23.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ බුද්ධියට, නිරතුරුවම පියාගේ සිහිපත් කිරීමේ පමණක් සිටීමට හැකි නම්, එය ඔබගේ විශාල භාග්‍යයකි.

ප්‍රශ්නය:
සේවය කිරීමට කැමැත්තක් ඇති දරුවන්ගේ සලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන්ට දැනුම නොපවසා සිටිය නොහැක. ඔවුන්, ආධ්‍යාත්මික සේවය වෙනුවෙන් ඔවුන්ගේ අස්ථී කැප කරයි. ආධ්‍යාත්මික දැනුම විස්තර කිරීමෙන් ඔවුන්ට විශාල සතුටක් ලැබෙයි. ඔවුන් දිගටම සතුටින් නර්ථනය කරයි. ඔවුන්ගේ ජ්‍යෙෂ්ටයන් වෙනුවෙන් ඔවුන් තුළ විශාල ගෞරවයක් තිබෙන අතර ඔවුන්ගෙන් අඛණ්ඩව ඉගෙනගනී.

ගීතය:
ලෝකය වෙනස් වුවත් අපි කිසිදා ඔබගෙන් ඉවතට නොයන්නෙමු.

ඕම් ශාන්ති.

ඔය දරුවන්ට ගී පද දෙකක් ඇසුණි. මෙම ගීතයෙන් කියැවෙන්නේ පොරොන්දුවක් ගැනයි. ඔවුන් එකිනෙකාව හැර නොයාමට පොරොන්දු වන, විවාහ ගිවිසගත් යුවළක් මෙනි. ඇතැම් අයට එකිනෙකා සමඟ හොඳින් සිටීමට නොහැකි වෙයි, එබැවින් ඔවුන් වෙන්වෙයි. මෙහිදී ඔය දරුවන් පොරොන්දුවක් වන්නේ කාටද? පරමාත්ම දෙවියන්ට ඔය දරුවන්, ඔය මනමාලියන්, විවාහ ගිවිසගෙන ඇති ඒකායන කෙනාට. කෙසේවෙතත්, ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන කෙනාවත් ඔබ හැරදා යයි. දැන්, ඔය දරුවන් මෙතැන අසුන්ගෙන සිටින විට, අසීමිත බාප්දාදා පැමිණීමට ආසන්න බව, ඔබට වැටහෙයි. ඔබට මෙහි සිටින විට ඇති එම ස්ථීතියම ඔබට පිටත, ඔබගේ මධ්‍යස්ථාන වලදි තිබිය නොහැක. මෙහිදි, බාප්දාදා පැමිණීමට ආසන්න බව ඔබට වැටහෙයි. පිටත, ඔබගේ මධ්‍යස්ථාන වලදි, බාබා පවසා ඇති මුරලිය ඔබ අසන්නට යන බව ඔබට වැටහෙයි. මෙහෙ සහ එහෙ අතර විශාල වෙනසක් තිබෙයි, මන්ද මෙහිදී ඔබ පෞද්ගලිකවම අසීමිත බාප්දාදා ඉදිරියෙන් අසුන් ගෙන සිටින නිසා. එහිදී ඔබ බාබා ඉදිරියේ නොසිටින නමුත්, පැමිණ ඍජුවම, මුහුණට මුහුණලා මුරලියට සවන් දීමට ඔබ තුළ ආශාවක් තිබෙයි. ආධ්‍යාත්මික රැස්වීම් වලදී ඔවුන්ගේ ස්වාමි (ගුරුවරයා) පැමිණීමට ආසන්න බව ඔවුන්ට වැටහෙන ආකාරයෙන්ම, මෙහිදී බාබා පැමිණීමට ආසන්න බව ඔය දරුවන්ගේ බුද්ධියට හැඟෙයි. කෙසේවෙතත්, සෑම කෙනෙකුටම එකම සිතිවිල්ල ඇති නොවෙයි. ඇතැමුන්ගේ බුද්ධියේ යෝගාව, වෙනත් තැනක සැරිසරනවා ඇති. සමහරුන් ඔවුන්ගේ සැමියන්ද සමහරුන් ඔවුන්ගේ නෑදෑයින්වත් සිහිකරනවා ඇති. ඔවුන්ගේ බුද්ධියේ යෝගාව එක් ගුරු මත යොමු වන්නේ නැත. ස්වාමිගේ සිහි කිරීමේ සිටීමට හැකි අය ඉතා සුළු දෙනෙක් පමණක් සිටියි. මෙහිද එය එසේමය. සෑම කෙනෙක්ම ශිව බාබාගේ සිහිපත් කිරීමේ සිටින්නේ නැත. ඔවුන්ගේ බුද්ධි, වෙනත් තැන්වලට දිව යයි නෑදෑයින් ආදීන් සිහි වෙයි. ඔබට සෑම විටෙකම ශිව බාබාගේ සිහිපත් කිරීමේ සිටීමට හැකි නම්, ඔබ මහත් සේ භාග්‍යවන්තයි. නිරන්තරයෙන් සිහිපත් කිරීමේ සිටිය හැකි අය සිටින්නේ ඉතා දුර්ලභ, ටික දෙනෙක් පමණයි. පියා ඉදිරියේ සිටින විට, ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. අතීන්ද්‍රීය සුඛය ගැන, ගෝපි වල්ලභයාගේ (ගොපළු ගොපලියන්ගේ පියා) ගොපළු ගොපලියන්ගෙන් අසන්න යන කියමන, මේ කාලය පිළිබඳව සිහිවටනයයි. ඔබ මෙහි අසුන්ගෙන සිටින්නේ, පරමාත්ම පියාගේ සිහි කිරීමේය. ඔබ දැන් පරමාත්ම දෙවියන්ගේ උකුලේ සිටින බවත්, ඔබ පසුව දේවතාවන්ගේ උකුලේ සිටින බවත් ඔබට දැන් වැටහෙයි. පිංතූරයක් නිවැරදි කරන්නේ කෙසේද හෝ එහි ලියන්නේ කුමක්ද කියා, ඇතැම් දරුවන්ගේ බුද්ධිය තුළ, සේවය පිළිබඳ සිතිවිලි ඇති වෙයි. කෙසේවෙතත්, ඔවුන් දැන් පියාට සවන් දිය යුතු බව, හොඳ දරුවන්ට වැටහෙයි. වෙනත් සිතිවිලි වලට මතු වීමට ඔවුන් ඉඩ නොතබයි. ඔබගේ ඒප්‍රන, දැනුමේ මිණි මුතු වලින් පිරවීමට, පරම පියා පැමිණ ඇත. එබැවින් ඔබගේ බුද්ධි, පියා සමඟ යෝගාවේ තබා ගත යුතුයි. මෙය ධාරණය කරගැනීමේදී සෑම කෙනෙක්ම අංකානුරූපයි. ඇතමුන් හොඳින් සවන් දී එය ධාරණය කරන අතර, තවත් අය ඊට අඩු ප්‍රමාණයකට ධාරණය කරගනී. බුද්ධියේ යෝගාව තිබෙන්නේ වෙනත් තැනක නම්, එවිට ධාරණය කරගැනීමට හැකියාවක් නැත ඔවුන් දුර්වලව සිටියි. එයට වරක් හෝ දෙවරක් සවන් දීමෙන් පසුව, ඔබ මුරලිය ධාරණය කරගන්නේ නැතිනම්, එම පුරුද්ද සිථීර වෙයි. එවිට, ඔබ කෙතරම් සවන් දුන්නද, ඔබට එය ධාරණය කරගැනීමට නොහැකි වෙයි. ඔබට මෙම දැනුම, වෙනත් අයට පැවසීමට නොහැකි වෙයි. මෙය ධාරණය කරගන්නා අය, සේවය කිරීමට කැමැත්තක් දක්වයි ඔවුන් බොහෝ උද්යෝගිමත් වෙයි. පියා හැර වෙනත් කිසිම කෙනෙකුට මෙම ධනය නොමැති බැවින්, ඔවුන් ගොස් මෙම ධනය දන් දිය යුතු බව, ඔවුන්ට සිතෙයි. සෑම කෙනෙකුටම මෙය ධාරණය කරගත නොහැකි බව, සෑම කෙනෙකුටම එකම උසස් තත්ත්වය හිමි කරගත නොහැකි බව, පියාටද වැටහෙයි. ඔවුන්ගේ බුද්ධි, දිගින් දිගටම එහෙ මෙහෙ සැරිසරන්නේ මේ නිසාය. ඔවුන්ගේ අනාගත භාග්‍යය එතරම් උසස් වන්නේ නැත. ඇතැම් අය, භෞතික සේවය සඳහා ඔවුන්ගේ අස්ථී කැප කරයි ඔවුන් සෑම කෙනෙක්වම සතුටට පත් කරවයි. නිදසුනක් වශයෙන් ඔවුන් කෑම පිස, මිනිසුන්ට කෑම බෙදයි. එයද විෂයකි. සේවය කිරීමට ලැදිකමක් දක්වන අයට, දැනුම නොපවසා සිටිය නොහැක. එවිට ඔවුන්ට ශරීර අවධානය තිබේද කියා බාබා බලයි. ජ්‍යෙෂ්ටයන් වෙනුවෙන් ඔවුන් තුළ ගෞරවයක් තිබේද නැද්ද? ජ්‍යෙෂ්ට මහාරතීන් වෙනුවෙන් ඔබ තුළ ගෞරවයක් තිබිය යුතුයි. ඔව්, සමහර තරුණ දක‍්ෂ අයගේ බුද්ධි, සීඝ්‍රයෙන් ඉදිරියෙන් පිම්මේ දිව යන විට, මහාරතීන්, ඔවුන්ට ගෞරවය දැක්විය යුතුයි. ඔබ සේවය කිරීමට ලැදි කමක් දක්වන බව පියා දකින විට, ඔහු සතුටට පත්වෙයි මෙම කෙනා හොඳින් සේවය කරයි. ඔබ දවස පුරාම, ප්‍රදර්ශන වලදී පැහැදිලි කිරීම පුහුණු විය යුතුයි. පුරවැසියන් බොහෝ ගණනක් නිර්මාණය වෙයි. වෙනත් මාර්ගයක් නැත. සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික රජවරුන් සහ රැජිණියන් සියල්ලම නිර්මාණය වන්නේ මෙහිදීය. ඔබ බොහෝ සේවය කළ යුතුයි! ඔබ දැන් බ්‍රහ්මණයන් වී ඇති බව, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. ඔබගේ නිවසේ ඔබගේ පවුලේ අය සමඟ වාසය කරන අතර, ඔබ එක් එක් කෙනාට, ඔබගේම ස්ථීතිය වෙන් වශයෙන් තිබේ. ඔබගේ නිවස අතහැර යාමට අවශ්‍ය නැත. පියා පවසන්නේ ඔබට නිවසේ වාසය කළ හැකි නමුත්, පැරණි ලෝකය විනාශ වීමට ආසන්නයි, යන විශ්වාසය ඔබගේ බුද්ධියේ තබාගන්න. අපගේ එකම සම්බන්ධතාවය තිබෙන්නේ, පියා සමඟ පමණයි. මෙම දැනුම, චක්‍රයකට පෙර ලබා ගත් අය පමණක්, එය නැවත ගන්නා බවත් ඔබගේ බුද්ධිය තුළ තිබෙයි. තත්පරයෙන් තත්පරයට සෑම දෙයක්ම කිසිම වෙනසක් නොමැතිව නැවත සිදුවෙමින් පවතිනවා. ජීවාත්මය තුළ දැනුම තිබෙනවා නොවේද? පියාටද දැනුම තිබේ. ඔය දරුවන් පියා මෙන් විය යුතුයි. ඔබ කරුණුද ධාරණය කරගත යුතුයි. සියලුම කරුණු එකවර විස්තර කෙරෙන්නේ නැත. විනාශය ඔබ ඉදිරියේ තිබේ. එය එම විනාශයමයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හි යුද්ධ නොමැත. යුද්ධ ආරම්භ වන්නේ, බොහෝ ආගම් මතු වී, හමුදා නිර්මාණය වූ විටය. ජීවාත්ම ප්‍රථමයෙන් පහළට පැමිණෙන විට, ඒවා සතෝප්‍රධාන් වන අතර, ඉන්පසුව ඒවා සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා යයි. මෙම රාජධානිය ස්ථාපනය වන අන්දම ඔබගේ බුද්ධිය තුළ රැඳී තිබිය යුතුයි. ඔබ මෙතැන අසුන්ගෙන සිටින විට, ඔබගේ බුද්ධිය තුළින් ඔබ ධාරණය කරගත යුතු සම්පත්, ශිව බාබා පැමිණ ලබා දෙනවා, යන අවධානය ඔබ තුළ තිබිය යුතුයි. හොඳ දරුවන් සටහන් ලියා ගනී. එය ලිවීම හොඳය, එවිට ඔබගේ බුද්ධියට මාතෘකා මතු වෙයි. අද මම මෙම මාතෘකාව ගැන විස්තර කරන්නම්. පරම පියා පවසන්නේ මා ඔබට බොහෝ ධන සම්පත් ලබා දුන්නෙමි. ස්වර්ණමය සහ රිදී යුගයන්හි ඔබට බොහෝ ධනය තිබුණා. ඔබ පාපයේ මාර්ගයට යන විට, එය අඩු වෙයි. ඔබගේ සතුටද අඩු වෙයි. ඔබ එක් හෝ තවත් දූෂිත ක්‍රියාවක් කිරීම ආරම්භ කරයි. ඔබ පහළට බසින අතර, ඔබගේ අංශක දිගින් දිගටම අඩු වෙයි ඔබ සතෝප්‍රධාන්, සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා යයි. ඔබ සතෝ සිට රජෝ තත්ත්වයට යන විට, ඔබ සැනෙකින් එම තත්ත්වයට පත්වන්නේ නැත ඔබ පහළට බසින්නේ ඉතා සෙමිනි. තමෝප්‍රධාන් තත්ත්වයේ වුවද, ඔබ ඉනිමඟ දිගේ පහළට බසින්නේ ඉතා සෙමින් වන අතර ඔබගේ අංශක දිගින් දිගටම අඩුවෙයි. දවසින් දවස ඒවා අඛණ්ඩව අඩුවෙයි. ඔබ දැන් පිම්මක් පැනිය යුතුයි. තමෝප්‍රධාන් බවින් ඔබ සතෝප්‍රධාන් විය යුතුයි. මේ සඳහා ඔබට කාලයක් අවශ්‍ය වෙයි. ඉහළ නඟින අයට දෙව්ලොව අමෘතය රස බැලීමට හැකි බව ගැයෙයි. රාගය නමැති පාපය ඔබට පහර දුන්නොත්, ඔබ මුළුමනින්ම කුඩු පට්ටම් වෙයිි ඔබගේ අස්ථී මුළුමනින්ම කැඩී යයි. ඇතැම් මනුෂ්‍යයන් සිය දිවි නසා ගනියි. එයට ජීවාත්මයේ දිවි නසා ගැනීමක් යැයි නොකියයි, එය ජීවමාන සිරුරේ, දිවි නසා ගැනීමකි. මෙහිදී ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගත යුතුයි. ඔබ පියා සිහි කළ යුතුයි මන්ද, ඔබගේ ආධිපත්‍යය ඔබට හිමි වන්නේ ඔහුගෙනි. ඔබගෙන් විමසන්න පියාව සිහි කිරීමෙන්, මා අනාගතය වෙනුවෙන් කෙතරම් ආදායමක් රැස් කරගෙන තිබේද? මා කෙතරම් ප්‍රමාණයකට අන්ධයින්ට සැරයටියක් වී තිබේද? මෙම පැරණි ලෝකය පරිවර්ථනය වීමට යනවා, යන පණිවුඩය ඔබ ගෙයින් ගෙට දිය යුතුයි. පියා ඔබට නව ලෝකය සඳහා රාජ යෝගාව උගන්වනවා. සෑම දෙයක්ම ඉනිමඟ පිංතූරයේ පෙන්වා ඇත. මෙම පිංතූරය නිර්මාණය කිරීම අපහසුය. ඕනෑම කෙනෙකුට එය පහසුවෙන් වටහා ගත හැකි අන්දමින්, එම පිංතූරය නිම කරන්නේ කෙසේද යන සිතිවිලි ඔබට දවස පුරාම ඇති වෙයි. මුළු ලෝකයම මෙහි පැමිණෙන්නේ නැත දේවතා ධර්මයේ අය පමණක් පැමිණෙයි. ඔබගේ සේවය බොහෝ කාලයක් පැවතිය යුතුයි. ඔබගේ මෙම පංතිය, කෙතරම් කාලයක් පවතියිද කියා ඔබ දන්නවා. චක්‍රයේ කාල වකවානුව වසර සිය දහස් ගණනක් බව ඔවුන් විශ්වාස කරන අතර එබැවින් ඔවුන් දිගින් දිගටම ආගමික පොත පතෙහි ඇති දේ පවසයි. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා අවසානයේදී පැමිණෙන බවත්, ඔවුන්ගේ අනුගාමිකයන්ට විමුක්තිය ලැබෙන බවත්, ඔවුන් ආලෝකයට මුසු වන බවත් ඔවුන් විශ්වාස කරයි. කෙසේවෙතත්, එය එසේ සිදු නොවෙයි. අපි අමරණීය පියාගෙන් අමරණීයත්වයේ සත්‍ය කතා පුවතට දැන් සවන් දෙන බව ඔබ දන්නවා. එබැවින් අමරණීය පියා පවසන දේ, ඔබ විශ්වාස කළ යුතුයි. ඔහු පවසන්නේ මා සිහිපත් කර, පාරිශුද්ධත්වයට පත්වන්න! එසේ නැත්නම් ඔබට බොහෝ දඬුවම් අත්විඳීමට සිදුවෙයි ඔබට අඩු තත්ත්වයක් හිමි වෙයි. ඔබ සේවය සඳහා උත්සාහ දැරිය යුතුයි. දාදිචී රිශීගේ නිදසුනද තිබේ. ඔහු සේවය වෙනුවෙන් ඔහුගේ අස්ථී කැප කළේය. සේවය වෙනුවෙන් ඔබගේ අස්ථී කැප කිරීම යනු, ඔබගේ සිරුර ගැන නොසිතා, මුළු දවස පුරාම සේවය කිරීමයි. එකක් ඔබගේ අස්ථී වලින් කරන භෞතික සේවය වන අතර, අනෙක ඔබගේ අස්ථී වලින් කරන ආධ්‍යාත්මික සේවයයි. ආධ්‍යාත්මික සේවකයන් පවසන්නේ ආධ්‍යාත්මික දැනුම පමණයි. ධනය දන් දෙන අතර, ඔවුන් දිගටම සතුටින් නර්ථනය කරයි. ලෝකයේ මිනිසුන් කරන සෑම සේවයක්ම, භෞතික සේවයකි. ආගමික ග්‍රන්ථ වල ඇති දේ පවසනවාට, ආධ්‍යාත්මික සේවය යැයි නොකියයි. පැමිණ, ආධ්‍යාත්මික සේවය උගන්වන්නේ, පරමාත්ම පියා පමණයි. ආධ්‍යාත්මික පියා පැමිණ, ආධ්‍යාත්මික දරුවන්ට උගන්වයි. ඔය දරුවන් දැන් නව ස්වර්ණමය යුගයේ ලෝකයට යෑමට සූදානම් වෙමින් සිටිනවා. ඔබ එහිදී කිසිම දූෂිත ක්‍රියාවක් සිදු නොකරයි. එය රාමාගේ රාජධානියයි. එහි සිටින්නේ ඉතාමත්ම සුළු පිරිසකි. වර්තමානයේ රාවනගේ රාජධානියේදී සෑම කෙනෙක්ම දුක අත්විඳිමින් සිටියි. මේ සියලුම දැනුම, ඔබගේ උත්සාහයට අනුව, අංක පිළිවෙලට ඔබගේ බුද්ධිය තුළ තිබේ. ඉනිමඟ පිංතූරයෙහි සියලුම දැනුම අන්තර්ගත වී ඇත. පියා පවසන්නේ ඔබගේ මෙම අවසන් උපතෙදී පාරිශුද්ධව රැඳී සිටින්න, එවිට ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන් බවට පත්වෙයි! ඔවුන් සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වී ඇති බවත්, සතෝප්‍රධාන් වීමට ඇති එකම මාර්ගය වන්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටීම බවත්, මනුෂ්‍යයින්ට වැටහෙන ආකාරයට ඔබ විස්තර කළ යුතුයි. ඔවුන් මෙය දකින විට, වෙනත් කිසිවෙකුට මෙම දැනුම නොමැති බව, ඔවුන්ගේ බුද්ධියට අවබෝධ වෙයි. ඔවුන් ඉනිමගෙහි පිංතූරය දෙස බලන විට, වෙනත් ආගම් ගැන තොරතුරු තිබෙන්නේ කොහිද කියා ඔවුන් අසයි. ඒ සියල්ලම චක්‍රයේ පිංතූරයේ ලියා තිබේ ඔවුන් නව ලෝකයට නොයයි, ඔවුන්ට සාමය ලැබෙයි. දිව්‍ය ලෝකකයේ සිටියේ භාරතයේ ජනයා පමණයි. පරම පියා, රාජයෝගාව ඉගැන්වීමට පැමිණෙන්නේ භාරතයටයි. මේ නිසයි, සෑම කෙනෙකුටම, භාරතයේ පෞරාණික යෝගාව අවශ්‍ය වී තිබෙන්නේ. නව ලෝකයේ සැබවින්ම තිබුණේ භාරතය පමණක් බව, ඔවුන්ට මෙම පිංතූර වලින් වැටහෙයි. ඔවුන්ට ඔවුන්ගේ ආගම ගැන වැටහෙයි. ක්‍රිස්තුස් වහන්සේ එම ආගම ස්ථාපිත කිරීමට පැමිණි නමුත්, ඔහුද වර්තමානයේ තමෝප්‍රධාන්ය. නිර්මණකරු සහ නිර්මාණය පිළිබඳ මෙම දැනුම අපරිමාණයි. අපට කිසිවෙකුගේ මුදල් අවශ්‍ය නැති බවත්, ඔබට ඔවුන්ට කිව හැක. අපි මුදල් සමඟ කුමක් කරන්නද? මෙයට සවන් දී මෙය වෙනත් අයටද පවසන්න. මෙම පිංතූර මුද්‍රණය කරන්න. ඔබ මෙම පිංතූර වලින් ප්‍රයෝජන ගත යුතුයි. මෙම දැනුම පැවසිය හැකි ශාලාවක් ගොඩනඟන්න. මුදල් පිළිගැනීමෙන් අපි කුමක් කරන්නද? මෙය ඔබගේ ගෘහයට සෙතක් සිදු කරයි. ඔබට තිබෙන්නේ සෑම දෙයක්ම පිළියෙල කිරීම පමණයි. බොහෝ දෙනෙක් පැමිණ, නිර්මාණය සහ නිර්මාණකරු පිළිබඳ දැනුම ඉතා හොඳ බව කියනු ඇත. මෙය වටහාගත යුත්තේ මනුෂ්‍යයන් විසිනි. විදේශයන්හි ජනයාට මෙම දැනුම ඇසුණු විට, ඔවුන් බොහෝ සෙයින් එයට ප්‍රිය කරනු ඇත ඔවුන් බොහෝ සතුටට පත් වෙයි. ඔවුන්ගේ පාපයන් දුරු කරගැනීමට තමන්ද පියා සමඟ යෝගාවේ සිටිය යුතු බව, ඔවුන්ට වැටහෙයි. ඔබ සෑම කෙනෙකුටම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. පරමාත්ම දෙවියන් හැර, වෙනත් කිසිවෙකුට මෙම ඥානය ලබා දිය නොහැකි බව, ඔවුන්ට වැටහෙයි. දෙවියන් දිව්‍ය ලෝකකය ස්ථාපිත කරන බව ඔවුන් පවසන නමුත්, ඔහු පැමිණෙන්නේ කෙසේද කියා ඔවුන් නොදනී. ඔවුන් ඔබට සවන් දීමෙන් සතුටට පත් වී, යෝගාව ඉගෙන ගැනීමට උත්සාහ දරනු ඇත. ඔවුන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමට උත්සාහ දරයි. සේවය වෙනුවෙන් ඔබට බොහෝ සිතිවිලි ඇති විය යුතුයි. ඔබ භාරතයේදී ඔබගේ දක‍්ෂතා හෙළිදරව් කරන්නේ නම්, බාබා ඔබව විදේශ රටවල් වලට යවනු ඇත දූත පිරිසක් යයි. වර්තමානයේ තවමත් ටික කාලයක් ඉතිරිව තිබේ. නව ලෝකය ස්ථාපනය වීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. භූමිකම්පාවක් සිදුවන ඕනෑම ස්ථානයක, වසර දෙක තුනකින් ඔවුන්ට නැවතත් නව ගොඩනැගිලි සෑදීමට හැකි වෙයි. නිපුණතා ඇති බොහෝ සේවකයන් සිටින විට, සහ සියලුම අමු ද්‍රව්‍ය තිබෙන විට, ඒවා ගොඩ නැඟීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. විදේශයන්හි ගොඩනැගිලි තැනෙන්නේ කෙසේද? විනාඩියකදී මෝටර් රථයක්! එබැවින් ස්වර්ණමය යුගයේ කෙතරම් විගසින් ගොඩනැගිලි නිර්මාණය වෙයිද කියා ටිකක් සිතා බලන්න. එහි රත්තරං සහ රිදී ආදිය බොහෝ සෙයින් තිබෙයි. ඔබ රත්තරං, රිදී සහ දියමන්ති, ආකර වලින් ගෙනෙනු ඇත. ඔබ සියලු නිපුණතා ඉගෙනගනිමින් සිටිනවා. වර්තමානයේ විද්‍යාවේ අහංකාරකම බොහෝ තිබෙයි. එහිදී විද්‍යාව ප්‍රයෝජනවත් වෙයි. ඔවුන් මෙහි ඉගෙනගෙන ඇති සෑම දෙයක්ම එහිදී ඔවුන්ගේ මතු උපතෙදී ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි. එකල මුළු ලෝකයම අළුත් වනවා. රාවනගේ රාජධානිය විනාශ වී තිබෙයි. නීතියට අනුව, පංච මහා භූතයන් පවා ඔබට සේවය කරනු ඇත. දිව්‍ය ලෝකකය නිර්මාණය කෙරෙමින් තිබෙනවා. එහිදී ව්‍යසන සිදුවන්නේ නැත. එහි රාවනගේ රාජධානිය නොමැත. සෑම කෙනෙක්ම සතෝප්‍රධාන්ය. හොඳම දේ වන්නේ ඔය දරුවන් පියා කෙරෙහි බොහෝ සෙනෙහසක් තිබිය යුතු වීමයි. පියා ඔබට දෙන සම්පත් ධාරණය කරගෙන වෙනත් අයට එය දන් දෙන්න. ඔබ වැඩියෙන් දන් දෙන තරමට ඔබ වැඩියෙන් රැස් කරගනී. ඔබ සේවය නොකරන්නේ නම්, ඔබ ධාරණය කරගන්නේ කෙසේද? ඔබගේ බුද්ධිය, සේවය වෙනුවෙන් භාවිත කළ යුතුයි. බොහෝ සේවය කළ හැකි වෙයි. දිනෙන් දින ප්‍රගතිය ඇති කරගන්න. ස්ව-වර්ධනයද සිදු කරගන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිරතුරුවම ආධ්‍යාත්මික සේවයේ නියැලී සිටින්න. දැනුමේ ධනය දන් දෙන අතර සතුටින් නර්ථනය කරන්න. තමන්ද දැනුම ධාරණය කරගෙන, අන් අයටත් එය ධාරණය කරගැනීමට මඟ පාදන්න.

2. පියා ඔබට ලබා දෙන දැනුමේ සම්පත් වලින් ඔබගේ ඒප්‍රන පුරවගන්න. ඔබට මාතෘකාවක් විස්තර කිරීමට හැකි වන පරිදි, සටහන් ලියාගන්න. දැනුමේ ධනය දන්දීම ගැන උද්යෝගයෙන් සිටින්න.

වරදානය:
ඔබ ආධ්‍යාත්මික සේවාධාරීවරයෙක් වී, අශාරීරික, ශාරීරික වෙයි යන මන්ත්‍රයේ අවධානයෙන්, සේවය කිරීමේ ඔබගේ චරිත කොටස රඟ දක්වන්න.

අශාරීරික පරම පියා, ශාරීරික වී, සේවය කිරීමේ ඔහුගේ චරිත කොටස රඟපාන ආකරයෙන්ම ඔය දරුවන්ද මෙම මන්ත්‍රයේ ආම්පන්නය ඔබගේ අවධානයේ තබාගෙන, සේවය කිරීමේ ඔබගේ චරිත කොටස් රඟපෑ යුතුයි. මෙම භෞතික ලෝකය සහ ඔබගේ කායික සිරුරු, වේදිකාවයි. වේදිකාව ආධාරකය වන අතර නළුවා, ආධාරක මූර්තියයි, මාස්ටර්ය. මෙම අවධානය තිබීමෙන් නොබැඳී සිට ඔබගේ චරිත කොටස රඟපාන්න, එමෙන්ම නුවණ තිබීම සමඟම ඔබ එවිට සාරයෙන්-පිරි සේවාධාරීවරයෙක් වෙයි.

පාඨය:
නොබැඳි නරඹන්නන් සේ සෑම ක්‍රිඩාවක්ම නරඹන අය, සැබෑ සාක‍්ෂිකරුවන්ය.