි. දරුවන් බොහෝ දෙනෙක් සිටිනවා. මව සහ පියා තුළින් සවන් දෙන ඔබ සතුට අත්විඳිනවා. ඔබ තරම් වාසනාවන්ත අය මෙලොවේ තවත් නැත. කෙසේ වෙතත් ඔබ අතරේ ද ඇතැම් අය කෝටි ගුණයකින් වාසනාවන්තයි. ඇතැම් අය සිය ගුණයකින් වාසනාවන්තයි. තවත් අය මදක් වාසනාවන්ත හෝ අවාසනාවන්ත අයද සිටී. පුදුමයට පත්ව පසුව පැන යන අයට අවාසනාවන්ත යැයි කියනවා. කුමක් හෝ හේතුවක් මත ඔවුන් පියාව හැරදමා යති. මේ පියා ඉතාමත් සුමිහිරි කෙනෙකි. ඔහු එය වටහා ගන්නේ කිසියම් උපදෙසක් දුන් නිසා ඔවුන් ඔහුගෙන් වෙන්ව ගිය බවටයි. ඔහු කියන්නේ ඔබ පාපයේ ගැලුණොත් ඉන් කුලයේ නමයි කෙලෙසෙන්නේ. එසේම කුලයේ තම කෙලෙසූ කෙනෙක්ට විශාල දඬුවම් අත් විදින්න සිදුවනවා ඇත කියායි. එවැන්නෙකුටයි සත්ගුරූගේ නාමය කෙලෙසූවෙක් යැයි කියා ඇත්තේ. මිනිස්සු මෙය තම භෞතික ගුරුන්ට අදාල එකක් යැයි සිතා වරදවා තේරුම් ගෙන ඇත. පිරිමිත් මෙය කියමින් තම අහිංසක බිරිඳන්ව බයකර තබා ඇත. අමරණීය බාබා අමරණීයත්වයේ කතාව ඔබට කියනවා. බාබා කියයි: මා ගුරුවරයා සහ සේවකයා වේ. ශිෂ්‍යයන් ගුරුවරුන්ගේ පා සෝදා එම ජලය පානය කරයි ද? ලෝක අධිපතීන් වන දරුවන් ලවා මට ඒ දේ කරවිය හැකි ද? නැහැ. එම අශාරීරිකයාගේ ප්‍රශස්තියම නිරහංකාරි යන්න සිහිපත් කර ඇත. පෙර චක්‍රයේත් මෙම හිංසන සිදුවී ඇත. පාප කලය පිරුණු විට ලේ ගඟුළු ගලා යාවි. ඔබ දැන් ඔබේ යෝග බලයෙන් ඔබේ අසීමිත රාජධානිය අත්කර ගන්නවා. ඔබ පරම පියාගෙන් ලබාගන්නේ නොසෙල්විය හැකි අචල රාජධානියක් බව ඔබට වැටහෙනවා. අනිවාර්යෙන් අප සූර්ය රාජ වංශයේ කොටසක් බවට පත්වෙනවාමයි. ඔව් මෙයට ධෛර්යය අවැසියි. නොකඩවා ඔබ තුළ පාපයක් තිබෙනවාද කියා ඔබේ මුහුණෙන් පරීක්ෂා කර බලන්න. යමක් වැටහුණේ නැතිනම්. ඔබේ ජ්‍යෙෂ්ඨයින් ගෙන් විමසන්න, තිබෙන ඕනෑම සැකයන් ඉවත් කරගන්න. ගුරුවරයෙක්ට එය ඔබේ සැකයන් නිරවුල් කිරීමට නොහැකි නම්, ඔබ බාබාගෙන් අසන්න. දරුවන්ට වටහාගත යුතු බොහෝ කරුණු තවද ඇත. බාබා නොනවත්වා ඔබේ දිවි ඇති තාක් ඔබට පැහැදිළි කරනවා. ඔවුන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දීමේදී ඔවුන්ට කිව හැකියි. මා ද ඉගෙන ගනිමින් සිටින්නේ බාබාගෙන් මා එය අසා ඔබට කියන්නම් හෝ බාබා තවමත් ඒ කරුණු කියා නැත අනාගතයේ එය පැහැදිළි කරාවි. එවිට අසා දැනගත හැකියි කියන්න. කරුණු බොහෝ මතුවෙමිනුයි තිබෙන්නේ. සමහරු යුද්ධය ගැන. කුමක් සිදුවේවිද කියා අසනවා. බාබා ත්‍රිකාල්දර්ශී. ඔහුට පහදා දිය හැකියි. කෙසේවෙතත් බාබා තවමත් කියා නැති නිසා ඔවුන්ට ඉල්ලුම් පතක් ලියා දමන්න කියන්න. එහෙත් එය ඔහුගේ අතේයි තිබෙන්නේ. මේ අයුරින් ඔබ නිදහස් වෙන්න. බාබා වත්තේ සිටිද්දී දරුවන් ප්‍රශ්නයක් අසා තිබෙනවා. බාබා ඥාන සාගරය නම් ඔහුට ඥාන නර්තනය කරන්න වෙනවා නේද කියා. හොඳයි. ශිව බාබා භක්ති මාර්ගයේ සැමගේ ආශාවන් ඉෂ්ට කරන කොටස කරන විට. ඔහු සංගම යුගයේ භාරතයට ගොස් ඔය දරුවන්ට රාජයෝග උගන්වනවා. ඔබව ලෝක අධිපතීන් කරවනවා කියා ඔහු සිතයි ද? එවෙලෙහි මෙම සිතිවිල්ල නැඟේද, නැතිනම් ඔහු පැමිණෙන සමයේ එම සිතිවිල්ල ඇතිවේ ද? බාබා සිතන්නේ ඇත්තෙන්ම එම සිතිවිල්ල එහිදී ඇතිවන එකක් නැතැයි කියායි. මෙම දැනුම ඔහු තුළ ගිලී තිබුණ ද එය මතුවන්නේ ඔහු පැමිණිය යුතු වේලාවටයි. එය හුදෙක් ඔබේ උපත් 84 ගිලී තිබෙන ආකාරයටමයි. දෙවියන්ට තව ලොවක් නිර්මාණය කිරීමේ සිතිවිල්ලක් ඇති වූවා යැයි කියා ඇත. එම සිතිවිල්ල ඇතිවනුයේ නියමිත වේලාවටයි. ඔහුත් නාටකයෙහි බැඳීයි සිටින්නේ. මේවා ඉතාමත් ගුප්ත කරුණුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර

රාත්‍රී පන්තිය : 1969/01/13

ඔබ දරුවන් මෙහි පැමිණ වාඩි වූ පසු බාබා මෙසේ අසයි: දරුවනි, ඔබ ශිව බාබා සිහි කරනවාද? ඉන්පසු තව ලෝකයේ රජදහනත් සිහිකරනවාද? අසීමිත පියාගේ නම ශිවාය. බොහෝ භාෂා ඇති නිසා ඔහුට විවිධ නම් ද බොහෝ ඇත. උදාහරණ වශයෙන් බොම්බායේ බබුල් නාථ (කටු වල පියා) නමින් සිද්ධස්ථානයක් ඇත්තේ ඔහු කටු මල් බවට පරිවර්ථනය කරන නිසාය. මල් ඇත්තේ ස්වර්ණමය යුගයේ වන අතර මෙහි සියලු දෙනාම කටුය. ඒ නිසා බාබා ආධ්‍යාත්මික දරුවන්ගෙන් මෙසේ අසයි: ඔබ අසීමිත පියා ගැන ස්මෘතියෙන් කොපමණ වේලාවක් සිටිනවාද? ඔහු යහපත සලසන්නා නමින් ශිවා වේ. ඔහු සිහිකළ තරමට ඔබේ නොගිණිය හැකි උපත් වල පව් දුරුවී යනු ඇත. ස්වර්ණමය යුගයේ දී පාප නැත. එය වූ කළී පුණ්යවන්ත ජීවාත්ම සත්තාවන්ගේ ලෝකය වන අතර, මේ විකර්ම කරන ජීවාත්ම සත්තාවන්ගේ ලෝකයයි. ඔබ පාපයට යොමු කරන්නේ පාප 5 ය. ස්වර්ණමය යුගයේ දී රාවණ් නොසිටී. ඔහු මුළු ලොවේම සතුරා වෙයි. මෙකළ, මුළු ලොවම වෙලාගත් රාවණ් රාජධානිය වෙයි. සියලු දෙනා අසතුටින් සහ තමෝප්‍රධාන් තත්ත්වයේය. මේ නිසා ය බාබා මෙසේ කියන්නේ: දරුවනි, මා පමණක්ම සිහි කරන්න. මේ වචන ගීතාවෙනි. පියාම මෙසේ කියයි: ඔබේ ශරීරයත් ශරීරය හා බැඳුණු සියලු දේත් පිළිබඳ විඥානය පසෙක ලා මා පමණක්ම සිහිකරන්න. පළමුවෙන් සතුටු සබඳතා තුළ සිටි අතර රාවණ්ගේ බන්ධන වලට පත්විය. දැන් නැවතත් ඔබ සතුටු සබඳතා තුළට යා යුතුව ඇත. ඔබ ජීවාත්ම සත්තාවක් බව සළකමින් බාබාව සිහි කරන්න. පියා මෙම ඉගැන්වීම ලබා දෙන්නේ සංගම් යුගයේ දීය. පියාම මෙසේ කියයි: මා උත්තරීතර දේශයේ නිවැසියාය. ඔබට විස්තර කර දීම සඳහා මෙම ශරීරය තුළට පිවිසීමි. පියා මෙසේ ද කියයි: ඔබ පළමුව පාරිශුද්ධත්වයට පත් නොවුවහොත් මා කරා පැමිණීය නොහැක. දැන් ඉතින් ඔබ පාරිශුද්ධ වන්නේ කෙසේද? සරළ ලෙස කීවොත් මාව සිහිකරන්න, එපමණයි. භක්ති මාර්ගයේ දී පවා, මට පමණක්ම වන්දනා කළවුන් සිටියෝය. ඊට අදූෂිත වන්දනාව යැයි කියයි. දැන් මම පාරිශුද්ධකරුවා වෙමි. ඒ නිසා මාව සිහිකළ විට ඔබේ නොගිණීය හැකි උපත් වලින් පාප දුරුවී යනු ඇත. උපත් 63ක පාපයන් ඇත. පැවිදිවරුන්ට රාජයෝගා ඉගැන්විය නොහැකිය. එය කළ හැක්කේ පියාට පමණී. සත්‍ය ලෙසින්ම, එම සියලු ආගමික ලේඛණ සහ භක්තිය ආදිය ගෘහස්ථයින් සඳහාය. පැවිදි වූවෝ කැළෑ වලට ගොස් බ්‍රහ්ම ධාතුව සිහිකරමින් සිටී. දැන් පියා මෙසේ කියයි: මම සියලු දෙනාටම විමුක්තිය දානය කරන්නා වෙමි. ඒ නිසා මාව සිහිකළ විට ඔබ ලක්ෂ්මි නාරායන් මෙන් වෙයි. ඉලක්කය සහ අරමුණ ඔබ ඉදිරියේ ඇත. ඔබ අධ්‍යයනය කළ තරමට සහ ඉගැන්වූ තරමට දිව්‍ය රජදහනේ ඔබේ තත්ත්වය ඉහළ වනු ඇත. ඇල්ෆා යනු එකම පියා ය. නිර්මාණයකට තවත් නිර්මාණයකින් උරුමය ලැබිය නොහැකියි. ඒ අසීමිත පියා වන අතර ඒ නිසා ඔහු අසීමිත උරුමයක් දෙයි. ස්වර්ණමය යුගයේ දී, ඔබ ගැලවීම ලබන අතර අන් සියලු ජීවාත්ම සත්තාවන් ආපසු ගෙදර ගොස් සිටී. 'මුක්තිය', 'ජීවන් මුක්තිය' සහ 'ගැලවීම' සාම දේශයට සහ සතුටු දේශයටයි. පියා පිළිබඳ ස්මෘතිය නොමැතිව ඔබට නැවත ගෙදර යා නොහැකියි. ජීවාත්ම සත්තාවන් නියත ලෙසින් ම පාරිශුද්ධියට පත් විය යුතුය. මෙහි සියලු දෙනා අදේවවාදීන්ය (අසත්‍යවාදීන්): ඔවුන් පියා ගැන නොදනී. ඔබ දැන් සත්‍යවාදීන් බවට පත් වී ඇත. දෙවියන්ට සෙනෙහසක් නැති බුද්ධියක් ඇති අය විනාශ වේ යැයි කියැවේ. දැන් විනාශයට කාලයයි. චක්‍රය නියතයෙන් ම කරකැවේ. දෙවියන්ට සෙනෙහස් බුද්ධියක් ඇති අය ජයග්‍රාහී වෙයි. පියා සියල්ල ඉතා සරළ ලෙස විස්තර කළත්, මායා රාවණ් ඔබට අමතක කරවයි. දැන් මේ ජරාජීර්ණ ලෝකයේ අවසානයයි. එය අමරණීයත්වයේ දේශයයි, එහි අකල් මරණ නැත. අපි පියාට මෙසේ කියමු: පැමිණ අප සියලු දෙනාම නැවත ඔබ වෙත ගෙන යන්න. ඒ නිසා ඔහු සියලු මරණයන්ගේ මරණයයි. ස්වර්ණමය යුගයේ දී ගස ඉතා කුඩාය. දැන් ගස ඉතා විශාලය. බ්‍රහ්මා සහ විෂ්ණු ගේ රැකියාව කුමක්ද? විෂ්ණු දෙවියෙක් යැයි සඳහන් වේ. බ්‍රහ්මාට ස්වර්ණාභරණ ආදිය නැත. එහි බ්‍රහ්මා විෂ්ණු හෝ ශංකර් නැත. මනුෂ්‍ය වර්ගයාගේ පියා වන බ්‍රහ්මා මෙහි සිටී. ඔබ දර්ශන ලබන්නේ සූක්ෂම කලාපයේය. ශාරීරික, සූක්ෂම සහ අශරීරික යනුවෙන් ඇත. සූක්ෂම කලාපයේ 'චලන' ඇත. මෙය තේරුම් ගත යුතු යම් දෙයකි. මෙය ඔබ රාජයෝගා ඉගෙන ගන්නා ගීතා පාසලයි. උගන්වන්නේ ශිව බාබා වන අතර නිසැකයෙන්ම ඔබ සිහිකළ යුතු වන්නේ ශිව බාබාය. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට සුබ රාත්‍රියක්. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට තමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ අනන්ත සතුටේ ලොතරැයිය මේ දුක් සහිත කාලයේ ලබා ඇත. සත්‍ය පියාට අවංකව සෙනෙහස දක්වන්න. ඔහු ස්මරණය කරමින් අඛණ්ඩව සතුටින් ඉඳින්න.

2. බාප්දාදා වාගේම අශාරීරික සහ නිරහංකාර කෙනෙක් වන්න. එඩිතරව පාපයන් ජයගන්න. ඔබේ රාජධානිය යෝග බලයෙන් මුදුන්පත් කරගන්න.

වරදානය:
ඔබ ක්‍රියා සිදුකරන අතරතුර, ස්ථාවර මනෝ ස්ථිතියක රැඳී සිටීමෙන්, ආධ්‍යාත්මික පෞරුෂත්වයක අත්දැකීම ලබා දෙන, කර්ම යෝගීවරයෙක් වේවා.

ඔය දරුවන් නිකම් සේවකයන් නොවෙයි, නමුත් ඔබ කර්ම යෝගීවරු වන අතර ඔබ සෑම ක්‍රියාවක්ම සිදු කරන්නේ යෝග්යුක්තව රැඳී සිටිමින්ය. දෑත් වලින් ඔබ වැඩ කරන අතර ඔබගේ බලවත් මනෝ ස්ථිතියේ ඔබ ස්ථාවරව සිටීම, සියලු දෙනාම ඔබගෙන් අත්විඳිය යුතුයි. ඔබ සාමාන්‍ය ලෙස ගමන් කරන විට හෝ යම් තැනක නිකම් සිටගෙන සිටින විට, දුර සිටම ඔබගේ ආධ්‍යාත්මික පෞරුෂත්වයේ අත්දැකීම ලැබිය යුතුයි. ලෞකික පෞරුෂත්ව ආකාර්ෂණය කරන සේම, ඔබගේ ආධ්‍යාත්මික පෞරුෂත්වය, එනම්, පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය සහ ග්‍යානී සහ යෝගී ජීවාත්මයකගේ පෞරුෂත්වය , අන් අයව ඉබේටම ආකර්ෂණය කරයි.

පාඨය:
නිවැරදි මාවත දිගේ ගමන් කරන සහ සියලු දෙනාට නිවැරදි මාවත පෙන්වන අය, සැබෑ ප්‍රදීපාගාරයි.