23.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීවාත්ම අවධානයට පත් වන්න, එවිට ඔබගේ සියලු රෝග අවසන් වී, ඔබ ලොවෙහි ද්විත්ව ඔටුණු පළන් රජවරුන් බවට පත් වෙයි.

ප්‍රශ්නය:
පියා ඉදිරියේ පෞද්ගලිකව අසුන් ගත යුත්තේ කුමන දරුවන්ද?

පිළිතුර:
පියා ඉදිරියේ සිටින විට, බාබා එවන් මුරලියක් පවසයි. බාබා ඉදිරියේ අසුන්ගෙන සිටින කෙනෙක්, එහෙ මෙහෙ බලමින් සිටින්නේ නම්, එම දරුවාට කිසිම දෙයක් වැටහෙන්නේ නැති බව, බාබාට වැටහෙයි. එවිට බාබා, බ්‍රහ්මණ ගුරුවරයාගෙන් මෙසේ විමසනු ඇත ඔබ මෙහි ගෙනැවිත් තිබෙන්නේ කාවද? ඔහු පරම පියා ඉදිරියේ අසුන්ගෙන ඈණුම් අරිනවා! ඔය දරුවන්ට මෙවන් පියෙක් හමු වී ඇති බැවින්, ඔබ සතුටින් නර්ථනය කළ යුතුයි!

ගීතය:
දුර ඈත දේශයේ වාසය කරන්නා, විදේශයට ඇවිත්.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි දරුවන්ට ගීතය ඇසුණා. දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා මෙන්ම මව සහ පියා ලෙසින්, ආධ්‍යාත්මික බාබාව සිහි කරමින් ඔබ මෙසේ අඬගසමින් සිටි බව, ඔය දරුවන්ට වැටහෙනවා නැවතත් පැමිණ අපට බොහෝ සතුට ලබා දෙන්න අපි ඉන්නේ දුකින්. මුළු ලොවම සිටින්නේ දුකින්, මන්ද මෙය පැරණි කලි යුග ලෝකය නිසා. පැරණි ලෝකයේ සහ පැරණි නිවසෙහි, නව ලෝකයේ සහ නව නිවසේ තරම් සතුටක් තිබිය නොහැක. ඔබ ලෝකයේ අධිපතියන්ව සිටි බව, ඔය දරුවන්ට වැටහෙනවා ආදි සනාතන දේවතාවන් වූයේ ඔබයි. උපත් 84 ක් ගත් අය අපයි. පරම පියා පවසන්නේ දරුවනි, ඔබ තමන්ගේම උපත් ගැන හෝ ඔබ කොපමණ උපත් ගණනාවකට ඔබගේ චරිත කොටස් රඟ පාමින් සිටියාද කියා ඔබ නොදනී. මිනිසුන් සිතන්නේ පුනර්භව මිලියන 8.4 ක් තිබෙන බවයි. එක් එක් පුනර්භවය, වසර කීයක් පවතීද? එය උපත් මිලියන 8.4 ක් වන්නේ නම්, ලෝක චක්‍රය බොහෝ දීර්ඝ වනු ඇත. ඔය ජීවාත්මයන්ගේ පියා ඔබට ඉගැන්වීමට පැමිණ ඇති බව, ඔය දරුවන්ට වැටහෙයි. මම දුර ඈත දේශයේ වාසය කරන්නාය. මෙම ස්ථානය මගේ වාසස්ථානය නොවෙයි. මා මෙහි පැමිණ සිටින්නේ මගේ චරිත කොටස රඟපෑමටයි. අප පරම පියාව සිහි කරන්නේ උත්තරීතර දේශයේය. ඔහු දැන් මෙම විදේශයට පැමිණ ඇත. බාබා ලෙස අමතනු ලබන්නේ ශිවාටයි. රාවණට බාබා කියා කියන්නේ නැහැ. පරම පියාගේ ප්‍රශංසාව අසහායයි. කෙනෙක් දුර්ගුණ පහට ප්‍රශංසා කරයිද? ශරීර අවධානය, බොහෝ සෙයින් බරපතල රෝගයකි. අප ජීවාත්ම අවධානයට පත් වූ විට, කිසිම රෝගයක් ඉතිරි නොවන අතර, අපි ලොවෙහි අධිපතියන් බවට පත් වෙයි. මෙම දේවල් ඔබගේ බුද්ධියේ ඇත. ශිව බාබා ජීවාත්ම වන අපට උගන්වන බව ඔබ දන්නවා. රාජධානියක් හිමි කරගැනීම සඳහා, ඔවුන්ට රාජයෝගාව ඉගැන්වීමට බාබා පැමිණ ඇති බව, වෙනත් කිසිම ආධ්‍යාත්මික රැස්වීමකදී ඔවුන්ට වැටහෙන්නේ නැත. තවත් කෙනෙක්ව රජෙක් බවට පත් කරවන කෙනා, රජෙක්ම විය යුතුයි. ශල්‍ය වෛද්‍යවරයෙක් වෙනත් අයට උගන්වා, ඔවුන්වත් ඔහු මෙන් ශල්‍ය වෛද්‍යවරුන් බවට පත් කරවයි. අච්චා. ඔබව ද්විත්ව ඔටුනු පළන් අය බවට පත් කරවීම සඳහා පැමිණෙන කෙනා, පැමිණෙන්නේ කොහේ සිටද? මිනිසුන් ක්‍රිෂ්ණාට ද්විත්ව කිරුළක් ලබා දී ඇත්තේ මේ නිසාය. කෙසේවෙතත්, ක්‍රිෂ්ණා උගන්වන්නේ කෙසේද? සංගම යුගයේ පැමිණ, රාජධානිය ස්ථාපිත කරන්නට ඇත්තේ, නිසැකයෙන්ම පරම පියා විය යුතුයි. පියා පැමිණෙන්නේ කෙසේද යන්න ඔබ හැර වෙනත් කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. අපට රාජයෝගාව ඉගැන්වීම සඳහා, පරම පියා දුර ඈත දේශයේ සිටි පැමිණෙනවා. පියා පවසන්නේ මට ආලෝකමත් කිරුළක් හෝ මුතු මැණික් වලින් සැදි කිරුළක් නැත. ඔහු කිසිම විටෙක රාජධානියක් ලබා ගන්නේ නැත. ඔහු කිසිදාක ද්විත්ව ඔටුනු පළඳින්නේ නැත, නමුත් ඔහු අන් අයව එය බවට පත් කරවනවා. පියා පවසන්නේ මා රජෙක් වන්නේ නම්, මට දුප්පතෙක් වීමටද සිදුවෙයි. භාරතයේ ජනයා ධනවත්ව සිටි අතර, ඔවුන් දැන් දුගී වී ඇත. ඔබ ද්විත්ව ඔටුනු පළන් අය බවට පත් වෙමින් සිටිනවා. ඔහුත් සමඟ යෝගාවේ සිටීමට හැකි වන පරිදි, ඔබව එය බවට පත් කරවන කෙනාද එබැවින් ද්විත්ව කිරුළු පළන් අයෙක් විය යුතුයි. යමෙක් කවරෙක් වන්නේද, ඔහු අන් අයවත් ඔහු හා සමාන බවට පත් කරවයි. සන්යාසීන් අන් අයවත් සන්යාසීන් බවට පත් කිරීමට තැත් කරයි. ඔබ ගෘහවාසීන් වී, ඔවුන් සන්යාසීන් වන්නේ නම්, ඔබට ඔවුන්ගේ අනුගාමිකයන් විය නොහැක. මිනිසුන් පවසන්නේ අහවල් කෙනා ශිවානන්දගේ අනුගාමිකයෙක්. කෙසේනමුත්, එම සන්යාසී ඔහුගේ හිස මුඩු කරගෙන ඇති නමුත් ඔබ ඔහුව අනුගමනය කර එයම නොකරයි. එබැවින්, ඔබ අනුගාමිකයෙක් යැයි කියන්නේ මන්ද? අනුගාමිකයෙක් යනු, තම ඇඳුම් විගසින් හුවමාරු කරගෙන, කහ පැහැති සිවුරු දමාගන්නා අයෙකි. ඔබ ගෘහයක, දුර්ගුණ අතර වාසය කරති, එබැවින් ඔබ ශිවානන්දගේ අනුගාමිකයෙක් බව කියන්නේ කෙසේද? ගුරු කෙනෙකුගේ වගකීම වන්නේ විමුක්තිය පිරිනැමීමයි. කිසිම විටෙක ගුරු කෙනෙක් මෙසේ නොකියයි අහවල් කෙනාව සිහිපත් කරන්න. එසේ නම් ඔහුද ගුරු කෙනෙක් නොවනු ඇත. විමුක්ති දේශයට යෑමට ක්‍රමවේදයක් අවශ්‍යයි. ඔබගේ නිවසට, විමුක්ති දේශය සහ අශාරීරික ලෝකය යැයි කියන බව ඔය දරුවන්ට විස්තර කර දී ඇත. ජීවාත්මයන්ට අශාරීරික ජීවාත්ම යැයි කියයි. සිරුරු සැදී තිබෙන්නේ පංච මහා භූතයන් ගෙනි. ජීවාත්ම පැමිණෙන්නේ කොහේ සිටද? පරම දනව්ව, අශාරීරික ලෝකයෙන්. එහි බොහෝ ජීවාත්ම වාසය කරයි. එයට මිහිරි නිහඬ නිවහන යැයි කියයි. එහි සිටින ජීවාත්ම සතුට සහ දුක ඉක්මවා සිටියි. ඔබ මෙය බොහෝ ස්ථීර කරගත යුතුයි. අපි මිහිරි නිහඬ නිවහනේ වාසය කරන්නන්ය. මෙය, අපගේ චරිත කොටස් රඟපෑම සඳහා අප පැමිණ සිටින රඟහලයි. මෙම රඟහලට ආලෝකය වන්නේ, ඉර, හඳ සහ තරුය. මෙම රඟහල සැතපුම් කීයක් දුරද කියා කිසිවෙකුට කිව නොහැක. මිනිසුන් අහස් යානා වලින් උඩට ගියත්, ඔවුන්ට වැඩි ඈතක් යෑමට නොහැක, මන්ද ආපසු පැමිණීමට තරම් අවශ්‍ය ඉන්ධන පිරවීමට ඔවුන්ට නොහැකි නිසා. ඔවුන් මෙපමණ සැතපුම් ප්‍රමාණයක් ගිය පසු, ආපසු ගමන ආරම්භ නොකළේ නම්, ඔවුන් කඩා වැටෙන බව ඔවුන් දන්නවා. සාගරයේ හෝ අහසේ කෙලවරට ලඟා වීමට කිසි කෙනෙකුට නොහැක. පරම පියා දැන් ඔබට ඔහු පිළිබඳව සියලු ඥානය ලබා දෙනවා. ජීවාත්ම, අහස් පදාර්ථය ඉක්මවා යයි. රොකැට්ටුවක් ඉතා විශාලයි! ඔය ජීවාත්ම පිවිතුරු වූ විට, ඔබ රොකැට්ටුවක් මෙන් පියාසර කිරීමට පටන් ගනී. ඔබ ඉතාමත්ම කුඩා රොකැට්ටුය. ඔබ ඉර, හඳ ඉක්මවා, අශාරීරික ලෝකයට යයි. මිනිසුන් ඉරට සහ හඳට ලඟා වීමට තැත් කරයි. තාරකා ඈතින් පෙනෙන විට ඉතා කුඩාවට පෙනෙන නමුත්, ඇත්ත වශයෙන්ම ඒවා ඉතා විශාලයි. ඔබ සරුංගල් ඉහළට යවන විට, ඒවා ඈතට ඉතා කුඩාවට දිස් වෙයි. පරම පියා පවසන්නේ වේගවත්ම වන්නේ ඔය ජීවාත්මයි. ඔබ තත්පරයකින් ඔබගේ සිරුරු හළා, වෙනත් මව්කුස වලට ඇතුළු වෙයි. ජීවාත්මයකට, ලන්ඩන් නගරයේ කර්ම ගිණුම් තිබෙන්නේ නම්, එම ජීවාත්මය, තත්පරයකින් ලන්ඩන් නුවරට ගොස් එහි උපත ලබයි. තත්පරයකදී ජීවන-මුක්තිය ද සිහි කර ඇත. දරුවෙක් මව් කුසෙන් බිහි වූ විගසම, ඔහු අධිපතියෙක්, වෙයි ඔහු උරුමකරුවෙක් වෙයි. ඔය දරුවන් දැන් පරම පියාව හඳුනනවා, එනම්, ඔබ ලෝක අධිපතියන් වී තිබේ. අසීමිත පියා පැමිණ, ඔබව ලොවෙහි අධිපතියන් බවට පත් කරවයි. ඔබ නීතිඥයෙක් වීමට කොලිජියේ ඉගෙන ගන්නා විට, ඔබ නීතිඥයෙක් වෙයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ ද්විත්ව කිරුළු පළන් අය වීමටයි. ඔබ සමත් වුවහොත්, ඔබ අනිවාර්යෙන්ම දිවිත්ව කිරුළු පළන් අය වෙයි. අඩු තරමින් ඔබ අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකයට යයි. පරම පියා සෑම කල්හිම එහි වාසය කරන බව ඔබ දන්නවා. මිනිසුන් අහෝ දෙවි පියාණෙනි! කියා පවසන විට, ඔවුන් උඩ ඉහළ බලයි. පරමාත්ම දෙවි පියාණන් සිටින බැවින් ඔහුට අනිවාර්යෙන්ම රඟපෑමට චරිත කොටසක් ඇති. ඔහු දැන් ඔහුගේ කොටස රඟපාමින් සිටිනවා. ඔහුට උයනේ අධිපති යැයි ද කියයි. ඔහු පැමිණ, කටු, මල් බවට පරිවර්ථනය කරයි. එබැවින් ඔය දරුවන් බොහෝ සතුටු විය යුතුයි. බාබා, මෙම විදේශයට පැමිණ ඇත. දුර ඈත දේශයේ වාසය කරන්නා, විදේශයට පැමිණිලා. පරමාත්ම පියා, දුර ඈත දේශයේ වාසය කරයි. සියලුම ජීවාත්මයන්ද එහි වාසය කරයි. ඔවුන් මෙහි පැමිණෙන්නේ ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමටයි. කිසිම කෙනෙක් විදේශයහි අරුත නොදනී. භක්ති මාර්ගයේ මිනිසුන්ගේ කනට කුමක් වැටුනත්, ඔවුන් ඒ සෑම දේටම, ඇත්ත! ඇත්ත! යැයි කියයි. පරම පියා ඉතාමත්ම හොඳින් ඔය දරුවන්ට විස්තර කර දෙයි. ජීවාත්ම අපවිත්‍ර බැවින්, ඔවුන්ට පියාසර කිරීමට නොහැක. පිවිතුරු නොවී, කිසිම කෙනෙකුට ආපසු නිවහනට යෑමට නොහැක. පාරිශුද්ධකරු යැයි කියන්නේ ඒකායන පියාට පමණයි. ඔහු පැමිණිය යුත්තේ සංගම යුගයේය. ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. බාබා අපව ද්විත්ව කිරුළු පළන් අය බවට පත් කරවනවා. එයට වඩා උසස් තත්ත්වයක් කිසි කෙනෙකුට තිබිය නොහැක. පරම පියා පවසන්නේ මා ද්විත්ව කිරුළු පළඳින්නේ නැහැ. මා පැමිණෙන්නේ එක් වරක් පමණයි. මම විදෙස් සිරුරකින් විදෙස් ලෝකය තුළට එනවා. මෙම දාදා පවසන්නේ මම ශිවා නොවෙයි. මට ලේක්රාජ් යැයි කියූ නමුත්, මම බාබාට කැප වුණු පසු, බාබා මට බ්‍රහ්ම යන නම තැබුවා. ඔහු මෙම කෙනා තුළට ඇතුළු වී, මෙසේ පැවසුවා ඔබ ඔබගේම උපත් ගැන නොදනී. උපත් 84 ක ගිණුමක් තිබිය යුතුයි. ඒ මිනිසුන් උපත් මිලියන 8.4 ක් ගැන කතා කරන නමුත් එය සම්පූර්ණයෙන්ම විය නොහැක්කක්. උපත් මිලියන 8.4 ක රහස් විස්තර කිරීමට වසර සිය ගණනක් අවශ්‍ය වෙයි. ඔබට එය මතක තබා ගැනීමටවත් නොහැකි වෙයි. සත්ව විශේෂ මිලියන 8.4 තුළ, සියලුම පක‍්ෂීන් සහ සතුන් සහ විවිධ සත්ව විශේෂ ඇතුලත්ය. බොහෝ වටිනා උපතක් ලෙස කියැවෙන්නේ මනුෂ්‍යයෙකුගේ උපත ගැනයි. සත්වයන්ට ඥානය වටහාගැනීමට නොහැක. පරම පියා පැමිණ ඔබට ඥානය කියා දෙයි. ඔහුම පවසන්නේ මම රාවණගේ රාජධානිය තුළට පැමිණෙනවා. මායා, ඔබගේ බුද්ධි, ගල් බවට හරවා තිබේ. පරම පියා දැන් ඔබගේ බුද්ධි, දිව්‍යමය කරවනවා. ඔබගේ බැසීමේ තත්ත්වයේදී, ඔබගේ බුද්ධි, ගල් මෙන් විය. පරම පියා දැන් ඔබව ඉහළ නැඟීමේ තත්ත්වයට ගෙන යයි එය අංකානුරූපයි. ඔබ එක් එක් කෙනාට, තමන්ගේම උත්සාහයන් ගෙන් වටහා ගත හැක. ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමය. ඔබ රාත්‍රියේ නින්දට යන විට, මෙසේ සිතන්න බාබා, මම ඔබගේ සිහිපත් කිරීමෙන් නින්දට යනවා. එනම්, මම දැන් මෙම සිරුර අතහැර දමා, ඔබ වෙතට පැමිණෙනවා. මේ අන්දමින් බාබා සිහි කරමින් නින්දට ගොස් තමන් කෙතරම් විනෝදයක් ලබනවාද කියා බලන්න. ඔබට දර්ශනයක් ලැබීමට වුවත් ඉඩ තිබෙයි. කෙසේවෙතත්, ඔබ දර්ශන වලින් පමණක් සතුටු නොවිය යුතුයි. බාබා, මා සිහි කරන්නේ ඔබව පමණයි, මට ඔබ වෙතට පැමිණීමට අවශ්‍යයි. එවිට පියා සිහි කරන අතරම, ඔබ බොහෝ සුවෙන් ඔහු වෙතට යයි. ඔබට සූක‍්ෂම දේශයට යාමට වුවද ඉඩ ඇත. කිසිම කෙනෙකුට අශාරීරික ලෝකයට යාමට නොහැක. එය තවමත් ආපසු නිවසට යන කාලය නොවෙයි. ඔව්, ඔබට තිතක දර්ශනයක් ලැබුණු විට, ඔබට පාරාදීසියේ දර්ශනයක් ලැබෙන ආකාරයෙන්ම, එම කුඩා ජීවාත්ම වලින් සැදි ගසද පෙනෙනු ඇති. කෙසේවෙතත්, ඔබට දර්ශනයක් ලැබුණු පමණින් ඔබ පාරාදිසීයට නොයයි. නැත, ඒ සඳහා ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ පළමුව ඔබගේ මිහිරි නවහනට යන බව, ඔබට විස්තර කර ඇත. සියලුම ජීවාත්ම ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමෙන් නිදහස් වනු ඇත. ඔහු පිවිතුරු වන තුරු, ජීවාත්මයකට ආපසු නිවහනට යාමට නොහැක. දර්ශනයක් ලැබීමෙන් කිසි දෙයක් ලබා ගත නොහැක. මීරාට, පාරාදීසියේ දර්ශනයක් ලැබුණු නමුත්, ඇය එහි ගියේ නැත. පාරාදීසිය තිබෙන්නේ ස්වර්ණමය යුගයෙදී පමණයි. ඔබ දැන් පාරාදීසියේ අධිපතියන් වීමට සුදානම් වනවා. ඔබට ඉගෙන ගැනීමට ඇති බැවින්, බාබා ඔබට වැඩිපුර ධ්‍යාන වලට සම වැදීමට අවසර නොදෙයි. පරම පියා පැමිණ ඔබට උගන්වා, සෑම කෙනෙකුටම විමුක්තිය පිරිනමයි. විනාශය අත ලඟය. යුද්ධය තිබෙන්නේ රකුසන් සහ දේවතාවන් අතර නොවෙයි. ඔබට නව ලෝකයක් අවශ්‍ය බැවින් ඔවුන් එකිනෙකා සමඟ සටන් කරගනී, නමුත් ඔබගේ යුද්ධය තිබෙන්නේ මායා සමඟයි. ඔබ අප්‍රසිද්ධ වන නමුත් ඉතාමත්ම සුප්‍රසිද්ධ සටන්කාමීන්ය. කෙසේවෙතත්, දේවතාවන් මෙතරම් සිහිකරන්නේ මන්ද කියා කිසිවෙක් නොදනී. ඔබ දැන් යෝගා බලයෙන්, භාරතය දිව්‍ය ලෝකය බවට පත් කරවනවා. ඔබට දැන් පරම පියාව හමුවී තිබේ. ඔහු අඛණ්ඩව ඔබට විස්තර කර දෙයි. ඥානය තුළින්, නව ලෝකයට ජයග්‍රහණය තිබෙයි. නව ලෝකයේ අධිපතියන් වූයේ ලක‍්ෂ්මි සහ නාරායන්ය. ලෝකය දැන් පැරණිය. පෙරකලද මිසයිල මඟින් පැරණි ලෝකයේ විනාශය සිදු විය මහා භාරත යුද්ධය ඇති විය. එකල පියා රාජයෝගාව ඉගැන්වූවා. පියා දැන් ඔබට ප්‍රායෝගික රාජයෝගාව උගන්වයි. ඔබට සත්‍යය පවසන්නේ පරම පියා පමණයි. සත්‍ය බාබා පැමිණෙන විට, ඔබ නිරතුරුවම සතුටින් නර්ථනය කරයි. මෙය ඥානයේ නර්ථනයයි. බාබා ඉදිරියෙන් අසුන් ගත යුත්තේ, ඥානයේ නර්ථනය සිදුකිරීමට විශාල උනන්දුවක් ඇති අය පමණයි. කිසි දෙයක් වටහා නොගන්නා අය, දිගටම ඈණුම් අරීවි. එම කෙනාට කිසි දෙයක් වැටහෙන්නේ නැති බව, බාබා එවිට තේරුම් ගනී. ඔවුන්ට ඥානය වැටහෙන්නේ නැති විට, ඔවුන් දිගින් දිගටම එහෙ මෙහෙ බලයි. එවිට බාබා, බ්‍රහ්මිණ් ගුරුවරයාගෙන් මෙසේ විමසයි ඔබ මෙහි කැඳවාගෙන ඇවිත් තිබෙන්නේ කාවද? ඉගෙනගෙන, අන් අයට උගන්වන අය, මෙහි ඉදිරියෙන් අසුන් ගත යුතුයි. ඔවුන් අඛණ්ඩව සතුට අත්විඳින අතර නර්ථනය කිරීමටද කැමති වෙයි. මෙය ඥානයේ නර්ථනයයි. ක්‍රිෂ්ණා, ඥානය පැවසුවේවත් නර්ථනය සිදුකළේවත් නැත. මෙය ඥාන මුරලියයි. පරම පියා ඔබට පවසා තිබෙන්නේ ඔබ රාත්‍රියේ නින්දට යන විට, දිගටම පියාව සිහිකර ඔබගේ බුද්ධියෙන් චක්‍රය බ්‍රමණය කරන්න. බාබා, මා දැන් මෙම සිරුර අත්හැර, ඔබ වෙතට එනවා. මේ අන්දමින් ඔහුව සිහිකරමින් නින්දට ගොස් ඉන්පසුව සිදුවන දේ බලන්න. මුල් දිනවල, ඔවුන් කබ්රිස්ථාන් (සොහොන් බිමක්) ඇති කර, ඉන්පසුව ඔවුන් නිහැඬියාව තුළට යයි. ඇතැමුන් නර්ථනයක් සිදු කිරීමට පටන් ගනි. පරම පියාව නොදන්නා අය, ඔහුව සිහි කරන්නේ කෙසේද? මනුෂ්‍යයන්, පරම පියාව හඳුනන්නේ නැත, එබැවින් ඔවුන් ඔහු සිහි කරන්නේ කෙසේද? මේ නිසයි පරම පියා පවසන්නේ කිසි කෙනෙක් මා කවුරුන්ද කියා හෝ මාගේ සැබෑ ස්වරූපය නොදනී. ඔබට දැන් බොහෝ සේ වැටහීම ලැබී තිබේ. ඔබ අප්‍රසිද්ධ සටන්කාමීන්ය. සටන්කාමීන් යන නම අසා ඇති බැවින්, ඔවුන් දේවතාවන්ව පෙන්වා ඇත්තේ අසිපතක් මෙන්ම දුන්නක් සහ ඊතලයක් සමගින්ය. යෝගා බලය ඇති සටන්කාමීන් ඔබයි. යෝගා බලයෙන් ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. කෙනෙක් භෞතික බලය යොදා, ජය ලබන්නට කෙතරම් යත්න දැරුවත් ඔහුට එය කිරීමට නොහැකි වෙයි. භාරතයේ යෝගාව ඉතාමත්ම සුප්‍රසිද්ධයි. පැමිණ, එය උගන්වන්නේ පරම පියා පමණයි. කිසිකෙනෙක් මෙය නොදනී. ඇවිදින ගමන් සහ එහෙ මෙහෙ යන අතර, දිගින් දිගටම පරම පියා සිහිපත් කරන්න. සමහරුන් පවසන්නේ, ඔවුන්ට යෝගාවේ සිටීමට නොහැකි බවයි. යෝගා යන වචනය ඉවත් කරන්න! දරුවන්, ඔවුන්ගේ පියාව සිහි කරනවා නේද? ශිව බාබා පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න. සර්ව බලධාරියා වන්නේ මා පමණයි. මා සිහි කිරීමෙන් ඔබ සතෝප්‍රධාන් වෙයි. ඔබ සතෝප්‍රධාන් වූ විට, ඔය ජීවාත්මයන්ගේ පෙරහැර තිබෙයි. මීමැස්සන්ගේ පෙරහැරක් තිබෙන සේම, මෙය ශිව බාබාගේ පෙරහැරයි. සියලුම ශරීර විනාශ වී, මදුරු රෑනක් සේ සියලුම ජීවාත්ම, ශිව බාබා පසුපස යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. රාත්‍රියේ නින්දට යාමට පෙර, බාබා සමඟ මිහිරි සංවාදයක යෙදෙන්න. බාබා, මා දැන් මෙම සිරුර අතහැර, ඔබ වෙතට එනවා. මේ අන්දමින් බාබාව සිහි කර, ඉන්පසුව නින්දට යන්න. ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමය ඔබගේ බුද්ධිය දිව්‍යමය වන්නේ සිහිපත් කිරීම තුළින්ය.

2. පාපයන් පහේ රෝගයෙන් ආරක‍්ෂිතව සිටීමට, ජීවාත්ම අවධානයෙන් සිටීමට උත්සාහ දරන්න. බොහෝ සතුටින් සිටින්න. ඥානයේ නර්ථනය සිදුකරන්න. පංතිය තුළ අලසකම පතුරුවන්න එපා.

වරදානය:
ඔබ, ඔබගේ ත්‍රිකාලදර්ශී මනෝ ස්ථීතියෙන් ඔබගේ නිෂ්ඵලත්වයේ ගිණුම අවසන් කර, ඒ අනුව නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.

ත්‍රිකාලදර්ශී ස්ථීතියේ ස්ථාවර වීම යනු, ඕනෑම සිතිවිල්ලක් ඇති කිරීමට පෙර, වචනයක් පැවසීමට පෙර හෝ ක්‍රියාවක් කිරීමට පෙර, එය නිෂ්ඵලද, බලවත්ද කියා පරීක‍්ෂා කර බැලීමයි. නිෂ්ඵලත්වයේ එක තත්පරයකට කෝටි ගණනක පාඩුවක් සිදු කර හැකි සේම එක තත්පරයක ශක්තිමත් සිතිවිල්ලකට කෝටි ගණනක ආදායමක් රැස් කළ හැක. එක තත්පරයක නිෂ්ඵලත්වය, ඔබගේ ආදායමේ විශාල පාඩුවක් ඇති කරන අතර ඔබ උපයාගෙන ඇති ආදායමද මේ හේතුවෙන් සැඟවී යා හැක. මේ නිසයි ඔබ කිසිදු ක්‍රියාවක් එක කාලයක් දෙස පමණක් බලා සිදු නොකළ යුත්තේ, නමුත් සෑම ක්‍රියාවක්ම සිදුකළ යුත්තේ ත්‍රිකාලදර්ශී ස්ථීතියේ ස්ථාවරව රැඳි සිටිමින්ය. එවිට සියලු නිෂ්ඵලත්වය අවසන් වී, ඔබ නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වෙයි.

පාඨය:
ගෞරවය, ගරුබුහුමන් සහ පහසුකම් අත්හැරීම, ශ්‍රේෂ්ඨතම අත්හැරීමයි.