23.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාප් සහ දාදා යන දෙදෙනාම නිරහංකාරීව, එසේම පරාර්ථකාමීව සේවයේ යෙදෙන අතර, කිසිවකට තන්හාවක් නොමැති වේ, මේ අයුරින් ඔය දරුවන්ද පියා මෙන් විය යුතුයි.

ප්‍රශ්නය:
දුප්පතුන්ගේ ස්වාමියා වන පියා, දුප්පත් දරුවන්ගේ භාග්‍යය උසස් කරන්නේ කුමන පදනමක් මතද?

පිළිතුර:
බාබා පවසන්නේ දරුවනි, ඔබගේ පවුලේ අය සමඟ නිවසේ ජීවත් වී, සියලුම දේවල් බලා කියා ගන්නා අතරම, ඔබට ඇති සෑම දෙයක්ම අයත් වන්නේ බාබාට බව, සෑම විටෙකම ඔබගේ බුද්ධියේ මතක තබා ගත යුතුයි. නිකම්ම භාරකරුවෙකු වන්න, එවිට ඔබගේ භාග්‍යය උසස් වෙයි. මේ සඳහා ඔබට බොහෝ සෙයින් අවංකභාවය අවශ්‍ය වෙයි. ඔබට සම්පූර්ණ විශ්වාසය තිබේ නම්, ඔබ යාගයෙන් පෝෂණය වනවා සේය. ඔබ භාරකරුවෙක් සේ නිවසේ සිට, ශිව බාබාගේ නිධන් ගබඩාවෙන් ආහාර ගනි. ඔබ බාබාට සෑම දෙයක්ම අවංකව කිව යුතුයි.

ඕම් ශාන්ති.
මෙම ඥාන මාර්ගයේ ආධ්‍යාත්මික හමුවීම්, භක්ති මාර්ගයේ එම ආගමික හමුවීම් හා සැසඳීමේදී අසහායයි. ඔබ භක්ති මාර්ගය අත් වීඳ තිබේ. භක්ති මාර්ගයේදී, බොහෝ පැවිද්දන් සහ පූජකයන් ආගමික ග්‍රන්ථ කියා දෙන බව ඔබ දන්නවා, එනමුදු මෙහි සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඔබ මෙහි අසුන් ගෙන සිටින්නේ කවුරුන් ඉදිරියේද? මෙම ද්විත්ව මව සහ පියා ඉදිරියේය. එහි, මෙසේ නොවෙයි. අසීමිත පියා මෙන්ම, මව සහ කණිෂ්ඨ මවද මෙහි සිටින බව ඔබ දන්නවා. ඔබට බොහෝ නෑදෑකම් තිබේ. එහි, එවන් නෑදෑකම් නොමැති අතර, අනුගාමිකයන් ද එහි නොමැත. ඔවුන්ගේ මාර්ගය හුදකලා මාවතයි. ඔවුන්ගේ ආගම ඔබගේ ආගමින් සම්පූර්ණයෙන්ම වෙනස්ය. එය රැය සහ දහවල මෙන් වෙනසකි. ඔබගේ භෞතික පියාගෙන් එක් උපතකට පමණක් ඔබට කෙටි කාලීන සතුටක් ලැබෙන බවත් ඔබ දන්නවා. ඉන්පසුව ඔබට අලුත් පියෙක් සහ අලුත් දේවල් ලැබෙයි. මෙහි, පාරලෞකික, ලෞකික මෙන්ම අලෞකික පියවරුන් සිටිනවා. භෞතික පියාගෙන් මෙන්ම, පාරලෞකික පියාගෙන්ද ඔබට උරුමයක් ලැබෙනවා. කෙසේවෙතත්, මෙම අලෞකික පියා ආශ්චර්යමත්ය, ඔබට ඔහුගෙන් කිසි උරුමයක් ලබා ගැනීමට නොහැක. ඔව්, ශිව බාබා ඔබට මෙම කෙනාගේ මාර්ගයෙන් ඔබට උරුමයක් ලබා දෙනවා. මේ නිසයි මිනිසුන් එම පාරලෞකික පියාව බොහෝ සේ සිහි කරන්නේ. ඔවුන්ගේ භෞතික පියාවත් ඔවුන් සිහි කරන මුත්, කිසි කෙනෙක් මෙම අලෞකික පියා, බ්‍රහ්මාව සිහි කරන්නේ නැත. ඔහු මානව ප්‍රජාවගේ පියා බව ඔබ දන්නවා ඔහු එක් අයෙකුගේ පියා පමණක් නොවෙයි. මානව ප්‍රජාවගේ පියා වූ කලී මී මුත්තාය. ශිව බාබාට මී මුත්තා යැයි නොකියයි. භෞතික නෑදෑකමකදී, භෞතික පියෙක් සහ සීයා කෙනෙක් සිටියි. මේ කෙනා මී මුත්තාය. මෙසේ භෞතික පියා හෝ පාරලෞකික පියා ගැන කිව නොහැක. මෙම මී මුත්තාගෙන් ඔබට කිසිම උරුමයක් ලැබෙන්නේ නැත. පියා මෙතැන අසුන්ගෙන මේ සියලු කාරණා විස්තර කරනවා. භක්ති මාර්ගයේ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්ය. එම කොටසද නාටකයේ නියම වී ඇති අතර, එය අඛණ්ඩව සිදුවෙයි. ඔබ උපත් මිලියන 8.4ක් නොව, උපත් 84ක් ගත් අයුරු පියා ඔබට කියයි. පියා දැන් පැමිණ, අප සහ මුලු ලොවම ධර්මිෂ්ට කරයි. කිසි කෙනෙක් මෙකල ධර්මිෂ්ට ජීවයක් වන්නේ නැත. පුණ්‍යවන්ත ජීවයන්ගේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස්ය. පාපකාරී ජීවයන් වාසය කරන තැන, පුණ්‍යවන්ත ජීවයන්ට වාසය කළ නොහැක. මෙහි, අපවිත්‍ර ජීවයන්, අපවිත්‍ර ජීවයන්හට දන් දෙති. පුණ්‍යවන්ත ජීවයන්ගේ දේශයේදී, දන් දීමට හෝ පිංකම් ආදිය කිරීමට අවශ්‍ය නැත. සංගම යුගයේදි, අප උපත් 21කට උරුමය දිනාගන්නා අන්දම පිළිබඳ දැනුම එහි පවතින්නේ නැත. උපත් 21කට ඔබට නිරන්තර සතුට, නිරෝගිකම සහ ධනය ලබා දෙන ඥානය, ඔබට අසීමිත පියාගෙන් ලැබෙන්නේ දැන් පමණයි. එහි, ඔබගේ ආයුෂ දිගයි. එහි නම වන්නේද අමරණීය දේශයයි. ශංකර්, පාර්වතීට අමරණීයත්වයේ කතා පුවත කියූ බව කියැවේ. මේ දේවල් සූක්ෂ්ම දේශයේ නොපවතී. එයින්ද, අමරණීයත්වයේ කතා පුවත එක්කෙනෙකුට පමණක් කිව නොහැක. ඒවා භක්ති මාර්ගයේ දේවල් වන අතර, මිනිසුන් තවමත් ඒවා දිගින් දිගටම විශ්වාස කරයි. ලොකුම මුසාව වන්නේ දෙවියන් සර්ව ව්‍යාප්තික බව කීමයි. මෙය ඔහුට කරන අපහාසයකි. ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරන අසීමිත පියා ගැන ඔවුන් කියන්නේ, ඔහු සර්ව ව්‍යාප්ත වී, ගල්, වැලි ආදියේ සිටින බවයි. තමන්ටත් වඩා, ඔබ ඔහුට අපහාස කර තිබේ. මම ඔබට පරහිතකාමීව සේවය කරනවා. මට අංක එක වීමට තන්හාවක් නොමැත. නැත! මට ඇති එකම සැලකිලිමත් බව වන්නේ, අන් අයව මෙය බවට පත් කිරීමටයි. මෙයට කියන්නේ පරහිතකාමී සේවය කියාය. ඔහු ඔය දරුවන්ට නමස්කාර කරනවා. බාබා අශාරීරිකයි, එමෙන්ම නිරහංකාරයි! ඔහුට කිසිසේත් අහංකාරකමක් නොමැත. ඔහු එකම ඇඳුම ආදිය අඳියි! ඔහු ඔහුගේ ඇඳුමේ මෝස්තරය ආදිය වෙනස් නොකරන අතර, එම මිනිසුන් දිගින් දිගටම ඔවුන්ගේ සම්පූර්ණ ඇඳුම වෙනස් කරයි. මෙම කෙනාගේ ඇඳුම සාමාන්‍යයි. ඔවුන් නිලධාරීන්ගේ ඇඳුමද වෙනස් කරන නමුත්, මේ කෙනා දිගටම සාමාන්‍ය ලෙසින් අඳීයි. කිසිම වෙනසක් නොමැත. පියා පවසන්නේ මම සාමාන්‍ය ශරීරයක ආධාරය ගන්නෙමි. කුමන සාමාන්‍ය ශරීරයද? තමන්ගේම උපත් ගැන හෝ ඔහු උපත් කීයක් ගෙන තිබුණාද කියා, නොදන්නා කෙනාගේ. ඔවුන් කියන්නේ උපත් මිලියන 8.4ක් තිබෙන බවයි. ඒවා ඔවුන් නිකම් අසා ඇති දේවල්ය. ඒවාගෙන් කිසි සෙතක් සිදුවිය නොහැක. ඔබ මේ මේ ක්‍රියා සිදු කළොත්, ඔබ බූරුවෙක් හෝ බල්ලෙක් ආදිය වෙයි කියා, ඔවුන් ඔබව බිය ගන්වයි. තවද ඔබ එළදෙනෙකුගේ වලිගයේ එල්ලි, එතෙරට යන බවද ඔවුන් කියයි. දැන් එළදෙන පැමිණියේ කොහේ සිටද? ඇත්ත වශයෙන්ම දිව්‍යලෝකයේ එළදෙනුන් සම්පූර්ණයෙන්ම වෙනස්ය. එහි එළදෙනුන් පළමුවන පංතියේ අයයි. ඔබ 100%ක් සම්පූර්ණ වන අයුරින්ම, එහි එළදෙනුන්ද පළමුවන පංතියේ අයයි. ක්‍රිෂ්ණා කිසි විටෙක එළදෙනුන්ට තණකොළ කැව්වේ නැත. ඔහුට එසේ කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?. එය, ඔවුන් එම කාලයේ සුන්දරත්වය පෙන්නුම් කරන ආකාරයක් පමණයි. කෙසේවෙතත්, ක්‍රිෂ්ණා එළදෙනුන් බලා ගත්තේ නැත. ඔවුන් ඔහුව ගොපල්ලෙක් සේ පෙන්නුම් කර තිබේ. ස්වර්ණමය යුගයේ සියලුම ගුණධර්ම වලින් පිරිපුන් පළමුවන රජ කුමරු සහ ගොපල්ලෙක් අතර විශාල වෙනසක් තිබේ. දේවතා ධර්මය දැන් නොපවතින නිසා ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. අතුරුදහන් වන එකම ආගම මෙයයි. කිසිම ආගමික ග්‍රන්ථයක මෙම දේවල් සඳහන් කර නොමැත. පියා පවසන්නේ මම ඔය දරුවන්ට මෙම දැනුම ලබා දෙන්නේ ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කිරිමටයි. ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් වූ පසු, ඔබට තව දුරටත් දැනුම අවශ්‍ය නොවෙයි. ඥානය සෑම විටෙකම ලබා දෙන්නේ අනුවණ අයටයි. මෙසේ කියමනක් තිබේ ඥාන සූර්යයා නැඟ එන විට, අඥානයේ අන්ධකාරය අතුරුදහන් වී යයි. මුළු ලොවම අන්ධකාරයේ ඇති බව ඔය දරුවන් දැන් දන්නවා. ආගමික හමුවීම් බොහෝ තිබේ. මෙහි ඇත්තේ භක්ති මාර්ගය නොවෙයි. මෙය විමුක්තියට යන මාර්ගයයි. ඔබට විමුක්තිය ලබා දෙන්නේ එක් පියා පමණයි. ඔබ භක්ති මාර්ගයේ කන්නලව් කළේ ඔබ පැමිණි විට, අප ඔබට අයත් වන්නෙමු. අප ඔබ හැර, අන් කිසිවෙකුට අයත් නොවන්නෙමු, මන්ද ඔබ ඥාන සාගරය, සතුටු සාගරය, පාරිශුද්ධත්වයේ සාගරය මෙන්ම ධනයේ ද සාගරයයි. ඔහු ඔබට ධනයද දෙයි, ඔහු ඔබව බොහෝ ධනවත් කරවනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ ශිව බාබාගෙන් ඔබගේ ඒප්‍රනය උපත් 21කට පුරවා ගැනීම සඳහා, එනම්, සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් බවට පත් වීමට බව ඔබ දන්නවා. ඔබ භක්ති මාර්ගයේ බොහෝ කතා පුවත් වලට ඇහුම් කන් දුන්නද, ඔබ ඉනිමග දිගේ අඛණ්ඩව පහළට පැමිණියා. කිසිවෙකුට නැඟීමේ තත්ත්වයට යෑමට නුපුළුවන් විය. ඔවුන් චක්‍රයේ කාල වකවානුව දික් කර තිබේ. ඔවුන් කියන්නේ නාටකයේ කාල වකවානුව, වසර සිය දහස් ගණනක් බවයි. සෑම චක්‍රයකම කාලය, වසර 5000ක් බව ඔබට දැන් දැන ගැනීමට ලැබී තිබේ. උපරිම උපත් ගණන 84ක් වන අතර, අවමය වන්නේ එකක්ය. ජීවයන් අශාරීරික ගසේ සිට අඛණ්ඩව පහළට පැමිණෙයි. ඔවුන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා ඔවුන් අංක පිලිවෙලට පහළට පැමිණෙයි. අප මුලින්ම පැමිණියේ අශාරීරික ගසෙන්ය. අප එහි සිට පහළට පැමිණෙන්නේ අපගේ කොටස් රඟපෑමටයි. එහි සෑම කෙනෙක්ම පාරිශුද්ධව රැඳී සිටියි. කෙසේවෙතත්, සෑම කෙනෙකුගේම චරිත කොටස වෙනස්ය. මෙය ඔබගේ බුද්ධියේ තබා ගන්න, එමෙන්ම ගසද ඔබගේ බුද්ධියේ තබා ගන්න. ස්වර්ණමය යුගයේ ආරම්භයේ සිට, කලි යුගයේ අවසානය තෙක් සෑම දෙයක්ම පියා ඔබට පවසයි. කිසිම මනුෂ්‍යයෙකුට ඔබට මෙය කිව නොහැක. මෙම දාදාට වත් මෙය කිව නොහැක. සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන, එක් සත්ගුරු කෙනෙක් පමණයි සිටින්නේ. අන් සෑම ගුරු කෙනෙක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. බොහෝ පූජා වීදි තිබේ. භක්ති මාර්ගයේ විශාල වශයෙන් ආටෝප තිබේ එය මිරිඟුවක් වැනිය. මිනිසුන් කෙතරම් එහි සිරගත වී සිටිනවාද කියතොත්, ඔවුන්ව එලියට අදින්නට උත්සාහ දැරුවොත්, ඔහුද එහි සිරගත වෙයි. මෙයද නාටකයේ නියම වී තිබේ. අලුත් දෙයක් නොවෙයි! ගෙවී යන සෑම තත්පරයක්ම, පෙර නියම වූ නාටකයට අනුවයි. ඔබ දැන් අසීමිත පියාගෙන් රාජයෝගා ඉගෙන ගෙන, සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් බවට, සහ ලෝකයේ අධිපතියන් බවට පත් වන බව ඔබ දන්නවා. ඔය දරුවන් තුළ මෙම කුල්මත්භාවය තිබිය යුතුයි. අසීමිත පියා පැමිණෙන්නේ භාරතයේ පමණයි, එයද, වසර 5000කට පසුවයි. ඔහු සාමයේ සහ සතුටේ සාගරයයි. මෙම ප්‍රශංසාව හිමි වන්නේ පාරලෞකික පියාට පමණයි. මෙම ප්‍රශංසාව සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, ඔබට සෑම දෙයක්ම ලැබෙන්නේ එක් අයගෙන් බවත් ඔබට වැටහෙනවා. දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා ගේ ඉදිරියෙන්ය, ඔබ අසුන් ගෙන සිටින්නේ. ඔබගේ මධ්‍යස්ථානයේ ඔබ අසුන්ගෙන සිටින විට, ඔබ යෝගාවේ සිටින්නේ කා සමගද? ශිව බාබා සිටින්නේ මධුබන් වල බවත්, ඔබ ඔහු සිහිපත් කරන බවත් ඔබගේ බුද්ධියට ඇතුලු වෙයි. ශිව බාබාම පවසන්නේ භාරතය නැවත වතාවක් දිව්‍යලෝකය බවට පත් කිරීම සඳහා, මම සාමාන්‍ය ශරීරයක් තුළට ඇතුලු වී සිටින්නෙමි. නාටකයේ බන්ධනයෙන් මම බැඳී සිටින්නෙමි. ඔබ මට විශාල වශයෙන් අපහාස කර ඇති අතර, මම ඔබව වැඳුම් ලබන්නට සුදුස්සන් බවට පත් කරන්නෙමි. මෙය, ඊයේ සිදු වූ දෙයක් පමණයි. ඔබ මට බොහෝ සේ වන්දනා කළහ. මම ඔබට රාජධානිය සහ භාග්‍යය ලබා දුන් අතර, ඔබ ඒ සියලු දේ නැති කර ගත්තා. දැන් මම නැවත වතාවක් ඔබව ලෝකයේ පාලකයන් බවට පත් කරනවා. මෙය, වෙන කිසිවෙකුගේ බුද්ධිය තුළ රැඳෙන්නේ නැත. මේ, දිව්‍යමය ගුණධර්ම ඇති දේවතාවන්ය. ඔවුන් මනුෂ්‍යයින්ය, අඩි 80ක් හෝ 100ක් උස අය නොවෙයි. ඔවුන්ගේ ආයුෂ වැඩි නිසා, ඔවුන් සිවිලිම තරම් උස වන්නේ නැත. කලි යුගයේ ඔබගේ ආයුෂ කෙටීය. පියා පැමිණ, ඔබගේ ආයුෂ වැඩි කරයි. මේ නිසයි පියා පවසන්නේ සෞඛ්‍ය ඇමතිවරුන්ටත් විස්තර කරන්න. ඔවුන්ට කියන්න ඔබ කිසිදාක අසනීප නොවන අන්දමේ ක්‍රම, අපට කිව හැක. දෙවියන් කතා කරයි තමන් ජීවයක් බව සළකා, මා පමණක් සිහි කරන්න, එවිට ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වී, සදා නිරෝගී වෙයි. මේ ගැන අපට වගකීමක් දිය හැක. යෝගීන් පාරිශුද්ධ වන අතර, එබැවින් ඔවුන්ගේ ආයුෂද දීර්ඝයි. ඔබ දැන් රාජයෝගීන් මෙන්ම, රාජඍෂිවරුන්ද වෙයි. ඒ සන්යාසීන්ට කිසි දිනෙක රාජයෝගාව ඉගැන්විය නොහැක. ඔවුන් කියන්නේ ගංගා නදිය, පාරිශුද්ධකරුවා බවය! එයට දන් දීමට කියා, ඔවුන් ඔබට කියයි. දැන්, ඔබ ගංගා නදියට දන් දෙන්නේ කෙසේද? මනුෂ්‍යයින් එය තුළට මුදල් විසි කරන අතර, පණ්ඩිතයන් ඒවා තමන්ට එකතු කර ගනී. ඔබ දැන් පියාගේ මාර්ගයෙන් පාරිශුද්ධත්වයට පත් වනවා. ඔබ පියාට දෙන්නේ මොනවාද? කිසි දෙයක් නැත! පියා පිරිනමන්නාය. භක්ති මාර්ගයේදී ඔබ දෙවියන්ගේ නාමයෙන් දුප්පතුන්ට දන් දුන්නා, නමුත් ඔබ ඇත්ත වශයෙන්ම දුන්නේ අපවිත්‍ර අයටයි. ඔබත් අපවිත්‍ර වුණු අතර, ලබා ගත් අයද අපවිත්‍ර විය. ඔබ දැන් පිවිතුරු වනවා. එහි, අපවිත්‍ර අය, අපවිත්‍ර අයට දන් දෙයි. ඔවුන් පිවිතුරු කුමාරියක් දෙනු ලබයි. ඔවුන් ඇය ඉදිරියේ හිස නමා, කවා, ඇයට මුදල්ද දෙයි. කෙසේවෙතත්, ඇය විවාහ වූ පසු, ඇගේ ජීවිතය විනාශ වෙයි. මෙයත් නාටකයේ නියම වී ඇති අතර, නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. භක්ති මාර්ගයේ සිදු වූ සෑම දෙයක්ම, නැවතත් සිදු වෙයි. පියා ඔබට ස්වර්ණමය යුගයේ විස්තරද ලබා දෙයි. ඔය දරුවන්ට දැන් වැටහීම ලැබී තිබේ. පෙර, ඔබ නුවණ නොමැත්තන් විය. ආගමික ග්‍රන්ථ වල ඇත්තේ භක්ති මාර්ගයේ කරුණුය. ඒවා තුළින් කිසිවෙකුට, මා හමුවිය නොහැක. මා පැමිණෙන විට පමණයි, මට සියලු දෙනාටම විමුක්තිය ලබා දිය හැක්කේ, තවද මම පැරණි ලොව, නව ලොව බවට පරිවර්ථනය කිරීමට පැමිණෙන්නේ එක් වරක් පමණයි. මම දුප්පතුන්ගේ ස්වාමියාය. මම දුප්පතුන්ව ධනවත් කරවනවා. දුප්පත් අය සැනෙකින් පියාට අයත් වනවා. ඔවුන් කියන්නේ බාබා, මා ඔබහට අයිතියි. මට ඇති සෑම දෙයක්ම ඔබට අයත්ය. පියා පවසන්නේ භාරකරුවෙක් වශයෙන් සිටින්න. එය ඔබගේ නොව, එය අයත් වන්නේ පියාට බව වටහාගැනීමට ඔබගේ බුද්ධිය භාවිත කරන්න. මේ සඳහා ඉතාමත් හොඳ, බුද්ධිමත් දරුවන් අවශ්‍යයි. ඔබ නිවසෙහි ආහාර පිසින විට, ඔබ ශිව බාබාගේ යාගයෙන් කෑම කන්නා සේය, මන්ද, ඔබ යාගයට අයත් බැවින්. ඔබට ඇති සෑම දෙයක්ම අයත් වන්නේ යාගයටයි. එබැවින්, ඔබ නිවසෙහි භාරකරුවෙක් වශයෙන් ජීවත් වන විට, ඔබ ශිව බාබාගේ නිධන් ගබඩාවෙන් ආහාර කනවා වැනිය. කෙසේවෙතත්, ඔබට සම්පූර්ණ විශ්වාසය අවශ්‍යයි. ඔබගේ විශ්වාසය චංචල වන්නේ නම්, හරිස්චන්ද්‍ර රජුගේ නිදසුන තිබේ. ඔබ සෑම දෙයක්ම බාබාට කිව යුතුයි. මම දුප්පතුන්ගේ ස්වාමියාය.

ගීතය: අප මග බලා සිටි දිනය, අවසානයේ පැමිණ ඇත.

ඔබ චක්‍රයෙන් භාගයක්ම මා සිහි කරමින් සිට, අවසානයේ ඔබට මා හමු වී තිබේ. දැන් විගසින්ම, ඥානයට ජයග්‍රහණය හිමි වෙයි. ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම පැමිණිය යුතුයි. ඔබ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයින් වන සංගම යුගය, ඒ අතරමැද තිබේ. ඔබ අයත් වූයේ පිවිතුරු ගිහි මාවතටයි. ඉන්පසුව, උපත් 84 තුළින් යන විට, ඔබ අපවිත්‍ර වූ අතර, ඔබ නැවත වතාවක් පිවිතුරු විය යුතුයි. ඔබ පෙර චක්‍රයේ මෙය විය. පෙර චක්‍රයේ උත්සාහ දැරූ අය, නැවතත් උත්සාහ දරා ඔවුන්ගේ උරුමය හිමි කර ගනි. පියා සෑම දෙයක් දෙසම නරඹන්නෙක් ලෙසින් බලා සිටියි. පියා පවසන්නේ ඔබ පණිවිඩකරුවන්ය. අන් අය පණිවිඩකරුවන් නොවෙයි. විමුක්තිය ලබා දෙන්නේ එක් සත්ගුරු පමණයි. වෙනත් ආගම් ස්ථාපනය කළ අය, ඔවුන්ගේම ආගම් ස්ථාපනය කිරීමට පමණක් පැමිණෙයි, ඉතිං ඔවුන් ගුරුන් වන්නේ කෙසේද? මම සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දෙමි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට සෑම දෙයක්ම ලැබෙන්නේ ඔහුගෙන් බවත්, සාමයේ, සතුටේ සහ ධනයේ සාගරය වන පියාව ඔබට හමුවීමේ කුල්මත්භාවය සෑම විටෙකම පවත්වා ගන්න. ඔබ එවන් පියෙක් ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටින අතර, ඔහු ඔබට උගන්වනවා.

2. ඔබගේ අහංකාරකම අතහැර, පියාමෙන් පරහිතකාමීව අඛණ්ඩව සේවය කරන්න. නිරහංකාරව රැඳී සිටින්න. පණිවිඩකරුවෙක් වී, සෑම කෙනෙකුටම බාබාගේ පණිවිඩය ලබා දෙන්න.

වරදානය:
භෞතික ධන දේපළ සම්බන්ධයෙන් ඇති ඔබගේ ලොල් බවින් මිදී පදාර්ථ ජයගත්තෙක් වි පෙළඹවිම් වලින් මිදෙන්න.

කුමන හෝ භෞතික ධන දේපළක් ඔබගේ භෞතික ඉන්ද්‍රියන්ට කරදර කරනවා නම්, එනම්, කුමන හෝ ලොල් බවක් ඇති වෙනවා නම්, එවිට ඔබට නොබැඳි විය නොහැක. ආශාවන් පෙළඹවිම් වැනිය. ඇතැම් අය තමාට කිසිම ආශාවක් නැහැ නමුත්, එම යම් දෙයට තමා තුළ කැමැත්තක් ඇති බව පවසයි. මෙයද සියුම් පෙළවිමකි. මෙම සියුම් කාරණය හොඳින් පරීක්ෂා කර බලා, කුමන හෝ භෞතික දෙයක්, තාවකාලික සතුටක් තමාව කුමන හෝ ආකාරයකින් ආකර්ෂණය කර ගන්නවාදැයි කියා දැන ගන්න. භෞතික දේපළ යනු පදාර්ථයන්ගේ පහසුකම්ය. ඒවා කෙරෙහි ඇති පෙළඹවිම් වලින් ඔබ මිදුණු විට, පදාර්ථ ජය ගත්තෙක් බවට ඔබ පත් වනු ඇත.

පාඨය:
මගේ මගේ යන ජමේලාවන්ගෙන් (කලබල) මිදී අසීමිතත්වය තුළ සිටීන්න. එවිට ඔබ ලෝක උපකාරකයෙක් කියා හැඳින්වෙනු ඇත.