23.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශරීර අවධානය ඔබව අඬවයි. ජීවාත්ම සත්තා අවධානයට පත් වී නිවැරදි උත්සාහයක් කළ විට ඔබට අවංක හදවතින් පරම පියාව සම්පූර්ණයෙන් අනුගමනය කළ හැක.

ප්‍රශ්නය:
ඔබේ තත්ත්වය අහිතකර අවස්ථාවන් සහ වියසන වල දී ද අඛණ්ඩව සහ නිර්භය ලෙස පවත්වා ගත හැක්කේ කෙවිටද?

පිළිතුර:
නාටකය ගැන ඔබට සම්පූර්ණ පැහැදිලි ඥානයක් ඇති විටයි. යම් වියසනයක් ඔබ ඉදිරියට ආ විට, එය නාටකයේ නියමව ඇති බව නියත අතර පසුගිය කල්පයේ ද ඔබ ඒ අවස්ථා ජයගෙන ඇත. මෙහිදී කිසිවක් ගැන බිය වීමට අවශ්‍ය නැත. කෙසේ වුවද, ඔබ දරුවන් මහාවීරයන් විය යුතුයි. ස්ථාවරව සෑමවිටම සිටිය හැක්කේ බාබාගේ හද සිහසුනේ සිටිනා ඔහුගේ වටිනා දරුවන් වන සම්පූර්ණ උදව් කරන අය හටයි. ඔවුන්ගේ තත්ත්වය අඛණ්ඩ වෙයි.

ගීතය:
ඈත දනව්වේ සිට එන මඟියාණනි, මා ද ඔබ සමඟ ගෙන යන්න.

ඕම් ශාන්ති.
විනාශය වන අවස්ථාවේ දී, ඇතැම් අය නියතයෙන්ම බේරේ. රාමාගේ කණ්ඩායමේ ඇතැම් අය ද රාවණ්ගේ හමුදාවේ පිරිසක් ද බේරේ. රාවණ්ගේ හමුදාව කෑගසයි. ඊට එක හේතුවක් වන්නේ ඔවුන්ට ඔහු හා යාමට නොහැකි වීමයි. දෙවැන්න වන්නේ එම අවස්ථා කලබලකාරී හා දුක් සහිත නිසා අවසානයේ අපහසුතා බොහෝ ඇති නිසයි. ඔබ දරුවන් අතරින් ද විශේෂ සෙනෙහසක් හිමි වන අයයි අවසානය බලා ගන්නට වටිනා වන්නේ. ධෛර්යය ඇති අය වන්නේ ඔවුන්ය. උදාහරණයක් වශයෙන්, දක්වා ඇත්තේ අංගද් සම්පූර්ණ ස්ථාවරව සිටි බවයි. විනාශය බලමින් එසේ සිටිය හැක්කේ ඔබ දරුවන් හැර වෙන කෙනෙකුට නොවේ. එය එතරම්ම දුක් සහිතය. එය හරියට ශල්‍යකර්මයක් කරන විට සමහර අයට එය දෙස බලා සිටිය නොහැකිවා මෙනි. ඔබ දිගටම ඒ සියල්ල දකිමින් සිටීවි. දිගටම දුක් අඳෝනා ද තිබෙනු ඇත. ඉතා හොඳ, බාබාගේ විශේෂ සෙනෙහසට ලක් වූ උදව්කාරයින් පරම පියාගේ හද සිහසුනේ හිඳියි. සිටියේ හනුමන් එක්කෙනෙක් නොවේ. මුළු මාලාවක් හනුමන් සහ මහාවීරයන්ගෙන් යුක්ත වෙයි. රුද්‍රරාක්ෂගේ ද මාලාවක් ඇත. රුද්‍රා දෙවියන්ගේ මාලාව හඳුන්වන්නේ රුද්‍රාගේ මාලාව කියාය. රුද්‍රරාක්ෂගේ පබළු ද ඉතා වටින්නේය. රුද්‍රක්ෂ පබළු අතරේ ද සැබෑ ඒවා සහ කෘත්‍රිම ඒවා ඇත. එකම වර්ගයේ මාලා රුපියල් සියයට මෙන්ම රුපියල් දෙකකටද ගත හැකියි. සැම දෙයක්ම මෙසේය. පරම පියා ඔබව දියමන්ති සේ පත් කරන අතර අනිත් පැත්තෙන් අන් හැම කෙනෙක්ම කෘත්‍රිම ය. පරම සත්‍යය වූ දෙවියන් ඉදිරියේ අන් හැම කෙනෙක්ම ව්‍යාජය, සතයක් නොවටී. මෙසේ කියමනක් ඇත සූර්යයා ඉදිරියේ අන්ධකාරය තිබිය නොහැකියි. ඔබ සැබෑ වූ පරම පියාගෙන් සත්‍යය ලබා ගනී. ඒ වූ කලී ඥාන සූර්යයායි. ඔහු ඉදිරියේ මෝහය, මුලාව තිබිය නොහැකියි. මිනිසුන් පරම සත්‍ය වන දෙවි පියාණන් ගැන කියනා සියල්ල බොරුය. ඔබ දැන් විස්තර කරන පරිදි ගීතාවේ දෙවියන් ශිවා වන අතර දිව්‍ය ගුණ ඇති දේවතාවරයෙක් වන ශ්‍රී ක්‍රිෂ්ණා නොවේ. දැන් මේ සංගම යුගය වන අතර නියතයෙන්ම සත් යුගය ද ඉදිරියෙන්ම ඇති වෙයි. ශ්‍රී ක්‍රිෂ්ණා ජීවාත්ම සත්තාව දැන් ඥානය ලබමින් සිටියි. මිනිසුන් කියන්නේ ඔහු ඥානය දෙනවා කියාය. කෙතරම් වෙනසක්ද! ඔහු පරම පියා වන අතර මේ දරුවාය. ඔවුන් පරම පියාව අතුරුදහන් කර දරුවාගේ නම ඇතුල් කරයි. ඔබ ඉදිරියට යන විට සත්‍යය ක්‍රමාණුකූලව මතු වනු ඇත. මෙය පළමුව ප්‍රමුඛම කාර්යයයි. දෙවියන් සර්ව ව්‍යාපී යැයි මිනිසුන් කියන්නේ ඇයි? ගීතාවට ක්‍රිෂ්ණාගේ නම ඇතුල් කළ නිසයි. ඔබ මේවා දනී. ශ්‍රී ක්‍රිෂ්ණාත් දෙවි දේවතා ජිවාත්ම සත්තාවනුත් ඔවුන්ගේ උපත් 84 සම්පූර්ණ කර ඇත. මෙසේ ගැයේ ජීවාත්ම සත්තාවන් පරමාත්මයෙන් දිගු කාලයක් වෙන් ව ඇත. පළමුවෙන්ම වෙන් වූයේ අපයි. අනෙක් ජීවාත්ම සත්තාවන් බාබා සමඟ ඉහළටම වි සිටියේය. කිසිවෙක් මේවායේ තේරුම නොදනී. ඔබ අතරින්ද කලාතුරකින් කෙනෙක් මෙය නිවැරදිව විස්තර කරයි. ඔබ බොහෝ අඬන්නේ ශරීර අවධානය නිසාවෙනි. ජීවාත්ම සත්තා විඥානයෙන් සිටින අයට පමණයි හැම දෙයක්ම හොඳින් උකහා ගනිමින් සම්පූර්ණයෙන් උකහා ගත හැක්කේ. මේ නිසා මෙසේ කියැවේ පරම පියාව අනුගමනය කරන්න. පරම පියා ද පැමිණෙන්නේ රඟපෑමටයි. දෙදෙනාම පියා වේ. බාබාත් දාදාත් දෙදෙනාම මෙම ශරීරයේ සිටිනා නිසා, කුමන පියා ද මේ කියන්නේ කියා ඔබට කිව නොහැකියි. ඔබ අනුගමනය කළ යුත්තේ රඟපාන කෙනාය. පරම පියා මෙසේ විස්තර කරයි දරුවනි, ජීවාත්ම සත්තා විඥානයට පත් වන්න! බොහෝ හොඳම දරුවන් ද ශරීර අවධානයෙන් සිටින්නේ ඔවුන් පරම පියා සිහි නොකරන නිසාය. යෝගීන් නොවන අයට කිසිවක් උකහා ගත නොහැක. මෙහිදී අවංක බව අවශ්‍යය. ඔබ එම කෙනාව සම්පූර්ණයෙන් අනුගමනය කළ යුතුයි. ඔබට ඇසෙන මේ දේ හොඳින් උකහා ගෙන දිගටම අන් අයට විස්තර කර දෙන්න. ඔබ නොබියව සිටිය යුතුයි. ඔබ නාටකය පිළිබඳව ස්ථීරසාරව සිටිය යුතුයි. යම් කැළඹීමක් ආවොත් තේරුම් ගත යුත්තේ එය නාටකයේ නියමිතව ඇති බවයි. ඔබ අපහසුතා සියල්ල මීට පෙර ද ජයගෙන ඇත. ඔබ හැම දෙනාම මහාවීරයන් නේද? ඔබේ නම දිදුලයි. හොඳම මහාවීරයන් අට දෙනෙක් සිටින අතර ඊට සුළු අඩු අය 108ක් ද, ඉන්පසු තවත් ටිකක් අඩු අය 16,000ක් ද ඇත. ඔබ නියතයෙන්ම ඊට ඇතුළු විය යුතුයි. මෙම රාජධානිය පසුගිය කල්පයේ ද ස්ථාපිත වූ අතර එය නැවත සිදු විය යුතුයි. බොහෝ අය සැක ඇති කර ගෙන පිට වී යයි. ඔවුන්ට පැහැදිලි ශ්‍රද්ධාවක් තිබුණොත් කෙසේවත් පරම පියාව අතහරින්නේ නැත. ඇතැම් විට කෙනෙකුට බලෙන් ඥාන පැණිය දුන් විට පොඩි ළමයින් සේ ඔවුන් නොබී සිටියි. පරම පියා ඔබට ඥනය කිරි සේ දෙන අතර එසේ තිබිය දී ඔබ නොබී සිටියි. ඔබ මූණ ඉවතට හැරවූ විට ඔබෙන් වැඩක් නැත. එවිට ඔබ මෙසේ කියයි මට මවගෙන් සහ පරම පියාගෙන් කිසිවක් අවශ්‍ය නැත. මට ශ්‍රීමත් අනුගමනය කළ නොහැක. එසේ වුවහොත් ඔබ උසස් වන්නේ කෙසේද? ශ්‍රීමත් ලැබෙන්නේ දෙව් පියාණන්ගෙනි. ඉතින් ඔබ මෙම කියමන ද ලිවිය යුතුයි. අශරීරික වූ, ඥාන සාගරය වූ, පාරිශුද්ධකරුවා වූ ශිව දෙවියන් වන ගුරුවරයා මෙසේ කියයි දෙව් ලොවට පාර හදන්නේ මව්වරුය. ඔබේ බුද්ධියට මේ කරුණු ඇතුළු වන්නේ අන් අයට විස්තර කර දීමටයි. සියලු සිසුන් නියතයෙන්ම සිටින්නේ අනුපිළිවෙලිනි. ඔවුන් නාටකයේ ඔවුන්ගේ කොටස රඟපායි. අප ඔහුව සිහි කරන්නේ දුකින් සිටින විටය. පරම පියා සිටින්නේ ඈත දනව්වේය. ජීවාත්ම සත්තාවන් වන අප ඔහුව සිහි කරයි. හැම කෙනෙක්ම දුකේ දී ඔහුව සිහිකරන අතර එක්කෙනෙක්වත් සතුට ඇති විට ඔහුව සිහි කරන්නේ නැත. දැන් මේ දුක් ලෝකය නොවේද? මෙය විස්තර කිරීම ඉතා පහසුයි. පළමුවෙන්ම ඔබ විස්තර කළ යුත්තේ, දෙව්ලොව තනන කෙනා පරම පියා බව වන අතර අපට දෙව් ලොව අහිමි නොවී තිබේද? ඔබ දන්නවා හැම කෙනෙකුටම උරුමය නොලැබෙන බව. හැම කෙනෙක්ම දෙව්ලොවට ආවොත් අපායක් නොතිබෙයි. එවිට ලෝකය ප්‍රසාරණය වන්නේ කෙසේද? අනුස්මරණය කරන්නේ භාරතය අවිනාශී දේශය ලෙසත් එය සදාතනික පරම පියාගේ උපදින ස්ථානය ලෙසත්ය. භාරතය ම දෙව්ලොව වී තිබුණා. අපි සතුටින් කියන්නේ මෙසේය අවුරුදු 5000කට පෙර දෙව්ලොව තිබුණි. නියතයෙන්ම දෙව් ලොව හිමි අය පින්තූරයට නගා තිබේ. ඔවුන් කියන්නේ ක්‍රි.පූ. 3000හි භාරතය දෙව්ලොව වී තිබුණු බවය. සූර්ය වංශය හා චන්ද්‍ර වංශය නියතයෙන්ම තිබුණේ භාරතයේය. ඔවුන්ගේ ප්‍රතිමා ඇත. මෙය එතරම්ම පහසුය! මෙම ඥානය ඔබ බුද්ධිය මත ක්‍රියාත්මක වේ. බාබා නම් වූ ජීවාත්ම සත්තාව තුළ මෙය තිබුණු අතර ඔහු එය අප ජීවාත්ම සත්තාවන්ට උකහා ගැනීමට ක්‍රියා කළේය. ඥානයෙන් පිරි කෙනා ඔහුම පමණි. ඔහු මෙසේ කියයි මම මෙම ප්‍රජාපිතා බ්‍රහ්මාට රාජයෝගා උගන්වන අතර එවිට ඔහු රජුන්ගේත් රජ වේ. ඉනික්බිතිව මෙම ඥානය අතුරුදන් විය. ඔබ දැන් නැවතත් එම ඥානය ලබමින් සිටියි. ඔබ දරුවන් දැන් අභියෝගයක් කළ යුතුයි. මේ සඳහා ඉතා හොඳ පළමු පෙළේ බුද්ධියක් තිබීම අවශ්‍යය. බාබා පළමු පන්තියේ කිසිවක් කිසිවිට ඔහු වෙත තබා නොගනී. ඔහු මෙසේ කියයි මේ ගොඩනැගිලි සියල්ල සාදා ඇත්තේ දරුවන්ට නැවතී සිටීමටයි. නැත්නම් ඔවුන් පැමිණ සිටින්නේ කොහිද? යම් දිනක සියලු ගොඩනැඟිලි අපට අයිති වේ. දෙවියන්ගේ දොරකඩ විශාල සෙනෙඟක් සිටීමට ඇත. ඔවුන් බොහෝ අය දෙවිවරුන් බවට පත් කර ඇත. ප්‍රායෝගිකව ඇත්තේ එකම එක දෙවියන් පමණි. කෙතරම් සෙනඟ ඒ දැයි අපට තේරෙයි. ලෝකයේ බොහෝ සෙයින් අන්ධ විශ්වාස ඇත. වෙළඳපල වල බොහෝ සෙනඟ ඇත. ඔවුන් රණ්ඩු දබර ද කර ගනී. බොහෝ විනාශ සිදු වේ. මෙම ස්ව-දර්ශන චක්‍රය ඉතා හොඳය. ඔබ නිතයෙන්ම මෙම කියමන් ලියා තැබිය යුතුය. අවසානයේ දී හැම කෙනෙකුටම මව්වරුන් ඉදිරියේ දණ නමන්න වේ. ඔවුන් ශක්තීන්ගේ එවැනි පින්තූර ද සාදයි! පරම පියා ඥානය නම් වූ අවි ආයුධ ඔබ වෙනුවෙන් සාදා දෙයි. ඔහු මෙසේ කියයි මෙය ඔප්පු කරන්න! මෙය පහසුයි. බැතිමතුන් දෙවියන් සිහිකරයි, මුණිවරුන් දෙවියන් හමු වීමට ආධ්‍යාත්මික උත්සාහයන් දරයි. දෙවියන් හඳුන්වන්නේ පරම පියා ලෙසයි. අප සත්‍ය වශයෙන් නම් ඔහුගේ දරුවන්ය. ඔවුන් හින්දුන් සහ චීනුන් සහෝදරයින් ලෙස ගෙන, සහෝදරයන් ලෙස කතා කරයි. ඉතින් ඔවුන් සැමගේ පියා එකම එක්කෙනෙක් ම නේද? භෞතික ස්වරූපයේ දී ඔවුන් සොයුරු සොයුරියන් වන අතර එවිට කිසිඳු පාපී දැක්මක් ඇති නොවේ. පාරිශුද්ධව සිටීමේ මඟ මෙයයි. පරම පියා මෙසේ ද කියයි කාම රාගය ලොකුම සතුරාය. කෙසේ වුවද ඔබ මෙය තේරුම් ගත යුතුව ඇත. එකම ප්‍රධාන දෙය වන්නේ මෙයයි දෙවියන් සියලු දෙනාගේ පරම පියාය. දෙව් ලොව ස්ථාපිත කරන්නා පරම පියා වන අතර සත්තකින්ම ඔබ පරම පියාගෙන් උරුමය ලැබිය යුතුයි. ඔබ උරුමය ලැබූ අතර එය අහිමි කර ගත්තා. මෙය සතුටත් දුකත් පිළිබඳ ක්‍රීඩාවකි. මෙය හොඳින් විස්තර කළ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අවංක බව උකහා ගෙන පරම පියාගේ සෑම ක්‍රියාවක්ම අනුගමනය කරන්න. ඥාන පැණිය බොන අතර අන් අයට ද එය බීමට උනන්දු කරවන්න. නිර්භය බවට පත් වන්න.

2. දේව දරුවන් වන ඔබ සොයුරන්ය යන සිහිය තබා ගනිමින්, ඔබේ දැක්ම සහ ආකල්ප පාරිශුද්ධ කරගන්න.

වරදානය:
සෑම කෙනෙකුගේම විශේෂතා දැක, ඒවා සේවය වෙනුවෙන් භාවිතා කිරීමෙන්, ඔබ ආශිර්වාද ලබා ගැනීමට සුදුසු වේවා.

බාප්දාදා තුළ සෑම දරුවෙකුගේම විශේෂතා කෙරෙහි සෙනෙහස තිබේ, එබැවින් ඔහු තුළ ඔය සෑම කෙනෙක් වෙනුවෙන්ම සෙනෙහස තිබේ, මන්ද, සෑම දරුවෙකුටම එක් හෝ තව විශේෂත්වයක් තිබේ. ඒ අන්දමින්ම ඔබත් සෑම කෙනෙකුගේම විශේෂතා දැකිය යුතුයි. හංසයයෙක් ගල් නොව, මුතු ඇට පමණක් අහුලන සේම ඔබ පූජනීය හංසයන්ය. ඔබගේ වගකීම වන්නේ සෑම කෙනෙකුගේ විශේෂතා දැක, සේවය වෙනුවෙන් ඔවුන්ගේ විශේෂතා භාවිතා කිරීමය. සේවය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ විශේෂතා භාවිතා කිරීමට ඔවුන් තුළ උද්යෝගයක් ඇති කරන්න, එවිට ඔබට ඔවුන්ගේ ආශිර්වාද හිමිවන අතර ඔවුන් සිදු කරන කුමන හෝ සේවයක කොටසක් ඔබටත් ලැබෙයි.

පාඨය:
ඔබ තුළින් අන් අයට පියාව සිහි වන සේ, බාප්දාදා සමග සංයෝග වී සිටින්න.

මාතේශ්වරියගේ මිහිරි වූ උසස් වදන්

තමෝගුණී මායාගේ ව්‍යාප්තිය

මෙසේ වචන තුනක් ඇත. සතෝ ගුණී, රජෝ ගුණී සහ තමෝ ගුණී. මේවා නිවැරදිවම තේරුම් ගැනීම අවශ්‍යය. මිනිසුන් සිතන්නේ මේ ගුණ තුන එක විට එකට තිබෙනවා කියාය. නමුත්, ඔබේ හෘද සාක්ෂිය කියන්නේ කුමක්ද? මේවා එක විටම තිබෙනවාද වෙනස් යුග වල තිබෙනවාද? නැත්නම්, වෙනස් යුග වල එක් එක් ගුණ තිබෙනවාද? මෙම හෘද සාක්ෂිය කියන්නේ මේ තුන එකවිට නොපවතින බවයි. සත් යුගය තිබෙන විට සියල්ල සතෝගුණී වේ, ද්වෝපූර් යුගය තිබෙන විට සියල්ල රජෝ ගුණී වන අතර කළි යුගය ආ විට සියල්ල තමෝගුණී වේ. සතෝ තිබෙන විට රජෝ සහ තමෝ ගුණ නොතිබේ. රජෝ තිබෙන කළ සතෝ ගුණ තිබිය නොහැකියි. මිනිසුන් නිකම්ම සිතන්නේ මේ තුනම දිගටම එකවිට තිබුණු බවය. එසේ කීම සම්පූර්ණ වරදකි. ඔවුන් සිතන්නේ කෙනෙක් ඇත්ත කියන විට සහ පව් නොකරන විට ඔහු සතෝ ගුණී කියාය. එසේ වුවද, කෙනෙක්ගේ හෘද සාක්ෂිය කියන්නේ සතෝගුණී ගැන කතා කරන විට සම්පූර්ණ සතුට, එනම්, මුළු ලෝකය ම සතෝගුණී විය යුතුයි. කෙසේ වුවද, ඇත්ත කතා කළාට ඔවුන් සතෝගුණී නොවන අතර බොරු කියන අය කළි යුග ද නොවන තමෝගුණී ද නොවී ලෝකය දිගටම යයි. දැන්, අප සත් යුගය ගැන කතා කරන විට, එහි තේරුම එය මුළු ලෝකයම සතෝගුණි වී සතෝ ප්‍රධාන් බවය. ඔව්, කාලයේ යම් අවස්ථාවක එවැනි සත් යුගයක් තිබුණු අතර මුළු ලෝකයම සතෝගුණී විය. එය දැන් නොපවතී. දැන් මෙය කළි යුගය වන අතර, එනම්, මුළු ලෝකය පුරා ඇත්තේ තමෝප්‍රධාන් රාජ්‍යයන්ය. තමෝප්‍රධාන් කාල සීමාවේ සතෝගුණී තිබිය නොහැකියි. දැන් ඇත්තේ බ්‍රහ්මාගේ රාත්‍රිය නම් ඝණ අන්ධකාරයයි. සත් යුගය බ්‍රහ්මාගේ දහවල වන අතර කළි යුගය බ්‍රහ්මාගේ රාත්‍රියයි. අපට මෙය එක් කළ නොහැකියි. අච්චා.